Sunday, October 4, 2015

මාරක ලිඳේ මෝටර් සයිකල් සමග ගිජා, හෙට්ටියා සහ සත්කුමාර ......

මෙම බ්ලොග් අඩවිය ආරම්භ කිරීමේ මුලික පරමාර්ථය වූ රාජකාරි දිවියේ අත්දැකීම් බෙදා ගැනීම කෙසේ වෙතත් වෙනත් මාතෘකා ඔස්සේ නම් මේ වනවිට සටහන් 375කට අධික සංඛ්‍යවක් ලියා ඇත. ඒවා එසේ වීමට සිදු වුයේ පාඨක ප්‍රතිචාර නිසාය. කවුරුන් හෝ රාජකාරි දිවියේ අත්දැකීම් ලියන්නැයි මගෙන් ඇවිටිලි කලේ නැත. මා එහි වරද ඔබ වෙත පටවන්ට සුදානම් වනවා නොව, සිදු වූ දේ ගැන මගේ හිතට සෑහීමකට පත් විය හැකි කාරණය සොයා බලන්නට කරන වෑයමකි මේ. ඇත්ත වශයෙන්ම වැඩිම පාඨක ඉල්ලීමක් වූයේ රාජකාරියට අදාලා තාක්ෂණික කරුණු වලටය. ඒ අනුව ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ් පිලිබඳ යම් දැනුමක් ඔබට ලබා දෙන්නට හැකි වීම සතුටට කරුණකි. නමුත් මා දන්නා සියල්ල ඔබ ඉදිරියේ තැබිය නොහැක. ඒ බැංකු සේවකයෙකු වන මා එහි රහස් ආරක්ෂා කිරීමට බැංකුව සමග ඇති ලිඛිත සහ මානසික ගිවිසුම් නිසාය. ඒ නිසා පොදු ප්‍රශ්න වලට මා නොපැකිලිව උත්තර දුන් අතර, මෙහි සංවේදී දත්ත පිට නොයාමට වග බලා ගත්තෙමි.  මා මේ ආයතනයෙන් ඉවත් වූ දිනක තවත් රසවත් තොරතුරු රැසක් ඔබ හමුවේ තැබීමට බලාපොරොත්තුව සිටිමි.

ඒ හැරුණු කොට මගේ වෙනත් ජීවන අත්දැකීම්ද, රසකතා ගොන්නක්ද ඔබ ඉදිරියේ තැබීමී. එයට අමතරව අන්තර්ජාලයේ ඇති විවිධ රසවත් ලිපි පරිවර්තනය කලෙමි. ඒවාට ඉතා ඉහල ප්‍රතිචාර ලැබිණි. එසේ පරිවර්තනයට බැසීමෙන් මසිතේ ශ්‍රී ලාංකික පාඨකයා ගැන තිබූ එක් දුර්මතයක් ඉවත් කර ගතිමි. ඒ බහුතරයකට යම් ඉංග්‍රීසි ලිපියක් කියවා තේරුම් ගත හැක යන්නයි. ඇත්ත වශයෙන්ම බොහෝ දෙනාට ඒ හැකියාව නැත. මට ඒ ගැන ඇත්තේ දුකකි. මා මෑතකදී හඳුනා ගත් පිලිපීන ජාතික කාන්තාවක් පවසා සිටියේ ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය තරමටවත් ඉංග්‍රීසි බැරි බවයි. එම අවස්ථාවේ මා තරමක අපහසුතාවකට ලක් වුවද කතාව ඇත්ත යයි මාද දැන් විශ්වාස කල යුතු තත්වයට පත් වී ඇත. ඇත්ත වශයෙන්ම සිංහලෙන් ගනුදෙනු කරගත හැකි කිසිම ස්ථානයකදී මා කඩ්ඩ වන්න යන්නේ නැති තරම්ය. සැබවින්ම එය අප ගැන සමහරුන් අවතක්සේරු කරන අවස්ථාවන්ය. නමුත් ඔබත් සිංහල නම් මාත් සිංහල නම් අපට වෙනත් භාෂාවකින් ගනුදෙනු කර ගැනීමට තරම් අප මව් භාෂාව අපොහොසත් එකක් නොවේ.  මින් මා ඉංග්‍රීසි විශාරදයෙකු යැයි වැරදි අදහසක් නොගන්නා ලෙස ඔබගෙන් ඉල්ලා සිටිමි. නමුත් මා නිතරම ඉංග්‍රීසි රුපවාහිනි නාලිකා නරඹන, ඉංග්‍රීසි සඟරා පොත් පත් කියවන, අන්තර්ජාලයේ එවැනි තැන් අත-පත ගාන කෙනෙකු නිසා එබස  වැඩි භාවිතයක් ඇත.  කොටින්ම සිංහලෙන් ලියන්නට මගේ සිත වද කල එක කාරණයක් වුයේද, මේ සොඳුරු බසට ඇති මගේ හැකියාව ගිලිහී යාමට නොදී රැක ගැනීමයි. අද මා ඒ අතින් යම් ස්ථානයට පැමිණ ඇති බව තහවුරු කරන්නේ මෙය කියවන ඔබයි.

මාතෘකාව දෙසට හැරුනොත් මෙය මා බැංකු සේවයට එක් වූ මුල් අවධියේ සිදු වූ අත්දැකීමකි. කලින් පැවසූ පරිදි යම්-යම් අයගේ පුද්ගලිකත්වයට සහ ආයතනයේ ගෞරවයට හානි නොවන පරිදි මේවා සටහන් කල යුතුය. නැතිනම් කියවන ඔබම මේවා මඩ ගණයට එකතු කරනු ඇත. එවැනි අත්දැකීම් හැලපෙගේ බ්ලොග් අඩවිය ලියන අපගේ සහෘදයා අත් විඳිමින් ඇත. සමාන්තර විශ්වයේ කතාවක් ලෙස හෙන්රිගේ ආරෙන් ලිවිය හැකිමුත්, එයද උගුරට හොරා බෙහෙත් කෑමක් වැනිය. එනිසා මෙහි එන නම් වලින් බොහොමයක් මනඃකල්පිතය. ඒ යම් අගතියකට ලක් විය හැකි අයගේය. නමුත් ඉන් කිසිවක් නොවූ මාත් පොඩි රවියාත් මේ කිසිවකින් අගතියට පත් නොවූ නිසාද,  පොඩි රවියා දැන් බැංකු සේවයේ නැති නිසාද අප දෙදෙනා නොවෙනස් අනන්‍යතාවයෙන් මෙහි සිටිනු ඇත.  ඒ කාලයේ අප ඕනෑම මොහොතක රාජකාරි සඳහා පිටස්ථාන වෙත යාමට සුදානමින් පසු වීමු. ඇත්ත වශයෙන්ම සමස්තයක් තරුණ තරුණියන්ගෙන් හෙබි අප ඒකකයේ බොහේ දෙනෙකු රාජකාරි ට්‍රිප් යාම නොහොත් ශාඛා විසිත්තය ප්‍රිය කල අය වුහ. මන්ද මෙහි ට්‍රිප් වෙන දවස් දෙකක් අනිවාර්යයෙන් අන්තර්ගත නිසාය. ඒ කොළඹ සිට පිටත් වන දිනය සහ යලි ආපසු නිවෙස් බලා එන දිනයයි.  මෙහි මාතෘකාවේ චරිත තුනක් එක් කලද, කතාන්තරය මැදදී සුමියා, ගුණයා වැනි වෙනත් අවශේෂ චරිතද එක වනු ඇත.

ඒ කුලියාපිටිය නගරයයි. සහතිකවම එවකට එය නගරයක්ද ගමක්ද යන්න පැවසී නොහැකි යුගයකි. මන්ද එකල කොළඹින් පිට බොහෝ පළාත් වල අඩු සම්පත් සහ පහසුක සපිරි යුගයක් වූ නිසාය. ඒ විවිධ ජංගම දුරකථන සමාගම් වල සිග්නල් සසඳන යුගයකි. ඒ කාලයේ ටවර් එකක් දකින විට එය කුමන සමාගමකට අයත් එකක්දැයි තෝරා ගැනීමේ හැකියාව අප සතු විය. ඒ හැඩයෙනි. සිතින් අතීතයට පියාඹා යෑම එක්තරා සතුටකි. ඒ කාලෙයේ අප කලකී දෑ අදනම් කෙසේ කළහැකිද යන්න බොහෝ දෙනා දිව මතුරක් සේ කියන කතාවකි. ඒ වර්තමානය එන්න එන්නම සංකීර්ණ වන නිසාද ? නැත වගකීම් අතින් අප එසේ රට පුර කරක් ගසන්නට බැරි පවුල් සංස්ථාවන්ට කොටු වී අවසන් වී ඇති නිසාය. අප කුලියාපිටියේ ගත කලේ පොසොන් පොහොයත් ඇසල මාසයත් අතර කාලයක් පවා අදත් මට නිවැරදිව කිව හැක්කේ, කුලියාපිටිය අයත් වයඹ ප්‍රදේශය ඇසල උළෙල ඉහලින් සමරන නිසාය. එයට පසුබිම් හේතුව මට එතරම් නිච්චියක් නැත. නමුත් ඒ කාලයට කුලියාපිටියෙන් පඬුවස්නුවර පැත්තට යන බස් කටකපා පුරවා යන බව දෑසින්ම දැක ගත හැකි විය. 

මෙවැනි ගමන් වලදී අප බොහෝවිට නවාතැන් ගන්නේ, එක්කෝ ප්‍රදේශයේ සිටින හිතවතෙකුගේ නිවසක හෝ ඔවුන්ට අයත් හෝ ඔවුන් සොයා දෙන පාලුවට ගිය නිවසකය නැතිනම් කළමනාකාර තුමා ප්‍රදේශයේම කෙනෙක් වූ අවස්ථාවක ඔහුගේ නිල නිවාසයය. මෙහි කළමනාකාරවරිය ලෙස එවකට සේවය කලේ පොඩි රවියාගේ අම්මාය. එය අපට මහත් අස්වැසිල්ලක් විය. එයට ප්‍රධානම හේතුව අවශ්‍ය මොහොතක නිවසට දුරකථන ඇමතුමක් ලබා ගැනීම වැනි අද සුළු දෙයක් වුවද එවකට භාරදූර කාර්යයක් වුද අත්‍යවශ්‍ය කටයුත්තය.  දුරකථන ඇමතුම ගැන කියද්දී බැංකු රාජකාරියට එක් වූ කාලයේ මා මුහුණදුන් ඇබැද්දියක් සිහිපත් වේ. ඒ කාලය අදමෙන් ජංගම දුරකථන සුලබ යුගයක් නොවේ. අප තාවකාලිකව මගේ නිවසට ආසන්න ශාඛාවක සේවය කල අතර උදෑසන අටටම මා දුරකථන ඇමතුමක් ශාඛාවෙන් ලබා ගත්තේ ප්‍රධාන කාර්යාලයේ සිටින මගේ මිතුරෙකුටය. සැබවින්ම එය රාජකාරි ඇමතුමක් නොවේ. එවිට් එහි පැමිණි දෙවෙනි නිලධාරියා වන සිල්වා මහතා මට එකදිගට බැනගෙන - බැනගෙන ගියේය. නමුත් ඔහු මගේ සොයුරියගේ සැමියා හොඳින් අඳුනන පුද්ගලයෙකි. පසුව එම බැන වැදීම පිළිබඳව ඔහු කනස්සල්ල පල කලේ මගේ මස්සිනා ගැන දැනගත් නිසාය. නමුත් මා ඉතා පිළිකුලින් අහක බලා ගත්තේ, ඔහු සැලකුයේ ව්‍යාපාරිකයෙකු වන මගේ මස්සිනාට මිස එකම ආයතනයේ සහෝදර සේවකයෙකු වූ මට නොවූ නිසාය. පසුව ඒ පිලිබඳ වෙනත් අදහසක් දැක්වුයේ අප සමග උන් තරමක වැඩිහිටි කාන්තාවකි. සෙසු සියලු දෙනා ගැන එම නිලධාරියාට වැරදි වැටහීමක් ලබා දුන්නේ අපගේම වෙනත් සහෝදර සේවිකාවක් බවයි. මා ඒ ඔස්සේ වැඩිපුර සොයා බලන්නට කාලය ගත කලේ නැත. ඒ කාන්තාවන් මුල් කරගෙන කරන ගනුදෙනු වලින් ඊට පෙර ලැබූ අත්දැකීම් නිසාය. ඉන්පසු මා කිසිදු ශාඛාවකින් දුරකථන ඇමතුමක් ලබා ගත්තේ නැත. ඒ වෙනුවට එවකට ජනප්‍රියම දුරකථන විකල්පය වූ පේෆෝන් කාඩ් භාවිතා කලෙමි. ඒ සඳහා යම් මුදලක් වැය වුවද, එය අතමිට සරු කාලයක් වූ නිසා ගැටළුවක් නොවීය.
lanka pay phone cards
පින්තූරය ගත්තේ : http://colnect.com/

back side of lanka pay phone card
පින්තූරය ගත්තේ : http://colnect.com/
එකල මේ කාඩ් වලින් වැඩි කාලයක් කථා කළහැකි ආකාර ගැන සමාජයේ කතිකාවන් විය. ඒ මේවායේ මැග්නටික් පටියට පොල්තෙල් ආලේප කිරීම. ඩයල් බොත්තම දිගටම ඔබාගෙන කතා කිරීම. මෙහි වදින ඩොට් එක මකා දැමීම වැනි විකල්පයන්ය. නමුත් ඒ කිසිවක් සත්‍ය සොයා ගැනීම් නොවීය. 

අපට නවාතැන් ලෙස ශාඛාවට යාබද කළමනාකාර නිල නිවාසය ලැබිණි. නමුත් මුල් දින දෙක තුල එය සුද්ද පවිත්‍ර කරනතුරු පොඩි රවියාගේ නිවසේ නවාතැන් ලැබිණි. ඒ දින දෙකේ ඔවුන්ගේ නිවසින් ආහාර පාන සියල්ල ලැබිණි. සමහරුන් ලැබෙන සැම දේ සතුටින් බුක්ති වින්දත් ප්‍රති උපකාරයක් ලෙස යම් ත්‍යාගයක් දීමේදී අදී-මදි කරති. ගිජා ඒ අතින් උපරිම තලයේ සිටින පුද්ගලයෙකි. මෙසේ ශාඛා විසිත්ත කිරීමේදී අඩු වියදමක් වැය කර ලැබෙන ගමන් සහ නවාතැන් ගාස්තු ඉතිරි කර ගැනීමේ සංග්‍රාමයේ නිරත වන්නේ ඔහුම පමණක් නොවේ. බොහෝ දෙනා ඒවා ඉතිරි කර වාහන පවා මිලදී ගත් අත්දැකීම් ඇත. අප කිහිප දෙනෙකු පමණක් එම මුදල හෝ ඊට වැඩියෙන් වැය කර සැපපහසුවට හිඳින්නට වග බලා ගතිමු. නමුත් සාමූහිකව මෙවැනි පුද්ගලයෙක් - දෙදෙනක් සිටින විට අපේ කැමැත්ත පසෙකින් තබා බහුතරයේ හඬට කන් දෙන්නට සිදු වේ. නමුත් එවැනි අවස්ථා වල ඔවුන් තෝරාගන්නා ස්ථානයට හෝ ආහාර - පාන වලට අප විරුද්ධත්වය දැක්වූ අවස්ථාවන් සුලබය.

වියලි කර්කශ කාලගුණයක් පැවති එම සමයේ මුළු ශාඛා පරිශ්‍රයම දුහුවිල්ලෙන් වැසී ගොස් තිබිණ. එකල බැංකුවේ මුළු වපසරියම වායුසමනය කරන පුරුද්දක් නොවීය. දුහුවිල්ල නිසා කළමනාකාර වරියගේ නිල නිවාසය පිරිසුදු කිරීමට සෑහෙන පරිශ්‍රමයක් දැරීමට සිදු විය. උඩ තට්ටුවේ නිල නිවාසයේ කාමර විඅල තිබූ සියලු ඇඳන් පහල විසිත්ත කාමර වැනි කොටසේ සමාන්තරව තබා පොඩි රවියාගේ නිවසෙන් ගෙනෙන ලද මෙට්ට අතුරා නිල නිවසේ තිබු නෙට් දමාගෙන අපෙගේ රාත්‍රී සුවපහසුව සපයා ගතිමු. වායුසමනය කර ඇති පද්දති කාමරේ තිබෙන යතුරුපුවරුවේ වැඩ කිරීම සඳහා තරමක තරගයක් පැවතියද, එහි දත්ත ප්‍රවේශනය කරන කෙනාට යතුරු පුවරුවෙන් කිසිදු සහයෝගයක් නොවීය. වයිස් නමැති ටර්මිනල් වල විශේෂ යතුරු සියල්ලටම(Special Keys) ගම්වල හෝ පොදු නම් කිහිපයක් කලින් ඇතුලත් කොට තැබිය හැකිය. දත්ත ප්‍රවේශනයේදී ඒවා තද කලවිට අදාළ වචනයම එකවිට ලැබෙන බැවින්, එය අපේ කාර්යක්‍ෂමතාව ඉහල දැමීමට සමත් විය. එසේ කළහැකි බව මුලින්ම සොයාගැනීමේ ගෞරවය (එවැනි කෙටි ක්‍රම සොයා ගන්නේ කම්මැලියන් බවත්, තමා එවැනි අයට කැමති බවත් මෑතකදී මයික්‍රොසොෆ්ට් අධිපති බිල් ගේට්ස් මහතා පවසා ඇත.  සත්‍ය වශයෙන්ම මා ඔහු කියන වර්ගයේ පුද්ගලයෙකි. දැනුදු මගේ කාර්යාලයේ රූටීන් වැඩ සඳහා ස්ක්‍රිප්ට් ක්‍රමයෙන් මා සරල විසඳුම් ලබා දී ඇත. සමහරු ඒවා පාවිච්චි කරන්නට කැමති නැත. ඔවුන් ප්‍රිය කරන්නේ දිගු පාරයි)මා හට සමහරුන් පුද කලේ, එක ප්‍රදේශයක ගත කලයුතු කාලය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වූ නිසා වුවද, සමහරුන්ට එය අතුල් පහරක් විය. ඒ ඔවුන්ගේ මඩි තර කරගැනීමට නොහැකි නිසාය. එනිසා එක් කාන්තාවක් මට ප්‍රසිද්දියේම ඒ සඳහා දෝෂාරෝපණය කළාය. එකල එක් අයෙකු ලෙජර් ෂීට් 350ක් වත් ඇතුලත් කලයුතු බවට නිර්නායකයක් විය.
පින්තූරය ගත්තේ : http://www.recycledgoods.com/

අප සමග ගොස් සිටි ගුණයා සේවයට පැමිණියේ නිවසේ සිටය. නිවසේ සිට බස්රථයෙන් එවැනි ස්ථානයට යා හැකිනම් එය බෝනස් එකකි. මන්ද නවාතැන් වියදම සහ ආහාර පාන සඳහා වියදම ඉතිරි වන නිසාය. ගුණයා සෑම දිනකම කුකුළා අතේ අරන් පැමිණේ. බැංකුවේ දොරවල් වසා ඇතිවිට පිටුපස දොරටුවෙන් පැන අපගේ ක්වාර්ටස් එකට හේ රිංගයි. සිටිනා තැනක ඔලුව ගසාගෙන කුකුල් නින්දක් ලැබීමට දක්ෂ ගුණයාට අපගේ ඇඳකට වී විනාඩි විස්සක තිහක නින්දක් ගැසීම කජුකන වැඩකි. හරියට අටට මේසයට වාඩි වන ගුණයා දහවල් 12:00 වනවිට රෙකොර්ඩ්ස් 200ක් සම්පූර්ණ කරයි. ඉතිරි 150 තවත් පැයකදී හමාර කරන හෙතෙම කලින් ශාඛාවෙන් පිට වේ. ඒ 3:30 ට පමණය. නමුත් කොළඹ ගොස් අතිකාල සටහන නිමවන විට ඔහු අප සමග කරට-කර වැඩ කර ඇතිබව අපගේ ඉහල නිලධාරීන්ට හැඟී යයි. මෙවැනි අක්‍රමිකතා සොයා බැලීමට අපගේ සමහර කළමනාකරුවන් සවස හතරට පමණ දුරකථන ඇමතුමක් ගෙන සියලු දෙනා සමග කතාබස් කරයි.  කවුරුත් තමන් කරන ලද රෙකොර්ඩ්ස් ප්‍රමාණය ඩේටබේස් එක තුලටම ගොස් බලාගැනීමට පුරුදු වී සිටිය අතර සැවොම තමන්ගේ යුසර් අයිඩී එකෙන් ඇති ප්‍රමාණය එසේ බලා ගනී. මේකාගේ පැනිල්ල නවත්වා ගැනීම ගැන අපි කතාබහ කල අතර විසඳුම ලබා දීම සඳහා මම ස්වේච්චාවෙන් ඉදිරිපත් වුනෙමි. දිවා අහාරය හරියට 12:00 ට ගන්නට ගුණයා යන්නේ බඩගින්න නිසාම නොව, බැංකුවේ සිටින තරුණ ළඳුන්ට කිට්ටු වීමට හැකි හොඳම මාර්ගය කෑම මේසය නිසාය. මේ අවස්ථාවක ඔහුගේ රෙකොර්ඩ්ස් වලින් භාගයක් වෙනත් යුසර් අයිඩී එකකින් (කිසිවකුට අදාළ නොවන) රීප්ලේස් කර ඔලුව නවාගෙන අප සියළු දෙනා යුහුසුළුව වැඩ වල නිරත විය. මොහොතකින් හුන් තැනින් නැගී සිටි ගුණයා තරමක් තද ස්වරයකින් කථා කරන්නට පටන් ගත්තේය.
"අපිත් මෙතන අවුරු හයක් තිස්සේ පොල් ගෑවේ නෑ. ඩොට් එකට ගිහිං(ඩේටබේස් එකෙහි වැඩ කිරීම මෙලෙසින් හඳුන්වන්නේ, එහි ප්‍රොම්ප්ට් එක ඩොට් එකක් නිසාය) රෙකොර්ඩ්ස් ගාන බලන්න දන්නවා. මේ කැ* වැඩේ කරපු එකා වහාම මේක හදල තියපන්, නැතිනම් මම හැමෝටම හොඳ වැඩක් කරනවා"

මේකට සුමියා පිළිතුරු දෙන්නට ගොස්, ගුණයා සමග කථාව තරමක් දිග්ගැස්සිනි. අවසානයේ ගනුදෙනු කරුවන්ද, බැංකුවේ අයද අපදෙස බලනවිට ඔහුව ශේප් කර යවන්නට අපි ඉදිරිපත් වීමු. මේ මෙහොතේ ඉදිරිපත් වූ මා එය නිවැරදි කර දෙන්නට පොරොන්දු වී කථාව සමථයකට පත් කලේ සිනහව තද කරන් බිම බලා සිටින සෙසු අයගේද සිතට සහනයක් එක් කරමිනි. හේ නික්ම ගියපසු එය නිවැරදි කලෙමි. පසුව මේ කතාව රසකර අපගේ අනෙක් මිතුරන් අතරට ගෙන ගියෙමු.  

මාරක ලිඳේ මෝටර් සයිකල් කතාව සහ රසවත් ඉතිරි කොටස ඉක්මනින් බලාපොරොත්තු වන්න. 

Monday, September 21, 2015

පියාගෙන් දියණියට දුරකථන ඇමතුමක් ......

එක්තරා පියෙකු රාජකාරියේ යෙදී සිටියදී තම නිවසට දුරකථන ඇමතුමක් ලබා ගත්තා. එයට පිළිතුරු දුන්නේ ඔහුගේ අට හැවිරිදි දියණිය.
beutiful little girl holding a telephone receiver answering
පින්තූරය ගත්තේ : http://www.awesomequotes4u.com/

"කොහොමද රත්තරං. මේ තාත්තා. අම්මා ළඟ ඉන්නවද ?"
"නෑ තාත්තී. අම්මා පෝල් මාමත් එක්ක උඩ තට්ටුවේ නිදියන කාමරේ"  කුඩා දැරිය උපහාසයෙන් මෙන් පවසා සිටියා.
කුඩා ඉසිම්බුවකින් නැවතත් පියා හඬ අවධි කළා
"ඒ වුණාට රත්තරං ඔයාට පෝල් කියලා මාමා කෙනෙක් නෑනේ!"
"ඕහ් ! ඔව් ඉන්නවා අන්න එයා මේ දැන් උඩ තට්ටුවේ අම්මත් එක්ක"
තවත් කෙටි නිහැඬියාවකින් පසු
"අහ් ! හරි. එහෙනං මෙන්න මේකයි දැන් ඔයා කරන්න ඕනේ : ෆෝන් එක පැත්තකින තියලා, උඩ තට්ටුවට දුවලා, දොරට තට්ටු කරන්න. ඊට පස්සේ කෑ ගහලා කියන්න, තාත්තාගේ කාර් එක ගේට්ටුව ළඟ" කියල.
"හරි පොඩ්ඩක් ඉන්න තාත්තේ"
ටික වෙලාවකට පසු කුඩා දැරිය දුරකථනය වෙත පැමිණ
"හරි තාත්තේ" යනුවෙන් පිළිවදන් දුන්නාය.
"මොනවද වුණේ රත්තරං ?"
"අම්මා හොඳටම බය වෙලා හෙළුවෙන්ම ඇඳෙන් බිමට පැනලා, කෑගහගෙන කාමරේ වටේ දිව්වා.  ඊට පස්සේ ඇදගෙන වැටිලා එයාගේ ඔළුව පඩිපෙළේ  වැදුණා. දැන් එයා හෙලවෙන්නේ වත් නෑ. 
"පෝල් මාමට මොකද වුණේ ?" පියා විමසුවා.
"එයා ජනේලයෙන් පැන්නා ස්විමිං පූල් එකට. මං හිතන්නේ ඔයා ගිය සතියේ වතුර අස් කළා කියලා එයා දැනගෙන ඉඳලා නෑ. එයාව අඩියටම වැටිලා මම හිතන්නේ දැන් එයා මැරිලා". 
 ඉතාම දිගු නිහැඬියාවකින් පසුව යලිත් වරක් පියා හඬ අවධි කළා
"ස්විමිං පූල් එකක් !!!, ඒ වුණාට අපිට පූල් එකක් නෑනේ. මේ 486-5731 ද ?"
"නෑ. මේ 486-5713"
 "සොරි රෝන්ග් නම්බර් !!!!"
 http://www.awesomequotes4u.com/ වෙබ් අඩවිය ඇසුරෙනි.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...