මෙම බ්ලොග් අඩවිය ආරම්භ කිරීමේ මුලික පරමාර්ථය වූ රාජකාරි දිවියේ අත්දැකීම් බෙදා ගැනීම කෙසේ වෙතත් වෙනත් මාතෘකා ඔස්සේ නම් මේ වනවිට සටහන් 375කට අධික සංඛ්‍යවක් ලියා ඇත. ඒවා එසේ වීමට සිදු වුයේ පාඨක ප්‍රතිචාර නිසාය. කවුරුන් හෝ රාජකාරි දිවියේ අත්දැකීම් ලියන්නැයි මගෙන් ඇවිටිලි කලේ නැත. මා එහි වරද ඔබ වෙත පටවන්ට සුදානම් වනවා නොව, සිදු වූ දේ ගැන මගේ හිතට සෑහීමකට පත් විය හැකි කාරණය සොයා බලන්නට කරන වෑයමකි මේ. ඇත්ත වශයෙන්ම වැඩිම පාඨක ඉල්ලීමක් වූයේ රාජකාරියට අදාලා තාක්ෂණික කරුණු වලටය. ඒ අනුව ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ් පිලිබඳ යම් දැනුමක් ඔබට ලබා දෙන්නට හැකි වීම සතුටට කරුණකි. නමුත් මා දන්නා සියල්ල ඔබ ඉදිරියේ තැබිය නොහැක. ඒ බැංකු සේවකයෙකු වන මා එහි රහස් ආරක්ෂා කිරීමට බැංකුව සමග ඇති ලිඛිත සහ මානසික ගිවිසුම් නිසාය. ඒ නිසා පොදු ප්‍රශ්න වලට මා නොපැකිලිව උත්තර දුන් අතර, මෙහි සංවේදී දත්ත පිට නොයාමට වග බලා ගත්තෙමි. මා මේ ආයතනයෙන් ඉවත් වූ දිනක තවත් රසවත් තොරතුරු රැසක් ඔබ හමුවේ තැබීමට බලාපොරොත්තුව සිටිමි.
ඒ හැරුණු කොට මගේ වෙනත් ජීවන අත්දැකීම්ද, රසකතා ගොන්නක්ද ඔබ ඉදිරියේ තැබීමී. එයට අමතරව අන්තර්ජාලයේ ඇති විවිධ රසවත් ලිපි පරිවර්තනය කලෙමි. ඒවාට ඉතා ඉහල ප්‍රතිචාර ලැබිණි. එසේ පරිවර්තනයට බැසීමෙන් මසිතේ ශ්‍රී ලාංකික පාඨකයා ගැන තිබූ එක් දුර්මතයක් ඉවත් කර ගතිමි. ඒ බහුතරයකට යම් ඉංග්‍රීසි ලිපියක් කියවා තේරුම් ගත හැක යන්නයි. ඇත්ත වශයෙන්ම බොහෝ දෙනාට ඒ හැකියාව නැත. මට ඒ ගැන ඇත්තේ දුකකි. මා මෑතකදී හඳුනා ගත් පිලිපීන ජාතික කාන්තාවක් පවසා සිටියේ ශ්‍රී ලාංකිකයින්ට අවශ්ය තරමටවත් ඉංග්රීසි බැරි බවයි. එම අවස්ථාවේ මා තරමක අපහසුතාවකට ලක් වුවද කතාව ඇත්ත යයි මාද දැන් විශ්වාස කල යුතු තත්වයට පත් වී ඇත. ඇත්ත වශයෙන්ම සිංහලෙන් ගනුදෙනු කරගත හැකි කිසිම ස්ථානයකදී මා කඩ්ඩ වන්න යන්නේ නැති තරම්ය. සැබවින්ම එය අප ගැන සමහරුන් අවතක්සේරු කරන අවස්ථාවන්ය. නමුත් ඔබත් සිංහල නම් මාත් සිංහල නම් අපට වෙනත් භාෂාවකින් ගනුදෙනු කර ගැනීමට තරම් අප මව් භාෂාව අපොහොසත් එකක් නොවේ. මින් මා ඉංග්‍රීසි විශාරදයෙකු යැයි වැරදි අදහසක් නොගන්නා ලෙස ඔබගෙන් ඉල්ලා සිටිමි. නමුත් මා නිතරම ඉංග්‍රීසි රුපවාහිනි නාලිකා නරඹන, ඉංග්‍රීසි සඟරා පොත් පත් කියවන, අන්තර්ජාලයේ එවැනි තැන් අත-පත ගාන කෙනෙකු නිසා එබස වැඩි භාවිතයක් ඇත. කොටින්ම සිංහලෙන් ලියන්නට මගේ සිත වද කල එක කාරණයක් වුයේද, මේ සොඳුරු බසට ඇති මගේ හැකියාව ගිලිහී යාමට නොදී රැක ගැනීමයි. අද මා ඒ අතින් යම් ස්ථානයට පැමිණ ඇති බව තහවුරු කරන්නේ මෙය කියවන ඔබයි.
මාතෘකාව දෙසට හැරුනොත් මෙය මා බැංකු සේවයට එක් වූ මුල් අවධියේ සිදු වූ අත්දැකීමකි. කලින් පැවසූ පරිදි යම්-යම් අයගේ පුද්ගලිකත්වයට සහ ආයතනයේ ගෞරවයට හානි නොවන පරිදි මේවා සටහන් කල යුතුය. නැතිනම් කියවන ඔබම මේවා මඩ ගණයට එකතු කරනු ඇත. එවැනි අත්දැකීම් හැලපෙගේ බ්ලොග් අඩවිය ලියන අපගේ සහෘදයා අත් විඳිමින් ඇත. සමාන්තර විශ්වයේ කතාවක් ලෙස හෙන්රිගේ ආරෙන් ලිවිය හැකිමුත්, එයද උගුරට හොරා බෙහෙත් කෑමක් වැනිය. එනිසා මෙහි එන නම් වලින් බොහොමයක් මනඃකල්පිතය. ඒ යම් අගතියකට ලක් විය හැකි අයගේය. නමුත් ඉන් කිසිවක් නොවූ මාත් පොඩි රවියාත් මේ කිසිවකින් අගතියට පත් නොවූ නිසාද, පොඩි රවියා දැන් බැංකු සේවයේ නැති නිසාද අප දෙදෙනා නොවෙනස් අනන්‍යතාවයෙන් මෙහි සිටිනු ඇත. ඒ කාලයේ අප ඕනෑම මොහොතක රාජකාරි සඳහා පිටස්ථාන වෙත යාමට සුදානමින් පසු වීමු. ඇත්ත වශයෙන්ම සමස්තයක් තරුණ තරුණියන්ගෙන් හෙබි අප ඒකකයේ බොහේ දෙනෙකු රාජකාරි ට්‍රිප් යාම නොහොත් ශාඛා විසිත්තය ප්‍රිය කල අය වුහ. මන්ද මෙහි ට්‍රිප් වෙන දවස් දෙකක් අනිවාර්යයෙන් අන්තර්ගත නිසාය. ඒ කොළඹ සිට පිටත් වන දිනය සහ යලි ආපසු නිවෙස් බලා එන දිනයයි. මෙහි මාතෘකාවේ චරිත තුනක් එක් කලද, කතාන්තරය මැදදී සුමියා, ගුණයා වැනි වෙනත් අවශේෂ චරිතද එක වනු ඇත.
ඒ කුලියාපිටිය නගරයයි. සහතිකවම එවකට එය නගරයක්ද ගමක්ද යන්න පැවසී නොහැකි යුගයකි. මන්ද එකල කොළඹින් පිට බොහෝ පළාත් වල අඩු සම්පත් සහ පහසුක සපිරි යුගයක් වූ නිසාය. ඒ විවිධ ජංගම දුරකථන සමාගම් වල සිග්නල් සසඳන යුගයකි. ඒ කාලයේ ටවර් එකක් දකින විට එය කුමන සමාගමකට අයත් එකක්දැයි තෝරා ගැනීමේ හැකියාව අප සතු විය. ඒ හැඩයෙනි. සිතින් අතීතයට පියාඹා යෑම එක්තරා සතුටකි. ඒ කාලෙයේ අප කලකී දෑ අදනම් කෙසේ කළහැකිද යන්න බොහෝ දෙනා දිව මතුරක් සේ කියන කතාවකි. ඒ වර්තමානය එන්න එන්නම සංකීර්ණ වන නිසාද ? නැත වගකීම් අතින් අප එසේ රට පුර කරක් ගසන්නට බැරි පවුල් සංස්ථාවන්ට කොටු වී අවසන් වී ඇති නිසාය. අප කුලියාපිටියේ ගත කලේ පොසොන් පොහොයත් ඇසල මාසයත් අතර කාලයක් පවා අදත් මට නිවැරදිව කිව හැක්කේ, කුලියාපිටිය අයත් වයඹ ප්‍රදේශය ඇසල උළෙල ඉහලින් සමරන නිසාය. එයට පසුබිම් හේතුව මට එතරම් නිච්චියක් නැත. නමුත් ඒ කාලයට කුලියාපිටියෙන් පඬුවස්නුවර පැත්තට යන බස් කටකපා පුරවා යන බව දෑසින්ම දැක ගත හැකි විය.
මෙවැනි ගමන් වලදී අප බොහෝවිට නවාතැන් ගන්නේ, එක්කෝ ප්‍රදේශයේ සිටින හිතවතෙකුගේ නිවසක හෝ ඔවුන්ට අයත් හෝ ඔවුන් සොයා දෙන පාලුවට ගිය නිවසකය නැතිනම් කළමනාකාර තුමා ප්‍රදේශයේම කෙනෙක් වූ අවස්ථාවක ඔහුගේ නිල නිවාසයය. මෙහි කළමනාකාරවරිය ලෙස එවකට සේවය කලේ පොඩි රවියාගේ අම්මාය. එය අපට මහත් අස්වැසිල්ලක් විය. එයට ප්‍රධානම හේතුව අවශ්‍ය මොහොතක නිවසට දුරකථන ඇමතුමක් ලබා ගැනීම වැනි අද සුළු දෙයක් වුවද එවකට භාරදූර කාර්යයක් වුද අත්‍යවශ්‍ය කටයුත්තය. දුරකථන ඇමතුම ගැන කියද්දී බැංකු රාජකාරියට එක් වූ කාලයේ මා මුහුණදුන් ඇබැද්දියක් සිහිපත් වේ. ඒ කාලය අදමෙන් ජංගම දුරකථන සුලබ යුගයක් නොවේ. අප තාවකාලිකව මගේ නිවසට ආසන්න ශාඛාවක සේවය කල අතර උදෑසන අටටම මා දුරකථන ඇමතුමක් ශාඛාවෙන් ලබා ගත්තේ ප්‍රධාන කාර්යාලයේ සිටින මගේ මිතුරෙකුටය. සැබවින්ම එය රාජකාරි ඇමතුමක් නොවේ. එවිට් එහි පැමිණි දෙවෙනි නිලධාරියා වන සිල්වා මහතා මට එකදිගට බැනගෙන - බැනගෙන ගියේය. නමුත් ඔහු මගේ සොයුරියගේ සැමියා හොඳින් අඳුනන පුද්ගලයෙකි. පසුව එම බැන වැදීම පිළිබඳව ඔහු කනස්සල්ල පල කලේ මගේ මස්සිනා ගැන දැනගත් නිසාය. නමුත් මා ඉතා පිළිකුලින් අහක බලා ගත්තේ, ඔහු සැලකුයේ ව්‍යාපාරිකයෙකු වන මගේ මස්සිනාට මිස එකම ආයතනයේ සහෝදර සේවකයෙකු වූ මට නොවූ නිසාය. පසුව ඒ පිලිබඳ වෙනත් අදහසක් දැක්වුයේ අප සමග උන් තරමක වැඩිහිටි කාන්තාවකි. සෙසු සියලු දෙනා ගැන එම නිලධාරියාට වැරදි වැටහීමක් ලබා දුන්නේ අපගේම වෙනත් සහෝදර සේවිකාවක් බවයි. මා ඒ ඔස්සේ වැඩිපුර සොයා බලන්නට කාලය ගත කලේ නැත. ඒ කාන්තාවන් මුල් කරගෙන කරන ගනුදෙනු වලින් ඊට පෙර ලැබූ අත්දැකීම් නිසාය. ඉන්පසු මා කිසිදු ශාඛාවකින් දුරකථන ඇමතුමක් ලබා ගත්තේ නැත. ඒ වෙනුවට එවකට ජනප්‍රියම දුරකථන විකල්පය වූ පේෆෝන් කාඩ් භාවිතා කලෙමි. ඒ සඳහා යම් මුදලක් වැය වුවද, එය අතමිට සරු කාලයක් වූ නිසා ගැටළුවක් නොවීය.
අපට නවාතැන් ලෙස ශාඛාවට යාබද කළමනාකාර නිල නිවාසය ලැබිණි. නමුත් මුල් දින දෙක තුල එය සුද්ද පවිත්‍ර කරනතුරු පොඩි රවියාගේ නිවසේ නවාතැන් ලැබිණි. ඒ දින දෙකේ ඔවුන්ගේ නිවසින් ආහාර පාන සියල්ල ලැබිණි. සමහරුන් ලැබෙන සැම දේ සතුටින් බුක්ති වින්දත් ප්‍රති උපකාරයක් ලෙස යම් ත්‍යාගයක් දීමේදී අදී-මදි කරති. ගිජා ඒ අතින් උපරිම තලයේ සිටින පුද්ගලයෙකි. මෙසේ ශාඛා විසිත්ත කිරීමේදී අඩු වියදමක් වැය කර ලැබෙන ගමන් සහ නවාතැන් ගාස්තු ඉතිරි කර ගැනීමේ සංග්‍රාමයේ නිරත වන්නේ ඔහුම පමණක් නොවේ. බොහෝ දෙනා ඒවා ඉතිරි කර වාහන පවා මිලදී ගත් අත්දැකීම් ඇත. අප කිහිප දෙනෙකු පමණක් එම මුදල හෝ ඊට වැඩියෙන් වැය කර සැපපහසුවට හිඳින්නට වග බලා ගතිමු. නමුත් සාමූහිකව මෙවැනි පුද්ගලයෙක් - දෙදෙනක් සිටින විට අපේ කැමැත්ත පසෙකින් තබා බහුතරයේ හඬට කන් දෙන්නට සිදු වේ. නමුත් එවැනි අවස්ථා වල ඔවුන් තෝරාගන්නා ස්ථානයට හෝ ආහාර - පාන වලට අප විරුද්ධත්වය දැක්වූ අවස්ථාවන් සුලබය.
වියලි කර්කශ කාලගුණයක් පැවති එම සමයේ මුළු ශාඛා පරිශ්‍රයම දුහුවිල්ලෙන් වැසී ගොස් තිබිණ. එකල බැංකුවේ මුළු වපසරියම වායුසමනය කරන පුරුද්දක් නොවීය. දුහුවිල්ල නිසා කළමනාකාර වරියගේ නිල නිවාසය පිරිසුදු කිරීමට සෑහෙන පරිශ්‍රමයක් දැරීමට සිදු විය. උඩ තට්ටුවේ නිල නිවාසයේ කාමර විඅල තිබූ සියලු ඇඳන් පහල විසිත්ත කාමර වැනි කොටසේ සමාන්තරව තබා පොඩි රවියාගේ නිවසෙන් ගෙනෙන ලද මෙට්ට අතුරා නිල නිවසේ තිබු නෙට් දමාගෙන අපෙගේ රාත්‍රී සුවපහසුව සපයා ගතිමු. වායුසමනය කර ඇති පද්දති කාමරේ තිබෙන යතුරුපුවරුවේ වැඩ කිරීම සඳහා තරමක තරගයක් පැවතියද, එහි දත්ත ප්‍රවේශනය කරන කෙනාට යතුරු පුවරුවෙන් කිසිදු සහයෝගයක් නොවීය. වයිස් නමැති ටර්මිනල් වල විශේෂ යතුරු සියල්ලටම(Special Keys) ගම්වල හෝ පොදු නම් කිහිපයක් කලින් ඇතුලත් කොට තැබිය හැකිය. දත්ත ප්‍රවේශනයේදී ඒවා තද කලවිට අදාළ වචනයම එකවිට ලැබෙන බැවින්, එය අපේ කාර්යක්‍ෂමතාව ඉහල දැමීමට සමත් විය. එසේ කළහැකි බව මුලින්ම සොයාගැනීමේ ගෞරවය (එවැනි කෙටි ක්‍රම සොයා ගන්නේ කම්මැලියන් බවත්, තමා එවැනි අයට කැමති බවත් මෑතකදී මයික්‍රොසොෆ්ට් අධිපති බිල් ගේට්ස් මහතා පවසා ඇත. සත්‍ය වශයෙන්ම මා ඔහු කියන වර්ගයේ පුද්ගලයෙකි. දැනුදු මගේ කාර්යාලයේ රූටීන් වැඩ සඳහා ස්ක්‍රිප්ට් ක්‍රමයෙන් මා සරල විසඳුම් ලබා දී ඇත. සමහරු ඒවා පාවිච්චි කරන්නට කැමති නැත. ඔවුන් ප්‍රිය කරන්නේ දිගු පාරයි)මා හට සමහරුන් පුද කලේ, එක ප්‍රදේශයක ගත කලයුතු කාලය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වූ නිසා වුවද, සමහරුන්ට එය අතුල් පහරක් විය. ඒ ඔවුන්ගේ මඩි තර කරගැනීමට නොහැකි නිසාය. එනිසා එක් කාන්තාවක් මට ප්‍රසිද්දියේම ඒ සඳහා දෝෂාරෝපණය කළාය. එකල එක් අයෙකු ලෙජර් ෂීට් 350ක් වත් ඇතුලත් කලයුතු බවට නිර්නායකයක් විය.
අප සමග ගොස් සිටි ගුණයා සේවයට පැමිණියේ නිවසේ සිටය. නිවසේ සිට බස්රථයෙන් එවැනි ස්ථානයට යා හැකිනම් එය බෝනස් එකකි. මන්ද නවාතැන් වියදම සහ ආහාර පාන සඳහා වියදම ඉතිරි වන නිසාය. ගුණයා සෑම දිනකම කුකුළා අතේ අරන් පැමිණේ. බැංකුවේ දොරවල් වසා ඇතිවිට පිටුපස දොරටුවෙන් පැන අපගේ ක්වාර්ටස් එකට හේ රිංගයි. සිටිනා තැනක ඔලුව ගසාගෙන කුකුල් නින්දක් ලැබීමට දක්ෂ ගුණයාට අපගේ ඇඳකට වී විනාඩි විස්සක තිහක නින්දක් ගැසීම කජුකන වැඩකි. හරියට අටට මේසයට වාඩි වන ගුණයා දහවල් 12:00 වනවිට රෙකොර්ඩ්ස් 200ක් සම්පූර්ණ කරයි. ඉතිරි 150 තවත් පැයකදී හමාර කරන හෙතෙම කලින් ශාඛාවෙන් පිට වේ. ඒ 3:30 ට පමණය. නමුත් කොළඹ ගොස් අතිකාල සටහන නිමවන විට ඔහු අප සමග කරට-කර වැඩ කර ඇතිබව අපගේ ඉහල නිලධාරීන්ට හැඟී යයි. මෙවැනි අක්‍රමිකතා සොයා බැලීමට අපගේ සමහර කළමනාකරුවන් සවස හතරට පමණ දුරකථන ඇමතුමක් ගෙන සියලු දෙනා සමග කතාබස් කරයි. කවුරුත් තමන් කරන ලද රෙකොර්ඩ්ස් ප්‍රමාණය ඩේටබේස් එක තුලටම ගොස් බලාගැනීමට පුරුදු වී සිටිය අතර සැවොම තමන්ගේ යුසර් අයිඩී එකෙන් ඇති ප්‍රමාණය එසේ බලා ගනී. මේකාගේ පැනිල්ල නවත්වා ගැනීම ගැන අපි කතාබහ කල අතර විසඳුම ලබා දීම සඳහා මම ස්වේච්චාවෙන් ඉදිරිපත් වුනෙමි. දිවා අහාරය හරියට 12:00 ට ගන්නට ගුණයා යන්නේ බඩගින්න නිසාම නොව, බැංකුවේ සිටින තරුණ ළඳුන්ට කිට්ටු වීමට හැකි හොඳම මාර්ගය කෑම මේසය නිසාය. මේ අවස්ථාවක ඔහුගේ රෙකොර්ඩ්ස් වලින් භාගයක් වෙනත් යුසර් අයිඩී එකකින් (කිසිවකුට අදාළ නොවන) රීප්ලේස් කර ඔලුව නවාගෙන අප සියළු දෙනා යුහුසුළුව වැඩ වල නිරත විය. මොහොතකින් හුන් තැනින් නැගී සිටි ගුණයා තරමක් තද ස්වරයකින් කථා කරන්නට පටන් ගත්තේය.
මේකට සුමියා පිළිතුරු දෙන්නට ගොස්, ගුණයා සමග කථාව තරමක් දිග්ගැස්සිනි. අවසානයේ ගනුදෙනු කරුවන්ද, බැංකුවේ අයද අපදෙස බලනවිට ඔහුව ශේප් කර යවන්නට අපි ඉදිරිපත් වීමු. මේ මෙහොතේ ඉදිරිපත් වූ මා එය නිවැරදි කර දෙන්නට පොරොන්දු වී කථාව සමථයකට පත් කලේ සිනහව තද කරන් බිම බලා සිටින සෙසු අයගේද සිතට සහනයක් එක් කරමිනි. හේ නික්ම ගියපසු එය නිවැරදි කලෙමි. පසුව මේ කතාව රසකර අපගේ අනෙක් මිතුරන් අතරට ගෙන ගියෙමු.
පින්තූරය ගත්තේ : http://colnect.com/ |

පින්තූරය ගත්තේ : http://www.recycledgoods.com/ |

"අපිත් මෙතන අවුරු හයක් තිස්සේ පොල් ගෑවේ නෑ. ඩොට් එකට ගිහිං(ඩේටබේස් එකෙහි වැඩ කිරීම මෙලෙසින් හඳුන්වන්නේ, එහි ප්‍රොම්ප්ට් එක ඩොට් එකක් නිසාය) රෙකොර්ඩ්ස් ගාන බලන්න දන්නවා. මේ කැ* වැඩේ කරපු එකා වහාම මේක හදල තියපන්, නැතිනම් මම හැමෝටම හොඳ වැඩක් කරනවා"
මේකට සුමියා පිළිතුරු දෙන්නට ගොස්, ගුණයා සමග කථාව තරමක් දිග්ගැස්සිනි. අවසානයේ ගනුදෙනු කරුවන්ද, බැංකුවේ අයද අපදෙස බලනවිට ඔහුව ශේප් කර යවන්නට අපි ඉදිරිපත් වීමු. මේ මෙහොතේ ඉදිරිපත් වූ මා එය නිවැරදි කර දෙන්නට පොරොන්දු වී කථාව සමථයකට පත් කලේ සිනහව තද කරන් බිම බලා සිටින සෙසු අයගේද සිතට සහනයක් එක් කරමිනි. හේ නික්ම ගියපසු එය නිවැරදි කලෙමි. පසුව මේ කතාව රසකර අපගේ අනෙක් මිතුරන් අතරට ගෙන ගියෙමු.
මාරක ලිඳේ මෝටර් සයිකල් කතාව සහ රසවත් ඉතිරි කොටස ඉක්මනින් බලාපොරොත්තු වන්න.
ඔබේ ලිපිවල අන්තර්ගතය ඉතාම හොදයි, ඒවගේම ලේඛණ ශයිලියත් ඉතා ඉහලයි.(රන්ජන්)
ReplyDeleteබොහොම ස්තුතියි රන්ජන් අයියා.
Deleteරජකාරි කතා මොන තරම් ලස්සන උනත් කියන්න වෙන්නෙ නම් ඔහොම පරිස්සමින් තමයි. පොඩ්ඩ මිස් උනොත් ඉවරයි. අර උඩින්ම කියලා තියෙන දේ ගැන එදා කතා උනා නේද?
ReplyDeleteඔව්. පුදුම පරිස්සමකින් ලියන්නේ. සමහර වෙලාවට නියම නම වැටෙනවා. දෙපාරක් කියවලයි මේක දැම්මේ.
Deleteඔපිසියෙ කවුරුත් මේව කියවන්නෙ ැතෙයි... හිහි
ReplyDeleteැත්තං ඕව මතක් කර කර හිනා වෙන්ට තිබ්බ...
මාරක ලිදේ යන්න බෑ නෙව මේ දාස් වල වහිනව
කමන්නෑ ඊළග පාර වත් බලමුකො
එක කොටසින් ලියලා ඉවර කරන්න හිතාගෙන පටන් ගත්තේ. මොකද ලියන්න කලින් මතකයේ තිබුණේ බොහොම ස්වල්ප කාරණා ටිකක්. නමුත් ලියාගෙන යත්දී තව ගොඩක් දේවල් මතකෙට ආවා.
Deleteඔය පේ ෆෝන් කාඩ් ඉස්සර මගෙත් ජනප්‍රිය භාණ්ඩයක් තමයි. තාමත් පාවිච්චි කරපු එකක් දෙකක් තියෙනව.
ReplyDeleteසුදීක ඉන්නගමං කොම්පියුටර් ජිල්මාට් දාල වගෙයි ඒකාලෙ.
මාරක ළිඳ තාම හදනව වෙන්ටැ මයෙ හිතේ.
මේකයි වුණේ, මම කලින් වැඩ කරපු ඔෆිස් එකේ සමාන පසුබිමක් තිබුණා. ඉතිං එහි වැඩකරපු එකම පරිගණක සේවකයා විදියට මට මේවායේ අත්පොත් කියවන්න අවස්ථාව ලැබුණා. ඉතින් මෙහෙ එනකොට ඒවා ගැන මම හොඳ ප්‍රායෝගික අත්දැකීමක් ලබලා තිබුණේ. ජිල්මාට් කියන වචනේ මේ වගේ ආයතනයකට නරකම වචනයක්. මොකද අපේ තිබුණ හැකියාවෙන් ඒ කාලේ අයථා ක්‍රම භාවිතා කලානම්. හපොයි ඒ ගැන හිතන්නවත් මම කැමති නෑ. දැන් ඒ සිස්ටම් නැති නිසා මේ ටිකත් කිව්වේ.
Deleteමං අර කොකා ඉන්න පොටෝ එක තියන පේ පෝන් කාඩ්ඩෙකක් හිල් කරලා කී ටැග් එහෙකට දාං හිටියා :D එහෙමත් රැල්ලක් ආව නෙවැ … හැක්
Deleteඉතිරි කොටස ඉක්මනට බලාපොරොත්තු වෙන්න කියන්නෙ ඉක්මනටම තව පෝස්ට් එකක් ලියනවා කියන එක නිසා සතුටුයි.
ReplyDeleteලගදි ක්‍රිකට් ගැන ලිව්වෙත් නෑනේද?
// ලගදි ක්‍රිකට් ගැන ලිව්වෙත් නෑනේද?//
Deleteපපුව හෝස් ගාල ගියා :D
රා..යිට් පදුරු ටික තැලුව , දැන් තියෙන්නෙ මාරක ලිද හදන එක.
ReplyDeleteමීට.
දෙකේ ආදිපාද .
මරු කාඩ් එක. duke of the double
Deleteදෙකේ පාදෙ :D
Deleteකමෙන්ට් දෙකේ ආදිපාද
Deleteකමෙන්ට් දෙක දෙක නැතුව කම්මලේගේ අගය අඩු වෙලා...
Deleteදෙක දෙක දාපන් සුදො
පඳුරු තැලීම සුදිකටත් අමුතු දෙයක් නෙවෙයි වගේ.
ReplyDelete/සෙසු සියලු දෙනා ගැන එම නිලධාරියාට වැරදි වැටහීමක් ලබා දුන්නේ අපගේම වෙනත් සහෝදර සේවිකාවක් බවයි./
කේලම්මු හැම තැනකම ඉන්නවා තමයි. කේලම් අහන එකාගෙ තමයි වැඩිම දුර්වලකම මම දකින්නෙ. වැරැද්ද කිරීම වැරදියි, වැරැද්දට අනුබල දීම ඊටත් වඩා වැරදියි...
සහතිකවම.
Deleteසුදීකටත් කිව්වම ඒකත් එක්ක එන යුගල පදේ තමයි මටත් කියන එක.
Deleteසහතිකවම... හෙහ් හෙහ්...
Deleteඉතිරි කොටස ලබන සතියේ ද....?
ReplyDeleteදිග නම් වැඩියෝ....
මාතලන් සතියට පොස්ට් 3 x එකක වචන 400 = සුදීක සතියට පොස්ට් 1 x වචන 1200
Deleteහරියටම වචන 1680.
Deleteචැහ්.. සුදීකයියා ඕං දැං ඒම කුලියාපිටිය පඬුවස්නුවර පන්නල නාත්තන්ඩිය දංකොටුව ඕනැ ලයින් ඒක මේ පත්තර මල්ලිගෙ නම කියන්ඩ.. රෙෂ්පට් එකට බඩු සලකයි .…හැක් හැක් :D
ReplyDeleteසලකයි - සලකයි.
Deleteපොලිසිය බලාගෙන ඉන්නකොට ටවුම මැද්දෙ වට රවුමේ කොඩි ගැහැව්වා...
Delete“උඔ ගහපන් මෙන්ඩා...මම බලාගන්නම්“ කිව්වට මම හිතුවේ කන්න වෙයි කියලා..
චැහැ...එහම සතුටක් ...පොලිසියේ රාලාහාමිත් කොඩියක් අරගෙන දුන්නා..
මල්ලි බැරියර් එකේ එකක් ගහන්න කියල කියන පරක්කුවෙන් දෙපැත්තෙම කොඩි දෙකක් ගහල පෝස්ටරුත් ගහල ඉවරයි. හැක් … පහුවදා උදේ නෙවැ හරියට දැක්කෙ .හැක හැක
Deleteඉතිරි කොටස බලාපොරොත්තුවෙන්..
ReplyDeleteදවස් කීයක් දෙනවද ?
Deleteහෆ්ෆා කතා මැද කතා වෙලා අන්තිමට කියන්න ආපු එකත් කල් ගියා නේද..
ReplyDeleteක්‍රෝම් එකෙන් ඔයාගේ අඩවියට ආවම ටික වෙලාවකින් මැකිලා ගිහින් දෝෂ පණිවිඩයක් එනවා. ෆයර්ෆොක්ස් එකෙන් ආවම එහෙම නෑ. හේතුව මොකක්ද?
ReplyDeleteවිවිධ ආයතනවල රාජකාරියේ යෙදීමේදී ලබන ඔවැනි අත්දැකීම්, පුද්ගල චරිත වලට හානි නොවන ආකාරයට ඉදිරිපත් කිරීමේ වරදක් නැහැ.
මෙන්න මේක ඩවුන්ලෝඩ් කරගෙන රන් කරන්න. බොහෝ ප්‍රශ්ණ හරි යනවා.
Deletehttps://www.avast.com/browser-cleanup
මෙන්න මේකත් ට්‍රයි කරලා බලන්න
Deletehttps://www.google.com/chrome/cleanup-tool/thankyou.html
සුදීක අයියා, බොහොම රසවත්. හරි ඔන්න මාරක ලිඳ එනකල් මම මෙතන ඇන තියාගෙන බලං ඉන්නෙ. ඉක්මනට දාන්ඩෝ. නැත්නම් කකුල්දෙකත් හිරි වැටිලා. මෙතන උපවාස කරනවා කියල අනිත් බ්ලොග්කාරයො කියයි.
ReplyDelete//කතාන්තරය මැදදී සුමියා, ගුණයා වැනි වෙනත් අවශේෂ චරිතද // එතකොට උඹ මවයි විචාරක මහත්තයයි අවශේෂ චරිත ගොඩට දැම්ම නේ? ඒ මදිවට කතාව මැදදී අපි දෙන්නව අවුලුවන්නත් හදලා.. //මේකට සුමියා පිළිතුරු දෙන්නට ගොස්, ගුණයා සමග කථාව තරමක් දිග්ගැස්සිනි// මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ.. අපි අහුවෙන්නෑ ඕවට..හැක හැක..
ReplyDeleteසදුගේ ගමත් කුලිපිටියේ නිසා මේක කියලා පොඩි කින්ඩියක් දාන්නද?
ReplyDeleteදාහං දාහං. ඊටපස්සේ සඳු අක්කගෙන් ගුටිකාලා මෙතන ඇවිත් අඬහං.
Deleteඅම්මටහුඩු ඒ කියන්නේ කසාද බැන්දාම වයිෆරේගෙන් ගුටි කනවා කියන්නෙ සාමන්‍ය දෙයක් නෙමෙයිද?
Deleteමම හිතුවේ හැමෝටම මට වගේ
කොස්සෙන්, සිනි බෝතලෙන් ගහනවා ඇති කියලා
ඔලුව බිත්තියේ අනිනවා ඇති කියලා
"කන්න උයල දෙන අතිං පාරක් කෑවට පව් නෑ යකෝ "
Deleteඅන්න එහෙමයි මං හිත හදාගන්නෙ :D. උඹත් එහෙම කරහං මචෝ. හැක්
යකෝ බලං ගියාම අපි තුන්දෙනාම එකම අත්දැකීම විවිඳ විදිහට විඳල තියෙනවනෙ. ඕකට දොරපොල්ලෙං පිට මැද්ද ඉතා තදින් පිරිමැදීමත් ඇතුළත් කරහං මෙන්ඩා...
Deleteඔය පේ ෆෝන් කාඩ් එකතු කරන්න , ටෙලිකොම් එකේ අර ලස්සන සත්තුන්ගේ පින්තුර තියෙන කාඩ් එකතු කරන්නනම් ඒකාලේ මාර ආසාවක් තිබ්බා , ඉස්කෝලේ ගෙනිහින් පෙන්නලා පොර වෙන්න
ReplyDeleteඒ කියන්නෙ උඹේ මංඥං ගතිය අද ඊයෙ තියන් එකක් නෙවෙයි ඈ ?? හැක්
Deleteයකෝ ඉවානයා ඉස්කෝලේත් ගිහින්
Deleteඔව් , උඹව අඳුරගත්තට පස්සේ වැඩි වුනා විතරයි , කලින් ඉඳම්ම තිබ්බා
Deleteරාජකාරියේ රසවත් තැන් දැන් මතක් වෙද්දී තනියම හිනා යන වෙලාවල් එමටයි නේද.
ReplyDeleteඅදත් ආප්ටඇප්රුවල්ද
ReplyDeleteඅනේ පල අටමා...
Deleteකවුරැ ආෆ්ටර් ඇප්රැවල් දැම්මත් කමක් නෑ තෝ දැම්මොත් දානවා බැරල් බෝම්බයක්
බ්ලොග් ලියන්න පටන් ගත් මුල්ම අවදියේ සිටන් දන්නා ලෙන්ගතු මිතුරෙකි ඔබ සූදික. මේ ලිපියෙන් පෙන්වා දෙන කරුණු ද අගනාය.
ReplyDelete..//සටහන් 375කට අධික සංඛ්‍යවක් ලියා ඇත//..
ReplyDeleteතව ලියන්නත් වෙනවා සෑහෙන ලිපි ගනනක්.අපි වගේ අලුත් අයත් දැන් මේකේ පදිංචි වෙලානේ ඉන්නේ.
මේ විදිහේ කතා වල අමුතුම ගතියක් තියනවා. මම කිව්වේ මේ අත් දැකීම් ගැන නෙවේ. කියන්න ආපු දෙය කියන්න කලින් එක දිගට ඇදී ගෙන යන කතා වලට
ReplyDeleteබලන්ට ආවේ මාරක ලිඳේ බයිසිකල් කතාව. :D
ReplyDelete//ශ්රී ලාංකිකයින්ට අවශ්ය තරමටවත් ඉංග්රීසි බැරි බවයි.//
මම හිතුවේ මේකේ අනික් පැත්ත...
ඒ ගැන වැඩිදුර හිතතන්න දෙයක් නෑ. අවශ්‍ය තරමට සිංහලත් බෑ දෙමළත් බෑ... හෙහ් හෙහ්...
Deleteලියපං බලන්න ඉතුරු කොටසත් එහෙනම්.
ReplyDeleteඔය ATM ගැන මමත් ඒ ගැන ලියපු හැම බ්ලොග් පෝස්ට් එකකම වගේ අදහස් යෝජනා දක්වලා තියෙනවා. නමුත් හුඟක වෙලාවට ලැබෙන උත්තරනම් කිසි සේත්ම සතුටු වෙන්න පුලුවන් ඒවා නෙවෙයි. ඒ නිසා මම ඒ ගැන කතා කිරීම අත් ඇරලා තියෙන්නෙ.
එතකොට සමහර වෙලාවට ඔය බැංකුවල system upgrade කරන්න ගන්නවා නේද? සමහර වෙලාවට ඒක upgrade කිරිල්ලක්ද downgrade කිරිල්ලක්ද කියලා හිතාගන්න බෑ. සමහර වෙලාවට වෙන්නේ තිබිච්ච *කත් නැතුව යන එක. ඒකත් එක මාසෙක 25 වෙනිදා විතර ඉඳලා ඊලඟ මාසෙ 5වෙනිදා විතර කාලෙ කරන්න ගත්තාම පාරිභෝගිකයෝ වැටෙන්නේ පුදුම අමාරුවක.