මෙහි පළමු කොටස කියවූ බොහෝ දෙනෙකු බලාපොරොත්තු වී තිබුණේ, එය අවසානයේ මාරක ළිඳ දකින්නට හැකි වේය කියාය. නමුත් සියලු දෙනාගේ පැතුම් සුණු විසුණු කරන්නට මට සිදු වුයේ ඒ වනවිටත් ඡේද අටක් තුළ වචන 1680ක් අකුරු කර තිබීම නිසාය. බ්ලොග් පොස්ට් එකක සාමාන්‍ය ප්‍රමාණය විය යුත්තේ ඒ ෆෝ පිටුවකට මුද්‍රණය කර ගන්නට හැකි ප්‍රමාණය යන්න මගේ විශ්වාසයයි. එයින් ඔබ්බට යන ඒවා තුළ යම් කුතුහලයක් ගැබ්ව නැතිනම්, කියවන්නාගේ කමෙන්ට් තුළ නොයෙකුත් විප්‍රකාර දැක ගත හැක. මන්ද කියවන්නා හුදු හිතවත්කමට මෙය කියවීමට ආවත්, ඔවුන් තුළ දැවැන්ත සටහනක් තුළ ඇස් යැවීමට තරම් හොඳ මානසික නිදහස් බවක් නොවේ නම්, අවසානයේ කියවුයේ කුමක්දැයි විපිළිසර වෙයි. එය මාගේ අත්දැකීමයි. මට කිහිප විටක් ඒ අසරණ තත්වයට මුහුණ දෙන්නට සිදු වී ඇත. නමුත් හිතවතුනි මේවා රසවත් වන්නේ වැල් වටාරම් වැඩිපුර ලිවීම තුළ බව මගේ විශ්වාසයයි. නැතිනම් ගුණයාගේ රෙකොර්ඩ්ස් ටික ගිල්ලේ කවුද ? වගේ පේළි දෙකකින් මෙය හමාර කොට, කමෙන්ට් තුළින් ඔබ නගන අටෝරාශියක් ප්‍රශ්න වලට පිළිතුරු ලෙස ඉතිරි කොටස ලිවීමේ හැකියාවද ඇත. අපේ දේශකයා දවසක් ඒ ගැන සජීවී අත්දැකීමක් ලබා දුන්නා ඔබට මතක ඇතැයි සිතමි. එසේනම් සහෝදරවරුනි පඳුරු තැලීම අවසන් කර, තලන ලද පඳුරු අස්සේ කුරුමානම ඇත්දැයි බැලීමේ වාරයයි මේ.
මට, ගිජාට, සත්කුමාරට, හෙට්ටියාට, සුමියාට පෙම්වතියක් සිටියේ නැත. නමුත් ගුණයා නම් ගිය තැනක අත හරින්නේ නැත. පෙර කිව් ලෙස කෙළි පැටික්කියන් සමග දිවා ආහාරයට සෙට් වෙන ඔහු දවසින් දෙකෙන් ඔවුන් කුළුපග කර ගනී. තුන්වන දිනය වනවිට ඔවුන් ගුනයාගේ පස්සෙන් විත් මොනවාදෝ විමසයි. බැංකුවේ සිටින පියකරුම යුවතියන් මෙසේ ඔහුගේ පස්සෙන් වැටීම, සියල්ලන්ටම ගැටලුවක් මෙන්ම ඉහිලුම් නොදෙන කාරණායා. මම දවසක් ගුනයාට පවසා සිටියේ
"මචං උඹ කෑලි සීයක් සෙට් කර ගත්තත් කමක් නෑ, අපිටත් ක්‍රමේ කියලා දීපං" යන්නයි.
දිනක් මේ තරුණියක් සමග ඔහු සල්ලාපයේ යෙදෙන විට, අසල කබඩ් එකකට මුවා වී කෙනෙකු ඊට කන් දී තිබුණි. මේකා කරන්නේ කුමක්දැයි ඉන්පසු ඉතා ප්‍රසිද්ධ කාරණයක් විය. තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ අපිට බැංකුකරණය පිළිබඳ විභාග අදාළ නොවුණත්, උසස් පෙළට වාණිජ විෂයයන් හැදෑරු ගුණයා, බැංකුවට එක් වූ විගස එම විභාගයන්ට පංති ගොස් ඇත. ඔහුගේ අධ්‍යාපනික පසුබිම නිසා මේ විෂය පථයන් ඔහුට පහසු වී ඇත. නමුත් විභාගයට මුහුණ දුන් බවක් හෝ ප්‍රතිඵලයක් ගැන කිසිදු ආරංචියක් නැත. හෙතෙම ශාඛාවන් වල සිටින කෙළි පැටික්කියන්ගෙන්, බෑන්කින් එක්සෑම් කරාද ? යන ප්‍රශ්නය යොමු කර, එසේ නොමැතිනම් ඇයට හොඳටම දෝෂාරෝපණය කරයි. පිස්සු නටන්නේ නැතිව විභාගේ කරන්න. මෙවායේ වැඩ කර-කර ඉඳලා හරි යන්නේ නෑ. ප්‍රමෝෂන් ටික වෙලාවට ගන්න නම් ඉතිං බෑන්කින් කරන්නම වෙනවා. හෙටම පටන් ගන්න මගේ නෝට්ස් දෙන්නම් යනුවන් පවසයි. ඉන්පසුව අර තරුණිය අයියේ නෝට්ස් ගෙනාවදැයි අසමින් ඔහු පස්සේ වැටෙයි. ගුන්යා කෙල්ලන් වශී කර ගන්නා ශාත්‍රය එයයි.
එහි වැඩ කරන කාලය තුළ ගිජාට බැංකුවේම සේවය කරන තම සොයුරියගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි. එය හමාර කල විගස ඔහු පවසා සිටියේ ලබන බ්‍රහස්පතින්දා තමන්ට වෙඩින් එකකට යාමට ඇති බවයි. එනිසා තමන් එදින නිවාඩු ලබා ගන්නා බවද පැවසීය. මෙය අසා සිටි සුමියා පැවසුවේ බ්‍රහස්පතින්දා පෝය දිනය බවද, අමුතුවෙන් නිවාඩු ලබා ගැනීමට අවශ්‍ය නැති බවය. මොහොතකින් ඉද්ද ගැසුවාක් මෙන් තමන් හුන් අසුනෙන් නැගී සිටි ගිජා අතින් කට වසාගෙන කල්පනා කරන්නට විය. හේතුව පෝය දිනයක රාජකාරි කිරීමෙන් ලැබෙන අතිකාල සහ දිනක වැටුප ඔහුට අහිමි වන බැවිනි. ඔහු එතරම් මුදල් සෙවීමට අරමුණු කරගෙන සිටි අයෙකි. ගිජාගේ සොයුරිය අප සේවය කරන අංශයේම සේවය කරන අපට වඩා වසර කිහිපයක් ජේෂ්ඨ සේවිකාවකි. අප සේවයට බැඳුණේ ගිජාලාට මාස පහකට පමණය පෙරය. ඒ දීප ව්‍යාප්ත විභාගයකට මුහුණ දෙමිනි.
"අපේ මල්ලිත් විහාගේ ලිව්වා ඕගොල්ලොත් එක්ක"
"ඉතින් මොකද වුණේ ?"
" අපෝ එයාව ගන්න නම් තව හත්සිය ගාණක් ඊට කලින් ගන්න වෙනවා"
එසේ ඒ කථාව අවසන් වුවද, ඊළඟ පහළොස් දෙනාගේ කණ්ඩායමේ ගිජා බැංකුව ඇතුළට පැමිණ සිටිනු දැක තැන-තැන කසුකුසු ඇති විය. ඇවිත් දවස් දෙකකින් කාගේ වත් විමසීක් නැතිව මාතලේ ශාඛාව බලා ගිය සිල්වා මහතාගේ කණ්ඩායමට ගිජා බලහත්කාරයෙන්ම ඇතුළත් වී තිබිණි. අක්කා විසින් විස්තර කරන්නට යෙදුණු "ශාඛා විසිත්ත ඉල්ලම" හැරීමට ගිජා පටන් ගත්තේ ඒ අයුරිනි. එයට අමතරව ඔහුට තවත් උපදෙසක් සිය ආදරණීය සොයුරිය විසින් ලබා දී තිබුණි, ඒ පූල් එකට(කවුරුත් එකතු වී වියදම් සමසේ බෙදා ගැනීම්) කන නිසා පුළුවන් තරම් කෑම බඩට දා ගන්නා ලෙසයි. ගිජාගේ මේ ගිජු බව, සිය සොයුරිය නිසා ඇති වුවක්ද, නැතිනම් උපතින් ගෙනා එකක්දැයි කිසිවකු තවමත් නොදනී. නමුත් ඔහුගේ මේ හැසිරීම නිසා අප කණ්ඩායම් වල අය බොහෝ අපහසුතාවලට ලක් වී ඇත.වරක් පොළොන්නරුවට ගිය කණ්ඩායමක් රාත්‍රියට නූඩ්ල්ස් ඇණවුම් කර ඇත, මේසය මත ගෙනැවිත් තැබූ බන්දේසියේ තිබූ ප්‍රමාණයෙන් 3/4ක්ම ගිජා බෙදාගෙන ඇත. එවිට එහි පැමිණි වේටර් වරයා පවසා ඇත්තේ "කලබල වෙන්න එපා සර් හෙමිහිට කන්න, තව මේ වගේම එකක් ගේන්න තියෙනවා" කියාය. එවිට එහි උන් අනෙක් අය මුහුණෙන් මුහුණ බලාගෙන ඇත. වරක් කොත්තු රොටි කන ගමන් කවුරුන් හෝ ගෙන්වා ගන්නා ලද මඤ්ඤොක්කා දීසියෙන්ද කැබලි දෙක තුනක් කොත්තු රොටිය මත බෙදාගෙන අනුභව කරගෙන ඇත.ගිජා සහ කෑම යනුවෙන් තවත් පොස්ටුවක් සම්පාදනයට කරුණු ඇතත් මේ එයට අවස්ථාව නොවේ.
ගුණයා කුලියාපිටිය ශාඛාව වත්තේ ඇති අඹ ගස් දිහා ඉතා කෑදර බැල්මක් හෙළා, විලාට් අඹ නම් මරු කියමින් ඔබ මොබ ඇවිද්දේය. තවත් මිනිත්තු කිහිපයකින් සපත්තු පිටින්ම ඔහු ගහට ගොඩ වී ගෙඩි කිහිපයක් බිමට පත බාවා ඇත. අපිට තිබෙන්නේ බලාගෙන හිඳින්නය. ගුනයාගේ අඹ කෑදර කම නිරීක්ෂණය කල ගිජා, තමා පහුගිය බ්‍රහස්පතින්දා ගිය ගමන ගැන ප්‍රධාන කාර්යාලය දැනුවත් නොකිරීමට අංක එකේ කේලාම් කාරයෙකු වූ ගුණයා කැමති කරගනු වස්, දිනක සවස් කාලයේ, ශාඛාවේ අය නික්ම ගිය පසු, අඹ ගස් වලට ගොඩ වී, අසවැන්න නෙලීය. එහි අග්‍ර ඵලය ගුනයාට වෙන් කල හෙතෙම තවත් ගෙඩි කිහිපයක් අපගේ පරිභෝජනයට වෙන් කළේය.සත්කුමාරට ඒ නම ලැබුණේ එකල නිතර පාරේ දකින්නට ලැබුණු ටියුෂන් මාස්ටර් වරයෙකුගේ පෝස්ටර් එකක් අනුසාරයෙනි. එය ඔහුට ආදේශ කිරීම මාගේ සාඩම්බර සේවාවකි. එම නමින් ඔහු අමතනවාට සත්කුමාර ඉතා කැමති විය. දෛනික රාජකාරි හවස හතරයි හතළිස් පහටම අවසන් කර මා දිව යන්නේ, පොඩි රවියලාගේ නිවෙස අසල ඇති පොල්වත්තේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමටය. නමුත් එහි ක්‍රීඩා කිරීම පහසු කටයුත්තක් නොවීය. දිනක් උද පන්දුවක් වෙත පියාඹා ගිය මාගේ අල්ලේ නිදිකුම්බා කටුවක් අැනිණි. එය ඉවත් කර ගන්නට සති දෙකක පමණ කාලයක් අවශ්‍ය විය. පොල් පරාල වල තිබෙන කීරක් ඇනුණු පසුවද මෙයට සමාන අත්දැකීමක් විඳීමට සිදු වේ. ඒ අත්දැකීම් ඇති නිසා එතරම් ගැටලුවක් ඇති නොවිණි. මා එසේ පොල්වත්තේ ක්‍රිකට් කෙළියට ගියද, ගිජාට උවමනා වුයේ එදිනෙදා සවසට ඕටී පාරක් දමා ගැනීමය. අප එකිනෙකාගේ කැමැත්තට ඉඩ දී කටයුතු කළෙමු.
ඉඳහිට දවසක අප හා නවතින සුමියාද ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ඇල්මක් නොදැක්වුවත් අප හා එක් විය. දිනක් එක කණ්ඩායමට කෙනෙකුගේ අඩුපාඩුව ඇති විය. ඒ සඳහා බලවත් පරිශ්‍රමයකින් පසුව සුමියා එකතු කර ගැනීමට හැකි විය. ඉදිරියට නෙරා ආ බඩකින් යුත් සුමියා තමන්ගේ දනිස්ස අසලට ආ උඩ පන්දුවක් සුරැකිව රැක ගත්තේ කව්රුත් පුදුමයට පත් කරමිනි. මමත් පොඩි රවියාත් පමණක් ක්‍රිකට් ක්‍රීඩාවට ගිය දිනක, ක්‍රීඩාව අවසන් කර රවියාගේ නිවසට ගොඩ වී තේකක් බී ආපසු පැමිණෙන විට, මා කදිම යෝජනාවක් ගෙනාවේය. රවියාද ඊට එක පයින් එකඟ විය. මා ක්වාර්ටර්ස් එකට එනවිට ගිජා එතන නොවීය. සත්කුමාර සිටියේ මලගෙවල් වල ඩෙත් බොඩි එක තබා සිටින අකාරයේ නින්දකය. සැමදා සේවය හමාර කර ආ පසු එසේ මානසික විවේකයක් ලබා ගැනීම සත්කුමාරගේ සිරිතය. එන්.ඩී.ටී. ඉංජිනේරු පාඨමාලාව සේවය අතරදීම අවසන් කරන්නට හේ වග බලාගත්තේය. ඔහු ශ්‍රී ලාංකික පේටන්ට් හිමිකමක් ඇති නිශ්ශබ්ද විලියම් කෙනෙකි. වැඩි කථාවක් නැත. තවත් මොහොතකින් උඩ තට්ටුවට ගිය ගිජාද පැමිණිනි.
දෙදෙනා ආ පසු මා ඔවුන් සමග අපට වෙන්නට යන අකරතැබ්බයක් ගැන විස්තර කළේ මෙලෙසිනි
"බලපන් මචං පොඩි රවියාගේ නංගිගේ පිස්සු වැඩ, අද රෑට අපිට කෑම ලැස්ති කරනවා කිව්වා. හරි නෑනේ මචං. අපි මොනවා හරි අරගෙන යමු. හැමදාම නිකං කන්නත් හොඳ නෑනේ"මෙසේ කියූ පසු වැතිරී සිටි සත්කුමාර ඉද්ද ගැසුවාක් මෙන් අංශක අණුවකින් කොන්ද නවා ඇඳේ වාඩි විය. ගිජාගේ කටින් එකවිටම "නෑහ්" යනුවෙන් පිට විය. ඒ නොමිලයේ රස කෑම එකකට වග කීමට ඇති හැකියාව නිසාය. ඉන්පසු හිටිවනම ඇඳුම් අඳින්නට පටන් ගත දෙදෙනාට මා උපදෙස් දුන්නේ මෙලෙසිනි.
"මොකක්ද බං පොඩි රවියලාගේ නංගිත් ඉන්න තැනට ෂෝට් ඇඳගෙනද යන්න හදන්නේ. කලිසමක් ඇඳපන් බං. අනේ සත්කුමාර ඔයිට වඩා හොඳ ෂර්ට් එකක් ගනින්කෝ"

රාජකාරියට ඇඳි ඇඳුම් අඳින්නට සුදානම් වූ දෙදෙනා, අවසානයේ දිග කලිසම් සහ විස්කොස් වර්ගයේ පාර්ටි ෂර්ට් වලින් සරසා ගන්නට මට හැකි විය. මේ දිනවල අපගේ ප්‍රියතම ස්ථානය වී තිබුණේ, කුලියාපිටිය සිනමා ශාලාව ඉදිරිපස අභිනවයෙන් ආරම්භ කරන ලද රෙස්ටුරන්ට් එකකි. ඔවුන්ගේ මුල්ම මෙන්ම නිතිපතා පැමිණෙන ගනුදෙනු කරුවන් කිහිප දෙනෙකු වූ අපට, ව්ශේෂ සැලකිලි දින කිහිපයකින් පසු ලැබිණි. නානකාමරයේ සිට පැමිණෙන මා හට දෙදෙනා මනමාලියන් බලන්නට සැරසෙන්නට මෙන් සුදානම් වී සිටින ආකාරය දැක සිනා නතර කර ගැනීම දැඩි ආයාසයක් ගන්නට අවශ්‍ය විය.
"පොඩි රවියා කාර් එකෙන් හතයි කාලට එනවා කිව්වා. දැන් කීයද වෙලාව. සෙන්ට් එහෙම තියෙනවානම් ගහගෙන යමල්ලා. පොඩි රවියාගේ නංගි ලස්සන කෙල්ල"යන ගමන ගැන සක්සුදක් සේ දන්නා මා සුපුරුදු ලෙස ඩෙනිම සහ ටී ෂර්ට් එක පැළඳ ගත්තේ කවදත් සුපුරුදු ඇඳුමද නිසාය. මේ ගැන පොඩි සැකයක් ජනිත කරන්නට මේ කාරණය හේතු විය
"මොකක්ද බං අපිට ෂර්ට් අඳින්න කියලා උඹ අඳින විදිහ"
"මං ෂර්ට් අඳින්නේ ඔෆිස් එකට විතරයි කියලා උඹලා දන්නවනේ. මගේ ගාව මල්-මල් ෂර්ට් නෑ. කවුද දන්නේ පොඩි රවිගේ නංගි කැමති උඹලා දෙන්නගෙන් කෙනෙකුටද කියලා. මම හැමදාම එහෙ යනවා. එහෙනං මට විතරක් රෑට කන්න දෙන්න තිබුණනේ"ඒ කතාව දෙදෙනාගේ මුවේ මද සිනහා අඳින්නට සමත් කාරණයක් විය. තවත් මිනිත්තු කිහිපයකින් පොඩි රවියාගේ වාහනය බැංකුව ඉදිරිපිට නැවැත්වීය. අප එයට ගොඩ වූ පසුත්, එය රවියාගේ ගෙදර තිබෙන දිසාවෙන් ප්‍රතිවිරුද්ධ පැත්තට ගමන් කරනු දැක දෙදෙනාගෙන් කෙනෙකු විමසා සිටියේ "මේ කොහෙද යන්නේ" යනුවෙනි. වාහනය ගමන් ගත්තේ සුපුරුදු ආපන ශාලාව දෙසටය. එවිට රවියා පැවසුවේ තමන්ට මොනවා හෝ මිලදී ගැනීමට ඇති බැවින් තරමක් ඉදිරියට යන බවය. මොහොතකින් එම රෙස්ටුරන්ට් එක ඉදිරියේ වහනය නතර කර "බැහැපල්ලා" යනුවෙන් පොඩි රවියා පැවසු විට මා පමණක් රථයෙන් බැස ගත්තද, දෙදෙනාගෙන් එක් අයෙකු වත් වාහනයෙන් නොබැස"මේ - මොකද බං. මෙතන මොකටද බහින්නේ"
"බැහැපන් - බැහැපන් මෙහෙන් තමයි අද රෑටත් කන්නේ"දෙදෙනා බැස ගත්තේ නෝක්කාඩු මුහුණෙනි. ඒ මුහුණු දෙකේ ඒ මොහොතේ කෝපය මුසු සිනහා ඇඳී තිබිණි. මෙවැනි ගමන් රසවත් කරන්නේ මේ වාගේ ලණු කැවීම් සහ ඒවා කණ්ඩායමේ සෙස්සන්ට දැන ගැනීමට සැලැස්වීමෙන් බව අමුතුවෙන් විස්තර කල යුතු නැත. ඉන්පසු ප්‍රධාන කාර්යාලයට වාර්තා කරන මුල් දිනයෙන් පසුව ගුඩ් මෝනින් ළඟට, පොඩි රවියාගේ නංගි ලස්සනදැයි ඇසු විට, සුදීකගේ අම්මට පින් දෙන්නට ගිජා වග බලා ගත්තද, සත්කුමාර ලජ්ජාශීලී සිනහවක් දමා බිම බලාගනී.
දිනක් චයිනීස් රෙස්ටුරන්ට් එකකට ගොඩ වූ අප බියර් ඕඩර් කළෙමු. ගිජාට බියර් සෙන්ටිමීටර් එකක් පමණ ලබාදුන් විට, හෙතෙම තමන් අතීතයේ පවත්වන්නට යෙදුණු දහම් පාසල් සමිතියේ කථා, සමගින් රස ආකාරයකට අප ගෙන යන්නට සමත්ය. ඔහු ඇල්කොහොල් වලට ඇලජික් අයෙකු බව බොහෝ දෙනාගේ මතයයි. ඉන්පසු අපට මහා කරදයක් ලබා දෙන්නට සමත්ය. එදින හොඳටම වැඩි වූ ගිජා මේසය මත ඔළුව ගහගෙන සිටියේය. බිල ආපසු අමු ලෝභයෙකු වූ ගිජාගේ සාක්කුවෙන් පර්ස් එක ගෙන බිල ගෙවා දමීමු. ඉන්පසු එය ඔහුට නොදුන් අප සඟවා තැබීමු. එය තිබුණේ සුමියාගේ භාරයේය. පසුවාදා උදේ පර්ස් එක හොයා වෙස් පෙරළියක් කල ගිජාට අපි ඒ ගැන දක්වන ඇල්මැරුණු උනන්දුව සැකයට හේතු විය. සියල්ලන්ගෙන් අසා අවසානයේ සුමියා ළඟට ගිය විට, "මේ තියෙන්නේ ගිහිං අරන් වරෙන්" යනුවෙන් පවසා අසල ඇති ජනේලයෙන් අල්ලපු වත්තට එය විසි කර දැමීම අප කවුරුත් අපේක්ෂා කල දෙයක් නොවුණත්. කේන්ති ස්වරූපයක් දැක්වූ ගිජා අල්ලපු වත්තට ගොස් එය රැගෙන එනදෙස අප මෑත් වී ජනේලයෙන් බලා උන්නෙමු. එවැනි කිසිම මොහොතක කලහාකාරී හැසිරීමක් නොදක්වන එක ගිජාගේ සිරිතයි.
ලණු කැවීම අංක දෙක ලෙස සටහන් කල හැක්කේ පොඩි රවියා දුන් ගුලියකි. ඒ තමා සමග අනියම් සම්බන්ධයක් පවත්වන අක්කා කෙනෙකු ගැනයි. ඇයගේ සැමියා සිටින්නේ පිට රටක බවත්, ජනේලයේ ග්‍රිල් එකේ අැණ ඉවත් කර ඇති නිසා තමන් පහසුවෙන්ම රාත්‍රියේදී එම නිවසට ඇතුළු වන බවත්. ආපසු එන්නේ පැය කිහිපයක් එහි ගත කල පසු බවත්. කැමතිනම් තමාට අක්කා අපට කැමති කර දීමට හැකි බවත් රවියා කියාගෙන යයි. සත් කුමාර මේ සියලු දේ දෙස බලා සිටින්නේ සැක මුසුවය. නමුත් ගිජා මේවා ගැන අසන්නේ ඉතාම උනන්දුවෙනි. "හරි ඊළඟ සතියේ මැද නිවාඩු දවසක් එනවනේ. අම්මා කිව්වා එදාට බ්‍රාන්ච් එක වහනවා කියලා. අපි එහේ යමු". දැන් ගිජා වැඩේට සුදානම්ය. නිවාඩු දිනයේ මෙහි නොරැඳී සුමියා හලාවතටද සත්කුමාර ජාඇලටද පිටත් වුයේ පෙරදින සැන්දෑවේය. ඉතා අලස ලෙස උදේ කාලය ගෙවා දැමු අප ටවුමට බඩ ගෑවෙමු. ජංගම දුරකථන බහුල නොවූ මෙන්ම ඒවායේ ඇති අධික මිල ගණන් නිසා ඉතා අඩුවෙන් කෝල් ගැනීමට යොමු වූ යුගයක, ටවුමේ පොඩි රවියා නිතර යනෙන කඩයකට ගොඩ වී තේකක් බී බලා සිටියෙමු.
රවියා පැමිණියේ බයිසිකලයකය. එයද එහි දමා අපව අතුරු පාරවල් ගණනක කැඳවාගෙන ගොස් නිවසක් අසල පාරේ අප දෙදෙනා රඳවා රවියා ඇතුළට ගියේය. සිදු වන්නේ කුමක්දැයි මම සහසුද්දෙන්ම දැනගෙන සිටි නිසා, ඒ නිවාස දෙසවත් නොබලා පාරේ යනෙන වාහන සහ මිනිසුන් දෙස බලා සිටියෙමි. නමුත් ගිජාගේ ඇස යොමු වී තිබුණේ එකී නිවාස දෙසටයි. තවත් සුළු මොහොතකින් රවියා පැමිණියේ ශෝක මූඩ් එකක් දමාගෙනය.
"හරි වැඩේ මචං අක්කා පොඩි ගමනක් යන්න ලෑස්ති වෙලා. අද බෑ කිව්වා. වෙන දවසක නොවැරදීම එන්න කිව්වා"

මෙය ඇසු ගිජාගේ මුහුණ තුළ තිබූ බලාපොරොත්තු සහගත බව පහව ගොස් අපේක්ෂා භංගත්වය ඉස්මතු වන අයුරු දැකගන්නට තරම් මම භාග්‍යවන්ත වීමි. එවැනි අවස්ථාවක හේ තනිවම කියවයි. මුහුණ මත තම වමතේ දබරැඟිල්ල තබාගෙන ගැඹුරුව කල්පනා කරයි. වේගයෙන් හුස්ම ගනියි. හිටපු ගමන් අශ්වයෙකු මෙන් නහයෙන් පිඹියි. තනිකරම විකෘත්ති ස්වභාවයක් ගනියි. ඉන්පසු අප තිදෙනා කිසිම කතාවක් නොමැතිව නගර දෙසට ගමන් ගතිමු. සවස් තුනත් හතරත් අතර මොහොතක වුවද, අකාශය අඳුරු කර තිබීම නිසා, රාත්‍රිය එළඹෙමින් තිබේ යයි කෙනෙකුට සිතෙන පරිසරයක් ඇත. මේ මොහොතේ ඒ වීදීය පාළුවට ගොසිනි. තවත් සුළු මොහොතකින් අප ඉදිරියට පැමිණියේ නගරයේ අයාලයේ යන බැල්ලියකි. ගිජාගේ කටහඬ නැවතත් අවදි විණි.
"දැන්නම් මට අන්න අර බැල්ලි හරි කමක් නෑ"
"දැන්නම් මට අන්න අර බැල්ලි හරි කමක් නෑ"
අප දෙදෙනාට හිනාව නතර කර ගන්නට හැකියාවක් නොවීය. තවත් මොහොතකින් අපගේ හිනාවට ගිජාද එකතු වේ. මෙසේ රසවත්ව ගෙවූ කාලයක් නිමාව දකිමින් තිබෙන සමයක තවත් දිනක සවස් වරුවක ගිජා සහ මම පමණක් ඉතිරි වනසේ, අනෙක් අය ගම්බිම් බලා පිටත් වුහ. අප දෙදෙනාට කළහැකි දෙයක් නොවිණි. පාසල් නිවාඩු කාලයේ කුලියාපිටිය නගර මධ්‍යයේ ඇති මහා විද්‍යාල භූමියේ ඇති කානිවල් එක දෙසට ඇදෙන ජනයා දෙස බලා සිටින අපටද එයට එකතු වීමට අදහසක් ඇති විය. වෙලාව යන්තම් රාත්‍රී හත වන්නට ඇත. මම සිටියේ ටී ෂර්ට් එකක් සහ ෂෝර්ට් එකකින් සැරසීය. නමුත් සිවිල් පිටය. ගිජා කෙලෙසක සිටියාදැයි නොදනිමි. තවත් මිනිත්තු කිහිපයකින් කානිවල් පොළට ළඟා වූ අප ටිකට් දෙකක් ලබාගෙන එහි ඇතුළත් වීමු. මොහොතක් ඔබ-මොබ සක්මන් කල අපට තරමක් සෙනග වට වී සිටින මාරක ළිඳේ මෝටසයිකල් දසුන දැකීමට සිත් විය. මා ඊට පෙර කිසිදිනක එවැන්නක් නරඹා නැත.
අප දෙදෙනාද එහි සිටින සෙනගට එකතු වුණෙමු. වටේට කඹ දමා ලෑලි වලින් තනා ඇති මාරක ළිඳ උද රඳවා ඇති වේදිකාවේ අප දෙදෙනාට එකම තැනින් හිටගන්නට හැකියාවක් නැත. ළමයෙකු තම දකුණු අතින් දරාගෙන සිටින තරුණ කාන්තාවකගේ වම් පසින් මමද, ඇයට දකුණු පසින් ගිජාද සිට ගතිමු. තවත් මිනිත්තු කිහිපයක අවෑමෙන් දර්ශනය ආරම්භ විය. මෝටර්සයිකල් යනුවෙන් දැන්වීම් කර තිබුණද, පතුලේ ඇති දොර ඇරගෙන එහි පිවිසියේ පාපැදියක් සමග සර්කස් කරුවෙකි. පාපැදියට ගොඩ වූ ඔහු මුලින්ම එහි පතුලේ රවුම් කිහිපයක් පැද එක්තරා වේගයකට පැමිණි පසු මදක් ඇලයට ලීයෙන් සාදා ඇති එහි බිත්ති දිගේ ගමන් කරන්නට පටන් ගන්නා ලදී. විටෙක ඉහළ දෙසටත් තවත් විටෙක පහළටත් ආනත වෙමින් ධාවනයේ යෙදුණු ඔහු ක්‍රමයෙන් වේගය අඩු කරමින් නැවතත් පතුලට නිරුපද්‍රිතව ගමන් ගත්තේ, එහි වුන් අප කාගේත් සිත් වලට සැනසීමක් එකතු කරමිනි.
ඉන්පසු කොහෙන්දෝ ආ හඬකින් කියවුණේ, අවසන් වුයේ එහි පළමු අදියර බවත්, එහි නියම අංගය වන මෝටර් සයිකල් ධාවනය තවත් සුළු මොහොතකින් ඇරඹෙන බවත්වය. එයට සමගාමීව මෝටර් සයිකලයක් පණ ගන්වා රේස් කරන හඬ ඇසිණි. මෙවර දොරෙන් ඇතුල් වුයේ ට්‍රේල් වර්ගයේ මෝටර් සයිකලයකට ගොඩ වූ රේස් කරුවකු මෙන් හැඳ පැළඳ ගත් මිනිසෙකු. ඔහු පැමිණි විගස ඇතුල් වන දොර වසා දැමිණි. මෝටර් සයිකලයේ ප්‍රධාන ලාම්පු දල්වා ඇත. එයට අමතරව ටකරං පියස්සේ එල්ලන ලද විදුලි පහනකින් ඇතුළේ සිදු වන්දේ පැහැදිලිව දැක ගත හැක. සයිකල් කරුවා මෙන්ම මද වේගය වැඩි කරමින් තරමක වේගයටත් තවත් මොහොතකින් ඉතා වේගවත් මට්ටමකට තම මෝටර් සයිකලය පැදවූ ධාවකයා සුළු මොහොතකින් ලෑලි බිත්තිය දිගේ ධාවනය ආරම්භ කළේය. බයිසකලය ගමන් ගනිද්දී නොගස්සුණු විලස ලී අට්ටාලයක් බඳු ළිද ගැස්සෙන්නට පටන් ගත්තේ එහි වුන් සියල්ලන් තුළම යම් භීතියක් ඇති කරමිනි. එහෙත් සියල්ලන් පසු වුයේ නිර්වින්දනය කල ස්වභාවයකිනි. අපගේ තොල් කට වෙලී ඇත. ධාවකයා ඉතා වේගයෙන් එහි බිත්ති දිගේ ගමන් ගනිද්දී ඇති වන ගැස්සීමෙන් බියක් ඇති වූ කාන්තාවා මගේ දකුණු අත අස්සෙන් අත යවා තදින් මගේ අත ග්‍රහණය කර ගත්තේ තම පෙම්වතාවගේ අතෙහි වේලෙන යෞවනියක් පරිද්දෙනි. මෙම නුහුරු හැගීමෙන්ද, ගැස්සෙන වේගය නිසා ඇතිවන භීතියෙන්ද මා සිටියේ සිහින ලෝකයකය. ඇගේ පහස මට නොදැනුණා නොවේ.
මෙසේ මිනිත්තුවක් ගත වන්නට ඇත. තවත් සුළු මොහොතකින් වේගයෙන් මගේ අතින් ඇගේ ඇත මිදෙනවා මට දැනිණි. මමද වෙනසක් නොදක්වා කඹය අල්ලාගෙ ධාවකයා දෙස නෙත් යෝමාගෙනම සිටියෙමි. නමුත් සිදු වුයේ කුමක්දැයි ප්‍රහේලිකාව මා තුළ විය. තවත් මිනිත්තු කිහිපයකින් වේගය අඩාල කර, සයිකල් කරුවා පරිද්දෙන්ම එහි පතුලට ගමන් ගත් ධාවකයා සයිකලය නතර කළේය. අපද හනි-හනිකට පහළට බැස ගමන් ගතිමු. අප ආපසු යන ගමනේදී සිදු වූ සිදුවීම මම ගිජාට පැහැදිලි කළේ ඒකාව මේ කථාවෙන් මවිතයට පත් කරන බලාපොරොත්තුවෙනි. මා කථාව අවසන් කළපසු හඬ අවදි කල ගිජා
උඹ හිතාගෙන හිටියේ මම දැක්කේ නෑ කියලද? මමත් බලාගෙන හිටියේ. මටත් ඉන්න බැරි වුණා බං. මම වම් පැත්තෙන් අත දාලා පු* මිරිකුවා.සිදු වූ දේ පැහැදිලි වන්නට මට ඒ වාක්‍ය කිහිපය ප්‍රමාණවත්ය.

පින්තූරය : gettyimages |

ඔය කියලා තියෙන විදියේ චරිත ඔෆිස් වල විතරක් නෙමෙයි එකට ඉන්න යාලුවෝ අතරත් ඉන්නවා.සුදීක අයියා කියලා තියෙන හැම චරිතයක්ම වගේ මගේ යාලුවෝ අතරෙත් ඉන්නවා.ගිජා වගේ අයනම් ඕන තරම්.
ReplyDeleteඅපේ සමාජයේ හරස්කඩක් තමයි ඕනෑම තැනක ඉන්නෙත්. ආයතන, සංගම් මේ හැමතැනම. කොටින්ම බස් එකකට ගොඩ වුණත් එහෙමයි.
Deleteහප්පා මරුනෙ සුදීකයියෙ. හොස්ටල් බෝඩිං ක්වාටස් එම් කොතනත් කට්ටිය සෙට් වුනා කියන්නෙ එලම තමයි.
ReplyDeleteඒ වගේ ගමනක ලණුවක් දෙකක් දුන්නේ නැතිනම් ගතියක් නෑ.
Deleteමේ...
ReplyDeleteමම තව මේක කියෙව්වේ නෑ...
වෙන දෙයක් අහන්න ආවේ...
wow
එක ගැන ලියන්න ගොඩාක් අය ඒ දවස් වල දාලා තිබුණා...
ඔයා ඒක ගැන ලියලත් තිබුණා...ඒත් මගේ ප්‍රියතම එක වුණේ
cryptography
ටික...
පුළුවන් නම් ඒවා ගැන ලියන්නකෝ...
(දැනට ලියලා නැනේ...???)
ඔයා කියන්නේ wow.lk ගැනද ? Cryptography පන්තියක ඉගැන්නුවත් භාගයක් කැමති නෑ. බලමු වෙලාව ලැබෙන විදියට.
Deleteඅදනම් අක්ෂර වින්‍යාස වැරදි ගොඩක් තියනවා. සමාවක් දෙන්න බැහැ. ඔක්කොම හදන්න කියලා ඉල්ලනවා. ඊට පස්සේ කමෙන්ට් කරන්නම්.
ReplyDeleteනිවැරදි කළා තුමනි.
Delete//ලාලි බිත්තිය දිගේ ධාවනය ආරම්භ කළේය. බයිසකලය ගමන් ගනිද්දී නොගස්සුණු විලස ලී අට්ටාලයක් බඳු//
Delete//කාන්තාවා මගේ දකුණු අත අස්සෙන් ඇත යවා//
නිවැරදි කිරීම අසාර්ථකයි. නැවත උත්සාහ කර බලන්න. :D
නැවත උත්සාහ කර බැලුවා තුමනි.
Deleteසෙට් එකේ ඉද්දි නම් මේ වගේ දේවල් ඕන තරම්. අර පුතයා නම් තියන්න වටින්නේ නෑ. හැබයි පොරගේ වැඩ ගැන වෙලාවකට පව් කියලා ත් හිතෙනවා
ReplyDeleteඌට කොච්චර බැන්නත් එහෙමම තමයි. දැන් නම් ගම පලාතට ගිහිං තියෙන්නේ.
Deleteඅම්ෙමෙොෝ දිග
ReplyDeleteතව ඩිංගෙන් අර අක්කා තමයි ඔහොම කියන්නේ.
Deleteඑල ද බ්‍රා අයියන්ඩි..
ReplyDeleteමාරක ලිදේ කතාව කියන්න අපිව ගෙනාපු දුරක්..
මම නම් ඒ වෙලාවෙම ගිඡාව තල්ලු කරනවා මාරක ලිදට.ඌ වැඩේ කරේ පැහැදිලි ඉරිසියාවට..
තනි කුහක කම මල්ලි. අර අක්කගේ අතේ පොඩි එකා නොහිටියානම් මට කන්න වෙනවා.
Deleteඑතනදි අයියන්ඩි ඒ කෙල්ල ඔයාගේ අතේ එල්ලුනේ වල්කමට නෙමෙයි පැහැදිලිවම ආරක්ෂාවක් රැකවරනයක් බලාපොරොත්තුවෙන් ඒක ඔයාටත් දැනුනා ඒත් අරැට ඒක කාලා ඉන්න බෑ..ඌගේ යටිහිතේ හිටිය සතා එලියට පැන්නා..
Deleteමාර කේස් ටිකක්නෙ. පිට ඉන්නකොට ඔය වගේ ආතල් තිබුනෙ නැත්තං ඒ ජීවිතේ බෝරිං වෙනව.
ReplyDeleteඅදනං ළිඳේ බයිසිකල් පැදල තව පොඩ්ඩෙන් වෙන එකකුත් පදින්න ගිහිල්ල නැවතිලා තියෙන්නෙ.
ගොඩකවෙල අත්දැකීමකුත් තියෙනව ලියන්න.
Deleteමේ කතා සැට් එක නියමයි නෙව? බොහොම සොඳුරු අතීතාවර්ජනයක්.
ReplyDeleteබොහොම ස්තුතියි.
Deleteමාරක ළිඳේ බයිසිකලය ධාවනව වන විට එය නරඹන්නන් දෙස බලා සිටිම මගින් පුදුම ආතල් එකක් ගත හැකිය. බලන උන්ගේ බෙල්ල බයිසිකලය යන වේගයටම කැරකැවෙන අතර බයිසිකලය තමා ළගට පැමිණෙන විට බෙල්ල පිටුපසට ගන්නා ආකාරයද කදිමය. මෙය නැරඹිම පට්ට ආතල් වැඩකි.
ReplyDeleteඒක දන්නේ නෑනේ.
Deleteමාරක ලිඳේ වගේද මේ පහුගිය දවස්වල රෝමයේ බයිසිකල් පැදීම.
ReplyDeleteඌප්ස් ...වැරදි දෙයක් කියවුනාද මංද.
තවුන්සන්ඩ් ඇපොලොජීස් ඔනරබල් පත්තරස්
එහෙම එහෙකුත් වුණාද ?
Deleteහැ..හාලියක්ද කොල්ලා එහේ පදින්නෙ?
Deleteමරු ඒ4 එක ඈ..
ReplyDeleteඅන්තිමේ කතාව කිව්වා නේ කොහොම හරි.. සෙල්ෆෝන් නැති කාලේ නම් නියමයි සුදීක අයියා.. කිව්වට විස්වාස කරන්න.
තව සුට්ටෙන් සුදීක අයියා කනවා සුපිරි කෑමක් අර අක්කගෙන්... අරූ නම් යාළුවෙක් නෙවෙයි... අනේ අම්මේ මෙහෙමත් උන්...
ReplyDeleteචැඃ... අපරාදෙ දිගට යන්න තිබ්බ කතාව අදිං ඉවර කරලනෙ...
ReplyDeleteඔය වගේ බුවාලා එක්ක දවස ගෙවනකොට ගුටිකෑමට නියමිතය කියලත් මතකේ තියෙන්න ඕනෙ. ඔය උඹලා දැනුවත්ව වෙච්ච දේවල්නේ. උඹලා නොදැනුවත්ව වෙච්ච දේවල් තව කොච්චර නම් ඇද්ද!
ReplyDeleteඋඹේ මේ කමෙන්ට් එක දැක්කම මතක් වුණේ. දවසක් එප්පාවල බ්‍රාන්ච් එකේ වැඩකට ගිහිං එන දවසේ මේකා වෙළෙන්දෝ පස්සේ ගිහින් මිරිස් වල ගණන් වලට හෙට්ටු කරනවාලු. ආනන්දයාට් මේක මහා වදයක් වෙලා අන්තිමට මෙහම ඇහුවලු
Deleteඋඹ මිරිස් කිලෝ එක කීයටද ඉල්ලන්නේ ?
විස්සට මචං
මෙතන කීයද
විසි දෙකයි මචං
මිරිස් කිලෝ කීයක් ගන්නවද ?
දහයක් විතර මචං
ආනා සාක්කුවෙන් රුපියල් 20ක් ගිජා අතේ තියලා. දැන් මෙතැනින් ගනිං කිව්වලු.
මං ඊයෙ කමෙන්ට් එකක් දැම්මා වගේ මතකයි...
ReplyDeleteඅක්ක මිරිකලා අල්ලන් හිටියේ අතම තමයි කියල ෂුවර් නේද? ගිජා තමයි දවසකටවත් මිනිහ.. හැක හැක..
ReplyDeleteඅර A 4 කොලේ ටිප් එක අපි වගේ පතරංග ලියන උන්ට හොඳ ඔත්තුවක්.. ඒත් ලියනවට වඩා කියවන්න කැමති මටනම් ඔය එකක්වත් ඒ හැටි දිග නෑ..
සැහ්....... ඇති ගුටි නොකා බේරුණා............ ඔයි වගේ යාලුවෝනං වාසනාවන්...........
ReplyDeleteසැට් එකක් එක්ක ඉන්නකොට ඉතිං මක්ක හරි කොරනවා නෙව.. බයිට් වෙන්නම ඉපදිච්ච උන් ද කියලා හිතෙන තරමට සමහරු බයිට් වෙනවා.. වගේ වගක් නෑ උන්ට නම්..
ReplyDeleteඑල ලියවිල්ල..
ජයවේවා..!!