Friday, November 2, 2012

ඩක්වර්ත් - ලුවිස් මග ගිය ජය-ධර්ම සමීකරණය

ඩක්වර්ත්-ලුවිස් කිව්වහම අද කාලේ කවුද නොදන්නේ ? ක්‍රිකට් ගැන උනන්දුවක් ඇති නැති කවුරු වුනත් අඩුම තරමින් ගුවන්විදුලියෙන් හරි රූපවාහිනියෙන් හරි මේ වචන දෙක අහල ඇති. ඒත් ඔබ එය මොන ආකාරයේ ගණනය කිරීමක්ද? කියා සොයා බලා තිබෙනවාද ? බොහෝ දෙනාගේ පිළිතුර නෑ වෙන්න ඕනේ. මොකද ඒක අවුබෝධ කර ගන්න නම් ක්‍රිකට් ගැන වගේම සංක්‍යානය ගැනත් යම් තරමක දැනුමක් තියෙන්න ඕනේ. ඒ දෙකම දැන ගත්තත් මදි මේක හුදෙක් සමීකරණයක් හෝ ගණිත කර්මයක් මත විසඳුම් සෙවිල්ලක් නොවෙන නිසා, ඒ කියන්නේ ප්‍රායෝගික (Practical) දෙයක් නිසා අර දක්ෂ ලෙස ගණිත ගැටළු විසඳන කෙනෙකුට වුනත් අපහසු කටයුත්තක් වෙන්න පුළුවන්. මම ඔබට කියල ඇති මම බොහොම කුතුහලයක් තියෙන පුද්ගලයෙක් කියලා. මේ වගේ මොකක් හරි අහු වුනාම හරියට යකාට මයිල් ගහ කෙලින් කරන්න දුන්න වගේ නොකා නොබී, කොහේ හරි කෙළවරක් හම්බ වෙනකං හාරාගෙන - හාරාගෙන යනවා හරියට උමං මීයෙක් වගේ. 

මුලින්ම ඩක්වර්ත්-ලුවිස් සමීකරණය කරලියට ආවේ 1999 ලෝක කුසලානයත් එක්කම වගේ. ලේක්හවුස් ආයතනය ලෝක කුසලානයට මුද්‍රණය කල සමරු පොතේ මේ ලකුණු ගණනය කරන සටහන තිබුනත් එය පහසුවෙන් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් එකක් වුනේ නෑ. අන්තර්ජාලය යන්තම් පරිහරණය කරන්න ලැබුණු කාලේ  ඒ කියන්නේ 2000 වගේ කාලේ මම මේ නම් දෙක සර්ච් කරා. විශේෂ සර්ච් එන්ජින් එකකින්. ඒ කොපර්නික් ඒජන්ට් කියල. ඒකෙ තියෙන විශේෂත්වය තමයි, සර්ච් එංජින් දහයකට වැඩි ගණනකින් සර්ච් කරලා ප්‍රථිපල ලැබ දෙන එක. ඒ විතරක් නොවයි ඊ-මේල් ලිපිනයන් පවා ලබා ගන්න පුළුවන්. මට හම්බ වුනා මේකේ එක පාර්ෂව කාරයකු වූ ටෝනි ලුවිස් මහතාගේ ඊ-ලිපිනය(ටෝනි ලුවිස් කියල ක්‍රිකට් විස්තර විචාරකයෙකුත් සිටිනවා. මේ ඔහු නොවේ) ලැබුනා. මා ඔහුගෙන් විමසා සිටියා එහි සමීකරණය ලබා දෙන ලෙස ඒ වෙනුවෙන් මෘදුකාංගයක් නිර්මාණය කරන්න. එහෙත් ඔහුගේ පිළිතුරින් අවශ්‍ය නම් "CODA" නමැති මෘදුකාංගය මිලදී ගන්නා ලෙස දන්වා තිබුනා. මා එතනින් පසු ඒ පිලිබඳ ඔහුත් සමග සාකච්චාවට ගියේ නෑ. 

මේ මගින් ඉතිරිව ඇති කඩුලු සංඛ්‍යාව සහ ඕවර සංඛ්‍යාව සම්පත්(Resources) ලෙස ගෙන ගණනය කිරීම කරනවා. යම් තරගයකට වර්ෂාව මගින් බාදා වූවා නම් (ඇත්තටම මෙය වර්ෂාව සඳහා පමණක් සීමා කර ගත යුතු නෑ. හිතන්න විදුලි ආලෝකය ඇණහිටියා කියලා. ඒ වෙනුවෙන් වුනත් මෙය යොදා ගන්න පුළුවන්. නමුත් ඒ ගැන සඳහනක් නෑ) ඕවර කියන එක සම්පතක් අහිමි වනවා. එවිට අර ඉතිරිව තිබෙන කඩුලු ප්‍රමාණය අනුව ඔවුන්ට රැස් කල හැකි ලකුණු ප්‍රමාණය තමයි මේ දෙදෙනා වගු ගත කරලා තිබෙන්නේ. ඇත්තටම එය පහුගිය තරග වල ලකුණු සංඛ්‍යා සලකා බැලීමෙන් පසුව සිදු කරන්නක්. මෙම වගුව ගණනය කිරීමේදී ඔවුන් එක්තර ලකුණු ප්‍රමාණයක් මුලික(Base) ලකුණු ප්‍රමාණය ලෙස ගන්නවා. මුලින්ම මෙය 225ක් ලෙස ගත්තත් දැන් 250ක් ලෙස සලකනු ලබනවා. ඒ කියන්නේ තරගයක් සාමාන්‍ය විදියට ක්‍රියාත්මක වුවහොත් ලාබා ගත හැකි ලකුණු ගණන. පහල පින්තුරයනේ පෙන්නේ ඒ වගේ ලකුණු ලබා ගැනීමක ප්‍රස්තාරයක්



තරගයකට වර්ෂාවෙන් බාදා වන අවස්ථාව මෙම ඉලක්ක ගණනය කිරීම සඳහා ඉවහල් වනවා. තරගය පටන් ගන්න ප්‍රථමයෙන් වර්ෂාව නිසා යම් කාලයක් හානි වුවා නම් කණ්ඩායම් දෙකෙන්ම ඕවර ප්‍රමාණය අඩු කර තරගය ආරම්භ කරනවා. නමුත් මේ ක්‍රමය උපයෝගී කර ගන්නේ තරගය ආරම්භ වූ පසු සිදු වන බාදා නිසා පන්දුවට පහර දෙමින් සිටින කණ්ඩායමේ ඉනිම සාධාරණිකරණ කරන්න. අතර මැදදී මේ හානිය සිදු වුවා නම් පහත දැක්වෙන අකාරයේ ප්‍රස්තාරයකින් එම ඉනිම දක්වන්න පුළුවන්.


මෙහි කඩ ඉරි වලින් දැක්වෙන්නේ ඉනිමේ වර්ෂාව නිසා හානි වූ කාලය යයි සිතුවොත්, මේ ගණිතඥ මහතුන් දෙදෙනා යෝජනා කල ක්‍රමය අනුව, තරගයට වැස්සෙන් බාදා වනවිට ඉතිරිව තිබු කඩුලු සංඛ්‍යාව  ට අනුව පෙන්වන එම ඕවරයට අදාළ වගුවේ අගය සහ යලි තරගය පටන් ගන්නා විට තිබෙන අගයෙහි වෙනස ඕවර සංඛ්‍යාවෙන් වැඩි කර තරගයට හානි නොවුවානම් ලැබිය හැකි ලකුණු ගණන ගණනය කරනවා. දෙවන ඉනිම සලකා බැලුවත් මේ වගේමයි. දෙවනුව පහර දෙද්දී වුනත් ඒ ක්‍රමයටමයි ගණනය සිදු වන්නේ. 

මේ ක්‍රමය විලම්භීත ඉලක්ක ලබා දුන අවස්ථාද නැත්තේ නෑ. මෙහි විවිධ අඩුපාඩු පසුව හඳුනා ගත්තා. එහෙත් ඒ වනවිට තිබු දල ලකුණු වේගය(1996 ලෝක කුසලාණයේදී) හෝ ඊට පෙර තිබු පලදායී නොවූ ඕවර පිටු දකින ක්‍රමයට සාපේක්ෂව මෙම ක්‍රමය ඉතා හොඳ එකක්. ඇත්තටම අද ක්‍රීඩාංගණයේ තිබෙන තරගයක් නරඹන්න ගිය විට මා නිතැතින් ලකුණු පුවරුවේ තිබෙන මෙම ඩක්වර්ත්-ලුවිස් ඉලක්කය දෙස බලා සිටිනවා. ඒ මගින් තරගය ගමන් ගත යුතු මාර්ගය තීරණය කර ගත හැකියි. විශේෂයෙන්ම දෙවන ඉනිම ක්‍රියාත්මක වන විට. 

ඔබ දැන් කල්පනා කරනවා ඇති අද මේ ලිපිය මගින් මා සාකච්ඡා කරන්න යන්නේ මෑතකදී අයි.සී.සියේ අවධානය දිනා ගත ඉන්දීය ඉංජිනේරුවකු වන ජයදෙවන් යෝජනා කල ක්‍රමය ගැන කියලා. නමුත් නැවතත් මාතෘකාව බලන්න කරුණාකරලා. මෙය ජයදෙවන් නොවෙයි ජය ධර්ම. මොකක්ද මේ ක්‍රමය. මේ ක්‍රමයත් එක්තරා විදියකින් ඩක්වර්ත් ලුවිස් ක්‍රමය වගේ එකක් කියල මට තේරිලා දැන් දවස් දහයකට වඩා නෑ. 

ජය-ධර්ම කියන්නේ මේ ක්‍රමය හදන්න මුලික වුන දෙදෙනාගේ වාසගම් වල මුල් කොටස් එකතු කරලා හදපු එකක්. මේ දෙන්නාම වැඩ කරන්නේ මේ මගේ සේවාස්ථානයේ. දැන් ඔබට හිතෙන්න පුළුවන් සුදීකය ඔච්චර ක්‍රිකට් ගැන පම්පෝරි ගැහුවට ඊට වඩා පොරවල් ඉන්නවනේ ක්‍රිකට් නොගහන, ඒකා වැඩ කරන තැනම කියලා. වරදක් නෑ එහෙම හිතුවට. නමුත් මේක ක්‍රිකට් සම්බන්ධ දෙයක් නොවේ. දැන් ඔබ හිතයි මේකා අපේ කාලයත්, දත්ත ප්‍රමාණයකුත් කාල මොකක්ද කියන්න හදන්නේ කියල. ඔය ඉවසල හිටියා වගේ මේ ටිකත් කියවලම යන්නකෝ. ඔන්න මම පොරොන්දු වෙනවා ඩක්වර්ත්-ලුවිස් සහ ජයදෙවන් ක්‍රම ගැන වෙනම පොස්ට් එකක් ලියන්න උදාහරණත් එක්ක.

මම වැඩ කරන තැන මේ වනවිට ඔබ දන්නවා. එතන නිසි උසස් වීම් ක්‍රමය තිබුනේ නෑ. අයි.සී.සී.යට වගේ. පසුව කාටත් පිළිගන්න පුළුවන් උසස් වීම් ක්‍රමයක් හැදුවත්. එය හදන්න ගතවූ තුන් අවුරුදු කාලය තුල සහ පැරණි ක්‍රමය නිසා සේවකයන්ට සිදු වූ හානිය නැති කරන්න තමයි මේ ක්‍රමය යෝජනා කලේ. එය බාර දුන්නේ මගේ දෙපාර්තමේන්තුවේ තරමක් පැරණි ඒ වගේම නොයෙක් දේවල් යෝජනා කරපු පුද්ගලයෙක් වන ධර්මරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමකට. එය හඳුන්වාදුන්නෙත් ෆෝමියුලා එක වශයෙන්. ඉතින් නොයෙකුත් වාද-විවාද හැල හැප්පීම් මත මේක හදල ඉවර කළා. මෙකට දායක වූ අනෙක් කෙනාගේ වාසගම ජයසුන්දර. දැන් ඔබට තේරෙනවා මම මේ නම යෝජනා කලේ ඇයි කියලා. ඉතින් මේකෙන් කලේ ඕනෑම සේවකයෙක් තමන් සේවයට බැඳුන දිනයේ සිට මේ අලුත් උසස් වීම් ක්‍රමය තිබුණානම් දැන් සිටිය යුතු තත්වය තීරණය කිරීම. ඒකට දායකත්වය දුන්න දෙවනියා තමයි මේකට මෘදුකාංගයක් හැදුවේ. ඒ මගින් සේවය කල වසරක් තමයි සම්පතක් ලෙස සැලකුවේ, අනෙක් ඒක ඒ වනවිට තිබෙන ශ්‍රේණිය. එතකොට මේක හරියටම ඩක්වර්ත් ලුවිස් වගේමයි. හැබැයි මේකට කැමති වගේම අකමැති පාර්ශවත් හිටියා. අකමැති ප්‍රමාණය වැඩි නිසා එය කඩාකප්පල් වුනා. එහෙම නොවුනානම් සුදීකයත් අද ලොකු තැනක.  :) සමහරවිට බ්ලොග් ලියන එකක් නෑ. මෙතැන වාද විවාද වුනේ වැඩ කරපු අවුරුද්දකට ලැබෙන ලකුණු ගණන නැත්නම් අවරුදු ගැන ගුණ කරන ඉලක්කම මොකක්ද කියලා. මේකෙදි 0.25, 0.35 වගේ අගයන් දාල හදල බලල තිබෙනවා අර සමීකරණයට. කරුමයකට බොහෝ වෙලාවට මේ සඳහා උදාහරණ ලෙස අරගෙන තිබෙන්නේ සුදීකයව. -:(


ප:ලි: ධර්මරත්න මහත්තයට සමහර අය "සූත්තර පුංචා" කියල නැති තැන කියලත් තියෙනවා.

මට මේ කිසිත් නොදැනේ - ඒ මා රොබෝවකු වන බැවිනි.

පින්තුරය : gmv.com
රොබෝ තාක්ෂණය අද ලෝකය පුර ප්‍රචලිතය. රොබෝවරු බොහෝ දේ කරති. එහෙත් කිසිවක් බලාපොරොත්තු නොවෙති. ඒ ඔවුන් රොබෝවන් වන නිසාම පමණක් නොව ඔවුන්ට හැඟීම් දැනීම් නැති නිසාය. ඔවුට විඩාව දැනේනේ නැත. ඔවුන්ට වෙලාව ගැන අවුබෝධයක් නැත. අව්ව වැස්ස රෑ දහවල පිලිබඳ ඔවුන්ට නිනව්වක් නැත. රොබෝවරු තරහ හෝ කේන්ති ගන්නේ නැත. ඔවුන් හිනා වන්නේද නැත. ඔවුන් අඬන්නේද නැත. කොටින්ම මනුෂ්‍යයන් වන අපට ඇති කිසි ප්‍රශ්නයක් ඔවුන්ට නැත. කලක් ලෝක සත්වයා බොහෝ සෙයින් බිය වූයේ දිනක රොබෝවන් අප යටත් කර ගනු ඇති යන්නයි. ඒ ගැන බිය නොවන්න. ඒත් ඔවුන් දන්නා එක දෙයක් ඇත. ඒ ඔවුන්ට දෙන ලද උපදෙස් පිලි පැදීමයි.  කෙනෙක් කිසිම හැගීමක් දැනීමක් නැති ආකාරයට සිටින විට ඔහුව/ඇයව රොබෝවන් යයි හඳුන්වනවා මා දැක ඇත. එහෙම මිනිසුන් සිටිති. ඔවුන්ට මොංගල් යයි කෙනෙක් කියති. එහෙත් මේ මා කියන්නට යන්නේ එවැනි අයෙකු ගැන නොවේ. ලෙයින්-මසින් සැදුන, හැඟීම් දැනීම් ඇති රොබෝවෙක් ගැනය. 

බොහෝ රොබෝවන් මේඩ් ඉන් ජැපෑන්ය. එහෙත් මේ රෝබෝවා මේඩ් ඉන් ශ්‍රී ලංකාය. මට දැනෙන්නේ මගේ වටපිටාවේ අය මා රොබෝවකු සේ සලකා වැඩ කරනවා යන්නයි. මමද බොහෝ දේ කරමි. ඒ මා රොබෝවකු වන බැවිනි. එහෙත් කිසිවක් බලාපොරොත්තු නොවෙමි. ඒ මා රොබෝවකු වන බැවිනි. මට විඩාව දැනේ.  ඒ මා රොබෝවකු වන බැවිනි. මට වෙලාව ගැන අවුබෝධයක් නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. අව්ව වැස්ස රෑ දහවල මට හොඳින් දැනේ. එහෙත් එය නොදැනෙන ගානට සිටිමි. ඒ මා රොබෝවකු වන බැවිනි. මට තරහා, කේන්තියඑන්නේ නැත.  ඒ මා රොබෝවකු වන බැවිනි.ලෝකයා ඉදිරියේ මා සිනාසෙමි. ඒ මා රොබෝවකු වන බැවිනි. හොර රහසේ මා හඬමි. ඒ මා රොබෝවකු වන බැවිනි. මා කාටවත් අභියෝගයක් වන්නේ නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. එහෙත් ඔවුන්ට මා අභියෝගයක් සේ පෙනී ඇත. ඒ මා රොබෝවකු වන බැවිනි.  

 බිරිඳක් විසින් උදේට තේකක් හදා සැමියාට දෙනු  දැක ඇත්තෙමි. එවැනි අවශයතා මටද නොදැනේ. ඒ මා රොබෝවකු වන බැවිනි. බිරිඳකගේ සෙනෙහස සැමියකුට අවශ්‍ය වේ. එහෙත් සෙනෙහස මට අවැසි නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. මට වතුර එකක් ගේන්නයි බොහෝ සැමියන් තම බිරිඳට කියයි. මට වතුර අවශ්‍ය නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. බිරිඳ සැමියාගේ රෙදි සෝදා, මැද දෙයි. මට ඇඳුම් අවශ්‍ය නැත. මදින්නටද අවශ්‍ය නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. ලෙඩක් දුකක් ඇති වූ විට බිරිඳ සැමියාගේ ලඟින් සිට සුව දුක් සොයා බලයි. එහෙත් මට එවැනි දෙයක් අවශ්‍ය නොවේ. ඒ මා රොබෝවකු වන බැවිනි. බිරිඳ හා සැමියා තුරුළු වී නිදා ගනී. මට එවැනි දෙයක් අවශ්‍ය නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. බොහෝ පිරිමින්ට බිරිඳක් අවශ්‍ය වේ. එත් මට බිරිඳක් අවශ්‍ය නොවේ. ඒ මා රොබෝවකු වන බැවිනි.

ඕනෑම කෙනෙකුට තමන්ගේ හිතේ ඇඳි පෙම්වතියක් ඇත. මට එහෙම අයෙක් අවශ්‍ය නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. බොහෝ අය ප්‍රේමය පතා ලඳුන් වෙත තම අදහස් ඉදිරිපත් කරති. මට එසේ ප්‍රේම වදන් මුමුණන්නට අවශ්‍ය නොවේ. ඒ මා රොබෝවකු වන බැවිනි. මා එසේ ප්‍රේමය යැද්දත්, "මුට ප්‍රේම කරන්නට හැකිදැයි" ඔවුන් සිතයි. ඒ මා රොබෝවකු වන බැවිනි. මාද ප්‍රේමය පතා යුවතියන්ට ඇවිටිලි කලෙමි. එහෙත් "රෝබෝවෙකුට මම පෙම් කරන්න" යයි ඇය සිතන්නට ඇත. ඒ මා රොබෝවකු වන බැවිනි.රෝබෝවා පෙම් කල අය, රෝබෝවා දන්නා අය සමගම පෙමින් වේලි සිටිනු දැකීමෙන් රෝබෝවා කම්පා නොවේ. ඒ මා රොබෝවකු වන බැවිනි.

සමහරුන්ට ඔෆිස් වැඩ කරන විට ඇති වන ගැටළු වලට විසඳුම් සොයා ගැනීමට මා නිතරම අවශ්‍ය වේ. ඒ මා රොබෝවකු වන බැවිනි. එවැනි විටක ස්තුති කරන්නට අවශ්‍ය නොවේ. ඒ මා රොබෝවකු වන බැවිනි. මට අනිත් අයගේ උපකාර අවශ්‍ය නොවේ. ඒ මා රොබෝවකු වන බැවිනි. බොහෝ දෙනාගේ දුක කියන්නට මා තෝරාගෙන ඇත. ඒ මා රොබෝවකු වන බැවිනි. එහෙත් මගේ දුක කියා දෙයක් නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. අනිත් අයට බඩගිනි වූ විට අහර අවශ්‍ය වේ. එහෙත් මට එවැනි අවශ්‍යතා නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. එකට හිඳ කෑම කන විට මගේ පිඟානට කෑමක් දමන්නට අවශ්‍ය නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. තමන්ගේ සී. වී. එක මා ලවා නිවැරදි කරවා ගන්නා අය ඇත. ඒ මා රොබෝවකු වන බැවිනි. මට සී. වී. එකක් නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. ඔවුන් ටිකට් පත් ගෙන ආ විට මා මිලදී ගත යුතුය. ඒ මා රොබෝවකු වන බැවිනි. මා එවැනි ටිකට් පත් ඔවුන් වෙත ගෙන යායුතු නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. මිනිසුන්ට චිත්‍රපට ශාලාවට ගොස් චිත්‍රපට නැරඹීමට අවශ්‍ය වේ. මට එවැනි අවශ්‍යතා නැත. ඒ මා රොබෝවකු වන බැවිනි.

මා අනිත් අයගේ වැඩ කරන විට, බඩගිනි දැනිය යුතු නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. කාගෙන් හෝ අසාධාරණයක් මට සිදු විනි නම් ප්‍රශ්ණයක් නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. ඔයා අරෙහෙම කරේ ඇයිදැයි බොහෝ දෙනා මගෙන් විමසයි. ඒ මා රොබෝවකු වන බැවිනි. මා ඒවාට උත්තර දිය යුතු නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. අනිත් අයට නින්ද ප්‍රශ්ණයක් වුවාට මට එසේ නොවේ. ඒ මා රොබෝවකු වන බැවිනි. අනිත් අයට නිවාඩු අවශ්‍ය වුවාට මට නිවාඩු අවශ්‍ය නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. අනිත් අයගේ ගැටළු වලට මා ළඟ විසඳුම ඇත. ඒ මා රොබෝවකු වන බැවිනි. මගේ ප්‍රශ්න කියා දෙයක් නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. මගේ දුරකථනය අනෙක් අයට විවෘතව තිබිය යුතුය. ඒ මා රොබෝවකු වන බැවිනි. එහෙත් මා ඔවුන්ට කෝල් කල යුතු නොවේ. මැසේජ් යැවිය යුතු නොවේ. ඒ මා රොබෝවකු වන බැවිනි.  මා අනිත් අයගේ උපන්දින මතක තබා ගත යුතුය. ඔවුන්ට සුබ පැතිය යුතුය. ඒ මා රොබෝවකු වන බැවිනි. බොහෝ අයට දුරකථන අංක හොයා ගැනීමට මා අවශ්‍ය වේ. ඒ මා රොබෝවකු වන බැවිනි. සමහරුන්ට ගූගල් සර්ච් කිරීමටද මා අවශ්‍ය වේ. ඒ මා රොබෝවකු වන බැවිනි. 

කාර්යාලයේදී මා වැඩ කරමි. ඒ මා රොබෝවකු වන බැවිනි. මට ප්‍රමෝෂන් අවශ්‍ය නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. මට වැටුපක් ගෙවයි. ඒ මා රොබෝවකු වන බැවිනි. මට පඩි වැඩි වීම් අවශ්‍ය නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. මට බොහෝ අය ඉරිසියා කරති. ඒ මා රොබෝවකු වන බැවිනි. මා වලේ වැට්ටීමට බොහෝ අය උනන්දු වෙති. ඒ මා රොබෝවකු වන බැවිනි. මා මාරු කර යවයි. ඒ මා රොබෝවකු වන බැවිනි. 

ඒත් මට මිනිසකු ලෙස සලකන බොහෝ දෙනෙක්ද ඇත. ඔවුන්ට මගේ ප්‍රණාමය හිමි විය යුතුය. 

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...