අපේ සමාජයේ පුරුද්දක් තියෙනවා මිනිස්සු කරන රස්ස්වල් වලට "කාරයා" කියන විශේෂණ පදය එකතු කරලා පාන්කාරය, මාලුකාරය, කිරිකාරයා, පත්තරකාරය වගේ වචන වලින් ඒ අය නැති තැන ආමන්ත්‍රණය කරන්න. සමහර අය නිපුනතා දක්වන ලද ක්ෂේත්‍රයට පවා මේ "කාරයා" කොටස එක් කරමින් තනා ගත වචන සමාජයේ භාවිතා වෙනවා. සී.ඒ.එස්. කාරය, බී.ඒ. කාරය, එම්. ඒ, කාරය, පී.එච්.ඩී. කාරයා, එම්.එස්.සී. කාරයා, බී.එස්.සී කාරය යනු උදාහරණ කිහිපයක් පමණයි. ආමිකාරය, පොලිස්කාරය, නේවිකාරයා කියලා හමුදාවේ සහ පොලීසියේ අය නියෝජනය කලත් ගුවන් හමුදාවේ අයට මේ කාරයා කුලයේ නමක් නෑ, අනිත් කොටස තමයි ග්රාමාරක්ෂකයන් ඔවුන්ටත් මේ කාරය නමක් නෑ.
මේ කාරයා කියන එකට දැඩි සේ විරුද්ද කාන්තාවන් කිහිප දෙනෙක්ම මට හමු වෙලා තියෙනවා. මගේ කාර්යාලීය සගයා ජනකගේ බිරිඳ වන සමන්ති එක්කෙනෙක්. එයා ඕනෑම කෙනෙකුට මහත්තයා කියල අමතන්න පසුබට වෙන්නේ නැතිලු. එතනින් නොනැවතී අනෙක් අයටත් 'කාරය' ලෙස නො-අමතන ලෙස ආයාචනා කර සිටිනවාලු. එහෙත් ඇගේ පියා පවසන්නේ කාරය යන්න අපිට බෝ වෙලා තියෙන්නේ අපේ රට පාලනය කල බටහිරයන්ගෙන් කියලා පොලිස්මන්, මිල්ක්-මෑන්, ෆිෂර්මන් ආදී වශයෙන්. එහෙත් අපේ අය මේ වචනය පාවිච්චි කරන්නේ අවඥාවට කියලයි මේ ක්‍රමය විවේචනය කරන අය පවසන්නේ. හැබැයි සමහරක් අයට මේ වගේ වචන වලින් කථා කරන්නේ නෑ. ඩ්‍රයිවර් - කාරය, කොන්දොස්තර-කාරයා, ග්‍රාමසේවක-කාරය වගේ වචන වෙනුවට ඩ්‍රයිවරයා, කොන්දොස්තරයා, ඉස්කොලේ මහත්තය, ග්‍රාමසේවක රාලහාමි කියන වචන පාවිච්චි කරනවා.
මේ ක්‍රමයට විරුද්ධ තවත් කෙනෙක් තමයි මගේ කාර්යාලයේ කාලෙකට කලින් වැඩ කරපු ලියෝනි මහත්මිය එයා ඒ කාලේ මේකට විරුද්ද වෙලා කාරය වෙනුවට "මෙයා" කියල කියන්න කියල අපිට කරදර කරා. අපිත් ඒ දවස් වල කථා කරද්දී "ඔයා බඳින්න කැමති ආමි-මෙයා කෙනෙක්ද?" කියල ඇයගෙන් අහනවා. ඒ ක්‍රමයට අනුව නම් ආමි-මෙයා, නේවි-මෙයා වගේ අපේ කටට නුහුරු වචන මාලාවක් තමයි. මේ ක්‍රම වලට ඇත්තටම අපට හුරු වෙන්න බැරි මේ වචන ඒ තරමටම ජන සමාජයේ කිඳා බැහැපු වචන නිසා.
එක් අතකින් අපි කවුරුවත් කැමති නෑ අපට මේ වගේ වචන දාල කථා කරනවට. බැංකු-කාරය, කොම්පියුටර් කාරය, ක්ලාක් කාරය, ඔෆිසර් කාරය, මැනේජර් කාරය කියාලා අපේ ඔෆිස් වල අය කවුරුවත් කථා කරන්නේ නෑ. නමුත් බාවිතාවේ පහසුවට මේ වචන යොදා ගන්නවා වෙන්න පුළුවන්. සමහරු තමන්ගේ බිරිඳට වයිෆ් කාරය කියනවා මම අහලා තියෙනවා. මස්සිනා කාරය තවත් එකක්. නමුත් හස්බන්ඩ් කාරය කියනවා අහලා නෑ. සිකුරිටි කාරය, ජේලර් කාරය, නඩු කාරය, වාර්තා කාරය මේ අතරින් තවත් කාරයන් කිහිපයක්. ඇත්තටම මේවා යොදා ගැනීමේ තහනමක් සහ විරෝධතාවයක් නෑ. සමහරුන්ගේ හැකියාව දක්වන්නත් මේ වචනය යොදා ගන්න අවස්ථා තියෙනවා. මොළකාරය, වැඩකාරයා, ගණන් කාරය, අයි.ආර්.සී. කාරය මේ අතරින් වඩාත් සුලබව භාවිතා වෙන නම්. තවත් සමහරුන්ගේ නොහොබිනා පුරුදු වලටත් මේ කාරය යොදා ගන්නවා. බඩු-කාරය, ගල්-කාරයා, කොලු-කාරය නිකම්ම මතකයට එන ඒවා.
හැබැයි සාමාන්‍ය වහරේ මේ වචනය සභ්‍ය ලෙස බාවිතා වෙනවා තරමක වෙනස් කමක් සමග. ඒ 'කරු' කියන විශේෂණය එක්ක. අණ-කරු, වාර්තා-කරු, මුද්‍රණ-කරු, අයිති-කරු,සැපයුම් කරු මේ අතරින් කිහිපයක් පමණයි. වෙලාවකට හිතෙනවා මේ "කාරයා" කියන පදය ඔය "කරු" කියන එකෙන් බිඳිලා ආපු එකක්දෝ කියල. අපි මේ කරන බ්ලොග් කරුමාන්තයේ යෙදෙන අයට බ්ලොග්-කරු කියලා අමතනවා මා දැක තිබෙනවා. හැබැයි අපේ ගීත වල පවා "කාරයා" යොදා ගත්ත අවස්ථා තියෙනවා. මේ අතරින් හිමිකාරයා, ඉරණම්කාරය මුලින්ම මතකයට එන වචන. සමහර විදේශිකයන් අමතන්නත් මේ කාරය කොටස යොදා ගන්නවා පෘතුග්‍රීසිකාරය, ලන්දෙසිකාරය, ඉංග්‍රීසිකාරය, ජර්මන්කාරයා, ඉන්දියන් කාරය, පකිස්තාන් කාරය, ඇමරිකන් කාරය. වෙලාවකට හිතෙනවා මේ කාරය කියන එක ඉංග්‍රීසි වචනයක් කෙලවරට දාන යොදා ගත්ත එකක්ද කියලත්.
වෙලාවකට පම්පොරියටත් කාරය යොදා ගන්නවා. ඉඩම්කාරය, ගනංකාරය, වැඩ කාරය(ගෙදර වැඩට ඉන්න අයටත් කියනවා), පම්පෝරි කාරය, මොළ කාරය, බස් කාරයා, වාහන කාරය, හැඩ කාරායා, විසේ කාරය, බල පුළුවන් කාරයා. මේ වචන ටික කියනකොට මතකයට එන සින්දුවක් තියෙනවා සංගීත් විජේසුරිය ගායනා කරන
බඹරා වගේ විසේ කාරය
දෙබර වගේ ගණන් කාරය
සමනලය වාගේ මම හැඩ කාරයා
මී මැස්ස වාගේ හරි වැඩ කාරය
මටනම් මේ කාරය කියන ප්‍රත්‍ය (හරිද මන්ද?..D) යොදා ගෙන භාවිතා කරන මේ වචන හරියටම හරිද නැත්නම් වැරදිද මෙහෙම කියන්නේ අවක්ඥාවටද කියල හරියටම නිනව්වක් නෑ. මෙය හරි හෝ වැරදි වේවා දැන් මේක සමාජයේ නිතර දෙවේලේ ඇහෙන කියන වචන. මේ වගේ දෙයක් එක රැයකින් වෙනස් කරනවා කියන්නේ අපහසු කාරියක්. අඩුම ගානේ ගැසට් නිවේදනයකින් හරි පාර්ලිමේන්තු පනතකින් වත් මේවා වෙනස් කරන්න බැරි දේවල්.
තව ඩින්ගෙන් අමතක වෙනවා හොඳම කෑල්ල. යු.එන්.පී. කාරය, පී.ඒ. කාරය, ජේ.වී.පී කාරය කියන පක්ෂ දෙස්පාලනේදී භාවිත වෙන ආමන්ත්‍රණ සෙට් එක. ඒ වගේමයි එල්.ටී.ටී.ඊ. කාරයා. ඒගොල්ලොත් එක්තරා විදියක දේශපාලන කොටස් කාරයේ ටිකක් නේ. ආහ් ! කොටස් - කාරය එතනත් මේ කාරය තියෙනවනේ. දැන් බලාගෙන යනකොට මේ කාරයා නැති තැනක් නෑනේ.
අපි මෙච්චර වෙලා කථා කලේ අපි විසින් අනුන් හඳුන්වන්න යොදා ගන්න භාවිතා කරන "කාරයා" දාපු වචන ගැන. ඒත් තමන්ව අමතන්න තමන්ම "කාරයා" දා ගත්ත අයත් අපේ මේ බ්ලොග් ලෝකේ ඉන්නවා. මට වගේම ඔයාලටත් මතකයට එන්න ඇති
"කතන්දර-කාරයා"
පට්ට පට පට ආර්ටිකල් එකක්. ඇත්තටම කාරයා කියන වචනේ අපේ සමාජයත් එකක්ම බද්ද වෙලා කියලයි මකල්ට හිතෙන්නේ ඉස්කෝලෙ යන කාලේ දී භාවිතා කරපු සර් කාරයා හොදටම මතකෙට එක කාරයෙක්.
ReplyDeleteඇත්තටම බාසාවත් හරිම අපූරුයි
ReplyDelete@මකල්
ReplyDeleteබොහෝම ස්තුතියි. ඇයි කැන්ටින් කාරය?
@Loku John
ReplyDeleteආයිත් අහල.
ඇයි බං බොරු සාක්කි කාරයෝ අමතක උනාද අර අටං කාරයා, අර කූණු හරප බ්ලොග් එකකූයි මැසින් ගැනයි ලියන මැසින් කාරයා.එතකොට අර jvp කාරයා, අම්මෝ තව පොඩ්ඩෙන් අමතක වෙනවා කතන්දර කාරයා, එතකොට අර -ල් කාරයා, ඇයි අර සිකුරුටි කාරයා, මඩ ගහන චිත්‍ර කාරයා,
ReplyDeleteඒ ඔක්කොමත් හරි අර ආමී කාරයා( පොර නං හෙන ගණිත කාරයා )
ඒ කොහොම වෙතත් උඹ නං බොරු සාක්කි කාරයා
http://nihalw.wordpress.com/2012/01/24/%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba%e0%b7%8f/
ReplyDeleteAi, bar karaya, malu karaya, tuition karaya, paththara karaya
ReplyDeleteකොන්දොස්තරට කොන්දොස්තරයා කියල නෙවෙයි කියන්නේ. කොන්දා කියලා. ග්‍රාමරක්ෂකට ගම්බට්ටා....
ReplyDeleteමොනවා උනත් අමතක උන එකක් තියනවා... "බ්ලොග්කාරයා"
ලගදි අටපට්ටම බැලුවද?
ReplyDeleteඇයි "එක"! බස් එක, කාර් එක, ටේන් එක, ඔෆිස් එක, කැම්පස් එක ........
ReplyDeleteදවසක් සුද්දෙක් අපේ රටට එන්න කලින් මෙහෙ කාලයක් හිටපු යාලු සුද්දෙක්ගෙන් ඇහැව්වලු "සිංහල දන්නේ නැතුව මම අමාරුවෙ වැටෙයිද කියලා?"
යාලු සුද්දා කිව්වා " බය වෙන්න එපා. හැම ඉංග්‍රීසී නාම පදයකටම පස්සෙ "එක" කියලා දාලා කතා කරපන්" කියලා
මේ පෝස්ටුව කියවනකොට මට මතක් වුනේ මීට අවුරුදු කීපයකට කලින මහාචාර්‍ය ජේ.බී දිසානායක මහත්තයා දිවයින පත්තරේ මීවිත කියන කොටසට සතිපතා මේ වගේ ලිපියක් ලියනවා. නම නම් අමතකයි.ඇත්තටම මට නම් හිතෙන්නේ අපි කාරයා කියන වචනෙ පාවිච්චි කරන්නේ එහෙම කාවවත් පහත් කරලා සලකන්නම නෙමෙයි කියලයි. ඒක තීරණය වෙන්නේ ඒ වචනෙ යොදාගන්නා අවස්තාව අනුව. හොද පෝසටුවක් .
ReplyDeleteමං ලියපු කතන්දරයකට දාපු නමක්.
ReplyDelete"බැංකුකාරයෝ ලෝක අමාරුකාරයෝ"
This comment has been removed by the author.
ReplyDelete@Kathandara Karayaමේ තියෙන්නේ සාක්ෂිබැංකු කතා අපිත් කතන්දර 'කාරයා' වගේ පොඩි ලින්ක් එකක් දැම්මම මොකෝ
ReplyDeleteභාවිතයන් වෙනස් කිරීම එතරම් ලේසි පහසු නෑ.සාමාන්‍ය භාවිතය තුල හැකි තරම් අදාල පාර්ශවයන් අපහසුතාවයට පත්නොවන විදිහට වචන භාවිතය වැදගත්. උදාහරණයක් විදිහට ආමිකාරාය යන්න ආමි එකේ කෙනෙක් යනුවෙන් භාවිතා කිරීම යෝග්‍යයි. ආමි මෙයා යනුවෙන් භාවිතා කිරීම නම් තනිකරම බොලද වැඩකි. මෙවැනි ගැටළු ලේඛන කලාව තුල නම් පැන නොනගියි
ReplyDelete@lakmal kandevidane
ReplyDeleteඅටමක්කාරය පරිස්සමෙන් හිටපන්.
හස්බන්කාරය කිවනම් දුකක් නෑ, මුන් කියන්නෙ "හස්-බණ්ඩ" කියල.
ReplyDeleteනියම ලිපියක්.... මම නම් හිතන්නේ "කාරයා"කියන්නේ ක්‍රියාව කරන පුද්ගලයාටයි....මම හිතන්නේ ඔය "කාරයා"කියන වචනය එන්න ඇත්තේ පෘතුගිසින්ගෙන් වෙන්න ඔනේ..."පෘතුගිසි වාසගමක් තියෙනව "කොරය"කියල ඔය වචනය පසු කාලිනව කාරය වුනාද දන්නේ නැහැ....
ReplyDelete@Anonymous
ReplyDeleteඔයාගේ ලින්ක් එකෙන් ගිහින් බැලුවා. හොඳ ලිපියක්.
@Anonymous
ReplyDeleteබාර් කාරය විතරයි මිස් වෙලා තියෙන්නේ.
@මිස්ටර් හයිඩ් Mister Hyde
ReplyDeleteඅටපට්ටම. හුඟ කාලෙකින් බැලුවේ නෑ. ඒත් මේ වගේ ඒවා ඒකෙ නිතරන යනවා තමයි.
@විසිතුරු
ReplyDeleteඔයාගේ කමෙන්ට්-එක හරි ෂෝක්. ඇත්ත කතාව.
@රතු රජරට
ReplyDeleteඔව්. ප්‍රසිද්දියේ කියන කාරයා වචන තමයි වමත් කාරයා, දකුණත් කාරය වගේ ඒවා.
@Kathandara Karaya
ReplyDeleteමටද කිව්වේ ?
@ගවේෂක
ReplyDeleteඔහොම කියන්න කියල මුලින්ම කිව්වම අපිටත් මාර හිනා. ඒත් එයා එතන මතු කරපු කාරණය ගෞරවය.
@ගවේෂක
ReplyDeleteඑයාට කිවිය යුතු වචන ගැන අදහසක් නැති වුනත්, එයා කිව්වේ "කාරය" කියන එක හරි නැහැ කියල.
@දූපත් වැසියා
ReplyDeleteකරුමේ, කරුමේ.
@Kushi
ReplyDeleteඔයා කියන කතාව ඇත්ත නම් පෘතුග්‍රීසි කාරයව හැම ගහන්න ඕනේ. :D
කාරයා යන්න බොහෝවිට අදාළ කාර්යය කරවන්නා කියන අර්ථයෙන් තමයි යෙදෙන්නේ. අවඥා ස්වරුපයෙන් යොදාගැනීම නිසා තමයි මෙය නාම පදයක් ලෙස යොදා ගැනීමට නොහැකි වන්නේ.
ReplyDeleteඅර ඔබේ මිතුරිය මෙයා කියන පදය යෙදුවේ එහි සිංහල අර්ථයෙන්ද නැත්නම් ඉංගිරිසි අර්ථයෙන්ද? mare? :D
අසමි දකිමි සොයමි ලියන විචාරක
@විචාරක Wicharaka
ReplyDeleteමගේ මිතුරිය මෙයා කියන්නේ සිංහලටත් නැති ඉන්ගිරිසියටත් නැති අර්ථයකින්. අපේ සමහර කට්ටිය 'මෙයා' කියන්නේ ස්ටයිල් එකට නම දන්නැති අය ආමන්ත්‍රණය කරන්න.
..කපූර්ණිකාව ලියන උන්නැහේගෙන් අහුවානම් ...කාරයා කියන එක හැදිච්ච විධිය .. මොකක් හරි අටපට්ටම් උත්තරයක් දෙයි...
ReplyDeleteoyanama mara sira karayek patta kathawak liyala. godak alankareta liyala .
ReplyDeleteman nam kaaraya kiyana eke wereddak dakinne ne. Ehema kiwwama apita 100%k pehedili adahasak enawa onama kenek gena.
ReplyDeleteMan nam hithanne "kaaraya" kiyana wachane hadenne "karu"(karanna) kiyana wachanen kiyala.
Mehekaru= mehe kaaraya
Kammalkaru= kammal kaaraya
e wage pudgalayek namin nethuwa wenath wishesha deyak yodagena handunwanakota kaaraya kiyana eka wedagath. Ethana handunwanne e pudgalayage rekiyawa sambanda karala nam ethanta "karu"ehema nethnam "kaaraya" kiyana wachane godak gelapenawa. Nadu kaarayoth, kudukaarayo, rasthiyadu kaarayo godatama wetenawa wage dewal me nisa wenawa. Ekane godak aya akamathi.
Athi athi dan. Nethnam kiyai desh hena kaiwaru kaarayek kiyala.
Amathaka una. Ne kiwwata "air force kaarayo" innawa hode.
අටපට්ටමට හොඳයි..... හි හි.. එතකොට මතක් උනේ.... ආ ඇයි.... හසන්ත කාරයා....
ReplyDeleteමරු පොස්ට් එක....
මටත් හිතෙන්නෙ අර විචාරක කියන විදියට වෙන්න ඕනේ මේක හැදෙන්න ඇත්තේ කියලා...
@kandyan
ReplyDeleteමමත් මේ බලාගෙන ඉන්නේ එතුමා මොනවද කියන්නේ කියල.
@Anonymous
ReplyDeleteබොහොම ස්තුතියි ඇනෝ.
@desh දේශ්
ReplyDeleteඔයාගේ දීර්ඝ විස්තරයට ස්තුතියි. අහ්` එයාර් ෆොස් කාරයොත් ඉන්නවා නේන්නම්. එතකොට මතක් වුනේ මිලිටර්ය් පොලිස් කාරයෝ.
@හිරු
ReplyDeleteඔයාල දන්නවන හොඳටම හිනා වෙයි. ඉස්සර මිනිස්සු අහල තියෙනවා ඔයා හසන්තගේ කවුරු හරිද කියලා. දවසක් බීපු මිනිහෙක්ගෙන් බේරෙන්නම බැරි වුනා නේ. පස්සේ මම හෙයාර් ස්ටයිල් එක වෙනස් කරා. බොහොම ස්තුතියි.
ඇත්තටම ලස්සන පෝස්ටුවක්... මේ වගේ වෙනස්ම ආකාරයේ දේවල් ලියැවෙනවා නම් බ්ලොග් ලෝකය ගොඩාක් සුන්දර තැනක් වේවි...
ReplyDeleteඒක නෙමෙයි ගල් කාරයො වගේම කොලු කාරයොත් මේක කියවනවා ඇති... නේද ?
නියමයි..
ReplyDelete//නමුත් හස්බන්ඩ් කාරය කියනවා අහලා නෑ//
මම නම් අසා ඇති බව විශ්වාසයෙන් කියමි :)
සුදීකත් හොද් කතා කාරයෙක් වගේ
ReplyDelete@සිරාගෙ කාමරේ
ReplyDeleteබොහොම ස්තුතියි. ඔව් ඔව් ඒ අයත් මේ සමාජයේම කොටස්නේ.
@සයුරි
ReplyDeleteබොහොම ස්තුතියි. අනේ .. එහෙම කියන අයත් ඉන්නවද ? ඒ මහත්වරුන්ට දෙවි පිහිටයි.
@මුදියන්සේ
ReplyDeleteබොහොම ස්තුතියි. අනිත් කථා ටිකත් කියවලා බලන්න. කෙටිම කෙටි ලොල් කථා සීරීස් එකට ඔයා කැමති වෙයි.
ඔය පොලිස්කාරයා කියන එක රටේ උත්තරීතරම තැන ප්‍රධානම මනුස්සයා කිව්වා නොවැ. මතකද අයියා ගිය අවුරුද්දේ කොහෙදෝ අය වැය කියවද්දී අසරණ සරණ ඇමතිතුමා වතුර බෝතලයක් විසි කරලා ජනාධිපති උතුමාගේ ඇඟේ වැදිලා ඒ උතුමා ඒ වෙලාවේ කිව්වා "පොලිස්කාරයින්ට බලන්න කියන්න" කියලා
ReplyDeleteමේ පැත්තේ මීට කලින් ආව කියලනම් නිච්චියක් නැහැ නමුත් ලිපියනම් පංකාදු වටිනා ලිපියක්. එකෙන්ම හිතට ඇල්ලුවා. ආයෙම එන්නම් කෝ මේ පැත්තේ නිවාඩු පාඩුවේ කතාටික ඔක්කොම කියවල යන්න.
ReplyDelete@Hasitha
ReplyDeleteඒ තරමටම ඒක ජන සමාජයේ කිඳා බැහැල. වැඩේ තියෙන්නේ අපිට පොලිස් නිළධාරියාගේ මුනට ඕක කියන්න බැරි එක.
ඔය කාරයා කියන වචනේ ඇත්තටම කැතයි... ඒත් භාවිතා නොකරම බැරි අවස්ථාත් නැතුව නෙවෙයි... ඕය වචනේ එක දවසින් වෙනස් කරන්න බැරි දෙයක් වුණාට වුවමනාවක් තියෙනවනම් එක පරම්පරාවකින් වෙනස් කරන්න පුලුවන්... මෙයා කියන එකත් ලස්සණයි තමා...
ReplyDelete@අළුත් මල්ලි : Shan Dissanayake
ReplyDeleteඔයා කියන කතාව ඇත්ත ඔය සීට් බෙල්ට් දාල දන් යස අගේට යන්නේ.
අලුත් ලිපිය බලන්න ආවෙ. කෝ තාම දාල නැහැනෙ
ReplyDeleteමරු !
ReplyDelete