පිලිගන්නවානම් පිලිගන්න, ඉදිරි දශකයේදී සහ ඉන් ඔබ්බට මිනිසුන් ඔවුන්ගේ කනෙහි රුවාගෙන සිටින ඉයර්බඩ් කලාතුරකින් කනෙන් ඉවතට ගනු ඇත. ඇල්ෆා පරම්පරාව සහ ඉන්පසු එන පරම්පරා එකිනෙකා සමග ජංගම දුරකථනය සමග සම්බන්ධ නොවී, තමා ඉදිරියේ සිටින කෙනා සමග කථා කරනු ඇත. එහෙම වෙන්නේ කොහොමද ? අපි 1988 පරිගණක පාවිච්ච්චි කරණකොට හිතුණේ නෑ, කවදාහර් අතේ බඳින ඔරලෝසුවක්, ජංගම දුරකථනයක් ඒ කොම්පියුටර් වගේ සියදහස් ගුණයකින් බලසම්පන්න වේවි කියලා. ඒ වගේම අපි පොඩිකාලේ හිතුවේ නෑ වතුර සල්ලිවලට ගන්න වේවි කියලා. අනපේක්ෂිත දේවල් සිදුවෙනවා ඇස්පනාපිට.අන්න ඒ වගේ මේ ඉයර්බඩ් පවර්ෆුල් වෙනවා. ඒවා ෆෝන් නැතිව පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. දැනටමත් අයිෆෝන් දෙකකට එකිනෙකා අතර දත්ත හුවමාරු කරගන්න පුළුවන් එයාර්ඩ්රොප් හරහා. ඉතින් මේ දේ මුලින්ම කරන්නේ ඇපල්ද - සැම්සුන්ද කියලා බලන්ඉ න්න විතරයි අපිට තියෙන්නේ.
ඉයර්බඩ්ස්( අපි මේකට කංකොට කියමුද සිංහලෙන් ). දවසුන් දවස තාක්ෂණයෙන් සවිබලගැන්වෙනවා. බලන්න නොයිස් කැන්සලේශන් වගේ දේවල් නිසා සුපැහැදිලි වදන් ශ්රවණය පහසු වෙලා තියෙනවා. වයර්ලස් චාර්ජ් කිරීම, හිරු බලයෙන් ආරෝපනය, එනජි හාවෙස්ට් වගේ දේවල් වලින් සන්නද්ධ වෙලා මේ වැඩේ පහසු වෙනවා. එහෙම වුණාම මේවා ගලවන්න හේතුවක් ඇතිවෙන්නේ නෑ. එහෙම යුගයක පවුලේ සැවොමත්, හමුවෙන අයත්, මේ ක්රමයට හුරු වෙනවා.
ඒ වගේම තාක්ෂණය දියුණු වෙන්න වෙන්න, පර්යේෂකයෝ මිනිසාගේ සුව පහඩුව උදෙසා නඑඅ නිපැඋම් හදුන්වාදෙනවා. ඒ අයි තාක්ෂණය නිසා ලැන්ග්වේජ් බැරියර් එකත් නැති වෙලාම යයි.

ආාා. අන්න අපි කැමති සුදික.
ReplyDeleteතව අදහසක් තිබුණා මට මතකයි ආතර් සී ක්ලාක් ගෙ 3001 පොතේ. ඒකෙ අල්ලෙ තැන්පත් කරලා තියෙන චිප් එකක ඒ පුද්ගලයා හඳුන්වා දීමේ තොරතුරු අඩංගු වෙනවා. අතට අත දීමෙන් එකිනෙකා හඳුන්වා දෙන්න පුළුවන්.
ReplyDeleteතව එකක් තිබුණා ටෝටල් රිකෝල් ෆිල්ම් එකේ. ඒකෙ මොබයිල් ෆෝන් එක තියෙන්නේ අතේ...
https://www.youtube.com/watch?v=3icKfJeIupM