Wednesday, May 22, 2019

ලෝක කුසලාන ඉතිහාසයේ සදාණුස්මරණීය තරග 10 : අංක 7 - වොල්ෂ්ගේ අණතුරු ඇඟවීම ......



වොල්ෂ්ගේ අනතුරු ඇඟවීම 


ලාහෝරයේදී නියපොතු හපන අවසානයක සිදුකළ  මහත්මා ක්‍රීඩා විලාශය නිසා ඉහලට ඔසවා තැබුණු තරගය


ඩැනියල් රසූල් විසින් සුප්‍රකට ඊ.එස්.පී.එන්. වෙබ් සගරාව : ද ක්‍රිකට් මන්ත්ලි හී තැබූ සටහනේ සිංහල පරිවර්තනයකි. 


1987දී පාකිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරගය

පාකිස්ථානයට එක් කඩුල්ලක ජයක්



 සිදුවුයේ කුමක්ද ?


මෙම තරගාවලියට පාකිස්තානය ප්‍රවිෂ්ඨ වුයේ (තරගාවලියේ සත්කාරකත්වය ඉන්දියාව සමග එක්ව සිදු කරමින්) දේශීය වාසිය සමග කුසලානය ජයගතහැකි කණ්ඩායමක් ලෙස සිදු කෙරුණු අනාවැකි සමගිනි. ඔවුන් පළමු තරග දෙක ජයගත් අතර, ඉන්පසු මුහුණ දීමට නියමිතව තිබුණේ දෙවරක් ලෝක කුසාලනය හිමිකර ගත් බටහිර ඉන්දීය කොදෙව්වන් සමග ලාහෝරයෙදීය. කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම, මුලින්ම පන්දුවට පහර දෙමින් ඉක්මන් ආරම්භයක් ලබා ගත්තා. නමුත් ඉම්රාන් ඛාන් සහ සලීම් ජෆාර් ඔවුන්ගේ ගමන අඩාල කිරීමට සමත් වුණේ කඩුලු හතරක් සහ තුනක් ලබා ගනිමින්. ලකුණු 169ක් කඩුලු 5කට ලබා සිටි බටහිර ඉන්දීය ඉනිම, ලකුණු 216ක් කදී අවසන් වුණා. 

පාකිස්තානුවන්ද ඉක්මනින් කරදරයට පත් වෙමින්, ඔවුන්ගේ පිතිකරුවන්ගෙන් අඩක් ලකුණු 110ක් තුළ අවසන් වුණු අතර කඩුලු රකින සලීම් යුසුප් පන්දු 49ක් පමණක් තුළ වාර්තා කළ ලකුණු 56 නිසා නැවතත් තරගයට අවතීර්ණ වන්නට ඔවුන්ට හැකි විය. අවසන් පන්දු ඕවරය තුළ ලකුණු 14ක් දක්වා එය අඩු වුවත්, එය ලබාගැනීමේ සම්භාවිතාව ඉතා අඩු එකක්, පන්දුවට පහර දෙමින් සිටියේ අබදුල් කදීර් සහ අංක 11 පිතිකරු සලීම් ජෆාර් වූ අතර කර්ට්නි වොල්ෂ්ට මුහුණ දීමට සිදු වී තිබුණා. කදීර් එල්ල කළ හයේ පහරත්, දියාරු පන්දුව විසි කිරීමක් මගින් ලබා දුන් අමතර ලකුණුත් නිසා පාකිස්තානය ජය පිලිබඳ සලකා බැලිය හැකි මට්ටමකට පැමිණි අතර, කදීර් පොයින්ට් කලාපයෙන් පන්දුව යොමුකර ජයග්‍රහණය අත්පත් කර ගත්තා. නමුත් එයට මොහොතකට  ප්‍රථම ලාහෝරයේ ඇති වුයේ උන්මාදයක්  පමණක් නොවෙයි බටහිර ඉන්දීය කොදෙව්වන් ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රථම වතාවට අවසන් මහ තරගයට ප්‍රථම ආපසු හරවා ගෙදර යවන්නත් සමත් වුණා.

එය සදානුස්මරණීය වන්නේ ඇයි ?


බට මේ තරගය අමතක වන්නට හෝ නොවන්නට පුළුවන්, නමුත් මේ අවස්ථාව අමතකවියනොහැකියි. 


අවසන් පන්දුව යවන්න සුදානම් වූ මොහොතේ පන්දු යවන අන්තයේ උන් සලීම් ජෆාර් පන්දු යවන්නා පන්දු යැවීමේ සීමාට ලඟා වන්නට මත්තෙන්ම, ඉතා දිගු ආරම්භයක් ලබාගෙන තිබුණා. ඔහුගේ මේ ක්‍රියාව කඩුල්ල පිලිබඳ බලාපොරොත්තුව අත් හරිමින් සිදු කරන ලද්දක් වුවත්, වොල්ෂ් පන්දුව යැවීමෙන් තොරව නතරව තම අත නවා ගත්තා, ඉන් පසුව සලීම් ජෆාර්ව සීමාවට රැගෙන ආවේ විදුහල්පතිවරයෙකු සිසුවෙකුට තරවටු කරන්නාක් මෙනි. නමුත් ඔහු එසේ කළේ, බේල් ඉවත් කර තරගයේ ජයග්‍රහණය සමරන්නට තිබුණු මහඟු අවස්ථාව මග හරිමින්. එම අනතුරු ඇඟවීම සිදුකිරීම යනු, පාකිස්ථානය තවදුරටත් එම තරගය ගැන බලාපොරොත්තු තබා ගත හැකි වීම වූ අතර අවශ්‍ය ලකුණු අවසන් පන්දුවේදී කදීර් වාර්තා කළේය.
   
මෙම තරගය පුරාවෘත්තයක්, වීරකාව්‍යක් ගණයට පත් වුයේ වොල්ෂ්  විසින් පෙන්වන ලද ක්‍රීඩාශීලීත්වය  නිසාය. එම මොහොත තවමත් සැලකෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය ප්‍රදර්ශනය කරන ලද ශක්තිමත් අවස්ථා වලින් එකක් ලෙසය. 

ඔවුන් මෙසේ පැවසුහ

"පැරණි ක්‍රිකට් ක්‍රීඩකයන් සියල්ලන්ම වාගේ යහපත් ගුණාංග වලින් පිරිපුන් අවංක අයයි. මම පන්දු යවන්නාගේ අන්තයේ සිටියානම් කරන්නේද, එයමයි. පාකිස්තානු රජය ඔහුගේ ක්‍රීඩාශීලී ගුණාංගය අගය කරමින් ඔහුට විශේෂ පදක්කමක් ලබා දුන්නා"

- සලීම් ජෆාර් එම අවස්ථාව පිලිබඳ අනුස්මනරණය කරමින් අදහස් දක්වමින් 

6 comments:

  1. ඔබ මෙහි සදහන් කර ඇති තරඟය මට මතකයි. මා එවකට සේවය කරේ ඩුබායි වල.
    ඉන්දියානු, පකිස්ථාන මිතුරන් සමග අප තරඟය නැරඹුවේ. බැන ගන්නවා අපි. ඒත් එව්වා ඒ වෙලේට විතරයි. මනුෂත්වය ඔක්කොටොම වඩා ඉහලයි.

    ..

    පකිස්ථානයේ ක්‍රීඩකයන් වයස අඩුවෙන් පෙන්නලා ක්‍රීඩා කරනවා කියලා කතාබහක් යනවා නේද සුදික මහත්මයා? ඒ ගැනත් ලිපියක් ලියන්න ඔබට හැකිනම්.

    ඉතා ඕනා කමින් ඔබගේ මෙම ලිපි පෙළ මා කියවනවා. ඉතා කදිම ලිපි පෙළක්.

    ReplyDelete
    Replies
    1. ඔව්. පාකිස්තානුවන් අපි තරම් උප්පැන්නය ගැන තැකීමක් කරන්නේ නෑ. එම වයස වැදගත් වෙන 19න් පහළ වැනි තරගාවලි වලදී ඒ ගැන සොයා බැලීමක් කරන්න වෙනවා. මම මේක පුද්ගලික අත්දැකීමක් විදියටත් දැක්කා. 2016 දී ලංකාවේ පවත්වපු ආසියානු 19න් පහළ තරගාවලියේ නේපාල කණ්ඩායමේ දේශීය නිලධාරියා වශයෙන් කටයුතු කළා. මේ කණ්ඩායම් 8 එක තැනකට තරගාවලියට පෙර එකතු කළ මොහොතේ මට වැටහී ගිය දෙයක් තමයි, පාකිස්තානුවන් වයසට වඩා වැඩුණු අය බව. නමුත් මෙහි තිබෙන්නේ ඔබ කියන කාරණය. සහීඩ් අෆ්රීඩි පවා නියම වසයස සඟවා ක්‍රීඩා කළ බව කියැවෙනවා. වයස හෙළි කර ගන්න දැන් විද්‍යාත්මක ක්‍රම තිබෙනවා. මේ තරම් ක්‍රීඩාවට තාක්ෂණය භාවිතා කරන මොහොතක එය වෙනුවෙන් යම් වියදමක් කිරීම කාලෝචිතයි කියා මමත් සිතනවා.

      එක් අයෙකු හෝ මේ පිලිබඳ උනන්දුවක් දැක්වීම සතුටට කරුණක්.

      Delete
    2. පාකිස්ථානයම නෙමෙයි, විශේෂයින් ගෝත්‍රික නිරිතදිග ප්‍රාන්තය

      https://en.wikipedia.org/wiki/Khyber_Pakhtunkhwa

      Delete
  2. ++++++++ Recently, I watched this video

    ReplyDelete
    Replies
    1. Were you. If it is in YouTube please share the link. Nice to know you are such a crazy fan of the game. Atama is otherwise. :)

      Delete
  3. hello dear............

    https://twitter.com/saj_pakpassion/status/1110471639811133441

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...