Sunday, October 13, 2019

ඊයේ රෑ පටන් ගත්ත Ajith Dharmakeerthi ගේ සරුවත් සංවාදය අවසන් වුණේ අද උදේ. මේකට Wasanthi Nanayakkara ත් එකතු වෙලා හිටියා. මාධ්‍යවේදිනියකට මේවාට ගත කරන්න කාළය කළමනාකරණය කර ගන්න හැකිවීම සතුටට කරුණක්. අද උදේ මම කන්න ගියේ බොරැල්ල නගරයේ තියෙන සයිවර් කඩ තුණෙන් එකක් වෙන ආරියබවන් එකට. අනික් එක ආනන්දබවන්. මේ දෙකම තියෙන්නේ බොරැල්ලේ සුපර්මාර්කට් ගොඩනැගිල්ල ඉදිරිපිට. තුන්වෙනි එක තියෙන්නේ මරදාන පාරේ ලඟදි පටන් ගත්‍තේ. ඒක අර දෙකට සාපේක්ෂව පහළ මට්ටමක තියෙන්නේ.

මම ඉස්සර කන්නෙම ආනන්දබවන් එකෙන්. නමුත් එක දවසක මගේ අතේ සල්ලි නැතුව වයි.එම්.බී.ඒ. එකේ තියෙන මහජන බැංකු ටෙලර් යන්ත්‍රයට යන්න වුණා. ඒ අපේ ඔෆිස් එකට ඇතුල්වෙන ද්වාරය ළඟ තියෙන ඒ.ටී.එම් දෙකමත් වැඩ නැතිව, බේස්ලයින් පාරේ තියෙන ලංකා බැංකු ඒටීඑම් යන්ත්‍ර ගාව ලොකු පෝලිමකුත් තිබුණ නිසා. වාහන තදබදය  අතින් නරකම තැනක් වන බොරැල්ල නගරයේ සිත් ගන්නාසුලු එකම දේ තමයි පස්මං හන්දියේ තියෙන උමං පදික මාරුව. මේක ඇරුණම කොළඹ උමං පදික මාරුවක් තියෙන්නේ වැල්ලවත්තේ මයුරා කෝවිල ලඟ. හැබැයි මේ වගේ එකක් නුවරත් තියෙනවා. බොරැල්ලේ මේ වගේ කදිම පදික මාරුවක් තිබිලත් කම්මැලි කමට උඩින් එහා-මෙහා ඇවිදින මිනිසුන් ඉන්නවා. ඕනෑම වෙලාවක මේ පදික මාරුවට ගියොත් විවිධ තරාතිරම්වල, විවිධ වයස් කාන්ඩවල උදවිය බොහොම යුහුසුලුව මේකෙන් ගමන් ගන්නවා බලන්න පුලුවන්.ඇත්තටම මේක හරිම මනස්කාන්ත දර්ශනයක් . මේකෙන් රටේ කාර්‍යක්ෂමතාවට යම් දායකත්වයක් තියෙනවා කියන එක මගේ විශ්වාසය. අපේ ඩ්‍රයිවර් කෙනෙක් එක්ක මම පොඩි සංවාදයක යෙදුනා, ගුවන් පදිකමාරුවෙන් පාර මාරු වෙන එක ලංකාවේ අසාර්ථකයි. මම එහෙම කියන්නේ දුම්රිය ස්ථාන වල තිබෙන ගුවන් පදික මාරු හැර අනෙක් ඒවා භාවිතා වන ප්‍රමානය අඩු නිසා. අපේ ඩ්‍රයිවර් උන්නැහේ කියන්නේ උමං ඒවට බැස්සට පස්සේ කොහොම හරි නගින්නත් වෙනවා කියලා. ඒ තර්කය හරි. බහින්න කම්මැලි නැති නිසා, මුලින්ම පඩිපෙලක් නගින්න අකමැති කෙනෙක් වුණත් නගිනවා. බොරැල්ලේ මේ පදික මාරුව ඇතුලේ අපූරු වෙළඳසැල් කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් බොම්බේ ස්වීට් කඩේ විශේෂයි.
මම ආරියභවන් එකට, හා...හා.. වැරදුනා ශ්‍රී ආරියබවන්. ඒ වුණාට ශ්‍රී කියන එකට මේ දවස් වල තහනම් වචනයක් වෙලා. මමත් ඒ ගැන කට වරද්දා ගන්න ඕනේ නෑනේ. අපේ තාත්තා කියනවා මම අහලා තියෙනව ශ්‍රී යුද්ධය කියලා එකක්. ඒ වාහන අංක තහඩුශ්‍රී යෙදුවම දමිළ ජනතාව ඊට විරුද්ධ වුණාලු. පස්සේ මේක දිගටම ඇදිලා ගිහිං චන්ද්‍රිකා නෝනා ඒක අයින් කළා.එයා කරපු සීමිත වැඩ අතර මේ උමං පදික මාරුවත් එකක් මගේ මතකය නිවැරදි නම්.

මේ අස්සේ තව කථාවක් මතක් වුණා. ඔය වාහන අංක ශ්‍රී වලින් නම් වුණ කාලේ සුද්දෙක්ව හප්පලා වාහනයයක් පලායනකොට සුද්දා වාහනේ නොම්බරේ ලියා ගත්තා. පස්සේ පොලීසියට ගිහිං කිවුවලු ටුවෙන්ටි ක්‍රෑබ් වන් සික්ස් ත්‍රී ෆයිව් කියලා. දහ පාරක් ඇහුවත් සුද්දා කියන මේ කකුලු කථාවවමලු කියන්නේ. පස්සේ සුද්දා ලියාගත්තු නෝට් පොතත් පෙන්නලා. ඒකේ ඇඳලා තියෙන්නෙත් කකුලුවෙක්. පස්සේ සුද්දා අමාරුවෙන් ගිහිං පොලිස් බයික් එකක තිබුණු ශ්‍රී අකුර පෙන්නුවලු. සුද්දෝ දන්න ශ්‍රී අකුරු. ඒකා හිතලා තියෙන්නේ මේක කක්කුටුලන්තයක් කියලා. ඇයි කිසි කෙනෙක් කියන එක කරන්නේ නෑනේ. යන්නෙම ගරහට. නෑ.... නෑ මං කිවුවේ ශ්‍රී මු..යෙන් කියන ඒවා නෙවෙයි.

මම ඔය ආරියබවන් එකට යන්නේ එතැන තියෙන අමුතු පරාටා වර්ග නිසා. මෂ්රූම්, පනියර්, මයිලෝ, මිල්ක්, චීස්, නියුටෙලා මැදට දාපු පරාටා. මම කන්නේ මෂ්රූම් එක. පොඩ්ඩක් තෙල් ගතිය නැත්නම් මරු. ඒක කාලා උණු ප්ලේන් නෙස්කැෆේ එකක් බොනවා. බන්ඩි ෆුල්.

මට මේ සයිවර් කඩේ බාල්දිය දැක්කම මම මුළින්ම සයිවර් කඩේකට ගිය මතකය අද ඇවුස්සුනා හොඳටම. මම ඉතිං නොස්ටැල්ජියේ කෙළවරටම ගිය කෙනෙක්නේ. මේක 83නේ කලුජූලියට කලින් වෙච්ච දෙයක්. මම එතකොට කලුතර ඥානෝදය මහා විද්‍යාලයේ ඉගෙන ගත්තේ. මාව එදා තාත්තා සයිවර් කඩේට එක්කං ගියා. තාත්තා වේටර් අයියට මොන මොනවද ගේන්න කිවුවා. කෙහෙල් කොල දෙකක් මේසේ උඩ තියපු වේටර් වරයා අනික් අතේ තිබුණ බාල්දිය මේසේ උඩින් තිබ්බා. ඊට පස්සේ තමයි වෙන්න තියෙන හොඳම හරිය වෙන්න තිබුණේ. ඒත් අපේ තාත්තා පොඩ්ඩක් ඉස්සර වුණා. මොකද තාත්තා දන්නවා පුතයගේ හැටි. මට උලුඳු වඩේ, වඩේ, ඉඩ්ලි, තොසේ දැක්කම උන්හිටි තැන් අමතක වුණා. ගත්තා බෙලෙක් කොප්පේ වම් අතට, බාල්දියට දික් කලා දකුණු අත, දකුණු අතේ ඇඟිලි අල්ලේ කරකවමින් වම් අතේ තියෙන වතුර කොප්පේ ලං කලා. ඒත් නියමිත කාල පරාසය තුලදී සුරත වෙත ජලය ළඟා නොවුණේ ඇයි ? මේ මොහොතේ තවත් ඇස් දෙකක් මේ සිදුවෙමින් පවතින විපර්‍යාසය නිරීක්ෂණය කරමින් උන්නා. වම් අත බාල්දිය වෙත නොආවේ වම් අත දැඩිව අල්ලාගෙන තිබුණා. ඒ වෙනින් කවුරුවත් නොවෙයි, අපේම, අපේම,අපේම තාත්තා. එහෙම නොවුණානම් ජුලි කලබලය 82 ලෙස ලියවෙන්නත් තිබුණා.

Thursday, August 22, 2019

කාක එක රෝටෙකේ ......

පහුගිය පොස්ට් එක දාලා මේ වෙනකොට මාසෙකටත් වඩා කාලයක් ගත වෙලා. නොදැනීම කාළය ගාලා ගිහිං. විවිධ අංශ ඔස්සේ  ලියන්න සුදුසු මාතෘකා ඕනේ තරම් හමු  වුණත්, ඒ සඳහා සුදුසු අවස්ථාවක් ලැබුණේ නෑ. කොටින්ම ඒ අවස්ථාව මම හදා ගත්තේ නෑ. මේ වෙනකොට පාවිච්චි කරන මොබිටෙල් බ්‍රෝඩ් බෑන්ඩ් එක අත අරින්න තීරණය කරලා ඉවරයි. එයාර්ටෙල් වලට මාරු වෙන්න හිතාගෙන අපේ බ්ලොග් සහෘද්ධ හිතවතියක් වන නිලංකාට කථා කළත්, ඒ වැඩෙත් හරිය ගියේ නැත්තේ, එයාලා ඩොන්ගල් වලින් ඩේටා දෙන තත්වයක තවම ඉන්න නිසා. මීට කලින් භාවිතා කරපු ලංකා බෙල් එක ඩේටා ප්‍රමාණය අතින් ඉස්තරම් මට්ටමක ඉන්න නිසා, බිල ගෙවලා ආපහු ඒක සක්‍රීය කර ගන්න පුලුවන්ද කියළත් මම නිලංකාගෙන්ම ඇහුවා, මොකද එක දිගටම මට ඩේටා පැකේජ් ලබා දුන්නේ ඇය. එක අතකින් දන්නා අඳුනන කෙනෙක් ප්‍රමෝෂන් එකක් කරන වෙලාවට උදව්වක් වශයෙන් ගන්න එකත් හොඳ දෙයක්. 

මොබිටෙල් එක ලබාදෙන  දත්ත ප්‍රමාණය මගේ දියණිය පහසුවෙන් ඉවර කරනවා. ඉතිං මම වැඩකට බහින්න සුදානම් වෙනකොට නෙට්වර්ක් එක ස්ලෝ.අවසන් පොස්ට් එකටත් විවධ  ප්‍රතිචාර ලැබුණා. තීරු දෙකකට ලියපු මේ පොස්ට් එකට සමහරු කැමති වුණා. ඒත් බහුතරය අකමැති වුණා. ඉතිං පර්යේෂණයක් විධියට කරපු මේ වැඩෙන් මට තේරුම් ගන්න පුළුවන් වුණා, බහුතරය කැමති පැරණි, තනි තීරුවට කියළා. හොඳයි ඔන්න පැරණි විදියටම, බොහෝ දෙනාගේ ඉල්ලීමට මම ලියනවා. හැබැයි ඒ ක්‍රමයට ආකර්ෂණය වුණ අය ගැන මට කනගාටුයි. හරියට පහුගිය පළාත් පාළන චන්දය පැරණි කේවල ක්‍රමය සහ අනුපාත අතර මිශ්‍ර ක්‍රමයකින් පැවැත්තුවා වගේ, අලුත් එකට කැමති අයට හිත හදා ගන්න වුණා, අනුපාත ක්‍රමය ආපහු එන එකට. අපි කොහොමත් අලුත් දේවල් ගැන පොඩ්ඩක් අඩමානයෙන් බලන ජාතියක්. 

ඒකට හොඳම උදාහරණයක් මම කියන්නම්. ඉස්සර මගේ රාජකාරිය පදනම් වෙලා තිබුණේ, මම වැඩ කරන මහජන බැංකුවේ ශාඛා වලට විවිධ පද්දති හඳුන්වා දීම. ඉතිං මේ වගේ වෙනස් කරපු උකස් පද්දතියක් හදුන්වා දෙන්න අපි ගියා හතර දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක්. මට නියම වෙලා තිබුණේ වැලිමඩ ශාඛාව. මේ මතක් වෙච්ච වෙලාවේ මේ දේ කියන්නම ඕනේ. මට මේ ගමන සඳහා යන කණ්ඩායම එක්ක එකට යන්න බැරි වුණේ, මට ඒ දවසේ කොළඹ ඉන්න හේතු දෙකක්ම තිබුණ නිසා. එකක් තමයි මම ඒ දවස් වල විභාගයකට සුදානම් වුණා. ඒ වෙනුවෙන් පන්තියක් තිබුණා බම්බලපිටියේ හන්දියේ තියෙන තැනක(මට තැන මතක නෑ, පැරණි බම්බලපිටිය බස් නවත්වපු හෝල්ට් එක ළඟ). ඒකට අමතරව ඔෆිස් එකේ කාන්ති මිස්ගේ පෙරැත්තය නිසා, යෝජිත මනමාලියෙක් එයාගේ කාර්යාලයට ගිහිං බලන්න. පුද්ගලික බැංකුවක්. සෙනසුරාදා වැඩ. පංතිය 10:30 වෙත්දී අවසන් වුණා කියමුකෝ. මමත් බෑග් එකත් කරේ දාගෙනම ගියා අර දැරිවිව බලන්න. මම ගිහිං බැංකුවට ඇතුල් වෙලා, කිසි කලබලයකින් තොරව අර ළමයාගේ නම අහළා, ඩිවාන් එක්ක හරි බරි ගැහුණා. වැඩ අස්සෙන් බොහොම අමාරුවෙන් රිංගාගෙන ආපු මේ යුවතිය බොහොම සැහැල්ලුව, හිතවත්ව මමත් එක්ක කථා කරළා ආපසු රාජකාරියට ගියේ තමන්ට වැඩි වෙලාවක් රැඳී ඉන්න නොහැකි වීම ගැන කනගාටුව ඵල කරමින්. ඇය එතරම් පියකරු යුවතියක් නොවුනත්, චාම් ඒ වගේම බොහොම නිහතමානී ගති පැවතුම් ඇති කෙනෙකු බව මට ඒ මොහොතේ වැටහුණා. නමුත් යෝජිත් විවාව ගැන මගේ හිතේ ඒ දවස් වල තිබුණේ එතරම් හොඳ අදහසක් නොවෙයි.

මම ඉක්මනින් පිටකොටුවට පැමිණ බස් රථයට ගොඩ වුණේ,  මේ  වනවිටත් නුවර එලිය ආසන්නයේ හෝ එහි ගොස් ඇති මිතුරන් තිදෙනා වන නාමල්, ආනන්ද සහ අකිලට එකතු වීමේ බලාපොරොත්තුවෙන්. නුවර එලිය ආසන්නයට එනවිට බස් රථයේ වායු සමන යන්ත්‍රය ක්‍රියා විරහිත කරන්නේ හේතු දෙකක් ඇතිව, එකක් ධාවනයට පහසු වීම, අනික ජනෙල් විවෘත කර ස්වභාවික ඒ.සී. ලබා ගත හැකි වීම. පස්වරු දෙක හෝ දෙක හමාර වනවිට බස්රථය නුවර එලියට ලඟා වුණා. ඒ වෙනකොටත් ඇද කොළඹ මා දකින මේ මන්දාරම් අහස නුවර එළියේ ඕනෑම දිනක පවතින තත්වය මෙන් තිබුණා. මට ඒ වනවිට ප්‍රශ්න කිහිපයක් ඇති වී තිබුණා. ඒ මගේ ජංගම දුරකථනයේ බැටරිය බිංදුවටම බැස තිබීම සහ ස්වභාවිකව ඇතිවන මුත්‍රාශය නිදහස් කර ගැනීමේ අවශ්‍යතාවය. මේ දෙකම සපුරා ගන්න ගමන් දිවා ආහාරය ගත හැකි තැනක් පිලිබඳ සිහි කල්පනාවට ගන්නා විට මගේ හිතට ආවේ නුවර එළියේ සුප්‍රසිද්ධ ලයන් පබ් එක. මා එතැනට ගොඩවැදුනේ මේ අවශ්‍යතා දෙකෙන් දුරකථනයේ අවශ්‍යතාව ප්‍රමුඛතාවයේ තබාගෙන. බියර් එකක් ඔවුන්ගේ පහසුම බයිට් එකක් වන ඩෙවල් සොසේජස් එකක් ඇනවුම් කළ මා මගේ අවශ්‍යතාව ඔහුට දැන්වුවා, ඔහුගේ පිළිතුරෙන් මා වික්ෂීප්ත වුවා. ඔහු පෙන්වුයේ ඔවුන්ගේ ආයතනයේ සියළුම  ප්ලග් ඇම්පියර් 15 ඒවා බව පෙන්වමින්. ඇනවුම් කළ බියරු වීදුරුව හමාර කළ මා ඉන් පිටතට ආවේ බලාපොරොත්තු සුන්වයි. මේ වනවිට දුරකථනයේ බැටරි අවසන් වී ඕෆ් මට්ටමේ තිබුණා. 

මා සතුව බැංකුවේ ඩයරියක් නොමැති වීම සහ අවශ්‍ය අංක සටහන් කරගෙන පෙර සුදානම් නොවීම පිළිබඳව මා මටම දොස් නගා ගත්තා. කොහොමත් මා පෙර සුදානම් වීම ගැන තැකීමක් නොකරන කෙනෙක්. කළින් මා සටහන් කළ ප්‍රොකැස්ටිනේෂන් සටහන ඔබ කියවන්නට ඇතැයි සිතමි. මම යලිත් මොහොතක් කල්පනාවට වැටුනෙමි. මේ ශාඛා දෙකෙහි අංක, නොදැනීම විශාල ප්‍රශ්ණයක් වුයේ අසල හෝටලයකින් දුරකථන ඇමතුමක් මගේ මිතුරන්ගේ අංක වෙත ලබා ගත් මොහොතේදී. ඔවුන්ගේ දුරකථන ආවරණ සීමාවෙන් පිටත බව දැනුම් දෙනු ලැබුවා. මා යළිත් කල්පනාවට වැටුණා. මේ මොහොතේ මට ගණදෙවි නුවණ පහළ වුණා. කාර්යාලයේ වැඩ කරන කටපාඩම් අංකයකට ගෙන ඉරෝෂාගෙන් මේ අංක ලබාගත හැකි බව. මොහොතකින් ඒ අවශ්‍යතාව ඉටුකරගත් මා ලඟම පිහිටි කැප්පෙටිපොල ශාඛාවට ඇමතුමක් ලබා දුන්නා. නමුත් ආවාසනාවකට වෑන් රථය වැලිමඩ දක්වා යවා තිබුණේ ඔවුන්ගේ දිවා ආහාරය රැගෙන. ඉන්පසු යළිත් පැමිණෙන්නේ සවස 4:30 ට පමණ බවත් කැප්පෙටිපොළ උන් මිතුරා දැනුම් දුන්නා. මා යළිත් නතර වුයේ ලයන් පබ් එකෙහි සෙවනේ. අප වැනි උෂ්ණත්වයට හුරු කෙනකුට නුවරඑළිය කාලගුණය එළිමහනෙහි රැඳී සිටින්නට යෝග්‍ය නොවන බව මා අත්දකීම්න් දැන සිටියා. සවස 5:00 පමණ අලසව ලගා වූ වැන් රථයට මා ගොඩවන විට මාගේ ගමේ රෝහණ ධර්මරත්න සහ ප්‍රධාන කාර්යාලයේ හඳුණන අක්කා කෙනකු සහ ඔවුන්ගේ සංචාරක නඩය මුණ ගැසුණා. එම මහත්මිය ක්‍රිස්තියානි භක්තිකයෙකු වුයෙන් ඔවුන්ගේ බියර් වඩියෙන් එකක් මා වෙතද ප්‍රදානය කරන්නට කාරුණික වුණා.

එදින එම ගමන අප අවසන් කළේ මධ්‍යම රාත්‍රිය ආසන්නයේ. ඒ ග්‍රෙගරි වැව සේටාමුල් එක අවසන් වීමන් පසුව. එදින පින්නේ කමිසද ඉවත් කරගෙන මගේ මිතුරන් සප්පායම් වුවත්, මා වැන් රථයේ වැඩි කාළයක් ගත කළේ එහි අගුණ එන්නේ පහුවදා බව දන්නා නිසා. බොහොම කයිවාරු කාරයෙකු වූ මිස්ටර් ජයන්ත නම් වූ අපේ රියදුරා සිනහ සාගරයක් මවන්න සමත් පුද්ගලයෙක්. අපේ අය සෑහෙන ප්‍රමාණයකට අනුමත වූ පසු කමිස පවා ගලවා සිංදු කියන්නට පටන් ගත්තා මට මතකය. ඉන්පසු ගමන් විඩාවටදෝ ඇති වූ නින්දකින් පසු ගොස් මමද ඔවුන් හා එක්කාසු වුණා. ගීතයක් අවසන් වනවාත් සමගම "ලස්සන රෝස මලත් මට ලස්සන නෑ..." කියමින් එහි දෙවෙනි පදය අපෙන් කෙනකු අල්ලාවී යන බලාපොරොත්තුවෙන් අත දික් කරගත් මිස්ටර් ජයන්තට මිනිත්තු කිහිපයක්ම එසේ බලන් සිටින්නට සිදු විය. ඉන් පසුව ඇති වුයේ දිගු හිනා සාගරයකි. එසේ වුවද ඔහු ෆුල් සීරියස් පිට තවමත් ඒ ගීතයම ගයන්නට බලා හිඳී. මේ තොයිල් අල්ලා මධ්‍යම රාත්‍රියත් පසු වී, නැවතත් වැලිමඩ නවාතැන වෙත ගමන් ගගතිමු. වැලිමඩට ආසන්න්නයේදී වාහනය ඕනෑවට වඩා දකුණු පැත්තට ගමන් ගන්නවා දුටු මා ජයන්ත .... ජයන්ත... යනුවෙන් කෑ ගසත්ම, නිමේෂයක නින්දෙන් ඇහැරුණු ජයන්ත වාහනය නවතා, "පොඩ්ඩක් ඇහැ පියවුනා. මම මේ දකුණු පැත්තේ එජ් එක අල්ලන් ආවේ" යනුවෙන් පැවසීය. මේ සිදුවීම අතරතුර මර නින්දේ පසු වූ මගේ මිතුරන් තිදෙනා යළිත් නින්දට වැටුණේ නැත. 

පසුදා නව පද්දතිය ස්ථාපිත කිරීමන් පසු, ශාඛාවේ උකස් අංශයේ සේවය කරන පුද්ගලයා නොමැති වුවද, මෙහි තිබෙන සැකසුමේ අඩුවක් දුටු මා, මේස සේප්පු සියල්ල නව පිළිවෙලකට සකස් කළ අතර, එය අපගේ රාජකාරියෙන් පරිභාහිර දෙයක් වුයේය. නමුදු මෙහි තිබෙන අඩුපාඩුව එය ලෙස මට වැටහිණි. මේ වනවිට රැඳී සිටි ශාඛාවේ සේවක මහතා පැවසුවේ පෝලිම මිදුල දක්වා තිබෙන බවය. සඳුදා දිනයේ අදාළ සේවකයා පැමිණ, "කවුද මේවා වෙනස් කරන්න කිවුවේ? හවසට ආයේ තිබුණ විදියටම හදනවා" යනුවෙන් හෙන දෝස් මුරයක් දා වැඩ පටන් ගති. සවස් වනවිට නව පද්දතියට හුරු වීමෙන් පසු සහ "මේ ක්‍රමය හොඳයි" යනුවෙන් පවසා, එදින සවස අපට බෝතල් සංග්‍රහයක්ද කළේය. මා මේ කියන්නට ආ කතාව එයයි. වෙනස් වීමට අපේ තිබෙන අකමැත්ත නිසා, බොහෝ වටිනා දේ අප වෙත එන්නේ ප්‍රමාදයෙනි. ඒ අපි අලුත් දේ ගැන අදමානයේ බලන නිසාය.

මා ලියන්න ආ කතාව කිසිසේත් එය නොවීය. එය අතුරු කතාවක් හෝ පඳුරු තැලිල්ලකි. නියම කතාවට ඔබ එන්නේ දැන්ය. දිගු වැඩි නිසා කියවීම අත් හළ කවුරුන් හෝ සිටීනම්, ඒ ගැන කණගාටු වනවා හැර වෙන කියන්නට දෙයක් නැත. අද ශ්‍රී ලංකාව සහ නවසීලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භ වනා දිනයයි. අදදින කාලගුණ අනාවැකි ඒ අකාරයෙන්ම සිදු වූ දිනයකි. උදෑසන 4:30ත් 5:00ත් අතර තද සුළං සහිත දාරානිපාත වැස්සක් කඩා වැටිණි. ඒ මොහොතේම මට මතක් වුණේ, අද නම් තරගය ක්‍රීඩා නොකරනු ඇති බවයි. නමුත් කාර්යාලයට (බොරැල්ලේ - වනාතමුල්ලේ ඇති සරවනමුත්තු ක්‍රීඩාංගනයට නොදුරින්) ආ විට වටපිට බලන විට දිය කඩිති දකින විට, මගේ පළමු රාජකාරිය කළ බෙන්තොට බීච් හෝටලයේ සිටි මහේන්ද්‍රන් නිරන්තරයෙන් සිහිපත් වීම නවත්වන්නට උගහට කරුණකි. මා සිනහවකින් මුව පුරවාගෙන සිටින විට මගේ කාර්යාල සගයා ඒ ගැන විමසීය. ඔහු හා මහේන්ද්‍රන්ගේ කතාව පැවසු පසු මෙය බ්ලොග් එකේ සටහන් කළ යුතුම දෙයක් යයි මතකය අවධි විය. ඉතිං අදදින කෙසේ හෝ මෙය ලියා අවසන් කලයුතු බව සිහි තබාගෙන කඩිනමින් ඒ සඳහා යොමු විය. 

මහේන්ද්‍රන් දමිළ ජාතිකයෙකු බව ඔබට   අමුතුවෙන් පැවසීමට කාරණයක් නොවේ. නමුදු ඔවුන් දක්ෂතා දක්වන එක් විෂයයක් වුයේ ගිණුම්කරණයයයි. මා අනුයුක්තව සිටියේ පිළිගැනීමේ අංශයට නමුදු මා සාදා දෙන සංශික්ප්තය ගිණුම් අංශයෙන් නිවැරදිතාව සඳහා පරීක්ෂා කරයි. එසේ කරන දෙදෙනාගෙන් කෙනෙකු මහේන්ද්‍රන්ය, අනෙකා නලීන් අයියාය(අද ඔහු සහකාර පොලිස් අධිකාරී වරයෙකි). නලීන් අයියාගේ සහ මහේන්ද්‍රන්ගේ මහා පොදු සාධකය ගිනුම්කරණයම නොවුනත්, ඔවුන් දෙදෙනාම පාපන්දු ක්‍රීඩාවට ඇල්මක් සහ දක්ෂතාවක් දැක්වීය. ඇත්තෙන්ම මාද ඒ කුලකයට අයත්ය. මට ඒ රැකියාව ලැබුණේ, ගෝල් රකින්නෙකු වූ මා දෙස එම ආයතනය බොහෝ කලක සිට ඇහැ ගසාගෙන සිට, යම් තරගයක් දී, මගේ උසස්පෙළ හමාර වනවාත් සමගම රැකියාවට අවස්ථාව ලබා දීම සිදු විය. සම්මුඛ පරීක්ෂණය සුදු වුයේ, උසස් පෙළ අතර මැද තිබූ විභාගය නොමැති දිනකය. නැතිනම් ලිහිණියා සර්ෆ් හෝටලය මා සඳහා බෙන්තොට ක්‍රීඩා සමාජය හරහා විවිධ ඉල්ලීම් කර තිබුණි. වෙනත් බසකින් කිවහොත්, ටුටූ අයියාට පෙර රොහාන් අයියා ඉස්සර වීමකි. මා ලබා ගැනීම අංශ දෙකකින්ම් ලැබෙන ප්ලස් පොයින්ට් එකක් බව රොහාන් අයියා දැන සිටියේය. ඒ මා දස්කම් දැක්වූ අනෙක් ක්‍රීඩාව වූ ක්‍රිකට් නිසාය. ටුටූ අයියා ඒ කාළයේ ක්‍රිකට් ගැන වැඩි උනන්දුවක් දැක්වුයේ නැත. 

කෙසේ වෙතත් මගේ රාජකාරිය මගේ ක්‍රීඩාවට බාධාවක් වුයේ, මා සෑම දිනකම සවස හයට සේවයට වාර්තා කලයුතු අතර, එය රාත්‍රී දහයට නිමා වන මුත්, රාජකාරිය ඉවර වන්නේ පහුවදා උදේ හතේ සිට දහය දක්වා තවත් පැය තුනක කාළයක් රාජකාරි කිරීමෙනි. මේ පැය තුන ඉතාම අපහසු පැය තුනක් විය. ඒ කිසිමදාක රාත්‍රී දහයට පිට නොවන මා, අපේ සෙට් එක වූ ජයසේන, ගමගේ, ජයවර්ධන වරු දෙදෙනාගෙන් කෙනකු හෝ දෙදෙනාම, දිලිප්(ඔහු ගැන වෙනම පොස්ට් එකක් ලිවිය යුතුය), ඇතුළු කිහිප දෙනෙක් සමග ඔවුන්ගේ රාජකාරි අවසන් වනතුරු බලා හිදීම නිසාය. ඩිස්කෝ එකේ කැෂියර් හෝ රෙස්ටුරන්ට් කැෂියර් ලෙස සේවය කරන ජයසේනගේ ඩියුටිය හමාර වන්නේ රාත්‍රී 12 පසු වීමෙන්ද අනතුරුවය. ඒවා බැලන්ස් කර ඔහු පැමිණෙන තුරු හිඳ ආපසු බෙන්තොට බීච් ක්වාර්ටර්ස් එකට ගොඩ වැදෙන අප නින්දේ පසුවන සියල්ල ඇහැරවා ඉන්පසු සුද්ද පවිත්‍ර වී නිදා ගන්නේ රාත්‍රී දෙකට පමණය. යළිත් උදේ හයට පමණ අවධි වන මා නිවසට ගොස් සුදානම් වී හතට යළිත් දිව යන්නේ බීච් හෝටලයේ ගිණුම් අංශයටය. ජෙෆ්රි බාවාගේ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදි කර තිබූ මෙම හෝටලය කාමර සියයකට වැඩි තරු හතර පන්තියේ එකක් විය. අද එම හෝටලය කිනම් නමකින් හන්දින්වෙනවාදැයි නොදදිනා මුත්, මෑතකදී එය සම්පූර්ණයෙන්ම වාගේ කඩා යලි වෙනස් මුහුණුවරකින් පැමිණීමට සුදානම් වන සෙයක් පෙනෙයි. එය කාළීන අවශ්‍යතාවකි. වෙනස් වීමට භාජනය නොවුවහොත් ඔබගේ තැන වෙනත් කෙනෙකු වෙත යාම වලක්වා ගත නොහැකිය. 

මහේන්ද්‍රන් පොත් තබන්නෙකු නොහොත් බුක් කීපර් වරයෙකි. එම කුඩා ගිණුම් අංශයේම සහකාර ගණකාධිකාරී වරයාද දමිලයෙකි. ඔහු කුගනේන්ද්‍රන්ය. ඔහු මට කදිම පාඩම් කිහිපයක්ම ඉගැන්වූ පුද්ගලයෙකි. ප්‍රධාන ගණකාධිකාරී වරයාද දමිලයෙකි. නමුත් ඔහු සොමියට බර එහෙත් නිහඩ පුද්ගලයෙකි. රජින්ද්‍ර නම් වූ ප්‍රධාන ලිපිකරුවාද දමිලයෙකි. මා මේ පෙන්වන්නට උත්සාහ කරන්නේ එම විෂයට ඔවුන්ගේ ඇති ඇල්මයි. මේ සිවු දෙනාගෙන්ම් අපි වැඩියක් ආදරය කළේ මහේන්ද්‍රන්ටය. ඔහු අපගේ පාපන්දු කණ්ඩායමේ බැක් එකේ ප්‍රධාන ක්‍රීඩකයෙකි. ඔහු සිටිනා විට මා කිසි විටෙකත් ගෝල් රැකීමට බිය වන්නේ නැත. ඒ ඔහුගෙන් පන්නා ගෝලය වෙත පන්දුව ගෙන ඒමට සමතෙකු මා දැක නැති නිසාය. ඔහුගෙන් ලැබෙන ප්‍රවේගකාරී පහරවල් පිටියෙන් ඉවතට යන්නේ, පන්දුව අකාසය දෙසට නොනැවතී ගමන් කරන ආකාරයකි පෙන්වමිනි. 

මහේන්ද්‍රන් රාජකාරියට පැමිණෙන්නේ පාපැදියෙනි. ඔහු ජීවත් වුයේ ධර්ගා නගරයේයි. එහි සිට මෙහි ඉතා පාන්දරින් බයිසිකලය පැදගෙන එන ඔහුගේ නළලත මොට්ටුවක් වරදින්නේ නැත. ඔහු කිසි දිනෙක ප්‍රමාද වන්නේද නැත. මා සේවයට යනවිටත් උදෑසන අහාරය ගනිමින් සිටින මහේන්ද්‍රන් තමන්ගේ කෝපි කෝප්පය රස විඳ විගස තමන්ගේ ආසනයට දුවන්නේ, "අඩේ ඉක්මනට එන්ඩ" යනුවෙන් මටද පවසමිනි. ඔහු ඉතා නිර්ව්‍යාජ මනුස්සයෙකි. බොහෝවිට අනෙක් අය විවිධ දේ කියමින් ඔහු රවටලනු ලබයි. එනිසාම ඔහු දැන් අනික් අයට ඇහුන්කම් දෙන්නේ නැත. දිනක් අධික ලෙස වැසි වැටෙමින් තිබුණි. තරුණ වයසේ පසු වූ අපට වැස්ස එතරම් බාධකයක් නොවීය. කාගේ හෝ කුඩ කබලක් සොයාගෙන, පාරේ යන කෙනෙකුගේ බයිසිකලයක ගොඩ වී නැතිනම්, පයින්ම මේ කෙටිදුර ගමන් ගැනීම මගේ පුරුද්ද විය. නමුත් එදා මහේන්ද්‍රන් වැඩට පැමිණියේ බොහෝ ප්‍රමාද වීය. නලීන් අයියා අසල නැවතුණු මහේන්ද්‍රන් වැස්ස විස්තර කළේ මෙසේය 

"අඩේ නලීන් මාර වෙෂ්ෂ අප්පා. කාකා එක රෝටෙකේ නානවා" 

ඔහු කියූ අන්ඩර දෙමළය මට කිසි ලෙසකින්වත් පැහැදිලි නොවිණි. ඔහු ඈත් මෑත්  වනතුරු සිට මා නලීන් අයියාගෙන් ඔහු කියූ දෙය කුමක්දැයි ඇසුවේ ඔහුගේ තලතෙල් ගන්ධය නලීන් අයියා අසළින් ඉවත් වීමටත් පෙරය. නලීන් අයියාද මා බයිට එකට ගනිමිනි "කාක එක රෝටෙකේ නානවා" කියුවේය. බොහෝ වෙලාවකට පසු එය විස්තර ඇතිව අසා ගැනීමට හැකි විය. වැහි වතුර පාරේ පිරී තිබෙන විට කාක්කන් එහි නානවා යන්න ඔහුට කියන්නට ඕනෑ වී තිබිණි. වැස්සේ තරම පැහැදිළි කිරීමට ඔහුට අවශ්‍ය වී තිබිණි. ඉන්පසුවත් නලීන් අයියා ඔහුගෙන් අසන්නේ "තාමත් කාක එක රෝටෙකේ නානවද?" යනුවෙනි. එයින් විස්සෝපයට පත් වන මහේන්ද්‍රන් "අඩේ නලීන් මොකාද අප්පා" කියමින් යන්නේ නොක්කාඩුවෙනි.


Sunday, June 9, 2019

ගිනිගත්හේනේදී හමු වූ අපූරු මිනිසා ......

ගිනිගත්හේන යනුවෙන් පවසන විට මා කුඩාකල මතකයට එන්නේ ගිනිගෙන විනාශවී ගිය හේනකි.  එය කොහි පිහිටා තිබෙනවාද ? උෂ්ණ කලාපයට අයිති කොටසක්ද ? ශීත කලාපයට අයත් ගමක්ද ? යන්න ගැන කිසිම නිනව්වක් නැත. අද මෙන් අන්තරජාල පහසුකම් නොතිබුණ කාළයක, ඒ පිලිබඳ වැඩිපුර සොයා යන්නට ආශාව තිබුනද, ඒ සඳහා අවස්ථාවන් විරල විය. එකළ සිටි වැඩිහිටියන්  අද මෙන් කාරුණික නොවීය. පිට පුරා දැඩි අතුල් පහරක් එල්ල කරන්නටද සමහරවිට මෙවැනි ප්‍රශ්ණයක් ප්‍රමාණවත්ය.

මා උසස්පෙළ අවසන් කරනවාත් සමගම ශ්‍රී පාදය කරුණා කරන්නට අපේ ක්‍රීඩා සමාජ පාපන්දු හා ආශ්‍රිත පිරිස සුදානම් වුවත්, මේවාට සහභාගී වීම සඳහා මට අවස්ථාවක් උදා වේදැයි මා සිටියේ මද දෙගිඩියාවකය. මේ වෙනුවෙන් මා ජයගතයුතු කරුණු දෙකක් වෙයි.  ඒ මේ සඳහා අවසර ලබා ගැනීම සහ එයට සහභාගී වීම සඳහා අවශ්‍ය බරපැන  සපයා ගැනීමයි. එකළ අම්මා කිසිදු දිනක නිවසින් පිට රාත්‍රියක් ගත කිරීම සඳහා අවසර ලබා දුන්නේ නැත. එසේ කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා මාසයක පමණ පෙරසුදානමක් අවශ්‍ය වේ.  මා එය සිදු කළ ආකාරය පිළිබඳව කිසිදු මතකයක් නැත. ඒ කාළයේ මා මුදල්
________________________________

 පද්දතියට ඇතුලත් කර, ජංගම ගිණුම්, උකස් පද්දතිය,ප්‍රධාන ලෙජරය ආදී මෙකි නොකී සියල්ල නව පද්දතියට ඇතුලත් කොට, ශාඛාවේ අත්හුරු ක්‍රමයට වැඩ කළ සේවකයින්ට නව පද්දතිය පිලිබඳ පූර්ණ පුහුණුවක් ලබා දීමය. මෙවැනි ගමනකදී මා හා නාමල් පද්දතිය පරිවර්තනයට කාළය ගත කරත්දී, අකිල කරන්නේ ටර්මිනල් සවිකර, ඒවායේ කේබල් පිළිවෙලකට අකුලා තැබීමයි. සාපේක්ෂව අප දෙදෙනාට යම් වගකීමක් තිබේ. ඒ සිකුරාදා පැමිණෙන අප සඳුදා උදේ වන්නට ප්‍රථම මේ  සියල්ල හමාර කිරීමයි. මෙවැනි ගමනකදී පැරණි ශාඛාව සහ බොහෝ විට නව ගොඩනැගිල්ලක ඇති ශාඛාවක් අතර බඩුමුට්ටු එහා මෙහා කිරීමට සිදු වෙයි. ශාඛාවේ අය මෙවාවට කරදර වන අතරේ, ශාඛාවේ පිරිමි පාර්ශවය හවසට හවසට මේසයක් වටා සෙට් වීම සාමාන්‍ය දර්ශනයකි. මෙවැනි ගමන් වලදී ඔවුන් අපව ඒ මේස වලට අනිවාර්යයෙන් සහභාගී කර ගනියි. සමහර කපටි පුද්ගලයින් අනෙක් අය මග හැර අප සිවුදෙනා සමග පමණක් සෙට් වීමට උත්සාහ කරයි. එවැනි උත්සාහයන් කරන්නේ පරිගණක ගත කිරීමේ ක්‍රියාවලියෙන් පසු පද්දති භාරකරුවා වීමටය, එය එක්තරා අයුරකින් ශාඛාවේ  නිළ නොවන කළමනාකාර තනතුරක් වැනි බලතල හිමිවන අවස්ථාවක් නිසා පමණක්
________________________________
 විශාල තැතිගැන්මකින්. සමහර සේවකයින් පරිගණකයක් ඉදිරියේ වාඩි වන්නේ ජීවිතයේ ප්‍රථම වතාවට. සමහරුන්ගේ වයස පනස් ගණන්. මේ වගේ අයට කුඩා දරුවකුට උගන්වනවා වගේ පහසුවෙන් උගන්වන්න බෑ. ඔවුන්ට එක් යතුරක් තද කරන්න කිවුවොත්, යතුර උඩ ඇඟිල්ල තියලා කරකනවා. එතකොට අකුරු පේලියක් වදිනවා. ඉතිං මේ විදියට පටන් අරගෙන, සති දෙකක් ඇතුලත අපේ සහයෝගය නැතිව වැඩ කරගෙන යන්න එයාලට පුළුවන්. පුළුවන් වුණත්, බැරි වුණත් අපි එනවා. නැත්නම් ජීවිත කාලෙම හිටියටත් එයාලා තනියම වැඩ කරගෙන යන්නේ නෑ. අපි මෙහෙ ආවට පස්සේ කරන්නේ එයාලා වරද්ද ගත්ත තැන් හදා ගන්න දුරකථනයෙන් උපදෙස් දෙන එක. පළවෙනි දවසේ වැඩේ බොහොම අපූරුවට අවසන් කරලා අපි රෑ හත වෙනකොට නවාතැනට ගියා. නමුත් දෙවෙනි දවසේ අර පුද්ගලයා අවුට්-අවුට් කියා හැමතැනම ඇවිදිනවා. ඒ කාළයේ තිබුණා අපේ පද්දතියේ ශාඛාව තුලනය වී ඇත්දැයි බලන පොදු ලෙජරයට අයත් කොටසක්. බොහෝවිට අපි භාවිතා කළේ මේ වැඩසටහන. එය තුලනය වී ඇතිනම්, බැච් බැලන්ස් යනුවෙන් සටහන වෙනවා. අසමතුලිත අවස්ථාවක සොරි නොට් බැලන්ස් යනුවෙන් තිරයේ දිස් වෙනවා. මේ පුතයා(කිවුවට 40 පැනලා), සොරි not එක, සොරි නොට් එක 
 _______________________________
 ගත්තා. එය බලන්න බැරි වෙන්න අටකට විතර නවලා ස්ටෙප්ලර් කටු ගහලා තිබුණා. එය ගැලවූ පසු අගය හරි. මම නැවතත් පද්දතියේ පෙන්වන අගය බලන්න, ඒ වැඩසටහන නවතාඇ ක්‍රියාත්මක කළා. මම අගයයන් දෙක දෙස නෙත් යොමු කළා. වෙනස් !!! පස්සේ මම දින දෙක සංසන්දනය කළා. මට ඒ වෙලාවේ මේකා කළ මගඩිය පැහැදිලි වුණා. මේ වෙනකොට මේ හාදයා දකින්න හිටියේ නෑ. ඔහු කර තිබුණේ කලින් දවසේ මුද්‍රිතයක් අරගෙන ඒ අගයට පිවිසුම් පැනවීම. මට යකා ආවේශ වුණා. පස්සේ මිනිහා ආවම සියල්ලම ඉදිරියේ කිවුවා. "මේකෙන් ඕටී කරලා හදන ගෙයි කාමරයක් මටාත් ඕනේ" කියළා. මිනිහා මීක් නෑ. ඔය වගේ අය කාලාතුරැකින් හිටියත්, බොහොම විරලයි. ඒ නිසා මේ වගේ සඳහනක් කළේ එහි රසවත් බව ඔබට කීමට. නැතිව මහජන බැංකුව නමැති මා ඇතුළු බොහෝ දෙනකු ජීවත් කරවන සුවිසල් ආයතනට වචනයකින් හෝ අගතියක් කරන අදහසින් නොවෙයි. ඔය ගිනිගත්හේනේ සිස්ටම් එක බාර දුන්න රත්නායක කියළා කෙනෙක් හිටියා මිනිහා සිස්ටම් කියන එකට කියන්නේ සිස්ටන් එක කියළා. ඉතිං අපිට වඩා වැඩිහිටියෙක්ගේ ඉංග්‍රීසි  නිවැරදි කරන්න යන්නත් බෑ. කියන සමහර දේවල් තේරුම් අපහසුකම වගේම හිනා යන්න ආවත් හිනා වෙන්නත් බෑ.
________________________________
 දන්නේ නෑ. රුක්ගොමුවකින් හෙවන වුණු වංගු සහිත ඔයක් කිව්වොත් නිවැරදි තැනක. එතැන තියෙනවා අඩි  හයක හතක දිය ඇල්ලක් වගේ බොහොම සීරුවට කඩා හැලෙන තැනක්. එතැනට ඇවිත් හිටිය පොඩි එවුන් වගයක් ටියුබ් එකක් දාගෙන වේගයෙන් ගලන මේඔයේ පහලට ටික දුරක් ගිහිං නැගිටලා අර ටියුබ් එක කරේ දාගෙන ඉහලට යනවා. අපිටත් මේ සෙල්ලමට ආසහිතිලා  පොඩි එවුන්ගෙන් ඉල්ලගෙන මේ ටියුබ් ගමන ටික වෙලාවක් කළා. පොඩි එවුන් නරක වෙයි කියළා හිතලද කොහෙද උන්ගේ මහ එවුන් ඉක්මනට යන්න තීරණය කරපුනිසා ටියුබ් එක හිල් වෙන්න කලින් පොඩි එවුන්ට යන්න පුළුවන් වුණා. අපේ කට්ටිය අවශ්‍ය කරන කළමනා එහෙමත් අරගෙන ඇවිත් තිබුණ නිසා සමහරවිට පොඩි එවුන්ගේ මහ එවුන් හිතන්න ඇති අපි ටියුබ් එකේ ගාස්තුව විදියට පොඩි එවුන්ට ෂොට් එක ගානේ දෙයි කියළා. එහෙම වුණොත් ඉතිං මහ එවුන්ට කෙළ ගිල ගිල තමයි ඉන්න වෙන්නේ.මොකද ඒ වගේ වැඩකට නොදන්නා එවුන්  හවුල්  කරගෙන  අනාගත්ත  අත්දකීම් බොහොමයක් තියෙන නිසා, ඒ වගේ අභීත තීරණයක් ගන්න කවුරුත් ඉදිරිපත් වුණේ නෑ. මෙන්න මෙතැනදී ඉරෝෂාගේ කැමරාව ක්‍රියාත්මක වුණා. ඒ ඡායාරුප අපිට පසු අවස්ථාවක බලන්නට සැලස්වුවත්, එයින් කිහිපයක් මේකට
________________________________
එහි කාමර වෙන් කර ගත්තා. මේ යුගයේ  ලංකාවේ කුමන පළාතකට අපි විසිත්ත කළත්, මගේ ජොගින් ඇඳුම් කට්ටලය රැගෙන යන්න, මම අමතක කරන්නේ නෑ.දැන් මම දෛනිකව ව්‍යායාම නොකලත්, දැනට අවුරුදු 4 කට පෙර එය ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් වෙලා තිබුණා. ඒ වෙනුවෙන් සිහින් සිරුරක් පවත්වාගෙන යන්න මම වෙනත් ක්‍රමයක් අනුගමනය කරනවා.  ඒ ගැන පොස්ට් එකක් පසුව ලියන්නම්. 

මේ ගමනට එකතු වුණු  අපේ රියැදුරු මහතා ගැන වචනයක් සඳහන් කරන්න ඕනේ. ඔහුගේ නම සෝමරත්න, ඔහු ව්‍යාපාරිකයෙක්. ඒ නිසා අපිට කරදර අඩුයි. මේ වගේ ගමන් වලට එකතු වෙන සමහර රියැදුරු මහත්වරු පූල් එකේ ගාන සේටල් කරන්නේ නැතුව මාරු වෙන්ව. පූල් එක කියන්නේ, මේ වගේ ගමනකදී පවත්වාගෙන යන පොදු අරමුදල. මුලින්ම හැමෝගෙන්ම රුපියල් 2000ක් විතර එකතු කර ගන්නවා. ඒ අරමුදල හසුරුවන්න එක් අයෙකුට භාර දෙනවා. ඉන් පස්සේ එන හැම වියදමක්ම දරන්නේ ඒ අරමුදලින්. එයා කරන්නේ ඒ බිල් තමන්ගේ ළඟ තබාගෙන, පොදු ගිණුමක් පවත්වාගෙන යන එක. ඒ වියදම බෙදලා අදාළ අයගේ වියදම් තීරුවට එකතු කරනවා. තව මුදල් අවශ්‍ය නම් නැවත එකතු කරනවා.
________________________________
 අතකින් වාසියි. එයාලා ඇඟට ගොඩ වෙන්න එන්නේ නෑ. ඉතිං සෙනෙවිරත්න ලොක්කා අපි යමුද තේකක් බොන්න කියළා කථා කළා. කවුරුත් මේ වෙනකොට උදේටත් සප්පායම් වෙලා. එහෙනං උඹ පලයන් කියළා, නාමලා මාව පංගාර්තු කළා. මමත් එතුමා එක්ක ගිහිං ආගිය තොරතුරු කථා කරන ගමන් තෙකක් රස බැලුවා. එතකොට මම තේ බොනවා. දැන් බොන්නේ නෑ. අනික මේ වගේ පළාත් වල තේ හරිම රසයි. හේතුව විස්තර කරන්න අවශ්‍ය නෑ. කොලිටි බඩු මේ පැතිවල හිඟන්නොත් බොන්නේ.   මේ වගේ ගමන් වලදී ලැබෙන වාසි කිහිපයක්ම තිබෙනවා.  ඒ මේ වගේ පළාත් වල තිබෙන වස-විසෙන් තෝරා ආහාර පරිභෝජනයට ලැබෙන අවස්ථාව, අනික ඒවා මිලදී ගෙන එන්න ලැබෙන අවස්ථාව. සමහර වෙලාවට අපි තොග පිටින් ගෙනැත්, අපේ අසල්වැසි, ඥාති අය අතර බෙදා දෙනවා. ඒ තරමට ඉස්තරම්, ඒ වගේම මිලත් අඩුයි. මේ ගමනේ රියැදුරු සෝමරත්න ව්‍යාපාරිකයෙක් කියළා මම කිවුවා. එයාට අයිති කඩයක් තමයි නාරාහේන්පිට අභයාරාමයට පාරෙන් අනික් පැත්තේ තියෙන්නේ. එතැන සරු ව්‍යාපාරයක් තියෙනවා. ඉතිං සෝමරත්න, මුදලට ලෝභ නෑ. ඒ වගේමයි හොඳ මහත්මයෙක් වගේ හැසිරෙනවා, නිතරම ඉහළ කළමනාකාරීත්වයට සේවය කළ කෙනෙක්. මිනිහා බ්‍රාන්ච් වලට
________________________________
කියළා. මමත් ගොනා වගේ අරගත්තා. දා ගත්තම සුදුවට රවුම් දෙකක් පෙනුණා. මේකා කොළ කෑලි දෙකක් රවුමට කපලා. ඒකෙ පුරුෂ පක්ෂයේ සෙට් එකක් ඇඳලා අලවලා. වැඩේට මටත් හිනහා. පස්සේ ඉතිං ඕක මුළු අංශයේ ඉන්න හැම එකාටම මාසයක් විතර කියවලා රසය ගන්නවා. වලස්මුල්ලෙදී කරපු තවත් රසවත් වැඩක් මතක් වුණා. ඒ විස්තරය පසුවට. 

ඔය බ්‍රාන්ච් වල  සුළු  සේවකයෝ සෙට් එක පුදුම ආතල් කොට්ඨාශයක්. ගිනිගත්හේනේ හිටිය කෙනාගේ නම මට මතක නෑ. පලවෙනි දවසේ හවස, මැනේජර්, එතකොට උපදේශක සිකුරිටි, මේ පියන් හරි ලේබර් හරි කෙනා විතරක් ඉතුරු වෙන්න අනික් අය ගියා. සිස්ටම් කරන්න දාලා තිබුණ රත්නායක අනික් කෙනා මගේ මතකය නිවැරදි නම් දර්ශිකා. ඒගොල්ලොත් ගියා. ඉන් පස්සේ බෝතලයක් අනුමත කරන්න අපිටත් ආරාධනා කරා. මම බොන්නේ බියර් නිසා මට කාර්ල්ස්බර්ග් එකක් ගෙනැවිත් තිබුණා. ඉතිං කට්ටිය සෙට් වෙලා යන අතරේ, මම මේසෙට ඔලුව ගහගෙන පොඩි නින්දක් අරගෙන. දැන් අර ලේබර් උන්නැහේ(කිවුවට 30ක් විතර ඇති කාළ වර්ණ පොරක්) මොකක්දෝ කථාවක් කියනවා. වල් ඌරෝ මුණගැහුණු කතාවක්. ඒ කාලේ අපි බ්‍රාන්ච් ගිය ගමන්ම හොයන්නේ
________________________________
එකතු කරගන්න පුළුවන්. ඒ වගේම එතුමා ඇමති කෙනෙකුගේ පුද්ගලික ලේකම් වරයෙකු වශයෙන් ලබපු රසවත් කතා ටිකක් එකතු කරන්න පුළුවන් වෙයි.    මේ වෙනකොට මම බොහොම සංයමයෙන් එතුමාට ඇහුම්කන් දෙනවා. ගිනිගත්හේනේ පළමු සතියේදී අපිට බ්‍රාන්ච් එකේ අයත් එක්ක වැඩිය සෙට් වේවි ඉන්න ඉඩකඩ නැති වුණත්, දෙවෙනි සතියේ එයාලා වැඩ තනියම කරගෙන යන තත්වයකට ආවම, අපිට වේලාසනින් වැඩ අහවර කරගෙන ඒ කටයුතු වලට වේලාසනින් සුදානම් වෙන්න පුළුවන් වුණා. මේ බ්‍රාන්ච් එකේ කෙල්ලෙක් හිටියා කවුන්ටරයේ, කැම්පස් යන්න කළින් බැංකුවේ තාවකාලික පදනම මත සේවය කරන. ඉතිං මේ අය අපිට් එක්ක ඉක්මනින්ම කුළුපග වෙන කට්ටිය. හේතුව තමයි මුලින්ම ට්‍රේනින් දෙන්න වෙන්නේ කවුන්ටර් වල ඉන්න උදවියට වීම. එයාලගේ වැඩ, කරගෙන යන්න අපේ සහය අත්‍යවශ්‍ය වෙනවා. මේ කෙල්ලගේ නමත් මට ඒ හැටි මතක නෑ. ඒ කෙල්ල ඇවිත් මගෙන් ජාවා(ක්‍රමලේඛන භාෂාවක්) පොතක් ඉල්ලුවා. මම කිවුවා, මගේ ගාව නම් නෑ හොයලා බලන්නම් කියළා. බලනකොට ඒ කෙල්ලගේ අයියා ජාවා ඉගෙන ගන්නවා, ඒත් කැම්පස් එකේ. ඒ කෙල්ල දවසක් කවුන්ටර් පුටුවේ පණුවෙක් වගේ නලියමින් සාමනේර ස්වාමීන් වහන්සේ කෙනෙක් එක්ක අල්ලාප-බැලුවම තමයි දැන ගන්න ලැබුණේ
________________________________
මම ඒ ගැන දැන ගත්තේ, අපේ බැංකුවේ ක්‍රීඩා උත්සවයක් අමතන්න ආපු මහාචාර්ය ලක්ෂ්මන් පියසේන මහතා කළ කතාවකින්. එතුමා කතා කරමින් මේ බැංකුවේ නිර්මාතෘ වින්සන්ට් සුබසිංහ මහතා ගැන සඳහන් කරමිකන් කියා සිටියා "එතුමා මුලින්ම මේ බැංකුවට බඳවා ගත්ත සේවකයින්ගෙන්  සම්මුඛ සාකච්ඡාවේදී විමසපු කාරණයක් තමයි, මිනිසුන්ගේ දහඩිය ගඳ-සුවඳ ඉවසන්න පුලුවන්ද ? කියන එක". මගේ හිතේ මේ වාක්‍ය කිහිපය බොහොම ගැඹුරු විදියට පැලපදියම් වුණා.  

දෙවෙනි සතියේදී අපි ඔවුන් ලඟට වෙලා පුහුණු කටයුතු කරන්නේ නෑ. අපි බොහෝවිට පද්දති කාමරයේ සිට ඔවුන්ට අවශ්‍ය වූ විට පමණක් පිටතට පැමිණ අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. මෙවැනි දවසක තේ බොන්න එලියට ගිය අවස්තාවක අපත් සමග ශාඛාවෙන් එකතුපුද්ගලයෙක්, පැරණි ගොඩනැගිල්ලක් අසළ මිටි බංකුවක හිඳ සිටින අපිළිවෙල දිගු රැවුලක් සහිත පුද්ගලයෙකු පෙන්වා, නියම මෑන් කෙනෙක්, පොඩ්ඩක් කතා කරළා බලමුද කිවුවා. අපිටත් විශේෂ හදිසියක් නොතිබුණු නිසා ඔහුගේ අදහසට   එකඟ වුණා.

මේ මුණගැසීමට අවුරුදු දහඅටක් වත් වෙන නිසා, මට හරියටම මේ මනුස්සයාගේ නම මතක නෑ. කොහොමත් අවුරුදු 80 කට
________________________________

ඔහු තවත් බොහෝ දේ පැවසුවා, නමුත්  අද මට ඒ ගැන නිශ්චිත මතකයක් නෑ. 
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
1
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
2
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
3
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
4
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
5
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
6
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
7
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
8
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
9
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
10
අවශ්‍යතාවයක් ඇති වූ විට දිව යන්නේ  අක්කා වෙතය.

කෙසේ හෝ එම විනෝද චාරිකාවට එක් වුයෙමි. එහි ගමන් මග යොදාගෙන තිබුණේ ගිනිගත්හේන හරහාය. මා මුලින්ම ගිනිගත්හේන දුටුවේ එදාය. එහි කිසිම ගිනිගත් ස්වභාවයක් නැත. ඉතා සිත්ගන්නා සුළු මනස්කාන්ත පරිසරයක් එයට ඇත. ඉන්පසුව මා මේ නගරය වෙත පෙමින් බැඳුනේය. ඕනෑම කෙනෙකුට එවැනි නගර කිහිපයක් ඇත. ගිනිගත්හේන එසේ මා ප්‍රිය කරන එක් නගරයකි. ඉන් පසුව මගේ රාජකාරි කටයුතු සඳහා මෙම නගරය කිහිප වරක් පසු කරන යන්නට අවස්ථාව උදා වුවද, එම නගරයේ නවාතැන් ගෙන එහි සති දෙකක කාළයක් සේවය කරන්නටඅවස්ථාව උදා විය. ගිනිගත්හ්න ගමනට මා එක් වුයේ ඉතා කැමැත්තෙනි. නාමල් සහ අකිල මේ ගමනට එක් වූ කණ්ඩායමේ අනෙක් දෙදෙනාය. එහි ප්‍රධානත්වය ගත්තේ නාමල්ය. ඉන්පසු අත්දැකීම ඇති මමත් සහ අකිල වගකීම් අතින් නාමල්ට වඩා අඩු බරක් දැරුවෙමු. මෙවැනි ගමනකදී අපගේ වගකීම වන්නේ, කොළඹින් රැගෙන යන සර්වරය, ටර්මිනල් සහ මුද්‍රණය යන්ත්‍ර නව ශාඛාවේ සවි කර, පැරණි ශාඛාවේ තිබෙන පැරණි පද්දතියේ ඇති දත්ත නව
________________________________

 නොව, දෛනිකව පද්දතිය සමතුලිත කිරීමේ වගකීම හිමි වන්නේ මෙකී පුද්ගලයාට නිසා, ඔහුට සැලකිය යුතු අතිකාල ප්‍රමාණයක් හිමි වන නිසාය. ඉතිං ඔවුන් අපට සමීප වීමට උත්සාහ කරයි. නම් වශයෙන් සඳහන් කිරීමට වුවත්, එවැනි පුද්ගලයෙකු අපට රක්වානේදී මුණගැසිණි. එහිදී ප්‍රධාන වගකීම දැරුවේ මා වූ අතර, සුපුරුදු පරිදි අකිලද මෙම ගමනට එකතු විය. පද්දතිය ක්‍රියා කරවීමේ සඳහා පත්කළ පුද්ගලයා මුල සිටම උත්සාහ කළේ හැකිතරම් අතිකාල ප්‍රමාණයක් කර මඩිය තර කර ගැනීමටයි. ඔහු නිතරම අපගෙන් ඉල්ලා සිටින්නේ ගොඩකවෙල ශාඛාවට ගෙනැවිත් සවිකළ වර්ගයේ පරිගණක පද්දතියක් මෙහිද ස්ථාපනය කරන ලෙසයි. ඒ ඇයිදැයි අප විමසා සිටි විට, ඔහු පවසන්නේ එම පද්දතිය ස්ථාපනයෙන් පසුව සිස්ටම් ඔෆිසර් අලුත් ගෙයක් හැදුවා යන්නයි. පළමු සඳුදා දිනයේදී සියළු කටයුතු පිලිබඳ පැහැදිලි පුහුණුවක් ඔවුන් වෙත ලබා දීම අපගේ වගකීමයි. සඳුදා උදයෙන්ම අපි ශාඛාවට පිවිසෙන්නේ උදෑසන තේ එක පමණක් පානය කිරීමෙන් පසුවයි. උදෑසන ආහාරය ගැනීමට කඩ ගානේ යන්න ගියොත්, සඳුදා පැමිණෙන ගනුදෙනුකරුවන්ට සේවය ලබා දීම තබා, පද්දතිය හසුරුවාගන්නටවත් ඒ සේවකයන්ට නොහැකි වෙනවා.  ඔවුන් ඉන්නේ
 _______________________________
වශයෙන් දිව මතුරක් වගේ කියාගෙන යනවා. එයින් ඔහු බලාපොරොත්තු වන්නේ, පොදු ලෙජරය බැලන්ස් නොවී පැවතීමයි. එවිට ඔහුගේ අතිකාල මීටරය කරකවන්න පුළුවන්, ඒක සොයන නියායෙන්. එදා අවුට්-අවුට් ගාගෙන යනකොට මම ඇහුවා මොකද කියළා. මිනිහා කියනවා 110.87 වගේ ගානකින් අවුට් කියළා. අපි දන්නා සෙල්ලම් සේරම දාලා හෙවුවා, අහු වුණේම නෑ. පස්සේ මම ඇහුවා ටී.ඕ.ඩී. ඉන්ටරස්ට් දැම්මද කියළා. ඒ කියන්නේ තාවකාලික අයිරා වෙනුවෙන් දෛනිකව අය වෙන පොළිය. මේක දවස ගානේ උදේ ගන්නා මුද්‍රිතයක් එහම නැතිනම් ප්‍රින්ට්අවුට් එකක් මගින් බලා ගන්නවා. එයට වවුචරයක් අමුණා, එය ගිණුම් ගත කරනවා. මේ ප්‍රින්ට් අවුට් වලට අපේ ශාඛා වල අය එක්තර වචනයක් භාවිතා කළා. ඒක මහජන බැංකු උප සංස්කෘතියේ වචනයක්. එහෙම මුද්‍රිතයක් ලබා ගන්නවට කියන්නේ. ප්‍රින්ට් අවුට් එකක් අදිනවා, ප්‍රින්ට් වෙනවාට කියන්නේ ප්‍රින්ට් අවුට් ඇදෙනවා කියළා. ඇදෙන්නේ සාමාන්‍යයෙන් සර්පයෝ නේ. මම ඔය වාග් මාලාව භාවිතා කළේ නෑ. ඒකට හේතුව පිට තැනක කිවුවාම එතැනට ඒ වචන ඒලියන් වෙන නිසා. ඉතිං කලින් කිවුව ඉන්ටරස්ට් ගාන ඇහුවම මිනිහා වවුචාරයේ ලියපු ගාන බලලා කියනවා. මගේ සාමාන්‍ය පුරුදුදක් තිබුණා, ඒ වගේ දේවල් ලබා ගත්ත මුද්රිතයෙන් බලන. මම ඒ වවුචරය ඉල්ලා
________________________________
මේ වගේ බ්‍රාන්ච් වල ඉන්න පියන්ලා බොහෝ විට සොමියට බරයි. ගිනිගත්හේනේ සිකුරිටි ගාඩ් මහත්මයා තමයි ඒ කාලේ හිටපු කළමනාකාර තුමාගේ උපදේශක. කාටද සිස්ටම් දෙන්න ඕනේ, කවුන්ටරේට දාන්නේ කාවද? ආරම්භ කරන දවසේ තියෙන උත්සවයේදී පොල්තෙල් පහන දල්වන්න දෙන්නේ කාටද කියන ඒවා ඔක්කොම තීරණය කරන්නේ එයා. අපිට සමහර දේවල් වලට ඇඟිලි ගැහ්නන්න බෑ. නමුත් සිස්ටම් එකේ වැඩ වලට දාන කෙනා දේශපාලන පත්වීමක්(ඒ කිවුවේ හිතවත් කම් වලට වෙච්ච) වුණොත් අපි කම්බස්. ඇයි ඉතිං කොච්චර ඉගැන්නුවත් ගඟට කපන ඉණි වගේනේ. ගඟ කිවුවම මතක් වුණේ. අපි ගිනිගත් හේනේදී ලැබුණු මද ඉසිම්බුවකදී ගියා ගඟේ නාන්න. මේවායේ ෆොටෝ වගයකුත් තිබුණා අපේ ඉරෝෂා ළඟ. ඉස්සර එයා බ්‍රාන්ච් යනකොට කැමරා එකයි ෆිල්ම් රෝල්ල් දෙකක් විතරයි අරගෙන එන්නේ. ඇල්බම් ඇති ගෙදර ගොඩ ගහලා. එතකොට ඔය ෆේස්බුක්, අරබුක්, මේ බුක් තිබුණේ නෑ.  ඔක්කොම ප්‍රින්ට් කරා. අපේ ඒවා දීලා සල්ලි ගත්තා. එයාගේ ඒවා ඇල්බම් වල දා ගත්තා.අපි නාන්න ගියේ ගිනිගත්හේන නාවලපිටිය පාරේ කිලෝමීටරයක් විතර නාවලපිටිය පැත්තට ගියාම තියෙන තැනකින් පල්ලමට බැහැලා. එතැන මාර සපෝට් එක. මේවා තවම ඒ විදියට සුරැකිලා තියෙනවද
________________________________
එකතු කරන්න ගියොත් තව සෑහෙන කාලයක් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා.
මම හිතන්නේ අපි මේ විවේකය ගත්තේ, ඉරිදා දාහවල් විවේකයේදී. ඉන්පස්සේ අපිට තියෙන්නේ නිදි මැරීමක් නිසා, මේ වගේ විරාමයක් ගත්ත එකත් හොඳයි කියළා හිතෙනවා. අපි හවස් වරුවේ හෙමින් සීරුවේ ශාඛාවට ලඟා වුණා. ඒ දවස් වල සිදු වෙන දේ සාමාන්‍යයි.ඒවායේ ගත යුක්තක් නැති නිසා, ඒ සියල්ල මෙහි සඳහන් කරන්න යන්නේ නෑ. පහුවදා උදෙන්ම අපි ශාඛාව කරා ලඟා වුණා. ගිනිගත්හෙනේදී අපිට ඉන්න අපූරු නවාතැනක්, ඒ කියන්නේ ගෙස්ට් හවුස් එකක් ලැබුණා. ඒක පිහිටලා තියෙන්නේ ගිනිගත්හේනේ ඉඳලා කොළඹ පැත්තට කිලෝමීටර් දෙකක් විතර පල්ලම් බැස්සම හමු වෙන හරියක. පුදුම නිස්කලංක, ඒ වගේම කඳු බෑවුම අපූරුවට පෙනෙන තැනක. එහි කිසිම කාමරයක මදුරු දැල් දකින්න නැති නසා අයිතිකරුගෙන් අපි ඒ ගැන විමසුවා. ඔහු කියා සිටියේ වරක් සංචාරකයෙකුද ඒ ගැන විමසා සිටි බවයි. ඔහු උත්තර දී ඇත්තේ "ඉෆ් යූ බයිට් එනි මොස්කිටෝ, අයි විල් ගිව් යූ ෆ්‍රී" කියාය. ඔහුගේ මේ පම්පෝරිය අසා සිටින්නට ගියොත් අපිට ප්‍රමාද වන නිසා, එය තෝරාගෙන අපි බෑග් එහි රඳවා පැමිණියා. මුල් දවස් කිහිපයට කාමර දෙකක් සහ පසුව එක් කාමරයක් වශයෙන් අපි
________________________________
 අවසානයේදී සියලු දෙනා තමන් ගෙවිය යුතු මුදල් ප්‍රමාණය පියවනවා. නැතිනම් එකතු කර ගත් මුදලින් ගෙවන්න තියෙන අයට ගෙවනවා. මේක හසුරවන්න ගිහිං අතින් පාඩු කරගත් අවස්ථා බොහොමයි. සමහර කූඨ මිතුරන්, මේ කාළය මැදදී ගමේ යන්න ඕනේ වුණොත්, මේ මුදලින් කීයක් හරි ඉල්ලාගෙන යනවා. බැංකුවේ කියළා වෙනසක් නෑ. කොතැනත් ඔය වගේ අය ඉන්නවා.

සඳුදා උදේ හත වෙනකොට අපි ශාඛාවට යනවා. එදත් ඒ වගේම ගිහිං ඉන්නකොට මේ විවෘතයට ආරාධනාවක් ලැබිලා අපේ සෙනෙවිරත්න ලොක්කත් ආවා. ඒ තමයි එතුමාව කට්ටිය නොතැන ආමන්ත්‍රණය කරන විදිය. එතුමා සහකාර සාමන්යධිකාරි වරයෙක්. එතුමා ගැන සේවක පිරිස දෙවිදියකට කථා කරනවා. නමුත් මටනම් එතුමාගෙන් වරදක් තිබුණේ නෑ. ඒ අජිත් විජේරත්න කියන මහත්මයාට පිං සිද්ද වෙන්න. නැතිනම් බොහෝ ලොක්කන්ට මාව නයාට අඳුකොළ වගේ. හේතුව මේ ලොක්කන්ට මම කරපු වැරදි නෙවෙයි. මමත් එක්ක ආත්මගත වෛරක්කාරයෝ පිරිසක් මේකේ ඉන්නවා. ඒ අය අලුතෙන් ලොක්කෙක් ආපු ගමන් ගිහිං කියනවා, මූ දරුණු ගණයේ ත්‍රස්තවාදියෙක් කියළා. මමත් ඕවා නිවැරදි කරන්න යන්නේ නෑ. එහෙම වුණාම එක
________________________________
 ගියාම, පියන්ට කතා කරලා කියනවා "කෝ මේ මහත්වරුන්ට බොන්න මොනවා හරි අරං එන්න. මැනේජර් මහත්තයට කියන්නේ එයාගේ ඇලවන්ස් එකන් ගෙන්නන්න කියලා" අණ දෙන්නේ හරියට ලොක්කෙක් වගේ. කොහොම හරි වැඩේ කෙරෙනවා. නැතිනම් ඉතිං සවුත්තුව දානවා. සෝමරත්න මගේ උදේ ඇවිදීමේ වෑයමට එකතු වුණා. අපි දෙන්නා කතාවක් දාගෙන ටවුමට කන්ද නගිනවා. ඉන් පස්සේ එළකිරි දෙකක් බීලා, ඇම්බුන් හරි ආනමාලු හරි කෙසෙල් ගෙඩි දෙකක් කාලා. තව දෙකක් අතින් අරං පල්ලම් බහිනවා. ඒ දෙක නාමල්ටයි අකිලටයි ගෙනියන්නේ. අපි යනකොටත් සමහරවිට උන් දෙන්නා නිදි. ඉන් පස්සේ වෙලාව තිබුණොත්, මම ගෙනියන පොතක් බලනවා. මේ කාලේ මගේ ගාව තිබුණේ, දොස්තර ජයවීර බණ්ඩාර එයාගේ ජීවිත කතාව ලියපු පොත. පොතේ නම මට මතක නෑ. කොහොම හරි ඒ පොත බලලා, අකිල මට කෝචෝක් එකක් දානවා "උඹට ඉතිං වැලේ වැල් නෑනේ" කියලා. අකිලයා කරන මේ වගේ අන්ඩර වැඩ වළින් පුදුම රසයක් ඇති වෙනවා. දවසක් හවස අපි කලින්ම පිටත් වුණා. මගේ බෑග් එකේ නිතරම මගේ රේබෑන් වර්ගයේ සන්ග්ලාස් එක තිබුණා. එදා ඉර බැහැලා යන දර්ශණය ඉතා හොඳින් දකින්න ලැබුණා. අකිල මට කිවුවා සන්ග්ලාස් එක ගෙන බලපන් 
________________________________
දුවන පුහුල් නොහොත්, වයිල් බෝ නොහොත් වල් ඌරා. ලංකාවේ  පැති කිහිපයක වල් ඌරු මස් රසබලලලා තියෙනවා. ඒවයේ වෙනස්කම් තියෙනවා. වියළි කළාපයේ සහ දැඩි ශීත ප්‍රදේශ වල වල් ඌරා රසයි. එහම කියළා අනික් පළාත් වල ඒවා ගෙනාවම නිදැල්ලේ යන්න ඇරියේ නෑ.

අරකා දිගටම කියවනවා හරියට දේව පාමුල ගියපු ගොලුවෙක් වගේ. මට ඇහැරුණා කෙටි නින්දකින් පස්සේ. මේකා කියනවා "මහත්තයා කාල්ස් බියර් එකක් බීලා ඔලුව ගහං ඉන්නවනම්, අපිට කොච්චර නින්ද යන්න ඕනෙද, අපි බිවුවේ විස්කි නේ"කියළා. කතාව ඇත්ත. එයාලාගේ බෝතලේ ලෝකල්වුණත් විස්කි නේ.ගෙනල්ලා තිබුණේ, වී ඇන්ඩ් ඒ කියන වර්ගය. තනිකර ආර්ටිෆිෂල් කියළා තමයි බොහෝ දෙනාගේ මතය. නැතිව ඉතිං ලංකාවේ කොහොමද විස්කි හදන්නේ. මමත් මේ ළඟදී තමයි දැන ගත්තේ, මේවා හදන්නේ බාර්ලි වළින්, ඒවා වැවෙන්නේ එකතරා දේශගුණික තත්වයන් යටතේ, සිංගල් මෝල්ට් කියන්නේ මොනවද ? බ්ලෙන්ඩ්ඩඩ් විස්කි කියන්නේ මොනවද ? කියළා. ඒ පිලිබඳ විස්තරාත්මක ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙනවා. මම දැන් ඉන්නේ විස්කි පිලිබඳ හොඳ අධ්‍යනයක යෙදුණු මහත්මයෙකුගේ ගෙදරක. ඉතිං එතුමාගේ දැනුම මෙතැනට
________________________________
 සල්ලාපයක යෙදෙනවා. අපේ අකිලගේ කටට මේ වගේ වෙලාවට එන දේවල් මෙතන විස්තර කරන්න බැ. මේක දවස් කීපයක් යනකොට ඒ කෙල්ලව මට ජෝඩු කරන්නත් ලාස්තිය.

මම මේ වගේ ශාඛාවල් වල නිරීක්ෂණය කරපු දෙයක් තමයි, එක පාරටම සෙනග පිරිලා ඉතිරිලා යනවා, තවත් මොහොතකින් පාලුවට යනවා. හරියට මුහුදේ රළ වගේ. ඒ ගැන සොයා බැලුවම දැන ගන්න ලැබුණා, කඳු පැතිවල තියෙන ගමාන වලින් බස් නගරයට ආවම, එක බස් එකේ එන අය සියල්ලන්ම බොහෝවිට බැංකුවට එනවා කියළා. ඔවුන් මේ ගම්මාන වල ගොවිතැන් කරන උදවිය, ඔවුන්ගේ අස්වන්න විකිණීමෙන් ලැබෙන ආදායම බැංකුගත කරලා යන්නයි ඔවුන් එන්නේ. මේ සමහර මිනිසුන් මුදල් ආපසු ගැනීම ලැජ්ජාවට කාරණයක් ලෙස සිතන පුද්ගලයින් බව දැනගනත් ලැබුණා. නගරයේ සහ ගමේ මිනිසුන්ගේ පැහැදිලි වෙනසක් ඒක. මේ වගේ බස් එකක සෙනග ආවම මුළු ශාඛාවම ඔවුන් පාවිච්චි කරන විවිධ වර්ගයේ සුවඳ විලවුන් වර්ග සහ ඔවුන්ගේ දහඩිය සුවඳ මිශ්‍ර අමුතුම ගඳක්ද-සුවඳක්ද කියා හිතන්න බැරි එකකින් මුළු ශාඛාවම  පිරී යනවා. මහජන බැංකුවේ අපිට මේ දහඩිය ගඳ-සුවඳ ඉවසන්න පුළුවන් වෙන්න ඕනේ.

________________________________
 ආසන්න පුද්ගලයා අපගේ ශාඛාවේ මිතුරා දැන හඳුනාගෙන ඔහු සමග කතාවට වැටුණා. ඒ සීයා මේ පළාතේ කෙනෙක් නොවෙයි. නමුත් තරුණ කාලේ මේ පැත්තේ සේවයාට ඇවිත් ඇති වෙච්ච ආදර පලහිලව්වක ප්‍රතිඵලයක් විදියට තමයි ඇද මෙහි ස්ථිර පදිංචි කාරයෙක් වෙලා තියෙන්නේ. අංකල් මොකක්ද කරපු රස්සාව ?
මං ඒ කාලේ වැඩ කළේ ඔටෝමොබිල් ඇසොසිෂයන් එකේ. ඒකෙ සාමාජිකයින්ගේ වාහන බ්‍රේක්ඩවුන් වුණාම ගිහින ඒවා හදන්න උදව් කරනම එක තමයි අපි කළේ. මම ඒ කාලේ මේ පැත්තේම තමයි වැඩ කළේ. එක දවසක් එක ගෙදරක හිටපු තඩි ඇල්ශේෂන් බල්ලෝ දෙන්න් දැකලා මට හීන් දාඩිය දැම්මා. ඉස්සර අපි මෝටර් සයිකල් වලින් තමයි යන්නේ. මම ඉස්සර ඒ වගේ මෝටර් සයිකල් එකතු කළා. මේ තියෙන්නේ ඒ වගේ එකක්. තමන් ඉන්න ඉස්තොප්පුවෙන් ඇතුල් පැත්තේ තිබුණු පුංචි බයික් එකක් අපිට පෙන්නුවා.
ඒක මෙන්න මේ පින්තූරයේ තියෙනවා වගේ එකක්. රථවාහන ගැනවිශේෂ උනන්දුවක් දක්වන අපේ අකිල කිවුවා. මේක හදලා තියෙන්නේ පැරෂුට් ඒකෙන් බැහැලා, කාන්තාරයේ එළවන් යන්න කියළා. ඒ අංකල් ඒ අදහස අනුමත කළා. මට ඒ වගේ දැනීමක් නැති වුණත්, මමත් ඉතාම උනන්දුවෙන් අහගෙන හිටියා.
________________________________

Saturday, June 1, 2019

සියෑමයේ තෙවෙනි සැරිය ......

සියෑමයට ගිය පළමු සහ දෙවෙනි (මේ සටහනට පස්සේ තිබෙන සටහන් තුනම[ 1 , 2 , 3 ]තායිලන්ත සංචාරය ගැන ලියවුණු ඒවා. උනන්දුවක් තියෙන අය සඳහා) සංචාර සටහන් ඔබ කියවන්නට ඇතැයි මා සිතනවා. සිතුවාට වැඩක් නෑ. බ්ලොග් කියවන බොහොමයක් දෙනෙක් 2012-13 අවධියේ බ්ලොග් කියවපු ලියපු අය නොවන බව මා දන්නවා. ඉතිං බහුතරයකට මේවා මග ඇරෙන්න ඇති. මම එදා කිවුවා වගේම අදත් කියන්නේ අපිට තායිලන්තයෙන් ඉගෙන ගන්න බොහෝ දේ තියෙන බව. අපි මැලේසියාව, සිංගප්පූරුව, දකුණු කොරියාව කිට්ටුවට යන්න කලින් බලන්න ඕනේ තායිලන්තය කිට්ටුවට යන්න. 

මේ ගමන් තුනේදී මම දැක්ක ප්‍රධාන වෙනසක් තමයි තායි බාත්(තායිලන්තයේ මුදල් ඒකකය) එකට අපි ගෙවිය යුතු මුදලේ වෙනස. මගේ පලවෙනි තායි සංචාරයේදී එය පැවතුනේ බාත් එකක් සඳහා රුපියල් 2.50 ත් 2.75 අතර මුදලක. මම මෙහෙම අතරමැදි ගානක් කියන්නේ, හරියටම අගය මතක නැති නිසා. අන්තර්ජාලයේ පෙන්වන අගය අනුව ඔය කිට්ටු අගයක් තියෙන්න ඕනේ. දෙවෙනි වතාවට මම ගියේ 2012 දී, ඒ වතාවේ මේ අගය රුපියල් හතරකට අඩුවෙන් තිබුණා. මෙවර එහි අගය කෙතරම් ඉහළ ගිහින්ද කියනවනම් හැම වියදමක් කරන්න කලින් දෙවරක් හිතන්න අපට සිදු වුණා. 31 දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමේ එක් අයෙක් ඇරුණම කිසිවෙක් ගුවන් සේවාවෙන් ලබාදෙන කිලෝ 30 සීමාව ඉක්ම යන්න සමත් වුණේ නෑ. 31.4 ක් ලෙස සටහන් වූ අපේ සාමාජිකයා පළමු වතාවට විදෙස් ගත වුණු කෙනෙක්. එනිසා ඔහු සාපේක්ෂව විශාල මුදලක් එහි රැගෙන යන්න ඇති. මෙවර එහි අගය රුපියල් හයකට ආසන්න අගයක් ගෙන තිබුණා. 

කලින් වතාවල වගේම මට මෙවරත් මේ අවස්ථාව උදා වුණේ ක්‍රිකට් හින්දා. මුල් වතාවේ ක්‍රීඩකයෙකු ලෙස මේ අවස්ථාව  උදා වුණත්, මෙවරකණ්ඩායම් කළමනාකරුවෙකු ලෙසින් සහභාගී වුණේ. ගමනේ වියදම් අඩු කිරීමේ පරමාර්ථයෙන් ජනසතු සේවා ක්‍රිකට් සංගමය අඩු වියදම් ගුවන් සේවාවක් වන තායි ලයන් ගුවන් සමාගම තෝරා ගත්තා. ඒ නිසා රුපියල් තිස් දාහකට ආසන්න (ටිකක් වැඩියෙන්) මුදලකට අපිට ටිකට් පත ලබා ගන්න පුළුවන් වුණා. නමුත් මේ අවස්ථා තුනේදී වීසා ගාස්තුවත් ක්‍රම-ක්‍රමයෙන් ඉහළ ගිහිං තිබෙන බව පෙනුණා. පෙර අවස්ථා දෙකේදී අපි කෙළින්ම තායි තානාපති කාර්යාලය හරහා වීසා ලබා ගත්තත් මෙවර සමාගමක් හරහා එය ලබා ගන්න සිදු වුණා. එනිසාම එහි ගාස්තුව ඉහළ ගිහිං තිබුණා. 2004 දී එය රුපියල් 2000/= ක්, 2012 දී එය 4600/=ක් සහ 2019 දී රුපියල්  10,000/= ආදී වශයෙන් ඉහළ ගොස් තිබුණා. තුන්වෙනි පාර්ශවයක් එයට මැදිහත් වීම නිසා මේ ගාස්තුව ඉහළ යන්න එක හේතුවක් ලෙස සටහන් කරන්න පුළුවන්. ඔවුන් එසේ මැදිහත් වීමෙන් කිසියම් පහසුවක් මේ ක්‍රියාවලියට එකතු වී තිබුණේ නෑ. ඒ වෙනුවට ඔවුන් පරීක්ෂා කරන ලියකියවිලි ප්‍රමාණය ඉහළ ගොස් තිබුණා. සාමාන්‍යයෙන් මෙවැනි වීසා ලබා ගැනීමකදී ඔබේ ගිණුමෙහි පැවතිය යුතු මුදලක් ඔවුන් සටහන් කරනවා(බොහෝවිට මෙම මුදල් අවශ්‍යතාව  සලකා බලන්නේ කෝඩුකාර සංචාරකයින්ගේ). 2004 දී එවැනි විමසුමක් කළාදැයි මට මතක නැතත්, 2012දී එය රුපියල් 75,000/= ක් සහ අද එය රුපියල් 85,000/= වශයෙන් සටහන් කරන්න පුළුවන්(එය ඩොලරය හමුවේ රුපියල අව ප්‍රාමාණය නිසා සිදු වී ඇතැයි විශ්වාස කරන්න පුළුවන්). එනිසා විදේශ සංචාරයක් කියන්නේ හැම අතින්ම සංචාරකයාට බරක්. සාපේක්ෂව මැලේසියාවේ අය කිරීම් ස්ථාවර මට්ටමක පවතිනවා 2010දී 500/=, 2015දී 551/=ක් සහ 2016දී 539/= ලෙස එහි අගය සටහන් වෙනවා. මින් අදහස් වෙන්නේ මැලේසියාව සංචාරකයින්ගේ ආගමනයට අනුබල දෙතත් තායිලන්තය එය සීමා කිරීමක යෙදී සිටින බවයි. නමුත් එහි සිටිනා විදේශිකයින් ප්‍රමාණය දුටු විට අපේ ඇස් උඩ යනවා. 

මුල්වර බැංකොක් නගරයේ විදුලි දුම්රිය සේවාව ස්ථාපනය කර තිබුණේ ඉතා කෙටි දුරක් සඳහායි. මම යන හැම රටකම වගේ දුම්රිය ප්‍රවේශපත්‍රයක් අමතරව ගෙවා මෙහි රැගෙන එන්නේ මෙවැනි දැනුවත් කිරීමකදී එය වැදගත් වන්නට ඉඩ තිබෙන නිසායි. 2004 දී එසේ ලබාගත් ටිකට්පත සුරැකිව තබා ගන්න මට හැකි වුණා.

2004 දී මෙය පැවතුණේ සංචාරක ආකර්ෂණය සහ එක්තරා ප්‍රදේශයක් ආවරණය කරමින් ගමන් ගන්නා ස්වදේශිකයින් සඳහා බවයි මගේ විශ්වාසය. 2012 සංචාරයේදී මට එම අහස් දුම්රිය මාර්ගය භාවිතා කරන්න හෝ සොයා බලන්න නොහැකි වුණා. එයට හේතු කිහිපයක්ම තිබුණා. විවිධ ආයතන වළින් එකතු කළ කණ්ඩායමක් සමගින් එක්ව හිත මිතුරු කම් ගොඩ නගාගෙන එක් පිලක් ලෙස කටයුතු කරන්න අවශ්‍ය කාළය ඒ පිරිස සමගින් ගත කරන්න සිදු වුණා. අනෙක මගේ සේවා ස්ථානයෙන් මේ වෙනුවෙන් සහභාගී වුණේ කිහිප දෙනෙකු නිසා මේ ගමන යන්න එකතු කර ගත හැකි කණ්ඩායම සීමිත වුණා. සාමන්‍යයෙන් මෙවැනි සංචාරයකට පෙර අතුව අප සැලසුම් කරන බොහෝ දේ වෙනස් කරන්න එහි ගිය විට සිදු වනවා. මෙයට ප්‍රධාන හේතුව වන්නේ එම කණ්ඩායමට සහභාගී වන විවිධ ආයතන වල පිරිස් නිසා. ඔවුන් ආ-ගිය තැන් පිලිබඳ කරන විස්තර නිසා, අපගේ සැලසුම් වෙනස් කර ඔවුන් අත්විඳි දේ අත්හදා බලන්න සිදු වෙනවා. බොහෝ අය මෙවැනි යා හැකි තැන් පිලිබඳ ඉඟි ලබා ගන්නේ, ටුක්-ටුක් හෙවත් තුන්සක් රියදුරන්ගෙන්. නමුත් ඔවුන් බොහෝවිට සිදු කරන්නේ ඔවුන්ගේ ලාභය පිණිස මේ අහිංසක පිරිස වල්මත් කිරීමයි. උදහාරනයකට, ඔවුන් යෝජනා කරනවා බොබේ මාර්කට්(මෙය ලංකාවේ පමුණුව වැනි තොග වශයෙන් රෙදිපිළි අලෙවි කරන ප්‍රදේශයක්) සඳහා ප්‍රවාහනය නොමිලේ ලබා දීමට, ඒ වෙනුවෙන් ඔබ කලයුත්තේ ඔවුන් පෙන්වන වෙනත් මිල අධික වෙළද ස්ථානයකට ගොඩවී එහි මිනිත්තු කිහිපයක් ගත කිරීම පමණයි. මැණික් සහ ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානය ඉන් එකක්. ඉතිං අප වැනි රටවල අය ඒ රස්තියාදුව භාර ගන්නවා. නමුත් ගමන් කලයුතු කාළය සාපේක්ෂව වැඩියි. ඒ වෙනුවෙන් ඔවුන්ට තෙල් හෝ ගෑස් සඳහා මුදලක් ලබා දෙන බව ඉන් එක් රියදුරෙක් 2012 ගමනේදී මා හා පැවසුවා.

මතකය අවධි වූ මොහොතේ, මා හා කුළුපග වූ ටෝනි නමැති මෝටර්සයිකල් රියදුරු ගැන සටහනක් තැබීම යුතුකමක් ලෙස සලකමි. 2012 වසරේදී අපට පතායා නගරයේ සැරිසරන්නට ලැබුණේ පැය තුනක් වැනි කෙටි කාළයක්. බැංකොක් වලින් සවස පහට පිටත් වූ අප පතායා වෙත ලඟා වත්දී කෙමෙන් අඳුර වැටෙමින් තිබුණත් රාත්‍රිය තරුණ වන්නට යන බව හාත්පස සලකුණු වලින් පැහැදිලි වුණා. ඇත්ත වශයෙන්ම පතායා යනු විශාල නගරයක් නොවේ. එය වර්ග කිලෝමීටර් පහත් දහයත් අතර ප්‍රමාණයක් පැතිරුණු විනෝදාස්වාදයෙන් සපිරි සංචාරක පාරාදීසයක්. රාත්‍රී ආහාරය අවසන් කළ අප වෙත සංචාරයේ කළමනාකරුවෙකු ලෙස ක්‍රියා කළ අනුර වීරසිංහ මහතා හරියටම රාත්‍රී 10:30 ට නැවතත් එම ස්ථානයට පැමිණෙන ලෙසත්, අවශ්‍ය වුවහොත් ඔවුන්ගේ අංක වලට දුරකථන ඇමතුමක් ලබා දෙන ලෙසත් දන්වා සිටියා. අප කණ්ඩායමේ 50කට අධික පිරිසක් සිටි නිසා මේ සැවොම එක් කණ්ඩායමක් ලෙස ගමන් කිරීම ප්‍රායෝගික ක්‍රියාවක් නොවේ. කොහොමත් මෙවැනි සංචාර වලදී සුපිරි වෙළඳ සැල් වැනි තැනක දෙදෙනෙකුට වඩා වැඩි පිරිසක් සිටීනම්, කණ්ඩායම් වශයෙන් නොගොස්, යලි එකතු වන තැනක් කථිකා කර, තනි තනිව යාම කාගේත් කාළය ඉතුරු කරන බව අප අත්දැකීමෙන් දන්නා දෙයක්. මා මුලින්ම ගමන් ගත්තේ ඒ.ටී.එම් යන්ත්‍රයක් සොයාගෙන. මුදල් ගෙන ආපසු හැරෙනවාත් සමග මා ඉදිරියේ පෙනී සිටි ප්‍රසන්න තරුණයෙක් එක් දිගට කථා කරන්න පටන් ගත්තා
"සුබ සන්ද්‍යාවක් සර්. මගේ නම ටෝනි. මේ තියෙන්නේ මගේ ගමන් බලපත්‍රය. මගේ රාජකාරිය මෝටර් සයිකලයෙන් සංචාරකයන් ප්‍රවාහනය. සර්ට, මොනවද ඕනේ කරන්නේ. මම ඔබව රැගෙන යන්නම්, අවශ්‍ය තැන් වලට"
මේ මොහොතේ මගේ මතකයට ආවේ, නර්මදා මේ සංචාරයට එකතු වනවිට, රුපියල් 5000ක් මා අත තබා කළ ඉල්ලීම. ගමනේ අවසානයට කෙමෙන් ලඟා වී තිබුණත්, ඇය පවසා සිටි "Hard Rock Cafe - Bangkok" ටී ෂර්ට් එක තවමත් මිලදී ගැනීමට මා අපොහොසත් වී තිබුණා. නමුත් පතායා නගරයේ ගෝල්ඩන් රොක් කැෆේ එකක් තිබෙන බව, මෙහි පැමිණෙන්නට පෙරම මා දැනුවත් වී සිටියා. එයට ප්‍රථම මගේ දුරකථනයේ බැටරිය ඉතා පහළ මට්ටමක පැවති නිසා, මුලින්ම බැටරි චාජරයක් සහ පසුව හාර්ඩ් රොක් කැෆේ ටී ෂර්ට් එක මිලදී ගත යුතු බව ඔහුට පවසා සිටියා. එයට සාවධානව ඇහුන්කන් දී සිටි ටෝනි ඔහුගේ සැලසුම දිගහැරියා.

"සර්. අපි මෙහෙම කරමු. හාර්ඩ් රොක් කැෆේ එකට සර් යන්න. ගිහිං එතැන මිල ගණන් අහන්න. ගන්න ඕනේ කියළා හිතෙනවනම් ගන්න. නැතිනම් සර් ආපහු එන්න. මම දන්නා තැනකින් අඩුවට එකක් හොයා දෙන්නම්. ඒත් අපි මුලින්ම යමු චාජර් එක ගන්න" 
ඔහු මා රැගෙන අඳුර පිරි අතුරු පාරවල් රැසක් පහු කරමින් ගියා. මගේ හිතේ මේ මොහොතේ යම් චකිතයක් ඇති නොවුණා කීවොත් එය සාවද්‍යයක්. ඔහු බයිසිකලය නවතා ඉදිරියට ඇදෙද්දී මම ඔහුට හොරෙන් බයිසිකලයේ අංක තහඩුවේ චායාරුපයක් ලබා ගත්තා. ඉන් පස්සේ ඉතාම සාධාරණ මිලකට මහල් කිහිපයකින් යුත් වෙළඳ සංකීරණයක දෙවෙනි මහලේ වෙළඳ සැලකින් චාජරය මිලදී ගත්තා. ඉන් පස්සේ මා යලිත් ඔහුගේ මෝටර් සයිකලයට ගොඩ වුවා. යලිත් වේගයෙන් පටු, අඳුරු අතුරු පාරවල් රැසක් පහු කරමින් ඔහු මා හාර්ඩ් රොක් කැෆේ වෙත රැගෙන ගියා. එය ඉතා සුවිසල් මට්ටමේ ස්ථානයක්. සාමාන්‍යයෙන් මෝටර් සයිකලයකින් කෙනෙකු ලගා නොවන මට්ටමේ ස්ථානයක්. එය ලංකාවේ සිනමන් ග්‍රෑන්ඩ් මට්ටමේ හෝටලයක්. නමුත් ඒ හෝටලයේ පිටුපසට වන්නට තමයි ගෝල්ඩන් රොක් කැෆේ එක පිහිටලා තිබුණේ. ටෝනිට රථ ගාලෙහි රැඳී සිටින ලෙස දන්වා, මට අදාළ ස්ථානයට ලගා වන ආකාරය පැහැදිළි කළ පිළිගැනීමේ නිලධාරියා, යලිත් මා ඔවුන්ගේ පිළිගැනීමේ කවුන්ටරයෙන් පිටතට කැඳවාගෙන ආවා. හාර්ඩ්  රොක් කැෆේ එක වෙත යා යුතුව තිබුණේ හෝටලය පසෙකින් ඇති අඩ අඳුරු කොන්ක්‍රීට් ඇතිරූ මාවතක් හරහායි. අද ගූගල් මැප් එක හරහා එය දෙස බැලීමේදී පෙනෙන්නේ ඔහු මා කැඳවාගෙන ගොස් ඇත්තේ ගෝල්ඩන් රොක් හෝටලය වෙත බවයි. සමහරවිට එය ඔහුගේ කමිෂන් මුදල නිසා විය හැකියි. මිනිත්තු කිහිපයක අවෑමෙන් අදාළ ස්ථානයට ලගා වුවත්, අතරමග මා දුටු දර්ශණ ගැනද යම් සටහනක් කළ යුතුයි. නාන තටාකයක් වැනි තැනක ලයිලෝ මත අඩ නිරුවතින් හැසිරෙන යුවලවල් රාශියක් පසුකර ගමන් ගත් බව අදත් මගේ මතකය අවධි කරවයි. මෙහි ඡායාරුපයක් මා ගත්තාදැයි මගේ මතකය නිවැරදිව නොපවසයි. නමුත් අවසිහියෙන් මෙන් එහි යම් ඡායාරුප කිහිපයක් ලබා ගත්බව මගේ විශ්වාසයයි.ජංගම දුරකථනයටකැමරාව එක් කළ දවසේ සිට, මා මිලදී ගත් සියළුදුරකථන වල හොඳ මෙගාපික්සල් ප්‍රමාණයක කැමරාවාක් තිබුණා. ඒ මා ඒ ගැන සැලකිලිමත් වූ නිසා. මේ කාළයේ මා සතුව තිබුණේ N8 වර්ගයේ දුරකථනයක්. එහි මෙගාපික්සල් 12ක කැමරාවාක් තිබුණ බව මගේ විශ්වාසයයි. ඉතිං බ්ලොග් කරුවෙකුට එවැනි කැමරාවක් තිබීමේ වැදගත්කම ඔබට වැටහේවි පසුගිය සටහන් කිහිපයක් දෙස බැලුවානම්.

මා හාර්ඩ් රොක් කැෆේ වෙත පිවිස මගේ අවශ්‍යතාව ඔවුන් හා පැවසුවා. ඔවුන් සතු ටී ෂර්ට් සියල්ල හාර්ඩ් රොක් කැෆේ පතායා යනුවෙන් සටහන් වූ ඒවා. මා ඔවුන් හා පැවසුවා මට අවශ්‍ය බැංකොක් යනුවෙන් මුද්‍රිත ටී ෂර්ට් එකක් බව. ඔවුන් මට බැංකොක් වල ඔවුන්ගේ අවන්හළේ ලිපිනය ඔවුන්ගේ කාඩ් පතක ලියා දුන්නා. මා එකෙනෙහිම නර්මදාට දුරකථන ඇමතුමක් ලබා ගත්තා. මගේ ටෙලිෆෝනය චාර්ජ් කර ගැනීමට මෙය අවස්ථාවක් කර ගැනීමටද හැකි වුයේ, ඔවුන්ට බලාපොරොත්තු තරම් ගණුදෙනු කරුවන් ප්‍රමාණයක් නොමැති හෙයින්. චාජරයේ තිබෙත්දීම ඇය හා සම්බන්ධ වූ මා මෙහි ඇති ටී ෂර්ට් සහි ඒවායේ මිල ගණන් පවසා ටෝනි මා හා පැවසු විස්තරය දැනුම් දුන්නා. මිලෙහි ප්‍රශ්ණයක් තමාට නැති බවත්, එය හාර්ඩ් රොක් කැෆේ බැංකොක් යනුවෙන් සටහන්ව තිබිය යුතු බවත් ඇය පවසා සිටියා. නමුත් මෙහි තිබෙන ටී ෂර්ට් එක්ක මිල බාත් 450ක් පමණ වූ බව මගේ මතකයයි. ඔවුන්ට ස්තුති කළ මා නැවතත් ගිය මාරගයේම ආපසු පැමිණියා.

මා නැවතපැමිණෙන තෙක් ටෝනි බලා සිටියේ පාසැලෙන්  දරුවා ගන්නට සිටිනා පියෙකු මෙනි. මේ ගැන මට සැකයක් සහ මවිතයක් එකවිට ඇති වුණා. තායි මිනිසුන්ගේ කාරුණිකත්වය, හුදෙක් සේවාව සපයා මුදල් මිට මොළවා ගැනීමට එහා ගිය වගකීම් සහගත බවක් එකතු වූ වෘත්තීය මට්ටමක තිබෙනවා. ඔවුන් මුදල් උපයා ගන්නා රැකියාවට මෙන්ම ඔවුන්ට මුදල් ගෙවන්නට යොදුන් දහස් ගණනක ඈත සිට පැමිණෙන සංචාරකයා ඔවුන්ගේ දෙවියන් හා සමානව සිතා ක්‍රියා කරනවා. ශ්‍රී ලාංකිකයන්ට සෙසු දකුණු ආසියාතිකයින්ට වඩා ඔවුන් ඇල්මක් දක්වනවා. ඉන්දියානුවන් ඔවුන්ට අප්‍රිය පිරිසක් වී තිබෙන්නේ ඇයිදැයි විමසන්නට නොහැකි මට්ටමට අප සහ ඔවුන් අතර භාෂා බාධකය හරස් වෙනවා. නමුත් ඒ ඉස්සර, දැන් අපිට ගූගල් පරිවර්තකය සහය වනවා. මෙවර සංචාරයේදී මා භාවිතා කළේ ඌබර් වැනිම තායිලන්තයේ සේවාවක් වන ග්‍රැබ් යෙදවුම හරහා කෙරෙන් වෙන් කිරීම්. ඌබර් තායිලන්තයේ ටික කලක් තිබුණත්, ස්වදේශික සේවා සපයන්නන්ගේ විරෝධය මත එය තහනම් කර තිබෙනවා. එය ලංකාවේ මෙන් දාමරික ක්‍රමයකට ක්‍රියාත්මක නොවන්නක්. ග්‍රැබ් රි සේවය කරන රියදුරන් වෙන් කළ මොහොතේ පටන්, කෙටි පණිවුඩ හරහා අප හා සම්බන්ධ වනවා. එක් වරක් මා මවිතයට පත් කරමින් පැහැදිලි ඉංග්‍රීසියෙන් කෙටි පණිවුඩ එවූ රියැදුරු හමු වූ මොහොතේ ඔහු මුණිවත රකින ආකාරය පුදුමයක් ජනිත කළත්, තවත් මොහොතකදී ඊළඟ පැනය සඳහා නැවතත් දුරකථනයේ අකුරු කොටන ආකාරය දුටු විට කාරණය වැටහිණි. ඔහු භාවිතා කරන්නේ ගූගල් පරිවර්තකය බව දැකීමෙන් මගේ මුවග සිනහවක් ඇති කළා. නමුත් ඔවුන්ට තමන්ගේ භාෂාව පිලිබඳ ඇති නිපුණතාව පැසසුමට ලක් විය යුතුයි.

ඉන්පසුටෝනි මා නංවාගෙන නැවතත් එහාට මෙහාට පටු අඳුරු මාවත් ඔස්සේ මිනිත්තු කිහිපයක් සැරිසරා වෙළඳාම අවසන් කොට නිවෙස් බලා යනුවස් තමන්ගේ බඩු භාණ්ඩ අකුලන නමුත් විඩාපත් නොමැති වෙළඳ පිරිසක් මද්‍යයේ තම සයිකලය නතර කළා. ඔවුන්ගේ භාෂාවෙන් සට-පට ගා එක් වෙළෙන්දියක් වෙත මගේ අවශ්‍යතාව සන්නිවේදනය කළ ටෝනි, ඇයගේ හිස මත තිබු පාර්සලය බිම තබන්නට සමත් වුවා. තවත් මොහොතකින් එය ලිහා ටී ෂර්ට් තොගයක් මා අභියස තැබුවා. එයින් සුදු පැහැති ටී ෂර්ට් එකක හාර්ඩ් රොක් බැංකොක් යනුවෙන් මුද්‍රණය වී තිබෙනු දැක මා ඉතා සොම්නස්ව එහි මිල අසා සිටියා. ඇයට ඉංග්‍රීසි බස කොහෙත්ම හසුරවන්න බෑ. ටෝනි යලිත් මගේ පිහිටට ආවා. එහි මිල බාත් 125ක් බව ඇය පවසන බවඔහු කියා සිටියා. මාක්ෂණිකව මගේ පසුම්බිය ගැනීමට අත තබන්නට පෙරම, ඒ සඳහා 75ක් සඳහා ටෝනි කේවල් කරන ආකාරයක් පෙනුණා. නමුත් මා ඇය පත්වූ අපහසුතාවත් සලකා 125කට එම ටී ෂර්ට් එක මිලදී ගත්තා. ටෝනි මා ආ තැනටම මා රැගෙන ගියා. ඔහුගේ ගාස්තුව විමසා සිටි විට, මා කැමති ගණනක් ගෙවන මෙන් ඔහු ඉල්ලා සිටියා. නමුත් ඒ වනවිටත් ටෝනි මා රැගෙන යාම වෙනුවෙන් මුදල් නොවුනත් යම් උපයාගැනීමක් සිදුකර අවසන්. මා ලබාදුන් බාත් 150න් ඔහු 100 ක් ආපසු මා අත තැබුවේ මා මවිතයට පත් කරමින්. මෙවර අප අප පතායා නගරයේ රාත්‍රී දෙකක් ගත කළා. ටෝනිගේ අංකය මගේ දුරකථනයේ සුරැකිව තිබුණත්, එය ක්‍රියා විරහිත මට්ටමට පත් වී තිබුණා.ඌබර් සේවය හරහා යම් වෘත්තීය මට්ටමක අපගේ රියදුරන්ද ලඟාකරගෙනතිබෙන බවපෙනී ගියත්, බහුතරයතවමත් ඌණ සංවර්ධිත බව සටහන් කළ යුතුව තිබෙනවා. මාෆියා මට්ටමින් මේවා සේවා සපයන නව රැකියා උත්පාදනය වනක්ෂේත්‍ර බවට පත් කර ගැනීම අප කාගේත් වගකීම බව සටහන් කළ යුතුවනවා.. විශේෂයෙන්ම ඌබර් ඊට් හරහා යම් රැකියා ප්‍රමාණයක් උත්පාදනය වෙමින් පවතිනවා. මා වාහනයේ හසුරුවන විට මෝටර් බයිසිකල් කරුවන්ට සහ තුන්සක් රියදුරන්ට ඉඩලබා දෙන්නේකළාතුරකින් වුවත් ජීවන අරගලයට එක් වී ආහාර බෙදා හරින මෙවැනි මෝටර් සයිකල් කරුවන්ට හැකි හැමවිටම ඉඩ සලසා දෙනවා. ඔවුන් අපට සේවාවල් දෙකක්ම් සපයනවා. ඒ ආහාර බෙදාහැරීමෙන් සහ රැකියා වියුක්තියට ඔවුන්ම විසඳුම් සොයා ගැනීමෙන්.දැන් ඉහළවෘත්තිකයන් පවා ඌබර් සඳහා තමා කාර් රථයයොදවන අවස්ථා බහුළයි. මෙම තත්වය ඉදිරියේදී  වර්ධනය  වුවහොත්  බොහෝ ප්‍රශ්න වලට විසඳුම් ලැබෙනු ඇත. මක් නිසාද යත් තමන්ගේ රැකියාව මතම නොයැපෙන තත්වයක් තුළ,  රැකියා සහිත එමෙන්ම වාහනයක් පදවාගෙන සේවයට  වාර්තා කරන පුදගලයින්, එක් අතකින් තමන්ගේ ජීවන බරට ගැලපෙන අමතර රැකියාවක නියුතු වෙයි. එවැනි වාහනයක්  දිනය අවසානයේ නිවස බලා ගමන් ගන්නා විට තවත් කෙනෙකු එම රථයේ රැගෙන යාමෙන්, බොහෝ දෙනෙකු තමන්ගේ වාහය මාර්ගයට දැමීමෙන් වලකිනවා. එසේ පාරට පැමිණෙන වාහන ප්‍රමාණය අඩු වනවිට සාපේක්ෂව රථවාහන තදබදයද අඩු වෙනවා. එවැනි විටක බොහෝ දෙනෙකුගේ කාළය, මුදල් ඉතිරි වනවා. එමෙන්ම රථවාහන තදබදය අඩු වනවිට ඌබර් ලබා දෙන ගාස්තුවද සාපේක්ෂව අඩු වනවා. එයිද පොදු ප්‍රවාහනයට පැටවෙන බරෙන් යම් ප්‍රමාණයක් අඩු වෙනවා. මෙහි සමතුලිතතාවයක් තුළ, සියළුදෙනා සතුටින් සිටින මට්ටමකට ගෙන ඒමට හැකි වනවා. ඌබර් වැනි සේවාවන් රටට එනවිට මාෆියා ත්‍රී රෝද රථ කරුවන් ඒවා වටලා පහර දෙන්න උත්සාහ කරන්නේ ඔවුන්ගේ ඒකාධිකාරයට එයින් මරු පහරක් එල්ල වන නිසයි. රජය එවැනි සේවාවන් ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතුයි. එවැනි ලෝ සුපතල සේවාවක් සඳහා විදේශිකයින් යොමු වීම නිසා, යම් විදේශ විනිමය ප්‍රමාණයක් ආකර්ෂණය කර ගත හැකි වනවා.

මෙහි දෙවෙනි කොටස ඉක්මනින්මබලාපොරොත්තු වන්න.



Thursday, May 30, 2019

ඇවිද්ද පයට නව මුහුණුවරක් ......

මගේ බ්ලොග් අඩවිය බොහෝ කාළයක්   ඒකාකාරීව පැවතුණා. ඇත්තටම මේ බ්ලොග් අඩවියෙන් මම බලාපොරොත්තු වුණේ, මගේ රාජකාරියේදී ලංකාවේ විවිධ ප්‍රදේශ වලට ගිහිං ලබපු අත්දැකීම් බෙදාගන්න. ඒ කියන්නේ සංචාරක අත්දැකීම්. එවැනි බ්ලොග් අඩවියකට ළඟදී ගොඩවදින්න සිද්ධ වුණා. ඇත්තටම ඔහුගේ නිර්මාණශීලී පසුතලය දුටුවාම මට හිතුණා, ඇවිද්ද පයටත් ගැලපෙන්නේ මේ වගේ එකක් නේද කියා. ඉතිං මමත් ගැලපෙන එකක් නිර්මාණය කර ගත්තා. මේකට නිතර ගොඩවෙන ඔබත් මේ අලුත් මුහුණුවර කොහොමද කියළා අදහස් ඵල කරන්න. මේ දවස් වල අලුත්ම සංචාරක අත්දැකීමක් අකුරු කරමින් ඉන්නේ. ඒක අද සවස හෝ හෙට කියවන්න ලැබෙන තුරු මේ ගැන ඔබේ අදහස් දක්වන්න.

ප.ලි. : ඒ වගේම ඔබගේ අදහස් අවශ්‍යයි. මා කුමන මාතෘකා ඔස්සේ ලියනවාටද ඔබ කැමති ?
  • ජීවන සහ සංචාරක අත්දැකීම්
  • පරිවර්තන - නවකතා, ලිපි
  • ක්‍රීඩා - ක්‍රිකට් පාපන්දු හා වෙනත්
  • විනෝදාශ්වාදය පදනම් වූ කතා (ලොල් කතා)
  • තාක්ෂණික සහ විද්‍යාත්මක

Wednesday, May 22, 2019

ලෝක කුසලාන ඉතිහාසයේ සදාණුස්මරණීය තරග 10 : අංක 7 - වොල්ෂ්ගේ අණතුරු ඇඟවීම ......



වොල්ෂ්ගේ අනතුරු ඇඟවීම 


ලාහෝරයේදී නියපොතු හපන අවසානයක සිදුකළ  මහත්මා ක්‍රීඩා විලාශය නිසා ඉහලට ඔසවා තැබුණු තරගය


ඩැනියල් රසූල් විසින් සුප්‍රකට ඊ.එස්.පී.එන්. වෙබ් සගරාව : ද ක්‍රිකට් මන්ත්ලි හී තැබූ සටහනේ සිංහල පරිවර්තනයකි. 


1987දී පාකිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරගය

පාකිස්ථානයට එක් කඩුල්ලක ජයක්



 සිදුවුයේ කුමක්ද ?


මෙම තරගාවලියට පාකිස්තානය ප්‍රවිෂ්ඨ වුයේ (තරගාවලියේ සත්කාරකත්වය ඉන්දියාව සමග එක්ව සිදු කරමින්) දේශීය වාසිය සමග කුසලානය ජයගතහැකි කණ්ඩායමක් ලෙස සිදු කෙරුණු අනාවැකි සමගිනි. ඔවුන් පළමු තරග දෙක ජයගත් අතර, ඉන්පසු මුහුණ දීමට නියමිතව තිබුණේ දෙවරක් ලෝක කුසාලනය හිමිකර ගත් බටහිර ඉන්දීය කොදෙව්වන් සමග ලාහෝරයෙදීය. කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම, මුලින්ම පන්දුවට පහර දෙමින් ඉක්මන් ආරම්භයක් ලබා ගත්තා. නමුත් ඉම්රාන් ඛාන් සහ සලීම් ජෆාර් ඔවුන්ගේ ගමන අඩාල කිරීමට සමත් වුණේ කඩුලු හතරක් සහ තුනක් ලබා ගනිමින්. ලකුණු 169ක් කඩුලු 5කට ලබා සිටි බටහිර ඉන්දීය ඉනිම, ලකුණු 216ක් කදී අවසන් වුණා. 

පාකිස්තානුවන්ද ඉක්මනින් කරදරයට පත් වෙමින්, ඔවුන්ගේ පිතිකරුවන්ගෙන් අඩක් ලකුණු 110ක් තුළ අවසන් වුණු අතර කඩුලු රකින සලීම් යුසුප් පන්දු 49ක් පමණක් තුළ වාර්තා කළ ලකුණු 56 නිසා නැවතත් තරගයට අවතීර්ණ වන්නට ඔවුන්ට හැකි විය. අවසන් පන්දු ඕවරය තුළ ලකුණු 14ක් දක්වා එය අඩු වුවත්, එය ලබාගැනීමේ සම්භාවිතාව ඉතා අඩු එකක්, පන්දුවට පහර දෙමින් සිටියේ අබදුල් කදීර් සහ අංක 11 පිතිකරු සලීම් ජෆාර් වූ අතර කර්ට්නි වොල්ෂ්ට මුහුණ දීමට සිදු වී තිබුණා. කදීර් එල්ල කළ හයේ පහරත්, දියාරු පන්දුව විසි කිරීමක් මගින් ලබා දුන් අමතර ලකුණුත් නිසා පාකිස්තානය ජය පිලිබඳ සලකා බැලිය හැකි මට්ටමකට පැමිණි අතර, කදීර් පොයින්ට් කලාපයෙන් පන්දුව යොමුකර ජයග්‍රහණය අත්පත් කර ගත්තා. නමුත් එයට මොහොතකට  ප්‍රථම ලාහෝරයේ ඇති වුයේ උන්මාදයක්  පමණක් නොවෙයි බටහිර ඉන්දීය කොදෙව්වන් ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රථම වතාවට අවසන් මහ තරගයට ප්‍රථම ආපසු හරවා ගෙදර යවන්නත් සමත් වුණා.

එය සදානුස්මරණීය වන්නේ ඇයි ?


බට මේ තරගය අමතක වන්නට හෝ නොවන්නට පුළුවන්, නමුත් මේ අවස්ථාව අමතකවියනොහැකියි. 


අවසන් පන්දුව යවන්න සුදානම් වූ මොහොතේ පන්දු යවන අන්තයේ උන් සලීම් ජෆාර් පන්දු යවන්නා පන්දු යැවීමේ සීමාට ලඟා වන්නට මත්තෙන්ම, ඉතා දිගු ආරම්භයක් ලබාගෙන තිබුණා. ඔහුගේ මේ ක්‍රියාව කඩුල්ල පිලිබඳ බලාපොරොත්තුව අත් හරිමින් සිදු කරන ලද්දක් වුවත්, වොල්ෂ් පන්දුව යැවීමෙන් තොරව නතරව තම අත නවා ගත්තා, ඉන් පසුව සලීම් ජෆාර්ව සීමාවට රැගෙන ආවේ විදුහල්පතිවරයෙකු සිසුවෙකුට තරවටු කරන්නාක් මෙනි. නමුත් ඔහු එසේ කළේ, බේල් ඉවත් කර තරගයේ ජයග්‍රහණය සමරන්නට තිබුණු මහඟු අවස්ථාව මග හරිමින්. එම අනතුරු ඇඟවීම සිදුකිරීම යනු, පාකිස්ථානය තවදුරටත් එම තරගය ගැන බලාපොරොත්තු තබා ගත හැකි වීම වූ අතර අවශ්‍ය ලකුණු අවසන් පන්දුවේදී කදීර් වාර්තා කළේය.
   
මෙම තරගය පුරාවෘත්තයක්, වීරකාව්‍යක් ගණයට පත් වුයේ වොල්ෂ්  විසින් පෙන්වන ලද ක්‍රීඩාශීලීත්වය  නිසාය. එම මොහොත තවමත් සැලකෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය ප්‍රදර්ශනය කරන ලද ශක්තිමත් අවස්ථා වලින් එකක් ලෙසය. 

ඔවුන් මෙසේ පැවසුහ

"පැරණි ක්‍රිකට් ක්‍රීඩකයන් සියල්ලන්ම වාගේ යහපත් ගුණාංග වලින් පිරිපුන් අවංක අයයි. මම පන්දු යවන්නාගේ අන්තයේ සිටියානම් කරන්නේද, එයමයි. පාකිස්තානු රජය ඔහුගේ ක්‍රීඩාශීලී ගුණාංගය අගය කරමින් ඔහුට විශේෂ පදක්කමක් ලබා දුන්නා"

- සලීම් ජෆාර් එම අවස්ථාව පිලිබඳ අනුස්මනරණය කරමින් අදහස් දක්වමින් 

Saturday, May 11, 2019

ලෝක කුසලාන ඉතිහාසයේ සදාණුස්මරණීය තරග 10 : අංක 8 - කෝබ්ගේ පෙරළිල්ල ......

අසීරු සේ පෙනුණු එංගලන්තය සමග අයිරිෂ්වරුන්ගේ  තරග ජය - කෙවින් ඕබ්‍රයන් විසින් සිදුකිරීම  

පීටර් ඩෙල්ලා පෙන්නා විසින් සුප්‍රකට ඊ.එස්.පී.එන්. මගින් ප්‍රකාශ කරන "ද ක්‍රිකට් මන්ත්ලි" වෙත සම්පාදිත "KO'd by KOB" ලිපියෙහි සිංහල පරිවර්තනයකි. 

එංගලන්තය සමග අයර්ලන්ත මූලික වටයේ තරගය, බැංගලෝර් 2011

අයර්ලන්තයට කඩුලු තුනක ජයක්

සිදු වූයේ කුමක්ද 

ආරම්භක තරගයේදී බංග්ලාදේශය හමුවේ යාන්තමින් ලද පරාජය නිසා, අයි.සී.සියේ ආශ්‍රිත සාමාජිකයෙකුගෙන් එයට වඩා යමක් අයි.සී.සියේ ප්‍රධාන සාමාජිකයෙකු මෙන්ම ප්‍රබල කණ්ඩායමක් වන එංගලන්තයට එරෙහිව සිදු වේ යයි බලාපොරොත්තු නොවීය. විශේෂයෙන්ම එංගලන්තය ලකුණු 327ක් ලබාගත් පසු, එයින් අදහස් වුයේ ජයග්‍රණය ලැබීමට නම ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු ප්‍රමාණයක් හඹා යාම සාර්ථක කර ගැනීමට අවශ්‍ය බවයි. එය තවදුරටත් ප්‍රත්‍යක්ෂ වුයේ අයර්ලන්ත නායක විලියම් පොර්ට්ෆීල්ඩ් ඉනිමේ පළමු පන්දුවම පිත්තෙන් කඩුල්ලට ඇද දමාගෙන දැවී යාමත් සමගය.    එයතවදුරටත් සනාථ කරමින් අයර්ලන්තයේ පළමු කඩුලු පහ ලකුණු 111කට සීමා කරන්නට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුයේ ඉනිමේ අඩක් ගත වීමට පන්දු හතරක් ඉතිරිව තිබියදීය. 

එනමුදු කෙවින් ඕබ්‍රයන් ලෝක කුසලාන ඉතිහාසයේ විශේෂ ස්ථානයක තම නම සනිටුහන් කර ගත්තේ, කිසිවිටෙකත් අනපේක්ෂිත තරගය ජය ගනිමිනින් පමණක්ම නොව පන්දු පනහක් තුළ ලබාගත වාර්තාගත ශතකයක්ද සමගිනි. තීරණාත්මක 49වන ඕවරයේදී ලකුණු 113ක් ලබා සිටියදී ඔහු දැවී යනවිට තවත් ලකුණු 11ක් පන්දු 11ක් තුළදී ලබාගත යුතුව තිබුණි. ජෝන් මූනි එතිහාසික ජයග්‍රහණය සහතික කර ගත්තේ අවසන් පන්දු ඕවරය යැවූ ජේම්ස් ඇන්ඩර්සන්ගේ පළමු පන්දුවටම මිඩ් විකට් කලාපය හරහා එල්ල කළ හයේ පහරකිනි. 


එය සදානුස්මරණිය වන්නේ ඇයි ?

තමාට නැති වීමට දෙයක් නැති බව කළින්ම පෙන්වන කදිම සලකුණක් ලෙස,    පිළිකා අරමුදලක් සඳහා සහය ඵල කිරීමක් වශයෙන් තම හිසකෙස් රෝස පැහැයෙන් වර්ණ ගැන්වූ  ඕබ්‍රයන්, එංගලන්ත දඟ පන්දු යවන්නන් ඉදිරියේ ප්‍රබල ප්‍රහාරයක් දියත් කරමින්, දැවැන්ත පහරවල් වැලක් එකතු කළේය. 32වන පන්දු ඕවරය ආරම්භයේ පිතිකරණ පවර් ප්ලේ ආරම්භ කිරීමට ගත් තීරණය එම භිය උපදවන අධිවේග පහරදීමේ පිලිබඳ ලකුණු සනිටුහන් කළ අතර, ඇන්ඩර්සන් යවන ලද 35 වන ඕවරයේ  අවසන් පන්දුවට දරුණු ඛේදාන්ද්තයක් අත්පත් කර දෙමින් මිඩ් විකට් කලාපයෙන් එලියට පන්දුව යැවීය. එම පහර මීටර 102ක් දක්වා ගමන් කළේය. ඕබ්‍රයන් අවසානයේදී ලෝක කුසලාන තරගාවලියක වේගවත්ම ශතකය සඳහා මැතිව් හේඩන් තබා තිබූ වාර්තාවද පන්දු 16කට පෙර විශිෂ්ඨ ලෙස නිම කරන ලදී. 

ජයග්‍රාහි පහර මූනි එල්ල කලවිට, පාකිස්තානයට එරෙහිව පසුගිය ලෝක කුසලානයේදී ජමෙයිකාවෙදී ඔවුන් ලබාගත්  මංගල ලෝක කුසලාන ජයග්‍රහණය, හුදු අහම්භයක් නොවන බව  තහවුරු කළේය. 2011 දී ලබාගත් මෙම ජයගරණයට පසු, ඔවුන් ටෙස්ට් තත්වය තහවුරු කර ගන්නා ලදී.

 ඔවුන් මෙසේ පැවසූහ

මටමතකයි මා ලකුණු පුවරුව දිහා බැලුවා,  මම පන්දු 40කින් ලකුණු 80ක් ලබාගෙන, ඒ මොහොතේදී තමයි මට වැටහුණේ මා කුමක් කර තිබෙනවාද ? යන්න පහුගිය පන්දු 40 තුළ සිදු වුණේ මොනවාදැයි මට නිනව්වක් තිබුණේ නෑ, එය එක්තරා විදියකින් අවසිහියෙන් එතැන වුණු දෙයක් වගෙයි.


- කෙවින් ඕබ්‍රයන් : ස්කයි රූපවාහිනිය සමග අලංකාර හෝරාව නමැති සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්  
 The Cricket Monthly නමැති ESPN වෙබ් අඩවියට පීටර් ඩෙලා පෙන්නා විසින් රචිත ලිපියෙහි පරිවර්තනකි. 

මෙන්න ලින්ක් එක අයර්ලන්ත එංගලන්ත තරගය 2011 ලෝක කුසලානය

Sunday, May 5, 2019

සිරුරම දන්දෙන මිනිසුන්ගේ රටට බෝම්බ ගහන්නේ කොහොමද ? ......






ශ්‍රී ලංකාවේ බෝම්බ පිපිරීමක් සිදු වී තිබේ. ඔබ දන්නවාද ? මේ රට 2019 වර්ෂයේ ලෝකයේ සංචාරය කිරීමට හොඳම රට වශයෙන් නම් කර තිබුණ බව, ඒ අතරතුර තමයි ඉතිහාසයේ ලොකුම පිපිරීම සිදු වී තිබෙන්නේ. අවාසනාවට බොහෝ දෙනෙක් එය දන්නේ නෑ, මුළු සිද්ධිය එදින සන්ධ්‍යාව දක්වාම පැවතුණු බව. ප්‍රංශයේ නොත්‍රේ දාම් දේවස්ථානය ගිණි ගත් මොහොතේ, හැම කෙනෙකුම ඒ වෙනුවෙන් ආශිර්වාද පණිවුඩ යැවුවා, ඉටි පන්දම් දැල්වූවා, මුළු දවසම අන්තර්ජාලයේ රැඳෙමින් ඒ ගැන සොයා බැලුවා. සමහර මිතුරන් හවුල් ආපන ශාලා මේස වල වාඩි වී ලොකු ආහාර (වූ යිෆාන්ගේ බන්දේසිය) පාන ඇනවුම් කරමින් මේ ගැන කථා වුණා. බොහෝ දෙනෙක් හිතන්නේ මේක අපිට අදාළ නොවෙන දෙයක් බවයි. එය අපට බොහෝ ඈතින් පිහිටි පුංචි රටක් බව සත්‍යයි, නමුත් නොදන්නා දෙයක් මෙතන තිබෙනවා, එතරම් පුංචි සහ නොදන්නා රටකින් චීනයට සෑම වසරකම පරිත්‍යාග  කරන අක්ෂි කුණිත සංඛාව කෙතරම්ද කියා. එක්තරා චීන කියමනක් තිබෙනවා "වෑස්සෙන ජල බිංදුවක තරම දැනෙන්නේ එය උදම් රැලක් වූ විටයි" කියා, එනිසා මේ මිනිසුන්ගේ හොඳ හිත අධෛර්යට පත් නොකරගෙන සිටිමු. මාර්කෝ පෝලෝ ලෝකයේ සුන්දරම දිවයින ලෙස සඳහන්  කර තිබෙන්නෙත්  ශ්‍රී ලංකාවයි. අද ලෝකයේ සුන්දරම දිවයින මනුෂ්‍යත්වය ගිණි තබන ස්ථානයක් බවට පත් වී තිබෙනවා.  


2019 අප්‍රේල් මස 21 වෙනිදා, ජීවය සහ ප්‍රාර්ථනාව පෙරදැරි කරමින් පාස්කුව සමරන මොහොතේ, ශ්‍රී ලංකා භූමිය විනාශ කරමින් පිපිරී ගිය බෝම්බ වැලකින් පීඩාවට පත් වුවා. මුළුමනින්ම පිපිරීම් නවයක් නගර තුනක් තුළ සැලසුම් කර තිබු අතර, තරු පහේ සංචාරක හෝටල් හතරක්, කතෝලික දේවස්ථාන තුනක්, ජනයා ගැවසෙන ස්ථාන කිහිපයක් ඉලක්ක කරගෙන තිබුණා. මේ වෙත්දී (අප්‍රේල් 24) වාර්තා වූ මරණ සංඛාව 359ක් බව වාර්තා වනවා, එයට ඩෙන්මාර්ක ජාතිකයින් තිදෙනෙක්ද ඇතුලත් වුණා. ඩෙන්මාර්කයේ ධනවත්ම පුද්ගලයින් අතරින් කෙනෙකු වූ ඇන්ද්‍රස් හොල්ක් පොව්ල්සන් මහතා ඉන් කෙනෙක්.



දේවස්ථානයේ යාඥ්ඥාවේ යෙදෙමින් උන් බැතිමතුන්, ඔවුන්ගේ කාර්යයෙන් අඩක් පමණ සිදුකරමින් උන් මොහොතක, ඇති වූ පිපිරීමෙන් ඔවුන් කම්පනයට පත් වන්නට ඇති මුත් අවම වශයෙන් කිසිවකු හෝ දිවි ගැලව ගන්නට සමත් වුයේ නැත. තවත් මොහොතකදී දේවස්ථානය ඔවුන් මත කඩා වැටී, සුන්බුන් සහිත ළේ ගංගාවක් බවට පත් විය. ඒ දෙයම අනෙකුත් දේවස්ථාන සහ තරු හෝටල් වලද සිදු විය. දෙව්ස්තානයන්හී වහලය ඉහළ ගොස් පහළට වැටිණි, ළේ සහිත සුන්බුන් මත දෙවස්ථානයන්හී ඇති බංකුද ඇද වැටිණි. මේ නටඹුන් සමග වැලලෙන තවත් දෙයක් ඇත, ඒ බැතිමතුන්ගේ ශ්‍රද්ධාව සහ ප්‍රාර්ථනායි. ජීවිතය අනියතය, අන්තිම තත්පරයේ පවා මේ බැතිමතුන් ප්‍රාර්ථනා කළේ ලෝක සාමයයි, නමුත් ඊළඟ තත්පරයේදී එතැනම ළේ-මස් සහිත පැල්ලම් හාත්පස වෙලා ගත්තා.භයංකාර දර්ශනයේ ආරවුල වුයේ, ගිලන්රථ නදදී තමන් පසුකර යන හඬය. මේ උවදුර අභිමුව  දිවි ගලවාගත්තවුන් ඉදිරියේ ඇසෙන එකම හඬ වුයේ ලෝකය කඩා වැටෙන ශබ්දයයි.  


තමන් ඉදිරියේම කුඩා කෑලි වලට කැඩී විසිරි ගිය තම ලඟම ඥාතියා දෙස බලා සිටින අයවලුන්ගෙන් නැගෙන විලාප හඬ වචනයෙන් විස්තර කළ නොහැකිය. මෙවැනි සාමකාමී යුගයක, සිදු වූ භයංකාර සිදුවීම සිතා ගන්නටත් උගහටය.





ඔබ දන්නවාද, ශ්‍රී ලංකාව, එක් දිනක් තුළ බෝම්බ පිපිරීම් නවයක් සිදු වන තැනක් නොව, පාරාදීසයක් බඳු රටක් බව? ලෝකයේ මැණික් හමුවන රටවල් අතුරින් පළමු රටවල් පහ ඇතුලත ශ්‍රී ලංකාව පසු වෙයි. ලෝකයේ දිගුම මුහුදුබඩ දුම්රිය මාර්ගය ඇත්තේද ශ්‍රී ලංකාවේය.  එය ඉන්දියන් සාගරයට මීටරයක් පමණ මෙපිටින් තිබෙන  අතර ඔබට හිඳගත් ආසනයේ සිටම සාගරයේ දර්ශණය විඳින්නට හැකිය.


ඒ වගේම ලෝකයේ ඇති වඩාත් සුන්දරම කඳුකර දුම්රිය මාර්ගයද ඇත්තේ ශ්‍රී ලංකාවේය, නගරයේ ඇති ඝෝෂාවට මදකට ආයුබෝවන් කියා, මෙවැනි මීදුම් සහිත තේ වගාවක් මැදින් ඇවිදින්නට ලැබෙන්නේ එහිදීය.


ශ්‍රී ලංකාව ලෝකය පළමු අලි අනාථාගාරයටද හිමිකම් කියයි.  විශේෂයෙන්ම තමන්ගේ දෙමාපියන්ගෙන් වෙන් වී අතරමං වූ අලි පැටවුන්ද, වලවල් වල සිරවී සිට බේරාගත් අලි ඇතුන්ද, වෙනත් තුවාල හෝ ආබාධ වලට ලක්වූවන්ද, මෙහිදී හොඳින් රැකබලා ගැනෙති.



ශ්‍රී ලාංකිකයින්ගේ මුහුණේ නිරතුරු දක්නට ලැබෙන සුන්දර සිනහව අප සුවපත් කරයි.






වඩාත් වැදගත්ම දේ  මේවා නොවේ, ශ්‍රී ලංකාව ලෝකයේ වැඩියෙන්ම ඇස් දන්දෙන ජනතාවක් සිටින රට වීමය. මේ වනවිට අඩුම වශයෙන් කුණිත 160,000ක් ඔවුන් ජාත්‍යන්තර අක්ෂි බැංකුව වෙත ප්‍රධානය කර ඇත, මෙය සෑම අක්ෂිදාන සබාපති වරයෙකු යටතේම සිදු වී ඇත.
අන්ධභාවයට පත්වීමේ අද්දර පසුවූ බොහෝ චීන ජාතිකයින්ට නැවතත් ආලෝකය දකින්නට වාසනාව උදා වුයේ, ශ්‍රී ලංකිකයින්  විසින් ප්‍රදානය කෙරෙන අක්ෂි මත බලාපොරොත්තු තබාගෙනය. ලංකාවේ ජනාධිපති තුමා වරක් මෙසේ පැවසීය "චීනයට අවශ්‍ය නම්, මගේ ඇස් හෝ දන් දෙන්න කැමතියි".  මිලියන 20ක පමණ ජනගහනයක් ඇති රටකින් මිලියන 1.1ක් ම, තමන්ගේ මරණයෙන් පසු තම අක්ෂි දන්දීම සඳහා අත්සන් කරමින් කැමැත්ත ඵල කර ඇත. ඒ අඳුරේ පසුවෙන කෙනෙකු වෙත යලිත් ආලෝකය දකින්නට සලස්වන පරාර්ථකාමී ප්‍රාර්ථනාවක් පෙරදැරි කර ගනිමින්ය. 2007දී එවකට ජනපති මහින්ද රාජපක්ෂ මහතා, ඉතා අගනා ජාතික ත්‍යාගයක් සමග චීනයට සැපත් විය, ඒ අක්ෂි කුණිත දෙකක් සමගිනි. 2013දී ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර අක්ෂි බැංකුව සහ චීනයේ එඩී අක්ෂි රෝහල ගිවිසුමකට ඇතුලත් විය. ඒ වසරකට අඩුම තරමේ අක්ෂි කුණිත 500ක් වත් ලබා දීමටය. එය ඉදිරි අවුරුදු 10 සඳහා ක්‍රියාමතක වන අතර එම අක්ෂි රෝහල සිශුවාන් පළාතේ පිහිටා ඇත. 2014 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ජාත්‍යන්තර අක්ෂි බැංකුව අක්ෂි කුණීත 10ක් "ජාතික ත්‍යාගයක්" වශයෙන් ලබා දුණි. එතැක් පටන්, ෆුජියාන් වෙත සෑම වසරකම කුණිත 20ක් බැගින් ශ්‍රී ලංකා ජාත්‍යන්තර අක්ෂි බැංකුව ලබා දෙයි. 
2016දී, ශැන්ග්ඩොන්ග් ප්‍රදේශයේ රෝගීන් හය දෙනකුට ආලෝකය ලැබිණි, ඒ ඉතා පැහැදිලිවම ශ්‍රී ලංකාවෙන් ලැබෙන මාහැඟි අක්ෂි කුණිත වලට පිං සිදු වන්නටය. 2017න් ආරම්භ වී, මේ දක්වා 500ත් - 600ත් අතර ප්‍රමාණයක් වසරකට ශැන්ග්ඩොන්ග් වෙත ප්‍රදානය කෙරෙයි.
අක්ෂි කුණිත වලට අමතරව, මේ සුන්දර දිවයින් රාජ්‍යයෙන් අපවෙත ඔවුන්ගේ හොඳහිත ඵල කෙරෙයි. 2008 දී ඇති වූ ශිෂුවාන් භූ කම්පනයට පසු, ප්‍රතම වතාවට ශ්‍රී ලංකාව කුඩාරම් 1277ක් පරිත්‍යාග  කරන ලද අහර ඩොලර් මිලියන 1.1ක සැපයුම් ඒ සමග විය. ලෝකයේ අනෙකුත් රටවල් සමග සංසන්දනය කරත්දී සමහරවිට ඔවුන් එපමණ ප්‍රදානය කළාදැයි ඔබ නොසිතනු ඇත. දකුණු කොරියාව ඩොලර් මිලියනක් එකක ද්‍රව්‍ය ආධාර  ලබා දුන් අතර  ඔස්ට්‍රේලියාව සහ ඇල්ජීරියාව ඩොලර් මිලියන එකක මුල්‍ය සහන ලබා දී ඇත.
කොහොමනමුත්, ශ්‍රී ලංකාවේ සම්පූර්ණ ආර්ථිකයම අයවැය හිඟයක් මත පවත්නා රටකි. නමුත් ඔවුන් තවමත් චීනයට උදව් කිරීමට ඉදිරිපත් වෙයි, ඔබ තවමත් එසේ සිතනවාද ? මේ රට සෑම විටකම ලෝකයට සංග්‍රහ කරන්නේ මහත් උද්යෝගයකින් සහ හොඳහිතකිනි. දැන් ඒ දිව්‍යවිමානය අපායක් බවට පත් වී ඇත.
ප්‍රහාරයට ලක් වූ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට හිරු එලිය පතිත වන මොහොතක, සූර්ය කදම්භ එය තුලට විත් ඇති කරන්නේ ශුද්ධ වූ මනස්කාන්ත දසුනකි.

අද එම දේවස්ථානය මොහොතකින් සුනු විසිනු වී ඇති අතර  දැන් එය ගිණි දෙවියා පිදුවා හා සමානය.රටපුරා  මාර්ග සහ වීදි වල දිගු කාලයක් තිස්සේ තිබු පෙනුම සහමුලින්ම වෙනසකට ලක් වෙමින්, ඒ වෙනුවට පුපුරායන, පහරදෙන, හැඬුම්සහිත, නොනවතින අන්ධකාරයක  සහ කාංසාවෙන් පසුවෙනු දක්නට හැකිය.  කිසිවකු දන්නේ නෑ එම විලංගුවෙන් මේ රට ගලවාගන්නේ කෙසේදැයි කියා. ඔවුන් වෙනුවෙන්(මියගිය) බලා හිදීම,  පෙනෙනුයේ අවුල්සහගත, අනාථ, දුමින් වැසුණු, නොවක් කඳුළු ගලා යන, නොපැහැදිලි, ඊළඟ අරුණෝදයේ  ආලෝකයක් නොමැති හැගීම් සහිතව මෙනි.
කොහොමනමුත්, ඝෝර කටුකත්වයක සිටින ශ්‍රී ලංකාවේ ජනතාව මෙන්, දුකුමුසු වෙදානාත්මක පුවත් තුළ මේ පිපුරුමෙහි විස්තර දකින, බොහෝ ජනතාවකගේ ප්‍රතික්‍රියාව වනුයේ දුක හෝ අනුකම්පාව නොව,
"මෙයින් මට ඇති පලේ කුමක්ද ?"
එය වූ යිෆාන්ගේ අලුත් සිංදුවේ ඇති උණුසුම තරම් වත් මේ පිපුරුම නිසා නොදැනෙන මට්ටමකි. අන්තර්ජාලයේ ලියවී ඇති ඡේදයක මෙසේ සටහන් වෙයි:
පිස්සෙක් මෙසේ පවසයි "මම ශ්‍රී ලාංකිකයින් සියල්ල මරා නොත්‍රේ   ඩෑමය ගිණි තබන්නෙමි"
සියල්ලන්ම කම්පනයට පත් වෙයි, ඇයි ඔබ විශිෂ්ඨ පැරීසියේ නොත්‍රේ   ඩෑමය ගිණි තබන්නේ !
පිස්සු මිනිසා පිළිතුරු දෙමින් පවසන්නේ "මම දන්නවා ඔබට ලංකාවේ 359ක් ජීවිත ගැන සැලකිල්ලක් නැහැ කියා!"
පැරීසියේ නොත්‍රේ ඩෑම් සහ ශ්‍රී ලංකාවේ බෝම්බ පිපිරීම අතර ඇත්තේ දවස් හයක වෙනසකි. පළමු සිදු වීම ඉතාමත් දොම්නස් සහගතය සහ ජනයා ඒ පිලිබඳ කණගාටුව විවධ ස්ථානයන්හි ඵල කරනු ලැබිණි. කොහොමනමුත්, ශ්‍රී ලංකාවේ බෝම්බ පිපිරීම අපගේ දෙසවන වැකුණේ නැත. මානව සංස්කෘතියේ උරුමයක් වන නොත්‍රේ ඩෑමය ගිනිබත් වීම නිසා අවමානයට පත් වන අතර, "ආසන්න වශයෙන් දුර්වල" කොදෙව් ජාතියක් වූ ශ්‍රී ලංකාව ඉතා කුඩා නිසාය.
අන්තර්ජාලයේ මා එක්තරා සංඛා කිහිපයක් දැක ඇත්තෙමි:
මිලියන 20, මිලියන 1.1, 70,000, 140,000, 359;
 පළමු සංඛාව ශ්‍රී ලංකාවේ ජනගහනයයි.
දෙවන සංඛ්‍යාව ස්වේච්චාවෙන්ම තම ඇස් දන් දීම සඳහා ලියාපදිංචි වී සිටින ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාවයි.
තෙවන සංඛාව, මේ වනවිට ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් 57ක් වෙත ප්‍රධානය කර ඇති අක්ෂි කුණිත සංඛ්‍යාවයි.
සිවුවන සංඛ්‍යාව, මේ වනවිට පෙනීම ලැබූ ලෝක වාසීන් ප්‍රමාණයයි.
අවසන් සංඛ්‍යාව, සියල්ලන්ගේම හදවත් රිදුම්දෙන ඉලක්කමයි, මේ විපතින් මරණයට පත් වූ ශ්‍රී ලාංකිකයින් ගණනයි.
ලෝකය වෙත යහපත් ක්‍රියාවෙහි යෙදෙන අයගේ පිරිසක් පුපුරාගොස් කුඩා කැබලි වලට පත් වී නිහඬ වී ඇත. ඉතිං, දැනටමත් විනාශයට පත් වී ඇති ඇති අයගේ මුහුණටම මෙසේ පවසනු මට ඇසුණි "ශ්‍රී ලංකාවේ පිපිරීමෙහි මට ඇති විශේෂය කුමක්ද ?" "359ක් මිනිස් ජීවිත සමග මට ඇති සම්බන්ධය කුමක්ද?" එය මට ශෝකය දනවයි. මිනිසුන් කොටසක් තුච්චයි, තවත් මිනිසුන්කොටසක්  බලා සිටියි.  තවත් මිනිසුන් කොටසක් මෙම පිපිරීමෙන්  විපතට පත් ස්වාදෙශිකයා විහිලුවකට ගනිමින් , කිසිම භියක් නැතිව, මෙහි ඇති උද්වේගකර කලබලය-කඩිමුඩිය බලා සිටියි. නමුත් අප උපේක්ෂාවෙන් සහ සුදානමින් සිටින විට, බොහොම කළාතුරකින් පුවත් වල එහි දරුවන් තවමත් පීඩාවට පත්ව ඇති මුත්  සිනහමුසු මුහුණින් සහ ඔබ මොබ යමින් සිටිනු දකින්නට ලැබෙයි. ඔබ මොහොතකටවත් සිතුවාද, දහස් ගණන් අක්ෂි කුණිත නොමිලයේ ප්‍රදානය ශ්‍රී ලාංකික මිනිසුන් අද රෝහල් වෙත ගමන් ගනිමින් සිටින බව ? ඔබ මෙහෙමත් හිතුවාද ? තවත් බොහෝ චීන මිනිසුන්ට ආලෝකය දකින්නට,  තවමත් උවමනා වෙයිද චීනුන්ට කරදරයකදී උණුසුම වන්නට, මේ මොහොතේ දුෂ්කරතාවයේ ගැලී සිටින මිනිසුන් පිරිසකට සිතෙයි කියා.  මේ මොහොතේ ජීවිත අහිමි වුවන්ගේ ඥාතීන් සමහරවිත චීන ජනතාවගේ ඇස පාදන්නට ඇස් දන් දුන් අය වන්නට පුළුවන. මේ විපතින් මියගිය දැරියකගේ අක්ෂි කුණිත, සමහරවිට තවත් චීන පුද්ගලයෙකු වෙනුවෙන් සුදානම් කෙරෙනවා වන්නට පුළුවන. ඉතිං අපි කෙසේද එය දරා ගන්නේ ? මට කෙළින්ම උපකාරයක් කරන්නට නොහැකියි. නමුත් බලන්න උන්හිටි තැන් අහිමි වූවන් පිරිස දෙස. තවත් කොටසක් පීඩාවට පත් වී සිටියදී, අපේ අය අහනවා "මොකක්ද මට තියෙන සම්බන්ධෙ කියා?"  ඈත අතීතයේ සිට අප දන්නා සත්‍යයක් ඇත "අනුන් වෙත හොඳ පෙන්වීමෙන්, අනුන්ගෙන් හොඳ ලැබීම". මා කතාවක් අසා තිබෙනවා:
බොහෝ කාලයකට පෙර, සිසුවෙක්  දිගු දුරක් ගමන් කොට බීජිං වෙත ලඟා වී ඇත්තේ පරීක්ෂණයට මුහුණ දීමට සහ අන්‍යන්ට උපකාර කිරීමටය. එක් දිනකදී ඔහු සතු අන්තිම රිදී කාසියත් සොරකම් කරනු ලැබිණි. ඔහුට කළ හැකි අවසන් උපාය වශයෙන්, ඔහු පසුකර යන්නන්ගේ තඹ කාසියක් ඉල්ලා සිටීම විය. අවාසනාවකට, ඔහු ගැන කිසිවකු ඔහු ගැන තැකීමක් කළේ නැති අතර ඒ වෙනුවට ඔහුට සමච්චල් කළේ "අහිංසක සිසුවා" යනුවෙන් පවසමිනි. සිසුවාට බොහෝ පසුතැවිල්ලක් ඇති වූ අතර, ඔහුට ඉක්මන් කිරීමට සිදු විය, එසැණින් ඔහුගේ හිතට ආවේ මිනිසුන් මෙතරම් කෘර වන්නේ ඇයි කියාය. ඒ මොහොතේ එතැනින් ගමන් ගත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඔහුට් තම පිණ්ඩපාතයෙන් කොටසක් ලබා දුණි. ස්වාමීන් වහන්සේ සමග වැඩි සාමනේර නමක් විමසා සිටයේ අපි ඔහුට උදව් කළ යුත්තේ ඇයි කියාය ? ඒ මොහොතේ ස්වාමීන් වහන්සේ පවසා සිටියේ "ලෝකය බොහොම කළබල තැනක්. මම ඔහුට හොඳක් කළා. ඔහු අනෙක් අයට උදව් කරයි. ඉන්පසු අනෙක් අය තවත් අයට උදව් කරයි. ඉන් කෙනෙක් නැවත මටත් උදව් කරයි. මම ඔහුට එය නොකලානම්, කවුද මට උපකාර කරන්නේ. මම ඔහුට උපකාර කළා, ඔහුට තව බොහෝ අයට උපකාර කිරීමට ශක්තිය ඇති වෙනවා. අනෙක් මිනිසුන් ඔහු වෙත එනවා. ඒ අතරින් කෙනෙක් අප වෙත එනවා. එනිසා හොඳ අයට කරදයට පත් වෙන්න දෙන්න එපා. හොඳ තැනින් තැනට ගමන් ගනීවි. දවසක ඔබ වෙතත් ඒවි. නමුත් හොඳ දකින්න නොමැති විටෙකත්, හොඳ මිනිසුන් යහපත් සිතින් ලෝකයට උපකාර කරාවි"

මේ තුච්ච ලෝකය ඔවුන්ව සීතලේ වෙවුලන්නට ඉඩ හරින විට, නැතිනම් ඔවුන්ට කරන්න දෙයක් නැතැයි සිතන විට. මී පුංචි දිවයිනේ මිනිසුන් එසේ සිතුවේ නැහැ.

අප ආලෝකය දැක ප්‍රමෝදයට පත් වනවිට, එය ආලෝකයයි. අපි උණුසුම දැනී සතුටු වනවිට, ඔවුන්ටත් උණුසුම ලැබිය යුතුයි. අපි එකම කණ්ඩායමක් බවට පත් වී තිබෙනවා. එනිසා අහන්න එපා කවුද විපතට පත් වුණේ කියා. එය අපට අනතුරක් දක්වන ලකුණක් විය හැකියි.

ඔබත් මමත් දිනක, යහපත් මිනිසුන්ට විපත් උදා වීමට ඉඩ නොදිය යුතු වන අතර, ලොව වෙත හොඳහිත පෙන්විය යුතුයි.


චීන ලේඛක ලියු සීවෑන්ග් චීන බසින් ලියූ ලිපියක් මගේ චීන ජාතික මිතුරියක් සමාජ මාධ්‍ය තුළ බෙදා හැර තිබුණා. ලංකාව ගැන සටහනක් නිසා, මා එය ගූගල් පරිවර්තකය යොදාගෙන ඉංග්‍රීසියෙන් කියවා බැලුවා. ඉන් පස්සේ එය මෙහි ඵල කරන්න බලාපොරොත්තුවෙන් පරිවර්තනය කළා. ඒ විගස මගේ මතකයට ආවේ, රැස පත්තරේ රංජිත් කුමාර සමරකෝන් මගේ මිතුරා කළ ආරාධනය රැසට ලියන්න. මා ඔහුට කථා කොට මේ ගැන පවසා සිටියා. ඔහු කිසිදු පැකිලීමක් නොමැතිව ඒ සඳහා පිටුවක් වෙන් කළා. ඉන් පස්සේ මෙය පරිවර්තනය කරගෙන යත්දී මට කුඩා විවේකයක් අවශ්‍ය වුණා. මම එය රාත්‍රියේ කරන බලාපොරොත්තුවෙන් මද විරාමයක් ගත්තා. මට නින්ද ගියා. ඊළඟ දවසේ උදේ 7:50 ට රංජිත්ගෙන් ඇමතුමක් ආවා. 

"ඔයාට පිටුව වෙන් කරලා තියෙන්නේ, කීයටද එවන්නේ ?"

"මට පැයක් දෙන්න" . මම වැඩේ කරන්න වාඩි වුණා. කරුමෙක මහත, මගේ කන්නාඩිය නෑ. රීඩින් ග්ලාස් එක අතට ගත්තා. ෆෝන් එකේ තමයි ඉංග්‍රීසි සටහන තිබුණේ. ඇස් කඩාගෙන කියවලා අන්තිම ඡේදේ ලිවුවේ. පොරොන්දු වෙලාවට මිනිත්තු පහකට පස්සේ, ඒ කියන්නේ 8:55 ට සටහන යැවුවා. 

ඒක පත්තරේ ඵල වුණා. මට සියුම් ආඩම්බරයක් ඇති වුණා.ඒත් මම කලින් කාටවත්   කිවුවේ නෑ. පළවෙනිදා උදේ මගේ මිතුරෙක් වගේම ඥාතියෙක්ගෙන් මට ආවා දුරකථන ඇමතුමක්, "ස්වර්ණවාහිනියේ ඔයාගේ ලිපියක් කියෙව්වා ගොඩ වෙලාවක්". මම ඒ මොහොතේම එය නැරඹුවා. රංජිත්ට කෝල් කරලා කිවුවා. පස්සේ මේක බුකිය හරහා බොහෝ දෙනෙක් අතට ගියා. හැබැයි මේ දවස් වල මේ වගේ ඒවා ගොඩක් එහෙ-මෙහෙ යන නිසා, බොහෝ දෙනෙක් කියවා තිබුණේ නෑ. කොහොම නමුත් මා ගොඩනැගුණු තැන බ්ලොග් අඩවියේ මෙය ඵල නොකළොත් අඩුවක්. මේ මගේ බ්ලොග් අඩවිය කියවා අදහස් දැක්වූ ඔබ වෙනුවෙන්.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...