Wednesday, February 22, 2017

එළුපැටියාගේ කතා - තෙවන කොටස ......

මම මුළින්ම ලියපු එළු පැටියාගේ කතා මාලාව බොහොම ජනප්‍රිය වුණා. කෙතරම් ජනප්‍රිය වුණාද කිව්වොත් ඒකට නෙලුම් යායෙන් සම්මානයකුත් ලැබුණා. එළුපටියාගේ කතා එතරම් ජනප්‍රිය වුණේ ඇයි ? මම කළින් ලිපියෙන් පැහැදිලි කළා වගේ, දරුවන් නිදි ගන්වන්න ගියාම එයාලා වැඩියෙන්ම කැමති දේ කතා අහන එක. නමුත් ඔබේ කතා ගබඩාව ඔබටත් නොදැනීම අවසන් වෙන්නේ හිරු දුටු පිණි මෙන්. අන්තිමේදී දෙමව්පියන් අසරණ වෙනවා. මෙහෙම අසරණ වුණු වෙලාවක මගේ හිතට නැගුණු අදහසක් තමයි මේ "එළු පැටියාගේ කතා". මේකේ තවත් දෙයක් තියෙනවා. දන්නා කතාවක් ආපහු කියන්න ගියාම අපි වැරද්දුවොත් පොඩි එවුන් අපිව නිවැරදි කරනවා විතරක් නොවෙයි, ඔවුන්ගේ නින්දටත් බාදා කර ගන්නවා. අනිත් කාරණයේ තමයි දවසේ වැඩ කටයුතු කරලා ඉන්න දෙමව්පියන්ට කතා කියාගෙන යනකොට ඉබේම නින්ද යනවා. එවෙලාවට ඇහැරෙන්නේ හීනෙන් දකින වචනයක් මහ හයියෙන් කියාගෙන. මේක අර කියාගෙන ගිය කථාවට කිසිසේත් සම්බන්ධ නෑ. එතකොට පොඩි එවුන් අහානවා එක එක ප්‍රශ්න. ඒවාට උත්තර දෙන්න ගියාම අනිවාර්යනෙන් අනාත වෙනවා. 

දවස් තුනකට කළින් මගේකෙළි පොද්දටත් ආපහු ආස හිතුණා මේ කතාවක් අහන්න. එයා මට නැවතත් මතක් කළා "තාත්තේ එළු පැටියාගේ කතාවක් කියන්න බැරිද ?" කියලා. සිම්පල්නේ කියලා හිතිං හිතාගෙන මම ඇහුවා පුතා දන්නවද

එළුපැටියා වරකා කාපු කතාව 

ඔන්න දවසක් එළු පැටියා ටකස්-ගකස් ගාලා පාර දිගේ ඇවිදගෙන ආවා(මේ වෙලාවේ දරුවාගේ පිටේ කොඳු නාරටිය දිගේ ඇඟිලි වලින් එළුවා ඇවිදිනවා වගේ කරන්න ඕනේ. ඒක නින්ද ලඟා වෙන්න කරන පුංචි සම්බාහනයක් වෙනවා).
පින්තූරය ගත්තේ : dreamstime.com
මෙහෙම පාලු වත්තක් ගාවින් යනකොට එයාට ආවා පුදුම සුවඳක්. එයා එතැන නැවතිලා වටපිට බලන්න පටන් ගත්තා. ඒත් එයාට හරියටම ඒ සුවඳ එන්නේ කොතැනින්ද කියලා හොයා ගන්න බැරි වුණා. ඒ වුණාට සුවඳ එන පැත්තට එයා ඇවිදගෙන ගියා. හොඳටම සුවඳ දැනුණත් සුවඳ එන්නේ කොතැනින්ද කියලා තාම පේන්නේ නෑ. එළු පැටියා වටපිට බැලුවා. බිම බැලුවා. අන්තිමට උඩ බැලුවා. "මගෙ අම්මේ ..." එළුපටියට ඉබේම කියවුණා. එළු පැටියා ඇවිත් තියෙන්නේ වරකා ගහක් මුළට. එක පාරටම කටට කෙළත් ඉණුවා. දැන් මොකද කරන්නේ ? එළුපටියා කල්පනා කළා. ඉන් පස්සේ එයා හිතා ගත්තා ගහට නැගලා වරකා ගෙඩිය කඩාගෙන කනවා කියලා. එළුවන්ට කොහොමත් උඩ නගින්න පුළුවන්නේ. ඔන්න එයා මුළින්ම, ටිකක් උඩට නැග්ගා. ඉන් පස්සේ හෙමින් වරකා ගෙඩිය තියෙන අත්ත දිගේ ඇවිදගෙන ගියා. බිම බලනකොට පොඩ්ඩක් බයත් හිතුණා.

දැන් කොහොමද ගෙඩිය කඩා ගන්නේ ? ආයෙත් එයා කල්පනා කරන්න පටන් ගත්තා. ඉන් පස්සේ එයාට හොඳ දෙයක් හිතුණා. එළු පැටියාට ඇඟිලි නැති නිසා ගෙඩිය කඩා ගන්න බෑ. එයා කලේ වරකා ගෙඩියේ නැට්ට කටින් විකන්න ගත්තා. ටිකක් විකාගෙන යනකොට, හොඳටම ඉදිලා තිබුණ වරකා ගෙඩිය බිමට වැටුණා. "දොන්ත පතෝස්" කියළා. තව ඩින්ගෙන් එයාවත් "දොන්ත පතෝස්" වෙනවා. ඒ නිසා උඩ නගිනකොට පරිස්සමෙන් නගින්න ඕනේ. බිමට වැටිච්ච වරකා මදුළු හැමතැනම විසිරුණා. එළුපටියා පරිස්සමෙන් බිමට බැහැලා, සුවඳ හමන, පැනීම පැණිරස වරකා කන්න පටන් ගත්තේ. ඉන් පස්සේ එයා සන්තෝසෙන් කෑ ගැහුවා
පින්තූරය ගත්තේ : pinterest වෙතින්

"බෑහෑ ... උම්බැහෑ ..."කියලා. ඒ සද්දෙට එහා වත්තේ සෙල්ලම් කරගෙන හිටපු ළමයි ටිකත් එතැනට දුවගෙන ආවා. පස්සේ එයාලත් වැලි ගෑවිච්ච නැති වරකා මදුළු ටිකක් රස බැලුවා. හැමෝට සන්තෝසයි. ඉන් පස්සේ ළමයි ටික එළු පැටියාගේ කකුල් දෙකෙන් අල්ලාගෙන "ගිණි - ගිණි බෝලේ සෙල්ලම කළා"

තව කතා දෙකක් තියෙනවා. ඒ දෙක ඊළඟ පොස්ට් එකෙන් දෙන්නම්.

44 comments:

  1. Replies
    1. හැම පොස්ට් එකටම අන්තිම කමෙන්ට් එක දාන්නෙත් උඹමනේ.

      Delete
  2. සමහර වෙලාවට මේ කතාව තමන්ගේ පොඩ්ඩට හරි යන විදිහට කොටස් එකතු කරගන්න පුලුවන් ..
    පොඩි මෙන්ඩ එළු පැටියාගේ කතා වල අංක 1 රසිකයෙක්

    ReplyDelete
    Replies
    1. මේක කොහොමත් වෙනස් කරන්න පුළුවන්. මතක ඇතුව දුක හිතෙන දේ, ඒ වගේම කල්පනා කරන්න දේත් ඉතුරු කරන්න හොඳ නෑ. දරුවන් නින්දට යන්න ඕනේ ඉතාම සැහැල්ලුවෙන්.

      Delete
    2. මේ කතා මාලාවේ තියන හොදම දේ එයාලගේ හිතට වදින විදිහට අවවාද දෙන්න පුලුවන්
      එළු පැටියා දැක්කා වතුර වලක් එයාට ආසා හිතුනා මේකේ බැහැල නාන්න එත් එයාට මතක් උනා අම්මා කියලා තියනවා නොදන්නා වතුර වලවල් වලට බහින්න එපා කියලා ...
      තාත්තා දවසක් අම්මත් එක්ක කියනවා එළු පැටියට ඇහිලා තියනවා තාත්තිගේ ඔපිස් එකේ යාලුවෙක්ගෙ පුතෙක් වතුර වලක නාන්න ගිහින් අම්මිටයි තාත්ටිටයි හොරෙන් එයා ගිලිලා ....හොද වෙලාවට ඒ ලග හිටපු මාමා කෙනෙක් පැනලා එයාව බේරාගෙන තියෙන්නේ (මැරුණා කියන්න එපා ).....
      බැරි වෙලාවත් එයාට කරදරයක් උනානම් අම්මයි තාත්තයි කෝ සුදු පුතෙක්/දුවෙක්

      Delete
  3. මම බූරු පැටියත් දවසක් ඔහොම වැල ගෙඩියක් බෑවා පුංචිම සංදියේ.. අමාරුවෙන් ගහට නැගල නැට්ටට ලණුවකුත් ගැට ගහල නැට්ට කැපුවා..
    .
    .
    .
    .
    .
    .
    .
    ලණුවට යටිං.. වැල ගෙඩිය දොන්ත පතොස්.. :)))

    උඹට කියන්න ඒ දවස්වල මම මෙයාකාරයෙන් කතා දෙක තුනක්ම කියල රෑවල් ගොඩ දාගත්ත.. මේක අමතක වෙලා තිබ්බේ.. මන් හිතුවේ එළුවා දැන් එළු නාම්බෙක් වෙලා ඇති කියල..

    ReplyDelete
    Replies
    1. දැන් නම් දොන්ත පතස් වුණොත්, වුනාමයි. පොඩි කාලේ ඉතිං ඒ ගමන්ම නැගිටිනවානේ.

      මේ වගේ චරිත වයසට යන්නෙම නෑ.

      Delete
    2. අනික ඒ එළු පැටියට ආපහු චුටි කාලෙට යන්න පුලුවන්

      Delete
  4. //දන්නා කතාවක් ආපහු කියන්න ගියාම අපි වැරද්දුවොත් පොඩි එවුන් අපිව නිවැරදි කරනවා විතරක් නොවෙයි, ඔවුන්ගේ නින්දටත් බාදා කර ගන්නවා.//
    මේක මටත් වෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවල්වලට වචන කියවෙන්නෙත් ටිකක් හයියෙන්. එළුපැටියාගේ කතා ඕන අතකට නවන්න පුළුවන්, අර පොලීසියේ එතුමා කරනවා වගේ.

      Delete
  5. අර කථා කියද්දි නින්ද ගිහින් වෙන වෙන වචන කියවෙන එකනම් මටත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. වාසනාවක් තමයි කුණුහරපයක් කියවුණේ නැත්නම්.

      Delete
  6. සරල ලමා කතාවක් වුනත්, ඒකෙත් අමුතුම ගතියක් තියනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බස්සා.

      Delete
    2. බස්සා දැන් පොඩි එකෙකුට කතා කියලා දෙන්න හරි කාලේ

      Delete
  7. ඕපන් සෝර්ස් එළු කතා ආයෙත්.
    එළුවට කොස් ගහේ නගින්න පුළුවන්ද කියන ප්‍රශ්නෙ අහපු නැති එකනං ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඕපන් සෝර්ස් කියන එක මේකට මාරම ගැලපෙන වචනයක්. මොකද මේක කැමති කෙනෙකුට, කැමති විදියට මොඩිෆයි කරන්න පුළුවන් නිසා. අද කාලේ පොඩි එවුන්ට තියා බොහොමයක් වැඩිහිටියෝන්ටත් හරි තීරනේකට එන්න බැරි දෙයක් කොස් ගහේ එළු පටියට නගින්න පුලුවන්ද කියන එක.

      Delete
  8. මේ තියෙන්නේ කතා... බලාගමු අද ඉදලා , මං මේ නොයිවසිල්ලෙන් ඉන්නේ කෙල්ල පැටියා ගෙදර එනකම්..

    බොහොම රසවත් කතාවක්

    ReplyDelete
    Replies
    1. පටන් ගනින් පොඩි එකා උබව ඉබිනවා පොඩි එකී මේක රස විදින තරම දැක්කහම් සුදික අයියන්ඩිව ඉබ්බින්න හිතෙනවා ...
      වයිපරෙත් අනිවා මේ කතාව රස විදිනවා ...
      ටික දවසක් යනකොට වයිපරේ තමයි පොඩි එකා අවුසන්නේ තාත්තිට කියන්න අදත් අර එළු පැටියාගේ කතාවේ ඉතුරු ටික කියන්න කියලා

      Delete
    2. මම මේකට උත්තරේ බඳිනකොට එරන්දිට උත්සාහයේ ප්‍රතිඵල කියන්නත් වෙලාව.

      මේවා මුලින් ලියත්දී මම එච්චර හිතුවේ නෑ, ඒවාට මේ තරම් ඉල්ලුමක් ඇතිවෙයි කියලා. බැලුවම අන්තර්ජාලයේ සැරිසරන වැඩි දෙනෙක් කුඩා දරුවන් ඉන්න පියවරු.

      Delete
  9. අනාගතේ වෙනුවෙන් රක්ශිත තැන්පතු ගොඩට වහාම දා ගත්තා.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එළු පැටියා නිසා ගස්ලබ්බු පැටියෙක් එයි වගේ ...

      Delete
    2. එළු පැටියා ගස්ලබු කාපු කතාව එහෙමත් කියන්න පුළුවන් වෙයි.

      Delete
  10. අපේ කොළුවා තාම කතා අහන්න කැමති නැහැ...
    ඌ සෙල්ලම් බඩුවක් අතේ තියාගෙන තනියම නිදා ගන්නවා...

    ReplyDelete
    Replies
    1. ආ මෙන්න අපේ එකාගෙ ජාතියෙ තව එකෙක්... උඹට කියන්න මේ ඊයෙ පෙරෙදා දවසක අර පොඩි කාලෙ ගෙනත් දීපූ චූටි කාර් එකක් හම්බෙලා.. ඕක අතේ තියන්නේ නිදියන්න ගිහින් තිබුනේ...

      Delete
    2. ළමයි නිදි කරවන්න විවිධ ක්‍රම ඇති. බොහොමයක් දෙමව්පියන් මුලින්ම සහ වැඩියෙන්ම තෝරා ගන්නේ කතන්දර කියන එක. වැඩේ ලේසියි කියලා තමයි හිතන්නේ. අන්තිමට පොඩි එවුන් අපිව අසරණ කරනවා.

      Delete
    3. ///ආ මෙන්න අපේ එකාගෙ ජාතියෙ තව එකෙක්... උඹට කියන්න මේ ඊයෙ පෙරෙදා දවසක අර පොඩි කාලෙ ගෙනත් දීපූ චූටි කාර් එකක් හම්බෙලා.. ඕක අතේ තියන්නේ නිදියන්න ගිහින් තිබුනේ...///

      අපේ එකා සමහර වෙලාවට වාහන දෙක තුනක් ළඟ තියාගෙන ඉන්නේ ඇඳේ...
      සාලේ ලයිට් නිව්වම තමයි මතක් වෙන්නේ වාහනයක් අතට ගත්තේ නැහැ නේද කියල...
      ඊට පස්සේ කුරු කුරු ගෑවම එක්කගෙන යනවා ආපහු සාළෙට...
      එතනට ගිහින් ගෑණු උදවිය ෂොපින් ගියා වගේ එක එක අතට අරගෙන ආපහු තියනවා, එක විකාරයයි...
      එහෙම කරන්නේ කලින් නිදා ගන්න අකමැති දවස් වලට...
      ඊට පස්සේ බලෙන් තමයි ඇදගෙන යන්න වෙන්නේ...

      Delete
    4. අපේ එකා පොඩි කතවක් හරි කියන්න ඕනේ ...ඒක අහන්න අසාවෙන් සෙට් වෙන හැටි .."මතක නැහැ පුතේ හෙට කියන්නම් කිව්වහම මුනේ තියන දුක දැක්කහම ගොතලා හරි එකක් කියනවා බන් ..

      Delete
  11. මටනම් ඔය කතන්දර කියන කරදරේ කවදාවත් නොතිබුන එකක්.. පුතයා කවදාවත් කතන්දරයක් කියන්න කියලා නෑ. මම බ්ලෙන් කියන්න ගියත් මැදක් යනකොට පොර එකට උගේ වර්ෂන් එක ඇඩ් කරලා, කතාව අල කරලා, මාව මංඥං කරලා නිදා ගන්නවා... ආයෙ ඉතින් මොන කතා ද ?

    ReplyDelete
    Replies
    1. ඒකා ඇම්බැට්ට පොඩ්ඩෙක් වගේ. එහෙම එවුන් එක්ක ලේසි නෑ. ඔය වගේ ලොකු එවුන් මුණ ගැහුණු වෙලාවට තමයි යකා නගින්නේ.

      Delete
  12. අපිට ඉන්නවා එහා ගෙදර තරුන පවුලේ අවුරුදු දෙකක සුදු පැටිච්චියෙක්. එයාගේ නම බෙලා. අපි දෙන්නා එක්ක පැය ගනන් ගෙවනවා අපේ ගෙදර. "චූටි බලු රාලේ" සිංහල ක්ලිප් එකට හුරුවෙලා. ආපු ගමන් කියන්නේ "අයි වෝන්ට් චූටි බබු ලාලේ" කියලා. ප්ලේන් රයිස් කන්න මරුවා. ශෝක් පොඩිත්ති. මට කියන්නේ "සිලි බෝයි අරුන්" කියලා. දරුවන්ගේ ලෝකය හරිම පිරිසිඳුයි. දෙමව්පියෝ ඒ ලෝකයට ඇතුල්වෙන්න ඕන, නමුත් බාධා නොකල යුතුයි. සුදීකගේ ලෝකය මට තේරෙනෙවා. ඒක හරි දයාබරයි.

    ReplyDelete
    Replies
    1. මට ලැබෙන ඔනමේ චැලේන්ජ් එකක් එක්ක මම මොනවා හරි අලුතෙන් කරන්න උත්සාහ කරනවා. ඒකෙ ප්‍රතිඵලය තමයි මේ. බොහොම ස්තුතියි අරූ.

      Delete
    2. ///සුදීකගේ ලෝකය මට තේරෙනෙවා. ඒක හරි දයාබරයි.///
      Wow...
      Thanks Aru maame, ayye, machoo...

      Delete
    3. ///සුදීකගේ ලෝකය මට තේරෙනෙවා. ඒක හරි දයාබරයි.///
      Wow...
      Thanks Aru maame, ayye, machoo...

      Delete
  13. දෙමාපියන් විසින් දරුවන්ගේ සතුට වෙනුවෙන් කොයිතරම්නම් දේවල් කරනවද නේද.. පුංචි කාලේ ඉඳන් අහන්න අකමැතිම සින්දුවක් වෙච්චි සිනිල් එදිරිසිංහ මහතාගේ "පිනිබර යාමේ " සින්දුවේ පද ටික ඊයේ පෙර්දාවක අහම්බෙන් ඇහුන ඩ්‍රයිව් කරන ගමන්.. මට ඇත්තටම හිතුන ඇයි ඒ පද පේලි ටික කලින් ඇහුනේ නැත්තේ කියල..

    "වේල දෙවේලේ කුසගිනි නොබලා .. කඩමලු ඇන්දත් පිං කඳ බබලනවා..කලට රුවන් වැසි වස්සන තාලේ සිල්ප උගත් දා...නුඹ සක්විති වෙනවා..."

    මගේ කමෙන්ට් එක පෝස්ට් එකට අදාළ නැති වගේ උනත් මට ලියන්න හිතුනේ මේකමයි.. මේ පොස්ට් එක පුරාමත් කමෙන්ට් වලත් තියෙන්නේ දෙමාපියන් දරුවන්ට ඇති සෙනෙහස කියලයි මම දකින්නේ.. ස්තුතියි මේක ලිව්වට..

    ReplyDelete
  14. //මගේ කමෙන්ට් එක පෝස්ට් එකට අදාළ නැති වගේ උනත්//

    නෑ. මේකෙන් ගොඩයා මාව කියෙව්වා කියන එක මට දැනෙනවා.ඒක සතුටක්. අරුත් ඒ වගේම මාව කියවලා තියෙනවා.

    ReplyDelete
  15. අපි පොඩි දෙන්නටත් එළු කතාවක් කියල දීල තියනවා. "හයිඩි". දිල්රුක් කියවල් තියනවද. හරිම ලස්සන කතාව.
    https://en.wikipedia.org/wiki/Heidi

    ReplyDelete
    Replies
    1. හැමෝටම කියවන්න සිංහලෙන් ලියමුකෝ මේ කතාව

      Delete
    2. සිංහල පරිවර්තනයක් නැත්ද?

      Delete
    3. වර්ෂන් ගොඩක් තියනවා. දිල්රුක් ට පුළුවන්නේ පරිවර්තනය කරන්න. දූ කැමති වෙයි.
      https://www.youtube.com/watch?v=7gnerwvBPpU

      දෙවෙනි එක
      https://www.youtube.com/watch?v=sv2vOb60W-o

      Delete
    4. මට මතකයක් තිබුණා පොඩි එකීට මේ පොත පහුගිය වසරක කියවන්න තිබුණා කියලා. අද මම අහලා බැලුවා. බලනකොට ඇත්ත. පොත හමු වුණොත් බලමු.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...