Monday, September 21, 2015

පියාගෙන් දියණියට දුරකථන ඇමතුමක් ......

එක්තරා පියෙකු රාජකාරියේ යෙදී සිටියදී තම නිවසට දුරකථන ඇමතුමක් ලබා ගත්තා. එයට පිළිතුරු දුන්නේ ඔහුගේ අට හැවිරිදි දියණිය.
beutiful little girl holding a telephone receiver answering
පින්තූරය ගත්තේ : http://www.awesomequotes4u.com/

"කොහොමද රත්තරං. මේ තාත්තා. අම්මා ළඟ ඉන්නවද ?"
"නෑ තාත්තී. අම්මා පෝල් මාමත් එක්ක උඩ තට්ටුවේ නිදියන කාමරේ"  කුඩා දැරිය උපහාසයෙන් මෙන් පවසා සිටියා.
කුඩා ඉසිම්බුවකින් නැවතත් පියා හඬ අවධි කළා
"ඒ වුණාට රත්තරං ඔයාට පෝල් කියලා මාමා කෙනෙක් නෑනේ!"
"ඕහ් ! ඔව් ඉන්නවා අන්න එයා මේ දැන් උඩ තට්ටුවේ අම්මත් එක්ක"
තවත් කෙටි නිහැඬියාවකින් පසු
"අහ් ! හරි. එහෙනං මෙන්න මේකයි දැන් ඔයා කරන්න ඕනේ : ෆෝන් එක පැත්තකින තියලා, උඩ තට්ටුවට දුවලා, දොරට තට්ටු කරන්න. ඊට පස්සේ කෑ ගහලා කියන්න, තාත්තාගේ කාර් එක ගේට්ටුව ළඟ" කියල.
"හරි පොඩ්ඩක් ඉන්න තාත්තේ"
ටික වෙලාවකට පසු කුඩා දැරිය දුරකථනය වෙත පැමිණ
"හරි තාත්තේ" යනුවෙන් පිළිවදන් දුන්නාය.
"මොනවද වුණේ රත්තරං ?"
"අම්මා හොඳටම බය වෙලා හෙළුවෙන්ම ඇඳෙන් බිමට පැනලා, කෑගහගෙන කාමරේ වටේ දිව්වා.  ඊට පස්සේ ඇදගෙන වැටිලා එයාගේ ඔළුව පඩිපෙළේ  වැදුණා. දැන් එයා හෙලවෙන්නේ වත් නෑ. 
"පෝල් මාමට මොකද වුණේ ?" පියා විමසුවා.
"එයා ජනේලයෙන් පැන්නා ස්විමිං පූල් එකට. මං හිතන්නේ ඔයා ගිය සතියේ වතුර අස් කළා කියලා එයා දැනගෙන ඉඳලා නෑ. එයාව අඩියටම වැටිලා මම හිතන්නේ දැන් එයා මැරිලා". 
 ඉතාම දිගු නිහැඬියාවකින් පසුව යලිත් වරක් පියා හඬ අවධි කළා
"ස්විමිං පූල් එකක් !!!, ඒ වුණාට අපිට පූල් එකක් නෑනේ. මේ 486-5731 ද ?"
"නෑ. මේ 486-5713"
 "සොරි රෝන්ග් නම්බර් !!!!"
 http://www.awesomequotes4u.com/ වෙබ් අඩවිය ඇසුරෙනි.

54 comments:

  1. ඔය රෝං නම්බර් වල තියෙන විශේෂය තමයි කවදාවත් බිසි සිග්නල් එකක් එන්නේ නැතිකම. කිලින්ම රිංවෙලා පට් පට් ගාලා උත්තරත් දෙනවා බලා හිටියා වගේ.

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ...

      Delete
    2. මගේ අතින් වැරදිලා ෆැක්ස් එකකුත් ගිහිං තියෙනවා.

      Delete
    3. http://pramodravishan.blogspot.com/

      Delete
    4. http://pramodravishan.blogspot.com/

      Delete
  2. ඉක්මන් කොටයි කියනවනේ. තීරණ ගන්නකොට හදිස්සි වෙන්න හොඳ නෑ.

    ReplyDelete
    Replies
    1. මේ තීරණේ නරකට හිටලා නෑ. හැබැයි පොඩි එකී අමාරුවේ.

      Delete
  3. හැක හැක. චැහ් අරූ මහ කැත වැඩේනෙ කරල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඌට මල පනින්න ඇතිනේ.

      Delete
  4. අඩේ මාර කතාවක්නේ මේක සුදීක........

    ReplyDelete
    Replies
    1. මගේ යාලුවෙක් ඔය වගේ බාත්රූම් ජනෙලෙකින් පැනලා. අනිත් පැත්තේ වැට මායිමේ වලක් කපලා තිබිලා.

      Delete
    2. ඇයි අපේ ඇමැති උත්තමයෙකුත් පිට රටකදි පැන්නලු නේද ජනේලෙකින් ඔහොම.

      Delete
    3. මම නම් දන්නේ අර කුඩේ අරං පැන්න කතාව.

      Delete
  5. සමාන්තර විශ්වයක් මුණගැහුණු වෙලාවක් නේද?

    ReplyDelete
  6. මම මේකේ සේවිකාවගේ කතාවනම් අහලා තියෙන්වා. මේ ඒකේ රිමික්ස් එකක්ද ?

    ReplyDelete
    Replies
    1. කොහොමද දන්නේ නෑ. මම කලේ පරිවර්තනයක්.

      Delete
  7. මේ කතාවනං මම කලින් අහල තියෙනව.

    හැබැයි ඉතිං රෝං නොම්බර වලට ඔහොම කතා කරන එක වැරදියිනෙ. :D

    ReplyDelete
    Replies
    1. යකෝ පොඩි එකා දන්නවද මේක රෝන්ග් නම්බර් එකක් කියලා. අද කලින්ම සළු උනා නේද?

      Delete
    2. ප්‍රසන්නයා හිතලා තියෙන්නේ තාත්තා ගැන.

      Delete
    3. හැක්.. හැක්..
      නලින් අයියෙ වැඩිය බියර් බොන්න එපා. :D

      Delete
  8. ලංකාවේ පත්තර වලට එහෙම පේන්න තියන්න එපා මේක.. පට්ට නිව්ස් එකක් වෙයි..

    ReplyDelete
    Replies
    1. මේ අපේ ජොබට කෙළින්න එපා හරිය

      Delete
    2. ගෙඩි පිටින් මගේ පරිවර්තනයක් මීට කලින් පත්තර වල දාලා තියෙනවා. මම හිතන්නේ අනිත් අයටත් ඒ වගේ අත්දැකීම් තියෙනවා.

      Delete
  9. මාත් අහලා තියෙන්නෙ ගෙදරට අළුතින් ආව මෙහෙකාරියට කතා කල බව. තුවක්කුව තියෙන තැන කියලා දෙන්නටම වෙඩි තියවලා මිනී දෙක ස්විමිං පූල් එකට දාන්න කිව්වම තමා මෙහෙකාරිය කියන්නෙ ඒ ගෙදර ස්විමිං පූල් එකක් නෑ කියලා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.... මමත් ඒ කතාව අහලා තියෙනවා. මේක සුන්දර විදියට දීපු දඬුවමක්.

      Delete
    2. "මධු මාධවී" කියලා තියෙන්නේ මම කියපු කතාව. :)

      Delete
  10. ඇම්ඩගේ කතාවකත් මේකම තියෙනවා.

    ReplyDelete
    Replies
    1. හැලපයියේ ලියපන්කෝ බං ඇම්ඩගේ කතාවක්. ඒවගේ එකක් රහටම ලියන්න ඇහැකි බොටම තමා.

      Delete
    2. ඔව්. ඔව්. ලියන්න. මේ දවස් වල රසකතා හිඟයක් තියෙනවා.

      Delete
  11. වැරදි නමිබර් එකකට කොල් ඇවිත් තියෙන්නේ වැරදි වැඩක් කරමින් හිටපු වෙලාවක වැරදි කෙනෙකුට

    ReplyDelete
  12. මේකේ වෙනින් වර්ශන් එකක් අහලා තියෙනවා..

    කෝම උනත් ඔය වගේ තීරණ ගන්න එක කාට කාටත් පාඩුයි.. රෝන්ග් නම්බර් එක හන්දා වෙච්ච දෙයක්..

    ReplyDelete
    Replies
    1. පොඩි එවුන්ගේ කටහඬවල් එක වගේ ඇති නේ.

      Delete
  13. එල ද බ්‍රා..
    බඩත් කොර හිනාවෙලා

    ReplyDelete
    Replies
    1. මේ කතාව පොඩි මෙන්ඩට කියන්න එපා රජෝ.

      Delete
    2. නෑ..නෑ..මේ දවස්වල එලු පැටියට වලස් යාලුවෙක් මුන ගැහිලා..

      Delete
  14. මගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා එකම නමෙන්. එකෙක් අලි හයර් කරන එකෙක්. අනිකා චෙෆ් කෙනෙක්.. දවසක් ගත්තා රෝන්ග් නම්බර් එක.. මචෝ මම එකොළහට එනවා අලියෙක් තියහන්.. මගේ ගව හොගෙද හු ... ...අලි. ඕනම නම් අලියෙක්ගේ කේක් එකක් හදලා තියන්නම්.. ඒත් එකොලහට නම් බෑ.. හැන්දෑවට වරෙන්...

    ReplyDelete
    Replies
    1. මේ වගේ වැඩක් මටත් ඊයේ වුණා.

      Delete
    2. ඒක එල ද බ්‍රා කතාව මාතයියන්ඩි

      Delete
  15. හිකිස්... මරු ඉට්ටෝරිය ඈ... ගෑණු උන්දැට නං මොලේ ැ... නැත්තං අල්මාරියෙ හරි හංගල යනව නෙ... ඊට පස්සෙ ැරියැ අම්මට පපුවෙ අමාරුව කියල කබඩ් එකෙන් එළියට ගන්න

    ReplyDelete
    Replies
    1. ආදරය අන්දයි කියන්නේ නිකන්ද ? මේක තහනම් කියන විශේෂණ පදයත් එක්කම එනකොට, ලබන ආත්මෙත් අන්දයි.

      Delete
  16. නියම කතාව. මරුවටම ලියල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මේක පරිවර්තනයක්.

      Delete
  17. මේක ෆේස්බුක් එකේනම් නිතරම ශෙයා වෙන කතාවක්! මොනා වුනත් නිකරුනේ ජීවිත දෙකක් සහ උච්චතම අවස්තාවක වෙච්ච ආවසනාවන්තම සිදුවීමක්!

    ReplyDelete
    Replies
    1. හෙක්... හෙක්.. උච්චතම අවස්ථාව....

      Delete
    2. නිශාන් මලයා ප්‍රොෆයිල් එක වෙනස් කරලා. ඉස්සර හොඳට ලිව්ව කොල්ලෙක් තමයි. දැන් නොලියන්නේ මොකද ?

      Delete
  18. අඩේ මේක නම් මරු වැඩේ. අම්මා පෝල් මාමත් එක්ක උඩ තට්ටුවේ නිදියන කාමරේ කිව්වාට පස්සේ තාත්තා ජනේලෙන් පැන්නා නම් මොකද වෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ, තාත්තා රෝන්ග් නම්බර් කියලා දැනගෙනම වැඩේ දීලා තියෙන්නේ.

      Delete
  19. නම්බර් ඒකත් රෝන්ග්... වැඩෙත් රෝන්ග්...

    ReplyDelete
  20. රෝන්ග් නම්බර් හින්දා ගොඩක් වෙලාවට අන්තිමට ඉතිරි වෙන්නෙ අවුලක් ම තමයි.. හ්ම්ම්.. මේවා හොඳ පාඩම්.. හෙහ් හෙහ් හෙ... සජීවී පරිවර්තනයක් අයියෙ.
    ජයවේවා..!!

    ReplyDelete
  21. ඔය කතාව අපි අහල තියෙන්නේ වෙන විදියකට.
    ටිකක් දරුණු විදියකට

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...