Monday, September 14, 2015

එළුපැටියාගේ කතාව - කුඩා දරුවන් සිටින දෙමව්පියන් වෙනුවෙනි ......

මට බ්ලොග් ලිවීම එපා වෙලා කියලා බොහෝ දෙනෙකුට හිතෙන්න ඇති. පටන් ගත්ත කාලේ සතියකට හතරක් හෝ තුනක් බ්ලොග් පොස්ට් දමමින් අවුරුදු තුනක් අඛණ්ඩව කරගෙන ආපු මේ ව්‍යායාම එක පාරටම කඩාකප්පල් වීම, බ්ලොග් කෙරුවාව ගැන දන්න හත් දෙනෙකුගෙන් ඇහුවොත් උත්තර හතක් ලැබෙන්න පුළුවන්. මම මේ ප්‍රශ්නය මගෙන්ම ඇහුවත් මට දෙන්න තියෙන උත්තරය "වෙලාවක් නෑ" කියන එක.  කෙනෙක්ගේ හිතට එක පාරටම එන්න පුළුවන් තර්කය තමයි "එතකොට කලින් වෙලාව හොයා ගත්තේ කොහොමද ?" කියන එක. මට මතකයි මගේ එක් රසිකාවියක් මගෙන් කාල කළමනාකරණය ගැන උපදෙස් ගන්න ඕනේ කියලා කමෙන්ට් කරා. නමුත් ඒ කතාවට වැඩියෙන්ම හිනා ගියේ මට. හොඳයි අපි ඒ ගැන පසුව කථා කරමු. [හැබැයි මට බ්ලොග් පොස්ට් එකක් නොදා වැඩි කාලයක් නිකන් ඉන්න නොදෙන බ්ලොග් හිතවතෙක් ඉන්නවා. ඒ තමයි ගල් බලකායේ ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ (අධි+යක්ෂ) වරයෙකු වන මෙන්ඩා නොහොත් සංජීව මෙන්ඩිස්. ගිය සිකුරාදා දුරකථනය ඇමතුමක්ම දීලා ඇහුවා මොකද වුණේ කියලා. ඉතින් මේ ලියන්නේ මෙන්ඩාගේ ඒ සිහි කැඳවීමට ගරු කිරීමක් වශයෙන්. අනිත් දේ තමයි මගට ලියලා අත් ඇරපු බ්ලොග් පොස්ට් දහයකට වඩා තියෙනවා. මේක අදට ලියන දෙවෙනි පොස්ට් එක].

හරි මම කෙටියෙන් කියන්නම්. කලින් මම මේකට වෙන් කර ගත්ත වෙලාව රාත්‍රී දහයත් දෙකත් අතර කාලය. මේ කියන කාල සීමාවේදී මම අවම වශයෙන් නිදා ගත්තේ පැය හතරක්. උපරිම වශයෙන් පැය පහක්. මම කම්මැලි වෙලාද ? නෑ. මම සේවය කරන තැනට නිතර යනෙන ඉන්ෆොර්මික්ස් ඉංජිනේරුවෙක් තමයි මිගාර කියන්නේ. ඔහු පරිගණක ලෝකය ගැන ඉතාම අවධානයෙන් ඉන්න කෙනෙක්. ඔහු මගේ ඉතාම කුළුපග මිතුරෙක් වෙන්න වැඩි කාලයක් ගියේ නෑ. මම ඉන්න තැනට එන ඒ වගේ අයට තේ එකකින් සංග්‍රහ කරන එක මගේ සිරිතක්. ටික කාලෙකින් තමන් කන්න අරන් එන කෑම එක මගෙත් එක්ක බෙදාගෙන කරන්න තරම් ඔහු මා හා හිතවත් වුණා. ඒ නිසා මිගාර දන්නවා මම දවසට නිදියන්නේ පැය හතරක් පහක් බව.  දවසක් මට ඔහු දැඩි අවවාදයක් දුන්නා. 
"උඹ දන්නවද දාස් ගුප්තා කියන්නේ කවුද කියලා ? දාස් ගුප්තා කියන්නේ ඉන්දියාවේ සැප් වල සී.ඊ.ඕ. වයස අවුරුදු 42යි. නිදියන්නේ දවසට පැය හතරයි. හොඳට එක්සර්සයිස් කරලා හිටපු පොරක්. චෙන්නායි මැරතන් එකටත් දුවලා තියෙනවා. ඉතිං කියන්න ඕනේ නෑනේ. හොඳට ෆිට්නස් තිබුණා. මැරුණ හේතුව හොයාගෙන ගියාම අන්තිමට අහු වෙලා තියෙන්නේ නින්ද අඩු කම කියලා. ඒ නිසා අද ඉඳලා පැය හයක්වත් නිදියන්න බලපන් මචං"
මිගාරගේ මේ ප්‍රකාශය මගේ හිත සසල කළා. හැම පැත්තකින්ම පරිපූර්ණ පුද්ගලයෙක් වෙච්ච දාස් ගුප්තාට ඒ වගේ ඉරණමක් අත් වුණේ, විවේකය ගැන හිතන්නැතිව ඔහුගේ ව්‍යාපාර කටයුතු කිරීම. ඉතිං සයිබර් කටයුතු සඳහා මම වෙන් කරපු කාලය සීමා කරන්න මම තීරණය කළා. මුලින් දහයට නිදා ගත්ත මට පැය හතරකින් ඇහැරුණා. මේක මගේ කාර්යාලීය සගයා එක්ක මම කථා කළා. එතකොට ලැබුණ උපදෙස තමයි නිදියන්න බැරි වුණත් ඇඳට වෙලා ඇස් පියාගෙන ඉන්න කියන එක. පස්සේ පස්සේ වැඩේ හරිගියා. දැන් මම අවම වශයෙන් පැය හයක් නිදා ගන්නවා. 

නමුත් ඔය අතරවාරයේ පහුගිය චන්දෙ කිට්ටුවෙලා මගේ පපුව තද වෙන ගතියක් ආවා. ඒ එක්කම කලන්තේ වගේ ගතියක්. මම හිතුවා වැඩේ හරියාගෙන එනවා තමයි කියලා. පහුගිය දහතුන්වෙනිදා වරුවක් නිවාඩු දාලා මම ගිහින් හොස්පිටල් ඇඩ්මිට් වුණා. කරන්න තියෙන පරීක්ෂණ බොහොමයක් අවසානයේ "නෝමල්" කියන උත්තරය ලැබුණා. පස්සේ ඒ දවස් දෙක ඇතුලේම මාව මුණගැහෙන්න අවශ්‍ය වෙච්ච මගේ මිතුරෙක් එතනට ආවා. ඔහු මට කිව්වා ඔයාට ගැස්ට්‍රික් වෙන්න ඇති කියලා. පස්සේ තමයි මට වැඩේ මීටර් වුණේ. අර කලන්තේ වගේ ගතිය කණ බ්ලොක් වුණාම වෙන එක බව මට තේරුණා. මම දොස්තරලාට ඒ කථා නොකියා හෙමිහිට ඩිස්චාර්ජ් වෙලා ගෙදර ගියා. දවසකට බොන කෝපි ප්‍රමාණය බිංදුව කළාම වැඩේ ගොඩ ගියා.

හරි අද ලියන්නේ මොනවද කියලා කල්පනා කරලා. කාලයක් ඉඳන් ලියන්න ඕනේ කියලා හිතාගෙන හිටිය මාතෘකාවක් ලියන්න පටන් ගත්තා. එක දිගට කාලයක් නොලියා හිටියම ඇති වන අකාර්යක්ෂමතාව නිසාද කොහෙද වෙනදා වේගයෙන් ලියන්න බැරි වුණා. නමුත් මගේ සයිබර් අන්තය වෙනුවෙන් වෙන්වුණු ෆේස්බුක් ගිණුමේ පහලට ගියාම මිතුරෙක් ෂෙයාර් කරලා තිබුණ මෙන්න මේ වීඩියෝව  සිංගල් ෆාදර් ස්ටේටස් එකේ ඉන්න මම, දියණිය නිදි කරන්න ගිය වෙලාවට කරපු පුංචි සොඳුරු ප්‍රයෝගයක් මතකයට ගෙන ආවා. පසුව මේක මගේ දියණිය හොබී එකක් කර ගත්තා. මුලින්ම බලන්නකෝ වීඩියෝ එක. 
මෙතැන එළුවෝ රෑණක්ම සිටියත් මගේ කතාවට පාදක වෙන්නේ එක එළු පැටියෙක් විතරයි. කුඩා ළමයි නිදි කරවන්න තිබෙන එක ඔප්ෂන් එකක් තමයි එයාලට කතා කීම. නමුත් මේක නොනවතින රැල්ලක් වගේ දිගටම යන වැඩක්. ඉතින් අපේ කතා ගබඩාව අපිටත් නොදැනීම හිස් වෙනවා. එක කතාවක් දෙවෙනි වතාවට කියනකොට ළමයින්ට නිදිමත නැති වුනොත් "අයියෝ තාත්තේ ඕක කලින් අහලා තියෙනවා" කියලා ලත් තැනම ලොප් කරලා දානවා. අපිත් ඉතිං නිදිමරගාතේ විශාල අපාහසුතාවකට පත් වෙනවා. මෙහෙම කතා කියාගෙන යනකොට අපිට නින්ද යන අවස්ථා වැඩියි. බොහෝවිට ළමයා අපව අවදි කරනවා. තවත් දෙයක් කියාගෙන යන කතාව පැත්තක තියලා එකපාරට වැරදි වචන කියනව. වැරදි කියන්නේ කුණුහරුප නෙවෙයි. නමුත් තුන්ලෝකේ නැති වචන. ඒ අපට නින්ද ගිහිං හීනෙන් දකින ඒවාට අදාලා වචන නින්දත් නොනින්දත් අතර මහා හයියෙන් කියවෙන නිසා.

දවසක් මට කියන්න කතා නැති වෙලාවක මම මගේ දියණියගෙන් ඇහුවා "පුතා දන්නවද එළුපැටියාගේ කතාව ?" කියලා. එහෙම කියත්දී මගේ හිතේ කිසිම කතාවක් ගැන අදහසක් වත් තිබුණේ නෑ. දියණිය එක පයින්ම කිව්වා "නෑ තාත්තේ කියන්න" කියලා. මම හිතට එන විදියට ගොතලා කතාවක් කිව්වා. හරියටම නැතත් මෙන්න මේ වගේ. මේ වගේ කතාවල විශේෂය තමයි එකම කතාව දෙපාරක් කියවෙන්නේ නැති එක. ඒ නිසා මේ එළුපැටියාගේ කතා සීරීස් එකක් බවට පත් වුණා.

"ඔන්න පුතේ දවසක් එළුපැටියෙක් එයාගේ අම්මා ඉන්න තැනින් එලියට ඇවිත් පාරදිගේ තනියම යනවා ටොක ටොක ගගා. එහෙම යනකොට එයා දැක්කා ළමයි කට්ටියක් සෙල්ලම් කරනවා. එළුපැටියාටත් හිතුණා මටත් සෙල්ලම් කරන්න ඕනේ කියලා. එයා ළමයි ගාවට ගිහිං "බෑහා - බැහා" ගාලා කිව්වා මටත් සෙල්ලම් කරන්න ඕනේ කියලා. ළමයින් හිතුවේ එයාට බඩගිනි වෙලා කියලා. ඉතිං එයාව පැත්තකට එක්කන් ගිහිං කොළ අතු ටිකක් කඩලා දුන්නා. එළුපටියා ආයි "බැහා - බැහා" කිව්වා. ළමයි හීතුවා එයා අඬන්නේ වතුර ඕනේ වෙලා කියලා. ඒ පාර වතුර බාල්දියක් ගෙනත් එළුපැටියා ලඟින් තිබ්බ. අවුවේ ඇවිත් එළුපැටියාටත් බඩගිනි නිසා එයා වතුර ටික බීගෙන බීගෙන ගියා. එහෙම බීලා ආයෙත් "බැහා-බැහා" කියන්න පටන් ගත්ත. ළමයෙක්ගේ අතේ තිබුණ බොලේ බිමට වැටෙනවා එළුපැටියා දැක්කා. එයා ඒක කටින් අරගෙන දුවගෙන දුවගෙන ගියා. ළමයි කට්ටිය හිතුවේ එයාලාගේ බොලේ එළුපැටියා කන්න හදනවා කියලා. එහෙම ටිකක් දුර දුවගෙන ගිය එළුපටියා බොලේ ටිකක් දුරට වීසි කළා. ළමයි පස්සෙන් දුවගෙන ගිහිං බොලේ ගත්තා. එළුපටියා ආයෙත් ගිහිං බොලේ ඉල්ලනවා "බැහැ-බැහැ" කියලා. ළමයි බලනවා මේ මොකද කියලා. ඒ පාර ඒ ළමයා බොලේ ටිකක් දුරට විසි කළා. එළුපැටියා දුවගෙන දුවගෙන ගිහිං බොලේ අහුලාගෙන අරං ඇවිත් කටින් වීසි කළා. ළමයින්ට තේරුණා එළුපැටියාට සෙල්ලම් කරන්න ඕනේ වෙලා තමයි ආවේ කියලා. ඊට පස්සේ හැමදාම එළුපැටියා ළමයින් එක්ක සෙල්ලම් කළා. 
මෙහෙම කතාව කියලා ඉවර වෙනකොටත් ළමයා නිදි නැතිනම් එක්කෝ නිදිමත නැහැ. නැතිනම් ඔබ අසාර්ථකයි. එහෙම වුනා කියලා අධෛර්යයට පත් වෙන්න හොඳ නෑ. දිගටම කියන්න ඕනේ. මේ වගේ කතා ගොඩක් මම මේ වෙනකොට කියලා තියෙනවා. මගේ කෙල්ල දැන් ආසාවට එළුපැටියගේ කතාවක් කියන්න කියලා කියනවා. ඒ එළුපෑටියාගේ කතා මාලාව අපි දෙන්නටම වින්-වින් තත්වෙට පත්වුණා නිසා. මම කියපු කතා අතර එළුපැටියා ගඟේ නාපු කතාව, එළුපටියා ෆූඩ් සිටි ගිය කතාව, එළුපටියා බීච් ගිය කතාව, එළුපැටිය ඉස්කෝලේ ගිය කතාව, එළුපැටියා කෝච්චියේ ගිය කතාව, එළුපැටියා ටී.වී. බලපු කතාව, එළුපැටියා කම්පියුටර් එක්ක වැඩ කරපු කතාව, එළුපැටියා කාර් එකේ ගිය කතාව සහ මෙකී නොකී ඕනෑම මාතෘකාවක් හදාගෙන කියන්න පුළුවන්.  දැන් තියෙන්නේ ඔයාලගේ අවස්ථාව. මේක උත්සාහ කරලා බලන්න. අත්දුටුවයි-ප්‍රත්‍යක්ෂයි.

මේක කුඩා පොත් පිංචක් කරන්නත් හිතුන වෙලාවල් තියෙනවා. බලමු ඉදිරියට. එහෙනම් පොඩි මෙන්ඩාට මේවා කියලා බලන්න කියලා මම ලොකු මෙන්ඩාට ආරාධනා කරනවා. හැබැයි එකාගෙන් ගුටි කන ඒවාට මම වග කියන්නේ නෑ. තව ටික දවසකින් අපේ පත්තර මල්ලිටත් මේවා වැදගත් වේවි. 

88 comments:

  1. ලස්සන කතන්දර ටික.

    නින්ද අඩු වුනාම මැරෙනවා කියලා ඔය ඇහුවමයි. :P

    ReplyDelete
    Replies
    1. මේ කතන්දර අලුත් නිසා සාර්ථකත්වයක් ඇති වුණා. මේවා කියත්දී නින්ද ගියත් ගොඩ දා ගන්න පුළුවන්.

      පොඩ්ඩක් දාස් ගුප්ථා ගැන කියවලා බලන්න.

      Delete
    2. සුදීක මේ මොන දාස්ගුප්තා ගැනද කතා කරන්නේ? Partha Dasgupta කියලා ප්රසිද්ධ කෙනෙක් ඉන්නවා.

      Delete
  2. 'තනිකඩ පියා' තත්වයට පත්වුයේ කෙසේද යන්න ඇසීම සදාචාරාත්මක නොවේයැයි සිතනවා. අපේ සංස්කෘතියේ, 'තනිකඩ මව' දරුවන් රැකබලාගැනීම අරුමයක් නොවුනත්, තනිකඩ පියා බොහෝවිට පවුලේ මව,නැන්දම්මා, එම පියාගේ සහෝදරියන්, යන සියල්ලගේම හෝ එක් අයකුගේ සහාය ලබනවා.

    එදා අපේ දෙමව්පියන්, වැඩිහිටියන් අපට කතන්දර කියා දෙනවිට, එය කලින් ඇසූ බව කියා ප්‍රතික්ෂේප කෙරුනේ, බොහොම කලාතුරකින්. එකම කතාව නැවත කියන්නට ලැබෙන ඉල්ලීම බහුලයි. එයට හේතුව, අදමෙන් ළදරු වයසේදීම රූපවාහිනිය, ගුවන්විදුලිය, පරිහරණය කරන්නට එකල අවස්ථාවක් නොතිබීමයි.

    දරුවකුට කතාවක් කියාදීමෙදී තරම් සැලකිලිමත් වියයුතු අවස්ථාවක්, තවත් නැති තරම්. මන්ද, අලුතෙන් සෑදූ, යළි වෙනස් නොකළ හැකි පරිගණක චිපයකට දත්ත කවනවා වගේ වැඩක් තමයි, ළමයෙකුට කතන්දරයක් කීම. අපි ඔවුන්ගේ මනසෙහි ඇති කරන ආරෝපණ, ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම තිබෙන්න පුළුවන්. එය ඍණ ආරෝපනයක් වුණොත් ඒ දරුවාගෙන් ලැබෙන්නෙත් ඍණ ප්‍රතිඵල.

    අපොයි මම කෝපි බොන්නෙම නැහැ. කෝපි බිව්වොත් පසුවදා උදේට මම වැසිකිලියට යන්න වෙන්නේ යකඩ ඉන්නකුත් අරන්. :D

    කාලීන ශාරීරික තත්ත්ව වෛද්‍ය පරීක්ෂණ සැලැස්මක් හදාගත්තොත් නරකද?

    ReplyDelete
    Replies
    1. අපි පොඩි කාලේ දෙමව්පියන් සමග වාද විවාද කරන්න ගියේ නෑ. මොකද ඔවුන් අපිට සැලකුවේ තරමක රළු ස්වභාවයෙන්. අර කිව්වා වගේ වෙන දකින්න අහන්න මොනවත් නැති නිසා කළුවරේ දෙමව්පියන් වැඩිහිටියන් කියන දෙයක් අහගෙන හිටියා.

      Delete
  3. අර ඩ්රැකීත් කියලා තිබ්බා ඔයවගේ මාගල් කතා කියන බාප්පෙක් ගැන

    http://drackey.blogspot.co.nz/2015/01/blog-post_22.html

    ReplyDelete
    Replies
    1. ඒකාගේ ළමයෙක් වෙලා උපදිනවා කියන්නේ කරුමයක් තමයි.

      Delete
    2. හැබැයි, අපේ බාප්පගෙ පුතයි දුවයි මාර ක්‍රියේටිව් දැං... :-)

      Delete
  4. අයියන්ඩි උඔ නම් දෙයියෙක් නෙමෙයි දේවාල ගෙනාපු නැවක්..
    Shipment එකක් ෆෙල් වෙනවට වඩා බයයි කතන්දරයක් නැතුව ගෙදර යන්න..
    පොඩි මෙන්ඩා විතරක් නම් මදෑ සදුත් නිදියන්න ඇදට යන්නෙ ඉස්සර මගේන් අහනවා..“අද කතන්දරයක් මතක් කරගෙන ආවද ?“ කියලා.
    මම ගෙදර ගිහින් පැයක් ඇතුලත අපි නිදි..ඒකට ලොකුම හේතු
    ටිවි රේඩියෝ පරිඝනක ගෙදර නැති එක
    අර දෙන්නා මම නැතුව ඇදට යන්නෙ නැති එක..

    ReplyDelete
    Replies
    1. මම හරි කැමති ඇඩ් එකක් තමයි "ඔබේ ප්‍රියයන් ඔබේ ප්‍රථම රාජකාරිය කර ගන්න" කියන එක. මෙන්ඩා ඒ වගේ කියලා තේරෙනවා. ටී.වී. එකක් නැතිව නැන්දම්මා ඉන්න එකත් මදිද ?

      Delete
    2. පොඩි එකාව බලාගන්න නැන්දම්මා ගෙදරට ආපු වෙලාවේ ටීවී මගුලකුත් ගේන්න උනා.
      අන්තිමට හාමිනේ රස්සාවෙන් අස්වෙලා ගෙදර නතර උනාට පස්සේනැන්දම්මනම් යන්න ගියා(ඉඳල හිටලා එනවා තමයි...)
      හැබැයි ඉතින් එයා එක්ක ආපු කරුමේ අපේ පොඩි එකාව වහගෙන...

      Delete


  5. සුදීක. මමත් දැන් අවශ්‍ය තරම් නින්දක් ලබන්න කටයුතු කරනවා කාලෙක ඉඳන් ඕක මහා සෞඛ්‍යතර්ජනයක් බව දැනගත්තදා ඉඳලා.

    ඔය වගෙම නින්ද යන පොත් සහ නොයන පොත් තියෙනවා ඒ ඒ වෙලාවට බලන.

    මං ගාවා ‍ෆිල්ම් එකකුත් තියෙනවා Wild Tigers I Have Known කියලා. මම ඒ ‍ෆිල්ම් එක බලන්න ගත්ත හැම වෙලාවෙම මට ටිකකින් නින්ද යනවා. මේ වෙනකල් ඕකෙ මොකද වෙන්නේ කියලා දකින්න ලැබිලා නෑ. නමුත් මම ඒ චිත්‍රපටියේ නිශ්පාදකයට ණය ගේතියි. හැමෝටම එහෙම ‍ෆිල්ම් හදන්න බෑ.

    ReplyDelete
    Replies
    1. මමත් සමහරදාට ටී.වී. එක දාගෙන ඇඳේ ඉඳන් බලනවා. එතකොට නින්ද ගිය වෙලාව දන්නේ නෑ. වැඩේ තියෙන්නේ ටී.වී. එක ඔෆ් කරන්නේ රෑ 2ට විතර.

      Delete
  6. මෙන්ඩ මගෙන් හදිසියේ නොම්බරේ ඉල්ලද්දි මම හිතුව ඔෆීසියල් වැඩක් කියල. කොහොම නමුත් නොම්බරේ හොයල දුන්නට පාඩු නෑ (නොම්බර අනුග්‍රහය අටම් ගෙන් )
    අපේ කෙල්ලට අයිය කතන්දරයක් කියල දෙනව , අපි කියල දෙන කතන්දර එයාට හරියන්නෙ නැ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කම්මලයා ඒ වෙලාවේ පට්ට උදව්වක් කරේ..ඒකෙන් පෝස්ට් එකකුත් වැටුනා

      Delete
    2. කොහෙද මෙන්ඩට මගේ පොස්ට් එකක් නොබැලුවොත් සාංකාවක් වගේ. මගේ ජීවිතේ මම පුදුම වෙච්ච දවසක් තමයි මෙන්ඩව මුණගැහිච්ච ගම්පහ ගෙට්ටුව. මේකා මට තෑග්ගක් දුන්නා නේ. මම ඒක තෑග්ගෙන් තෑග්ග කරලා ක්‍රිකට් මැච් එක දිනපු ටීම් එකට දුන්නා.

      Delete
  7. ඒ බං පහු ගිය දවස් වල මටත් ඔය සීන් එක උනා නේ. එක පාරටම බිබි ඉන්න ගමන් පපුව හිරවෙල දාඩිය දාලා කලන්තේ දාන්න ඔන්න මෙන්න උනා. මං දන්න එකක්යැ ගැස්ට්‍රි්ක් ගැන.. ඒ මදිවට වමනේ එන්න වගේ. අමාරුවෙන් ගිහින් ඇදට වෙලා උන්නම, එකෙක් කිව්ව තොට ගැස්ට්‍රික් තමා බත් ටිකක් කාහං ඉක්මනට කියලා. මාත් අනේ කියල කෑවා. වැඩේ හරිනේ.. ඊට පස්සේ ආයිත් බිව්වා. වැඩේ කියන්නේ මට සමාර දවසට උදේ දවල් කෑම දෙකම මිස් වෙනවා..

    ඔය වගේ නන්ස්ටොප් මාත් කියනවා පොඩි උන් දෙන්නට. හාන්ස්ටයි, ග්‍රිම්ස් ටයි පින් සිද්ද වෙන්න ඔය මොකක් හරි ඔලුවට එනවා අමුණගන්න. හැක්.

    ReplyDelete
    Replies
    1. බිව්වෙ කෝක් ද වෙරළු මල් ඩ්‍රින්ක් ද?

      Delete
    2. උදේ කෑම මිස් කිරීම නම් සොහොන් ලකුණක්. කීයටවත් කරන්න එපා.

      Delete
  8. නියම පොටක්නෙ පාදගෙන තියෙන්නෙ. හැබැයි සුදීක අමාරුවෙ වැටෙන්නෙ කෙල්ල කොයිවෙලාවක හරි තාත්තෙ ඔය එළු පැටිය කවදාවත් ලොකු වෙන් නැද්ද කියල අහපු දවසක තමයි.

    මෙන්ඩ ඔය කතාව කියන්න ඉස්සෙල්ල එළු පැටියගෙ බෙල්ල කපනව. වැඩේ එතනිංම ක්ලෝස්. :D

    ReplyDelete
    Replies
    1. නෑ...මචං...ඊයේ අපි තුන්දෙනා සතුටින් නිදාගත්තා මේ එලුපැටියා නිසා..

      Delete
    2. එළුපැටියා මිනිස්සු අතරට එනවා කියන්නේ ටිකක් වෙනස් තත්වයක් නේ. ඉතිං බොහෝ කතා වල මිනිස්සු විසින් එළුපටියා එලවාගත්ත විස්තර කියන්න වුණා. නමුත් ඒවාට කෙල්ල දුක් වෙලා කිව්වා "අනේ තාත්තේ එළුපැටියට කරදර වෙච්ච නැති කතා කියන්න" කියලා.

      ප්‍රසන්න ඒ වගේ ප්‍රශ්ණ පොඩි එවුන් අහන්නේ නෑ. කතාවක් කියනවානම් හරිම කැමතියි.

      Delete
    3. කොහේද මේ කොන්ක්‍රිට් බාසා පොඩි එකත් එක්ක වත් වචන දෙක තුනක් කතා කරන එකක්යැ. ඉතිං මොන සුරංගනා කතාද නැද්ද ආ... හැක් හැක්

      Delete
    4. කථා කලත් සද්දේ අඩුයි. නැවතීමේ තිත් වැඩියි. හරි ලජ්ජා කාරය. ඔන්න දෙකක් දැම්ම නම් නෝමල්.

      Delete
  9. මටත් ඉතින් අවුරුදු 6 , 2, 1 සෙට් එකක්ම ඉන්නවනේ. සෙට් එකම ලග තියාගෙන කවි තමා කියන්නේ
    "මගේ පුතා...........හොදම පුතෙක්.....
    හොදම හොදම හොද කොල්ලෙක් ...
    තාත්තගේ හොඅද පැටියා....
    මගේ චුටි රන් පැටියා.......
    නිදාගන්න සුදුම පුතේ...
    හොඅද මැණිකක් ...
    වෙනන පුතේ....
    හොද කොල්ලෙක් වෙන්න පුතේ....
    ඔය තමා....
    මේ ලෝකේ.....
    හොදම හොදම හොදම පුතා.....
    හොද නිදා...ගන්න පුතේ......

    ඔහොමටිකක් වෙලා සින්දු හද හදා කියනකොට දන්නෙම නැතුව ඇස පියවෙලා නින්ද යනවා. ඉටපසේ කන්න හෝ වොෂ් එකක දාන්න හරි වයිෆ් මට ඇහැරනවා.
    වයිෆ් කොහොමහරි සෙට් එක නිදි කරවනවා ඇති.

    ReplyDelete
    Replies
    1. අපිට නින්ද යන එකනම් වලක්වන්න බෑ. ඒ පැත්තේ ගිහිං ඔක්කොටම උත්තර දීලා ආවේ අර බැරල් කේස් එකට.

      Delete
  10. Visitor V... කියලා එකෙක් අපබ්‍රංස ලියුමක් ලියලා පොඩ්ඩක් ගිහින් බලලා ඇවිත් මටත් තේරැම් කරලා දිපල්ලා...ඒකේම ලිපියේ උඩම තියනවා පලවෙනි ලිපියත් ඒකේ පිංතුරේ නම් ‍එල ද බ්‍රා..

    ReplyDelete
    Replies
    1. උදේ හිගින් පොඩ්ඩක් බැලුවා. ආයේ බලන්න වෙනවා.

      Delete
  11. Visitor V... කියලා එකෙක් අපබ්‍රංස ලියුමක් ලියලා පොඩ්ඩක් ගිහින් බලලා ඇවිත් මටත් තේරැම් කරලා දිපල්ලා...ඒකේම ලිපියේ උඩම තියනවා පලවෙනි ලිපියත් ඒකේ පිංතුරේ නම් ‍එල ද බ්‍රා..

    ReplyDelete
  12. අපූරු ඔත්තුවක්. අපේ එකා අහන්න කැමතිම කාර් කතා. ‍ඉතිං කාර් එක සම්බන්ධ කරලා රටේ නැති කතා මාත් කියලා තියෙනවා. දැන් වෙන කතාවක් කියන්න ගියත් උෟ කියන්නේ කාර් කතාවක් කියන්න කියලා

    ReplyDelete
    Replies
    1. ඒක තමයි හරි ක්‍රමය. මට එළු පැටියා හරි ගියා වගේ ඔයාට කාර්, තව කෙනෙකුට තව දෙයක් හරි යන්න ඕනේ. එළු පැටියා අනිවාර්ය සාධකයක් නෙවෙයි.

      Delete
  13. අපූරු ඔත්තුවක්. අපේ එකා අහන්න කැමතිම කාර් කතා. ‍ඉතිං කාර් එක සම්බන්ධ කරලා රටේ නැති කතා මාත් කියලා තියෙනවා. දැන් වෙන කතාවක් කියන්න ගියත් උෟ කියන්නේ කාර් කතාවක් කියන්න කියලා

    ReplyDelete
  14. සුදීක අයියේ................... මේක පොතක් කරමු..... අපිත් හැකි සහයෝගයක් දෙන්නම්...... අැත්තමයි

    ReplyDelete
    Replies
    1. බලමු. තියෙන වෙලාවත් එක්ක.

      Delete
  15. අපේ තාත්තා වගේමයි. මට කතා කිව්වේ කෑම කවන වෙලාවට. කතා සීරීස් කීපයක් තිබුනා.

    නම්බියාර්ගේ කතා
    සබ්බ සීයාගේ කතා
    කොරවක්කාගේ කුරුකුටු පුවාක් කතා

    නම්බියාර් කියන්නෙ අපේ මොන්ටිසෝරියෙ හිටපු මහතම ලමයා. හැමෝම එයාට නොයෙක් උසුලු විසුලු කලා. නම්බියාර් කියන්නෙත් අපි එයාට කියපු විහිලු නම. ඒත් තාත්තගෙ හැම කතාවකම මමයි, නම්බියාරුයි හොඳම යාලුවො සහ කතාවෙ වීරයෝ. ඒකෙන් තාත්ත හැදුවෙ හැමෝම විහිළු කරපු නම්බියාර් මම වගේම ළමයෙක් කියලා කියාදෙන්න වෙන්නැති.

    සබ්බ සීයා කියන්නෙ තාත්තගේ ගමේ හිටපු වයසක සීය කෙනෙක්. කතාවල තියෙන්නෙ සීයෙක් කරනව තියා කරන්න හිතන්නෙවත් නැති ඇඩ්වෙන්චර්ස්.

    කොරවක්කා හැමදාම වගේ හැන්දෑවට අපේ මිදුල උඩින් ඇවිදගෙන යනවා.

    අපේ නංගිට කියපු කතාවලින් නම් නැගලාම ගියේ,

    යාලෙ අලි පැටියාගේ කතා.

    ඔය කියන යාලෙ අලි පැටියා අපේ නංගි ලොකු උනාම හුරතලේට ඇති කරන්න ඕනෙයි කියල ඉල්ලපු සතා. මම ඒ දවස්වල පරාණ බයේ හිටියෙ තාත්තා මේ කතා කියල දෙන්නෙ ඌට ඇත්තටම යාලෙ අලි පැටියෙක්ව ගෙනත් දෙන්න තමයි කියල.

    ReplyDelete
    Replies
    1. මේ උදාහරණයෙන් පැහැදිලි වෙන දෙයක් තියෙනවා. කුන්ග්ෆු කියන්නේ තමන්ගේ වටපිට අතට අහුවෙන දෙයක් යොදාගෙන කරන සටන් කලාවක්. මේ කතා කීමත් ඒ වගේ. තමන්ට සමීප දෙයක් එක්ක සම්බන්ධ කරගන්න ඕනේ. එළු පැටියා අනිවාර්ය සාධකයක් නෙවෙයි.

      Delete
  16. ඔය දාස් ගුප්තාගෙ කතාව ඇහුවට පස්සෙ මාත් අම්බානක බය උනා.

    ReplyDelete
    Replies
    1. බය වෙන්නම ඕනේ. කිසිම වාසියක් නොවෙන දේකට කවදාවත් මුදලට වත් ගන්න බැරි ඒ දිනයේ නින්ද නැති කර ගන්න ඕනෙද ?

      Delete
  17. සුදීක අයියාටනම් ළමයින්ට කියන කතන්දර හරි බ්ලොග් එකේ දාන්න පුළුවන්.. ඒකට අපි...

    ReplyDelete
    Replies
    1. යකෝ මට ඉන්නේ එක ළමයයි. උඹට ඉන්න කෙල්ලෝ එක්ක කොරණ කතා ටිකක් මෙතැන දැම්මනම් හරිනේ.

      Delete
  18. බොහෝ රෝග වලට මූලය නින්ද අඩු බවයි

    ReplyDelete
    Replies
    1. සහතිකවම. නින්දේදී තමයි බොහෝ තිබෙන රෝග සුව වෙන්නේ.

      Delete
  19. අදයි මෙ පැත්තට මුලින්ම ආවෙ.පරණ ලිපි විශාල ප්‍රමාණයක් තියන නිසා සැරින් සැරේ මෙ පැත්තට එනන්මි ඒවත් බලන්න.මෙන්න අපේ පැත්තට එන පාර

    අමනුෂ්‍ය ආවෙෂ,හොර දේවාල සහ හොර දේවගැතිවරැ

    ReplyDelete
    Replies
    1. හරි මම දැන් වේගෙන් ලියන්නේ නැති නිසා මාව අල්ලන්න ඔයාට පුළුවන් වෙයි. උඩින් තියෙනවා මෙතෙක් ලියු සටහන් කියලා ලින්ක් එකක්. ඒකෙන් පිළිවෙලකට බලන්න පුළුවන්.

      Delete
  20. ඕං අපේ මාධවීගෙ දාල තිබුනු ලංකුවෙන් මේ අහටත් ගොඩවැදුන.

    අපූරු එළු සීරීස් එක. මටත් බොහොම පොරෝජන් වේවි.
    ජයවේ.

    මම තෙලිදිය

    ReplyDelete
    Replies
    1. මාධවීට එතැනදීම ස්තුතිය පුද කළා ප්‍රසිද්ධියක් ලබා දීම ගැන. දෙවෙනි වතාවට මෙතනදීත් ස්තුතිවන්ත වෙනවා.
      සීරීස් එක ටික ටික දාන්නම්.

      Delete
  21. මේ කතා ටික කියන්න බලන්න ඕනෙ. හැබැයි මගේ පුතාට, දුවට නෙවෙයි. අපේ අක්කගෙ පුතාට. හැමදාම පුතා මට කතන්දර කියලා දෙනවා. ඒ හැම කතාවක්ම හොල්මන් තියෙනවා කියලා තමයි කියා දෙන්නේ. ඒකේ ඇති හොල්මනක් නෑ. මම හොල්මන් මවලා හිතා ගන්නවා. නැත්නම් මං හොල්මන් කතා හදලා කියනවා. දැන් මේ එළු කතාව කියලා බලන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. එළුවා වෙනුවට හොල්මනක් ආදේශ කලානම් හොඳයි කියලා හිතෙනවා.

      Delete
  22. //තුන්ලෝකේ නැති වචන. ඒ අපට නින්ද ගිහිං හීනෙන් දකින ඒවාට අදාලා වචන නින්දත් නොනින්දත් අතර මහා හයියෙන් කියවෙන නිසා.// සත්තයි! අත්දුටුවයි!!

    අම්මපා ඒ වගේ කතා ටිකක් ගොතලා දෙන්න පුළුවන් ඇට්ටි හැලෙන්න. එළුවා බෑ කියන එක උඩම කතා සාගරයක් ගොතතෑති. මොලේ පෑදීම ගැන ස්තූතියි සුදීකයියා!

    ReplyDelete
    Replies
    1. මම හිතෙනවා මේ වෙනකොට සෑහෙන ප්‍රගතියක් ඇති කියලා.

      Delete
  23. මට නින්ද යන්නේ නැති වෙලාවට මේ කතා ටික කියවන්න ඕන එහෙනම් ඇවිත්..

    ReplyDelete
    Replies
    1. හෙක්... හෙක්... අපි හැම කෙනා තුලම පොඩි එකෙක් ඉන්නවනේ. සමහරවිට හරි යන්න පුළුවන්.

      Delete
  24. ගෙතූ කතා ..අගෙයි. මම ඉගෙන ගත් පාඩම ගත-- වහාම වෙලාවට නිදා ගැනීම. . දැන්ම යනවා.

    ReplyDelete
    Replies
    1. අපගේ සේවය පොදු ජන හිත සුව පිණිසයි.

      Delete
  25. හොද අදහසක්..
    නිදාගැනීම ගැන දැන්වත් හිතන්න වෙනවා..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් සුව නින්දක් ගන්න.

      Delete
  26. මාසෙටම දවස් තුන හතරයි මට නම් කතන්දර කියන්න (අහන්න) හම්බ වෙන්නේ.. එදාට කියන්නත් කතන්දර ඔලුවට එන්නේ නෑ.. එකට මං පොඩි ක්‍රමයක් අනුගමනය කරා මෙච්චරකල්. අක්කයි මල්ලියි දෙන්න හොඳටම දන්න කතාවක් මං වරද්දල කියුවම ඕක ඔහොම නෙවෙයි අප්පච්චි කියල දෙන්නත් එක්ක මට ඒකෙ හරි කතාව කියනවා.. හාහ් හාහ්.. හැබැයි ඉතින් බාගයක් යනකොට අප්පච්චි බබා නිදි. ඊලංග දවසේ චන්ඩිය වගේ එළු කතාවක් කියන්න ඕනි බලන්න.. :)

    ReplyDelete
    Replies
    1. කමෝන් කමියා...
      ඉල්ලිමක්...
      පොඩ්ඩන්ට බොරැ කරන්න එපා. අමාරැවෙන් හරි කතන්දරයක් කියලා දියන්

      Delete
    2. බදුලු කෝච්චියේ කතා කියහන්කෝ.

      Delete
    3. සහතික ඇත්ත මෙන්ඩා. උන්ව රවට්ටන්න නරකයි.

      ඔව් අජිත් ලොක්කා. කොච්චි ගැනත් ගොතලා කියන්න පුළුවන්.

      Delete
  27. ඔබේ අසනීප තත්ත්වය ගැන දැන සිටියේ නෑ. ඇමතුමක්වත් ගන්න විදියක් නෑ අපේ මිතුරන් සියලු දෙනාගේම අංක මා අතින් වැරදිමකින් මැකුණා. එෆ් බී ඩිඇත්ටිවේට් කළ නිසා එහි අංකත් නෑ. යන්තම් ඉතිරිව තියෙන්නේ ගුගල් හි රදවපු අංක පමණයි. හැකිනම් ඇමතුමක් දෙන්න. අංකය යළි දාගන්නට.

    ReplyDelete
    Replies
    1. ඉහෙන් බහින රෝගයක් නෑ...බය වෙන්න එපා අයියන්ඩි..

      Delete
    2. අසනීපයක් නෑ. නමුත් ටෙස්ට් එකක් කර ගත්තේ ෆයිව් ස්ටාර් වගේ රූම් එකක ඉඳගෙන. :)
      මම කෙටි පණිවුඩයක් එවුවා. ඊයේ ඔයාගේ ෆෝන් වැඩ නෑ.

      Delete
  28. මේ පාර නිවාඩුවට ගෙදර ගිහිං කොල්ලටයි කෙල්ලටයි එලු කතන්දර ටික කියල දෙන්ට පුලුවන්....රජ කතා කියල දීල එපා වෙලා

    ReplyDelete
    Replies
    1. එළු කතා කිව්වට කමක් නෑ, මට්න් කතා නොකියා. අපේ ලොක්කෙක් ඉන්නවා. මිනිහා ලොක්කා වෙන්න කලින් අපෙත් එක්ක බ්‍රාන්ච් වලට යනවා ට්‍රේනින් දෙන්න. දවසක් එළු රංචුවක් අපේ වාහනය ඉස්සරහින් පාර පැන්නා. අපේ ලොක්කට එක පාර කියවුණා, "අන්න මට්න්" කියලා.

      Delete
  29. දියණිය ඉපදිලා හොස්පිටල් රූම් එකට ගෙනාපු ගමන් ලඟම තිබුන ඇඳට කලන්තෙ දාල පත බෑවිලා ගොරවමින් නිදා ගත්ත බ්ලොග් ලෝකයේ ඉතා ප්‍රසිද්ද කෙනෙක් ඉන්නව

    ReplyDelete
    Replies
    1. නොවැම්බර් එනවලු...
      ටික දවසක් යනකොට ඌටත් කතන්දර ඔනේ වෙයි..

      Delete
    2. හැක් හැක් :D
      අපි සැලෙයි ඕවට

      Delete
    3. මේ පාර කොහෙද ගාල් වෙන්නේ ?

      Delete
    4. කලන්තේ දාපු එකට කියන්න කතාවක් නං තියේ.. ඒත් ඕන නෑ. දිගටම නරක මිනිහා වෙන එකත් පාඩුයි. හැක්

      Delete
    5. ඔව්. ඔව්. කාඩ් එක බේරන් ඉන්න එක හොඳා.

      Delete
  30. නින්ද කියන්නේ කොයි තරම් වැදගත් දෙයක්ද.අපි හරි සුළුවෙන් තැකුවාට.ඔය කතන්දර අපිට මතු යම් දවසක ප්‍රයෝජනවත් වෙන්ට පුළුවන්.

    ReplyDelete
    Replies
    1. දෙකම වැදගත්. නින්දයි - කතන්දරයි.

      Delete
  31. මට තියෙන්නේ මේ ලිපියේ ඔපොසිට් පැත්ත. පැය 10 කටත් වඩා නිදාගන්නවා.. කරන්න වැඩක් නැති නිසා කම්මැලි වෙලා..සීයත් එක්ක කියෝ කියෝ ඔහේ ඉඳගෙන ඉඳලා එපා වෙලා. බ්ලොග් එක ලියන්න කොච්චර හිතුවත් කම්මලි..

    ඉස්සර අපේ තාත්තත් ඔයා වගේ සීරිස් එකක් කළා "මට වෙච්ච දේවල්" එයා පොඩි කාලේ කරපු දේවල් වෙච්ච දේවල් ගැන මට කතා කිවුවා... මං ආස කරා එකම කතාව කීප සැරයක් අහන්න..

    ReplyDelete
    Replies
    1. බැලුවම හැම තාත්තම මේ වගේ ව්‍යාපාරයක් කරනවා.

      Delete
    2. හැම තාත්තම නෙමේ.. කන පැලෙන්න බීලා හවසට ගෙදර එන තාත්තලා ,,,, ලොකු ලොකු රස්සා කරන දරුවෝ නින්ද ගියාට පස්සේ ගෙදර එන,, දරුවෝ නැගිටින්න කලින් ගෙදරින් යන.. විකෙන්ඩ්ස් තාත්තලා .. ඒ ගොඩක් අයට ඔයා ලබන සතුට ම්මගහැරෙනවා ඒ වගේම දරුවන්ට ත්

      Delete
    3. මමත් ඉන්න ප්‍රමාණය මදි කියලා හිතෙනවා. හැබැයි ළඟකදී සේරම දේවල් අතහැරලා කෙල්ල බලා ගන්න පටන් ගන්නවා. වදයක් නොවෙන්න.

      Delete
  32. ඔය නින්ද අඩු කතාව නම් ඇත්ත කියලා මාත් අහලා තියෙනවා. ඒත් අයින්ස්ටයින් නිදාගත්තෙ දවසට පැය තුනයිලු. බුදුහාමුදුරුවොත් බොහොම කෙටි නින්දක් ලබලා තියෙන්නෙ. ගොඩක් වෙලාවට බැලුවාම මොළය වෙහෙසවන ඒ කියන්නෙ මොළයේ ක්‍රියාකාරීතවයෙන් වැඩි අය කෙටි නින්දක් ලබන බව.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ප්‍රේමදාස ජනාධිපතිවරයාත් අඩු නින්දක් ලබපු කෙනෙක්. මෙහෙමයි හැම කෙනාටම එක විදියට නිදියන්න ඕනේ නෑ. මම ඒ ගැන කලින් ලිපියක් පරිවර්තනය කළා "මෙතෙක් ලියූ සටහන්" තුලින් ගිහින් බලන්න

      Delete
  33. එලුපැටියා KFC ගියා...
    එලුපැටියා මුහුදු වෙරලට ගියා..
    එලුපැටියා ළමයි එක්ක පාසල් ගියා..

    පොඩි මෙන්ඩාට ඔයාට කතා කරන්න ඔනලු..වෙලාවක දුරකතන ඇමතුමක් දෙන්නම්.

    ReplyDelete
    Replies
    1. හරි වෙලාවක කථා කරන්නකෝ එහෙනම්.

      Delete
  34. සුටුස් ගාල නින්ද යන බේතක් නං තියනවා බොස් !!

    අපේ ගල් බලකායෙ ප්‍රචාරක ලේකම් තැන අමතා වැඩිදුර උපදෙස් ලබාගන්න :D

    ReplyDelete
    Replies
    1. ඔ...යෙස්
      අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි
      ඇදයට නිදා ගත්තා හැකි
      බල්ලට වුනත් මචං කිව්වැකි

      Delete
    2. අපෝ ඒ බේත් ළමයින්ට සුදුසු නෑ නේද ?

      Delete
  35. ඹුලනැටුවගම සෙදෝනාගේ කඩේ නිෂ්පාදිත, පෝෂ්‍ය ගුණයෙන් අනූන පුස්ලෝඩං ...කාලා තියනවද?

    යන්ඩ..ඉක්මනට යන්න..“ඩ්‍රැකියාගේ අඩවියට“..
    ඉවර වුනා කියලා අපිට දොස් කියන්න එපා..
    දැනටමත් කැමර කටයි, දෙමල ණ යන්නයි බිබික්කමකට මරා ගන්නවා.

    ReplyDelete
    Replies
    1. ප්‍රචාරක ලේකම් අකුරටම වැඩ. හොඳා යන්නම්.

      Delete
  36. මටත් අපේ තාත්තා පොඩි කලේ ඒ වගෙ කතා කියා දීලා තියෙනවා. එවනි දේ වලින් ලමයින්ගෙ පරිකල්පන හැකියවත් වැඩි වෙනවා.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...