Monday, February 23, 2015

ක්‍රිකට් ලෝකයේ වර්ණ ගැලපිල්ල ...... Rainbow colours in World cup Cricket Teams

ක්‍රිකට් ලෝක කුසලානය ආරම්භ වී දින නවයක් ගෙවී ඇති මේ මොහොතේ, ඒ පිලිබඳ සටහනක් තබන්නේ එක වරම හිතට ආ කාරණයක් පිලිබඳ ඔබේ අදහස දැන ගැනීමටය. නීති-රීති සහ ක්‍රීඩාවේ සංකීර්ණ බව අතින් ක්‍රිකට් තිබෙන්නේ ඉහලම ස්ථානයකය. එය මහත්වරුන්ගේ ක්‍රීඩාව යනුවෙන් හඳුන්වන්නට ඇත්තේ, අතීතයේදී සමාජයේ ඉහල පැලන්ති වල අය මේ ක්‍රීඩාව කල නිසාය. ඒ නැතත් එයට සහභාගී වුවන් ක්‍රීඩාවේදී දක්වන මහත්මා ගුණයන්ද, එහි තිබු චාරිත්‍ර වාරිත්‍රද මේ නම් පටබැඳීමට හේතු වන්නට ඇත. ඒවා ඉතා ඈත අතීතයට දිව යන කාරණාය.

නමුත් මෑත අපිට පෙනෙන කාරණයක් වන්නේ, මේ වනවිට සියලුම එක්දින තරග පැවැත්වෙන්නේ පිජාමා ක්‍රිකට් යනුවෙන් හඳුන්වන, වර්ණවත් ඇඳුමින් සැරසී, සුදු පැහැති පන්දුවෙන් බොහෝවිට දිවා-රාත්‍රී තරග ආකාරයෙන් බවය. මෙය කරලියට ආ මුල් කාලයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුනේ කණ්ඩායම් හතක් පමණි. කණ්ඩායම් වලට ඇඳුම් සපයා ගන්නා විටදී ඒ සඳහා වර්ණ තෝරා ගත් ආකාරය පිලිබඳ පැහැදිලි ක්‍රමවේදයක් තිබී නැත. එය අද තිබෙන තත්වයට පත්වන බව එකල ඔවුන් සිතන්නටද නොමැත. 

අද ක්‍රිකට් ක්‍රීඩා කරන කණ්ඩායම් වර්ණ තෝරා ගන්නා අකාරය කෙටියෙන් පැවසුවොත් මා කලින් සටහනක් ලියු තෙල් බෙහෙත් වෙළෙන්දාගේ පාපොච්චාරණ වැනි මට්ටමකට පත් වී ඇත. නිල්පාට ඇඳුමින් සැරසෙන කණ්ඩායම් ගණන බලන්න. ශ්‍රී ලංකාව, ඉන්දියාව, එංගලන්තය, ස්කොට්ලන්තය, ඇෆ්ගනිස්තානය, නිල් පැහැති ඇඳුමින් සැරසේ. මෙවර ලෝක කුසලානයට ක්‍රීඩා නොකලද නැමිබියාවද නිල් වර්ණයෙන් සැරසේ. මේ අතර නවසීලන්තයද ඔවුන්ගේ ඇඳුමට නිල් වර්ණය යොදාගෙන තිබේ. සාමාන්‍යයෙන් ඔවුන්ගේ වර්ණය වන්නේ කළු සහ සුදුය. විටෙක ඔවුන් මස්ටඩ් කහ පැහැයද යොදා ගන්නා ලදී. 

පහල පින්තූර වලින් පෙන්වන්නේ මෙවර ලෝක කුසලානයේ නිල් වර්ණය හෝ ආසන්න වර්ණ හැඳ ක්‍රීඩා කරන කණ්ඩායම වල ටී ෂර්ට්ය.

ඇෆ්ගනිස්තානය
 එංගලන්තය
 ස්කොට්ලන්තය
http://www.newcricketjerseys.com/
 නවසීලන්තය
 ඉන්දියාව
 ශ්‍රී ලංකාව

පාකිස්තානය, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය, අයර්ලන්තය, කෙන්යාව සහ සමහරවිට ඔස්ට්‍රේලියාව කොළ පැහැති ඇඳුමෙන් සැරසේ. බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ රතු පැහැයට නෑකම් කියන වර්ණ වලින් සැරසේ. මෙහිදී බටහිර ඉන්දීය කණ්ඩායම ඔවුන්ගේ ජාතික කොඩියේ වර්ණය වන මෙරූන් නැතිනම් කුණු ලේ පැහැය යොදාගෙන තිබේ. එම කණ්ඩායම් දෙක අතර ඒ අතින් තෝරා ගත හැකි වෙනසක් දක්නට ඇත. 

පහල පින්තූර වලින් පෙන්වා ඇත්තේ මෙවර කොළ හෝ ආසන්න වර්ණ වලින් සැරසෙන කණ්ඩායම්ය.

අයර්ලන්තය

 පාකිස්තානය
 දකුණු අප්‍රිකාව

පින්තූරය ගත්තේ : http://tariqzone.com/

ඔස්ට්‍රේලියාව මෙවර සහ ලෝක කුසලාන වලදී කහ වර්ණයෙන් යුත් ඇඳුමක් යොදා ගත්තද, විටෙක ඔවුන් තද කොළ පැහැයෙන් යුත් ඇඳුම වලින් සැරසේ.

රතු සහ ආසන්න වර්ණ වලින් සැරසෙන බටහිර ඉන්දීය සහ සිම්බාබ්වේ ඇඳුම්



කහ සහ කොළ මිශ්‍ර ඕස්ට්‍රේලියානු ඇඳුම


ලෝක කුසලාන වලදී ක්‍රීඩකයන් අඳින ඇඳුම් එකම ආකාරයක මෝස්තරයක් තිබුණා නම් හොදදැයි, එය මුලින්ම හඳුන්වා දුන් 1992 ලෝක කුසලානයේ ඇඳුම් වලින් පැහැදිලි වේ. අදටත් මා එම ටී ෂර්ට් වලට ආසාවක් දක්වන අතර 1996 දී ද එකම මෝස්තරයකට ටී ෂර්ට් මුද්‍රණය විය. නමුත් ඉන්පසු කණ්ඩායම් තමන්ට ආවේනික මුද්‍රණ හෝ මෝස්තර යොදා ගනිමින් මෙම ඇඳුම් නිර්මාණය කර ගනිති. මෙයට සාපේෂ හේතුව නම් ඒ සඳහා අනුග්‍රය දක්වන සමාගම ඒවා ඔවුන්ට සකසා දීමය. 

http://playingteam.com/
එකම වර්ණයෙන් යුත් කණ්ඩායම් දෙකක් ක්‍රීඩා කරත්දී යම් නුහුරු බවක් අපට දැනේ. සාමාන්‍ය ක්‍රිකට් නරඹන්නන් මේ පුද්ගලයන් හොඳින් හඳුනයි. ඒ නිසා ඒ හැටි ගැටළුවක් නැතත්, කණ්ඩායම් දෙක වෙනස් වර්ණ පැළඳ සිටිනවානම් අගනේය. දැනටත් එංගලන්තය සහ දකුණු අප්‍රිකාව ද්විතීක වර්ණයකින් යුත් ඇඳුම් භාවිතා කරයි. අවශ්‍ය නම් ඔස්ට්‍රේලියාවටද කොළ සහ රත්‍රන් වර්ණ ඇඳුම් යොදා ගත හැක. එවැනි එකම වර්ණයන්ගෙන් යුත් කණ්ඩායම ඇති තරග වලදී එවැනි දෙවෙනි ටී ෂර්ට් යොදා ගැනීම හොඳ යන්න මගේ විශ්වාසයයි. 



පාපන්දු හෝ රග්බි වැනි ක්‍රීඩාවක ඇති වේගවත් බව ක්‍රිකට් වල නොමැති බව සැබෑවකි. එනිසා විනිසුරුවන්ට ක්‍රීඩකයන් පැටලෙන්නේ නැත. අදද ටෙස්ට් ක්‍රීඩාවේ යෙදෙන කණ්ඩායම් සුදු ඇඳුමින් සැරසේ. එනිසා විනිසුරුවන්ට හෝ ක්‍රිකට් විස්තර විචාරකයන්ට මේ කොයි ආකාරය වුවත් ගැටළුවක් නැත. නමුත් ලෝක කුසලාන වලදී එකම මෝස්තරයක් විවිධ වර්ණ වලින් තිබුණානම් කදිමයි යන්න මගේ විශ්වාසයයි.

ප.ලි : කල්‍යාන මිත්‍රයෝ ඉන්න නිසා හොඳයි. බංග්ලාදේශයේ ටී ෂර්ට් එකේ පින්තූරය දැම්මේ කල්‍යාන මිත්‍රයා පෙන්වා දුන්නට පස්සේ.

30 comments:

  1. ප්‍රශ්නේ තියෙන්නේ අනුග්‍රහය දක්වන සමාගම් ඔය වැඩේට කැමති වෙයිද කියන එකනේ...

    ReplyDelete
    Replies
    1. අයි.සී.සී. එක මැදිහත් වුණේ නැත්නම් බෑ. එයාලත් අනුග්‍රාහක මුදල් වලට ඇහැ ගහගෙන ඉන්නේ.

      Delete
  2. මේක වෙළද ලෝකයක්.. සුදීක හිතන දේට මාත් කැමතියි.. 96 යුනිපෝම් දැකක්ම තේරෙනවා ටීම් එක මොකක්ද කියලා.. දැං නං මංඤඤං

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම වෙළෙන්දෝ තමයි මැච් තියෙන දවස් තීරණය කරන්නෙත්. දවසට එක මැච් එක ගානේ ගහන්නෙත් රුපවාහිනි ආවරණය කරන ආයතනයේ උවමනාවට.

      Delete
  3. මෙච්චර පායල යකෝ වහින්ඩ ගත්තනේ අඩේ හේට වහින්ඩ එපා කියහං බං... :)

    ReplyDelete
    Replies
    1. හෙක්... හෙක්... රත්මලාන කියන්නේ ඉතිං වැස්සනේ මචං.

      Delete
  4. පොදුවේ ක්‍රීඩාවන් සඳහා එක් එක් රටවල භාවිතා වන වර්ණ තියනව. උදාහරණයක් විදියට නවසීලන්තය කළු ඕස්ට්‍රේලියාව කහ, දකුණු අප්‍රිකාව කොල, ඉන්දියාව ලා නිල්,..... ඒ විදියට හැම ක්‍රීඩාවකටම භාවිතා කලානම් ඉවරයි. අමතර වශයෙන් තවත් වර්ණයක් සුදුසුයි අර ටැපලිල්ල වෙන වෙලාවට. මට මතකයි ලෝක කුසලාන තරගයක නවසීලන්තය සහ ස්කොට්ලන්තයේ වර්ණ ටිකක් සමාන වීම නිසා ඕල් බ්ලැක්ස් කණ්ඩායම වෙනත් වර්ණයක් පාවිච්චි කලා.

    ReplyDelete
    Replies
    1. එහෙම ගියාම අපි තමයි අනාත වෙන්නේ. :) පාපන්දු වලදී මේක හොඳින්ම වෙනවා.

      Delete
    2. ඔව් පාපන්දු වගේ ටීම් දෙකේම සියලු ක්‍රීඩකයින් එකට ක්‍රීඩාකරන ක්‍රීඩාවල මාර කරදරයක් නේ. ඒත් ක්‍රිකට්වල එහෙම නෑනෙ. ටෙස්ට් නම් කොහොමත් සුදුවිතරයිනෙ.

      Delete
  5. මමත් කැමති 1992 ටී ෂර්ට් සෙට් එකට, වැඩිම වර්ණ ගානක් භාවිත කලේ එංගලන්තයද මන්දා ,

    ReplyDelete
    Replies
    1. ඔව්. හැබැයි ඉන්දියාවත් පාට වෙනස් කරගෙන අපේ පාටට වැඩේ දෙන්න එනවා වගේ.

      Delete
  6. //දැනටත් එංගලන්තය සහ දකුණු අප්‍රිකාව ද්විතීක වර්ණයකින් යුත් ඇඳුම් භාවිතා කරයි. අවශ්‍ය නම්// ශ්‍රී ලංකාවටද කොළ හා රතු මිශ්‍ර වර්ණයකින් එකක් ගසා ගත හැකිය හෝ එසේ වෙනස් වීමට කාලය හරිය.. හුටා බංගලියොත් අඳින්නෙ කොළයි රතුයි නෙ එතකොට.. සුදීකට බංගලියො අමතකම වෙලා..

    මටනම් මේ දවස් වල අපේ උන් හෙළුවෙන් ඉන්න එක ගැන විතරයි කල්පනා වෙන්නේ.. කොච්චර ලස්සනට ඇඳල් හිටපු කොල්ලොද?

    ReplyDelete
    Replies
    1. ඔන්න බංගලියෝ එක දැම්මා. කොළ හා රතු කිව්වේ ? :)

      Delete
  7. බොහෝ විට ක්‍රීඩා කන්ඩායම් ජාතික කොඩියේ වර්ණ නිල ඇදුමට භාවිතා කරනවා.ක්‍රිකට් වල ඒ ස්වභාවය අඩුයි.ලංකාව එහෙම කරනවනම් කහ පාටට හුරු වීම හොදයි.(සමගිය සංකේතවත් වන වර්ණය)

    ReplyDelete
    Replies
    1. මෙරූන් පාට මගේ සේවා ස්ථානයේත් පාට. හරිම කරදරයි. ඉස්සර බොහෝ රෙදි වල වර්ණ යනවා. සමහරවිට එක දවසයි අඳින්න පුළුවන්. දැන් නම් උසස් ක්‍රම වලට මුද්‍රණය කරනවා. ඒත් ඒක එතරම් ආකර්ශනීය පාටක් නෙවෙයි. කහ නම් හොඳයි.

      Delete
  8. වැදගත් විස්තර ටිකක් මේ දවස් වල කවුරුත් මේ ගැන ඇහැගහගෙන නෙ ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. තවමත් උණුසුම් වුණේ නා. තව තරග වටයක් විතර ගියාට පස්සේ තමයි සටන.

      Delete
  9. ඔව් මාත් අසයි එහෙම. මේ ටිකේ මෙහෙ පාපන්දු ලීග් තරග බලනවා. විනාඩි 90 ක් තිස්සේ ක්‍රීඩකයෝ මහන්සි වෙන හැටි දැක්කම පුදුමයි, ඒ හැමෝම හරිම සෞඛ්‍ය සම්පන්නයි,, ක්‍රිකට් මහත්තුරුන්ගේ ක්‍රීඩාව කියන කතාව ඇත්ත නිතරම ඔවුන්ට ක්‍රීඩාව අතර විවේකය තියෙනවා

    ReplyDelete
    Replies
    1. මහත්තුරු එහෙම තමයි. කෑමට - බීමට මුල්තැන.

      Delete
  10. 92 පාට තෝරන්න ආව කාලේ පුදුමයි ලංකාව නිල් තෝර ගත්තා කොළ පාට වෙනුවට.. හෙහ්..

    කෝම වුනත් දැන් තියෙන නිල ඇතුම් වලට වැඩිය නම් 92 තිබුන එක හොදයි..

    ReplyDelete
  11. ටී-ෂර්ට්ස් හොඳයි වගේ. ඒත් කණ්ඩායම් දෙකක් එක පාට ඇඳගෙන ක්‍රීඩා කරනකොට එච්චරම පැටලිල්ලකුත් නෑ. බැට් කරන්නේ අනෙක් කණ්ඩායමේ දෙන්නානේ. අපිට වඩා පැටලෙන්ට ඕනි ඒ අයට.

    මේ දවස්වල ක්‍රිකට් බලනකොට සුදීකවත් මතක් වෙනවා...

    ReplyDelete
  12. යේලා යේලා....
    ඒ ගැන හිතල තිබ්බෙම නෑ...
    ඒත් මුල ඉදන් අපේ උන්දල නිල් නේද ඇනදෙ
    ඒක නිකං සිම්බල් එකක් වගේ වුණා...

    ReplyDelete
  13. වෙළඳ ලෝකයට ඇදුමත් යට වෙලා. ලංකාවේ නිල ටී ෂර්ට් අනුග්‍රාහකයා හමිඩියා එකේ ලෝක කුසලාන තරගය වෙනුවෙන් වෙළඳපලට නිකුත් කර ඇති ටි එකක් රු 1500ක් විතර වෙනවා.

    ReplyDelete
  14. මමත් ඉතිං ඔයා ලියන ඒවා කියවලා ටි ටෙබල් එකේදි ඡන්ඩියා වගේ අනිත් වුන්ට කියලා දෙනවා.
    එල ද බ්‍රා

    ReplyDelete
  15. ඊළඟ මැච් වල ඉඳන් ලංකාවට කහ සහ කොළ පාට

    ReplyDelete
  16. ටෙස්ට් මැච් විතරක් ගහන කාලේ හැම එකාම සුදු ඇඳගෙන ඉන්නකොටත් තිබ්බේ ඕවගෙම තත්වයක් නේද බං සුදීක?

    ReplyDelete
  17. ස්කොට්ලන්ත ඇඳුමේ කොටු දාලා තියෙන්නේ ඒගොල්ලන්ගේ ජාතික ඇඳුමට සමානව නේද? අර දකුණු අප්‍රිකා රෝසපාට නම් හරිම කැතයි. බොම්බයි මොටයි වගේ. කොහොමටත් මීට වඩා ප්‍රමිතිකරණයකට ලක්කිරීම හොඳයි කියලා මමත් හිතනවා.

    ReplyDelete
  18. නියමයි සුදීක..... ස්තූතියි

    ReplyDelete
  19. ටීම් වල පාට තෝරන හැටි කල්පනාවට ආවෙ අදනෙ. හැබැයි 96 තිබ්බ කිට් එක වගේ එකක්වත් හොඳයි කියල හිතෙන්නෙ නෑ.

    ReplyDelete
  20. Football waladee nam pradana tharanga walata aniwaryaen Kandayam deka pata dekaka Bawitha karanawa.Anthar jathika menma jathika tharaga waladeeth.(Ranjan)

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...