Monday, January 19, 2015

අර්ජුන වෙනුවෙන් අපි ගඩොල් බිත්තියක වුණත් දුවන්න සුදානමින් ...... මුරලිදරන්

පින්තූරය ගත්තේ : http://www.wisdenindia.com
ලෝක පූජිත ක්‍රීඩකයන් බිහි කරමින්, අඛණ්ඩව ප්‍රධාන ක්‍රිකට් තරගාවලි වල ගෞරවයන් සඳහා අභියෝග කරමින්, අද ශ්‍රීලංකාවේ ක්‍රිකට් තිබෙන තත්වයට හේතුවන එකම සරල කාරණය වන්නේ 1996 අයි.සී.සී. ක්‍රිකට් ලෝක කුසලානයයේදී අප ලැබූ සාර්ථකත්වයයි.

එම තරගාවලිය සහ ඉන් ක්‍රීඩාවට රටේ ලැබුණු අරුත වැල්ලේ ඇඳි ඉරක් මෙන් විය. 1996 ට පෙර ක්‍රිකට් ක්‍රීඩාව ආධුනික මට්ටමක පැවතිණි.එය ප්‍රසිද්ධව පැවති නමුත් කිසි අයුරකින් එය රොදබඳින බලයක් නොවිණි.

 නමුත් 1996 දී ලාහෝරයේදී අප දිනු විට සියල්ල වෙනස් විණි. සාර්ථකත්වය අනාගත  පරම්පරා වලට ලඟා වූයේ, මුදුන් පමුනුවාගත හැක්කේ මොනවාද යන්න පෙන්වා දෙමින් වූ අතර ක්‍රිකට් ක්‍රීඩාව වෘත්තීය මට්ටමට පත් වීමටද එය ඉවහල් විය. එය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ලෝක සිතියමේ තැබූ අතර ඉනික්බිතිව අප වර්ධනය වන්නට පටන් ගති.

 එම තරගාවලිය සඳහා පසුබිම් වූ කාරණය සමහරු  අමතක කරති. පාකිස්තානය සහ ඉන්දියාව සමග එම තරගාවලියේ සත්කාරක රටක් වුවද, එකල මෙහි පැවති සිවිල් යුද්ධය නිසා අගනගරයේ සිදු වූ බෝම්බ පිපිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අප සමග ක්‍රීඩා කිරීමට මෙහි නොපැමිණියහ. 

එහි ප්‍රතිඵලයක් ලෙස අපට එම ප්‍රසාද ලකුණු ලැබුනද,  ඉන්දියාව සමග ඉන්දියාවේදී දෙවරක් ක්‍රීඩා කිරීමට සිදු වූයේ ඉන් එකක් අවසාන පූර්ව තරගයක් ලෙස කල්කටාවේ ඊඩන් ගාර්ඩ්න් ක්‍රීඩාංගනයේ ක්‍රීඩා කරන්නටද සිදු වෙමිනි. නමුත් සියළු අහේතූන් අපසැම  කණ්ඩායමක් ලෙස පමණක් නොව රටක් වශයෙන්ද එක්සත් කිරීමට සමත් විය. ක්‍රිකට් තුල අප අනාවරණය කරගත්, අයි.සී.සී. ලෝක කුසලානයකදී ලැබිය හැකි ඵලයද එයයි.

 ඇත්ත වශයෙන්ම මේ දැක්ම තිබුණේ අපගේ නායක අර්ජුන රණතුංග සහ පුහුණුකරු ඩේව් වට්මෝර් දෙදෙනාටයි. මා අසා තිබෙනවා ක්‍රීඩා කොට බොහෝ කාලයක් ගත වුවද, සමහර බටහිර ඉන්දීය ක්‍රීඩකයින් දැනුදු ක්ලයිව් ලොයිඩ්ට නායකයා("ස්කිපර්") ලෙස අමතන බව, අපටත් අර්ජුන එවැනි චරිතයක්. ඔහුට ඉන්දියානු අර්ධද්ද්වීපික තත්වයන් තුල  අප ගැන තිබුණේ ඉමහත් විශ්වාසයක්, අපද ඔහු වෙනුවෙන් ගඩොල් බිත්තියක වුවද දිවීමට සූදානම්ව උන්නා. හෙතෙම ප්‍රතිවාදියාට ආක්‍රමණ එල්ල කිරීමේ අපගේ ක්‍රමවේදයේ ගාමක බලයද වුණා.

අර්ජුන දුටුවා සනත් ජයසුරිය සහ රොමේෂ් කලුවිතාරණ මැදපෙළ තුල සැඟවී පන්දු ඕවර කිහිපයකට පමණක් මුහුණ දීම ඔවුන් සතු ශක්තිය අපතේ හැරීමක් ලෙස.

අයි.සී.සී. ලෝක කුසලාන තුලදී ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවන් මින් පෙර-1992 දී ඉයන් බොතම් සහ මාර්ක් ග්‍රේට්බැච් යොදවාගනු දැක තිබුනද, මෙය සහමුලින්ම වෙනස් යෙදවීමක් වුණා. තරගය මුලදී  දැවී ගියද ප්‍රහාරාත්මක පිතිකරණයේ යෙදීමට,  කණ්ඩායමේ සියළුම ක්‍රීඩකයින්ගේ විශ්වාසය ඔවුන් කෙරේ ඇති බවත්, එහි දිගටම නිරත වන ලෙසටත්  සනත් සහ කලුට බලපත්‍ර ලබා දී තිබුණා. එය ඔවුන්ට විශාල පිටුවහලක් වූ අතර ඔවුන් එයින් උපරිම ඵල නෙලා ගත්තා.

ඔස්ට්‍රේලියාව සමග පැවති අවසන් තරගයෙන් මාසයක් ගිය තැන වයස 24 ලැබූ නවකයෙකු වූ මා හට මුළු තරගාවලියම සිහිනයක් මෙන් විය.  සියල්ලෝම අතිදක්ෂ ලෙස ක්‍රීඩා කල අතර, අරවින්ද ද සිල්වා ක්‍රීඩා කල ඉනිම දෙක, අවසාන පූර්ව තරගයේ කඩුළු දෙකක් පළමු ඕවරයේම දැවී ඇති විටෙක පන්දු 47 ක දී ලබාගත් ලකුණු 66 සහ අවසන් තරගයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 107 ඉන් විශේෂ තැනක් ගන්නවා.  දැඩි පීඩනයක් සහිත මොහොතක ක්‍රීඩා කිරීම පමණක් නොව කණ්ඩායමට අවශ්‍ය ආකාරයෙන් ප්‍රදර්ශනාත්මක ලෙසින්  ප්‍රතිඵල ලබාදීම, මේ විශිෂ්ට මිනිසා පිලිබඳ සලකුණක්  වුවා.   

ජයග්‍රාහී ලකුණ ලබා ගැනීම දක්වා අර්ජුන රැඳී සිටීම ඔහුට ශක්තියක් වූ අතර, මගේ කීර්තිය පිලිබඳ ඉලක්කය වුයේ, ක්‍රීඩාගාරයේ සිට ඔවුන්ට සුබපැතීම  දක්වා වූ දිවීමේ තරගය  ජය ගැනීමය !
 ඔබ මටකීවොත්, මා ලෝක කුසලාන අවසන් තරග දෙකක් ක්‍රීඩා කර ජය නොගත් බව, මට විශ්වාසයි මා ඒ පිලිබඳ පසුතැවෙන බව, නමුත් මට අතීතය දෙස  තෘප්තිමත්ව බැලිය හැකියි. ලෝක කුසලාන අවසන් තරග තුනක් සඳහා ක්‍රීඩා කිරීමට වරම් ලැබුණේ ක්‍රීඩකයින් අතලොස්සකට වන අතර, ඉන් අයි.සී.සී. ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුළු ලාභීන් අතර ග්ලෙන් මැක්ග්‍රාත්ට  පමණක් දෙවෙනිව රැඳී සිටීමට හැකි වීම  විශේෂ සාඩම්බර හැඟීමක් වන්නේ මා දිගු කලක් දක්ෂතා අතර රැඳී සිටි බව ඉන් කියැවෙන නිසාය. 

එම පරාජිත අවසන් තරග දෙක අතීතාවර්ජනයක යෙදුනු විට මට සිත්තැවුලක් හෝ අසතුටක් ඇති නොවේ.2007 දී බාබඩෝස් හිදී අප පරාජයට පත් වුයේ ඇඩම් ගිල්ක්‍රිස්ට්ගේ ඇදහිය නොහැකි ඉනිම නිසා වන අතර ඔස්ට්‍රේලියාව පැහැදිලිවම එම තරගාවලියේ හොඳම කණ්ඩායමද විය. හතර වසරකට පසු මා  මුම්බායිහිදී පරාජිත වූවද - වඩාත් වේදනාකාරී වූ මාගේ කලවේ මස්පිඩු ආබාදයකට ප්‍රතිකාර ලබමින් සිටියද, අප ලබාගත් ස්ථානය පිලිබඳ මසිතේ ආඩම්බරයක් ඇත. අප පරාජිත වුයේ එම්. එස්. දෝනිගේ අතිදක්ෂ භාවය නිසා සහ පින්න නිසා වන අතර අපට අප වෙත දොස් නගා ගැනීමට කාරණා නොවීය.

මාගේ ප්‍රධානතම ලෝක කුසලාන පසුබැස්ම 1999 යි. අප එංගලන්තයට ලඟා වුයේ ශූරයන් මෙන්ම ඉතා හොඳ සහ පළපුරුදු කණ්ඩායමක් ලෙස  වුවද, සරලවම අප බලාපොරොත්තු ලෙස දස්කම් දක්වන්නට නොහැකි විය. අප ඉන් වසරකට පෙර එහිදී එක්දින තරගාවලියක් ජයගෙන තිබුනද, අපට එවර හරි ගියේ නැත. එය වේදනාකාරීය.

අපට දෙවන වතාවටත් ජය 2015 දී ලබා ගත හැකිද ? මම කියන්නේ "ඇයි බැරි ?" පසුගිය දශකය පුර  ප්‍රධාන තරගාවලීන් වල වැඩිම ස්ථාවර මට්ටමක සිටි කණ්ඩායම අප වූ අතර,  නිරතුරුවම අවසාන හෝ අවසාන පූර්ව තරගයට සුදුසකම් ලැබූ අපේ ක්‍රීඩකයින්ට, බංග්ලාදේශයේ පැවතී විස්සයි20 ජය ලැබූ නිසා විශාල ආත්ම විශ්වාසය ඇත. 

1996 දී අර්ජුන සහ අරවින්ද තුල තිබූ ගුණාංග, ශක්තිය සහ ගෞරවයට සමකම් දක්වන, අපට සිටින ජේෂ්ඨ ක්‍රීඩකයින් තිදෙනා වන කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ තිලකරත්න දිල්ශාන් ඉතා ඉහළ මට්ටමකින් සහ අධිෂ්ඨානයකින් මෙවර තරගාවලියට අවතීර්ණ වනු ඇත.

ඔබ ලෝක කුසලානයක් දිනාගන්නේ, ඔබේ රට වෙනුවෙනි, ඔබේ කණ්ඩායම් සගයන් වෙනුවෙනි ඉන්පසුව ඔබ වෙනුවෙනි, එයයි අනුපිලිවෙල. මේ කණ්ඩායම ගැන මට විශ්වාසයක් ඇත, මා බලාපොරොත්තු වනවා ඔවුන්ටත් එම විශ්වාසය ඇතිය කියා.

මෙය මුත්තයියා මුරලිදරන් විසින් අයි.සී.සී. වෙනුවෙන් සම්පාදිත ලිපියකි. පසුව එය විස්ඩන් ඉන්දියා හී "We would run through a brick wall for Arjuna" නමැති ලිපියේ පරිවර්තනයකි. 

36 comments:

  1. මට අනුව මෙදා ෂුවර් පිට යා හැකි උපරිම දුර සුපර් එයිට් දක්වා ගමන පමණයි. ඉන් පසුව කොහොමත් තියෙන්නෙ පිළිමලුන් පිටුදැකීමේ ක්‍රමය. එතනදි ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව මුනගැහෙන්නෙ නැතිවුනොත් පොඩි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. එච්චරයි. එච්චරම එච්චරයි. 99න් පස්සෙ ලෝක කුසලානයට යන දුර්වලම කණ්ඩායම තමයි මේක.

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නේ එහෙම තමයි. පරණ තුන්දෙනා විශේෂ යමක් නොකලොත්. පන්දු යැවීම අතින් අපි ඉන්නේ ඉතාම පහළ මට්ටමක.

      Delete
  2. අපි ගොඩක් විට බලාපොරොත්තු තියන් ගියේ ඔහොමයි. සුපර් 8 ආවොත් ඇති කියලා. එක අතකින් ඒක අපේ අල්පේච්ඡ කම පෙන්වන එකක් වෙන්නත් පුලුවන්. ඒ නිසාම අපේ මිනිස්සු ඔය මැච් කීයක් පැරදුනත් ගෙවල් කඩන්න, ගල් ගහන්න යන්නේ නැහැ.

    දුර්වල කණ්ඩායම් කිසිවක් ලෝක කුසලානය මූලික වර්ගීකරණයට ඒක වැටෙන්නෑ ඔවුන් දුර්වල නම්?

    ඉංදියාව, ශ්‍රී ලංකාව, පකිස්ථානය, ගොඩක් වෙලාවට එන්ගලන්තය, ඕස්ට්‍රේිලියාව, නවසීලන්තයට තර්ජනයන් සම සමව. බ. ඉ. කොදෙව් හා දකුණු අප්‍රිකාව වෙන වෙනම තර්ජනාත්මක ස්වරූපයක් ගන්නේ. මේ හැම එකක්ම ඔවුන්ට ආවේණික ක්‍රීඩා ලක්ෂණ පෙන්නුම් කරනව.

    ශෙවාග්ට වැදුන ලකුණු 200, ‍ශර්මා ගහපු ලකුණු දෙසිය හැටගාණ, ඊයෙ ඩිවිලියර්ස් තියපු ලෝක වාර්ථා ‍ලෝක කුසලානයෙන් වෙනයි. ටෙන්ඩුල්කාර්ට ගන්න පුලුවන් උනේ ලෝක කුසලානයක් දිනපු ටීම් එකේ සාමාජික කියන පදක්කම විතරයි,

    මට පේන අනිත් කාරණාව තමයි අපේ අය ඔය යන ගොඩක් තරගාවලි වලින් ඔසට්‍රේිලියාවට ගහන එක විතරයි චැලෙන්ජ් එකකට ගන්නෙ?. ඔය ඉන්දියාවට තෙලින එක හරි ගුටි කන එක හරි අපේ උන්ටත් ඇගට පතට ගන්නැති උණ හෙම්බිරිස්සාව වගේ ඒවා.

    ඒත් ලෝක කුසලා‍නයේදී නම් ඕක වෙනස් වෙන්නෙ අපේ අය ගොඩක් වෙලාවට එකමුතුව සෙල්ලම් කරන බව පේන නිසයි. අන්න ඒ සාධකය ජය ගත්තොත් මේ පාර අලුත් ලාංකික තරු ටිකක් බිහිවෙන එකත් වලක්වන්න බැහැ?

    ReplyDelete
    Replies
    1. දකුණු අප්‍රිකාව සහ මෑතක බටහිර ඉන්දීය කණ්ඩාම් හරිම අවාසනාවන්තයි. මොනවා වුණත් මේ කලාපේ විකට් වල සෙල්ලම් කරන්න අවශ්‍ය හැකියාවත් සෑහෙන්න බලපාන සාධකයක්. අර කිව්වා වගේ මේ කුසලාන වලදී හැකියාව පෙන්වන්නේ වෙනම කණ්ඩායමක්.

      Delete
  3. මෙන්න සුදිකස් ස්ටැයිල්.. පරිවර්ථනයක් වුවත් සුධික = ක්‍රිකට්.
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. අකමැති දෙයක් ලිව්වත් මැන්ඩියා බලන බව මම දන්නවා.

      Delete
  4. වර්ල්ඩ් කප් වලදී AB, රෝහිත් ෂර්මා, කෝලි, අම්ලා වගේ අය ගැන ලොකු බලාපොරොත්තුවක් තියන්න බැහැ. මොකද මේ අය බිග් මැච් ප්ලේයර්ස්ලා නෙවෙයි. ටිකක් හරි ඉන්නේ කෝලි විතරයි. වර්ල්ඩ් කප් වගේ එකකදී වැදගත් වෙන්නේ පීඩනය යටතේ සෙල්ලම් කරන්න පුළුවන් අය. විශේෂයෙන්ම ඉන්දියන් ටීම් එකේ නම් ඉන්නේ දෝනි විතරයි. දකුණු අප්‍රිකාවේ මම දන්න විදිහට හැමෝම ලොකු මැච් වලදී ෆේල්, අපි බලන්න ඕනේ විශේෂයෙන් නවසීලන්තය දැන් ක්‍රීඩා කරන විදිහ, අනිත් එක ඕස්ටේ‍ර්ලියාව, සහ පකිස්ථානය හරිම විශ්වාසය තියන්න අමාරු කණ්ඩායම්. පෙරලියක් කරනවා නම් මේ අය තමයි. නමුත් අපිට හැමදාම මේ වගේ ලොකු තරග වලදී තියෙන කණ්ඩායම් හැඟිම තියෙනවා. පොඩි අවුලකට තියෙන්නේ බෝලින්.

    ReplyDelete
    Replies
    1. //වර්ල්ඩ් කප් වගේ එකකදී වැදගත් වෙන්නේ පීඩනය යටතේ සෙල්ලම් කරන්න පුළුවන් අය//
      සහතික ඇත්ත. නැති වුණත් යුවරාජ්ටත් ඒ හැකියාව තියෙනවා.

      Delete
  5. ලිපිය අකුරක් නෑර ආසවෙන් කියෙව්වා.. මගෙ ආසම තැන.. // මගේ කීර්තිය පිලිබඳ ඉලක්කය වුයේ, ක්‍රීඩාගාරයේ සිට ඔවුන්ට සුබපැතීම දක්වා වූ දිවීමේ තරගය ජය ගැනීමය !// හැක් හැක්.. කොහොමත් මුරලි ය සරල සුන්දර එකෙක්..

    මේ පාර ටීම් එක ගැනනම් ලොකු විශ්වාසයක් නෑ.. ලොකු ගෝ එකකුත් නෑ.. ඒත් හදවතින්ම සුභ පතනවා විශෙෂ යමක් කරන්න පුළුවන් වෙන්න කියලා..

    හැබැයි //අර්ජුන වෙනුවෙන් අපි ගඩොල් බිත්තියක වුණත් දුවන්න සුදානමින්// We would run through a brick wall for Arjuna කිව්වම ඒක එහෙම පරිවර්ථනය වුනු එක මටනම් ටිකක් අවුල් වගේ. O.o ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. කල්‍යාන මිත්‍ර කිව්වට පස්සේ තමයි මමත් ආයේ පාරක් මාතෘකාව බැලුවේ. මට දැනුනේ අර තේරුම. "හරහා" කියන එකත් ගන්න පුළුවන් තමයි. බොහොම ස්තුතියි. වැඩේ තියෙන්නේ දැන් මේක නිවැරදි කරන එක හරිද ? කියන දෙගිඩියාව මට තියෙන එක.

      තව එකක් තියෙනවා බලන්න "වැල්ලේ ඇඳපු ඉරක් වගේ" කියන එක. හරිනම් "ගලේ කොටපු ඉරක්" තමයි එන්න ඕනේ. පරිවර්තනයේදී අපේ අදහස් ඉදිරිපත් කරන එක හරි නැති නිසා මම ඒක ඒ විදියටම දැම්මා.

      Delete
    2. තේරුම ආසන්නවන්නේ "බිත්තියක් වුනත් කඩා ගෙන" ට නේද?

      මා ඉංග්‍රීසි ලිපිය කියවා නැත. එහෙත් "වැල්ලේ ඇඳපු ඉරක් වගේ" & "ගලේ කොටපු ඉරක්" යනු එකිනෙකට වෙනස් දෙකක් නේද?

      A line in the sand කියන්නේ සීමාවක් තිබීම හෝ එයින් ඔබ්බට යාමක් ගැන

      Etched in stone ස්ථිර බව ගැන

      Delete
    3. තේරුම මොකක් වුණත් අදහස වෙන්නේ "නොකළ හැකි දෙයක් වුණත් උත්සාහ කරනවා" කියන එක. මගේ අවශ්‍යතාව වුණේ මේක සිංහලෙන් කියවන අය අතරට ගෙන යෑම.

      Delete
  6. අර්ජුන ඇවිල්ලා කෙලින් මුනියා.

    වර්ල්ඩ් කප් එක ගැනනම් හිතා ගන්න අමාරුයි. බලමුු.

    ReplyDelete
    Replies
    1. සමහර තැන් තියෙනව ටිකක් නම්‍යශීලී වෙන්න ඕනේ. අන්න ඒ ගැන හිතුවානම් එතුමා සෑහෙන දුර ගිහිං. මේ කෙලින් කම නිසා බොහෝ දේ අහිමි කර ගත්තා.

      Delete
  7. මට පොඩි දෙයක් පැහැදිලි කර ගන්න ඕනෙ. 1999දි ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් ගිය කණ්ඩායමට චන්දික හතුරුසිංහව නම් කළේ කුමන හේතුවක් උඩද කියල කියන්න පුළුවන්ද?

    මොහු මගේ මතකය නිවැරදි නම් 1996 ලෝක කුසලානයේ සිටම ජාත්‍යන්තර තරඟයකට සහභාගි වුනේ නෑ. ඒ වගේ ක්‍රීඩකයෙක්ව ලෝක කුසලානය වගේ තරඟයකට ගත්ත එක නම් මට හිතා ගන්න බැරි දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඉතාම හොඳ ප්‍රශ්නයක්. චන්දික හතුරුසිංහට හැකියාවක් තිබුණා පන්දුව ගුවනේදී දෝලනය කරන්න(Air Swing). ඒක එංගලන්තයේ දේශගුනයේදී(Gloomy Conditions) තවත් තීව්‍ර වෙලා වැඩි කඩුළු ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් වෙයි කියන විශ්වාසය මත තමයි ඔහුව තෝරා ගත්තේ. හතුරුසිංහ පන්දුව යවන මද වේගය තමයි ඒ දෝලනයට හේතු වෙන්නේ.

      Delete
  8. සුදීක අයියට මොකද හිතෙන්නෙ...මට නම් මෙදා පාර අපේ ටීම් එක වැඩිදුරක් යයි කියලා හිතෙන්නෙ නෑ...තවම සාමූහික දක්ෂතා පේන්න නෑ...වරින් වර කෙනෙක් දෙන්නෙක් සාර්ථක වෙනවා...

    ReplyDelete
    Replies
    1. මේ පාර X factor එක මාලිංග කියලයි මගේ විශ්වාසය. මාලිංග දාන සෙල්ලම් මත අපි යන තැන තීරණය වෙයි.

      Delete
  9. සංගා මහේල දිල්ශාන් අතේ මුළු ටීම් එකම රැදිලා තියෙනවා කියලා තමයි මට නම් හිතෙන්නේ.. ඒත් අපි බලාපොරොත්තු තියාගෙන ඉමු.. හැමදාම වගේ..

    ReplyDelete
    Replies
    1. ඔව්. බලාපොරොත්තු වලට කෙනෙකුව දිගු දුරක් ගෙනියන්න පුළුවන්.

      Delete
  10. එකම තුන්දෙනෙක් මත බලාපොරොත්තු තියන එක වැරදියි
    එකක් උන්ට ඒක ඕනවට වැඩි පීඩනයක්...
    අනික තමා අනික් උංට තමන් පිළිබද ඇතිවිය හැකි අවතක්සේරුව මොකද හැම කෙනාම අර තුන්දෙනාවම අප් කරන්න හදනකොට අනික් අය නැතිව උං තුන්දෙනා විතරක් ප්ලේ කරන්නයැ...
    ක්‍රිකට් කියන්නෙ සාමූහික ගේම් එකක් නං ටිම් එකේ එකොළහ ගැනම ධනවාදි ආකල්පයක් තියන්න ඕන..
    ඊටත් කෝ දැං ක්‍රිඩා ඇමැත්තෑයෙක්...
    ඒෂියන් යූත් ගේම් එකත් ලංකාවෙන් ගැලෙව්ව... වර්ල්ඩ් කප් එකට හරි හමන් සූජානමක් වත් නෑ...
    අර්ජුනට කැලෑ ඇමති කමක් දුන්න
    අරකෙයි මේකෙයි කිසි වෙනසක් නෑ

    ReplyDelete
    Replies
    1. පේන්නේ නැති වුණත් තුන්දෙනා අතර සෙන්චරි තරගයක් තියෙනවා. ඒකත් එක ආකාරයකින් වෙස්වලාගත්ත්ත ආශිර්වාදයක්.

      Delete
  11. ශ්‍රී ලංකාවට ලෝක කුසලානය දක්වා යන්න මෙවර හැකිවෙයි කියලා හිතන්න අමාරුයි මටත් , මොකද කණ්ඩායමේ තිබිය යුතු ජයග්‍රාහී රිද්මය නෑ. අද මැච් එකෙත් ගැහුවේ මහෙලයි සන්ගයි . අපි බලං ඉමු

    ReplyDelete
    Replies
    1. අපේ අයට තියෙන අර අමුතුම හැකියාව ආවොත් තමා.

      Delete
  12. පන්දු යැවීම අසාර්ථකයි.. මේ වතාවේ ගොඩ යන්න අමාරු වෙයි.

    ReplyDelete
    Replies
    1. මාලිංග වෙනස් යමක් නොකලොත්. හේරත් සහ සචිත්‍ර දායක නොවුනොත්.

      Delete
  13. ඇයි මැතිවුස් වෙේ සාර්ථක නායකෙෙක් ගැන කතා කරන එක හැෙෝම අමතක කරලා...
    ඒ විතරක් ද රංගන 20/20 දි සේ සාර්ථක වුෙොත්...

    ReplyDelete
    Replies
    1. මැතිවුස්ගේ තියෙන වෙනස තමයි නායකත්වය දරද්දී පරණ තුන්ගේනාගේම සහයෝගය එකවිට ලැබෙන එක.

      Delete
  14. මේ තමයි අපිට උපරිම උත්සහ කරන්න පුළුවන් අවස්ථාව.. ඒත් ගැටලුව තණතීරු සම්බන්ධවයි..... නවසීලන්තයේ දැනටමත් අපි අසාර්ථකයි.............

    ReplyDelete
    Replies
    1. ඔවු. අර තුන්දෙනා වගේ සෙට් එකක් ආයේ එකවිට ලැබේද ? කියන සැකය තියෙනවා.

      Delete
  15. අනේ මන්දා.. කප් එක නැති වෙයි වගේ මේ සැරේ නම්...

    ReplyDelete
    Replies
    1. අපි දිනලා නෑනේ ? අපි දින්නේ 20විස්ස මලයා.

      Delete
  16. ආපහු ක්‍රිකට්...වෙන වැඩ මුකුත් කරන්ට වෙන්නේ නෑ...:(

    ReplyDelete
    Replies
    1. මොනවා ඔයාට ඔයහැටි තියෙනවා වැඩ :)

      Delete
  17. මේ පාර මෙව්ව එක තියෙන්නෙ ඕට්ටේලියාවෙ නේ......... අම්මෝ එහේ තියන පිච් මෙන්න මේම මේ වගේ හෙන ෆාස්ට් පිච් ඈ........ බෝලෙ උඩට එන්නෙ මෙහෙක් වෙලා ඒ මදිවට ස්වින්ග් වෙන විල්ල කිරි බුදු අප්පච්චියෝ අන්න ඒ රිදම් එක අල්ල නොගත්තොත් ඔක්කොම හබක්...........
    ඊටත් එහා බෝලෙ දානකොට ලයින් ඇන්ඩ් ලෙන්ත් බෝලය නොදැම්මොත් අනිවාර්යෙන් ගුටි කෑම් ලැබෙයි
    ඔය ඔක්කෝම හරි හැටි කලොත් කප් එක කෙසේ වෙතත් ජාම බේරා ගත හැකි වෙයි

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...