Friday, October 17, 2014

මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න ......

ලංකාවේ ජීවත් වෙන අපිට තියෙන ලොකුම කරදර වලින් එකක් තමයි මදුරු කරදරේ. පුංචි කාලේ විවිධ  කෙම් මගින මදුරුවන් පලවා හරින්න උත්සාහ කරපු විදිය මේ මොහොතේ මගේ මතකයට එනවා. අපි ලාඩප්පා(ඇල්බීසියා) අතු කඩාගෙන ගේ වටේ වට තුනක් ඇවිදලා ගෙදර ඇතුල්වෙන දොරටුවට උඩින් එල්ලලා තියනවා. පොඩි කාලේ මේ වගේ කෙම් වලට පුරුදු වෙලා හිටියා. ඒ වෙනත් විකල්පයක් නොදන්නා නිසා. කෙම් වල තියෙන ප්‍රධානම ලක්ෂණයක් තමයි, ඒ කරන මුළු කාර්යයම කථා නොකර කරන එක.විකල්පයක් විදියට අපි මදුරුතලා ඇතුත් යොදා ගත්තා. අද නම් මදුරුතලා දකින්න නැති තරම්. රත්නපුර පැත්තේ නම් පැලයක් හොයා ගන්න නෑ. ඒ තායි-කොරියන් වගේ ජාතිකයන් ඔවුන්ගේ ආහාර වලට මදුරුතලා ගස් පිටින් එකතු කර ගන්න නිසා. ඒවාගේ තියෙන මින්ට් ගතියට කොලෙස්ටරෝල් අඩු වෙනවා කියලා තමයි ඔවුන් කියන්නේ.

 ඊට පස්සේ අපි කරපු අනිත් දේ තමයි ගිණි මැලයක් ගහන එක. බොහෝ විට සිමෙන්ති අනන්න ගන්න තාච්චියකට විවිධ දර කෑලි, පොල් ලෙලි, පොල් කටු වගේ දේවල් වලින් පුරවලා එකට භූමිතෙල් ටිකක් දාලා ගින්දර ගහලා පස්සේ අමු පොල් ලෙලි දානවා දුම් එන්න. එහෙම ආවම මදුරුවොන්ට විතරක් නෙවෙයි  අපිටත් ඉන්න  අමාරුයි. බැරිම වුනොත් රබර් කෑල්ලක් දානවා. බෙන්තොට ඉලාස්ටෝ ආයතනයට පින් සිද්ද වෙන්න අපිට රබර් කාලි සපයා ගැනීමේ කිසි ගැටළුවක් තිබුණේ නෑ. එහෙම නැතිම දවසකට පරණ රබර් සෙරෙප්පුවක් හරි දානවා. මේ ගිණිමලය ආසන්නයට වෙලා ඉන්න මම ඒ කාලේ පුදුම ආසයි. 

ඒ කාලේ ඒ වගේ සුළු විකල්ප වලින් අපි සෑහීමකට පත් වුණේ, හැමදාම මදුරුවෝ නැති හින්දා. ඒ කියන්නේ අපි කුඩා කාලේ එක්තරා සීසන් එකකට තමයි මදුරුවෝ හිටියේ. අවුරුද්දෙන් මාස හයක් විතරම මදුරුවෝ නැති කාලයත් තිබුණා. මදුරු කොයිල් වෙළෙන්ඳන් මදුරුවන් බෝ කළාය කියන කතාව පිළිගන්න වෙන්නේ ඔන්න ඔය කාරණය මතකයට ආවම. එක්දහස් නවසිය අසූව දශකයේ මුල භාගයේ පටන් මදුරු කොයිල්, මදුරු මැට්, දැන් දියර වේපරයිසර් භාවිතා කරනවා. අනික අද ඉන්නේ මදුරුවන් නිසා මිනිසුන් මිය පරලොව යන යුගයක. හේතුව ඩෙංගු. අටුවා - ටීකා අවශ්‍ය නෑනේ ඒ ගැන. ඉතින් මදුරු වදේට අපි විවිධ විසඳුම් සොයා soyආ ඉන්න කාලෙක තවත් අලුත් විසඳුමක් එක්ක තමයි මම ආවේ. 

මේක දැක්ක ගමන් මට හිනහව නවත්වා ගන්න බැරි වුනා. මොකද මේක හදන්න ගන්න අමුද්‍රව්‍ය දැක්කම. අපේ පත්තර මල්ලිට, අටමට, නලීන්ට එහෙම කදවාවත් මේක හදලා ඉවර කරන්න බෑ කියලා මට හොඳටම ෂුවර්. හැබැයි මේකත් එහෙම ලේසියට හදා ගන්න පුළුවන් එකක් වෙන්නේ නෑ. මොකද අමුද්‍රව්‍ය වලට යන මිල ගණන් නිසා. 
එහෙනම් කොලයක් එහෙම අරගෙන ලියා ගන්න ලැස්ති වෙන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික. අමුද්‍රව්‍ය කිව්වට මේවා අමුවෙන් බඩට එහෙම දා ගන්න යනවා නෙවෙයි. අනිත් එක මහත්වරු මේවා ගේන්න කඩේට යවලා නෝනලාට මදුරුවෝ කකා බලාගෙන ඉන්න නොවෙයි කියන එකට මට සහතියක් දෙන්න බෑ. 

අවශ්‍ය ද්‍රව්‍යය

  • මධ්‍යසාර ලීටර් 1/2 (අනේ මන්දා ඔය විස්කි, බ්‍රැන්ඩි වගේ ජාති වලට යන්න එපා. ළඟදී අරක්කුත් ගණන් ගිය එකේ කසිප්පු තමයි යොදා ගන්න වෙන්නේ. හැබැයි එතකොට මේ දේශීය නිෂ්පාදනය නීතිගත කර ගන්නත් පුළුවන්).
  • කරාබු නැටි ග්‍රෑම් 100
  • බේබි ඔයිල් හෝ වෙනත් ඇඟේ ගලවන්න පුළුවන් තෙල් වර්ගයකින් මිලි.මීටර් 100ක්
සාදා ගන්නා අකාරය

මද්‍යසාර වලට කරාබු නැටි එකතු කරගෙන මේක දවස් හතරක් පාඩම් වෙන්න තියන්න ඕනේ. මතක ඇතිව සාම දිනයකම උදයේ මේක ටිකක් කලවම් කරන්න. බොන්න එහෙම එපා.  දින හතර පසු වුණාම බේබි ඔයිල් එකතු කරන්න. දැන් එය භාවිතාවට සුදානම්. 

මෙහෙමයි කරන්න තියෙන්නේ. මිශ්‍රණයෙන් බින්දු කිහිපයක් ගෙන දෑතේ සහ දෙපා වල අතුල්ලන්න. ඉන් පස්සේ බලාගෙන ඉන්න මදුරුවන් පලායන අකාරය. මෙය වෙනත් කුහුඹු වර්ග වලට උනත් හරි යනවා කියලා තමයි කියන්නේ. 

හෙල්ත් ඩයිජෙස්ට් සඟරාව ඇසුරෙන්. 

පසු සටහන : ඉස්සර අපේ අයියා කෙනෙක් දංකොටුව ස්පෙෂල් බෝතලයක් අරං ඇවිත්, සුදු පාටට බොන්න බෑ කියලා කරාබුනැටි කිහිපයක් එකතු කළා පාට වෙනස් කරන්න. මේ හදාගත්තු මිශ්‍රණය නම් බොන්න එපා. ඊට පස්සේ බඩ පණුවොත් විනාශ වුණා කියලා මට දෝෂ කියන්න එපා. 


57 comments:

  1. මෙන්න මසුරං විසඳුම්. මදුරුතලා තාම අපේ පැත්තෙනම් තියනවා

    ReplyDelete
    Replies
    1. එහෙනම් චිකන් උයද්දී කොළට ටිකක් දාලා හදලා බලපන්. රස වගේම ගුණයි.

      Delete
  2. අනේ අමාරුවෙන් බොන්න තියන අරක්කු ඩිංග

    ReplyDelete
    Replies
    1. ඇයි ඉතිං අමාරුවෙන් බොන්නේ ? මේක හදා ගත්තනම් ඉවරයිනේ.

      Delete
    2. අරක්කු නම් මොනාද බන් විදානෙ! :D

      Delete
    3. මට බඩු ටික ඇරං දෙන්ඩ.. මං හදලා දෙන්නං ටොප් එකට :D ඕ යේස් !!!

      Delete
    4. හැබැයි බ්‍රෑන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
  3. නියම ක්‍රමයක්නේ.. අත්හදල බැලුවෙ එහෙම නැද්ද?

    ReplyDelete
    Replies
    1. හෙට අනිද්දට මේක හදලා බලනවා. ඊට පස්සේ කියන්නම්කො ගුණ අගුණ.

      Delete
    2. අපරාදේ බං ලිටර් බාගේ ගහල බුදියපං මදුරුවො කනව දැනෙන්නේ නැ

      Delete
    3. ලීටර් බාගයක් වැඩී.. කාලක් ඇති .

      ඉතුරු ටිකෙන් පස්සෙ හදාගන බැරියෑ. නරක්වෙනව කියලෑ !!!

      Delete
  4. හොඳයි මේක මෙහෙම දාපු එක.. ඇත්තටම මදුරු කරදරේ අද වෙල් මේන්ටෙන්ඩ් බිස්නස් එකක් වෙලා. හැමදේම ලේසියෙන් කරගන්න බලන් ඉන්න අපිත් ඉතින් ඒවයෙ වහල්ලු වෙලා..

    තව ක්‍රමයක් මේ ලඟදි මට් ඊ මේල් එකකින් ලැබුනා. ඒක අත්හදා බලපු කෙනෙක් කිව්ව හරියටම හරි කියලා. කරන්න තියෙන්නෙ මෙච්චරයි.

    බුලත් ටිකක් අරගෙන බ්ලෙන්ඩරේකින් පල්පයක් වෙන්න අනා ගන්න. ඊට පස්සේ ඒ පල්පය දීසියකට දාලා අදාල ප්‍රදේශයේ රඳවා තියන්න. ඒ ගඳට මදුරුවො පලා යනවා කියල තමා ඊ මේල් එකේ තිබුනේ. පල්පය වේලෙනකොට වතුර ටිකක් කලවම් කරලා නැවත දිය කරගන්න. ඒ විදිහට දින කිහිපයක්ම එක වරක් සාදා ගන්නා පල්පයක් භාවිතා කෙරුවැකිලු. ඒක ශ්‍රී ලාංකිකයෙකුගේ පරීක්ෂනයකින් හොයා ගත්තු එකක් කියලා තමා කියවුනේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේකේ මුලික සිද්ධාන්තය දැන් පැහැදිලි වෙනවා. ඒ කියන්නේ සර දේවල් වලින් පිට වන ගඳ හෝ සුවඳ මදුරුවන්ට දරා ගන්න බෑ කියන එක. මධ්‍යසාර එක්ක කරාබු නැටි කලවම් වුනත්, බුලත් වලින් පිටවන සැර වගේ දේවල් ඔවුන්ට ඉවසා ගන්න බෑ. මට හිතෙනවා කොහොඹ කොළ වලත් මේ ශක්තිය ඇති කියලා. මොනවා වුනත් සෙන්නාගේ යෝජනවා වඩා පහසු එකක්. අපි මේ දෙකම උත්සාහ කරලා බලමු.

      Delete
    2. //මට හිතෙනවා කොහොඹ කොළ වලත් මේ ශක්තිය ඇති කියලා.//

      වෙන්න බෑ, කතරගම අර ගම්මුදා පාර අයිනෙ කොහොඹ වකාරෙට තීන ගෙවල් කඩ වලත් පට්ටෙට මදුරුවො, .

      Delete
    3. මම හිතුවේ අඹරලා තලපේ කාමරේ තියන එක. අර සෙන්නාගේ බුලත් කොළ වගේ.

      Delete
  5. ඔය රබර් පුච්චපු දුම් හුස්ම ගන්ට හොඳ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. හොඳ වෙන්න විදියක් නෑ. අනිත් එක ඒ කාලේ නිවසේ තියෙන්න ඕනේ ඔක්සිජන් ප්‍රතිශතය ගැන අපි පොඩ්ඩක් වත් හිතුවේ නෑ. වැඩේ තියෙන්නේ මදුරුවෝ එන වෙලාව ගැන අවුබෝධයකින් හිටියොත් ගොඩක් වලකා ගන්න පුළුවන්. උන් එන්නේ හවස 5ත් 6ත් අතර, රෑ 12ත් 1ත් අතර, උදේ 5ත් 6ත් . මෙන්න මේ වෙලාවල් ගැන ගැන සැලකිල්ලකින් හිටියොත් මදුරුවෝ එන ප්‍රමාණය දොර ජනෙල් වසා තැබීමෙන් අඩු කර ගන්න පුළුවන්. ඉන් පස්සේ මේ වගේ ස්වභාවික විසඳුමකින් සම්පූර්ණයෙන් වලකින්න පුළුවන්.

      Delete
  6. හොද ක්‍රමයක් වගේ...

    ReplyDelete
    Replies
    1. මේ වගේ දේවල් දැක්කම මෙතැන බෙදා ගන්නේ කීප දෙනෙක් වත් අත්හදා බලලා අත්දැකීම් එකතු කරයි කියලා. එහෙම කලොත් ඒ කෙනාට බ්ලොග් පොස්ට් එකක් දාන්න මාතෘකාවක් නිකම්ම ලැබෙනවනේ.

      Delete
  7. මධ්‍යසාර බිව්වම් ඉවරනේ.. එතකොට උන් ඩෝප් වෙලා වැටෙනවා..

    ReplyDelete
    Replies
    1. පොඩි එවුන්ට මොකද කරන්නේ ?

      Delete
  8. හෝ හෝ....
    කෝ මල් පැණි....
    තියෙන්නෙ කෂිය පැණි නෙව..
    මට පේන්නෙ ශෂි යගේ කෂියා ප්‍රමෝට් කරල වගේ...
    ඔහැක්...
    තැන්කිව් වේවා...
    මෙහෙ නං මදුරුවො නෑ...
    හිහි

    ReplyDelete
    Replies
    1. ශෂියාට පුළුවන් ඕනේ නම් මේක අවස්ථාවක් කර ගන්න.

      මෙහෙ කිව්වේ කොහෙද ?

      Delete
  9. මිශ්‍ර කරන්න කලින්ම කට්ටිය බොයිද දන්නේ නෑ. මේ වගේ තව ක්‍රම කොයිතරම් තියෙයිද අප්‍රසිද්ධ , ඔය කෙම් ක්‍රම නම් සෑහෙන්න තාමත් භාවිතා වෙනවා නේද ?

    ReplyDelete
  10. හුහ්............ගෙදර ගේන්නලු බොන්න එපාලු. අම්මපා ඔහෙට පිස්සුද? ගෙදර ගෙනාවනම් බොන්නේ නැතුව අහවල් එකක් කොරන්නැයි? ඕන්නං කරාබු නැටි බයිට් එකට ගඤ්ඤං .

    1960 දශකයේ මා මුලින්ම දුටු මදුරු කොයිල් ජපානයේ නිෂ්පාදිත එකක්. එක එක මදුරු කොයිල් එක (දැන් වගේ දෙකක් එකට නෙවෙයි) වෙන වෙනම, වෙළඳ නාමය මුද්‍රිත, සුදුපාට ටිෂූ කොලවල ඔතලා, ලස්සන පෙට්ටියක දමලා, තිබුණේ. හොඳ සුවඳක් තිබුණා.

    ලාඩප්පා වලට නම් කීයක් තියනවද? ගිනිසීරියා, ග්ලිරිසීඩියා, වැටහිර, කණ්ඩි මුරුංගා, තව......

    ReplyDelete
    Replies
    1. මතකද... Mosquito mats ජපන් බ්‍රෑන්ඩ් එකක් තිබුනා නම මතක නැහැ.

      ලාඩප්පා// වැට මාර...

      Delete
    2. වැටමාර........

      ඕක මරු මීයන්ට

      මල් ටිකක් කඩලා යාන්තං අවුවේ තව්මරල අරගන කරවල කෑල්ලක් එක්ක පොඩි කරල කන්ඩ තිබ්බහම පහුවදා උදේට ඉන්නව කුස්සියට වෙලා ......අනේ මට පොල්ලක් අරගන ගහපං කියල .....

      මොනදේටත් වඩා ඔය ලාඩප්ප වටින්නේ ගුටි සාත්තුවට දැත බදල දෙනකොට කරාටි මරාටි ගුජරාටි කාරයොත් දුහන්නේ කකුල් දෙකට වැදල ............ගුටි දෙන්ඩම දෙයියෝ මවාපු පොල්ලක් ..ගහනකොට අපුරුවට නැමිල ගුටිය පිටපුරා ලෑන්ඩ් කරන ..හතරක් පහක් ගහනකොට තුනට හතරට පැලිල එක ගුටිය ඩබල් ටීබල් පෝබල් කරනව

      විචා කාල මාර රසයි

      මම නං කාලත් තියනව දීලත් තියනව

      Delete
    3. ඔය කරාබු නැටියියි බේබි ඔයිලුයි දැම්මම ඇති. සැර ඕන්නං ලාම්පුතෙල් කාලක් දාමු !!

      ඔහොම මද්‍යසාර විසි කොරන එක පව් !!!
      කොහේ ගිහිං නවතීද දන් නෑ. ඕ යේස්.

      Delete
    4. 60 නෙමේ 80 අපි දැක්කෙත් ජපන් ඒව තමා. මුව අං තට්ටුවක් තිබ්බ කවරෙ. ඇතුලෙ ටිෂූ තියල මැදට.

      Delete
    5. ///////හතරක් පහක් ගහනකොට තුනට හතරට පැලිල එක ගුටිය ඩබල් ටීබල් පෝබල් කරනව ///////

      අම්මපා ඔව් අටමෝ...ඊට පස්සේ වදින්නේ පතුරු පාරවල්. අමුවට අමුවේ පතුරු පාරවල් වදිනකොට තියෙන සනීපේ. ඒ මදිවට ඒකෙන් මහ රිලා ගඳකුත් එනවා.

      Delete
    6. @විචාරක තුමා : මාත් හිතන්නේ 80 න් පස්සේ තමයි මදුරු කොයිල් ලංකාවට ආවේ. මොණරා ලකුණ, මුවා ලකුණ ඒවා තිබ්බා. ජපන්ද චීනද කියලා මතක නෑ.

      @අරු : මැට් වල ජපන් බ්‍රෑන්ඩ් එකක් ආවද ? මට නම් මතක මොටීන් සහ බේගෝන්

      @අටමා : ඇත්ටටම සර්පයෝ ඉඳලා දඩයමට ලාඩප්පා භාවිතා වෙනවා. අඩුම පිරිවැයකින් වැවෙන ජාතියක්. මම හිතන්නේ පලිබෝධ නාශකයක් විදියට තේ වතු වලත් වවනවා.

      @පත්තර මල්ලී : මම කිව්වේ ඕක තමයි. මේ බේත හැදුවොත් උඹේ මායියා ඩෙංගු වලින් මැරෙන්නේ.

      @ඉන්දික : මගේ මතකයත් ඕකම තමා.

      @අරු : ලාඩප්පා ලීයේ තියෙන ස්ප්‍රින් ගතිය තමයි හේතුව.

      Delete
    7. 1965 - 66 කාලේ අපේ තාත්තා කොළඹ ගියාම ඔය මදුරු කොයිල් අරගෙන එනවා. පොහ්............හරිම ආඩම්බරෙන් තමයි අපි එව්වා පත්තු කලේ. (දන්නේ නැහැනේ විසයි කියලා)

      Delete
  11. හොඳ ක්‍රමයක් වගේ.
    හැබැයි ඕක බින්දූ කීපයකට වැඩිය ඇඟේ තවරගත්තොත් මධ්‍යසාර හම හරහ විසරනය වෙලා ඩෝප් වෙන්නත් පුලුවං. :D

    ReplyDelete
    Replies
    1. එහෙම නම් කිහිලි වල ගාන්න ඕනේ. දන්නවද කිහිලි ඉතාම පහසුවෙන් අවශෝෂණය කර ගන්නා තැනක් බව ?

      Delete
  12. මරුනෙ සුදීක අයියා. හෙක්!

    ඕක කොහොම හරි අපේ මැරවින් ඇමතිතුමාට දැන්නුවා නම් හරි. මහින්දව ගස් බැදලා හරි ප්‍රචලිත කරයි.! :D

    ReplyDelete
  13. සුධීක අයියා ඔය අරක්කු වලට කරාබු නැටි දාල පොඩි කාලේ බඩේ අමාරු වලට බොන්න දීල නැද්ද? හෙක් හෙක් කාලේ බෝතලෙන් මුදියෙන් ෂොට් එකයි.

    මදුරුවෝ ගැන නම් කියලා වැඩක් නැහැ, එත් අපේ අන්ගෙන් නිකුත් වෙන ගඳ සුවන්දවල් වලටත් උන් ආකර්ෂණය වෙනවා නේද, අර ෆෙරමෝනද මක්කද කියන ඒවා නිසා.

    මොකද අපේ ගෙදර ටී ෂර්ට් එකක් නැතිව ෂොට පිටින් හිටියත් එක මදුරුවෙක්වත් අපිව කන්නේ නැහැ, එත් අම්මව හොයාගෙන ගිහින් කනවා. අපේ අම්ම නිසා සිද්දලේප කාරයාට හෙන බිස්නස්, සිදාලේප ගගා ඉන්නවා මදුරුවන්ට බැන බැන.

    මදුරුවන්ට විසඳුම් වශයෙන් පැඟිරි තෙල් තමා අම්මා ඊළඟට පාවිච්චි කරන්නේ. සේලයින් බට ඇතුලට පැඟිරි තෙල් දාල වළලු වගේ හදලා ඒවා විකුනනවා අපේ ගමේ මදුරු පර්ශ්නෙට. ඒ වැඩෙත් සාර්ථකයි. පහසුවෙන් හදා ගන්නත් පුළුවන්. ඔක්කොටම හේතුව සැර ආග්‍රාහන සුවඳක් ඒම තමයි.

    ReplyDelete
    Replies
    1. මාවත් මදුරුවෝ, මකුණෝ ඉක්මනට හොයා ගන්නවා. ඇඟේ ගල්වන ඒවාට අපි බයයි. මට ඊයේ නිකමට හිතුණා වෙපරයිසරෙන් අපේ ඇඟට කොයි තරම් රසායනික ද්‍රව්‍ය ඇතුලත් වෙනවද කියලා ?

      Delete
    2. ඒයි මොකද මාව කෑවෙ මෝඩ මදුරුවෝ
      මා දූ රූ වෝ මදුරු‍වෝ

      ඒයි මොකද මාව කෑවෙ මෝඩ මදුරුවෝ
      ඒකයි මම නියපොත්තෙන් කෙනිත්තුවේ උඹෙ ඔළුව

      උඹට රිදුන වගේ තමයි මටත් රිදුනෙ ඒ වෙලාවෙ

      උඹට රිදුන වගේ තමයි මටත් රිදුනෙ ඒ වෙලාවෙ
      මෙච්චර කල් ගෙදර ඉඳලා බණ පදයක් අහල නැද්ද?
      අහල නැද්ද බණ පදයක්?

      බොන්න වතුර ළිං වල ඇති
      කන්න අහර තැන තැන ඇති

      බොන්න වතුර ළිං වල ඇති
      කන්න අහර තැන තැන ඇති
      මොකද මගේ ඇඟේ වහලා මේ විදියට වද දෙන්නේ //

      උකුණො මකුණො මදුරුවන්ට විස දළ ඇතිවෙන්න එපා
      මහ විසකුරු දළ තිබුනත් අනුන්ට වද දෙන්න එපා …//

      Delete
  14. ඔන්න හදන් පටන් ගත්තා...මධ්‍යසාර ලීටර් 1/2...
    පො...ඩ්ඩක්ඉට..හන් ඇක්..හැක්..කවුද යකෝ මේකෙන්..ඕක්...භාගයක්..බි..ව්වේ..අරි කමක් නෑ..මගේ අරක්කු මට බොන්.න බැ යිද?
    අරි..ඉලගට ගත්තත...බේබි ඔයිල් බෝ..තලේ...දැම්මා කරාඔු..නැටි එකට..
    කටවහපන්..ගැනියේ...මම දන්න..වද ඒක ලමයාගේ තෙල් බෝතලේ කියලා...
    ඉටපිය උඔගේ දත් දෙකක් ගලවන්න තව ෂෝට් දෙකක් දා..ලා...
    දඩං..බඩං..දඩබස්...අතඇරපන්...යකෝ..මට ඩෝප් නෑ..සලාං...
    අරි අදට මදුරැකොයිල් එකක් ගෙන..ත් බුදියමු..ඕක්...
    සුදි...කයා..ඉන්නවා නේද ..ඌ හොද ඒකා ...කාලේකට පස්ෂේ අරක්කු චුට්ටක් බිව්වා...
    දඩාස්....
    අඩෝ...ගැනියේ උඔ මාව එලියට දාලා දොර වැ..හැව්වට අවුලක් නෑ...මාදු රැ යාුවෝ එක්ක මම එ ලියේ බුදියනවා..
    එහනම් ගුඩ් නයිට් මම වගේම එලියේ බුදියන අටං පත්තරේ සින්දු දේශකයා නලින් කම්මලේ සෙන්නා විදානේ සොමියා ප්‍රියා මචංලා...
    හැක්..හැක්..සුදිකයා හොද එකා..ඕක්..ඕක්

    ReplyDelete
    Replies
    1. කන බොන මනුස්සයාට මදුරුවොත් සලකනවා !!!!

      සුදීකයියට පිංසිද්ධ වෙන්ඩ ලයිෂන් පිට ගැහුවහැකි බාගයක් …

      මෙන්න පෝස්ට් නං පෝස්ට්.. තව දාන්ඩ සුදීකයියේ..

      Delete
    2. දවසක් අම්බානක වැදිලා හිටිය ඇම්ගේ යාලුවෙක් වාහනය එලවන්න තියෙන නිසා රෙඩ්බුල් දෙකක් බිව්වා. එන්න පරක්කු වෙනකොට එයාගේ වයිෆ් කෝල් කරා.මිනිහා කිව්වා සුදීක අයියට වැඩි වෙලා පොඩ්ඩක් ගොඩ දාන්න ගියා කියලා.

      Delete
    3. අයියන්ඩි සමාවෙන්ව ඔිනේ අර වගේ කමන්ටුවක් දැම්මට..විනෝදයට එහම ලිව්වට හැමදාමත් ඔයා මගේ අයියන්ඩි.

      Delete
  15. ඉස්සර අපි කජු ලෙලි පුච්චනවා. මදුරුවෝ පැත්ත පලාතේ එන්නේ නැහැ. සුදීක කියන ක්‍රමය හොඳ ඇති. මොකද ඔය mosquito repellent වල තියෙන්නේ ඊතයිල් හෝ මීතයිල් අඩංගු රසායනයක් කියලා අහලා තියෙනවා.

    සුදීක....මදුරුතලාවලට ඉන්දියන් අය කියන්නේ තුල්සි කියලා. ඒක ඒ අයට පූජනීය පැලෑටියක්. Basil කියන herb එකට ටිකක් මදුරුතලා සමානයි. Basil වගේම මදුරුතලාත් කනවා.

    ReplyDelete
    Replies
    1. තුල්සි වෙනම ප්‍රෙබ්දයක් නෙමෙයිද , ටිකක් ලොකුයි නේද මදුරු තලා වලට වඩා

      Delete
    2. මොන රෙද්දක්ද බං මේ ආප්පේ අප්රියෙල් කියන්නේ , මං ආයේ එන්නැ මේකේ කමෙන්ට් දාන්ඩ ...රෙද්ද

      Delete
    3. ඔය තුල්සි වලින් හදාපු කැස්ස පැණියක් අපේ පොඩි උන්ට දෙන්නෙ මෙහෙ කේරළ ආයුවෙදා.

      Delete
    4. සුධීක, බොහොම හොඳ ඔත්තුවක්. මේක කරල බලල ප්‍රථිඵලය එක්කම දැම්මනම්?

      මොස්කිටෝ රෙපලන්ට් වලට ගන්න සුවඳ ඉටිපන්දම් වගෙම හයි ෆ්‍රීක්වන්සි සවුන්ඩ් ඩිවයිසස් තීනව. ලංකාවෙ ඔච්චර මදුරුවො හිටියත් කොයිල්, වේපරයිස හැර වෙනස් දේ හොයාගන්න නෑ ම්න හයිපර් මාකට් එකේවත්. ඔය ඇඟේ ගාන ජාතිවලිනුත් "නිමෝ" ඇර වෙන මොකක්වත් නෑ. හේතුව ගාන වැඩිකමද,නොදන්නකමද?

      Delete
    5. අටමෝ......මේ දෙකම එකයි මම දන්න විදිහට. හොයලා බලපන්.

      මේ මොකක්ද බන් මේ අප්ප්‍රියෙල් කතාව.....

      Delete
    6. @අරු : ඔව් කජු ලේලිත් හොඳ විසඳුමක් ඒ කාලේ. තුල්සි අපි දැක්කේ ටී.වී. ඒකෙන් හින්දා දෙක එකද කියන්න බෑ. නමුත් මදුරුතලා නම් හොඳ මින්ට් වර්ගයක්. අපි හරි ප්‍රයෝජනයක් නොගත්තට. බැසිල් ලීව් ගැනනම් කියන්න දන්නේ නෑ. අඳු කොලත් තායි කාරයෝ කෑමට දානවා. මම රත්නපුරේදී කෑවා පුදුම රසයි.

      @ඉන්දික : මම අත්හදා බලන්නම්. නමුත් මම ඉන්නේ මදුරු ත්‍රිකෝණයේ නිසා සැර මදි වෙයිද දන්නේ නෑ. මෙහෙම දැම්මේ අමතක වෙන්න කලින්. ඇඟේ ගාන ඒවා නිසා හමට හානි වෙයි කියන බය අපේ කාන්තාවන්ට තියෙනවා. මේකෙත් අතුරු ආබාධ කොහොමද දන්නේ නෑ. මටත් මේකේ පොඩි ගැටළු සහගත තැනක් තියෙනවා. මධ්‍යසාර වලට මොනවද ගන්නේ කියලා ?

      @අරු : ෂුවර් එකටම අටමා මේක හදන්න ගෙනාපු භාගෙට වග කියලා. :)

      Delete
  16. ගෝල්ලිප් 20 පැකට් එකක් ගෙනත් ගේ ඇතුලෙ දෙක තුනක් බීවම මදුරුවො තියා ගෑනිවත් ළඟට එන් නෑ ගඳට :D මදි වාගෙ නං අර බාගෙත් ගැහුවම බඩු බනිස් !!!!

    ReplyDelete
    Replies
    1. හපොයි. දී කිරට බළල්ලුත් සාක්කි කියන්නේ මේවට තමා.

      Delete
  17. මදුරුවො අපේ ගෙදර කිට්ටුව නම් හරිම අඩුයි. වැහි කාලෙට නම් එකෙක් දෙන්නෙක් වගෙ එනව. වැස්ස නැති කාලෙට නම් මිදුලෙ නිදා ගන්න වුනත් පුළුවන් රෑට. ලඳු කැළෑ කිට්ටුව නම් ඉන්නව ටිකක් විතර. මදුරුතලා.... ඒව දැන් අඩුයි. මං පැළයක් ගෙනල්ල හිටවල තියනව ගේ ලඟ. ඔහොම පැළෑටි වර්ග වඳ වෙන්නෙ වතු වලට බෙහෙත් ගහන නිසා වෙන්න ඇති.

    ReplyDelete
  18. දැන් ඇත්තටම මදුරු ගහණයේ අඩුවක් දකින්න නැද්ද ඔය නීති රීති නිසා?

    එක පාරක් අටමත් දාලා තිබ්බා පැඟිරි තෙල් වේපරෛසර් එකකට දාලා මදුරුවෝ පලවා ගන්න හැටි ගැන . ඒක අපි කලා. ප්‍රතිඵල තිබ්බා.

    ReplyDelete
  19. සිය රට දේ සිරි සැප දේ කියන්නෙ මේකට වෙන්න ඇති...කරලම බලන්න ඕනෙ.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...