Sunday, July 13, 2014

වෙළඳ සමාගම වලට ජංගම දුරකථන අංකය ලබා දෙන්නේ බලාගෙනයි....... Be careful when providing your mobile number to Companies

2013 දී රෙඩ්බුල් ආයතනය විසින් සංවිධානය කරන ලද, ලෝක කුසලනා සරසවි ක්‍රිකට් තරගාවලිය ආවරණය කරන්නට මාධ්‍ය හැඳුනුම්පතක් පැළඳ, ප්‍රේමදාස ක්‍රීඩාංගනයෙහි මාධ්‍ය කුටියට පිවිසෙන්නට මටත් වරම් ලැබුණා. එහිදී ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධකම කියන බොහෝ දෙනෙකු සමග නිදහහසේ අදහස් හුවමාරු කරගන්නත් අවස්ථාව එළඹුණා. 
mis use of mobile number sending junk sms
පින්තූරය ගත්තේ : http://www.jatxt.com

මේ මාධ්‍ය කුටිය තුලම ක්‍රිකට් ක්‍රීඩාවට සෘජුව සබඳකම් නොදක්වන පිරිසකුත් වෙනස් ආකාරයක මාධ්‍ය ආවරණයක යෙදී සිටියා. ඒ අතරින් පාකිස්තාන යුවතියක් වූ මාරියා මම සහ නදීර සුහද පිළිසඳරක යෙදී සිටින මොහොතක මගේ ජංගම දුරකථනයට ආ කෙටි පණිවුඩයක් අවසානයේ මා එය අනවශ්‍ය, වෙළඳ ප්‍රවර්ධනය සඳහා එවනු ලැබූවක් බව පවසා සිටියා. ඒ මොහොතේ ඒ පිලිබඳ දීර්ග විග්‍රයහයක නිරත වූ පාකිස්තානු යුවතිය මරියා පවසා සිටියේ  


"ඇයි ඔබ එස්.එම්.එස්. මාකටිං ගැන දන්නේ නැතිද ? පකිස්තානයේ නම් එය ජනප්‍රියම වෙළඳ ප්‍රවර්ධන මාධ්‍යය වී හමාරයි"

යනුවෙනි. ඒ වනවිට එම ගනයේ එස්.එම.එස්. කිහිපයක්ම ලැබෙමින් පැවතියද, අද පවතින තත්වයට කරදරකාරී මටටමකට එය එළැඹේ යයි සිහිනෙකින් වති සිතුණේ නැත. ඒ වනවිට පාකිස්තානයේ දෛනික සාමාන්‍ය කෙටි පණිවුඩ ප්‍රමාණය විසි හයක් බව ඇය පවසා සිටියා.

2013 දී මෙය එතරම් ගැටළුවක් නොවුනද, ඉන් හරියටම අවුරුද්දක් පසු වූ තැනදී මට මෙය මහත් හිසරදයක් වී ඇත. ඔබගේ ජංගම දුරකථන අංකය ඔවුන්ට ලැබෙන්නේ කෙසේද ? මෙය ඉන්පසු ඔබට ඇතිවන ගැටලුවයි, නමුත් මදක් මේ පිලිබඳ කල්පනාවක යෙදුනහොත් එය ලබා දී ඇත්තේද ඔබම බව ඔබට පසක් වනවා ඇත. කෙසේද ? මදක් සිතා බලන්න

ඔඩෙල්, නෝලිමිට්, හමීඩියා, කීල්ස්සුපර්, ආර්පිකෝ, ඩයලොග් සහ කාගීල්ස් ආයතන ඔබට ලොයල්ටි කාඩ් ලබා දෙති. එසේ ලබා දෙන්නට ඔබ පුරවන අයදුම්පතට ඔබ ජංගම දුරකථන අංකය ඇතුලත් කලබව දැන් ඔබට පැහැදිලි වනු ඇත. එසේ ලබාගත් අංක ඔවුන්ගේ දත්ත ගබඩාවල පසුගිය කාලයේ තිබෙන්නට ඇත. නමුත් මේ ප්‍රවර්ධනය ආරම්භ වූ පසුගිය අවුරුද්ද තුල මේවා ක්‍රම-ක්‍රමයෙන් භාවිතා කරන්නට ඔවුන් තීරණය කරන්නට ඇත්තේ, ඒ ආයතන සමග ගනුදෙනු සඳහා ඔබ නිතර නොයන බව වැටහුන පසුවය.

ඔවුන් ඔබගේ අංකය ලබා ගන්නා තවත් ක්‍රමයක් වෙයි. ඒ ඔබගේ බිස්නස් කාඩ්පත දමන්නට තිබෙන මංජුසාවට ඔබ දැමූ කාඩ්පත හරහාය. එවැනි අවස්ථාවක එය දිනුම් ඇදීමක් සඳහා බව ඔවුන් සඳහන් කර තිබීම, මේ සඳහා ඔබ පොළඹවන ප්‍රධාන සාධකයයි. නමුත් පසුව හැල්මේ ඔබට එස්.එම්.එස් පණිවුඩ එම ආයතන වලින් ලැබෙද්දී, ඔබේ සිතට එකවර ඇතිවන  ගැටලුව වන්නේ

" මගේ අංකය ඔවුන් දන්නේ කොහොමද ?" 

යන්නයි. නමුත් එය ඔබම ලබාදුන් එකක් බව මගේ මිතුරන් කිහිප දෙනෙකුට මා පැවසුවද, ඔවුන් එය පිලි ගන්නේ බොහෝ වෙලාවක් තර්ක කිරීමෙන් පසුවය. නමුත් ඔබේ පහසුවට හේතු වන කෙටි පණිවුඩ වර්ග කිහිපයක්ද වෙයි. ඒ ක්‍රෙඩිට් කාඩ් ආයතන, රක්ෂණ සමාගම්, ලීසිං සමාගම් වැනි ඔබ සේවා ලබාගෙන මාසිකව වාරික වශයෙන් ගෙවිය යුතු මුදලක්, හෝ ඔවුන් විසින් වෙනත් ආයතන සමග එක වී ලබා දෙන වට්ටම් පිළිබඳ කරන දැනුම් දීමය. එවැනි ඒවාගෙන නියමිත දිනට පෙර මුදල් ගෙවීම සහ ඔවුන් ලබාදෙන වට්ටම් වලින් අවශ්‍ය ඒවාගෙන ප්‍රයෝජන ගත හැක.

අතීතයේදී පත්‍රිකා බෙදීම, කුඩා පොත්පත් තැපැල් මගින් එවීම වැනි ක්‍රියාවලීන් මගින් ගනුදෙනු කරුවන් ආකර්ෂණය කරගත් මෙම ආයතන, අද තෝරාගෙන තිබෙන්නේ ඉතාම කාර්යක්ෂම මාධ්‍යකි. හේතුව ජංගම දුරකථනයක් නොමැති අයෙක් සොයා ගැනීමට නොහැකි වීමයි. අද ශ්‍රී ලංකාවේ එක් පුද්ගලයෙකු සතුව අඩුම තරමින් සිම්පත් දෙකක් හෝ තුනක් ඇත. මේ බව දන්නා මේ ආයතන මේවාගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගනිති.

මේවා භාවිතා කරන අයගේ භාෂා ඥාණය හොඳින්ම ග්‍රහණය කර ගන්නේ ජංගම දුරකථන සමාගම්ය. ඒ ඔවුන් සවන්දීමට කැමති භාෂාව කුමක්දැයි, සිම්පත ලබාදුන් මොහොතේම දැන ගන්නා නිසාය. ඒ මගින් ඔවුන් එවන පණිවුඩයේ භාශාවද සීරුමාරු කරයි. සිංග්ලිෂ් වලින් ජංගම දුරකථන ආයතන වලින් කෙටි පණිවුඩ සහ සේවා පණිවුඩ ලැබෙන්නේ එසේය.

සමහර ජංගම දුරකථන සමාගම හිඟා කන මට්ටමට පත් වී ඇති බව පවසන්නේ, මට ප්‍රවාහනය සපයන චාමර නමැති ත්‍රී රෝද රථය පදවන පුද්ගලයාය. ඔහු ත්‍රී රෝද රථය පදවන්නේ ඔහුගේ පහසුවටය. ඔහු ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවෙකි. එයට අමතරව යනෙන ගමන් හයර් එකක් දෙකක් කිරීම ඔහුගේ සිරිතයි. ජංගම දුරකථන ආයතන කෙටි පණිවුඩ වලට අමතරව, පටිගත කල ඇමතුම්ද එවීමට මෑතක පටන් ක්‍රියාත්මක වීම ඔහුගේ තැවුලට හේතුවයි. දිනක් ගනුදෙනුකාර සේවා අංකයට අමතා, තමාට අවශ්‍ය ඇමතුම ලබා ගැනීමට පමණක් බවත් මින් පසු කිසිදු වෙළඳ ප්‍රවර්ධන ඇමතුමක් තමාට ලැබුණොත් හොඳ වැඩක් කරන බවට තර්ජනය කල පසු, එසේ ලැබෙන සියළුම ඇමතුම අත්හිටුවා ඇත.

ජංගම දුරකථන ආයතන කරන තවත් පිළිකුල් සහගත ක්‍රියාවක්ද, මාතෘකාවට අදාල නොවුනත් මෙහි සඳහන් කිරීම වටී. විවිධ සේවා ගනුදෙනුකරුවාගේ අනුදැනුමකින් තොරව සතියක හෝ මාසයක කාලයක් සක්‍රීය කර තබා, ඉන් පසු එම සේවාව අවශ්‍ය නම් "ගාස්තු සහ කොන්දේසි සහිතයි" යනුවෙන් සඳහන් කෙටි පණිවුඩයක් ගනුදෙනුකරු වෙත යවයි. නමුත් සියළු ගනුදෙනුකරුවන් මේවා කියවන්නේ නැත. කොටින්ම මමද  කරන්නේ දුරකථන ආයතන වල සියළුම කෙටි පණිවුඩ මකා දැමීමයි. මෙමගින් සිදු වන වරද තේරුම් යන්නේ ඉන්පසු වතාවේ ගිණුම රී-චාර්ජ් කල පසුය. ඔවුන් පළමුවෙන්ම ඔවුන්ගේ ගාස්තු අය කර ගනී.

මෙම ඝණයේ කෙටි පණිවුඩ අයත් වන්නේ Junk හෝ Spam ගනයට වුවත්, ඊ මේල් වල මෙන් අපට ඒවා, එසේ කාණ්ඩ ගත කල නොහැකි වීම අවසානාවන්ත තත්වයකි. මේ කෙටි පණිවුඩ අප වෙත සම්ප්‍රේෂණය කරන දුරකථන සමාගම් ඔවුන්ගේ නමින් අප වෙත එවැනි පණිවුඩ එවන්නේ යම් මුදලක් අදාළ වෙළඳ සමාගම් වලින් අය කර ගනිමින් බව පැහැදිලිය. මේවා Junk  මට්ටමට පත් නොකර, තම ගනුදෙනුකරුට දුරකථන සමාගමත් එපා වන තත්වයට පත් නොකර තබා ගැනීම ඔවුන්ගේ යුතුකමයි.  

75 comments:

  1. බොහොම කලින මාතෘකාවක් සුදීක අයියා..ඇත්තටම මළ වදයක් වෙන තැනටම වැටිලා. ඒ මදිවට ඕකට ජංගමදුරකතන සමාගමෙන් එන එයාලගෙ ප්‍රවර්ධන එස් එම් එස් ටිකත් ආපුවාම දවසකට හොඳටම ඇති. !!!

    ReplyDelete
    Replies
    1. ඔය දුරකථන සමාගම් වලින් එන ඒවා නම්, හිඟා කන මට්ටමේ ඒවා. අපිට ඕනේ නම් අපි ඕන දෙයක් හොයාගෙන යනවා. බලනේ ඇඟේ ගහන ඒවාට කවුද කැමති.

      Delete
  2. ඔව් අප්පා මල වදයක්...

    ReplyDelete
    Replies
    1. 1999 දී මුලින්ම රුපියල් 1000 ක තැන්පතුවක් තියලා තමයි එස්.එම්.එස් ගත්තේ. එතකොට මාසික ගාස්තුව 100ක්. දැන් තියෙන තත්වේ ඒ කාලේ හිතුනා නම් ඒ සල්ලි වලින් කාක්කන්ට ආප්ප අරන් දානවා.

      Delete
  3. අපි පිටරැටියෝ වෙලත් මෙහෙදිත් අපිට ඔය උගුලෙන් ගැලවෙන්න හම්බ වෙලා නෑ .... එනවා නේන්නම් දවසට හත අටක්ම .... ගොඩක් ඒවා මැලේ භාෂාවෙන්ම,.. මොන මල දානයක් කියනවද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් සෝදිසියෙන් බලහං බැරි වෙලා හරි මැලේ කෑල්ලක් මැසේජ් එකක් එවල තිබුනොත්.. හරිනේ වැඩේ..

      Delete
    2. එහෙනම් බය නැතිව මකන එකයි තියෙන්නේ. නමුත් මැසේජ් බලන්න තියෙන උනන්දුවත් නැති වෙන එකනේ වැඩේ.

      Delete
  4. ම්ම්... කාටත් ඉතා වැදගත් ලිපියක්.....
    කෝ...අනේ පුක් බෝල් විස්තර...
    7-1 ඉංද ... මගෙ කෑල්ල .... මේ දවස්වල....සික්.... හෙක්..හෙක්....

    ReplyDelete
    Replies
    1. ඔයා ඉල්ලන විස්තර නම් දෙන්න විදියක් නෑ. :)

      Delete
  5. ඇත්තටම මේක වාතයක්... මම පාවිච්චි කරන්නේ ඔ‍ෆිස් එකෙන් දීපු සිම් එකක්.. ඒක ඊට කලින් පාවිච්චි කරපු එකා උගේ හැම මල ඉලව්වකටම මේ නම්බරේ දීලා.. දවසකට sms පහ හයක්වත් එනවා පොරට රිමයින්ඩර්ස් එන ඒවා.. රක්ෂණ වාරිකය ගෙවල නැහලු, ලීසින් එක ඇරියස්ලු, ණය වාරිකය ගෙවලා නෑලූ... අයින් කර ගන්න විධිහකුත් නෑ.. මළම ඇනෙ..

    සුදීකට අමතක වුනු තව එකක් තියනවා.. ජංගම දුරකතන සමාගම් දැන් රින්ගින් ටෝන් බලෙන් ඇඟේ ගහන්නෙ.. මේ ළඟදී මම කිසිම ඉල්ලීමක් නොකර මට sms එකක් ආවා ඔබ ඉල්ලු අහවල් රින්ගින් ටෝන් එක ස්ථාපනය කර ඇත, මාසික ගාස්තුව මෙච්චරයි.. කියලා.. උන්ට කතා කලාම වටේ යවනවා... තුප්පහි මාර්කටින්....

    ReplyDelete
    Replies
    1. මේ යක්කු මටත් ඔය වැඩේම කරලා. මේවා කරන්නේ පැකේජ් වලට නෙවෙයි. පැකේජ් එක අපිටම මැනේජ් කරන්න පුළුවන්. අනිත් නම්බර් වලට ගන්න අවශ්‍ය නිසා දාගෙන ඉන්න පෙරගෙවුම් පැකේජ් වලට තමයි මේ ප්‍රශ්න තියෙන්නේ. බැලුවම සමාජයේ පහලම ස්ථරයේ ඉන්න මිනිසුන්ගෙන් උන් ගසා කන්නේ.

      Delete
    2. මමත් prepaid postpaid කරගත්තම අවුල ටික අඩු උනා.

      Delete
  6. SMS නං එච්චර අවුලක් නෑ... කෝල් විදියට එන ඒවා තමයි මලම වදේ.. ඇයි ඉතිං රිංග් වෙනවා ඇහිලා බොහොම අමාරුවෙන් බෑග් එකේ හරි පර්ස් එකේ හරි සාක්කුවෙ හරි තියෙන තැනකින් ඕක ඇදල අරං තනි අන්ඩෙන් එල්ලිලා හරි ආමාරුවෙන් ආන්සර් කරනකොට රෙකෝඩ් කරපු මල ඉලව්වක් කියවනකොට යකා වැහෙන්නෙ නැද්ද.. දැං නං නොම්මරේ දැකල දැකලම ඒක ආන්සර් නොකර ඉන්න මතක් වෙනව...

    ReplyDelete
    Replies
    1. එහෙම ඒවා කන්ටැක්ට් වල සේව් කර ගත්තම හරි. හැබැයි අපි කතා කරනකොට යන්නේ කොහෙද - මල්ලේ පොල් වගේ කියවගෙන යනකොට තමයි යකා නගින්නේ.

      Delete
    2. උනුත් කට්ටයි. කෝල් කරනවා එක එක නම්බර් වලින්..

      Delete
    3. ඇයි එළියේ වත්තේ පිටියේ වැඩක් කර කර ඉදලා අත් සෝදලා ගෙට ඇවිත් කෝල් එක ආන්සර් කරාම "හිතවත් පරිභෝගිකය ...." කියලා පටන් ගත්තම පොලවේ ගහන්න හිතෙනවා පෝන් එක...හිහ්

      Delete
  7. එහෙම S M S නම් ආව ... දැන්නේ තේරුනේ කාරණේ අපි ඒක ගැන එච්චර හිතන්නේ නැතිව ඩිලීට් කරන ඒකනේ කරේ.....

    ReplyDelete
    Replies
    1. ඔය කරදර නිසා වැදගත් එකක් ආවත්, බලන්නේ නැති ගානට දැන් වැටිලා තියෙන්නේ.

      Delete
  8. වටින තොරතුරක්. මම හිතුවෙ මේ වගේ දේවල්වලට යොදා ගන්න පුළුවන් අපේ විද්‍යුත් තැපැල් ලිපිනය විතර යි කියලා....

    ReplyDelete
    Replies
    1. ඒකනම් කමක් නෑ. අපිට නොමිලයේ දීපු පහසුකමක් නිසා. මේවා අපි සල්ලි දීලා ඉල්ලගෙන කන ඒවා.

      Delete
  9. පටිගත කල ඇමතුම් නම් ඉස්සර මටත් මොබිටෙල් එකෙන් ආවා. දවසින් දවස ඇමතුම් පැමිණෙන නොම්බරය වෙනස් වන නිසා හදුනාගන්න විදියකුත් නෑ...සමහර වෙලාවට කර කර ඉන්න වැඩේ දාලා දුවගෙන ඇවිත් ඇමතුමට පිලිතුරු දෙද්දි රිගින් ටෝන් වෙලද දැන්වීමක්....

    ReplyDelete
    Replies
    1. #@$@#$ර්‍EWර්‍#$$@% කියලා කිව්වත් උන් දිගටම කියෝනවනෙ..

      Delete
    2. ඕක තමයි බොහෝ දෙනෙකුට ගැටලුව වෙලා තියෙන්නේ බලාගෙන යනකොට. මේ දුරකථන සමාගම් හිඟන තත්වයටම වැටිලා තියෙන්නේ. හුලංටෙල් සේරෝටම වඩා අන්තයි. ඩේටා පැකේජ් වලටත් ඔය රිඟින් ටෝන් හිඟා කෑම එනවා.

      Delete
  10. අපෝ පේන්න බැරි දස වදයක් තමා ඕක නම්.

    ReplyDelete
    Replies
    1. බලාගෙන යනකොට මේක භයානක සමාජ ප්‍රශනයක් නේ.

      Delete
  11. ඇත්තෙන්ම මෙහෙත් ඔය වැඩේ තියෙනවා. එක එයා ලයින් එකක් කෝච්චරවත් sms එවනවා බං රෑ දොළහට අඩුම ගුවන් ගාස්තු කිය කියා. මට කියන්න වචන නෑ බං ඒ වෙලාවට. මමත් කල්පනා කලේ කවුද අපේ ෆෝන් නම්බර්ස් මුන්ට දුන්නේ කියලා. මම හිතුවේ අපේ මිනිස්ට්‍රි එකේ කවුරු හරි උන්ට අපේ ෆෝන් නම්බර්ස් හොරෙන් දෙන්න ඇති කියලයි. මොකද මම උන්ගේ එයාලයින් ඔෆීස් පාවිච්චි කරලම නෑ.

    ReplyDelete
    Replies
    1. හපොයි ඩුඩ්, දැන් ෆෝන් නම්බර්ස් 100000 ක (Full sorted list, by customer nationality, living area, frequency of travel, etc..) ගන්න පුළුවන්ලූ හැම රටකින්ම වගේ ඩොලර් පන්සීයට වගේ.. ඔය ටික කිව්වේ අපේ මාකටිං මැනේජර්.. කෙල්ලක් ඉන්නේ, ඒකි මේ ලඟදි ගෙනාවා සීඩි එකක්, බැලින්නං ෆෝන් නම්බර්ස්. ඒක මට දීල ගියා SMS Gateway එකට අප්ලෝඩ් කරන්න ඕනේ කියල. එවෙලේ තමා වැඩේ තේරුනේ..

      Delete
    2. ඉතිං මොකේදැයි දන් වළඳන්නේ කියන්නේ මේ වගේ ඒවාට තමයි.

      Delete
  12. ඇයි මගෙ කොමෙන්ටුව අයින් කරේ

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ. කෑවැයි?

      Delete
  13. මට සිද්දවෙන වද කීපයක්ම තියෙනවා..

    1. රිගින් ටෝන් අනන් මනන් ගැන කියලා මොබිටෙල් එකෙන් කරන වද.
    2. අන්තර්ජාලෙ ක්‍රෙඩිට් ලිමිට් පනින්න ළඟයි කියලා එටිසලාට එකෙන් කරන විකාර කෝල්.. ඒකෙ කතාකරන්නෙත් අමුතු බාසාවකින්.
    3. අනික මාර්කටින් SMS
    4. මේ දවස්වල මොකෙක්ද හාල් පාරුවෙක් මට රින්ග් කට් ගහනවා. කෝල් කරාට ගන්නෙත් නෑ. එක පාරක කෝල් කරාම කවුද අක්කෙක් ඉන්නවද ඇහුවා? එයා නෙමේ කිව්වට පිළිගන්නෙත් නෑ.. මේ නොම්මරේ දන්න අයත් නැති නිසා ජෝක් එකක් වෙන්නත් බෑ. මූට මොකෝ කරන්නෙ කියලා හිත හිත ඉන්නෙ..

    ReplyDelete
    Replies
    1. 4: පලවෙනි රින්ග් එකේදිම on කරන්න. 20 ක් 30ක් ගිහාම පොරට බිල දැනෙයි. නැතිනම් නොම්බරේ බ්ලොක් කරන්න.

      Delete
    2. දැන් කැමති අංක බ්ලොක් කරන්න ෆෝන් ඒකේම පහසුකම් තියෙනවා.

      Delete
  14. මටත් මේ වගේ ඒවා එනවා. බලලා ඩිලීට් කරනවා. සුදීක මේ සයිබර් යුගය. එක්කෝ අපි මේවත් එක්ක ජීවත් වෙන්න ඕන. එහෙම නැත්නම් කිසිම සබඳතාවක් නැතිව හුදකළා වෙන්න ඕන. ඒ විදියටත් ෆෝන් එක භාවිතා කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. සයිබර් යුගයේ වැදගත්ම ක්‍රියාවලිය ස්පෑමින් කියලද හිතන්නේ ?

      Delete
  15. Halo sudeeka,hunga dawasakin, oyakiyana wage ape ankaya owunlabaganne apenmai mehenam jangamadurakathana samagamwalin eekaradarayanee,owun sms ewanne ape durakathnaye mudalththwaya api wimasuwoth,nethnam,api meraten wenath europaratakata yanawanam owunge wenaswana ayakirim denumdeematai,Namuth sthawara durakathna nummber walata giraw wage thamange sewa ho bhanda promot karanawa.THathparayakata wachana 20kwithara speed.kochchara kiwwath newathath arawidiyami.ethakota.ithin ema ankayata api call aragena thadin kathakarma hari.Ithin adareeta WM final Garmanya ada dinawi,denata daththa sansandanayan walin penne ehemai.namuth kreedawa avinischithi. (Ranjan.düsseldorf.)

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියාම හැමෝටම හරියන්නේ එකම බෙහෙතනේ

      Delete
  16. සහතික ඇත්ත සුදීක අයියා.. මමත් මේ ලඟදි ඇටසලාට් එකට කතා කරලා දෙකක් ඇමතුවා. රුපියල් 50ක් රීලෝඩ් කලාම මම දන්නෙත් නෑ, මුකුත් සර්විසස් ඇක්ටිව් කරලත් නෑ මාසෙන් වගේ 50 ඉවරයි සිම් එක ගලවල පැත්තක දාල තියලත්. ගිහින් ඇහුවම එක එක ඒවා කියවන්න ගත්ත, මම කෝල් සෙන්ටර් කතා කරලා දෙකක් ඇමතුවා. දැන් add එන්නෙත් නෑ සල්ලි කැපෙන්නේත් නෑ.. ඔය සිම් එක තියාගෙන ඉන්නේ මගේ ඔරිජිනල් සිම් එක නිසා විතරයි.. මොබිටෙල් එකටත් හෙට අනිද්දම අමතන්න ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. බැනහන් අගහරුවා.. බැනහන්... පතුරු යන්නම.

      Delete
    2. මට හිතෙන්නේ මේක මංකොල්ලකෑමක් කියලා. අපි ඉල්ලපු නැති සේවාවල් වලට අය කරන්න එයාලට අයිතියක් නෑ.

      Delete
  17. හොද වෙලාවට අපිට නම් ඔය කරදර නෑ..

    ReplyDelete
  18. රක්ෂණ සමාගම් වලට දුරකතන අංකය ගියොත් නම් ඉඳලා ඉවරයි. කාගිල්ස් කීල්ස් වලින් එන ඒවා නම් ප්‍රයෝජනවත් මටනම් එපාකරපු sms එන්නේ hnb එකෙනුයි සිංගර් එකෙනුයි පොමොෂන් ගැන උනත් ප්‍රයෝජනයක් නැහැ ෆිර්ජ් tv අපි සත්පතා ගන්නේ නැහැනේ ඒ වගේම සති අන්තෙට හෝටල් වල නවතින්නෙත් නැහැ නේ.

    ReplyDelete
    Replies
    1. උන්ට ඒවාට වියදම් වෙන ගාන අඩු නිසා ඔහේ අඹ අත්තට ගල් ගහනවා වගේ ගහගෙන යනවා. ආණ්ඩුවට තියෙන්නේ උන්ගෙන් බදු අය කරන්න.

      Delete
  19. මට එන්නෙ මොබිටෙල් එකෙන් විතරයි...
    හිකිස්

    ReplyDelete
    Replies
    1. අර ලස්සන කෙල්ලද කතා කරන්නේ?

      Delete
  20. වැඞක් නෑ කියලා අයියන්ඞි, මරාගෙන කන්න හිතේනවා.

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ගේ කාලය කන එක කොයි තරම් කරුමයක්ද?

      Delete
  21. Pizz hut එකෙන් තමයි මාර වදයක් තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඔය කියන විදියට කෑවොත්, එක්කෝ පාරට වැටෙනවා, නැත්නම් තරබාරුකම වැඩි වෙලා මැරෙනවා.

      Delete
  22. මේව නීති විරෝධී වැඩ. සමහර විට නීතිරීතිත් ඇති මේව සම්බන්ධ නමුත් බොහෝ දෙනෙක් දැනුවත් නෑ. හොඳ මාතෘකාවක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම රාජ්. මේක රාත්‍රියේදී ගෙවල් වල දොරවල් වලට ගහනවා වගේ වැඩක්.

      Delete
  23. අනේ අම්මපා කියන්න එපා ඔය ගැන නම්. මොබිටෙල් එකෙන් මැසේජ් එවනවා එවනවා ඉවරයක් නෑ... ඇමතුවා කෝල් එකක් අරගෙන. ටික දවසක් යනකන් නෑ. පස්සේ අපහු එවනවා. ඔය විදියට තුන්පරක්ම කලා. බැරිම තැන කෝල් සෙන්ටර් මැනාට අරගෙන ජාතිය ඇමතුවා. එතකොට තමා නැවැත්තුවේ. මලම වදයක් ඕක.

    ReplyDelete
    Replies
    1. ජාතියම අමතන්න වෙනවා. නැතිනම තේරෙන්නේ නෑ.

      Delete
  24. බැලුවා ඩිලීට් කෙරුවා,දැනටනම් එහෙම කරදරයක් වෙන තරමටම මැසේජ් ඇවිත් නැහැ.අර උඩින් හිරු එහෙම කියලා තියෙනවා වගේ රෙකෝඩ් කරපු කෝල්ස් එන එක තමයි එපා කරපු වැඩේ.

    ReplyDelete
    Replies
    1. ඒ වුණාට හිතන්න සතියක් ෆෝන් එක ඕෆ් කරලා තියෙන්න වුණා කියලා. ඊට පස්සේ ඔන් කරහම කොහොමද ?

      Delete
  25. මටනම් වාතයක් වෙන තරමටනම් ඇවිල්ල නැ දැනට.හැබැයි බැන්කුවලින් වැඩක් නැති එවත් එනව.

    ReplyDelete
    Replies
    1. එහෙනම් දිගටම ප්‍රවෙසමට අංකය දීපං. කරදරයක් වෙන එකක් නෑ.

      Delete
  26. සුදීක, මේ ගැන මගේ අදහස නම් කෙටි පණිවුඩයක් නම් කමක් නැත යන්නයි. හිතන්න ඔබ දාහක් වැඩ මැද්දේ සිටින විට එන ඇමතුම ගැන? මොන මල කරදරයක්ද කියමින් ඔබ එය ලබාගෙන කනේ තැබූ සැනින් ඇහෙන්නේ ඉලව් දැන්වීමක් නං? ඇත්තට මට ලංකාවේදී ඔය අත්දැකීම ලැබී දුරකථනය පොලවේ ගසන්නට සිත්වුණා..

    දෙවැන්න, අපි ඉන්න අරාබියේ ඔබ කියන තත්වය කෙටි පණිවිඩ හරහා දකින්න පුළුවන්. බොහෝ විටම ඒ මොකක් හෝ වට්ටමක් හෝ සුභපැතුමක්. ඒ නිසා කරදරයක් නෑ කියමු. (නැත්තේ ම නෑ.) නමුත් මෙහි ඇති අනිකුත් දේ තමා, නොදන්නා රටවල් වලින් ලැබෙන දුර ඇමතුම්.. බොහෝ විටම අප්‍රිකානු රටවල්, පකිස්තානය වැනි රටවල් වලින් බොහෝ විටම රාත්‍රී ඇමතුම් ලැබීම මෙහි සිදුවන්නක්. එක්කෝ මිස්ඩ් කෝල් වශයෙන් ඔබට අමතුම ලැබී ඇති හෝ කෙලින්ම අමතන්නා විසින් කතා කරනා මේ ඇමතුම් වලින් කියන්නේ ඔබට රියාල් ලක්ෂ ගණනක දිනුමක් ලැබී ඇති බවත් ඔබට ඒ මුදල ගැනීමට නම් රියාල් සියයක් ඇමතුම ලැබෙන දුරකථනයට රීලෝඩ් කොට ක්‍රමය දැනගන්නා ලෙසත් ය.

    ඔබ බොහෝ දෙනෙක් ට මෙය සිනහවට කරුණක් වුවත් මෙහි බහුතරය සිටින්නේ කම්කරුවන් වැනි අයවළුන් නිසා ඔවුන් මේ උපායන්ට රැවටෙති.

    ReplyDelete
    Replies
    1. ඔහොම කෝල් එකක් අපේ ලගම නෑයෙකුට ඇවිල්ල මල වදයක් වුණා. කොච්චර පැහැදිලි කරලත් පිළිගත්තේ නෑ.. අන්තිමට ඉන්ටර්නෙට් එකේ තියෙන ඔයවගේ සිද්දි ගැන විස්තර පෙන්නලා සැහෙන්න පැහැදිලි කළාම තමයි පිළිගත්තේ.. හෙහ් හෙහ්

      Delete
    2. පව්. අහිංසක කම්කරුවෝ.

      Delete
  27. සම්පුර්ණ ඇත්ත සුදික මේක දැන් ලෙඩක් වෙලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඕක දැනෙන්න තව ටිකක් කල් යනවා. දවසකට 100 වගේ එනකොට තමයි තේරෙන්නේ.

      Delete
  28. කියල වැඩක් නෑ මේක නම් මහ ඇනයක් වෙලාවකට අපි හදිස්සි වැඩක් කරමින් ඉන්න වෙලාවක මේ වෙළඳ දැන්වීම් වලටත් හලෝ කියන්න ගියාම තමයි සුද්ද සිංහල කියවෙන්නේ

    ඊටත් හපන් පටිගතකල දැන්වීම් එව්වාම ඒව අහගෙන ඉන්නත් ඕනෙනේ.

    ඇත්තටම මමත් දැන් තමයි තේරුම්ගත්තේ මේ වෙලඳ දැන්වීම් ක්‍රමය මොකක්ද කියලා

    ReplyDelete
    Replies
    1. හරියටම පෙන්නේ නැති කෙනෙක් කෙලින්ම ෆෝන් එක ආන්සර් කරනවා. එතකොට මේ වගේ ඒවාට සුද්ද සිංහල කියන්නේ නැතිව මොනවා කියන්නද.

      Delete
  29. මේ මාකටින් මෙතඩ් එක ගැන ලියපු එක හරිම වටිනවා.

    බොහෝ අවස්ථාවලදි අපිමයි අපේ අංක නොදැනුවත්කම හරහා හෝ වෙනත් අවශ්‍යතාවලදි ඔවුන්ට ලබා දෙන්නේ. බොහෙඔ වෙළඳ ආයතන අපේ විස්තරයි අඔකයි ලියාගෙන අත්සන් කරන්න කියනවා මිසක් අපි ඒ මොනවටද කියලා හොයන්නේ නෑ. මේ වෙද්දි ප්‍රිවසි වලට ක්‍රොස් කරන්න තිබුනට අර අපේ හදිස්සිය හා වගකීමක් නැතිවීමත් ඔවුන් ලාභ ප්‍රයෝජනයට ගන්නවා. මම නම් දන්න කියන අත්සන් කරන හැමතැනදීම ඔය මගුල් ක්‍රොස් කරලා එනවා. ඒක හින්දා මොබයිල් වලට නම් කරදරයක් නෑ.
    ඒත් ගෙදර ෆෝන් එකට ඔෆීස් ෆෝන් එකට දවසකට එන කෝල්ස් ප්‍රමාණයෙන් සැලකියයුතු ප්‍රමාණයක් ජන්ක්. සමහර වෙලාවට අම්මා මුත්තා මතක් කරලා බැනලත් තියෙනවා. නඩු දානවා කියලාත් තියෙනවා. පැමිණිලි කරලත් තියෙනවා සේවා දායකයන්ට. ඔය කස්ටමර් රයිට්ස් වෙනුවෙන් පෙනී හිටින ආයතනයක් තියෙනවා. ඒකටත් රෙජිස්ටර් වෙන්න ඕනේ. ඔය ඔක්කොම කරන්න ගියාම එපා වෙනවා. ඉස්සර වගේ නෙමෙයි දැන් ෆෝන් ඩිරෙක්ටරි එකක වුනත් ඇපියර් නොවෙන්න අපිට ඉල්ලන්න පුළුවන් වුනාට මේ මාකටින් උගුල් වලින් අපිට ගැලවෙන්න නම් බෑ. රාජකාරි අවශ්‍යතාවයන් වලට දුරකථන භාවිතා කරන අපි වගේ අයට කෝල්ස් මග හරින්නත් බෑ.
    වෙලාවකට මගේ ඉවසීමේ සීමාව ටෙස්ට් කරලාම මට නම් දැන් එපා වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව්. මටත් එහෙමයි. මම කරන්නේ පණිවුඩ නොබලාම ඩිලීට් කරනවා. පටිගත කල ඒවා තත්පරයක්වත් යන්න කලින් කට් කරනවා. ඉස්සර ටී.වී. එකේ යටින් ගිය දැන්වීම් නොබලා ඉන්නත් මම ස්වයංහික්මීමක් ඇති කර ගත්තා.

      Delete
  30. අපෝ ඕක මළ වදයක් සුදීක අයියේ.මං ෆෝන් දෙකක මලේ හච් මල් පැකේජ් එකයි මොබිටෙල් එකයි දාං ඉන්නවා.හච් එක තියෙන්නෙ අම්මටයි තාත්තටයි නෝනගෙ ළගයි විතරයි.එහෙම වෙලත් ඒකට කෝල් අ ටියුන් වලින් ඉවරයක් නැතිව කෝල් එන්න ගත්තා.බස් එකක එහෙම යද්දි ගෙදර අය කියලා එල්ලිලා කොහොමහරි අරන් කනේ තියාගත්තම වැඩකට නැති මගුලක් යනවා.දෙසරයක් කතා කරලා කිව්වා නැවතුනේ නෑ.තුන් වෙනි සැරේ කතාකරලා තොපෙ අම්මලට ශුක..... කියලා දෙකක් කිව්වම නිකංම කරදරේ නැවතුනා

    ReplyDelete
    Replies
    1. එතකොට ත්‍රී මැජිකල් වර්ඩ්ස් වැඩ කළා.

      Delete
  31. ලංකාවේදී නම් ඉතින් මම දෙතුන් පාරක් කියලා කියලා මොබිටෙල් එස් එම එස් එන එක නම් නවතව ගත්තා. දැන් කටාර් වල එන එස් එම එස් වල එවන කිසිම දෙයක් තේරෙන්නේ නැ, ඒ නිසා හැම වෙලේම ඔක්කොම මැසේජ් නොබලාම ඩිලීට් කරනවා..

    ReplyDelete
    Replies
    1. අපිටත් දෙමළ වලින් වත් එව්වා නම් කෙලින්ම මකන්න තිබුණා. මල්ලි දැන් කටාර් වලද ඉන්නේ.

      Delete
  32. පැහැදිලිවම මේ තත්ත්වය හැමෝටම පොදු දෙයක් කියලා පේනවා තියෙන කමෙන්ට් වලින්. සේවා සපයන්නන්ට මාත් කතා කරන්න තමා ඉන්නෙ අද හෙටම...

    ReplyDelete
    Replies
    1. මේකට පිළිතුරු දෙන්න ප්‍රමාද වීම ගැන කනගාටු වෙනවා. කාලිංග ඇතුලත්මුදලි අද ට්විටර් එකේ දාලා තිබුණ සමාන කාරණයක් නිසා යලිත් මේ පොස්ට් එක මදක් ඉදිරියට ආවා. ඒ වෙලාවේ මේක දැක්කේ. තව ටිකක් කල් යනකොට මේ ඇග්රිමන්ට් ලොකු අකුරෙන් මුද්‍රණය කරන්න ලියලා රජය නියෝග කරන්න වෙයි වගේ.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...