දෙදහස් දොලහේ ජනවාරි පළවෙනිදා සිට ආරම්භ කල බ්ලොග් ලිවීම, අකණ්ඩව එකම වේගයකින් පවත්වාගෙන එන්නට හැකි වුවද, පසුගිය මාස දෙකක කාලය තුල ඇතිවූ කාර්‍යබහුලත්වය සමග, බ්ලොග් ලිවීම සහ කියවීම සඳහා වෙන් කළහැකි කාලය ඉතාමත් අල්ප විය. එයට එක් හේතුවක් වූයේ, මා ඒ සඳහා ගතකරන රාත්‍රී දහයත් දොළහත් අතර කාලය තුල පාපන්දු ලෝක කුසලානයේ තරග විකාශණය වීමය. වෙනදා දහවල් කාලයේ බ්ලොග් කිහිපයක් කියවීමට හැකියාව තිබුණද, ජනසතු සේවා ක්‍රිකට් තරගාවලියේ තරග මේ දිනවල පැවැත්වීම නිසා එයට කණ්ඩායම් සහභාගී කරවීම මගේ වගකීම වූ නිසාත්, එම තරගාවලිය www.crickhq.com නමැති වෙබ් අඩවියේ යාවත්කාලීන කිරීම(Admin) මගේ වගකීකම් වූ නිසාත්, එම අවස්තාව මග ඇරිණි. කාලයක පටන් "මට හමු වූ අමුතු චරිත" යන ප්‍රවර්ගයෙන් සටහන් කිහිපයක් තැබීමට බලාපොරොත්තුව සිටියද, එයට අවස්ථාව නොවූයේ, වෙනත් කාලීන මාතෘකා ඔස්සේ ලියන්නට සිදු වූ නිසාය. අද පටන් එය ආරම්භ කිරීමට සිත් වූයේ, කෙසේ හෝ මේ චරිත පිළිබඳ ලියා තැබීම මගේ කුඩා කල සිට තිබූ බලාපොරොත්තුවක් නිසාය.
කෙතා පිළිබඳ මගේ මතකය ඇති වන්නේ, මා බෙන්තොට ගාමිණි මහා විද්‍යාලයේ කනිෂ්ඨ අංශයේ ඉගෙනීම ආරම්භ කල කාලයේ සිටය. කුඩා දරුවන් වශයෙන් අප කෙතාට මහත් බියක් දැක්වීමු. එයට හේතු වූයේ, කෙතා සමාජයේ ජීවත් වන සාමාන්‍ය වැඩිහිටියෙක් නොවූ නිසාය. අප දකින කාලය වනවිටත් ඔහු තිස්ගනනක වයසක පසු වූ බව මගේ විශ්වාසයයි.ඔහුගේ කෘෂ වූ ශරීරයත්, බියකරු පෙනුමත් කිසිදා ඔහු කෙරේ අනුකම්පාවක් ඇති නොකළේය. ඔහු කිසිදිනක උඩුකය ආවරණය කරගෙන සිටිනවා අප දැක නැත. ඔහුව තනිපංගලමේ මුණගැසීමට කුඩා ළමුන් වූ අප සේම වැඩිහිටි කාන්තාවන්ද භිය විය. හේතුව ඔහු ලඟින් ඔහු පසුකර යනවිට ඉතා භියකරු හඬක් නංවා ඉදිරියට එන කෙනා භිය ගැන්වීම කෙතාගේ පුරුද්ද වූ නිසාය. ඔහු මන්ද මානසික තත්වයේ පසු වූයේ යයි කෙනෙකු පැවසුවද, අප පාසල් ප්‍රදේශයට කෙතා පැමිණෙන්නේ වැටුණු පොල්ගෙඩි හෝ පොල් අතු රැගෙන යන්නය.
කෙතා කුඩා කාලයේ ගිරවෙකු මෙන් හොඳින් කතා කළ අයෙකු බවත්, ඔහුගේම පවුලේ කෙනෙකුගේ ඇස්වහ නිසා ගොලුත් නැති, එහෙත් පැහැදිලිව කථා කල නොහැකි, ක්ෂණිකව කේන්ති හට ගන්නා තත්වයකට පත් වී ඇත. එහෙත් කොයි මොහොතේ බැලුවත් රෙදි ගොන්නක් හොදා ගැනීමට අප පාසල අසලින් ගලා යන ලන්දේසි ඇලට හෝ එසේ සෝදා ගත් රෙදි වෙලා ගැනීම සඳහා ඒවා පාසල් පිට්ටනියේ අතුරා පසෙකට බලාගෙන සිටීම ඔහුගේ සිරිතයි. කෙතාගේ හරි නම කුමක්දැයි කිසිවෙකු නොදනී, කෙතා යන නම් පටබැඳීමටද හේතුවක් විය. ඒ ඔහුට "කෙත-කෙත" යනුවෙන් ආමන්ත්‍රණය කලවිට ඇඳ සිටින සරම උස්සා පෙන්වීමේ පුරුද්ද නිසාය. මේ නිසා බොහෝ තරුණ ගැටව් කලේ එසේ පවසා ඔහු කෝපයට පත් කිරීමයි. සමහරුන්ට එය මහත් කරදරයක් විය. ඒ කෙල්ලන් දුටු විට ආරාධනයකින් තොරවම එසේ තම නිරුවත පෙන්වීමයි. සමහරෙක් ඔහුගේ රහස් ප්‍රදේශයේ කහඹිලියා ගෑ කථාද අසන්නට ලැබුණි. එකල අපටද එය ආශ්වාදජනක පුවතක් වුවද, බොහෝ කාරුණික පුද්ගලයන්ගේ දැනුවත් කිරීමෙන් පසු ඔහු ගැන අනුකම්පාවක් ඇති විය.
අප පහේ ශිෂ්‍යත්වයට මුහුණ දුන් කාලයේ, අපගේ පන්ති භාර ගුරුපියාණන් වූ රත්නසේන මහතා අපට නොමිලයේම අමතර පන්ති පැවැත්වීය. එක් අප්‍රේල් නිවාඩුවක එසේ පවත්වන පන්තියට අප පැමිණියෙමු. කෙතා ජීවත් වූ කහඹිලියා කන්ද හන්දියෙන් පිටාරඹ නමැති සංචාරක හොටල අසලට දිවෙන පාරේම ජීවත්වන අප පන්තියේම කොලුවෙකු වූ ලක්ෂ්මන් පැවසූවේ, තමා සහ මානෙල් පිටුපසින් කෙතා පන්නාගෙන ආ බවත්, ඔවුන් දෙදෙනා බේරුණේ අනුනාවයෙන් බවත්ය. මෙයි කෝපයට පත් අප කෙතා සොයා මෙහෙයුමක් දියත් කළෙමු. පාසල් භූමිය මාධ්‍යයෙන් ගලා යන ලන්දේසි ඇලට උඩින් දමා ඇති කොන්ක්‍රීට් පාලම පසුකොට පිට්ටනිය දෙසට ගමන් කරනු කෙනෙකු දැක තිබුණි. වහා ක්‍රියාත්මක වූ දහයක් දොළහක් වූ අප පිරිසි එදෙසට ගමන් කළෙමු. පොල් ගෙඩියක් එක් අතකින් එල්ලාගෙන කෙතා පාසැල් පිට්ටනියේ මුල්ලකට වන්නට එල් හැඩයට පිටා තිබූ ගොඩනැගිලි දෙක අසල විය. අප සියලු දෙනා අතට අහු වූ පහර දිය හැකි කිසිවකින් සන්නද්ධ වූහ. තවත් මොහොතකින් ඔහු සිටින තැනට මීටර් පහ හයක් ඈතින් නතර වූයෙමු. එහෙත් කෙතා අප දුටුවේ නැත, ඔහු සිටින්නේ අපට පිටුපාය. අප අතර සිටින කටකාර කොලුවා වූ විජිත කෙත - කෙත යනුවෙන් මොර දුන් විට ආපසු හැරී පොල් ගෙඩිය බිම දමා, දෑතින්ම සරම් ඉහලට ඔසවා අපට ආචාර කළේය. ඉන්පසි අපගේ ප්‍රහාරය දියත් වුවද, කෙතා සරම පහත හෙළුවේ නැත. එකදිගට ඔහු වියරු භාෂාවකින් මොනවාදේ මොර දෙයි. අප අතර සිටින තරමක් එඩිතර ඩග්ලස්, විජිත, ලාලන්, කපිල වැනි අය අසල තිබූ මද වැලකින් මඩ රැගෙන ඔහුට පහර දෙන්නට විය. එම මඩ ඔහුගේ රහස් ප්‍රදේශය ඉලක්ක කර එල්ල විය. මොහොතකින් එම ප්‍රදේශය මඩ වලින් වැසී ගියේය. කෙතාගේ දෑසින් කඳුළු ගලා එනු මා ප්‍රථම වතාවට දුටිමි. කෘෂ ශරීරය සහ ගිලී ගිය ඇස, නහරවැල් පෑදුනු තට්ට හිස සහිත පිටසක්වල ජීවියෙක් බඳු පුද්ගලයා අසරණ තත්වයකට පත් වී ඇත. මේ අතර අපකරා දිව ආවේ අපේ පන්තියේ කෙල්ලකු වූ චම්පාය. "අන්න සර් පන්ති පටන් ගන්න කථා කරනවා" යන පණිවුඩය ලැබීමත් සමග අප සියලු දෙනා ඇය පසුපසින් පන්තියට දිව්වෙමු.
එම වර්ෂයෙන් පසු පන්තියේ බොහෝ දෙනෙකු ඇතුළුව මමද, ගමේ පාසලට ආයුබෝවන් කියූ නිසා කෙතා යලි මට මුණ ගැසුණේ සවස ක්‍රිකට් පුහුණුවීම් සඳහා යන අතරය. මා යන මාර්ගයේ ඔහු මුණගැසුනොත් අසල නිවසක වත්තකට දිව යන මා, නැවතත් ඔහු මා පසුකර ගියවිට හැල්මේ ක්‍රීඩාංගනයට දිව යන්නේය. එවිට මගේ හෘදස්පන්දනය ඉතා ඉහළ යයි. අව්වක්, වැස්සක්, හුළඟක් නොබලා තමන්ගේ ගමනේ යන කෙතාගේ ඥාති සහෝදරයෙකු වූ ගොළුවාද ඔහුටම ආවේණික භාෂාවක් දක්වමින් ඉඳහිට අප අසලින් ගමන් ගත්තද, කෙතාමෙන් කේන්ති ගන්නා අයෙකු නොවීය. දෙදෙනා එකවර මුණ ගැසුණේ නැත්ත ඔවුන් දෙදෙනා ඒ තත්වයට පත් කර ඇත්තේ ඔවුන්ගේ දේපල ලියා ගැනීමට බවත්, කෙතාගේ පරිවර්තනය නිසා ඒ සොවින් ඔහුගේ දෙමාපියන් මිය පරලොව ගොස් ඇතිබවත් අසන්නට ලැබිණි.
සමාජයේ කොතෙකුත් මෙවැනි අඩුපාඩු සහිත පුද්ගලයන් අපට මුණ ගැසෙයි. කුඩාකල නොතේරුම් කමට මෙවැනි දෙයකට ඉදිරිපත් වුවද, ඉන් පසුව මා තරයේ එවැනි ක්‍රියා වලට විරුද්ධ වී ඇත්තෙමි.

මම පොඞි කාලේ හිටියා බන්ඞයියා කියලා කෙනෙක් භාෂා තුනම චතුර ලෙස කථා කරන ඔහු තාත්තා සමග ඉංග්‍රිසි කථා කරන අයුරැ දුටු තාත්තගේ කාර්යාලයේ ඉහල නිලධාරියෙකු ද මවිත වු බව තාත්තා කියලා තියනවා. බන්ඞයියා කරේ දර පලන එක. අම්මලා බන්ඞයියාගේ නම කියලා අපිව බය කරාට කවදාවත් ඔහු අපිට නරක වචනයක්වත් කියලා නෑ. අපිව දැක්කාහම පොඞි මහත්තයා කියලා කහට බැදුන දත් දෙපෙල පෙන්නලා හිනා වෙනවා. ඒ වුනාට අපේ ගැන්සිය කරේම ඔහුට අරියාදු. දැන් ඒ ගැන ඇතිවෙන්නේ ලොකු කනගාටුවක්. බන්ඞයියා හොද පවුලක හොද අධයාපනයක් ලැබු අයෙකු බවත් නැදයන් විසින් කරන ලද කොඞිවිනයක් නිසා එසේ වි ඇති බවත් අම්මා කියලා තියනවා.
ReplyDeleteගමකට මේ වගේ කෙනෙක් ඉන්නවා සංජීව. අපේ ගමේ මේ වගේ ගොඩ දෙනෙක් හිටියා. මේ වගේ මිනිසුන්ට සමාජයේ අනුකම්පාව ලැබෙන්න ඕන වුනත්, ලැබෙන්නේ ගැරහුම් සහ අඩම්තේට්ටම්.
Deleteකුරුමිටි ඇළ ලන්දේසි ඇළ වුනේ කොහොමෙයි ?
Deleteමම දන්නා තරමින් මේකට විශේෂ නමක් තිබුණේ නෑ. කුරුමිටිගොඩ පාලම කියලා කියනවා, දොපේ තියෙන පාලමට. සමහරවිට ඒ හරියේ අය ඇලට එහෙම කියනවා ඇති. බොහොම සතුටුයි ගමේ කෙනෙක් හමු වුණු එක.
Deleteමේ වගේ මිනිස්සු ගමෙත් නගරයේත් මුන ගැහිලා තියනවා සුදීක.සමහර අය අවසානයේ නවතින්නේ පන්සල්වල.
ReplyDeleteඔව්. බොහොමයක් මේ වගේ චරිත වලට නිසි අනුකම්පාවක් ලැබෙන්නේ පන්සල් වලින් තමා.
Deleteඅපි දොතේරුම් කාල වල නොතේරුම් කමට එහෙමකලාට දැන්නං ඒව වතක් වෙද්දිත් එන්නෙ ලැජ්ජාවක් වගෙම කණගාටුවක්...
ReplyDeleteඊටත් දැං අපි ලොකු හන්ද ඒවගේ දේවල් වලට විරුද්ධ වෙන්න පුලුවං නෙව...
ඒත් පොඩි වුං උනුත් අපි පොඩි දවස් වල වගේමයි
ළමා කාලය මෙහෙමයි. ඒ කාලේ වැඩිහිටියොත් මේවට සම්බන්ධ වුණා. එයාලා අපිට හරි දේ කිව්වා නම මෙහෙම වෙන එකක් නෑ.
Deleteඅපෙත් හිටියා මානෙල් පිස්සා කියලා මනුස්සයෙක්.. මානෙල් කියපු ගමන් සරම උස්සලා ජාතිය අමතනවා..පුංචි පුංචි අරියාදු නොකරා නෙමෙයි කොලු නඩේ එක්ක. එත් හිරිහැරයක් කලේ නම් නෑ..අද වගේ නම් කීයටවත්ම කරන්නේ නෑ එහෙම.. පස්සෙ කාලෙක මැරිලා ඉඳලා බස් හෝල්ට් එකක.. පව් !!!!!
ReplyDeleteෂුවර් එකටම මානෙල්ගේ සම්බන්ධයක් ඇති.
Deleteමානෙල් පිස්ස ද? කියන්නෙ ගෝණ ද? නාමල් පිස්ස ද?
Deleteකොහෙද පත්තර මල්ලි ඉන්නෙ/හිටියෙ?
අකිල මචෝ … ඔය කියන කාලෙ මං හිටියෙ අනුරාධපුරේ .. සෑහෙන කල් පුරේ හිටියා මං.. උඹ දන්නවද ඒ මනුස්සයව. හරි පව් බං. සරං තුනක් විතර ඇඳං ඉන්නේ .
Deleteපව්....
ReplyDeleteහැමෝම ඔහොම හිතුවේ නෑ.
Deleteඔය වගේ මිනිස්සු ,හැම ගමකම එකෙක් හරි ඉන්නවා ,ඔය ඉස්කෝලේ ලඟට ඇවිත් සරම උස්සන පොරක් අපේ ඉස්කෝලේ ලඟත් හිටියා. මිනිහ නම් ලව් එක කඩාකප්පල් වීම නිසා එහෙම වෙච්ච කෙනක්
ReplyDeleteඇත්තටම. මට මතක් වුණේ පාරේ අත පය තුවාල කරගෙන රම්බෝ විදියට රඟපාන තරුණයෙක්.
Delete//මිනිහ නම් ලව් එක කඩාකප්පල් වීම නිසා එහෙම වෙච්ච කෙනක්//
Deleteඔව් ඔව් ට්‍රෙල් කාරයෙක් මිනිහගෙ ලවට ගෙම දීල
පල යන්න ටයර් වෙදා :P
Deleteසුදිකට කාලෙකින් බ්ලෝග මතක් වෙලා තියෙන්නේ .........:P
ReplyDeleteසමාජයේ කොතෙකුත් මෙවැනි අඩුපාඩු සහිත පුද්ගලයන් අපට මුණ ගැසෙයි.
එකනම් ඇත්ත..... බ්ලොග් ලෝකෙම කොච්චර ඉන්නවද
අනේ ඔව්.
Deleteසුදීක කාලෙකින් දැක්කේ නැත්තේ ඇයි කියලා දැනගෙන හිටියා. පෝස්ට් කීපයක් මග ඇරුනා බ්ලොග් රෝලේ පේන්නේ පැය ගානකට පස්සේ හන්දා. අදත් පස්සට ගිහින් තිබුණේ.
ReplyDeleteකෙතා වගේ චරිත ගැන කියවනකොට දුක හිතෙනවා. මානසික ආබාධ තියෙන මේ වගේ මිනිස්සුන්ට ප්රතිකාර නොකිරීම හන්දා මෙහෙම වෙලා ඇතිනේද?
ඒ කාලේ මානසික රෝග වලට ප්‍රතිකාර කිරීම පිලිබඳ කාටවත් දැනුමක් තිබුනේ නෑ.
Deleteසමහර මිනිස්සුන්ගේ ජීවිත වල අපි නොහිතන පැතිකඩ මේ වගේම දුක හිතෙන එකක් වෙන් පුළුවන්.. ඒත් ඉතින් ඒවට කියලා කරන්න දේකුත් නැහැනේ..
ReplyDeleteඔවුන් දිහා උපේක්ෂාවෙන් බලනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ.
Deleteහැමතැනම ඔය වගේ කීපදෙනෙක් හරි හම්බවෙනවා. පව් අහිංසක මිනිස්සු.
ReplyDeleteමේ වගේ මිනිස්සු නම් හැමතැනම වගේ ඉන්නවා. ඒ වගේම ඒ මිනිසුන්ට තරහා යන මොකක් හරි වචනයකුත් තියෙනවා. මට නම් ඒ කාලෙ ඉඳන්ම එහෙම විහිළු කිරීම හොඳ නැති වැඩක් විදිහටයි දැක්කෙ. අනික් අය විහිළු කරද්දි මම නිකම් ඔහේ බලා හිටියා පව් මේ මිනිස්සු කියලා හිතලා. හැබැයි ඒ මිනිසුන්ට බය ගතිය නම් තිබ්බා. මොකද සමහර එවුන් එහෙම කගහද්දි අතට අහුවෙන එක විසි කරනවානෙ හතර වටේටම..
ReplyDeleteපපුවට මාර බරක් දැනුනා සුදික. අපිත් පොඩි කාලෙ ගමේ හිටපු ඔය වගේ ආතල් වලට එක එක නං කියලා, කුණුහරප අහලා තියෙනවා. දැන් නං ඒ වගේ අය දැක්කහම හිනා වෙලා, වචනයක් මොනව හරි කතා කරලා යනවා.
ReplyDeleteප්යවගෙ අය හැමතැනම ඉන්නව.පවු
ReplyDeleteකාලයක් ගම්පහ ටවුන් එකෙත් හිටියා ඔය වගේම විහිළු නමක් කිව්වම ගවුම උස්සලා පෙන්වන සිගන කාන්තාවක්...ඇය එලෙස හැසිරෙන විට නගරයේ ඒ අවට සිටින කාන්තාවන් ඉතාම අපහසුවෙන් අහක බලාගෙන ගිය ආකාරයත් මට මතකයි.
ReplyDeleteකුඩා කාලයේ ඉදලම මා නම් මෙවැනි චරිත වලට උපහාස කර නෑ.. එවැනි අය දුටු විට මගේ හිතට ඇතිවනේනෙ හරිම සංවේගයක්. බොලා උන්දැට වටකරගෙන ගැහුවා කියන තැනදි මට සෑහෙන්න දුක හිතුනා. පව් අසරණයා.
දුක හිතෙන කතාවක් සුදීකයියෙ..අපෙ ගමේ ඉන්නව මාම කෙනෙක් එච්එස්සී විබාගෙත් පාස් වෙලාලු ඉන්නෙ....ලව් කේස් එකක් හිංදා දැන් පිස්සු වගේ...වැඩිය කතා බහ කරන්නෑ....අදින්නෙ අවුරුද්දටම එකම සරමයි...ඒකත් කැහැපොට ගහගෙන යන්නෙ උපරිමයෙන් උඩට දාගෙන වෘෂණ කෝස දෙකත් පෙන්නගෙන....හැබැයි ඉතිං අම්ම අප්ප ආවත් එහෙමම තමා
ReplyDeleteAluthgamastation ekai ground ekai awatath oyawage manussayek hitiya MATIN kiyala.kawruhari MATIN kiwwama "badagini" kiyanawa Automatick wage. hebai badaginnata nowei!!! Sudeeka "Dunkalawaththa paalama"kiyanneth yathramulla paare thiyana palamatamada? (Ranjan-düsseldorf)
ReplyDeleteපස්සේ කලෙක හරි කරපු වරද තේරුම් ගත්ත එක ලොකු දෙයක්නේ.මොකද තවමත් ඉන්නවා තමන් පොඩි කාලේ නොදැනුවත්ව කරපු වැරදි දැන,දැන කරන අය ඕනේ තරම්.
ReplyDeleteමේ වගේ චරිත කයි ගමෙත් ඉන්නවා. මට මතකයි අපේ අම්මලගේ තරුණ කාලෙත් ගමපහ බස් ස්ටෑන්ඩ් එකේ හිටියලු බන්දුල පිස්සා කියලා කෙනෙක්. මිනිහට නියමෙට පුලුවන්ලු ලව් ලෙටර්ස් ලියලා දෙන්න.
ReplyDeleteසුදීකගේ මෙ පොස්ට් එක කියෙව්වාම මට මතක් වුනේ පරණ සිද්ධියක්... මේ ගැන බ්ලොග් පෝස්ට් එකක් ලියන්න හිතුනත් ඒක කවදා කෙරෙයිද කියලා විශ්වාස නැති හින්දා මෙතනම දාන්නම් කියලා හිතුනා..
ReplyDeleteකලින් මම වැඩ කරපු කම්පැණියෙන් BMICH එකේ තිවුන ප්‍රදර්ශනයකට ස්ටෝල් එකක් දැම්මා.. ඕකෙදී හැන්ඩ් බිල් වගයක් බෙදන්න අවශ්‍යය වුනා... මගේ මැනේජර කිව්වා එවෙලෙම කාව හරි හොයාගෙන එන්න එන්ටරන්ස් එක ගාවට වෙලා ඒ ටික බෙදලා දාන්න කියලා... මම හැම තැනම කෙනෙක් හෙව්වා හදිසියට හොයාගන්න නැහැ... අපේ ඔෆිස් එක හරියේ හිටියා මම ගොළු ළමයෙක්මි කියලා බෝඩ් එකක් එල්ලගෙන හිඟන මනුස්සයෙක්... ළමයෙක්මි කිව්වට හෙන වයසයි... යන එන ගමන් කෑම එහෙම දීලා මෙයා අපි එක්ක පොඩ්ඩක් යාළුවෙලා හිටියේ...
හෑන්ඩ්බිල් බෙදන්න කුඩුකාරයෙක්වත් හොයාගන්න බැරුව එපාවෙලා ආපහු ඔෆිස් එකට එද්දී මෙයා ඉන්නවා අපේ බ්ලිඩින් එක ඉස්සරහා වාඩිවෙලා... මැනේජර් කිව්වා ගේන මනුස්සයාට දවසට එක්දාස් පන්සීය ගානේ දවස් දෙකට තුන්දාහක් පොරොන්දු වෙන්න කියලා... මේ මනුස්සයාට ලොකු මුදලක්නේ ඒක.. මම හිතුවා මේක මේ මනුස්සයට දෙන්න පුළුවන්නම් හොඳයි නේද කියලා... බිල්ඩින් එකේ සෙකියුරිටි අන්කල්වත් අඬගහගෙන මෙයාව ඔෆිස් එකේ බාත්රූම් එකට එක්කගෙන ගිහින් නෑව්වා...රැවුලත් කැපුවා... අපේ ඔෆිස් එකේ හිටියා සේල්ස් කරපු බුවෙක්... ඌ පාට් ටයිම් ක්ලබ් වල ඩී.ජේ. කලා... ඌ හවස ඕෆ් වෙලා ඔෆිස් එකෙන්ම නාලා එහෙම ඇඳුම් මාරු කරගෙන ක්ලබ් යනවා.. ඒ වැඩේට උගේ ඇඳුම් කීපයක්ම ඔෆිස් එකේ තියලා තියෙනවා... බලද්දී ගොළු ළමයට හරියටම සයිස්... එතනම තිබුණ ජිම් එකක වැඩකරන ගෑල්ලමයෙකුගෙන් සපත්තු දෙකකුත් ඉල්ල ගත්තා... කලු ටී ෂර්ට් එකක් ඇඳලා ස්පෝර්ට්ස් ෂූස් දාලා ගත්තම මූ නිකං ශාංරුක් කාන් වගේ ආවා...
ඊට පස්සේ BMICH එක්කගෙන හියා.. හැමදාම උදේ හවස ඌව දකින අපේ ඔෆිස් එකේ එකෙකුටවත් හවස මම කියනකල්ම මේ කවුද කියලා අඳුනන්න බැරුව ගියා... මට මාර බයක් තිබ්බා මූ වැඩේ හරියට කරයිද කියලා... ලස්සනට කලා... කොච්චර වගකීමෙන් ඌ ඒක කලාද කිව්වොත් දවස් දෙකේම බිල් එක දවසෙන් බෙදලා ඉවර කලා... හවස තමයි මම මැනේජර්ට බුවා කවුද කියලා කිව්වේ... ඌත් කතාව අහලා හොඳටම හිනාවෙලා දවස් දෙකේම සල්ලි මූට දුන්නා... වැඩේ ඉවරයි කියලත් අතින් පයින් කිව්වා...
මම හිතුවේ එතනින් සිද්ධිය ඉවරයි කියලා... පහුවදා උදේ අපි එද්දී තව කිට් එකක් පිළිවෙලකට ඇඳලා මූ ඉන්නවා ගේට් එක ගාව හිනාවේවී...මට මාර දුක හිතුනා... ඇත්තටම ඌට සල්ලි නෙමේ ඕනේ උනේ... මම හිතන්නේ ඌට ඕනේ උනේ ඌත් සමාජෙට මොකක් හරි වැඩක් කරන එකෙක් කියලා පෙන්නන්න... ඊට පස්සේ ආයෙත් මම දැක්කා චාටර් වෙලා ඉන්නවා...දැන් මැරිලද දන්නෙත් නෑ... :(