Tuesday, July 1, 2014

ආහ් ! මට බ්ලොග් එකකුත් තියෙනවා නේද ? ...... Ah ! I have a blog too ?

ah ! ideas ආහ් ! අදහස්
පින්තූරය ගත්තේ : http://valeriekhoo.com
වෙලාවකට මට හිතෙනවා මට බ්ලොග් ලිවිල්ල ඇති වෙලා කියලා. ලියන්න බොහෝ මාතෘකා තිබුණත්, ඒවා අමතක වෙලා යන්නේ හිරු දුටු පිනි වගේ. සමහර ඒවා අමතකම වෙලා යනවා. මම වරක් එක්තරා ධනාත්මක චින්තන වැඩසටහනකට සහභාගී වුණු වෙලාවක ලැබුණු එක් හොඳ උපදේශයක් තමයි මම මේ පැහැර හැරලා තියෙන්නේ කියලා මට තේරුම් ගියේ මේ වගේ ලියන්න හොඳ මාතෘකා සිය ගණනක් අමතක වෙලා ගියාට පස්සේ. මෙහෙම දේවල් අමතක වෙන්න එක ප්‍රධාන හේතුවක් තමයි ඔබේ කාර්‍යබහුලකම. මේ දවස් වල පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයේ තරග නරඹලා මුළු දවසම නිදිබරව ඉන්න වෙලා තිබෙන එකත් එක හේතුවක්. මොනවා වුණත් ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවා ගන්න බෑ කියන කියමන තවත් වරක් සනාථ කරපු දෙයක් තමයි වුණේ.


අපේ සමහර බ්ලොග් කරුවෝ කියන දෙයක් තමයි එයාලා පුළුවන් වෙලාවට ලියලා ඒවා පසුව පබ්ලිෂ් කරනවා කියන එක. මට කරන්නම බැරි වැඩක් තමයි ඒක. මොකද මම එහෙම සැලසුම් කරලා ලිපි ලියන කෙනෙක් නොවන නිසා. මම කරන්නේ එක දිගට ටයිප් කරගෙන ගිහින් පබ්ලිෂ් කරලා දාන එක. සමහර සටහන් වල වැරදි කියවන ඔබ පෙන්වා දුන් අවස්ථා එමටයි. තවත් කෙනෙක් කියන්න පුළුවන් මේ මාතෘකා ටික විතරක් ඩ්‍රාෆ්ට් විදියට තියලා පසුව ඒවා ලියන්න. ඒකත් එක විදියකට හොඳයි. මම මේ කියන්න යන ක්‍රමයත් අන්න ඒ වගේ.

මේ විදියට හිතේ එක පාරටම පහළ වෙන අදහස වලට කියන්නේ "අහ් - අදහස්" කියලා. සිංහලෙන් මේක කිව්වට එච්චර ගතියක් නෑ වගේ "Ah ! Ideas" කියලා තමයි ශුද්ධ ඉංග්‍රීසියෙන් කියන්නේ. ඉතිං මේ වගේ අදහස් පහළ වෙනකොට ඔබ ඉන්නේ දුම්රියේ හෝ බස් රථයේ හිටගෙන වෙන්න පුළුවන්. නැතිනම් උදෑසන ඇහැරිලා ඇඳේ වැතිරිලා නිදි මත යනකම් සිටින පුංචි කාලයේ වෙන්න පුළුවන්. මේ වගේ අදහස් හැම තිස්සෙම ඇති වෙන්නේ නෑ.

එක් එක්කෙනාට වෙනස් වෙලාවල් වල මේවා ඇති වෙන්නේ. නමුත් පිළිගත්තා වෙලාව තමයි ඔබ නින්දෙන් අවධි වී,  ඇඳෙන් බැස ටිකක් එහා මෙහා පොඩි සක්මනක(කලුවරේම) යන අතරේදී මේවා ඇති වෙනවා කියන එක. මෙහෙම ඇති වෙන්නේ එක දවසකට එක අදහසක් කියන එක තමයි පිළිගැනීම. මෙහෙම ඇති වෙන අදහස් සටහන් කර තබා ගන්න ඔබ ළඟ තිබෙන්න ඕනේ කුඩා සටහන් පොතක්. දැන් අපේ අය අතින් ලියන්න බොහොම කම්මැලි බලව මම දන්නවා. ඉතිං තමන්ගේ ස්මාර්ට් ෆෝන් එක අරගෙන, එහෙමත් නැත්නම් ටැබ්ලට් එක අරගෙන කැමති විදියකට එහි සටහන් කර ගන්න. හැබැයි මගේ නම් වැඩි විශ්වාසයක් තියෙන්නේ කඩදාසිය ගැන තමයි. සමහරුන්ට මේ අදහස් එන්නේ උදේ ශරීරකෘත්‍ය සිදු කරන වෙලාවට කියලත් කියනවා. එතකොට කොයින්ද නෝට් පෑඩ් ? හැබැයි එතනින් පිට වුනු ගමන්ම සටහන්
කර ගන්නත් පුළුවන්. ඒත් ස්මාර්ට් ෆෝන් වගේ උපකරණ දැන් නාන කාමරයට ගෙනයන්න පුරුදු වූ අයත් ඉන්නවනේ.
ඇයි මේවට Ah ! Ideas කියන්නේ. ඇත්තටම මේවා ඇති වෙන ක්ෂණික ස්වභාවය නිසා තමයි මෙහෙම කියන්නේ. අපි හොය-හොය ඉන්න දෙයක් ගැන අදහසක් ඇති වුණොත්, අපේ කටින් ආහ් ! කියලා පිට වෙන්නේ නිතැතින්. මේකට භාෂාවේ ප්‍රශ්නයක් නෑ. කුමන භාෂාවක් හසුරුවන කෙනෙකුට වුණත් මේ වගේ අලුත් අදහසක් ඇතිවුණොත් පිට වෙන්නේ ඔය වචනේ තමයි.

මේ වගේ අදහස් ගලන එකත් හැමෝටම වෙන්නේ නෑ. එහෙම වෙන අය තමන් ගාව නිතර සටහන් පොතක් තබා  ගන්න එක වටිනවා. මොකද අදහස ආපු තැනදීම ලියා ගන්න. මේක බ්ලොග් ලිවිල්ලටම සීමා වුණු දෙයකුත් නෙවෙයි. තමන්ට කැමති ඕනෑම මාතෘකාවකට අයිති දේවල් මෙහෙම සටහන් කර ගන්න පුළුවන්. මේ අදහස මුලින්ම දැන ගන්න පුළුවන් වෙච්ච කාලේ නම් මමත් ඒ වගේ පිටුවක් පවත්වාගෙන ගියා. දැන් ආයෙත් එහෙම එකක් කරන්න කාලේ කියලා හිතෙනවා. 

තව දෙයක්, මෙහෙම හිතට එන අදහස් ඔක්කොම ලියලා අන්තිමට පොතක් පුරවන්න අදහස් තිබුණත්, එකක් වත් ක්‍රියාත්මක කලේ නැත්නම් ඉතිං වැඩක් නෑ. මට තේරෙන විදියට මෙහෙම උදේට අදහස් ගලාගෙන එන්නේ, ඔබ නින්දෙන් අවධි වෙන විට, ඔබේ මනස නිරවුල් නිසා. මේ වගේ අලුත් අදහස් ඇති වෙන්න මනසට විවේකයක් අවශ්‍යයි. 

66 comments:

  1. හොඳ අදහසක් සුදීක අයියා..

    ReplyDelete
    Replies
    1. මම වගේම පත්තරෙත් මේ ටිකේ වැඩි සද්දයක් නෑ නේද ?

      Delete
    2. හෙ හෙ .. දන් නැද්ද සුදීක අයියා ඉතිං .. :D

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. //මෙහෙම උදේට අදහස් ගලාගෙන එන්නේ, ඔබ නින්දෙන් අවධි වෙන විට, ඔබේ මනස නිරවුල් නිසා.//

      තව හේතු නිසාත් අලුත් අදහස් එනව නේද PM?
      හැබැයි ඉතින් උදේ නෙමෙයි!
      චියර්ස් !

      Delete
    5. මොනවද මේ කතා ප්‍රා ජේ .. අදහස් එනවා පොත් හතක් ලියන්ඩ.. ඕව කීවම මුං කියනවනේ බං බීල දොඩවනවා කියලා . හුකෑස් :D

      Delete
  2. අමතකවීම නම් එන්න එන්නම තව තවත් දරුණුවීමට නියමිතයි. සටහන් තබා ගත්තත්පසුව ඒවා බලන්නත් අමතකවෙනවා.

    ReplyDelete
  3. සැලසුම් කරලා ලියනවා කියන එකයි. අහ් අයිඩියාස් බ්ලොග් එකේ ලියන එකයි කියන්නේ දෙකක්. අහ් අයිඩියාස් බ්ලොග් එකේ හරි කොහේ හරි සටහන්කර ගත්තම. පස්සේ පුළුවන් ආරළු බීරළු එකතු කරලා හදාගන්න. මම නම් ඔය කෙම දෙකටම ලියනවා. නමුත් සැලසුම් කරලා ලියන දේ රහයි.

    ReplyDelete
    Replies
    1. \\ නමුත් සැලසුම් කරලා ලියන දේ රහයි.\\
      වෙච්ච දෙයක්, හරි වෙන මොකක් හරි ලියනවට වඩා සැලසුම් කරන එක අමාරුයි. ඒ වගේම නිදහසත් තියෙනවා කැමති අතකට බැලන්ස් කරන්න.

      Delete
  4. තමන්ට පේන හීන ගැන මතක තියෙන විදියට ලියල තියාගෙන ටික කාලයක් ගිහින් බලපුවහම තමන් ගේ ජිවිතේ ඇත්තටම කරන්න ඕනේ දේ ගැන අදහස් ගන්න පුළුවන් කියල මට කෙනෙක් කිව්වා..

    ඔය ආහ් ! අදහස් කතාව නම් හෙන ඇත්ත. හිටපු ගමන් හෙන සිරා අදහස් එනවා. හැබැයි ටික වෙලාවකින් ඒවා ඔහේ යටපත් වෙලා යනවා.. ලියන්න මතක් වෙන්නෙත් නෑ නේ.. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. මේක බ්ලොග් වලටම සීමා කර ගන්න ඕනේ නෑ. ගෙදරට, රාජකාරියේදී අවශ්‍ය දෙයකට වුණත් යොදා ගන්න පුළුවන්. අදහස් එනකොට එන්නේ මේක බ්ලොග් එකට, මේක ගෙදරට, මේක ඔෆිස් එකට කියලා නෙවෙයිනේ.

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. දුම්වැටියක් බොනකොටත් මටනම් හොද අදහස් එනවා. වැඞ හිරවෙලා ඉන්නකෙට වලියක් දාගත්ත වෙලාවට ෂියට් එකක් බිව්වාහම පොඞි මානසික උත්තේඡනයක් තියනවා. (දැන් සරං කරට අරන් වලියට එන්න එපා, එහම වුනොත් නලින් අටමා වලියට කැදවනවා)

    ReplyDelete
    Replies
    1. මම දකින්න අකමැතිම දසුනක් තමයි තේ කඩවල මිනිස්සු වාඩි වෙලා බොහොම ආතල් එකේ සිගරට් බොන එක :) දැන් බැලුවම එයාලා අයිඩියාස් ගන්නයි එහෙම කරන්නේ. අනේ හොඳයි.

      Delete
    2. මම දැන් සිගරට් බොන්නේ නෑ. ගඳ උහුලන්නත් බෑ. නමුත් මමත් අත්දැකීමෙන් දන්නවා සිගරට් බොන කාලේ සිගරට් වලින් හිතන්න උත්තේජනයක් ලැබුන බවට. මත්පැනුත් ඒ වගේ තමයි.

      Delete
    3. මම දැන් සිගරට් බොන්නේ නෑ. ගඳ උහුලන්නත් බෑ. නමුත් මමත් අත්දැකීමෙන් දන්නවා සිගරට් බොන කාලේ සිගරට් වලින් හිතන්න උත්තේජනයක් ලැබුන බවට. මත්පැනුත් ඒ වගේ තමයි.

      Delete
    4. මම දැන් සිගරට් බොන්නේ නෑ. ගඳ උහුලන්නත් බෑ. නමුත් මමත් අත්දැකීමෙන් දන්නවා සිගරට් බොන කාලේ සිගරට් වලින් හිතන්න උත්තේජනයක් ලැබුන බවට. මත්පැනුත් ඒ වගේ තමයි.

      Delete
    5. ප්‍රශ්නයක් උනොත් කියන්න අපි වහාම එතැන ඇති මෙන්ඩිස් මලයා.

      Delete
    6. මමත් අත්දැකීමෙන් දන්නවා සිගරට් බොන කාලේ සිගරට් වලින් හිතන්න උත්තේජනයක් ලැබුන බවට.//// හරිටට හරි ඇයි මලක් ඔයිට වැඩි කවි සිතුවිලි

      Delete
    7. අපේ මිනිස්සු සන්දානගත වෙන්නේ මේ වගේ ඒවාට තමයි.

      Delete
    8. අනේ...අනේ..ඔය ඉතින් වලි ඔිට්ටු නෑ. මම කිව්වනේ මෙික මගේ අදහසක් විතරයි.
      හෙන්රි අයියන්ඞි සිගරට් නරකයි කියලා මම දන්නවා ඒත් මම උත්තේඡනයක් ලබනවා.
      සහෝදර මට මලකින් උත්තේඡනයක් නෑ ඒ් අනිත් අයගේ ආතල් කඞන්නෙත් නෑ.

      Delete
    9. අනේ මෙන්ඩි ... හෙන්රිය කියන්නෙ සිගරට් ඉවර වෙයි ,,,,ලෝකෙ කියල උරපු හාදයෙක්... හෙක්... හෙක්..

      Delete
    10. //මම දැන් සිගරට් බොන්නේ නෑ// කියලා ඩුඩ් අයියා සිගරට් එකක් ඇද,ඇදද මන්දා එකම කමෙන්ට් එක තුන් පාරක්ම කෙටුවේ....:D

      Delete
    11. //මම දැන් සිගරට් බොන්නේ නෑ// කියලා ඩුඩ් අයියා සිගරට් එකක් ඇද,ඇදද මන්දා එකම කමෙන්ට් එක තුන් පාරක්ම කෙටුවේ....:D :D

      Delete
    12. //මම දැන් සිගරට් බොන්නේ නෑ// කියලා ඩුඩ් අයියා සිගරට් එකක් ඇද,ඇදද මන්දා එකම කමෙන්ට් එක තුන් පාරක්ම කෙටුවේ....:D

      Delete
    13. මම නලීන් මෙන්ඩිය සහෝදර සමඟ කොන්දේසි විරහිතව එකඟයි. ඕ යේස් !!!!
      ඕඅ වලියකට මාත් එනවා ඒ වෙනුවෙං !!

      Delete
    14. මේ සිගරැට් කමෙන්ට් කියවද්දී මට පුංචි සිද්ධියක් මතක් වුනා,.. මේ ළඟදි දවසක මම වෘත්තීයමය සිගරැට් බොන්නෙකුගෙන් ඇහුවා ඔයා බීලා තියෙන හොඳම සිගරැට් ජාතිය මොකද්ද කියලා... ඇත්තටම මම ඒ ප්‍රශ්නෙ ඇහුවේ අවඥාවට... "හොඳ සිගරැට්" කියලා ජාතියක් ලෝකේ තියෙන්න විදියක් නැති හින්දා... ඒත් ඌ මට දුන්න උත්තරේට ගොඩක් වෙනස් එකක්...

      ඌව මේලඟදී අපේ ඔපීසියෙන් එක්තරා ප්‍රොජෙක්ට් එක හිරවෙලා තියෙන වෙලාවක ඒක ගොඩදාන්න යැව්වා... ඒ වැඩේ ඌ සාර්ථකව ඉවර කල බව දැනගෙන උන්නා මිසක් කොහොමද කලේ කියන එක මම දැනගෙන හිටියේ නෑ... ඌ මට පැහැදිලි කල දේ කෙටියෙන් කිව්වොත් පුරා දින දෙක හමාරක් හෝටලයට වත් නොයා කස්ටමර් සයිට් එකේම වැඩ කරලා තමයි ඒක ගොඩ දාලා තියෙන්නේ... අවසාන ටෙස්ට් රිසල්ට් එක සාර්ථක වුනාට පස්සේ මූ බැල්කනියට ගිහින් සිගරැට් එකක් පත්තු කර ගත්තාලු... "අන්න ඒක තමයි මචං ලෝකේ හොඳම සිගරැට් ජාතිය..." අන්තිමට ඌ කිව්වා...

      සිගරැට් වර්ග කරන්න පුළුවන් ඩන්හිල් ගෝල්ඩ් ලිෆ් වගේ වෙළඳ නාම වලින් විතරක් නෙමේ කියලා මට තෙරුනේ එතකොටයි...

      Delete
    15. බිටල් දාපන් පහක් එල ඈ.. ඇත්ත කථාව.
      පත්තර මල්ලි ගාතාවක් අහලා තියනවද? සිගරට්ටුවෙි ඇති රසයත් එහි ඇති ගුනයත් බොන උතුමානේ මිස නොබන #@%^& දනිද?
      මනෝඡ් උඔත් මලක් ගහලාද එකම කමන්ටුව තුන් පාරක් කොටන්නේ?
      කෙන්ඡි අයියන්ඞි යාලු වෙලා ඉන්න කාලේ ගැනි කිව්වා මමද ෂියට්ද කියලා තෝර ගන්න කියලා මම කිව්වා හරි මම සිගරට් තෝර ගත්තා ඔයා යන්න කියලා.

      Delete
    16. බීට්ල් .. පට්ට කතාව බං !!! +++++++++++++++++++++

      Delete
    17. බීටා.....සිගරට් උරන එක හොඳ වැඩක් නෙමේ කියලා මාත් කොන්දේසි විරහිතව පිලිගන්නවා. හැබැයි දැණ දැණ වැරදි කරනවා. ඒ තමාටම නිසා හිත හදාගන්නවා. ඒ එක්කම කියන්න හැදුවේ... මගෙන් එකෙක් ඔය උඩ ප්‍රශ්නෙම ඇහුවා බ්‍රෑන්ඩ්ස් ගැන. මම කිව්වේ....පැකට් එක ඉවරවෙලා..කඩත් වහලා තියෙන අවස්ථාවක..කවුරු හරි දෙන බීඩියත් හොඳම බ්‍රෑන්ඩ් එකක් කියලා. මම බීටා සිගරට් වැඩිපුර උරන්නේ බොන වෙලාවට. නැත්නම් අඩුයි.
      හැබැයි සිගරට් උරන වෙලාවල් වැඩියි :D

      ආ.....මොකක්ද බන් වෘත්තිමය සිගරට් බොන්නෙක් කියන්නේ. ඌ සිගරට් බොන්නේ රස්සාවටද :D

      Delete
    18. මම වැඩිය හිතලා නෙමේ ඒ වචනේ පාවිච්චි කලේ හැබැයි දැන් බලද්දී ඌට ගැලපෙන්නෙම ඒක තමයි.. මම දන්න විදියට ඌ සිගරැට් බොන්නේ ඔෆිස් වෙලාවේ විතරයි,,, :D එකපාරක් හාට් එකේ මොනා හරි අවුලක් වෙලා සර්ජරි එකක් කලා.. ඒ හින්දා ගෙදර ගියාම වෆිෆ් සිගරැට් බොන්න දෙන්නේ නෑ...

      Delete
    19. ඔය සිගරට් එකෙන් බ්‍රේක් එක ගන්න කලාවට තමයි මැලේසියාවෙ ඉන්න බහුතරයක් චීන්නුත් පුරුදු වෙලා ඉන්නෙ. උන් වැඩක යෙදී ඉද්දි කොතැනක හරි හිර උනොත් සිගරට් දුමෙන් පෙණහළු පිරුනාම එතැනින් ගැලවිලා යන්න පොටක් පාදා ගන්නවා.

      Delete
  7. Replies
    1. මම ඉස්සර මගේ ඩයරියේ මේ වගේ පිටුවක් වෙන් කරලා තිබුණා. ළඟදීත් පොඩි නොට් පොතක් තිබ්බා. ආයි පටන් ගන්න ඕනේ.

      Delete
  8. අහ් වෙනුවට හුටා හොද නැද්ද...

    ඒක නෙවී සුදික අය්ය මේ මුල ඉදන් ෆිෆා වලට යූස් කොරාපු පුට්බෝල් ගැන විස්තරයක් කොහෙදි හරි මම දැක්ක.. මට ඒක ලියන්න පුූලවන් ඒත් සුදික අය්යපටන් ගත්ත වැඩේනෙ මොකද ඒ ගැන ආටිකල් එකක් ලියමුකො

    ReplyDelete
    Replies
    1. වරදක් නෑ. වචනේ නෙවෙයි වැදගත්, කරන වැඩේ. ප්‍රයෝජනයක් ගන්නවා නම් ඒකයි වැදගත්.
      මම ඔය ගැන කලින් ලිව්වා. මෙන්න මෙතනින් බලන්න
      පාපන්දුව ඇත්තටම රවුම්ද ?

      Delete
  9. කදිම උවදෙසක් සූදික... ඇත්තටම එහෙම කරගන්නවනං හොද ලිපි ටිකක අදහස් සටහන් කරගන්න හැකියි.

    ReplyDelete
    Replies
    1. අපි හැමෝටම මේක වෙනවා.

      Delete
  10. කමෙන්ට් අතුරුදන් වෙනවා මොකද බලන්න සුදික

    ReplyDelete
  11. ඇත්ත කතාව සුදීක.......

    මොකද මටත් තියෙනවා සුදීකට තියෙන ඔය කැත පුරුද්ද. මටත් කලින් ලියලා තියාගෙන ඉදලා දාන්න බෑ.. එක පාරම නිව් පෝස්ට් ගිහින් ටයිප් කරන එක තමයි කැමතිම ක්‍රමය. ඒක බ්ලොග් වලට විතරක් නෙමෙයි සුදීක පසුගිය කාලයේ විෂයබද්ධ පොත් කිහිපයක් ලියුවා ඒවත් එහෙම තමයි. කරුණු කටුවට කොළවල ලියාගෙන හිටියට පොත ලියන්නේ එකපාරම ටයිප් කරන විදිහට..... ඒක දැන් පුරුදු වෙලා... නමුත් ආහ් අදහස් ගැන ඔබේ කියමනටනම් මං සීයට පන්සීයක් එකගයි. එහෙම එන අදහස් අති සාර්ථකයි...................

    ReplyDelete
    Replies
    1. මම කලින් ලියපු කිහිපයක්ම ඩ්රාෆ්ට් වල තියෙනවා. වැඩේ තියෙන්නේ ඒ රිදම් එකට දැන් එන්නේ නෑ. එක්කෝ භාෂාව වෙනස්. ඒ වෙලාවට මුල ඉඳලා එඩිට් කරනවා.

      Delete
  12. ඒහෙමවත් කරල බලමුකෝ...

    ReplyDelete
  13. //අන්තිමට පොතක් පුරවන්න අදහස් තිබුණත්, එකක් වත් ක්‍රියාත්මක කලේ නැත්නම් ඉතිං වැඩක් නෑ.// wedak nethi unata vennema okane :-))

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒත් මම බ්ලොග් පටන් ගත්ත මුල් කාලේ මේ ක්‍රමය භාවිතා කළා.

      Delete
  14. /////අපේ සමහර බ්ලොග් කරුවෝ කියන දෙයක් තමයි එයාලා පුළුවන් වෙලාවට ලියලා ඒවා පසුව පබ්ලිෂ් කරනවා කියන එක. මට කරන්නම බැරි වැඩක් තමයි ඒක. මොකද මම එහෙම සැලසුම් කරලා ලිපි ලියන කෙනෙක් නොවන නිසා. මම කරන්නේ එක දිගට ටයිප් කරගෙන ගිහින් පබ්ලිෂ් කරලා දාන එක///////

    /////හැබැයි මගේ නම් වැඩි විශ්වාසයක් තියෙන්නේ කඩදාසිය ගැන තමයි. /////

    ඔය කියන රෝග ලක්ෂන දෙකම මටත් තියෙනවා. සුදීක කියන ක්‍රමය අත්හදා බලන්න ඕන. ඊට පස්සේ ඒක තවත් රෝග ලක්ෂනයක් වෙයිද දන්නේ නැහැ. කොහොම වුනත් බ්ලොග් ලිවීමම රෝගයක් තමයි. ඒකෙන් ටික දවසක් ඈත්වෙලා ඉන්න කොට තමයි, ඒක රෝගයක් බව වැටහෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මට නම් තියෙන්නේ සිලිකන් මෙමරියේ හෝ මැග්නටික් මෙමරියේ තියෙන අස්ථාවර භාවය දන්නා නිසා, කඩදාසිය විශ්වාස කිරීම.

      එතකොට අපි දෙන්නම එකම වාට්ටුවේ.

      Delete
  15. මෙහෙම දෙයක් නම් තියනවා.. ඇතැම්විටක යම් ගැටළුවකට මුහුණදෙමින් ඉන්නකොට ඒ ගැටළුව විසඳෙන්නේ නැතිනම් නින්දට ගියාම නින්දේ දී බොහෝ විටම ඒ ගැටළුවට විසඳුම් ලබාගන්නා අය. බෝහොකොටම මේ දේ වෙන්නේ නින්දෙන් අවදිවන වෙලාව ආසන්නයේ. ඒ කියන්නේ මතකයට නගාගන්න හැකි වෙලාවක. ඒ විදියට ගැටළු විසඳපු කම්පියුටර් ප්‍රෝග්‍රෑමර්ස්ලා කීප දෙනෙක් මම දන්නවා.

    ReplyDelete
    Replies
    1. මගේ අමමා ගණිත ගැටළු ඒ ආකාරයෙන් විසඳූ බව පවසා තිබෙනවා. නින්දෙන් ලැබෙන විසඳුම් මතක තිබුණොත් වාසනාව.

      Delete
  16. මට තියන ප්‍රශ්නේ ඔලුවේ තියන ඔක්කොම ලියාගන්න බැරි එකයි. ඒ මදිවට විවිධ ඊ බුක් ගොඩක් මම එකතු කරගෙන ඉන්නවා කරුණු හොයන්න. ඒ ඔස්සේ ලිපි සිය ගණනක් ලියන්න කරුණු තියනවා. මම සාමාන්‍යයෙන් ලිපි අටක් විතර පෝලිමේ තියාගෙන සංස්කරණය කරනවා. 2013 මැද පටන් ගත්ත ලිපියක් තවම ඉවර කරලා නැහැ. මට බොහෝවිට හිතෙන්නේ මේ ලිපියේ ප්‍රමිතිය මදි කියන හැඟීමයි. ඒ නිසයි හෙමින් ලියන්නේ.

    ReplyDelete
  17. කිව්වත් වගේ ඔය කියපු ah ! Ideas එකපාරටම ඔලුවට ඇවිල්ල ටිකකින් අමතක වෙලා යන වෙලාවල් එමටයි. මොකො අපි ඒවා ලියල තියෙන එකක් යැ. මේ ක්‍රමෙත් ට්‍රයි කරලා බලන්න ඕන.

    ReplyDelete
  18. අහ් මේක මම කරන වැඩක්.හැබැයි වැඩේට මට එකම පොතක් කියලා නැහැ,අහුවෙන,අහුවෙන ඒවායේ ලියනවා.දැන් ලියාපු ඒවා තැන්,තැන් වල.ඒවා හොයන්න වෙනම මෙහෙයුමක් කරන්න වෙනවා.

    ReplyDelete
  19. බ්ලොග් පොස්ට් වලට විතරක් නෙමේ ඇත්තටම මෙ වැඩේ එදිනෙදා ගොඩක් දේට ප්‍රායෝගික දෙයක්... සටහන් පොතක් නැතුව ස්මාට් ෆෝන් වලට මාරු වෙනවානම් යන එන ගමන් වොයිස් ක්ලිප් එකක් විදියට ගබඩා කරගන්නත් පුළුවන්...

    සුදීක මේ වැඩේ කරගන්න පුලුවන් හොඳ ඇප් එකක් දාලා නැති නිසා... මේ වැඩේට හුඟදෙනෙක් හොඳයි කියන ඇප් එකක් තමයි මේ එවර්නෝට් කියන්නේ...

    මම කලක පටන් පාවිච්චි කරන්න පුරුදෙවෙලා ඉන්නවා මේ කැච් අයිඩියා කියන එක... අවාසනාවකට ඒ කම්පැණියෙන් මේක තවදුරටත් බෙදාහරින්නේ නෑ මම හිතන්නේ...

    ReplyDelete
  20. මට නම් ලියන්න අදහස් කතා මතක් වෙන්නෙම වැඩ කරන වෙලාවට එහෙම නැත්නම් බයික් එකේ යද්දී දකින මොකක් හරි දෙයක් හන්දා.. ඔය හුඟක් ඒවා ගෙදර එද්දී මතක තියෙන්නේ ඉතින් භාගෙට තමයි..

    ReplyDelete
  21. මේ අදහස් කටු සටහන් ,පොත් පිංචක කුරුටු ගාලා තියාගන්න එක මං කොච්චර කල් කලාද කියනවනම් පොත් අට්ටියක් විතර තියෙනවා.(කම්පුයුටරේ අස්සේ තියෙන එ්වා ඇර)

    මිට අමතරව “සිහින පොත“ක් කියලා එකක් පවත්වගෙන ගියා/යනවා.මේකේ තියෙන්නේ කරන්න ආස දේවල්.‍‍ටෙ ඉස්කෝලේ ඇරිලා එනගමන් කඩල කනවා.වැවේ මාලුන්ට කෑම දානවා.වගේ පොඩි දේවල් ඉදන්,
    ආසා වුනාට කවදාවත් ප්‍රාතිහාර්යයක් වුනොත් මිසක් ඉස්ට කරගන්න බැරි වෙයි කියලා හිතින් මටම හිනා වෙවි ලියපු /ලියන දේවලුත් තියෙනවා.කවුරු හරි දැක්කොත් පිස්සන් කොටුවට දක්කන දේවල් තමා වැඩිම.එ් නිසා මම ලියන්න පාවිච්චි කරන්නේ සංකේත බාසාවක්.

    ඇතැම් දේවල් චිත්‍ර විදියට අදිනවා.
    උදාහරනෙකට කියනවනම් ඉස්සර නයිට් රයිඩර් බලද්දි,ලංකාවේ එ් වගේ පාරක යනවා කියන්නේ විහිලුවක් වගේ(කඩේ යනවා නෙමෙයි).

    මේ වැඩේ සාර්ථකයි.
    අනික මොන බාධක ආවත් ,වැටුනත් වුවමනා තැනට යන්න මේ ලිවිල්ල ධෛර්ය දෙනවා කියලා මම විස්වාස කරනවා.

    ReplyDelete
  22. මටත් ලියන්න නම් එකවර බෑ ස්ටඩි කරන්න ඕනෙ සැලසුමක් හදාගන්න ඕනෙ. ඊට අදාල තොරතුරු සපයාගන්න ඕනෙ. කෙටුම්පතක් අතින් ලියන්න ඕනෙ ඊටපස්සෙ තමයි ටයිප් කරන වැඩේ.

    ඇත්තටම මේක කාලයත් එක්ක කරන ගනුදෙනුවක් ඒනිසා හිසට වෙහෙසක් ආවාම නිකම්ම කම්මැලි හිතෙනවා.

    මොනව වුනත් සුදික අපුරු වටිනා අදහස් ටිකක් ලියන කියන අයට දීල තියෙනවා

    ReplyDelete
  23. ඕක වත් කරලා බලමු...!

    ReplyDelete
  24. මමත් එකපාරම ලියලා පබ්ලිශ් කරලා දානවා එහෙම වුනත් ඩ්‍රැෆ් ගොඩේ දැනටත් බාගෙට ලියපු කතා සැහෙන තියෙනවා,හැබැයි එහෙම එක පාරම ලියලා දැම්මාම අඩුපාඩු සැහෙන තියෙනවා මගේ නම් ,කරුණු හොයන් මහන්සි වෙලා හර බර කතා මං නම් ලියන්න වැඩි කැමැත්තක් නැති තරම් ,

    ReplyDelete
  25. //""වෙලාවකට මට හිතෙනවා මට බ්ලොග් ලිවිල්ල ඇති වෙලා කියලා""// අයියෝද කියන්නේ මටත් දැන් දැන් ඕකම හිතිලා තියෙනවා අප්පා

    ReplyDelete
  26. මටත් ඔය ටිකටික ලිවිල්ලනම් හරියන්නෙ නැ.

    ReplyDelete
  27. කෝ බොල කමෙන්ට් එක ? මොකක්ද කලේ ඒකට?

    ReplyDelete
  28. ඒක හරි සුදීක අයියේ.. අමතක වීමමත් නෙවේ, මට නම් වෙන්නේ මේකයි. ලියන්න හිතෙන වෙලාවට ඩේටා නෑ.. ඩේටා තියන වෙලාවට ලියන්න දෙයක් නෑ.. මම ඉතින් එම් බී 100න් සතිය දුවන එකා නේ..

    ReplyDelete
  29. මම ඒත් නිකමට හිතුවා මේ දවස් වල ඇවිද්ද පය නොලියවෙන්නෙ පාපන්දුව නිසා කියලා...ලංකාවට අමු පාන්දර නේද මැච් පෙන්වන්නෙ.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...