මේ බෝලෙත් රවුම්....... |
පහුගිය සයිබර් මෙගා බීච් පාටියේදී මඩ ප්‍රහාර වැදුන අයගෙන්, සුදීක ඉදිරියෙන්ම ඉන්නවා. එහෙම ඉතිං මඩ ගහන්නෙත් ලේසි පහසු අයට නෙවෙයිනේ. ඒ නිසා මට සතුටු වෙන්න පුළුවන්. නමුත් ඒ ඡායාරුප අතරින් රන්දුනු යසරංග දාපු මෙන්න මේ ඉහලින් තියෙන ඡායාරූපයට මම හරිම කැමතියි. මේකට යොදලා තියෙන මාතෘකාවටත් ඒ වගේම කැමතියි. හේතුව තමයි මගේ ක්‍රිකට් වලට වගේම පාපන්දුවටත් තියෙන ඇල්ම. බොහොම දෙනෙක් බලන්න ඇති මහේල ජයවර්ධනත් එකම බංකුවේ ඉඳ වර්ල්ඩ් කප් නැරඹුවෙමි සටහන. මම ක්‍රිකට් වගේම සමානව පාපන්දුත් ක්‍රීඩා කරා.
ඇත්තටම මේ බෝල රවුම්ද ? මේකට උත්තරේ නෑ කියන්නත් පුළුවන්, ඔව් කියන්නත් පුළුවන්. හේතුව තමයි දැන් තියෙන බෝල බොහෝ දුරට රවුම් වීම. නමුත් 100% නෙවෙයි. අතීතයේදී හදපු බෝල නම් එක එක හැඩයේ ඒවා. බලන්න මේ පින්තුරේ තියෙන එක.
මම මුලින්ම ක්‍රීඩා කරපු පාපන්දුවත් මෙන්න මේක වගේ එකක්. එකේ සපත්තුවකට වගේ ලේස් දාලා ගැටගහන ආරේ එකක්. මේක මුලින්ම භාවිතා කරලා තියෙන්නේ 1930 දී විතර. නමුත් පාපන්දු ඒ හැටි දියුණු නැති ශ්‍රී ලංකාවේ අසූවදශකයේ මුල් කාලයේත් මේ වගේ බෝල තිබුණා. අපිට මුලින්ම මේ වගේ එකක් අරන් ආවේ බන්දු අංකල්. බ්ලොග් පොස්ට් එකක් ලියන්න තරම් කරුණු තියෙන කෙනෙක් තමයි බන්දු අංකල්. එයා එක්සයිස් දෙපාර්තමේන්තුවේ තමයි වැඩ කරේ. හැඩරුව කියනවා නම් මිහිර පත්තරේ යෝධයා වගේ. බය හිතෙන උඩුරැවුලක් මිනිහට තිබුණා. එයාට ළමයි නැති වුනත්, තමන්ගේ මස්සිනාගේ ළමයි වෙච්ච් සම්පත් සහ සමාගම වෙච්ච අපිට මිනිහා ආදරෙයි. ඒ නිසා තමයි මේ වගේ බෝලයක් අපිට ගෙනත් දුන්නේ.
මේකට හුලන් ගහන්න, මේ ලේස් ලිහලා ඇතුලේ තියෙන ටියුබ් එක(හරියට බැලුන් එකක් වගේ) එලියට ගන්නවා. එහෙම හුලන් ගහලා, කට තද කරලා නවලා ගැට ගහනවා. ඉන් පස්සේ තමයි හොඳම හරිය. හැබැයි හොඳම හරිය ඊළඟ පොස්ට් එකෙන් බලන්න කියන්න තරම් මම සාහාසික වෙන්නේ නෑ. ඉන් පස්සේ කරන්නේ බොහොම අමාරුවේ අර කට වගේ බට කෑල්ල නවලා ඇතුලට දාලා, ලේස් එක තද කරන එක. ඒක හොම්බෙන් යන වැඩක්. අපි මේවා දිහා බලාගෙන හිටියා විතරයි. පාලිත අයියා තමයි මේ වැඩේ කරන්න හපනා.
මේකෙන් සෙල්ලම් කරන්න ගියාම ඊට වඩා තරු පේන වැඩේ. අපි දන්නේ නැතිව මුලින්ම කකුලේ ඇඟිලි වලින් තමයි මේකට පත බෑවේ. ඊට පස්සේ කව්රුත් කරන්න බිම වාඩි වෙලා ඇඟිලි අත ගාන එක. පස්සේ ටිකක් වයසින් වැඩි අය මේකට පහර දෙන්න ඕනේ ආකාරය කියලා නොදෙන්න, අපි දැන් අබ්බගාත් මහත්තුරු. පහුකාලීනවා ඇඩිඩාස්, මිකාසා වගේ ජාති වල බෝල අපිට ලැබුණේ, අපේ ගම සංචාරක පුරවරයක් වෙච්ච නිසා. අමතක වුණා කියන්න, කකුලේ කොතනින් ගැහුවත් අර ජොයින්ට් එකේ වැදුනොත් නම් දවස් දෙකක් නිවාඩු ගන්න වෙනවා.
ඒ කිව්වේ අතුරු කතාවක්. මගේ පාපන්දු සම්බන්ධ රස කතා ගොඩක් තියෙනවා. ඒවා ගැන පස්සෙන් පහුව ලියන්නම්කෝ. ඒත් මේ බොලේ රවුම් කරන්න මේවා නිෂ්පාදනය කරපු ඇඩිඩාස් ප්‍රමුඛ අනෙකුත් සමාගම් වල උත්සාහය කොතරම්ද කියලා පහලින් තියෙන, එක්-එක් ලෝක කුසලාන වෙනුවෙන් නිෂ්පාදිත බෝල වර්ග දුටුවාම ඔබට පුදුම හිතෙන්න්නත් පුළුවන්. ඇඩිඩාස් සමාගමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලානයේ නිළ පාපන්දු සපයන්නා බවට පත් වෙන්නේ 1970. එදා සිට අද දක්වා නොකඩවාම විවිධ වෙනස්කම්, දියුණුවීම් එකතු කරමින් ඒ සමගම අඛණ්ඩව මේ රාජකාරිය කරනවා.
1970 දී මෙක්සිකෝවේ පවත්වපු ලෝක කුසලානයේදී පාවිච්චි කරපු කළු-සුදු පාපන්දුව ඔවුන් නම් කලේ ටෙලෙස්ටාර් කියන නමින්. මෙතන 1974 දී බටහිර ජර්මනියේදී පාවිච්චි කරපු බෝලය පෙන්වා තිබුණත්, 1970දී පාවිච්චි කලෙත් මේ වර්ගයේම(නිෂ්පාදන ක්‍රියාවලියෙන් සමාන) එකක්. පාපන්දු වලට මේ නම් යොදන්න ගත්තු ක්‍රමයත් හරිම රසවත්, ටෙලෙස්ටාර් යනුවෙන් මේක නම් කලේ ඒ කාලේ කාගේත් අවධානය දිනා ගත්තු ටෙලෙස්ට්‍රා කියන චන්ද්‍රිකාවේ නම යොදාගෙන. මෙහි කළු පන්චාශ්‍ර 12ක් සහ සුදු ෂඩශ්‍ර 20 කින් සමන්විත වෙනවා. ඒ කියන්නේ කෑලි 32ක්. මේක මහලා නිමවන්න මොන වගේ වෑයමක් අවශ්‍යද කියලා දැන් තේරෙනවා ඇතිනේ. ඒ මදිවට ඇතුලට ටියුබ් එකකුත් දාලා. නමුත් මේ විදියට මුලින්ම පන්දුවක් හදලා තියෙන්නේ 1962 දී.
1974 දී මෙය ටෙලෙස්ටාර් ඩර්ලාස්ට් කියලා නම් කලේ මෙහි පිටතින් පොලියුරෙතින් ආලේපයක් එක් කරලා ජලයට ඔරොත්තු දෙන්න හැදුවාම. ටෙලෙස්ටාර් කියන චන්ද්‍රිකාවත් බොහෝදුරට රවුම්. හැබැයි 100% නෑ. මේ බොලෙත් ඒ වගේමයි.
ඔබ මේ වනවිටත් දන්නවා ඇති ලෝක කුසලාන වගේම ඔලිම්පික් තරගත් පවත්වන්නේ අවුරුදු හතරකට සැරයක් කියලා. එතනින් නොනැවතුණු ඇඩිඩාස් සමාගම තවත් ඉදිරි පියවරක් 1978දී තැබුවා. ඒ ටැංගෝ නමින් අලුත් බෝලයක් හඳුන්වා දෙමින්. මේ පින්තූරයෙන් පැහැදිලි වන ආකාරයටම සෑම පංචාශ්‍රයක් වටේම ට්‍රයැඩ්ස් නමින් හඳුන්වන වෘත්ත 12ක් එය අලංකාර කරන්නට යොදා ගන්නවා. මේවා විවිධ තරඟ පවත්වා යෝජනා ලෙස ලැබුණු ඒවා. එය තමයි පාපන්දු ඉතිහාසයේ වැඩිම මිලක් නියම වුණු පාපන්දුව. ඇමරිකන් ඩොලර්
299.95 කට එහි මිල සලකුණු කර තිබුණා. ඔවුන්ගේ මෙම ටැංගෝ නාමය යලි සිහිපත් කරන්න, මෑතකදී නැවතත් එනමින් ඔවුන් බෝලයක් හඳුන්වා දුන්නා. ඒ ටැංගෝ 12 නමින්. නමුත් පැරණි ටැංගෝ සහ වර්තමාන ටැංගෝ සඳහා යොදා ගත් නිෂ්පාදන ක්‍රියාවලිය සහ අමුද්‍රව්‍ය බොහෝසෙයින් වෙනස්. 1982දී ලෝක කුසලානය පැවැත්වුනේ ස්පාඥ්ඥයේ. එනිසා පාකිස්තානයේ සියල්කොට්හී නිෂ්පාදිත බෝලය නම් කෙරුනේ ටැංගෝ එස්පානා නමින්. ටැංගෝ නාමය සහිත පාපන්දු බොහෝ ප්‍රමාණයක් විවිධ තරගාවලි ඉලක්ක කරගෙන නිෂ්පාදනය කරන්න ඇඩිඩාස් සමාගම පසුබට වුණේ නෑ. මින් ප්‍රධාන තරගාවලියක් තමයි යුරෝපා තරගාවලිය. ටැංගෝ ඩියුරලාස්ට්, රිවර්ප්ලේට්, ඉතාලියා, එස්පානා, මුන්ඩියාල්, සෙවිල්ලා, යුරෝපා, 12 ආදී වශයෙන්. මීට අමතරව විවිධ නගරයන් නමිනුත් ඔවුන් පාපන්දු නිෂ්පාදන එක් කළා රෝමා, නැපොලි, මියුනිච්, ස්කොපියන්, මෙන්ඩෝසා, ගෝල්, ඉන්ඩෝර් බෝල්, ටුවර්නියෝ ඒවායි.
1986 දී ටැංගෝ වලින් මිදී නවතම නමක් එක් කරන්නට ඇඩිඩාස් කටයුතු කළා. ඒ ඇzස්ටෙකා නමින්. 1986 ලෝක කුසලානය පැවැත්වූ මෙක්සිකෝ රටේ තිබෙන විශාලතම ක්‍රීඩාංගනයක් තමයි ඇzස්ටෙක් කියන්නේ. ඇzස්ටෙක් ගෘහනිර්මාණ ශිල්පය මායා ශිෂ්ඨාචාරය තෙක් දිව යන්නක්. මෙහි ඇඳි සිතුවමට පදනම් වී ඇත්තේ මේ ඇzස්ටෙක් ගෘහනිර්මාණ ශිල්පය. මේ ක්‍රීඩාංගනය ගැනත් යමක් සඳහන් කරන්න වටිනවා. එය ලෝකයේ විශාලතම පාපන්දු ක්‍රීඩාංගන වලින් එකක්. 1986 දී නම් එතරම් ලොකු එකක් ලෝකේ තිබුණාදැයි සැකයි. ප්‍රේක්ෂකයින් ලක්ෂකට වැඩි ප්‍රමාණයක් එක් තරගයක් බලන්න එක්රැස් වුණාම තියෙන අසිරිය කොහොම වෙන්න ඇතිද ? මේ වගේ ක්‍රීඩාංගන වල වෙන දෙයක් තමයි, තෙරපීම නිසා ප්‍රේක්ෂකයින් මරණයට පත් වීම. දැන් ඉතා ප්‍රසිද්ධ මෙක්සිකන් රැල්ල මුලින්ම දකින්න ලැබුනෙත් ඇස්ටෙක් ක්‍රීඩාංගනයේදී බව මතක් කරන්න ඕනේ.
ඉන් පස්සේ 1990 දී ඉතාලියට මේ තරගාවලිය යනවා. එතනදී ඇඩිඩාස් ආයතනය නවතම නිර්මාණයක් එලි දක්වනවා. ඒ එට්‍රස්කෝ යුනිකෝ නමින්. මෙවර ඔවුන් ට්‍රයැඩ්ස් නිර්මාණය තුලට ඉතාලියානු කාලාත්මක ඉතිහාසය හැඩ ගැන්වූ එට්‍රස්කන් සිංහ රූපය ඇතුලත් කරනවා. මතකද ෂඩශ්‍ර 20ක් මේ බෝලයේ තියෙනවා. ඒ හැම එකකම ට්‍රයැඩ් එකක් තියෙනවා. මෙය ක්‍රීඩා කරන විට යම් ලස්සනක් පාපන්දුවට ගෙන එනවා. මතක තබා ගන්න මේ දක්වාත් ඔවුන් උත්සාහ කරනවා පුළුවන් තරම් රවුම් පන්දුවක් නිර්මාණය කරන්න. තවමත් 100% රවුම් වෙන්නේ නෑ. හේතුව මේවා මහන මැහුම් නිසා තරමක් ඇතුලට නෙරා යාම.
මේ පොස්ට් එක ඇසුරෙන් ගණිත ගැටළුවක් ඉදිරිපත් කරන්නම්. මේ පන්දුවක කෑලි තිස් දෙකක් තිබෙන බව කලින් කිව්වා. ඒ පන්චාශ්‍ර 12ක් සහ ෂඩශ්‍ර 20ක් වශයෙන් එහෙනං මැහුම් කීයක් තියෙනවාද ?
මීළඟ කොටසින් එදා සිට අද දක්වා. මතක තබා ගන්න 2014 පාපන්දු ලෝක කුසලානය බ්‍රසීලයේ රියෝ නගරයේ පැවැත්වෙනවා. ඒකට හොඳ ආරම්භයක් වෙයි මේ සටහන.
විශේෂ ස්තූතිය : මෙම ලිපියට ප්‍රවේශය සපයපු රන්දුනු යසරංග අලුත් මිතුරාට. එහෙනං දෙවෙනි කොටසත් බලන්න.
______________________________________________
මේ පාපන්දු ගැන දැනීම මට බොහෝ කලක ඉඳන් තිබුනත්, මේ සටහන සම්පූර්ණ කරන්න www.wikipedia.org වෙබ් අඩවිය බොහෝ සෙයින් ඉවහල් වුණා. නැතිනම් මෙය ලියන්න සෑහෙන වෙහෙසක් ගන්න වෙනවා. මේ කාරණා අඩංගු online quiz එකක් www.fifa.com හී තිබෙනවා. එම ප්‍රශ්නාවලියට මා කාලයක් තදින් ඇබ්බැහි වී සිටියා. එම ක්‍රීඩාව කරද්දී මේ ගැන දැනුම ඉබේම වර්ධනය වනවා. සියලුම පින්තූර www.wikipedia.org(Photo Credits).
______________________________________________
මේ පාපන්දු ගැන දැනීම මට බොහෝ කලක ඉඳන් තිබුනත්, මේ සටහන සම්පූර්ණ කරන්න www.wikipedia.org වෙබ් අඩවිය බොහෝ සෙයින් ඉවහල් වුණා. නැතිනම් මෙය ලියන්න සෑහෙන වෙහෙසක් ගන්න වෙනවා. මේ කාරණා අඩංගු online quiz එකක් www.fifa.com හී තිබෙනවා. එම ප්‍රශ්නාවලියට මා කාලයක් තදින් ඇබ්බැහි වී සිටියා. එම ක්‍රීඩාව කරද්දී මේ ගැන දැනුම ඉබේම වර්ධනය වනවා. සියලුම පින්තූර www.wikipedia.org(Photo Credits).
අපි කුඩා කාලේ ඔය පරණ ක්‍රමේට හදපු පාපන්දුවෙන් තමයි සෙල්ලම් කලේ සපත්තුත් නැතිව. අර වෑල් කරේ තියන නට් එක සමහරවිට එලියට එනවා. බෝලෙට පයින් ගහනකොට නට් එක කකුලේ වැදුනම චූ යනවා.
ReplyDeleteතවමත් කකුල හිරි වැටෙනවා අහනකොටත්.
Delete++++
ReplyDeleteජෝන් කියවන්න පටන් ගත්තා එහෙනං
Delete90?
ReplyDeleteඅනූව වැරදියි.
Deleteමට ආවෙත් 90 .. ඉන්න ආයෙ ට්‍රයි කරන්නම්
Deleteකරුණු කාරනා ගොඩක් එකතු කරලා ලියපු වටිනා ලිපියක්.
ReplyDeleteකෙටි කාලයකින් නිමා වන නිසා තරග නරඹන්න ප්‍රියයි.
පාපන්දු ක්‍රීඩාව ඒකාකාරී නොවෙන නිසාත්, එහි නීති රීති සරල නිසාත් බොහෝ දෙනා අතර ජනප්‍රියයි. එය ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව.
Deleteසයිබර් ගෙට්ටුවේදී ගත්තු සුදීකගේ තිබ්බ ඔක්කොම පින්තූර වගේ ලස්සණයි....:)
ReplyDeleteමගේ යාලු ගෑණු ලමයි ක්‍රිකට්වලට වඩා පාපන්දු තරඟ නැරඹීට කැමතී. හැමදාම වගේ හොඳ විස්තරයක්.
අර පහල ප්‍රශ්නයට නම් උත්තර නෑලු.:D
බොහොම ස්තුතියි. ක්‍රෙඩිට් එක යන්න ඕනේ ඒවා ගත්තු අයට.
Deleteසුදීක.....අපි පොඩි කාලේ සෙල්ලම් කරේ ලේස් ගැටගහන එකෙන්. පිස්සු ඩබල් වෙනවා පාරක් වැදුනම. හුලන් වැඩිවුනොත් රිදෙනවා වැඩියි. ඊට හපන් වොලිබෝල් ගහන්න ගියාම. ඒත් ඔය මොඩ්ල්ම තමයි. අත් ඉදිමෙනවා.
ReplyDeleteඅපොයි ඔව්. දැන් තියෙන ඒවාට වඩා බරත් වැඩියි මට හිතෙන්නේ.
Deleteමටත් හිතෙන්නේ 90 කියලා තමා. පා පන්දු ගැන FIFA ගේම් හින්දා මාත් සෑහෙන්න උනන්දුයි
ReplyDeleteඋත්තරය අනූව නම් නෙවෙයි. ඔයත් FIFA ගේම් ගහනවද ? මරු.
Deleteඅයියෝ ලොකු මඩක් නෙවේනේ වැදිලා තිබ්බේ, පොඩි ඒවානේ අයියට වැදිලා තිබ්බේ.
ReplyDeleteහ්ම්ම්. පස්සේ තමයි අනිත් යට දරුණුවට වැදුනේ.
Deleteඇත්තටම අර පින්තූරෙ හරිම ඉහලයි. ඒක ගත්තු කෙනා ඉහල ප්‍රතිභාවක් පෙන්නුම් කරණවා කියලා මට හිතෙනවා. ඒ ඉන්න කෙනා නිසා වෙන්නත් පුළුවන්...:D
ReplyDeleteපාපන්දුව රවුම්ද, හතරැස්ද කියන එක මට කවදාවත් ඇති නොවිච්ච ගැටලුවක්.. ඕක මොක වුනාම් මගෙ මොකෝ ජාතියෙ උත්තරයක් තමා දෙන්න තියෙන්නෙ.. හැක් හැක්.. මේ ලිපියෙන් නොදැන සිටි ගොඩක් දේවල් දැන ගත්තා..
රගර් බෝලෙ ඇද වුනේනම් කොළඹ ජනප්‍රිය පාසල් වල ළමයින්ට තියන අවම පහසුකම් හින්දා ඒ ළමයි එකම පන්දුවකට පොර කාපු නිසයි කියල දවසක් විජය නන්දසිරි මහත්මයා කිව්වා..
මේ පින්තූරය ශම්මි/රුවන් යුවලත් අරන් තිබුණා. නමුත් මේකට දාපු මාතෘකාව නිසා තමයි මේ පොස්ට් එක ලියවෙන්නේ.
Deleteබලාගෙන යනකොට සුදීක අයියත් එහෙනම් ඕල් රවුන්ඩර් කෙනෙක් වගේ..බැරි දෙයක් නැහැනෙ..පට්ට
ReplyDeleteඔව්.ඔව්. පොඩි කාලේ හැම ක්‍රීඩාවක්ම වගේ කළා.
Deleteක්‍රිකට් වලට තරම්ම නැතත් ඉක්මනින් තරගය අවසන් වන නිසාම පාපන්දුවටත් කැමතියි.
ReplyDeleteඕනෑම කෙනෙක් ක්‍රීඩාවකට ආකර්ෂණය වෙන්නේ ඒක තේරෙන තරමට. නොදන්නවා වුනත් දැක්කම තේරුම් ගන්න පුළුවන් නම් ඉක්මනින් බලන පිරිස වැඩි වෙනවා. අඩු කාලයත් එක හේතුවක් තමා.
Deleteරන්දුවගේ මඩෙන් වුන වාසිය නම් නොදන්නා යමක් දැනගැනීමට බොහෝ දෙනෙකුට අවකාශය ලැබීමයි
ReplyDeleteමඩ පාරෙන් වුණත් වෙන හොඳ දේවල් තියෙනවා.
Deleteඅපරාදේ....තව මොනා හරි අල්ලගෙන මඩක් ගහනෝ මේ බව දන්නවා නම්.......
Deleteඅපෝ ඔය ඇති.
Deleteහොඳයි හොඳයි ෆොටෝ එකක් හින්ද වැදගත් විස්තරේකුත් දැනගන්න ලැබුණ එක.
ReplyDeleteමාත් ක්‍රිකට් වලට වඩානං පාපන්දු වලට යම් තරමකින් කැමතියි.
මම වෙලාවකට ක්‍රිකට් වලට වඩා පාපන්දු වලට කැමතියි.
Deleteමටනම් පුස්බෝල් එච්චර හරියන්නෙ නෑ.දවසක් සපත්තු නැතුව සෙල්ලන් කරලා නියපොත්ත ගලවන් ගියා.මතක් වෙනකොටත් මයිල් ඉස්මයිල් වෙනවා.එදා ඉදන් වොලිබෝලෙට තමයි තඩි බෑවේ
ReplyDeleteමම එක එක කාල වලදී එක එක ක්‍රීඩා කරලා තියෙනවා. ඇත්තටම කණ්ඩායම් ක්‍රීඩා ඩෙකතලන් එකක් තිබුණා නම් මටත් සෙල්ලම් කරන්න තිබුණා.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඊලඟ එක එනකම් ඉන්නෝ :)
ReplyDeleteඋත්තරේ නම් 90වම තමයි අප්පා.. දෙවිදියකට හැදුවා .. ආවෙම 90ව .. :(
මම හිතුව සමියා හරියටම උත්තරේ දෙයි කියලා.
Deleteහම්මේ මෙයා නම් සිරාවටම ලස්සනයි වයස පෙන්නේ නෑ ඔය ප්රෝෆයිල් පික් එකට වඩා ලස්සනයි
ReplyDeleteබොරළු මගේ ගාව සිගරට් නම් නෑ. එහෙම කිව්වේ ඇයිද දන්නවද ? මම කලින් වැඩ කරපු තැන ඇමරිකාවේ ඉඳලා ආපු කොල්ලෙක් වැඩ කළා. දවසක් ඌ පඩිපෙලක වාඩි වෙලා සිගරට් එකක් බොනවා. එතනින් යන එකෙක් "ගූඩ් මෝනින් මචං" කිව්වා. එතකොට අර කොල්ලා කියනවා "ගූඩ් මෝනින්, හැබැයි සිගරට් නම් නෑ" කියලා. දැන් තේරුණාද ?
Deleteපපන්දුවේ විස්තරේ හරිම වටිනවා . අපිට නම් ඉස්කෝලේ තිබ්බේ පරණ මොඩ්ල් බෝල විතරයි. ක්ලබ් එකට ටැංගෝ ජාතියේ බෝලයක් ගෙනත් තිබුනා ,එත් කවදාවත් එකෙන් සෙල්ලම කලේ නෑ , දැන්වත් සෙල්ලම් කරනවද මන් දන්නේ නෑ
ReplyDeleteඅපේ ක්ලබ් එකෙන් රට යන අය සහ අපිත් එක්ක සෙල්ලං කරපු සංචාරකයෝ අපිට අවුරුදු ගානකට ඇති වෙන්න පාපන්දු දුන්නා. ටැංගෝ, ඇස්ටෙකා වලින් සෙල්ලම් කරන්න වාසනාව ලැබුණා ඒ නිසා.
Deleteඇයි සුදීක පුට්බෝලේ විතරක් නෙවෙයි වොලිබෝලෙටත් තිබුනෙ ලේස් ගැටගහපු බෝලයක් නේද මතකද,ජොයින්ට් එක අත්දන්ඩේ වැදුණු වෙලාවට ඉතිං උන් හිටි තැන් අමතක වෙනව වේදනාවට.
ReplyDeleteමම වොලිබෝල් සෙල්ලම් කලේ ටිකක් පරක්කු වෙලා. ඒ වෙනකොට හොඳ බෝල ලැබුණා. නමුත් ඉස්සර තිබුණේ හරි බර ඒ වගේම ලෙදර් හමකින් කරපු බෝල කියලා පොඩි මතකයක් තියෙනවා.
Deleteඅගනා ලිපියක්
ReplyDeleteබොහොම ස්තුතියි.
Deleteඒනං මගේ මඩෙන් හැමෝටම බෝල ගැන දැනගන්න ලැබුණා නේ....^_^
ReplyDeleteයකෝ බෝල ගැන අපි නොදන්න දේවල් කොච්චර තියේද....o.O
90 නේ මට එන්නෙත්....:(
ඔව්. ඔව්. මඩ මල් බවට පත් කරන්නේ ඔන්න ඔහොම.
Delete1990 ඉඳලා ආපු බෝල මීට වඩා වැඩි තාක්ෂණයෙන් ආවේ. ඒ ගැන මීළඟ කොටසකින්.
අනූව නම් නෙවෙයි.
අරක මඩක් නෙමෙ ගහල තියෙන්නෙ බලාගෙන යනකොට.පොරට තියෙන ප්‍රශ්නෙ අහල තියෙන්නෙ
ReplyDeleteඉතිං මගෙන් කෙලින්ම අහන්න තිබුණානේ.
Deleteඅගනා විස්තරයට තුති.. අනේ ඒත් ඔයා අතේ තියං ඉන්න බොලේ නං එක එක හැඩයට වෙනස්වුණා එදා. මොකද හුලං අඩුවෙන්නේ තිබුණේ....මං නං ඕකෙන් එදා වොලිබෝල් තමා ගැහුවේ. ඇහැට වැලි ගියාම ඒකත් නැවැත්තුවා.
ReplyDeleteඒක තමයි කියන්නේ කන්නාඩිය දාගන්න කියලා. කොහෙද ඒක ඔලුවට නේ දැම්මේ.
Deleteඇත්තටම සුදීක මේ පොටෝ එක ලස්සනයි.. ප්‍රොෆයිල් පික් එකට ඒක ගැළපෙනවා හොඳටම.....
ReplyDeleteබොහොම ස්තුතියි සහන්. ඒත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මූණ දෙන්න බැරි කමට අහක බලන් ඉන්නවා කියල. :)
Delete352
ReplyDeleteහොද විස්තරයක්...කලින් කියවලා තිබුනෙ නැති....අපි මේ දවස් වල මැලේසියානු පා පන්දු රසිකයන්ට ලෝක කුසලාන තරග නරඹන්න බ්‍රසීලයට යන්න පහසුකම් සපයමින් ඉන්නෙ...මැලේසියාවෙ ජනප්‍රියම ක්‍රීඩාව තමයි පා පන්දු....
ReplyDeleteමං දන්නා විදියා නැගෙනහිර ආසියාවම ප්‍රිය කරන ක්‍රීඩාව පාපන්දු. පුලුවන්නම් රියෝ යන්න ෆයිනල් බලන්න.
Deleteසෑහෙන වියදමක්...රුපියල් ලක්ෂ 5 කට කිට්ටුව යනවා තරගයේ ටිකට් පත් සහ හෝටල් ගාස්තු සමග
Deleteවිස්තරයට ස්තුතියි.
ReplyDeleteඊටත් වඩා මට මතක් උනේ මීට කාලෙකට කලින් අපි සෙල්ලම් කරපු ෆුට් බෝලෙට විද්දෙ මොකාද කියන එක..
හොයලා බලන්න ඕනා..
ඉස්සර අපේ ග්‍රවුන්ඩ් එකේ එක කෙළවරක කම්බි වැටක් තිබ්බා එකේ බෝල ඇමිණෙනවා. ඒ වගේමයි ඉඳි ගස්. හිල් වෙච්ච බෝල වලට තේ මංඩි දාලා හුලන් ගැහුවාම පැච් ඔක්කොම වැහෙනවා.
Deleteහුරේ..දැන් මම දන්නවා උත්තරේ.
ReplyDeleteකාලය වැය වුනත් මම පාපන්දු වලට සාපේක්ෂව ක්‍රිකට් වලට කැමතියි.මෙහෙම බෝලගැන දැන ගත්තේ මේකෙන්.
ReplyDeleteගාණට උත්තරය 120 ද..?
මේ උත්තරය මම අගේ කරනවා. මටත් මුලින්ම ආපු උත්තරය මේක තමයි. තව පොඩ්ඩක් කල්පනා කලොත් හරි උත්තරය ගන්න පුළුවන්.
Delete