Friday, June 6, 2014

ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී වන රටවල් කල ඉල්ලීම් ...... Demands made by World Cup Football Teams

පාපන්දු ගැන පොස්ට් එකක් ලියූ පසු ලැබෙන ප්‍රතිචාර එතරම් හොඳ නොවුනත්, මා මේ ගැන දක්වන උනන්දුවත්, කලින් පොස්ට් එකෙන් ලබා දුන් පොරොන්දුවත් අනුව මේ සටහන ලියා තබන්න සිතුනා. පහුගිය පොස්ට් එකෙන්ම මහේෂ් රත්නායක කරපු ඉල්ලීම නිසා මුලින්ම මෙවර ලෝක කුසාලනයේ නිල ගීතය ඉදිරිපත් කරන්නම්.  මෙයට හඬ එකතු කරන්නේ අපි කවුරුත් දන්නා ජෙනිෆර් ලෝෆේස් සහ බ්‍රසීලයේ පොප් ගායකයෙකු වන පිට්බුල්.බ්‍රසීලයට ආවේනික සම්බා(මම හිතන විදියට) නර්තනයක යෙදෙනෙ තරුණියන් මේ වීඩියෝව වර්ණවත් කරනවා. 

මේ කාන්තාවන් දෙදෙනා දුටු විට ඔබට මතක් වුනෙත් කෙන්ජයියාමද ?
කොහොම වුණත් අපේ අදහස මේ සඳහා සහභාගී වන රටවල් ඉල්ලා සිටි ඉල්ලීම් මොනවාදැයි සලකා බැලීමට. ඇත්තටම වෙනත් ක්‍රීඩා වල මෙවැනි ඉල්ලීම්(Demands) ගැන අහන්න ලැබෙනවා අඩුයි. එනිසා ප්‍රංශය ඇතුළුව අනෙකුත් කණ්ඩායම් කල මෙම ඉල්ලීම් සලකා බලන්නම වටිනවා. 
පෘතුගාලය : සියලුම කාමර වලට කන්සොල් එකක් බැගින් ඉල්ලා ඇත. මෙය කුමක් සඳහාද යන්න පැහැදිලිව සටහන් කර නෑ. මෙයට අමතරව ඔවුන් ආරක්ෂක නිලධාරීන් 6ක් ඉල්ලා තිබෙනවා. එයින් දෙදෙනෙක් සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝව මුළු කාලය පුරාවටම බලා ගැනීම වෙනුවෙන් වෙන් කරන්නත් ඔවුන් තීරණය කරලා. 
ප්‍රංශය : මුලින්ම ඔවුන් ඉල්ලා සිටියේ සබන් කෑලි වෙනුවට දියර සබන්(Liquid Soap) තබන ලෙසට. ඉන්පසුව එය වර්ග දෙකකින් අවශ්‍ය බව සඳහන් කළා. ඒ ඇත සහ ශරීරය පිරිසිදු කිරීමට. ඔවුන් සබන් ගැන මෙතරම් වද වන්නේ ඔවුන් ප්‍රංශ ජාතිකයින් නිසාම බව තැනෙක මා කියවූවා. ප්‍රංශ බලධාරීන් පවසා සිටින්නේ සියලුම ක්‍රීඩකයන්ගේ කාමර වර්ණය දක්වාම එකම සමාන අයුරකින් තිබිය යුතු බවයි.  
උරුගුවේ : ඉතාම නිහඬ(Silent) වායු සමන යන්ත්‍ර සියලුම කාමර වල තිබිය යුතු යයි දන්වා තිබෙනවා. 
ඇල්ජීරියාව : සියළුම කාමර වලට කුරාණයේ පිටපතක් තැබිය යුතු බව පවසා තිබුණා. 
ඉක්වදෝරය : ක්‍රීඩකයන්ට නිදහසේ දිගෑදෙන්නට විශේෂ කාමරයක් සහ සියළු කාමර වල තිබෙන පලතුරු වට්ටි(Basket) සඳහා විවිධ වර්ග වල ඉක්වදෝර කෙසෙල් ගෙඩි තබන ලෙස ඉල්ලා තිබෙනවා. 
එංගලන්තය : ඔවුන්ගේ භාවිතාවට ආපන ශාලා තුනක් වෙන් කර තබන ලෙස ඉල්ලා තිබෙනවා. මෙයට අමතරව නවීනතම ගේම් වලින් සමන්විත වීඩියෝ ගේම් කාමරයක් ඉල්ලා ඇත. මෙම කාමරයේ රූපවාහිනී තිර තුනක් තිබිය යුතු බවද සඳහන්. පැය ගණනාවක්ම ඔවුන්ගේ තනි භාවිතාව සඳහා නාන තටාකය සහ ව්‍යායාම් ශාලාව(Gymnasium) වෙන් කර තබන ලෙස දන්වා තිබෙනවා. සියලුම කාමර සඳහා නවතම ලී බඩු සහ එහි පොලොව ලී වලින් අලුතෙන්ම නිමවීම, මල රහිත සඳළුතල සහ වායුසමන යන්ත්‍රද මේ ලැයිස්තුවට ඇතුලත්.
හොන්ඩුරාස් : සියළුම කාමර වලට තිබෙන නාලිකා වලට අමතර ස්පාඥ්ඥ නාලිකා පහක් ඉල්ලා ඇති අතර එයින් දෙකක් හොන්ඩුරාස් ඒවාම විය යුතු බව අවධාරණය කර ඇත. 
ජපානය : සියළු කාමර වලට ජැකුසි තටාකයක් තබන ලෙස ඉල්ලා තිබෙනවා. 
ඔස්ට්‍රේලියාව : ඔවුන්ගේ කාමර වලට ආසන්නයේ විශාල කෝපි මැෂින් දෙකක් සවි කරන ලෙසත්, එම ප්‍රදේශයේ ලෝකයේ විවිධ රටවලට අයත් විවිධාකාර ප්‍රවෘත්ති පත්‍ර තැබිය යුතු බවත්, ඔවුන්ට රතු මස්, මාළු සහ කුකුල් මස්  සහිත බ්‍රසීල ආහාර උවමනා බවත් එනමුත් ඒවා පිසීමේදී සෞක්‍යයට හිතකර සංකල්පයන් යටතේ සිදු කලයුතු බවත් සඳහන් කර ඇත. 
බොස්නියා සහ හර්සේගොවිනාව (එක රටක් - නැතිනම් ක්‍රීඩා කරන රටවල් 33 ලෙස දැකිය හැක ) : ක්‍රීඩකයන් සහ කළමනාකරුවන් ආහාර ගන්නා කොටසේ ඔවුන් දෙකොටස වෙන් කිරීම සඳහා ශබ්ධය එහා මෙහා නොයන තිරයක් සවි කරන මෙන් ඉල්ලා ඇත. එයට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ, මෙම කොට්ඨාශ දෙකෙහි කතා මිශ්‍ර වීම වලක්වීමයි. 
ස්විස්ටර්ලත්නය : අධි වේගී අන්තර්ජාල සබඳතා සහ සියලුම කාමර සඳහා ස්විස් නාලිකා තිබිය යුතු බව ඉල්ලා ඇත. 
චිලී දේශය : කාමර සඳහා නව ඇඳන් සහ පැතලි තිර රූපවාහිනී තිබිය යුතු බව පවසා ඇත. 
කොස්ටරිකා : අධිසීත එක් විශාල කාමරයක්, සෝෆා, රුපවාහිනී සහ වීඩියෝ ගේම් සමග පැවතිය යුතු බව සටහන් කර ඇත. 
කොලොම්බියාව : වාසනාවන්ත (තරගයකින්) තෝරා ගත් යොවුන් ක්‍රීඩකයින් පහළොස් දෙනෙකු ඔවුන්ගේ පුහුණු කටයුතු සඳහා සහයට අවශ්‍ය බව දන්වා ඇත. 
නමුත් ජර්මනිය කල දේ විශ්මය දනවන සුළුයි. ඔවුන් බ්‍රසීලයේ ඇති හෝටල් ගැන සෑහීමකට පත් නොවී අලුතෙන්ම හෝටල් සන්කීරණයක් සියළුම පහසුකම් සහිතව නිමවා ඇත. කැම්පෝ බහියා යනුවෙන් නම් කර ඇති මෙය නිවාස 13කින් සමන්විත ගම්මානයක්. එහි සෑම නිවසකටම කාමර පහ බැගින් ඇත. එවිට කාමර 65ක හෝටල් සංකීර්ණයක්. එයට ලඟම ඇති ගුවන්තොටුපලට දුර කි.මී. 15ක්. ඒ ඔවුන්ගේ ගමනාත්ත වෙත පහසුවෙන් ලඟා වීමට. මෙම තරගාවලියෙන් පසු සොබාව සහ ක්‍රීඩාව ඇති හෝටල් සංකීරණයක් බවට මෙය පත් වනු ඇති. 
FIFA world Cup 2014 schedule ෆිෆා ලෝක කුසලානයේ තරග සටහන කණ්ඩායම් බෙදී ඇති ආකාරය
පින්තූරය ගත්තේ : http://www.wisconsinsoccercentral.com
මේවා දුටු විට ඔබට හිතෙන දේ මට හිතා ගැනීමට පුළුවන් වුවත්, ඒ සඳහා ඔබට ඉඩ සපයා බලා සිටීමට සිත් විය. නමුත් තවත් රටවල් 17 කිසිදු ඉල්ලීමක් කර නෑ. 

78 comments:

  1. අනේ අපි කවදාක පිහිනමුද ඒ ගඟේ.......

    ReplyDelete
    Replies
    1. අපි මේ වර්ගීකරණ වල ඉන්නේ 140-155 වගේ අතර. ඉතිං මුල 32ට එන එක හීනයක් වගේ. නමුත් ජපානයට ඒ ගමන යන්න පුළුවන් වුණා. ඒ ගැන මම පොස්ට් එකක් ලිව්වා.
      සජීවීකරණ කාටූන් ශිලිපියෙකු නිර්මාණය කල පාපන්දු උන්මාදය

      Delete
  2. හැක්.. කවුරුත් නෝන මහත්තුරු ඉල්ලල නැද්ද දන් නෑ කාමරේට එකා ගානෙ :D

    ReplyDelete
    Replies
    1. පත්තරේ, ලංකාව යන කාලෙක ඉල්ලයි මයෙ හිතේ. :D

      Delete
    2. හිතුවද උඹ වගේ කියලා...? ඒ ඉන්නේ වැදගත් මිනිස්සු හරියට මං වගේ :D

      Delete
    3. සිරාවට ඒවා මුන් ප්‍රසිද්දියේ ඉල්ලනේ නෑ .. හෙහ් හෙහ්

      Delete
    4. මොකෝ, පත්තරයගේ කල්පනාව ඒවා supply sකරන්නද ?

      Delete
    5. ඒවා ඉල්ලන්න ඕන දේවල්ද බං.නිකම්ම හම්බෙනවනෙ.

      Delete
    6. ඉටැලි ටීම් එක ඉල්ලලලු, පුළුවන් නං උන්ට වෑල්ඩින් වෙලා බ්‍රසිල් යන්න බලපං.

      Delete
    7. නෑ අයියලා මං කල්පනා කරේ ඒව ඇවිල්ලා ඉතිං යුතුකං නේ. මං හිතන්නේ ගෑල්ලමයි බය ඇති ..

      මොකෝ අමතකවෙලා බෝලෙ කියල පයිං පාරක් කෙලල ඇරියොත් එහෙම ටොම් ඇන්ඩ් ජෙරී එකේ පූස වගේ නෝන මහත්තැං ඉඳී බිත්තියක ඇලිලා .. :D ඕ යේස්.

      Delete
    8. අහලා නැද්ද කතාවක් "මන්නාරම් යනකොට කරවල ගෙනියන්නේ නෑ" කියලා. මේකත් ඒ වගේ සාමාන්‍ය දේවල් විශේෂයෙන් සඳහන් කරන්නේ නෑ.

      Delete
  3. හෙහ්.... හෙහ්..... අර ළමයි ගැන කියල තිබ්බ එකට හිනා යකූ.......
    ජර්මානු ජාතිකයන් ගැන අරූ ලොක්ක ලියපු ලියවිල්ලෙන් දැනගත්ත....
    එනයන කට්ටිය ගැන නොසොයා ....හුග දෙනෙක් නොදන්න කරුණු ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි....
    ඔලිම්පික් වලදීත් රටවල් මෙම ඉල්ලීම් තිබෙනව නේද...?
    ඔලිම්පික් වලදී නම් "දිග රබර් බැලුම්"නම් පිරිමින්ට නොමිලේ....

    ReplyDelete
    Replies
    1. බ්‍රසීක් නම් කෙන්ජි කෙන්ජි නම් බ්‍රසීල්
      ජර්මානුවන්ගේ හුඟක් හොඳ වගේම නරක ලක්ෂනත් තියෙනවා.
      අපේ යුතුකම් නේ කෙන්ජයියේ.
      ඔලිම්පික් ගැන හොයා බලන්න ඕනේ.
      ඇත්තටම ඒවා සැපයීමේ වරදක් නෑ නේද ?

      Delete
  4. කෙන්ඡි අයියන්ඞි මතක් වෙනවාද?
    අපේ රට ගියෙත් මෙනවා ඉල්ලයිද?

    ReplyDelete
    Replies
    1. කෙන්ජි අයියන්ඩි බ්‍රසිල් කතක් ගැන කිව්වා මතක නැද්ද ?
      මම හිතන්නේ අපේ රටේ අය මොනවත් ඉල්ලන එකක් නෑ. අපේ අයට අවශ්‍ය දේ බොහොමයක් ලැබෙන නිසා, අලුතෙන් ඉල්ලන්න දෙයක් නැති වෙයි.

      Delete
  5. මම ගියානම් කණ්ඩායම් කළමනාකරුවෙක් හැටියට මම ඉල්ලන්නේ අපේ මහරජාගේ පින්තූරයක් හැම වැසිකිලියකම වාඩිවූ පසු මූනට පෙනෙන ආකාරයට එල්ලන්න කියලා.

    ReplyDelete
    Replies
    1. විචාරක තුමා කියන දෙයක් නිසා තවත් වරක් කල්පනා කරලා බලන්න ඕනේ. මෙය මොරාල් වැඩි වන දෙයක්ද ?

      Delete
  6. අයියන්ඞි නැපෙලියන් එකක් ඔට්ටුයි?

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් ඕනෑම ක්‍රීඩාවක පවත්වන රටේ අයට, පොඩි ප්‍රෙෂර් එකක් තියෙනවා.

      Delete
  7. මම මේ කල්පනා කරන්නෙ ලංකාව ගියා නම් මොනවා ඉල්ලයිද කියලා. :)

    ReplyDelete
    Replies
    1. මොනවද බං ඕල්ඩ් ඇරැක් එකයි ඩෙවල් එකයි ඉල්ලයි.. එකාට 1500 ක් යයි උපරිම ඕන්නං :D

      Delete
    2. අපේ අය ඉල්ලන්න පුළුවන් එකම දේ තමයි, මුල වටෙන් කැපුනත් කප් එක ඉවර වෙනකං ඉන්න දෙන්න කියලා.

      Delete
  8. අම්මියෝ......
    මේක නං බ්‍රසීලෙ බංකොලොත් වෙන කේස් එකක්...
    ඒත් සුදීක අය්ය මට හිතෙන්නෙ මෙතන තියෙන සමහර ඉල්ලීම් නම් හරිම විහිළු සහගතයි...
    ඒත් මේ රටවල් තමන්නෙ ක්‍රීඩකයන් වෙනුවෙන් වෙන මහන්සිය දැක්කාම ඒකත් මොකද්ද කියල හිතෙනව...
    සිංදුව.....?????
    තෑන්ක්ස් ආ.... මොකද ඕකට වීඩියෝ එකක් තියේ කියල වත් පිටා අය්ය බ්‍රසීල පොරක් කියලවත්(බුවාගෙ සිංදු පැල් බැදං ඇහුවට) මං දැනං උන්නෙ නෑනෙ ආයිබොවං

    ReplyDelete
    Replies
    1. ඔව්. බ්‍රසීලයටත් ලෝක කුසලානය බරක්. පිට්බුල් ගේ සිංදු ෂෝයිද ?

      Delete
  9. අවුලක් නෑ මචෝ.. මොකෝ රට වෙනුවෙන් සෙල්ලම් කලාට, ඔක්කෝම ක්ලබ් ගහන කෝටිපතියොනේ. උන් ඉතින් උන් කැමති දේ ඉල්ලනවා. උඹගේ මේ ළිපි පෙල දිගටම ගෙනියපන්. මැච් පටන් ගත්තාම ඒ ගැනත් සඳහනක් කරපන්. අපේ උන් ගේමට බහින්නේ, ඕපනින් සෙරමනි එකෙන් පස්සේ. උඹ දැක්කද එමිරේට්ස්ලගේ පට්ට ඇඩ් එකක් යනවා. පුළුවන් නම් ඒ ගැනත් ලියපන්. කොහොමද පුකවල් ටික වීඩියෝ එකේ. මම ඔය ෆුට්බෝල් වලට කොහොමත් මනාපයි.

    ReplyDelete
    Replies
    1. අපි සොෆ්ට් බෝල් වලට මාතෙ අයියා !!

      Delete
    2. ඔව්. මේ ලෝක කුසලාන කණ්ඩායම් වල අඩුම ගණනේ දෙන්නෙක් වත් බිලියනපතියෝ. මේ වගේ දේවල් වලින් උන්ට වඩා චාන්ස් එක ලැබෙන්නේ ලෝකල් ක්ලබ් ගහන එවුන්ට. වීඩියෝ එක බලලම කියන්නම්.

      Delete
  10. අර එක සැරයක් ඔලිම්පික් එකකදී නයින්ත් ලේන් එකේ හරි දුවන්න් දෙන්න කියලා අපේ බලධාරියෙක් ඉල්ලුවා වගේ , මේ ටීම් එකක් එක්ක ෆ්‍රෙන්ඩ්ලි මැච් එකක් ගහන්න හරි දෙනවනම් කොච්චර දෙයක්ද අපේ ටීම් එකට ... ලස්සන හීනයක් , අපේ අලුත් කෝච් ට අඩුගානේ අපිව ආසියානු මට්ටමට හරි ගන්න පුළුවන් වුනොත්

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ ඉන්දියාවේ එවුන්ට නම් හම්බ වුණා මැන්චෙස්ටර් යුනයිටඩ් එක්ක මැච් කීපයක් ගහන්න. අපිව රටක් විදියට වත් යුරෝපීය එවුන් නම් ගණන් ගන්නේ නෑ. හැබැයි ට්‍රයි එකක් දුන්නොත් ඉරාණේ, අයිවරි කෝස්ට් වගේ එවුන් එක්ක ෆ්‍රෙන්ඩ්ලි මැච් එකක් ගහන්න පුළුවන් වෙයි. වැඩේ තියෙන්නේ ක්‍රිකට් ස්කෝර් එකක් ආවොත්.

      Delete
  11. බ්‍රසිලේට දැන් හිතෙනවා ඇති මොන මගුලක් ද යකෝ මේ කියල .. ලංකාවෙන් බැරිවෙලා හරි ඕකට ගියොත් මොනවා ඉල්ලයි ද ? හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. අපේ එවුන් කෑමට පොල් සම්බෝල ඉල්ලයි.

      Delete
  12. මුන් යන්නේ පාපන්දු තරගෙකටද වෙන දේකටද කියල හිතෙනවානේ.. පත්තර මලයා ඒවා හැම එකාම ඉල්ලලා ඇති.

    ReplyDelete
    Replies
    1. ඕ යේස් නලින් අයියා.. නිකං ආයුර්වේද සම්බාහන සේවිකාවන් වගේ කියල ඉල්ලුවහැකි ඕන්නං නම්බු පිට :D

      Delete
    2. අර උඩින් මාතලන් කියනවා වගේ උන් කෝටිපතියෝ. ඒ වගේම උන් හරි ප්‍රසිද්ධයි. ඒ වහේ ජනප්‍රිය කොටසක් අතින් ගෙවලා හරි ගෙන්වා ගන්න, ඒවා සංවිධානය කරන රටවල් කැමතියි.

      Delete
  13. ලංකාවෙන් ගියානම් මොනවා ඉල්ලිද දන්නේ නෑ. LOL

    ReplyDelete
    Replies
    1. පොල් සම්බෝල, කිරිබත් ඕවා තමයි.

      Delete
  14. අද නං මල ලෙඩක් මං දාන හැම කමෙන්ට් එකම අතුරුදහන් වෙනවානේ

    ReplyDelete
    Replies
    1. මම දාපු කමෙන්ට් එකකුත් ගිය තැනක් නෑ..

      Delete
    2. ක්‍රෝම් බ්‍රවුසරේ නම් පොඩි අවුලක් තියෙනවා.

      Delete
  15. හම්මෝ දැන් බ්‍රසීලයේ අය මේවා අනිවාර්යයෙන්ම දෙන්න ඕනද? මේවට ඒගොල්ලන්ට යයි මහා වියදමක්. බයත් හිතෙනවා

    ReplyDelete
    Replies
    1. තුන්වෙනි ලෝකේ රටවල් මේ වගේ තරගාවලි සංවිධානය කරන එක අවධානමක්. මේ වගේ අතුරු වියදම් ආවොත් තවත් ප්‍රශ්න. ධනවත් රටවල අයට අනුග්‍රාහකයෝ සොයා ගැනීමේ ගැටළුවක් නෑ.

      Delete
  16. "බොස්නියා සහ හර්සේගොවිනාව" එක රටක්,රටවල් 33 කියන්නේ මොකක්ද..?

    ReplyDelete
    Replies
    1. ඒක පොඩි විහිළුවක්. මෙන්න මේ පොස්ට් එක බලන්න. එතකොට තේරෙයි.
      එතකොට අනිත් එක්කෙනා ?

      Delete
  17. ලංකාවෙ එවුන්ට බැරිවෙලාවත් යන්න පුලුවං උනානං මොනව ඉල්ලයිද කියලයි මම කල්පනා කළේ. අපේ එවුන් ඉල්ලන ඒව දෙන්න ගියොත් බ්‍රසීලෙත් බංකොලොත් වෙයි.

    ReplyDelete
    Replies
    1. මට නම් කටට රහට ලංකාවේ කෑම වේලක් පිට රටකදී ලැබෙනවා නම්, වෙන මොනවත් ඕනේ නෑ.

      Delete
  18. මෙවුව මොනවද අපි ඉල්ලන එවයෙ හැටියට.පූල් එකට චුකරන්න ඔන කියල ඉල්ලල නැද්ද

    ReplyDelete
    Replies
    1. ගමේ මිනිස්සුන්ට අගෞරව කරන්න එපා බං.

      Delete
  19. මම මේ කල්පනා කරේ එංගලන්තේ ඉල්ලීම්. මුන් රජවරුවගේ තමයි මෙහෙත් ජීවත්වෙන්නේ. සල්ලිවල පීනනවා. සාමන්‍ය මතයක් තියෙනවා...එච්චර මුදල් මේ ක්‍රීඩාව තුල ගැවසිය නොයුතු බව. සෙලිබ්‍රිටි ලයිෆ් තමයි. ඊරිසියාවද කොහෙද මට.

    ReplyDelete
    Replies
    1. මිලියන් ඩොලර් වර්ත් ෆීට් කියන්නේ මේවට තමයි.

      Delete
  20. මෙයාලා එනේනේ ෆුට්බෝල් ගහන්නද වෙන මොනවාහරි ගහන්නද?

    ReplyDelete
    Replies
    1. දොළොස් වෙනිදැයින් පස්සේ බලා ගන්න පුළුවන්.

      Delete
  21. Loke gola karai. Minisun wiwida karai . Mehema kiyanna hethuwa meka wenna athi.

    ReplyDelete
    Replies
    1. අන්න උත්තරේ. බලාගෙන යනකොට මිනිස්සු ගෝලාකාරයි, ලෝකේ විවිධාකාරයි කියලත් හිතෙනවා.

      Delete
  22. ඕකට ලංකාවෙන් ගියොත් මොනවා ඉල්ලයි කියලද උඹලා හිතන්නේ?

    ReplyDelete
    Replies
    1. බ්‍රසීල් කෑලී. විස්කි, බ්‍රැන්ඩී. ඇයි එතකොට ටීම් එකට වඩා යන අමාත්තන්සේ උන්..

      Delete
    2. හැම කාමරයකම රඡතුමගේ පින්තුරයක් ගහලා තියන්න. එතකොට තරගයට ඉස්සර එන ඔරොප්පුවට අනිත් පිලේ එවුන් අතින් පයින් හරි ගැහැව්වැකි.

      Delete
    3. ගල් බෝතල් ඉල්ලයිද ? දේශීය පානයනේ.

      Delete
  23. පාපන්දු ලිපි පෙළ දිගටම ලියන්න.. මම නම් ක්‍රිකට් වලට සමානවම පාපන්දු වලටත් ආසයි.. වර්ල්ඩ් කප් කාලෙට ක්‍රිකට් වලටත් වැඩිය ආසයි.. වෙලාවකට ක්‍රිකට් තරම් කම්මැලි ක්‍රීඩාවක් නෙමෙයි කියලත් හිතෙනවා.. අපේ රටේ පොදු රාජ්ජ මන්ඩලේ තියන්න හදලා ඉල්ලන් කන්න ගිය පරිප්පුව මතක් උනා.. ග්‍රීසියට තාම ඔලුව උස්සගන්න බැරිවෙලා තියෙන්නෙත් ඔලිම්පික් තියලනෙ..

    ReplyDelete
    Replies
    1. ඔව්. මමත් ඒ වගේමයි. මොනම තරගයක් වත් නීරස නෑ.

      Delete
  24. ජර්මන් උන් කවදත් වෙනස්.. මම යුරෝපීයන්ගෙන් කැමතිම ජර්මන් උන්ට.. උන් කවදත් එළ බුවාලා...

    ජර්මනියට ජය වේවා !!

    අර කාලකන්නින්ට කුරාණය හැර වෙන මුකුත්ම තිබිලා නැද්ද ඉල්ලන්න.. සෞදියෙ ලෝක කුසලානයක් තිබිලා කතොලික උන් බයිබලයක් ඉල්ලුවොත් හම්බෙයිද ?

    ReplyDelete
    Replies
    1. දැන් කටාර් වල තියෙන්න යනවනේ. එතකොට කවුරු හරි එකෙක්ට ඉල්ලන්න පුළුවන්.

      Delete
    2. කටාර් රාජ්‍යයට ලෝක කුසලාණ තරඟාවලිය ලබාදීමේදි සිදුවූ අකටයුතුකම් සහ ෆිෆා එක හැසිරුනු අන්දම පිලිබඳ සුදීක දන්නවා ඇතැයි මම සිතමි. මැචස් ඉවරවෙලා නිදහසේ ෆිෆා එක ගැනත් මේ අකටයුතුකම් ගැන ලිපියක් ලියන්නට මගේ කමෙන්ට් එක ඔබට අත වනනවා යැයි මම හිතමි.

      Delete
    3. කටාර් වල රජා නම් දෙයි. අර සැන්ඩරය කියල තිබුනෙ ඌ හොඳා කියල.
      හර්ෂ

      Delete
  25. mama dannene, meka thawa kawru hari kalin liyala thiyenawada kiyala. pasugiya sathi 2 kata withara kalin Germaniye pradhana papandu puhunu karu jochim löw ge drining licence eka maasa 6 kata athhitewwa.ohuge licence ekata asathutu dayaka lakunu 18k ekathu welathibuna. high speed thami mulikama hethuwa.world cup lagama enawaya Kiyana eka eakata getaluwak karagannene.Ithin mehe TV wala wikata wedasatahan wala kiyanne Ape puhunukaru lokakusalanyata adiwegayen yannagihin mekakaragatha kiyala.(ewa hudek vihilu pamanai)kandayame kalamanakaru Oliver Bierhof maadya sakachawakadee kiwwe ape cheap sponcer(Mercedes Benz)minpasse Jochim löw ta adiwegi wahana dena eka nawathwanna onai kiyala.ohu eka maddyata kiwweth hinawewi.

    ReplyDelete
    Replies
    1. ඔවුන් ඒ වගේ දේවල් නීතිය රකින ගමන්, උපහාසයෙන් විඳිනවා. නමුත් අපේ රටේ වුණා නම් නීතිය කැඩිලා අපහාසය වෙනවා.

      Delete
  26. මැලේසියාවෙ නම් ලෝක කුසලානය ඉලක්ක කර විවිධ තෑගි භෝග ලබාදීමේ වැඩසටහන් දැන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. අල පෙත්තක් කෑවත් ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩකයෙකුගෙ අත්සන සහිත ටී ෂර්ටයක් දිනා ගැනීමට වරම්...ගැන්තින් වලදි මම දැක්කා හොණ්ඩා කාර් දෙකක් ලබා දෙන ලෝක කුසලාන පාපන්දු තරගයක්.

    ReplyDelete
    Replies
    1. ගැනිතින් කියන්නේ ජෙන්ටින් කියන එක වෙන්න ඇති. නැගෙනහිර ආසියාතික රටවල් වල ජනප්‍රියම ක්‍රීඩාව පාපන්දු නේ.

      Delete
    2. දේශීය උච්චාරණය අනුව එය ගැන්තින්..ඔබ කියූ තැනම තමයි.

      Delete
    3. අපි ලියන විදියටයි අපි කියවන්නේ නේද ? දැන් බලන්න අපි වතී කියන කොටස ලියද්දී th දෙකම යොදා ගන්නවා. ඔවුන් ත එන තැන් වලට t පමණයි යොදා ගන්නේ.

      Delete
  27. මෙතන බහුතර ටීම් වල ඉන්නේ ධන කුවේර ක්‍රීඩකයෝ,,මුන් ඉල්ලලා තියෙන්නේ පොඩි දේවල් එහෙම බලද්දී..කොහොමත් බ්‍රසීලේ පුට්බෝල් තිබ්බට ගොඩක් දෙනා මේක කටු ඔටුන්නක් විදිහට කතා කරන්නේ

    ReplyDelete
    Replies
    1. මේකේ බලපෑම ඔවුන්ගේ ආර්ථිකයට එල්ල වෙනවා. ධනවාදී රටකට නම් දරා ගන්න පුළුවන්.

      Delete
  28. එලස් ලිපියක්.......

    කම්පියුටර් ගේම්ස් වලට තියෙන ඉල්ලීම බලන්න එපැයි... උන්ට මෙච්චර ලොකු වැඩකට ගිහිල්ලත් ගේම් ගහන්න.... දෙන්නම් ගේම්.................

    ලිපි පෙළ දිගට ම ලියන්න. හරිම ආසාවෙන් අපි බලනවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. තව දවස් හතරයි පටන් ගන්න තියෙන්නේ.

      Delete
  29. ආසවෙන් කියවන්න පුලුවන් මේ විස්තර.

    8 වෙනිදා Sunday Observer එකත් එක්ක ODYSSEY TO EXCELLENCE කියල අතිරේඛයක් දීල තිබුනා. හොයාගෙන බලන්න පුලුවන්නම්. ඔබට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. ගොඩක් විස්තර තිබුනා

    ReplyDelete
    Replies
    1. හරි මම බලන්නම්. බොහොම ස්තූතියි දැනුවත් කිරීමට. ඉස්සර නම් මම නොවැරදීම ඔය අතිරේකය නිසා පත්තරය ගන්නවා.

      Delete
    2. සමාවෙන්න. පත්තරේ Sunday Times. මට වැරදිලා කලින්

      Delete
    3. මම ඔෆිස් එකේ Observer එක හොයාගෙන බලන්න හිටියා. හොඳ වෙලාවට කිව්වේ :)

      Delete
  30. Sudeeka malli,den mehe (Ger)welawa hawasa 5.40 mehe 6.00pm walata german prothugal match eke pracharaya patangannawa.den specelistla 2 paththa genama thakseruwak karanawa.depeththama ekasamanawa prabalai.namuth mama wishwasa karanawa Germanye forwed mario Götze,thomas müller. mirslow klose,hondin kreedakarawikiyala,Ranjan.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...