බත්තරමුල්ල කිව්වම එක පාරට ඔළුවේ ඇඳෙන චිත්‍රය හොඳ එකක් නෙවෙයි. හේතුව බත්තරමුල්ල කියන්නේ කිසි පිළිවෙළක් නැති නගරයක්. ඔබ කියයි බත්තරමුල්ල කොයි තරම් හොඳද කියලා. කතාව ඇත්ත. සමහර තැන් ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. උදාහරණයකට දියත උයන, අපේ ගම, පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය. ඒ පැති නම් මල් මසුරං. ඒ වුණාට ටවුම, ටවුම කොහොමද මතක් වෙනකොටත් බඩ දඟලනවා. ඊට එහා ටවුමේ හරියට ඉඳගෙන රසට කන්න පුළුවන් තැනක් නැති එක. හොඳ තැන් නැතුවම නෙවෙයි. ඒත් ඒ තැන් වලට ළඟා වෙන්න ටිකක් වෙලා යනවා. ඉතිං නගරයේම ඉන්න කෙනෙකුට හරි, හදිසියේ ටවුමෙන් වැඩක් කරගෙන යන්න ආව කෙනෙකුට හරි වැදගත් වෙන තොරතුරක් තමයි මම මේ කියන්න යන්නේ. ඉතා සුපිරි මිලක් අය කරලා, විනාඩි 10-15 රස්තියාදු වෙලා, මෙලෝ රසක් නැති කෑම කන්න නම් තැනක් තියෙනවා. දන්න අය දන්නවා.
දවස් කීපෙකට කලින් බස් එකේ යද්දී දැක්ක මේ තැනට ගිහින් බලන්න මට හිතුණා. පහුගිය දවසක මම එතනට ගොඩ වැදුණා. ඇත්තටම හිතුවාටත් වඩා හොඳට මෙතැන හදලා තියෙනවා. මම කන්න වාඩි වෙලා තියෙන්නේ එතැන හිමිකරුත් සමග එකම මේසෙ. ඒ නිසා එතුමාගේ අවසර ඇතුවම මම ඡායාරුප කිහිපයක් ගත්තා.
හිතාගන්නවත් බෑ නේද ? බත්තරමුල්ල නගරයේ මේ වගේ තැනක් තියෙනවා කියලා. ඉදිරියෙන් පෙනෙන්නේ නැති වුණත් එතනින් ඇතුළේ මේ වගේ නිස්කලංක තැනක් තියෙනවා.
ස්ථානය අලංකාර කරන්න මේ වගේ ඒවාත් තියෙනවා.
රෑට මෙතන කොත්තු, ආප්ප වගේ දේවල් ඇති කියලා හිතුණා. අර පිටිපස්සෙන් පේන තැන ඒවාට සුදානම් වෙමින් තිබුණා.
අද කාලේ කොතැනට ගියත් බොහෝ දෙනෙක් හොයන්නේ නැවුම් පලතුරු යුෂ වීදුරුවක්. පිරිසිදුව ඒ වගේ දෙයක් පානය කරන්නත් පුළුවන්.
ෆවුන්ටන් බීම, ඒවාත් තියෙනවා.
එයාලාගේ මේස පුටුත් සිත් ගන්නා සුළුයි. බොහොම පිරිසිදුව ඒවා පවත්වාගෙන යනවා. බලන්න දකුණු කෙළවරේ සාමාන්‍ය කෙනෙක් ආහාර ගන්නේ.
දැන් බොහොම දෙනෙක් කන්න කැමති රයිස් ඇන්ඩ් කරි නේ. මම කෑවෙත් එහෙම. ඉතාම පිරිසුදුවටත් ප්‍රණීතවත් තියෙනවා.
ෆ්‍රයිඩ් රයිස් කන අයට එහෙම කන්නත් පුළුවන්. බිරියානිත් තියෙනවා.
මේ හිටගෙන ඉන්නේ එහි අධිපතිතුමා. ගනුදෙනුවන්ට බොහොම කුළුපග පුද්ගලයෙක්.
කෙටි කෑම ගැනීමට බොහෝ දෙනෙක් එතැනට එනවා කියලා මට හිතුණේ, දවල් 1.30 වෙත්දීත් ඒ සඳහා ගනුදෙනුකරුවෝ හිටි නිසා.
මේ එයාලගේම බයිට් වෙළඳ සැල. ඇතුල් වෙන තැනම තියෙන්නේ. මේ සලකුණ නිසා තැන හොයා ගන්නත් ලේසියි. රිෂි ෆූඩ් තමයි තැන.
මේ පොල්ගහ තියෙන තැන තමයි මේ කියන රිෂි ෆුඩ් තියෙන්නේ. කෝට්ටේ සිට කඩුවෙල පැත්තට යනකොට කොට්ටාව පාරට හැරෙන්න පොඩ්ඩක් කලින් දකුණු අත පැත්තේ. එහෙනම් ගිහිං බලන්න.

_____________________________________________
මගේ විදේශගත මිතුරු/මිතුරියන්ට නම් මේ පොස්ට් එක වැදගත් නොවෙන්න පුළුවන්. ඒත් කවදා හරි ලංකාවට ගොඩ වැදුනාම මේ දේවල වැදගත් වෙයි.
මේක මම මේ මාසේ දාන්න සැලසුම් කරගෙන හිටපු නිසා දැම්මේ. නැතිනම් හෙටත් පොස්ට් එකක් එකතු කරනවා. ඒ හරියටම අවුරුදු දෙකකට කලින් සිදු වෙච්ච "ඇවිද්ද පය ......" ආරම්භය සමරන්න.
මෙන්න මැප් එක