Tuesday, June 12, 2012

කෙටිම කෙටි ලොල් කතා අංක 10 - එතකොට අනිත් එක්කෙනා ?



http://www.moviefanfare.com
මේ කතාව මම අහපු එකක්. මේක මම දන්න ඩ්‍රයිවර් කෙනෙකුට වෙච්ච වැඩක්. හැබැයි එයා මේ කතාව කියන්නේ නෑ. මේ ඩ්‍රයිවර්ලා ස්ථිර සේවකයෝ නෙවෙයි. එක යුගයක් තිබුනා රජයේ වගේම පුද්ගලික ආයතන සියල්ලම වගේ වෙනත් පුද්ගලික ආයතනයකින් වාහන කිලෝ මීටර් ගානට ගන්නවා. එහෙම ගත්තාම ඒ ආයතනයට හොඳටම ලාබයි. ආයතනයේ ඩ්‍රයිවර් කෙනෙක් වෙනුවෙන් කරන වියදම වගේ භාගයයි යන්නේ. වාහන ගන්න යන වියදමත් ඉතුරුයි. මේ කියන කාල වකවානුව හරියටම මතක නැති වුනත් මේ සහස්රකය(අර සිරසේ කට්ටිය පට්ට ගහපු වචනේ ඕං මතක් වුනා) ලැබුව ගමන් වගේ කාලේ තමයි වුනේ. මේ වගේ පුද්ගලික ආයතනයකින් ආව ඩ්‍රයිවර්ලා අතරින් ඉතාම අහිංසක වගේ ඒ කියන්නේ වැඩිය කට වාචාල නැති, තමන්ගේ පාඩුවේ එලවන, හොඳට අඳින පලඳින, කියන්න වරදක් නැති, බීම සිගරට් වගේ නරක පුරුදු නැති, හරියට අර මංගල දැන්වීම් වල අහන අය වගේ හැම දේකින්ම අංග සම්පූර්ණ ඩ්‍රයිවර් කෙනෙක් වෙච්චි  කෙනෙක්. ඩ්‍රයිවර් කෙනෙකුට නෙවෙයි අද කාලේ හාමුදුරු නමකටවත් මේ වගේ හික්මීමක් නෑ කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි ඔනෑම කෙනෙකුගේ මොනව හරි පොඩි අඩුපාඩුවකුත් තියෙනවනේ. ආහ් ! මට මේ ඩ්‍රයිවර්ගේ නම කියන්න අමතක වුනානේ. එක එක්කෙනා විහිළුවට නම් එක එක නම් කියනවා ඒත් මෙයාගෙ හරි නම .... නෑ ඒක මෙතන දාන එක හරි නෑ. අපි එයාට කියමු ඥානපාල කියලා. ඉතිං  මං අර කියාගෙන ආව අඩුපාඩුව මොකක්ද දන්නවද? මිනිහා ටිකක් විතර මෝඩයි. මෝඩ කෙනෙක්ට ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න බෑනේ. මිනිහා ඒ තරමටටම මෝඩත් නෑ. වැඩේ තියෙන්නේ මිනිහට අර කොමන් සෙන්ස් කියන එක පොඩ්ඩක් අඩුයි. එක පාරටම වදින්නේ නැති පොඩි ටියුබ් ලයිට් ගතියක් තියෙනවා. ඒ ඇරෙන්න මිනිහගේ කියන්න වැරැද්දක් නෑ. හැමෝගෙම හිත දිනා ගෙන ඉන්නවා. මේකට ඉරිසියාවෙන් පසු වෙච්ච අයත් නොහිටියාම නොවෙයි. ඒත් මිනිහා මිනිහාගේ පාඩුවේ වැඩ කරගෙන යනවා. ඉතිං මේ ආයතනයේ අය නිතරම කියන දෙයක් තමයි. 

"මෙන්න මේ වගේ මිනිස්සු තමයි පර්මනන්ට් වෙන්න ඕනේ" කියලා. 

ඉතිං මේ අදහස මේ ආයතනයේ ට්‍රාන්ස්පොර්ට් මැනේජර්ටත් දැනිල තිබුනා. මිනිහට තිබ්බ සිත් තැවුල තමයි මේ වගේ එකෙක් පර්මනන්ට් කරන්න විදියක් නැති එක ගැන. හැමෝම හොඳ කියන හින්දා ට්‍රාන්ස්පොර්ට් මැනේජර් තුමත් බය නැතුවම ඕන ලොක්කෙක්ගේ ස්ථිර ඩ්‍රයිවර් නැති තැන යවන්නේ අපේ මේ ඥානපාලව. 


තවත් එක දවසක ආයතනයේ ලොකුම ලොක්කෙක්ගේ ඩ්‍රයිවර් දින භාගයක ලෙඩ  නිවාඩු ගියා. මේ කියන දවසේ මේ ලොක්කට තරු පහේ හෝටලයක කොන්ෆරන්ස් එකක් තිබුනා. ඒක අවසන් වුනේ   රාත්‍රී භෝජන සංග්‍රහයකින්. උදේ ගිය ගමන් නිසා ලොක්කට නොදන්වාම එයාගේ ස්ථිර ඩ්‍රයිවර් රථය පාර්ක් එකේ නවත්වල ට්‍රාන්ස්පොර්ට් මැනේජර්ට ඇවිටිලි කරලා ගෙදර ගිහින්. මිනිහාගෙ තත්වේ දැක්කහම නොයවත් බෑ. ඉතිං මෙහෙම උගතෝකෝටික ප්‍රශ්ණෙක ගැලිලා ඉන්නකොට මිනිහගේ හිතට ටක් ගාලා ආවා අපේ ඥානපාල ගැන. ෂාහ් ! මේ ඉන්නේ නියම මිනිහා. එවෙලාවෙම පාර්ක් එකට කෝල් කරපු මේ මැනේජර් තුමා ඥානපාල ව ගෙන්වා ගත්තා. දැන් ඥානපාල බොහොම යටහත්  පහත්ව මැනේජර්ගේ රූම් එකට ඇවිත් ඉන්නවා. ඉක්මනටම දුරකථන සංවාදය අවසන් කරපු මැනේජර් මහත්තයා ඥානපාල  දිහා බොහොම ලෙන්ගතු හිනාවක් පාලා කථා කරන්න පටන් ගත්තා. 

"ආහ්! ඥානපල ආව එක හොඳයි. අද ඔයාට කරන්න ලොකු වැඩක් තියෙනවා"


"හොඳමයි සර්" ඥානපල ඉතා යටහත් පහත්ව කිව්ව.

"ඔයාට අද යන්න තියෙන්නේ ..... මහත්තයව එක්කගෙන එන්න. දන්නවනේ මහත්තයට හොඳටම කේන්තිය යනවා. ඒ වගේම බොහොම ගරු සරු ඇතුව වැඩ කරන්න ඕනේ. ඔයා දන්නවද ගලදාරි හෝටලය තියෙන තැන ? එතනට හරියට රෑ 8.45ට යන්න. ගිහින් මහත්තයාව ගෙදරට ඇරලවන්න. වාහනය දැක්කාම මහත්තයා ඇවිත් නගියි පිටිපස්සෙන්. ඔයාට මහත්තය පාර කියයි. ඇරලවලා වාහනය මහත්තයාගේ ගෙදරම දාලා බස් එකේ ගෙදර යන්න"

"හොඳමයි සර්"

මැනේජර් මහත්තයා දුන්න වෙහිකල් ෆෝම් එකයි යතුරයි  අතට අරන් ඥානපල පහලට ගියේ හරියට රටක් රාජ්‍යයක් දිනා ගත්ත කෙනෙක් වගේ. ඇයි ඉතිං මේ වගේ ලෑන්ඩ් කෘසර් එකක් කවදානම් එලවන්නද ? පොඩි චකිතයකුත් ඥානපලගේ හිතේ තිබුනා. දැන් ඉතින් මේක භාර ගත්ත එකේ කරන්න ඔනෙමනේ. "මට කවුරුවත් මේ තරම් කාළෙකට වරදක් කියල නෑනේ. අදත් වරදින එකක් නෑ. බොහොම හෙමිහිට යනවා. මහත්තය කිව්වොත් විතරක් ටිකක් හයියෙන් යනවා. මේ වගේ වාහනයක් කොහෙ හරි ගෑවුනොත්". ඥානපාල වාහනයත් අරන් ඉතාම හෙමින් ගලදාරි හෝටලයේ ලොබියට අරගෙන ගියා හරියට 8.43 වෙත්දී. 8.45 වෙත්දී ටයි කෝට් දාපු මහත්තයෙක් ඇවිත් දොර ඇරගෙන පිටිපස්සේ සීට් එකට නැග්ගා. ඥානපල යන්නෑ. අර ලොක්ක කථා කලා

"කවුද මේ ළමයගේ නම"

"ඥානපාල සර්"

"ඇයි ඥානපාල යන්නේ නැත්තේ"

"සර් ... එ.ත.කො.ට අ.නි..ත් ම.හ..ත්..ත..යා"

"මොන අනිත් මහත්තයෙක්ද ? කෝ මෙහාට දෙනව වෙහිකල් ෆෝම් එක" ගැහෙන අතින් ඥානපාල  වෙහිකල් ෆෝම් එක මහත්තයට දුන්නා.ලොක්කට ඒ පාර අසූ හාර දාහට තද වෙලා  කිව්වා

"අයිසේ .. මේකේ තියෙන්නේ මගේ නම විතරයි. මගේ යකා අවුස්සනැතුව යනවා" වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුනා වගේ. කියවල-කියවල කටපාඩම් වෙච්ච නම ඥානපාල සිහින් හඬින් මිමිණුවා.

"ගාමිණී  සහබන්දු" !!!

ටියුබ් ලයිට් වලට නොවේ. 


මේ දැන් උණු උණුවෙම වෙච්ච දෙයක් මෙතන දාන්නම්. ඔන්න සයිබර් අවකාශේ ඉන්න ඔයාලා තමයි මේක මුලින්ම දකින්නේ. එහෙම ඇවිත් මුලින්ම කියවපු කෙනා කමෙන්ට් එකක් දානව නම් තමයි මම කැමති. අපේ ඔෆිස් එකට අළුතෙන් රැක් සර්වර්ස් වගයක් මේ දවස් වල ගෙනත් තියෙනව. ඒව අරගෙන එන මගේ මිත්‍රයාට පොඩි අලකලංචියක් වෙලා. මිනිහාගේ කීබෝඩ් එකේ බිංදුව වැඩ කරන්නැතුව ගිහින්. ඉතිං යූඑස්බී කීබෝඩ් එකක් ඉල්ලගෙන ආවා මගෙ ලඟට.

"මචං යූඑස්බී කීබෝඩ් එකක් එහෙම නැද්ද වැඩිපුර ?"

"පොඩ්ඩක් ඉඳපං මචං. ඇයි මොකක්ද අවුල ?"

"නෑ මචන් මගේ කීබෝඩ් එකෙ බිංදුව වැඩ කරන්නෑනේ"

"ආහ් ! ඇත්තද? මචං උඹට තියෙන්නේ වන් මයිනස් වන් ගහන්න" කියල මං කිව්ව. 



21 comments:

  1. ලොල් කියන එකේ ආය කෙටිද දිගද කියලා දෙයක් නැහැනේ. ලොල් නම් ලොල්. ලොල් නැත්නම් නැහැ. දැන් බලන්න මත්පැන් ලොල් කියන්නේ මත් වතුරට පෙරේත, කාන්තා ලොල් කියන්නේ කාන්තා ඇසුරට පහසට පෙරේත. ඉතින් ඒ ලොල් බවේ කෙටි හෝ දිග බවක් නැහැනේ. ලොල් කියන්නේ අසීමිත කැමැත්ත කියන එකට යොදන ඉතා හොඳ සිංහල වචනයක්. අනිත් එක මොකක්ද ආයථනය කියන්නේ ආයතනය කියලා ලියන්න බයද? ඒ වචනයේ තනය කියලා කියවෙන නිසා කුණුහරපයක් වගේ පෙනෙනවද? සහශ්‍රකය කියලා වැරදියටනේ ලියලා තියෙන්නේ. නිවැරදි වචනය සහස්රකය.

    ReplyDelete
  2. ආතල් ආතල් , එල වේවා

    ReplyDelete
  3. ආතල් ආතල් , එල වේවා

    ReplyDelete
  4. හහ් හහ් ගාමිණී සහබන්දු...

    ReplyDelete
  5. ගාමිණී සහ බන්දු.
    අපේ ඔපීසියෙත් උනා එයවගේ සීන් එකක්. දාන්නං පෝස්ටුවක්.

    ReplyDelete
  6. අනෝ මහත්තය කලිනුත් ලොල් ගැන ඇහුවෙ ඔයමද කියල හිතෙනව. මම ඔය ආයතනය කියන එක තමයි මුලින් ට්ය්පෙ කලෙ ඒත් පොඩි දෙගිඩියවක් ඇවිත් ඔහොම දැම්ම. ඇනො විදියට ඇවිත් හරි වැරදි පෙන්වදීම ගැන ඝොඩක් ස්තූතියි. අර ලොල් කියන එක ඇත්තටම දන්නේ නැද්ද ? ලොල් කියන එක ඉංග්‍රීසි වචන තුනක් මුල් අකුරු එකතු කරල හදපු යෙදුමක්. කියන්නේ

    ReplyDelete
  7. Replies
    1. ලොල් යෙදුමට සිංහල නොවන ලොල් තේරුම් 3ක් තිබේ!!

      1. අන්තර්ජාලය බහුලව භාවිතයට පෙර LoL = Lots of Love ලෙස යොදාගෙන ඇති බව සුද්දෙකුගෙන්ම අසන්නට ලැබිණි!!!

      2. පසුව, LoL = Lots of Laughter / Lots of Laughs නාම මාත්‍රයත්

      3. ඒ සමඟම LoL = Laugh Out Loud ක්‍රියා මාත්‍රයත් භාවිතයට ආ බව කියන්න දෙයක් නෑ නේ!!

      Delete
  8. ඇනෝට- ලොල් = lol = loud of laugh (මහ හඩින් සිනාවෙන හඩ)

    සිංහල වැරදි පෙන්නන මේ වගේ ඇනෝ කෙනෙක් කාලයක් මගේ බ්ලොගට ආවා. ඒ කාලේ මගෙ ටයිපිං කේස්. ඔබා මාමා පොරව විනාස කලා මට මතකයි.

    පට්ට කතා දෙක. ජය සහෝ...

    (ලියන එකා නොවැ රගේ දන්නේ..)

    ReplyDelete
  9. සුජීව සහ සෑම්. ඔය දෙන්නගෙම ඉංග්‍රීසි කමකට නැහැ. බ්ලොගාලා විසින් හදාගත්ත කබ්බ ඉංගිරිසි කෑල්ලක් තමයි ලොල් කියන්නේ. මම ඒක නොදැන නෙවෙයි කමෙන්ට් කලේ. ඔබේ අවධානය ඒ කබ්බ ඉංගිරිසි කෑල්ලට යොමු කරගන්නයි. තරහෙන් නෙවෙයි. ඔය දෙන්නම ඒක ඉංග්‍රීසියෙන් නිවැරදිව ලියන්න දන්නේ නැහැ. නිවැරදි යෙදුම Laughed Out Loudly කියන එකයි. බ්ලොග් කලාට කමක් නැහැ. අනුන්ගේ ජරා කෑලි අනුගමනය කරන්න කලින් ඒවා කොයි තරම් වටිනවද නැද්ද යන එක හොයලා බලන්න.

    ReplyDelete
  10. දෙවෙනි කතාව නම් මට ටියුබ් ලයිට් අෆ්ෆා :(

    ReplyDelete
  11. මගේ ලගත් මේ වගේම එකෙක් සිටි.....

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. @ඇනෝ මහත්මයා : භාෂාවකට වෙනත් භාෂා වලින් වචන එකතු වීම සාමාන්‍ය දෙයක්. අපේ ලොල් කියන එකත් ලියන භාෂාවට නැතත්, අන්තර්ජාල පරිශීලකයන්ගේ චැට් භාෂාවට එකති වී තිබේ. මෙය කෙටියෙන් හඳුන්වන්නයි මම යොදා ගත්තේ. ඔබ එය දැනගෙන අසන බව වැටහුනත්, බොහෝ දෙනාගේ හිත සුව පිණිස එහි තේරුම එක් කළා. මේ වගේ හිනා යන කථා රස විඳින්නත් හැමෝටම බැහැ.

    @රාජ් සහ රොබින් : ඔබ දෙදෙනාගේ මතක අවදි කරන්නට මෙය සමත් වීම සතුටකි. ඒවා කියවන්න බලා සිටිමි.

    @සෑම්: ඒ ගැන නම කියල වැඩක් නෑ හිනා එන්න කතා ලිවිල්ල ලේසි වැඩක් නොවේ. ලියන එකා තමයි රගේ දන්නේ.

    ReplyDelete
  14. ඇත්තට මොකද්ද බං අර දෙවෙනි කතාවෙ තෙරුම ඌට කී බොඩ් එකක් හොයල දුන් නැද්ද...

    ReplyDelete
  15. කීබෝඩ් එකක් දුන්න. මම කිව්වේ ලේසි සොලියුස්ෂන් එකක්.

    ReplyDelete
  16. මට පළවෙනි ඒක තේරුනේ නැහැ නේ. මමත් ඒ ඥන පාල්වගේ ද? ඒ ඇත්තම බොස ද? ඇයි අරු අනිත් මහත්තයා ගැන ඇහුවේ.

    ගාමිණි සහ බන්දු කියලද හිතල තියෙන්නේ.

    ReplyDelete
  17. @අසරණයා : ඔයාට තේරුණ බව තේරිලා නෑ. ඇත්තටම ඔය වාසගම තියෙන ලොක්කෙක් ඉඳල තියෙනවා. හැබැයි මුල නම ගාමිනී නෙවෙයි.

    ReplyDelete
  18. පට්ට පට්ට... ඒක නෙමේ කී බෝඩ් එකේ බිංදු දෙකක් තියෙනවනේ බොලේ

    ReplyDelete
  19. @ගැමියා : මේක ලැප්ටොප් එකක්.

    ReplyDelete
  20. හරිනේ පොර ගාමිනී සහ බන්දු දෙන්නෙක් එනකම් බලන් ඉඳලා . . :D

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...