Sunday, January 15, 2012

අරුම - පුදුම වර්ජනේ .... Incredible Protest


A bottle tied  with a rope for hang and die
පින්තූරය ගත්තේ  : http://workerdandy.blogspot.com

දැන් ලංකාවේ හැම තැනම වර්ජන, විරෝධතා, උද්ඝෝෂණ, පෙළපාලි, සත්‍යක්‍රියා වැහි වැහැලාය. ඕනෑම පුංචි දෙයකට වුවත් වර්ජනය. වර්ජනයක්, පෙළපාලියක් දකින්නට නැති දවසක් නැති ගානය. මෙදා පාර නම් අමුතුම තාලයේ පෙළපාලියක් ගාලු පාර දිගේ කූඹි රැළක් මෙන් ඇදීගෙන එයි. වෙනදා අපි දකින පෙළපාලි වලට වඩ සහමුලින්ම වෙනස් ආකාරයේ එකකි. එක්තර රිද්මයකට අනුව කෙරෙන තට්ටු කිරීමේ හඬ ඈතින් ඇසෙයි. ගිනි අව්ව ඉවසාදරාගෙන  මෙය නැරඹීමට මම හිතා ගතිමි. වෙනදා පොලීසියෙන් බැරියර් දමා, වතුර විද, කඳුළු ගෑස් ගසා බාධා කරන මුත්, පොලිස් රාළහමිලාද පෙර නැති සැහැල්ලුවකින්, සින මුසු මුහුණින් බලා හිඳී. ඒකත් එකටම මෙය ආණ්ඩුවේ කුමක් හෝ ව්‍යාපාරයක් විය හැක. 

දැන් පෙළපාලිය මා සිටින තැනට ඉතා සමීපය. පාරේ ගමන් කරන සියලු දෙනා තමන් කරන්නට ආ රාජකාරි සියල්ල අමතක කර පොදි කමින් බලා හිඳී. මෙය නම් පුදුමයකි. රූපවාහිනී නාලිකා වල මාධ්‍යවේදීන් එක් වයෝවෘද්ධ පුද්ගලයකු වට කරගෙන් "වොයිස් කට්" ගනියි. මමද සෙනග පීරාගෙන එම ස්ථානයට කිට්ටු කළෙමි. මින් පෙර කිසිදිනෙක මා  එම පුද්ගලාය දැක නැත. අහිංසක ගැමි පෙනුමකින් හෙබි, ඉදුණු රැවුල දින කීපයකින් කපා නැත. ඔහු  කිසි දිනෙක රූපවහිනී කැමරාවක් ඉදිරියේ පෙනී සිට නැති බව සහතිකයෙන්ම කිව හැක. කලින් ඇසුණු රිද්මයානුකූල නාදය "අරක්කු" බෝතල් වලට කාසි වලින් තට්ටු කරන හඬ බව තේරී, මට නවත්වා ගන්නට බැරි හිනාවක් ඇති විය. ඒ මෙවැනි ආතල් ගන්නේ මළ ගෙදරක යන ගමන් සිංදු කියන්න නිසාය.

"නෑ ආයිබොවන්ඩ මම කියන්නේ, මේ විදියට බෝතලෙත් අලුතෙන්ම හදාගෙන පොල්තෙල් විකුණන්න ගියොත් ඉතිං මිනිස්සු කවදාවත් පොල් තෙල් ගන්න එකක් නෑ. අර සූරියකන්ත හරි පාම් තෙල් හරි ගනියි මීට වඩා අඩු නිසා. එතකොට අපේ දරුමල්ලන්න්ට කන්න වෙන්නේ පුන්නක්කු තමයි".
 කඳුළු පිරි දෙනෙතින් මහලු මිනිසා පවසයි. එවර මාධ්‍යවෙදියා මයික් එක අතට ගෙන

"ඒ අදහස් පල කළේ එක්සත් පොල්තෙල් නිපදවන්නන්ගෙ සමිතියේ සභාපති ජේමිස් අප්පුහමි මහාතයි".

ඒකත් එකටම මෙක ආහාර හා සමූපකාර ඇමතිගේ වැඩක්  විය යුතු බව මම හිතා ගතිමි. මේ යකා ෂුවර් එකටම තෙල් ගෙන්වන එවුන්ගෙන් ජරාවක් කාලා ඇති. ඉන්පසු  මගේ ඇහ එක්වරම නැවතූනේ පාරේ ගෙන යන බැනර් එකක් ළඟය. 

"අරක්කු බෝතල් වල පැණි විකිණීමට දියව්"

මොකක්ද ඒ හරුපේ තේරුම ?

මෙක නම් ෂුවර් එකටම බෝතල් අර්බුදයක්. හරියටම හරි. ඊළඟට එන්නේ එක්සත් එළ-කිරි විකුණන්නන්ගෙ සංගමයයි. ඊට පිටුපසින්  ආයුර්වේද තෙල් සහ අරිෂ්ට නිෂ්පාදකයින්ය. ඉතිං මේ රටේ මේ ඕන තරම් අරක්කු බෝතල් තියෙන්නේ. කාලේ, බාගේ, පයින්ට්, බෝතල් ඕන තරම්. ඈ.... ඊළඟට එන්නෙ හරි අපූරු කට්ටියකි, ඒ බෝතල් පත්තර මිලදී ගන්නන්ය. මේ ඔක්කොටම බඩේ පාර වදින්න ආණ්ඩුව මොනවද කරලා තියෙන්නේ ? කෙළ මෝලෙන් ඇන්නා වගේ මේ පාර නම කාරණාව මට සහ සුද්දෙන්ම වැටහිණි. නාත්තන්ඩියේ වීදුරු වැලි නිෂ්පාදනාගාරේ සේවකයනගෙන් වැටුප් ප්‍රශ්නයක්. නැත්නම් වීදුරු වැලි ආනයනයට බදු වැඩි කරලා ඇති. ම්හු.. ඒකත් වෙන්න බෑනේ එහෙනම් ඇයි "අරක්කු බෝතල් වල පැණි විකුණන්න දියව්" කියල බැනර් එකක් නිල් පාටින්ම ගහගෙන් ගියේ ?

ඒකත් එකටම ආණ්ඩුව දේශීය මත් පැන් වෙනුවට, ආනයනය කරන මත් පැන් පානය කරන්න නියම කරලා ඇති. ඒත් ඉතිං ඒකට කිසිම විරෝධතාවක් නෑනේ. කියනකොටම මේ එන්නේ වැනි-වැනී කට්ටියක් බැනර් එකක් අරගෙන. රුයිතෙට ගිය බැනර් එක යාන්තමට බලා ගන්නට පෙර කවුරුන් හෝ  මාව තල්ලු කළේය. මා මෙවර සීතල පොළවටම වැටී ඇත. මා තල්ලු කර ඇත්තේ මගේ කුඩා දියණියයි. නිදා ගන්නා විටි මගේ ඇඟට කකුලක් හේත්තුකර ගැනීම ඇගේ සිරිතයි. දැන් මට කාරණය වැටහෙයි. මා මෙතෙක් වේලා දැක තිබෙන්නේ හීනයකි. අවාසාන කණ්ඩායමේ බැනර් එකේ තිබුණේ මොනවාදැයි දැන ගැනීමට මම නැවතත් ඇහ පියා ගතිමි. එහි තිබුණේ

"මතට-තිත වහා හකුළා ගනිව්" කියලයි. 

නැවතත් දෑස්  ඇර මා කල්පනා කළේ එක් නිෂ්පාදනයක් මත යැපෙන තවත් කණ්ඩායම්  කිහිපයක් විය හැකි බවයි.


ප.ලි. 



අරක්කු බෝතල් වල දමා විකුණන තවත් බොහෝ නිෂ්පාදන වෙයි. ඇත්තටම මේවා මහා පරිමාණ නිෂ්පාදන නොවේ. විනාකිරි, සරුවත්, පෙට්‍රල්,භූමිතෙල්. අපේ කාර්යාල වල බොහෝ දෙනා වතුර බොන්නේද අරක්කු බෝතල් වලය. මේ වෙනුවට ආදේශකයක් වශයෙන් මෙගා හෝ ප්ලාස්ටික් බෝතල් යොදා ගත නොහැකිද? ඇත්තටම අරක්කු බෝතල් මෙතරම් ජනප්‍රිය වීමට ප්‍රධාන හේතුව, බෝතලය යන මිම්ම නිවැරදිව සපයන්නේ ඒවා  බැවිනි. 




6 comments:

  1. මන් මන් හිතන්නේ අරක්කු බෝතල් වැඩියෙන් පාවිච්චි කරන්නේ ඒවා ඒතරම් සුලබ නිසා කියලා. අනික ප්ලාස්ටික් බෝතල් වලට වඩා කාලයක් පවිච්චි කරන්නත් පුළුවන් නේ. ප්ලාස්ටික් බෝතල්වල නැවත් නැවත් පාවිච්චි කරන්න හොඳ නැහැ කියලත් කියනවනේ

    ReplyDelete
  2. මෙයට තවත් හේතුවක් මට කල්පනාවට ආවා. මෙම නිෂ්පාදන බොහොමයක් ඈත අතීතයේ සිටි (බ්‍රිතන්‍ය යුගයේ) සිට කෙරීගෙන ආ දේවල්. එනිසා "ඉම්පීරියල්" (අවුන්ස,ජිල්,පයින්ට්,ගැලුන්) ක්‍රමයට මැනීමේ පහසුව නිසා එයට ආදේෂකයක් ලෙස ආ "මෙට්‍රික්" බෝතල් (ලීටර්, මිලි ලීටර්) වැලඳ ගැනීමට සාම්ප්‍රදායික නිෂ්පාදකයින් දැක්වූ මැලි කම මෙයට හේතු වන්න්ට ඇති.

    ReplyDelete
  3. බැරි වෙලාවත් මතට තිත තිබ්බොත් ඔය බෝතල් වෙනම හදන මාකට් එකක් එයි!

    ReplyDelete
    Replies
    1. ඔව්. ඇත්තටම. අද දැක්කේ කමෙන්ට් එක.

      Delete
  4. මතට තිත තියන්න කතා කරන උදවියගෙන් සමහරෙකේ හැංගි හොරාවට තිතට මත 😁

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...