Thursday, January 28, 2016

කෙලතොල්ලා නොහොත් කපිල ...... Kapila the Drooler

කාර්යාලයේ මගේ පොත්පත් වලින් කොටසක් ඇත. ඒ මට නිදහසක් ඇති විට කියවීමටය. අද මේ පොත් ගොන්න දෙස බලා සිටි මගේ නෙත් නතර වුයේ, කාලයටක ඉහතදී භාවිතා කරලා ලද මගේ ක්ෂේත්‍ර සටහන් පොතෙහිය(Field Note Book). එය මාගේ දෙවැනි ක්ෂේත්‍ර සටහන් පොත වේ. මුල් පොත කොහේදැයි නිනව්වක් නැත. මගේ රාජකාරි ගවේෂණ බොහොමයක් ගැන මතකය අවධි කරගත හැකි කදිම මෙවලමක් ලෙස මෙය හැඳින්විය හැක. අලුතෙන් එක් වූ දාහත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ කිහිප දෙනෙකුට පමණක් පිටු 100කින් සමන්විත මෙම පොත ලබා දුනි. එහි මුල් පිටුවේ අපගේ පුද්ගලික තොරතුරු ඇතුලත් කලයුතු අතර, අනෙක් පිටුවේ ඇත්තේ එය පරිහරණය කල යුතු උපදෙස් මාලාවයි. 

බැංකුවට එක් වී දෙවැනි සතියේ සිටම රාජකාරි සඳහා පිටපළාත් වල ගමන් කිරීමට අපට සිදු විය. එකල තාරුණ්‍යයේ පසු වූ බොහෝ දෙනෙකු මේ ගමන් වලට එක් වන්නට පොරකෑ යුගයකි. මාද එසේ ගමන් කිරීමට පළමුව තෝරාගත් කණ්ඩායමට ඇතුලත් විය. එය පැරණි කිහිප දෙනෙකුත් අප කිහිප දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විය. මේ ප්‍රථම ගමන මහියංගනයට බව අදටත් මට ඉතා හොඳින් මතකය. එකල මා රාජකාරියට පැමිණියේ මගේ ගම වන බෙන්තොට සිට දුම්රියෙනි. උදෑසන 5:15 ට පැමිණෙන තැපැල් දුම්රියට ගොඩ වී, පහසුවෙන් අත්පත් කරගත හැකි අසුනකට බරවී නිදා ගැනීමක එකල මගේ සිරිත විය. 

මේ ගමන ගැන වඩාත් සතුටට පත් වුයේ මගේ පියාය. ඔහු ලංකාවේ බොහෝ පළාත් වල රාජකාරි කර ඇත. මහියංගනයට යනවා යයි කී විට ඔහු සතුටට පත් වන්නට ඇත්තේ, එය ඔහුගේ මුල්ම රාජකාරි ස්ථානය වූ බිබිලට ආසන්න නගරයක් වූ නිසාය. බිබිලේ රාජකාරි යෙදුනු ආකාරය, විඳි දුෂ්කරතාවන්, රසවත් සිදුවීම් සියල්ල ඔහු අපට කිහිප වරක්ම පවසා ඇත. ඔහු මට ලබාදුන් ඔහුගේ අත් පිටපතේද මේ ගැන සටහනක් ඇති බව මගේ මතකයි. ඒවා කෙදිනක හෝ බ්ලොග් අවකාශයට එකතු කිරීමට බලාපොරොත්තු වෙමි. 

නමුත් මා කියාගෙන ආවේ මාගේ දෙවෙනි ක්ෂේත්‍ර සටහන් පොත ගැනයි. මේ පොත් අතට පත් වූ ඕනෑම, මෙහොතක එහි පිටු පෙරලා බැලීම මගේ සිරිතයි. එහි දකින දකින පිටුවක් පාසා අතීත මතක සිත තුල අවධි වේ. ඒවා ඒ මොහොතේම අකුරු කරන්නට ඇත්නම් කදිමය. නමුත් එය ප්‍රායෝගික නොවන කාර්යයකි. මේ පොතේ පිටු අතර දෙනෙත් යවත්දී මගේ කාර්යාලීය සගයන් දෙදෙනා වෙනත් කෙනෙකු ගැන කතිකාවක යෙදෙනු ඇසුණි. වෙලාවකට මේවා මට මහත් වදයකි. මන්ද මගේ සිතේ සොඳුරු සිතුවීලි වලට ඒවා බාදා කරන බැවිණි. එහත් මගේ දෙනෙත වැල්ලවායේ ශාඛා විසිත්තය අතර හිර වන විටම 

"අරයා කථා කරනකොට කටින් කෙළ බේරෙනවා" යනුවෙන් එක් අයෙකු තමන්ගේ නිරීක්ෂණ සඳහන් කරන විට, ඉතා ඈත මතකයක් වෙත මගේ සිත දිව ගියේය. අද වනවිට කහගැහී තිබෙන එය මුලින් ලබාදුන් දිනයේදී කිරි සුදු පාටින් පවතී බව මගේ මතකයි. මා හනික  වැල්ලවායට ගිය දිනය පිටු අතරින් සොයා ගත්තේ, මෙය බ්ලොග් සටහනකට කදිම ආරම්භයක් නිසාය. එම සටහනට අනුව අප වැල්ලවායට ගොස් ඇත්තේ 2002 වර්ෂයේදීය. 

ඉන් පෙර කඩ කාමරයක් තුළ පවත්වාගෙන ගිය ශාඛාව නව ගොඩනැගිල්ලකට මාරු කිරීම සිදු වෙමින් පැවතිණි. එයට සමගාමීව පැබ්ස්(PABS)යනුවෙන් හැඳින්වූ, අපගේ සේවකයන් විසින්ම සංවර්ධිත බැංකු පද්දතිය එම ශාඛාවට හඳුන්වාදීම අපට පැවරී තිබුණු වගකීමය. එවැනි විටක ඉන්පෙර අර්ධ වශයෙන් පරිගණක ගත කොට තිබූ සියළු ගිණුම් මේ පද්දතියට ඇතුලත් කර ගැනීම අපගේ රාජකාරියෙන් කොටසකි. මෙවැනි විටෙක ශාඛාවක ක්‍රියාකාරී පුද්ගලයන් අප හා කුළුපග වෙයි. ඒ ශාඛාව තුලනය කර මෙම පද්දතිය ඇතුලත් කිරීමට දක්වන දායකත්වය නිසාය.
old field note book entry fond memories කහගැහුණු ක්ෂේත්‍ර සටහන් පොත
අමරජිත් තවත් එවැනි එක් චරිතයක් නොවීය. ඔහු අපගේ කාර්යයට සක්‍රීයව සහයෝගය ලබා දුන්නා පමණක් නොව, ශාඛාවේ කටයුතු වලටද උරදී කටයතු කරන ඉතා කාර්යශූර සේවකයෙකි. ඔහුගේ මේ නායකත්වයේ ස්වභාවය නිසා බොහෝ ගනුදෙනුකරුවන් කළමනාකාර තුමා සිටියදීම ඔහුට මැනේජර් මහත්තයා යනුවෙන් ඇමතීය. එයට කිසිවකුගේ හෝ විරෝධයක් නොතිබිණි. ඒ වනවිට නිලධාරී මට්ටටම හෝ උසස් නොවූ හෙතෙම,   ලිපිකරු ශ්‍රේණියක සේවය කළේය. නමුත් ඔහුගේ පෞර්ෂය සහ නායකත්වයේ ලක්ෂණ ඔහු ජනතාවගේ කළමනාකරුවා බවට පත් කර තිබිණි.

දින කිහිපයක අැවෑමෙන් ඔහු අපගේ ගජ මිතුරෙකු බවට පත් විය. මුලින් වෙනමම කකුළුවන් ඇල්ලු අපේ කණ්ඩායම පුළුල් වී, අමරජිත් එහි නිත්‍ය සාමාජිකයෙකු බවට පත් විය. කකුළුවන් අල්ලනවා යන්න අපේ ගමේ ක්‍රීඩා සමාජයේ මට ජේෂ්ඨ කණ්ඩායම සෙට් වීම සඳහා භාවිතා කළ කෝඩ් නේම් එක විය.  ගඟ සහ මුහුද ආසන්නයේ සිටින අපගේ ප්‍රදේශයේ එවැනි වදනක් කෝඩ් නේම් එකක් සඳහා භාවිතා කරනවා යන්න සොයා ගැනීම ඉතා අපහසු කාර්යයකි. මටද එය තේරුම් ගැනීමට ටික කලක් ගත විය. සෑම දිනකම රාත්‍රී හත පහු වී අල්ලන්නේ රැළ කක්කුට්ටන්දයි මා ඇසු වීට රෝහණ අයියා මට කාරණාව පැහැදිලි කරන ලදී. අප වැල්ලවායේ ගත කල කාලයේ නැවතී සිටි නිවාස ගැනද සටහනක් තැබිය යුතු මුත්, මේ ඒ සඳහා වෙලාව නොවේ. අමරයා පසුව අපගේ දිගුකාලීන මිත්‍රයෙකු බවට පත් විය. ඒ නිතර දෙවේලේ විවිධ ගැටළු විසඳා ගැනීම සඳහා අපට දුරකථන ඇමතුම් ලබා දීමේ ප්‍රතිඵලයක් ලෙසය.

එසේ සෙට් වන්නට නියමිත තවත් දිනක, බයිට් ලබා ගන්නේ කොහෙන්දැයි අසන ලද පැනයට අමරයාගේ පිළිතුර වුයේ,

"රෙස්ට් හවුස් එකට අලුතෙන් නියම කොල්ලෙක් ඇවිත් ඉන්නවා කපිල කියලා. ඌ බෙන්තර පැත්තේ එකෙක්. නියම රසට බයිට් දානවා"

"බෙන්තර පැත්තේ. එහෙනම් අනිවාර්යෙන්ම මාව දන්න ඕනේ" මා නොයිවසිල්ලෙන් පිළිතරු දුන්නේ, ඒ ගැන මට තිබූ විශ්වාසය නිසාය. අප ගම් ප්‍රදේශයේ පමණක් නොව අසල ගම් කිහිපයක බොහෝ දෙනෙකුද එකල අප හඳුනාගෙන තිබුණේ, බෙන්තොට ක්‍රීඩා සමාජයට පින් සිදු වන්නටය. මා නොහඳුනනවා නම් මගේ පියා, හෝ මස්සිනා මේ ප්‍රදේශයේ අය හැඳිනිය යුතුය. ඒ මගේ පියා අසල ගම කිහිපයක පාසල් වල සේවය කල නිසා හා මස්සිනා ව්‍යාපාරිකයකු වූ නිසාය.

තවත් මිනිත්තු කිහිපයකින් අප තානායම මිදුලට ලඟා වූ අතර, පළපුරුදු අයෙකු මෙන් අමරෙයා කුස්සියට අප කැටුව යන්නට සමත් විය. මොහොතකින් "සර්" ආමන්ත්‍රණයෙන් ඔහු අසලට ආවේ තරමක් තරබාරු, එහෙත් හුරුපුරුදු මුහුණකි.

"මේ ඉන්නේ මම කියපු අර කුක් - කපිල"

යනුවෙන් අමරජිත් පවසනවාත් සමග "කෙලතොල්ලා" මට ඉබේම කියැවිණි. එහෙත් එම වචනය එක් වරම හඳුනා ගන්නට මා අසල සිටි නාමල් හෝ අකිල සමත් නොවිණි. ඒ එය අපේ පාසලේ, ප්‍රාථමික වයසක කොල්ලෙකු විසින් තවත් අයෙකු හඳුන්වන්නට යොදා ගත් නිතර භාවිතයේ නැති නමක් වීමයි.

මෙම සටහනේ ප්‍රවේශයට මොහොතක් නැවතත් ඔබේ අවධානය යොමු කළහොත්, "එයාගේ කටින් නිකංම කෙල බේරෙනවා" යනුවෙන් මගේ සහෝදර සේවිකාව පැවසු බව මා සඳහන් කල බව ඔබට මතකද ? සත්‍ය එයයි. කපිල නොහොත් කෙලතොල්ලාට තිබු අඩුපාඩුවද එයම විය. එය ඔහු අනෙක් අයගෙන් ප්‍රතික්ෂේප වන මට්ටමට ගෙන එන්නට බොහෝ සෙයින් සමත් විය. කුඩා කළ සිටම කෙනෙකු කොන් නොකරන්නට වග බලා ගත් මා ඔහු තරමක දුරින් ආශ්‍රය කරන්නට වග බලා ගත්තේ, එක් අවධියකදී එම පාසලේම ප්‍රාථමික පන්තියක ගුරුවරියක වූ මගේ මව ඔහුට අනුකම්පා දක්වා මේ දඟකාරයා හොඳ ළමයෙකු කරන්නට ගත් උත්සාහයට යම් අත්වැලක් සපයන්නට එකල සිදු වූ නිසාය.

කෙලතොල්ලා අප පාසලේ බොහෝ දෙනෙකුගෙන් කොන් වූ අතර, ඔහු ඉතා දදබ්බරයෙකු ලෙස පාසලේම පැතිරී තිබුණි. මේකාගේ තවත් නරක පුරුද්දක් විය. ඒ ඔහු අසලට එන්නන් හට තම කට දෙපසින් බේරෙන කෙළ සහ කටින් තම අතට එකතු කර ගන්නා කෙල වලින් පහර දීමයි. එනිසා අපේ පන්තියේ චන්ඩින් වූ විජිත හෝ චමින්ද වත් ඔහුගේ ඇඟට අත තබන්නට තබා අසලට යන්නට සමත් නොවුහ. මේ නිසා කපිල අනෙක් අය අතර යම් මට්ටමක ප්‍රසාදයක් ලබා තිබුණි. කපිලගේ පියාගේ ජීවිකාව වුයේ සිමෙන්ති බෑග් වලින් විවිධ ප්‍රමාණයේ කවර සාදා කඩවල් වලට දැමීමය. අප සිටින වටරවූම් පාරේ තරමක් දුරින් ජීවත් වූ, ඉතා දුෂ්කර කුඩා කාලයක් ගත කළ, කපිලයා නොහොත් කෙලතොල්ලා අද වටිනා රැකියාවක් කරන පුද්ගලයෙකු වීම මට සතුටට කරුණකි. එහෙත් ඔහුගේ ඒ අමුතු චර්යාව ගැන මාගේ මිතුරන් දෙදෙනාට නොපවසා ඉන්නට වග බලා ගත්තේ, බයිට් කෑම ඔවුන් ප්‍රතික්ෂේප කරාවි යන සැකය මතය.

වැල්ලවායේ විවිධ චරිත කිහිපයක් අපට මුණගැසිණි. ඒ අතරින් අදත් මුවගට සිනා නවන වැල්ලවායේ සෙකියුරිටි නටන ලද නාඩගම තව භාගයක් ගන්න අමතක නොවන සිදුවීමකි. අප නතර වූ නිවසේ හිමිකාරිය, ශාඛාවේ කළමනාකරු, බුල්කානි, වෙනත් මාර්ගයකින් අප හඳුනාගත් රජිත, ඒ ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ නිදන් හඹා ගිය පුතු තවත් චරිත කිහිපයකි. ඉඩක් ලද හොත් ඔවුන් පිලිබඳ සටහනක් තම්බන්නම්. ඌව වෙල්ලස්ස පිලිබඳ සැඟවුණු කතා කිහිපයක්ද ඒ අතර වේ. 

65 comments :

  1. බැංකුවේ නම නොදා පොතක්ම ලියන්න

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මේවා කියවන්න මිනිස්සු කැමති වෙයිද ?

      Delete
  2. අනේ මන්දා මේවා කියවන්න මිනිස්සු කැමති වෙයිද ?

    ReplyDelete
    Replies
    1. ඔය වගේ කතා වලට කැමති ගොඩක් මිනිස්සු ඉන්නවනේ

      Delete
  3. ඉස්කෝලෙ කාලෙ කෙලතොල්ලා වගේ හිටපු චරිත දැන් හම්බෙනවා ජීවිතේ ගොඩදාගෙන ලස්සනට ජීවත් වෙනවා.ඒ උනාට පරණ පිරිසක් සෙට් උනොත් උට සලකන්නෙ අර ඉස්සර කොන්කරලා සලකපු විදිහටමයි.එවැනි අයෙක් යම් ක්ශේත්‍රයක වෘත්තීය මට්ටමට ගියත් ඔහුව අපහසුතාවයට පත්කරන පැරණි සගයින් ගැන ගස්ලබ්බා සමඟ බොහොම දුකින් කතා කරා.ඒ අතින් ඔබ උසස් ලෙස හසිරී තිබෙනවා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. සමහරුන්ගේ ඒ වගේ ගතිලක්ෂණ තියෙනවා. නමුත් මට ඌව දැක්ක ගමන් ගමේ කම එලියට ආව. ඒ කොටස ලියන්න බැරි වුනාට මම උගේ කරට ඇත දාගෙන කථා කළා. කපිලට මාව මුලින් අඳුන ගන්න බැරි වුණා. මට ජීවිතේ එක් වතාවක් හරි කෙනෙක් මුණ ගැහුණොත් නමින් අමතන්න තරම් මතකයක් තියෙනවා. සමහරු මේ හැකියාව ගැන පුදුමයට පත් වෙලා තියෙනවා.

      Delete
    2. මට මතක නැත්තේම නම.. :) මට ඒ වෙනුවට එක පාරක් හරි ගියොත් ඕනි පාරක් මතක හිටිනවා..

      Delete
    3. මටත් පාරවල් මතක හිටිනවා. ඒ වුණාට බොහොම අඩු ප්‍රමාණයක් වරදිනවත් එක්ක. එහෙම වරදින්නේ දන්නවා වැඩි කමට.

      Delete
    4. ඒකට මට,මට මිනිස්සුන්ගේ මූණු,නම් මතක හිටින්නෙම නෑ.ඒ නිසාම ඔය හදිස්සියෙන් සෙට්වෙන අයට සිද්දිය කියලා ආපහු හම්බවුනොත් මම කතානොකලට ඇවිත් කතාකරන්න කියන මට්ටමටම මම පත්වෙලා.

      Delete
    5. ඔන්න බලපන් ළඟදී දවසක මම උඹලගේ ඔෆිස් එක ලඟට ඇවිත්, උඹේ මූණට මුණගැහිලා අහක බලන් යනවා. ඇයි යකඩෝ කලින් කියන්න එපැයි.

      Delete
  4. අපෙත් හිටියා ඔය වගේ ඩයල් එකක් මිනිහාගේ නාහෙන් හොටු බේරෙනවා. මිනිහා ඒක පලියක් අපේ පන්තියේ චන්ඩියා වෙලා හිටියා.
    ආ දැන්නේ මතක් උනේ කෙල බේරෙන පොරකුත් හිටියනේ.මිනිහා අපේ පන්තියේ හිටිය පෙරේතම එකා. මිනිහගේ කෙල බේරෙන එකනම් දැන් හොදයි.

    ReplyDelete
    Replies
    1. දැං මහේෂ් ඔය දෙන්නගෙන් කවුද? හැක්...

      Delete
    2. eක පාරක් නුවරදී දැක්කා අමුතු විදියට හොටු බේරෙන කොල්ලෙක්. ඌ ඇවිත් හිටියේ නෙස්කැෆේ බෙදන්න. නෙස්කැෆේ දාන්න කෝප්ප තිය-තියා ඉන්නකොට නාහෙන් හොටු බේරෙනවා. ඌ එක ඇඟිල්ලෙන් ආපහු නහය ඇතුලටම තල්ලු කරලා වැඩේ කරගෙන යනවා. මේක දැකලා කීප දෙනෙක් ආපහු හැරිලා ගියා.

      Delete
    3. ප්‍රසෝ,උබ මාව කපලම දැම්මනේ..

      සුදීක අයියේ එතන නෙස්කැෆේ දෙන්න ඇත්තේ නොමිලේ..ඒකයි ඒ වගේ කොල්ලෙක් දාන්න ඇත්තේ..

      Delete
    4. නෑ. නෑ. අපි උන්ට ගෙවුවා.

      Delete
  5. කාලේකින් ආවේ.තව කතා කිපයක්ම ටච් වේලා තියේනව නේ

    ReplyDelete
    Replies
    1. කතා ගාන අඩුකලා. නැතිනම් ඒ ටික පඳුරු වලට අදාළ වෙන්නේ. එක නිසා තමයි අපේ හැලප අයියා මාතෘකා වලට ඔය හැමෝගෙම නම් යොදන්නේ. උදාහරණයකට මේකෙත් දාන්න තිබුණා මෙහෙම මාතෘකාවක්

      කෙලතොල්ලාගේ බයිට් එක, අමරජිත්, නැවතුන ගෙදර ඇන්ටී සහ සිකුරිටි කොලුවාගේ පස්සේ ගෙනා භාගේ......

      Delete
  6. කතාවට එන්ටර් වෙන කොටම ඉවර උනා වගෙයි දැනුනේ.. සුදීක ගේ ඔය පොතේ බ්ලොග් පිටු කීයක් ඇත්ද කියලයි මම කල්පනා කරේ.. මතක් කර ගන්න අපහසු නැහැ. මුල පටන් ගත්තනං. මම මේ ළගදි බෙන්තර ගිහිල්ල ඇහුවා බැංකුවේ වැඩ කරන සුදීක දන්නවද කියලා.. උන් කිව්වා අපෝ උන් ගමේ තියාගන්න හොද කස්ටියක් නෙමෙයි හින්දා දෙහිවල පැත්තට පැන්නුවා කියලා.. හැක්..

    දිගටම ලියමු..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පෙරලන පිටුවක් ගානේ සිද්ධි මතක් වෙනවා. අර මුලින්ම මහියංගනයට යන්න හිටි ටීම් එකෙන් එක් කෙනෙක් අයින් කරන්න කියලා ප්‍රධාන කළමනාකාර තුමා කියලා. එතකොට අලුත් තුන් දෙනාගෙන් කෙනෙක් තමයි අයින් කරන්න වුණේ. අකිලට උගේ ගම පහු කරලා යන ගමන, එතන ගිය අනිත් කෙනාටත් එහෙමයි. ඉතිං මම ස්වේච්චාවෙන් අයින් වුණා. මාසෙකට නිසා මම බෑග් එකක් පුරවලා ඇඳුම්, කියවන්න මනහර සඟරා, වෝක්මන් එකක්, සෙල්ලම් කරන්න වෙනම ඇඳුම් අරගෙන ආවේ. එදා හවස ගෙදර ගියාම තාත්තා අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්න ගිහිං මාර අමාරුවක වැටුණේ.

      Delete
  7. සුදීකත් එහෙනම් තැපැල් දුම්රියේ සාමාජිකයෙක්.. ඔය කෝච්චිය අම්බලන්ගොඩට වාර්තා කරන්නේ උදේ හතරයි හතලිහට.. හැබැයි මම කවදාවත් ඔය කෝච්චියේ කව්ලුවකින් බෙන්තර අලුත්ගම දැකල නම් නැහැ. කෝච්චියට ගොඩවෙච්චි ගමන් යන නින්දෙන් මාව ඇහැරෙන්නේ අඩුම තරමේ දෙහිවල වැල්ලවත්ත හරියටවත් ගියාම තමයි. අපි පැය අටක රැකියාවකට යන්න පැය පහක් හයක් උදේ හවස බස් කෝච්චි වලට නිස්කාරනේ ගෙවල දාපු එක ගැන ඇත්තටම මට දැනෙන්නේ කනගාටුවක් සුදීක. රජයේ රැකියාවක් ආරක්ෂාකරගන්න මිනිස්සු කොයිතරම්නම් දුක් විඳිනවද.

    කපිලගේ බයිට් එකේ රස ගුණ ගැන ලියල නැහැනේ..

    ReplyDelete
    Replies
    1. චැහ්.. දේශකය විදියට ලොග් වෙලා අනිකට මාරුවෙච්ච පොඩ්ඩට මේක මැදට පැනලනෙ.

      රස ගැන ලියන්න ඉතිං මේ මනුස්සය ඒක කන්න එපැයි.

      Delete
    2. මමත් කෝච්චියේ නිදියනවා. ඇත්තටම එලිය වැටෙන්නේ පානදුර මොරටුව හරියේදී. එතකොට තමයි ඇහැරෙන්නේ. ඒ වුණත්, කළුතරින් එන සෙට් එකකට පානදුර හරියේදී සීට් දීලා නැගිටිනවා. හවසට එයාලගේ සීට් වල තමයි අපි වාඩි වෙන්නේ. ඒ ජීවිතය කටුකයි.

      ඇත්තටම කොල්ලා රසට හදලා තිබුණා. කපිල කියන කොල්ලා හිනා වුණාම ප්‍රසන්න මුහුණක් තියෙන්නේ.

      Delete
    3. @නයන්නා : ඉස්සර නම් ඕනෙම මසක් කෑවා.

      Delete
  8. අර ලබ්බ කියල තියෙනව වගේ ඉස්කෝලෙ කාලෙ විවිධ අඩුපාඩු තිබ්බ කට්ටිය දැන් හොඳ තත්වයේ රස්සාවල් කරගෙන හොඳින් ජීවිතය ගත කරනව මාත් දැකල තියෙනව. මොනව උනත් සුදීක ඌට පොඩිකාලෙ සලකපු හැටිනං අගෙයි.

    ශය පොතේ නැද්ද ගොඩකවෙල බැංකුවට ආපු දවසෙ වෙච්ච දේවල් එහෙම.

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තේ කස්ටර්මස්ලා කොයි තරං අජුත සත්තුද කියල කල්පනා කරල කරලම එපා වෙලා සුදීක ඒ කොලේ ඉරල විසික් කළා හුගක් කාලෙකට කලින්ම. හැක්.. සැහ්. ලොග් අවුට් වෙන ඩිංගට අර අම්බයා රිංගුවා නේ.. හැක්

      Delete
    2. ඊට වැඩිය භයානක තත්වයක් බං තිබුණෙ. බැංකුව ඕපන් එකට කලින් දවසෙ බෝම්බත් ගැහුව.

      Delete
    3. බැංකුව විවෘත කරන දවසට කලින් මම ආවා. මට තිබුණේ පරණ බ්‍රාන්ච් එකේ තිබුණ ටර්මිනල් ටික මේකට සෙට් කරලා දෙන්න. කළින් දවසේ බෝම්බ ගහලා තිබුණ නිසා ආරක්ෂාවට ගාමණී (ගම් බට්ටෙකු) යොදවා තිබුණා. මම ඇතුලේ වැඩ කරමින් ඉන්නකොට රතිඥා පත්තු වෙන හඬක් ඇසුණා. එලියට ඇවිත් බලනකොට මිස් ෆයර් එකක්. ළඟ තිබුණ පොල් ගහේ අත්තක් කඩාගෙන ගිහින්.

      Delete
  9. ප්‍රවේශය හොඳා. අන්තර්ගතය කියවන්න බලාගෙන ඉන්නව... :-)

    ReplyDelete
    Replies
    1. හරි බලමු ඉදිරි කාළයේදී.

      Delete
  10. සුදිකගෙ තාත්ත ලියපු පොත තවම පළකරල නැද්ද? මදැයි ඒක හොයාගෙන කියවන්න හිතං උන්න...

    ඒක පළකරන්නකො. මං හිතන්නෙ ඇස්. ගොඩගේ ගොඩක් ලේඛකයන්ට අත දෙන කෙනෙක්...

    ReplyDelete
    Replies
    1. තාත්තා ලියපු පොත මුද්‍රණය කළා. ඒකෙ පිටපත් ඉවරයි. මගේ ගාව තියෙන එකේ PDF වර්ෂන් එකක් කරන්න ට්‍රයි එකක් දෙන්නම් වෙලාව ලැබෙන විදියට.

      Delete
    2. මොකද්ද නම? ආපහු මුද්‍රණය කරන්න බැරිද? පීඩීඑෆ් කරන එක නං ජාතික මෙහෙවරක්. ගොඩක් ප්‍රකාශකයොයි කතුවරුයි ඒකට කැමති නෑ. සල්ලි ලැබෙන්නැති නිසා. ඒක හරියට එක කාලයක් එම්පීත්‍රී සීඩී වලට ාගායකයො විරුද්ධ වුනා වගේ තමා...

      පීඩීඑෆ් එකක් කරගන්න පුළුවන්නං ලොකු දෙයක් සුදික...

      Delete
    3. පොතේ නම බෙන්තොට පාරාදීසය. තාත්තා වද කරනවා තව පාරක් මුද්‍රණය කරමු කියලා.

      Delete
    4. ඉතිං කරමුකො. අලෙවිය ගැන බය වෙන්න දෙයක් නං නැතිවෙයි කියල මට ශුවර්.

      Delete
  11. බොහොම කෙටියි බොහොම කෙටියි..

    මගේ ෆීල්ඩ් නෝට් බුක් බැලුවොත්නම් පිස්සු හැදෙනවා.. :)

    ReplyDelete
  12. අපෙත් එකෙක් හිටියා බං . කට දෙපැත්තෙන් කෙල බේරෙනවා ග දැං අයි පි කෙනෙක් , කෙල නොබේරුනාට දැනුත් පොරගේ කටේ කෙල පුරවගන කතා කරන්නේ

    ReplyDelete
    Replies
    1. ෆ්‍රෙඩි සිල්වා මියුසිකල් ෂෝ වලට ආවම කට දෙපැත්තෙන් අරක්කු බේරෙනවා.

      Delete
  13. ක්‍ෂේත්‍ර පොත් වනාකී පරණ සිදුවීම් මතක් කරගන්නට හොඳම මූලාශ්‍රයෝ වෙති. ආයේ දෙකක් නැත. එව්වායේ තියෙන දේවල් ලියන්න පටන් ගත්තොත් කොහෙන් කෙලවර වෙයිදැයි කියන්නට බැරිය. ඒ නිසා ඔය පරණ ක්ෂේත්‍ර පොත් ටික ඔක්කොම නැවත බලලා හිටං හොඳ ලිපි කීපයක් ලිවීම හොඳය.

    මා ලඟත් පරණ ක්ෂේත්‍ර පොත් රාශියක් තිබුණේය. නමුත් එව්වායේ තියන දේවල් බ්ලොග් එකේ ලියන්න ගියොත් මමත් අර විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේ රස්තියාදු වන්නකු වීමට ඉඩ ඇති බැවින් ඒ පොත් දවා අළු කලෙමි.

    ReplyDelete
    Replies
    1. ඒ දේවල් වලින් සිහියට එන රාජකාරියට අදාළ නොවෙන සටහන් ලිවීමට හැකිය. ඒත් ඔබතුමාට රාජකාරියට පිට කියා දෙයක් නැති බව මම දනිමි. මටනම් රාජකාරියෙන් පිටවූ හැම විටම ඇත්තේ රාජකාරියට පිට දේවල් නිසා මේවා ලිවීමට හැකිය.

      Delete
  14. හෙහ් සෑහෙන කාලෙකිං අර හද්ද වන්නිය දිහැදි ඉස්කෝල කාඩ් එක කර බරස් ගාල කණ අස්සෙම පුපුරද්දි මොන තරං සනීපයක් දැනෙන්න ඇතිද..
    හිහි

    ReplyDelete
    Replies
    1. හද්ද වන්නිය ? වැල්ලවායේ එකෙක් දැන ගත්තෝතින් තමයි වැඩේ. දැන් පාරවල් හොඳයි. කඩසාප්පු තියෙන නිසා වන්නිය කියන්න පුළුවන් තැන් බොහොම අඩුයි. වන්නියේ ෆුඩ් සිටි දායිද ? මට ඒක කියවුනේ බොහොම හෙමින්. ඒ නිසා කපිලට තියා අමරජිත්ටවත් ඇහුණේ නෑ.

      Delete
  15. සුදීක සහෝ..................

    මේ විදිහ විවිධ චරිත අපේ (මටයි නෝනාටයි) හම්බුණාම අපිත් ඒයාලට විශේෂිත නමක් දානවා. ඒ වේ විශේෂ චරිත අදටත් මතකයි. අපේ රස්සාවල් නිසා අපිට රටේ විවිධ පැතිවල ඉන්න හැකි වුණා. මේ අවස්ථා වලදී විවිධ පුද්ගලයින් විවිධ අත්දැකීම් ලැබුනා. ඒකත් හරි වටිනා දෙයක් නේද.................?????

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ. මේ බ්ලොග් ගැන අදහසක් නැති කාලේ අපූරු චරිත මුණගැහිලා තියෙනවා. ඒ වුණාට වැඩියෙන් ඔවුන් හා දොඩමලු වෙන්න ලැබුණේ නෑ. ඒ කියන්නේ උවමනාවක් තිබුණේ නැති නිසා.

      Delete
  16. හා අද පඳුරු ටිකක් අඩු වෙලා තියන්නේ.. අපේ 1 වසරේ පන්තියෙත් ඔය ජාතියේම පොරක් හිටියා. පහු වෙද්දී අපේ පංතියෙන් වෙන පංතියකට ගියාද කොහෙද. මතක නෑ මොනවා උනාද කියල.

    ReplyDelete
    Replies
    1. මට පස්සේ කාලෙදී ලෙක්චරර් කෙනෙකුත් හමු වුණා කථා කරනකොට කට දෙපැත්තෙන් කෙල බේරෙන. සමහරවිට මේක පොදු රෝගී තත්වයක් වෙන්නත් පුළුවන්. පොඩි වයසේදී සාමාන්‍යයි. ලොකු වෙත්දී හරි යනවා.

      Delete
  17. සෑහෙන්න මතකයන් ටිකක්නේ.
    නම් ගම් සුට්ටක් වෙනස් කරලා පොතක්ම ලියමු ඔන්න ඔහේ.

    ReplyDelete
    Replies
    1. පොතකට තරම් වටිනවද කියලා තමයි මම කල්පනා කරන්නේ.

      Delete
  18. තව භාගයක් ගන්ට කියවන්ට යමින් (තිත්දෙකයි තුන)

    ReplyDelete
    Replies
    1. ලොල් කතා සීරීස් එකම කියවලා බලන්න. වෙන කරන්න වැඩක් නැති වෙලාවක.

      Delete
  19. අද නම් කතාව හොඳටම කෙටි වැඩී.. පඳුරු තැලිල්ල අමතක වෙලා වගේ.
    ඔය වගේ අය කොන් කරන එක නම් ලොකු අපරාධයක්. ඒ වගේ අය ගොඩක් වෙලාවට දඩබ්බර චරිත වෙන්නෙ වටේ ඉන්න අය කොන් කරන හින්දමයි.

    ReplyDelete
    Replies
    1. වෙනසක් ඇති කරන එක අපේ යුතුකමනේ මලේ.

      ඔව් ම්ම් ඒ වගේ කොන් වෙලා හිටිය චරිතයක් ගොඩ දැම්මා මීට් කලින් ජොබ් එක කරත්දී. ඒ ගැන පස්සේ ලියන්නම්.

      Delete
  20. අඩුපඩු නිසා පොඩිකාලේ පැත්තකටවෙලා හිටපු එවුන් පස්සේ කාලෙක හොඳතැන්වල ඉන්නවා දකිනකොට ඇත්තටම සතුටුයි.පොඩිකාලේ නොතේරුම්කමට කරපු දේවල්ගැන ඒ වෙලාවට හිතට එන්නේ දුකක්.

    ReplyDelete
    Replies
    1. කරුණාව කියන එක සංසාර පුරුද්දක්. කරුණාව තියෙන අය කුඩා වයසේදීම ඒවා කරන්න පටන් ගන්නවා. මොනවා වුණත් ලොකු වෙනකොට මේවා අඩු කරගන්නේ සමාජයේ/සංස්කෘතියේ බලපෑම නිසා. එහෙම දුක දැනෙන එකත් ලොකු දෙයක්.

      Delete
  21. කතාවට අමතරව මට අහන්න දෙයක් තියෙනවා සුදීකගෙන්. මේ බ්ලොග් එකේ විතරක් සිංහල ෆොන්ට් එක මගේ ඇතුළු අනිත් බ්ලොග් වල සිංහල ෆොන්ට් එකට වසා වෙනස් ඇයි? මගෙ OS එක Win 10. ඒකෙ සිංහල ෆොන්ට් පේන්නේ ටිකක් ලොකුවට රවුම් ටිකක් බොලඳ පාට ෆොන්ට් එකකින්.

    ReplyDelete
    Replies
    1. මමත් මේ උගතෝකෝටික ප්‍රශ්ණයකට මුහුණ දීලා ඉන්නේ. "ප්ර" අකුර ගූගල් ඉන්පුට් ටූල් වලින් ටයිප් කරත්දී පෙන්වනවා. නමුත් "ප්ර" එක විදියට එන්නේ අපිට ඕනේ "ප්‍ර" නෙවෙයි. මම ගෙදර ලැප් එකේ රී-ඉන්ස්ටෝල් කරලත් බැලුවා. හරි ගියේ නෑ. මේක පොදු ප්‍රශ්නයක්ද කියලා හොයා බලන්න ඕනේ. කලින් ටයිප් කරපු ඒවාගේත් පෙන්වන්නේ ඒ විදියට.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මේක ක්‍රෝම් වල පොදු ප්‍රශ්ණයක් බව අම්බලන්ගොඩ මලයා පවසා ඇත.

      Delete
  22. ඔහොම කෙල බේරෙන එක ස්නායු ආබාධයක් වෙන්න ඇති මම හිතන්නේ. කොහොමත් බයිට් රහ ඇති තමා.

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති. පස්සේ කුක් වුණාම කෙළ හින්දෙන්න ඇති.

      Delete
  23. සුදීක අයියා... දිගටම ලියමු සීරීස් එකක්ම මෙව්වයින්... ඔයවගේ පරන ඉස්කෝල යාලුවො හම්බුනාම අලුත්වෙන මතක බොහොම රසවත්..

    ReplyDelete
    Replies
    1. ලියන්නම් වෙලාව ලැබෙන විදියට. ඉස්කෝලේ යන කාලේ අපි යාළුවන්ට ලියුම් ලිව්වා නිවාඩු මාස වල. ඒ දවස් වල මිස්ලා ගැන එහෙමත් සංවාද තිබුණා ඒවාගේ.

      Delete
  24. ආදරය කරුණාව සමාජයෙන් ලැබෙන්නෙ නැත්තං...පිළිගැනීමක් නැතිනං...ඒ චරිත දාමරික වෙන එක තමයි සාමාන්‍ය ස්වභාවය..ආදරය කියන මනෝභාවයට දරුණු අපරාධකරුවන් පවා මෙල්ල කල හැකි වූ බව අතීතය හාරා අවුස්සා බලන විට බොහෝ උදාහරණ තිබේ...

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...