Monday, November 16, 2015

සුන්දර ඇබැද්දි අංක 1 : වැහිකාලේ - බර කාලේ ......

 සිංහල බ්ලොග් අවකාශයම මේ පසුකරමින් යන්නේ නිද්‍රාශීලී යුගයක් (Ice Age ) කියලා හිතෙන තරමට මෙහි බ්ලොග් සටහන් වැටීම අකර්මන්‍ය වෙලා. මම නිරතුරුව පොස්ට් එකතු නොකරන නිසාම නෙවෙයි. නමුත් අප මෙහි පැමිණි 2012 කාලය සහ ඉන්පසු අවුරුද්ද වූ 2013 කාලයේ කෙතරම් වේගයකින් එකල උන් සියළු දෙනා බ්ලොග් සටහන් එකතු කළාද යන්න එවක සක්‍රීයව සිටි සියල්ලන්ට නොරහසක්. එසේ වුයේ කුමන හේතුවකින්ද යන්න සොයාබැලීම මේ සටහනේ අරමුණ නොවේ. 

මේ දිනවල ලංකාවේ බොහෝ පළාත් වලට නොකඩවා ඇදහැලෙන වර්ෂාව මෙහි වෙසෙන ඔබසැමද මම මෙන් අත්විඳින්නට ඇතැයි සිතමි. වැස්ස සමහරෙකුට ආශිර්වාදයක් වනවිට, තවත් කෙනෙකුට ශාපයක් වේ. සමස්තයක් දෙනාට මෙය කටුක අත්දැකීමක් බව නොරහසකි. අපගේ ගෘහ සේවිකාව වන අයිල් දවස් දෙකක නිවාඩු ඉල්ලා ගිය ගමන සතියක් දක්වා දීර්ඝ විය. ඒ කාලයේ මාගේ දියණියගේ කටයුතු සියල්ල සිදු කිරීමට මා හට සිදු වීම නිසා නිවාඩු ලබාගෙන නිවසෙහි උන්නෙමි. ඒ සිටින විට රූපවාහිනියට නිරතුරු දෑස් යොමු කරමින් ඇඳෙහි සයනය කරනවිට ඉහත කී නිද්‍රාව පරදින දැඩි නින්දකට වැටීම නොවැලක්විය හැකිය. එසේ නින්දට වැටුණු පසු අවධි වන සෑම මොහොතකම නැවතත් දෑස් පියවෙයි. බ්ලොග් ලිවීමටද වුයේ එයමය. ලියන්නට අවශ්‍ය යයි සිතා පරිගණයක ඉදිරියේ හිඳගත් සෑම මොහොතකම පෙරකී නිද්‍රාශීලී බව එය යටපත් කළේය. 

සියළු දේ සදාකාලික නොවේ යන සත්‍යය පසක් කරමින්, කොයි මොහොතේ හෝ අප සැවොම පුරුදු පීල්ලට වැටෙන්නේය. ඒ මොහොත සියල්ලන්ට එකලෙස උදා නොවේ. අද එයට අවශ්‍ය කාලය, ද්වීපය, කුලය ආදී පස්මහා බැළුම් සියල්ල එකතැන් කරගැනීමට හැකි විය. එය නිරායාසයෙන් සිදු වුවකි. මෙම බ්ලොග් අඩවියට එකතු කරන නවමු කාණ්ඩය වූ "සුන්දර ඇබැද්දි" එකතු වන්නේ පසුගිය දින කිහිපය ඇවාමෙන් පිළිසිඳගත් අදහස් ගොන්නක් මල්පල ගැනීමක් ලෙසය. සුන්දර ඇබැද්දි කී විගස ඔබේ සිහියට එන්නේ මොනවාද ? සරලව යම් කෙනෙකු මුහුණ දුන් කරදරකාරී සිදුවීමක්, පසුව මෙනෙහි කරනවිට ඇති රසවත් බවය. මෙවැනි අත්දැකීම ඔබටත් අනිවාර්යයෙන්ම තිබිය යුතුය. මේවා සිදු වූ ආකාරයෙන්ම ඉදිරිපත් නොකලද කාළයට අනුරූපව මතකයට නැගෙන පරිද්දෙන් ඉදිරිපත් කරන්නට සිත් විය.  

අද මා කියන්නට යන ඇබැද්දියට මුහුණ දෙන්නෝ පිරිමි පාර්ශවය වන අපය. කාන්තාවන් මේ පිලිබඳව ඇති සැලකිල්ල නිසාම ඔවුන්ට මේ ඇබැද්දි වලට මුහුණ දීමට සිදු නොවේ. සිදු වුවත් වන්නේ බොහොම කලාතුරකිනි. ඒවාට ආවේණික හේතූන් ඇත. කාන්තාව නිර්මාණය කර ඇත්තේ වෙසෙස් දරා ගැනීමේ හැකියාවක් සමග බව දිනක් මා සමග බසයේ එකම අසුනේ උන් මගේ මිතුරෙකු පැවසුවේ, හිස් වන අසුනට පොරකා පිරිමින් රිංගන විට, ඒ ගැන අඩු සැලකිල්ලක් දක්වා තමන් සතු මලු කිහිපයක්ද දරාගෙන හිටගෙන උන් මැදිවියේ කාන්තාව මුහුණ දෙන අපහසුතාවය පිලිබඳ මා දැක්වූ අදහසට පිළිතුරු දෙමිණි. නමුත් සොබාදහම ඔවුන්ට දරා ගැනීමට නොහැකි දේ කිහිපයක්ම නිර්මාණය කර ඇත. මා ඒවා පිලිබඳ මෙහිදී සඳහන් නොකරන්නේ, දැලි පිහියෙන් මී කිරි කෑම කොහොමත් අනතුරුදායක නිසාය.  

කාන්තාවන් මුහුණදෙන සුන්දර ඇබැද්දිය ලෙස පතල පිළිසිඳ ගැනීම මා කියන්නට යන කතාව හා පටලවා ගතයුතු නොවේ. මේ කතාව කියනවිට බොහෝදෙනාගේ මතකයට එන කාරණාව එය වුවද, ඔවුන්ට එය දරා ගැනීමට මනා ශක්තියක් සපයා ඇත. එනිසා එයත් මා මුහුණදුන් අත්දැකීමත් වෙනස් කාරණා දෙකකි. වැහිකාලයත් සමග ගහට පොත්ත මෙන් සබඳතාවක් ඇති මහා බරක් ගැන ඔබට සිතා ගත හැකිද ? අහස වලාකුලින් බර වීම, නිවෙස් වල වහලවල් බර වීම, ඇඳ සිටින ඇඳුම් තෙතබරිත වීම. මේවා ඔබගේ හිතටත් එන්නට ඇති. නමුත් මේක මහා මෙරක් ලෙසට හිතේ උපන් බරට කීවාක් සේ ඇතිවන බරකි. 

මා උසස්පෙළ ආරම්භ කල කාලයේද අද මෙන් එකදිගට වැසි ඇදහැලෙන්නට විය. සෙනසුරාදා ටිල්නි ද සිල්වා ගුරුතුමාගේ භෞතික විද්‍යා පන්තියට කළුතර යා යුතුය. නිවසේ සිට කිලෝමීටර් දහතුනක දුර ගෙවා දමන්නට එකල අප ගමන්ගත් 30 ශ්‍රී 155 නොහොත් 155 පාසල් බස්රථය ගත්තේ මිනිත්තු විසිපහක කාලයක් වුවද, බට්ටෝ බස් එක නොහොත් ඉසුසු එල්ෆ් වැන් කටුවක් ගන්නා කාලය මිනිත්තු හතළිස්පහක් හෝ පැයක් වේ. එකල මේ බස්රථ හා බැඳී වෙනමම සංස්කෘතියක් විය. ඉදිරි අසුනේ හිඳ ගැනීම වෙනමම සටනකි.  එම මගී ප්‍රවාහනය සමග අත්වැල් බැඳගත් ජැක් සංස්කෘතිය අනෙක් කාරණයයි. එකල ඒවා සුලබ කරුණුය. තමාට ජැක් තැබුවේ කවුද ? තමා ජැක් තැබුවේ කාටද යන්න රහසක්ව පවතී නිසා දෙපාර්ශවයම මෙහිදී යම් එකඟත්වයක් දැක්වූ බව නොරහසකි. නමුත් මා කියන්නට යන සුන්දර ඇබැද්දිය මෙය නොවේ. 

පෙරකී ප්‍රවාහන අපහසුතාව නිසාම සවස එකට පැවැත්වෙන පන්තියට මා නිවසින් පිටත් වන්නේ පෙරවරු 11:30ට පමණය.  සෙනසුරාදා උදෑසන කොහේ හෝ රස්තියාදුවක යන මා හැල්මේ නිවසට දිව එන්නේ පන්තියට දිව යාමේ දැඩි අවශ්‍යතාවය නිසාය. ක්‍රෂ් එකක් යනු කුමක්දැයි නොදන්නා සමයක මට ක්‍රෂ් එකක් සිටි බව මේ මොහොතේ මගේ මතකයට නැගේ. ඒ මාගේ ගණන් සැදීමේ දක්ෂතාවය නිසාය. මා සමග පන්තියේ උන් සෙසු අය සමග සසඳන විට අඩු ප්‍රියමනාප පෙනුමක් තිබූ මාහට කෙල්ලක් ආකර්ෂණය වීමට වෙනත් සාධාරණ හේතුවක් නොවිණ. මා පන්තියට දිව යන්නට තිබු ඉන්සෙන්ටිවූ එක එය විය. නමුත් කෙල්ලන් සමග කථාවට මා දැක්වූ බියසුලු ස්වභාවය එය යථාර්ථයක් බවට පත් කිරීමට ඉවහල් නොවිණි.  එසේනම් මා කියන්නට යන සුන්දර ඇබැද්දියට එයද හේතුවක් නොවිණි.

මාගේ රචනා කියවන සහෘදයෙකු "සුදීකත් පඳුරු තැලිල්ලට දක්ෂයි" යයි වරක් ප්‍රකාශ කළේය. එහි තිබෙන අල් තයන්නෙන් කියවෙන්නේ තමාද එයට දක්ෂ බව නොවේදැයි මට සිතේ. ඔය අල් තයන්න දමන බොහෝ දෙනා ඉන් අදහස් කරන්නේ ඔයාටත් මට වගේම පුළුවන් බවය. ඒ ගැන පොඩ්ඩක් සොයා බලන්න. උදේ 11:30 ට නිවසින් පිටවන මා අම්මා භාගෙට උයන ලද බත් සහ එක් මාලුවක් හෝ දෙකක් සමග උණු උණුවේම බත් ගුලි කිහිපයක් ගිල දමන්නේ කිඹුලා කිරිමැටි ගිලීම සිහිපත් කරමිනි. එහි කිසිදු රසයක් දැනෙන්නේ නැත. කට පිච්චීම සහ බඩ පුරවා ගැනීම හැර ඇති දෙයක් නැත. ඉතින් සුන්දර ඇබැද්දිය එයද නොවේ. හිතවත් කියවන සහෘදයිනි, මා තවත් ඔබ වෙහෙසට පත් කරන්නට බලාපොරොත්තු නෙවෙමි.  එකොළහයි තිහට ගෙදරින් පිටත් වන මා එකොළහයි හතළිස්පහ වනවිට අලුත්ගම බස් නැවතුම් පොළේය. පයින් ගමන් ගන්නා දිනකද, බසයෙන් යන වැහි දිනකද එසේය. වේගයෙන් ඇවිදීම අපේ පරම්පරාවේ පුරුද්දක් බව පවසන්නේ අසල්වසියන්ය.

බස්රථයේ ඉඳගෙන සිටින විටද පුංචි මුත්‍රාබරක් දැනුනද, ඉදිරි පේලි වල බංකුවක හිඳ ගැනීමද, පෙරකී ගැහැණු ළමයා අසලින් ගැවසෙන බංකුවක් වීමද අත්‍යවශ්‍ය සාධකයක් විය. නමුත් ඒ සඳහා මා හිතනවාටත් වඩා මාගේ මිතුරන් වන දයාරත්න, ජයවික්‍රම, පූජිත, සහ ජනක පරිශ්‍රමය දැරීය. මට තිබුනේ ඔවුන් පෙන්වන තැන හිඳ ගැනීමය. අර ළමයා හොරැහින් මා දෙස බලන බව ඔවුන් සාක්ෂි දරයි. නමුත් එකල මගේ සිත පැහැරගෙන තිබුණේ වෙනත් කෙනෙකි. ඒ ගැන පසුව කථා කරමු. පස්වරු දොළහයි තිහ වන විට මා පන්තිය පැවැත්වෙන කළුතර බාලිකාව පිටුපස ඇති ස්ථානයට ලඟා වුනෙමි. මිතුරන් සමග අල්ලාප සල්ලාපයෙන් පසුව පන්තියට රිංගා ගත්තේ, පෙරකී සුදුසු අසුන ස්ථිර කර ගැනීමටය. ඉන්සෙන්ටිවූ එක අසලම අසුන(බංකුවේ කෙලවර) මට වෙන්කරගෙන මා මිතුරු ජයවික්‍රම බලා හිඳී. මා ලඟා වනවිට ඇසෙන් ඉන්සෙන්ටිව් එක පෙන්වූ හෙතෙම සිනහව ගිලගෙන සිටී. මා තනිකර එලියට යන්නට ඔහු සහ දයාරත්න සුදානම් වුවද, මාද ඔවුන් පසුපස වැටී එලියට පනින්නේ ඔවුන්ගේ නොවක් බැනුම් මැදය. පෙරකී මුත්‍රබර තිබුනද එය පන්තිය අවසානයට කල් දැමු මම පන්තියට රිංගා ගතිමි.
පින්තූරය ගත්තේ : gossiplankahotnews.com

පන්තියේ වැඩකටයුතු වලට යොමු වූ විට මා කිසිදු කාරණයක් ගැන සිත් යොමු නොකලද, මගේ මිතුරන් පිරිස ඇයගේ හැසිරීම අධ්‍යනය කරති. ගුරුතුමා වැඩදමා කියාදෙන දේ තේරුම් ගෙන ඔහු ඉදිරිපත් කරන ගැටළු මුලින්ම විසඳීමේ අරමුණ හැර වෙනෙකක් මට නැත. එතුමාට කලින්ම උත්තරය කියන්නට සැදී පැහැදී කණ්ඩායමක් සිටියද, මා කරන්නේ උත්තරය මගේ මිතුරන්ට පැවසීමය. මේ පවසන දෙයට සවන් දීමට තුන්වන පාර්ශවයේ කෙනෙකුද අප අසල වේ. ඒ පෙරකී ඉන්සෙන්ටිවූ එකය. මගේ මිතුරන් පවසන කාරණාව සත්‍යයක් බව වැඩි දිනක් නොගොසින්ම මටද පසක් විය. නමුත් මා කුමක් කලයුතුද යන්න මට හැඟීමක් නැත. මෙය අහම්බයකි. මගේ සිතේ වෙනත් බලාපොරොත්තුවකි. මේ කෙලීගේ තොරතුරු සම්පාදනය කලේ නාලන්දයට යන අප හා පන්තියට එක වූ වෙනත් මිතුරෙකි. ඔහු කලින් අප පාසලේ සිට ඇත. බාලිකාවේ සිටින තමන්ගේ සොයුරිය හරහා මේ තොරතු අප වෙත සම්ප්‍රේෂණය වෙයි. නමුත් බීරි අලින්ට වීනා වාදනය පලක් නැත. මගේ බලාපොරොත්තුව ගැන ජනක හොඳින් දන්නා නිසා මෙය නොකෙරෙන දීගයක් බව සැමට පවසා ඇත.

පන්තිය පැවැත්වෙත්දීද, පන්තිය අවසනද චුරු-චුරු වැස්ස එකදිගට අැද හැලිනි. ඒ ගැන අපට නිනව්වක් නැත. මුත්‍රා බර නොහොත් චූ බර සැහැල්ලු කර ගැනීමට නම් තවත් බොහෝ වෙලාවක් බලාගෙන සිටිය යුතුය. එයට කල් ගතහොත් අලුත්ගම බලා ගමන් ගන්නා බස් රථයේ තිබෙන සොමිය මිස් වේ. කළුතර විද්‍යාලයේ අපගේ කණ්ඩායම සහ හොඳින් පෑහුණු අලුත්ගම විද්‍යාලයේ කණ්ඩායම එක් වී සංගීතයක් දමයි. ඒ අතර යන උසුළු විසුළුද මේ සමාගම තවත් ප්‍රිය වන්නට හේතුය. මේ අතරට කොළඹ පාසල් යන කිහිප දෙනෙකුද එක් වූ විට මුළු බස් රථයේම පාළනය අප අතේය. කොන්දොස්තර මහතාද අපව හොඳින් හඳුනයි. සීසන් එකෙන් ගමන් ගන්නා අප පවත්වන සංගීත සාජ්ජය ඔවුන්ද ප්‍රිය කරයි. මා සිටියේ හිඳගෙනය. බස් රථය කටුකුරුන්ද, පයාගල, මග්ගොන පසුකර බේරුවළට ලඟා වෙත්ම සෙනග භාගයට අඩු වේ. බොහෝ දෙනාට අසුන් ලැබීමත් සමග සංගීතයද බේරුවළින් අවසන් වේ. මගේ යටිබඩ ප්‍රදේශයේ හැගීම් දැනීම් දැන් නොදැනෙන තරමට මගේ චූබර උත්සන්න වී ඇත.

මා සමග ගමන් ගන්නා චමින්ද සහ ජනක බැස ගිය පසු මගේ සුළුදිය පහ කිරීමේ අවශ්‍යතාව වැඩි-වැඩියෙන් දැනෙන්නට විය. බැරිම තැන මොරගල්ල මාර ගහ අසල ඉස්කාගාරය අසලින් බසයෙන් බැස ගතිමි. මා බහින විට බස් රථයේ වූ අජිත් ගාමිණි "මොකද ගෙවල් මාරු කරලාද ?" යනුවෙන් ප්‍රශ්න කලද, ඔහුට උත්තරයක් නොදී අත වනා බසය ගියපසු හෙමින්-හෙමින් සෙනග නැති අඳුරු මුල්ලකට රිංගා මගේ අවශ්‍යතාව ඉටු කර ගතිමි. එය කෙතරම් සැහැල්ලුවක්දැයි ඔබට අමුතුවෙන් විස්තර කල යුතු නැත. මා මෙතරම් වතුරක් බිව්වාදැයි හිතෙන තරමටම එය දීර්ඝ විය. එය අවසන් කර පාරට පිවිසෙන විටම තවත් ලංගම බස් රථයක් ලැබුණේ මගේ වාසනවකටය. මුත්‍රාශය හිස් කලද එතැන ගල්ගෙඩියක් ඔබා ඇති සෙයක් තවමත් දැනේ. එය යථා තත්වයට පත් වීමට තවත් පැයක් දෙකක් ගත වේ. ගෙදර ගොස් මේ ඇබැද්දිය පැවසු විට දෙකන් පිරෙන්නට අම්මාගෙන් බැනුම් ලැබිණි.

මෙවැනි සුන්දර ඇබැද්දි වලට ඔබසැම මුහුණ දී ඇතුවාට කිසිම සැකයක් නැත. මේ ඒ මොහොතේදී කෙතරම් වෙදානතමක වුවද, පසුව ස්මරණය කිරීමේදී සොඳුරු මතකයන්ය. දෙවෙනි මතකය මෙහි ලීවොත් ඔබ මට දොස් නගනවා ස්ථිරය. එය ඊළඟ කොටසට. 

63 comments :

  1. සාමාන්‍ය සමාජය තුලදී නම් ඔය බර බස් එකේ ෆුට් බෝඩ් එකට බැස හෝ කරගන්නට පුළුවන. නමුත් මහා ඝන වනයේ, සතුරා බලාපොරොත්තුවෙන්, රැක සිට පහර දීමක් සඳහා, සම්පූර්ණ නිසොල්මනේ සිටිනවිට, ඔය බර යොමු කරන්නේ, වෙඩි තැබීමේ ඉරියව්වෙන්, බිම දිගාවී සිටින තැන, ඇඟට යටවී තිබෙන පොලොවටය. යන්තම් සිප් එක විවර කර, අවශ්‍යතාව ඉටුකරගෙන, ටික වෙලාවකට පසු, නිළ ඇඳුමේ තෙමුණු කොටස්වලින් එන සුගන්ධය අපූරුය. ඒ වෙලාවට වැස්සක් ආවොත්, ඒ සුගන්ධය මකා ගැනීමට උදව්වක් වෙයි.

    ReplyDelete
    Replies
    1. මම ඔය ගැන හොඳින්ම දැන ගත්තේ "කිසිදා සතුරාට යටත් නොවන" කියන පොතින්. එවැනි කැප කිරීම් නිසා තමයි අද මේ විදියට කා-කොටා ගන්න වත් ලංකාවක් තියෙන්නේ.

      Delete
    2. කපීකේකිNovember 20, 2015 2:38 PM

      අනේ මට තව ඔය පොත කියවන්ඩ බැරි උනානේ.

      Delete
    3. කොහොම හරි කියවන්න. ඔබ ඇම්බුෂ් ඔපෙරේෂන් එකක ඉන්න හැඟීම ඔබට දැනේවි.

      Delete
    4. අනේ මට තව ඔය පොත කියවන්ඩ බැරි උනානේ...
      ඔය පොත ගන්න තැනක් කියන්නකෝ

      Delete
    5. හමුදාවේ ප්‍රකාශන විකෙනෙන තැනක තියෙන්න ඕනේ. මම ගත්තේ පුදුකුඩිඉරිප්පු වල පිරුබාහරන්ගේ බංකරේ ළඟ තියෙන වෙළඳ කුටියෙන්. දැන් ඒක නැති වෙන්න ඕනේ. බංකරේ වහලා දැම්මනේ.

      Delete
  2. බරක් ගෙනිච්ච දුරක්

    ReplyDelete
    Replies
    1. ඒ මම ගෙනියපු ලොකුම දුර.

      Delete
  3. හපොයි ඔව් බං.. ඔහොම අමාරු බරවල් ඉවසගන්න බැරිව කාපු කට්ටවල් අනන්තයි.. හැක්..

    ඒක නෙමෙයි

    සුන්දර ඇබැද්දි අංක 1 : වැහිකාලේ - බර කාලේ ......
    Anonymous at ඇවිද්ද පය ...... - 4 hours ago

    ඔන්න ඔය විදියටයි මගේ ඩැස් බෝඩ් එකේ මේක පෙන්නේ.. ඇනොනිමස්???

    ReplyDelete
    Replies
    1. මටත් පේන්නෙ එහෙම තමයි බං. ගනං ගන්නෙපා ඒක ඔය සුදීකයගෙ 'අපි මීයො කිරීමේ' තවත් මොකක් හරි කේස් එකක් වෙන්න ඇති.

      Delete
    2. මේ බලපන් මට පේන විදිය "Posted by සු දී ක at 10:23 PM". එක්කෝ වයිරස් කේස් එකක්. එක්කෝ බ්ලොගර් වල කේස් එකක්.

      Delete
    3. මට පොඩි සැකයකුත් එනවා. කොන්ත්‍රාත් කාරයයි, බාස් උන්නැහේයි එකතු වෙලා චෝදනා කරන එකට. :)

      Delete
  4. ඔය වගේ ප්‍රයිවට් බස් එකක් අපිටත් තිබුණ අපි ඒ ලෙවල් ක්ලාස් යන කාලෙ. උදේ ටර්න් එක යන්නෙ පන්ති යන ළමයි විතරයි. මගේ ප්‍රියතම පොට් එක ඩ්‍රයිවින් සීට් එක පිටිපස්ස. සමහර දවසට බස් එක කට කපල ලෝඩ් උනාම නවත්තන්නෙ හැමදාම ඒකෙ ක්ලාස් යන ළමයි ඉන්න තැන්වල විතරයි වගේම බස්එකේ යන සාමාන්‍ය මගියෙක් එක්ක කොක්කක් දාගත්තොත් කොන්ද ගන්නෙත් අපේ පැත්ත.

    යකෝ ඔච්චර දුරක් ඔය බර ඉවසගෙන ගියා කිවුවම පුදුමයිනෙ. ඉස්කාගාරෙ ගාවින් බැස්ස නිසා වෙන්ටැ වැඩියෙන් යන්න ඇත්තෙ.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ මමත් ප්‍රසන්නයා වගේ කෙට්ටු කොල්ලෙක්. බෙල්ට් දාලා ඉන තද කරගෙන එහෙම නෙවෙයි හිටියේ. මට මතක හැටියට මම කලිසම ටිකක් ලිහිල් කර ගත්තා.

      Delete
    2. ප්‍රසානම් ප්ලාස්ටික් බෝතලයක් අරගෙනලු යන්නේ.දැම්මා ඇතුලට.බරෙන් නිදහස්..පහසුයි ලේසයි..

      Delete
    3. ප්ලාස්ටික් බෝතල් ‍මොකටද බං පාර අයිනෙ ඕන තරං ගස් තියෙන්නෙ.

      Delete
    4. හොඳ වෙලාවට ලංකාවේ තවම තහනම් නෑ.

      Delete
  5. පොස්ට් එකක් දාන්න අපිට චු බරක්වත් එන්නේ නැති හැටි.... හිටං

    ReplyDelete
    Replies
    1. කාම පැයේ චූ කර කර හිටිය හැකියැයි නේද රාලේ

      Delete
    2. මැලයා බියර් බෝතලයක් වත් බොන්නේ නෑ කියලා කට්ටිය චෝදනා කරන්නේ ඒක තමයි. එහෙම වුණා නම් චූ බර ෂුවර්.

      Delete
  6. අලුත් එකක් ලියපු එක එල ද බ්‍රා..
    කෙල්ලෙක්ට ට්‍රයි කරන කාලේ එක දවසක් ඒකි යන බස් එකේ හිනා වෙවි බල බල ගියා..මගේ යාලුවා කිව්වා..“මෙතනින් බහිමු බං..නැත්නම් ආය එන්න බස් නෑ..“ කියලා..“ ඒ වෙලාවට ඌ කියන එක අහන්න හිතුනේ නෑ..කෙල්ල බැහැලා ගෙදර ගියා අපි දෙන්නා හැතැම්ම 12 ක් විතර පයින් ආවා..

    ReplyDelete
    Replies
    1. ඔය කාලෙට ඒ වගේ කට්ටක් කෑවේ නැත්නම් වැඩක් නෑ.

      Delete
  7. මම හය වසරේ හිටපු කාලේ ස්කූල් බස් එකේදි ඔය බර හැදිලා කොහොම හරි ඉවසගෙන හිටියා.බඩත් ටික ටික පිමිබෙනවා වගේ වුනා.අපි බස් එකෙන් බැහැලා ඉස්කෝලෙට ටික දුරක් එන්න ඕන.මම හිතාගත්තා බස් එකෙන් බැහැලා ඉස්කෝලෙට එන අතරේ අනිත් ලමයි ගියාම නිදහසේ විවේකයෙන් චූ කරන්නම් කියලා.මොන ඔන්න තවත් ස්කූල් බස් දෙකක් අපේ බස් එකට පස්සෙන් ඇවිත් නැවැතත්තුවා.මගේ ඉවසීමේ සීමාව පැනලා කලිසමේ චූ වෙන්න ඔන්න මෙන්න තිබුනේ.මම පාර අයිනට ඇවිත් කලිසමේ සිපර් එක අරිනකොටත් කොට කලිසම පුරාම චූ වෙලා ඉවරයි.හරි සනීපයක් දැනුනා ඒ වෙලාවේ නම්.ඒ අතරේ පංතියේ කෙල්ලෝ මගේ දිහා බල බල කින්ඩියට හිනාවෙව් ගියේ උන්ට චූ බර හැදෙන්නේ නැ වගේ.මම හොස්ටල් එකට ගිහින් කොල්ලෙක්ගේ කලිසමක් ඇගෙන පංතියට ආවේ.මිනිස්සුන්ට ඔහොම දේවල් වෙනවනේ අප්පේ.ඔන්න සූදිකටනම් කේස් ඒක මට තරම් බරපතල වෙලා නෑ.

    ReplyDelete
    Replies
    1. මේ වගේ සීන් වෙන්නේ දුර ගමනක් යනකොට පාර අයිනේ හාවෝ අල්ලන්න ගියාම. අපි නොහිතන වෙලාවට ලයිට් ගහගෙන දෙපැත්තෙන්ම වාහන එනවා.

      Delete
  8. බර නම් ඔන්න් බර... ආයේ ලේසි පාසු බරක්යැ

    ReplyDelete
    Replies
    1. බර ඉස්සීම ලේසි පහසු නෑ. පුරුදු වුනාම අමාරුත් නෑ.

      Delete
  9. බර ගැන කියන්න කතාව පෙලගහපු හැටි තමයි නියම... කුතුහලේ අවුස්සලා අන්තිමට හිතාගෙන ඉන්න එක නෙවෙයි කියලා තියෙන්නෙ... ඔය බර ගැන නම් කතා කරලා වැඩක් නෑ..

    ReplyDelete
    Replies
    1. එහෙම නැතුව ලියලා වැඩක් නැනේ මලේ. මේ බරෙන් බැට නොකාපු කෙනෙක් නැති තරම්.

      Delete
  10. අර කියල තියන බියසුලු භාවය ඉක්මනට වෙනස්වෙන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි. තවමත් කෙල්ලෙක් මගේ පස්සෙන් ආවොත් බයයි.

      Delete
  11. ඕවා තද කරගෙන ඉන්නකොට කවුරු හරි බඩට ඇඟිල්ලෙන් ඇන්නොත් කොහොමද ආතල් එක ....සුන්දර වචන මාලාවක් එලියට දානවා ..හැක් ..
    අනේ මෙහෙම චු කතාවක් හරි ලියපු එකම මදැයි සුදික අය්යේ ...
    ජයවේවා !!

    "පැන්න කලට චණ්ඩි ජෝන් පිහියක් අරගෙන අනින්ට
    දුන්න මැතිඳ පයින් එකක් බිව් රන් කිරි කටින් එන්ට
    ඉන්න හිටින්නත් බැරි වුනි මල මුත්තර පිටවු කලට
    ඔන්න එවිට ආව එළුව පැනගෙන මැතිඳුට අනින්ට"

    ReplyDelete
    Replies
    1. ඔය කතාව අපේ තාත්තා බොහොම අගේට විස්තර කරලා, අපේ ගමේ ටනොලිස් කියලා මුදලාලි කෙනෙක් කරපු බුරුවා ගැහිල්ලකුත් කියනවා ඒ වගේමයි කියල.

      Delete
  12. මේකට දෙකක් කියන්න හිතෙනවා.
    එක.
    ඉන්ටර් සිටි බස් එකක්.කොළඹ - කුරුණෑගල.රෑ 9.00ට කොළඹින් පිටත් උනේ.යක්කල හරියෙන් ටයිට් උනේ.වරකපොලට යනකොට ඒ.සී බස් එකේ දාඩිය ගලන තරමට අමාරුයි.ඩ්‍රැයිවර්ට කිව්වා.ඌ නවත්තන්නම් කිව්වට තව බස් එකක් එක්ක රේස් එකක්.අන්තිමේ අඹේපුස්සෙදි කිව්වා මාව බස්සලා යන්න මට ඉන්න බෑ කියලා.කඳුළුත් ආවා ඇස් දෙකෙන්.බස් එක නැවැත්තුවා විතරයි විනාඩි තුන හමාරක් විතර වඩේට ගත උනා.
    දෙක.
    මලගෙදරක ගිහින් රෑ දෙක විතර වෙනකන් බීලා සිහි මද ගතියෙන් බස් එකකට දාගෙන කොළඹ එන්න.ඒත් ඉන්නම බැරිව දෙන්නෙක් ගස්ලබ්බව අල්ලගෙන පිටිපස්සෙ ෆුට්බෝඩ් එකෙන් සැහැල්ලු කරනවා.ඩැයිවරයා කණ්නාඩියෙන් දැකලා කෑ ගැහුවා.බරේ ඉතුරු ටික දාන්න උනේ නිට්ටඹුව සම්පත් බැංකුවේ පුන්කලසට.හොඳ වෙලාවට එලි වෙලා නෑ සහ ගස්ලබ්බට සිහි නෑ..
    විලි ලැජ්ජයි. ඒත් ඇත්තයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එහෙම අත්දැකීම් ගොඩකුත් තියෙනවා. ඒ ටිකත් පොස්ට් එකක් කරමු.

      Delete
    2. ගස් ලබ්බා කරල තියන්නෙ හොද වැඩක් පුන් කලසක් වුනත් කලයක් හින්දා වතුර නැත්නම් චූ හරි තියෙන්ඩ ඕනා

      Delete
  13. මේ සම්බන්ධව මමත් නොසෑහෙන කටු වළඳලා තියෙනවා...
    එක දවසක් කොළඹ ඉඳලා බස් එකේ ගෙදර යද්දී චු බරක් හැදුනා, මොන විදිහකටවත් ඉන්න බැහැ. අතරමගින් බහිද්දී රෑ 08:00 ට විතර ඇති. පුදුම සැහැල්ලුවකින් ඒ බරෙන් නිදහස් වෙලා තව සෑහෙන වෙලාවක් බලාගෙන ඉඳලා බස් එකකින් මතුගමට ගිහින් එතන ඉඳල යන්න තියෙන බස් එකේ නැගලා ගෙදර යද්දී අඩුම ගානේ රෑ 10:00 වත් කිට්ටු කරන්න ඇති...

    ReplyDelete
    Replies
    1. ඔය බර නිදහස් කරගෙන පයින්ම ගමනාන්තයට ගියත් සැපයි.

      Delete
  14. රජරට ගච්චපු මුල්ම දවස් වැල මෙහෙම දෙයක් උනා පුත්තලම අනුරාධපුර පාරේ යන බස් එකක. බස් එක තේ බොන්න වත් නවත්තන පාටක් නෑ. ඉන්න බෑ පැලෙන්න වගේ. කරන්න දෙයක් තිබ්බේ නෑ. කොන්දොස්තර අයියාට කියලා බස් එක පොඩ්ඩක් නවත්ත ගත්තා! :D

    ReplyDelete
    Replies
    1. එහෙම හොඳ එවුනුත් ඉන්නවා.

      Delete
  15. පඳුරු තැලිල්ල කියන්නේ.... අපේ අප්පේ.... පුදුම තැලිල්ලක් නේ.. බැරිද අපේ ගෙවල් පැත්තේ පඳුරු ටිකක් තියනවා තලලා දෙන්න?
    ක්ලාස් යන කාලේ මට නම් ක්‍රෂ් ක්‍රෑෂ් වෙලා තමා තිබුනේ.. ඒ කාලේ මගේ මූණ හරියට හඳෙන් කෑල්ලක් ගෙනත් ෆේස්ප්ලේට් එකක් දැම්මා වගේ.. ආවාට.. ඒ නිසා කෙල්ලෝ ගැන නම් මගේ ඉන්ට්‍රස්ට් එකක් නෑ. මට තිබ්බ ප්‍රධානම ප්‍රශ්නේ ක්ලාස් ඉවරලා 5 හැටන් කෝච්චිය අල්ලගන්න පුළුවන් වෙයිද කියන එක..
    ඇත්තට, ඇයි අප්පා ඔච්චර කට්ටක් කාගෙන බස් වල කෙටුවේ? කෝච්චි තියනවා නේ ඔයපැත්තේ සෑහෙන්න..

    ReplyDelete
    Replies
    1. koheda iskole wickramabahuda. 😉

      Delete
    2. මේකේ පඳුරු ටික තැලුවේ නැත්නම් එෆ්.බී. ස්ටේටස් එකකින් කියන්න තිබුණා. මට දවසක් චූ බරක් හැදිලා මගින් බැස්සා කියලා.

      Delete
  16. මේ සම්බන්ද මතකයන් නම් අසීමිතයි....... පස්සෙ මතක් කරද්දි සුන්දර උනාට ඒ වෙන වෙලාවට දැනෙන ආතල් එකනං ආයෙ කියලා වැඩක් නෑ..............

    ReplyDelete
    Replies
    1. ඔතැන එච්චර ඉඩක් තියෙනවද කියලත් හිතෙනවා. අපේ තාත්තාට මුත්‍ර අඩස්සියක් හදුන දවසේ මට මුළු ජීවිතේම කලකිරුණා.

      Delete
  17. යකෝ මාර ගමනක් නොවැ.පටන් ගත්තෙ කොහෙන්ද ඉවර උනේ කොහෙන්ද.මම හිතාගෙන හිටියෙ අර කෙල්ල සැට් වෙච්ච කතාව කියන්න යනවා කියලනෙ.

    ReplyDelete
    Replies
    1. මේක හැලපයියාම කියන එකයි පුදුමේ. අපිද දෙයියනේ කතාව තියෙද්දී මිනිස්සුන්ව වටේ එක්කන් යන්නේ. අනේ නෑ ඒ කාලේ ඔය වගේ සීන් වලට මම හරි බයයි.

      Delete
  18. යකඩෝ බැලුවාම හැමෝටම සිද්දිය වෙලා තියනවනේ.. මේ තියෙන්නේ මම ඕකට මූනදීපු විදිහ..
    http://ambalangodakatha.blogspot.com/2015/08/blog-post_27.html

    ReplyDelete
  19. ආ..හා .. ඒක තමයි එහෙනම් දෙහිවල සත්තු වත්ත හරියෙ පුන්චි දොල පාරක් හැදිලා තිබ්බෙ...? හී..

    ReplyDelete
    Replies
    1. ඔය හරියේ දොළක් හැදුනොත්, අපිට ගංවතුර.

      Delete
  20. \\සිංහල බ්ලොග් අවකාශයම මේ පසුකරමින් යන්නේ නිද්‍රාශීලී යුගයක් (Ice Age) කියලා හිතෙන තරමට මෙහි බ්ලොග් සටහන් වැටීම අකර්මන්‍ය වෙලා\\

    හොයල බලන්නේ නැතිව දේවල් කියන්න එපා. අන්න පොඩ්ඩිත් පොස්ට් එකක් දාලා.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන අපි දෙන්නා කතා වෙලා තමයි මේ පොස්ට් දෙක දැම්මේ. :)

      Delete
  21. මේ පෝස්ට් එක පුදුම අපල පෝස්ට් එකක් බං. මම මේක දවස් කීපයක්ම කියවන්න ගත්තා. මම හිතන්නේ මුල ටික කියෙව්වා අට වතාවක් නතිනම් නව වතාවක්.හැම වතාවෙම මොකක් හරි හේතුවක් නිසා වෙන වැඩකට යන්න වෙනවා. දැන් කියවලා ඉවර වුනාම දැනුනේ උඹට දැනුන සැහැල්ලුවමයි.

    ReplyDelete
    Replies
    1. මේ පොස්ට් එක ලියන්න පටන් ගත්ත වෙලේ ඉඳන් මට ඩූඩ්-සිරා දෙන්නව මතක් වුණා.

      Delete
  22. //ක්‍රෂ් එකක් යනු කුමක්දැයි නොදන්නා සමයක මට ක්‍රෂ් එකක් සිටි බව මේ මොහොතේ මගේ මතකයට නැගේ.// :D :D

    //අඩු ප්‍රියමනාප පෙනුමක් තිබූ මාහට// ඒකනම් වෙන්ට බෑ වගේ...:P

    මේ ඇබැද්දියේ නම් කිසිම සුන්දරකමක් පේන්ට නෑ...:)

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඊළඟ එකවත් බලමු.

      Delete
  23. බුදු අම්මේ.. චූ බර නං කොහොම හරි ඉවසූවෑකි... අනිත් බර... තැන තැන කොච්චර නං ඒ බර සැහැල්ලු කරල තියනවද....ඊට පස්සෙ පින්න කොළේ පිහිට තමා.... බ්ලොග් ලියවෙනවා අඩු ගතියක් තියනවා නං තමයි සුදීක අයියා....

    ReplyDelete
    Replies
    1. දෙකම එකට එන වෙලාවලුත් තියෙනවා. එහෙම වෙලාවට චූ බර නිදහස් කළාම තව ටිකක් අදින්න පුළුවන්. සජ්ජා මේ පොස්ට් එක බලලා තියෙනවද
      ඕල් ආ රේමන්ස්

      Delete
  24. ඒයි අයියන්ඩි..ලියන්නෙ නැද්ද?

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 13 ) අතීතකාමය (Nostalgia) ( 5 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...