Friday, August 17, 2012

ATM යන්ත්‍රය සමග ගණුදෙනු කිරීමේදී

මෙහෙම පොස්ට් එකක් දාන්න තුන් හිතක වත් තිබුනේ නෑ. මගේ මිත්‍ර හෙන්රි දාලා තිබුන 79. මාවම කන ATM සමග හැංගියං අරූ එනවෝ!!! (1) කියන ඕනෑම කෙනෙකුට වැදගත් වෙන ලිපිය කියෙව්වහම, ඒකට කමෙන්ට් එකක් වශයෙන් දැම්මොත් බලන අයට එපා වෙන තරම් කරුණු ටිකක් එකතු කරන්න වෙන නිසා හෙන්රිගෙන් අවසර අරගෙන මේ පොස්ට් එක දාන්නේ මේක ඕනෑම කෙනෙකුට වැදගත් වෙන දෙයක් නිසා. අනිත් කාරණය තමයි මගේ පසුබිම . ඒ ගැන විස්තරයක් හෙන්රිගේ පොස්ට් එකට කමෙන්ට් එකක් විදියට එකතු කළා. මේක කියවන්න කලින් හැම දෙනාම ඒ ලිපිය කියවනවානම් හොදයි  ප්‍රවේශයක් වශයෙන්. 

ඉහලින් තියෙන පින්තුරය දිහා බලන්න. මේක ඉතාම සරල සටහනක් කියල කියන්න ඕනෑ. බොහෝ බැංකු මෙම ආකෘතියට අනුකුලව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඔනෑම බැංකුවක් ATM යන්ත්‍ර ඔවුන්ගේ ශාඛා හෝ වෙනත් පොදු ස්ථානයක ස්ථාපනය කරනවා නම් ඒ සඳහා මධ්‍යම ATM Switch මධ්‍යස්ථානයක් හරහා තමයි සම්බන්ධ කරන්නේ. A වලින් දක්වා තිබෙන සබැඳියාව(Link එක) මගින් තමයි ATM යන්ත්‍රත්, ATM Switch එකත් සම්බන්ධ වෙන්නේ. ඒ වගේම මෙම ATM Switch යන්ත්‍රයට එම බැංකුවේම ශාඛා සම්බන්ධ වෙලා තියෙන්නත් පුළුවන්. මම එහෙම කියන්නේ දැන් බොහොමයක් බැංකු මධ්‍යගත(Centralized) විදියට බැංකුකරණයේ නියැලෙන නිසා. ඉස්සර තනි තනි ශාඛා වලින් එම ශාඛාවට අදාල ගණුදෙනු කරුවන්ගේ ගිණුම් පරිඝනක ගත් වෙලා තිබ්බ ක්‍රමයක් තිබුන නිසා. තවමත් මේ ක්‍රමයට ක්‍රියාත්මක වන බැංකු ඇති(Distributed). 

මෙතන දක්වල තියෙන Foreign Bank ගණයටම තමයි අදාළ බැංකුව නොවෙන අනෙකුත් දේශීය බැංකු සියල්ලත් ගණන් ගනු ලබන්නේ. ඇත්තටම ඒවාගේ භූගෝලීය පිහිටීම (Geographical Location) වැදගත් වෙන්නෙන් නෑ. දුර පිලිබඳ ඒ හැටි ගැටළුවක් ඇත්තේ නෑ. A,B,C,D,E වලින් පෙන්වා ඇති සියලුම රැහැන් ජාල සම්බන්ධතා (Network Links). ඒ කියන්නේ ටෙලිෆෝන් ලයින්ස්. ලංකාවේ නම් ටෙලිකොම් වගේ රැහැන් සහිත  ජලා සහ රැහැන් රහිත සන්ටෙල්, බෙල් යන ස්ටාවර සම්බන්ධතා (Fixed Wireless) වලින් සහ ඩයලොග් වගේ සම්පූර්ණ රැහැන් රහිත ජාලා වලින් ලබා ගත් සම්බන්ධතා මේ සඳහා භාවිත කරනවා. හැබැයි මේවා සම්පුර්ණයෙන්ම ඒ සඳහා වෙන් කරව ගත් (Dedicated/Leased Lines) ඒවායි. ඒ කියන්නේ සාමාන්‍ය දුරකථන ලයින් එකක් මේ සඳහා භාවිතයට ගන්නේ නෑ. තවත් කාරණයක් තියෙනවා අමතර (Back Up) සම්බධතාවක්ද මේ සඳහා භාවිත කරනවා. මීට අමතරව ඇන්ටෙනා මගින් සම්බධතා දෙන ලංකා කොම් වගේ ආයතන වලිනුත් සැටලයිට් මගින්  පවා සම්බන්ධතා යොදා ගන්නවා. 

විදේශීය බැංකු තමන්ගේ ගනුදෙනුකරුවන්ට මෙම පහසුකම් ලබා දෙන්නේ වීස (VISA) සහ මාස්ටර්(Master) ජාලා සමග එක වීමෙන්. ඇත්තටම දේශීය බැංකු පවා අනෙකුත් බැංකු සමග එක් වන්නේ මේ ජාලාවන් හරහායි. සමහර බැංකු හර කාඩ් වල සිරස්(Cirrus) කියන ලාංඡනය සහ ණය කාඩ් වල මාස්ටර්( Master) සංකේත සටහන්ව තිබෙන ඔබ දැක ඇතුවාට සක නැත. කෙසේ වෙතත් මෙම සංකේත දෙකම තිබෙන බැංකු මඑස්ත්රෝ(Maestro) ජාලාව හරහා ලෝකය හා සම්බන්ධ වනවා. වීසා ආයතනය තම හර සහ ණය කාඩ් පත් නිකුත් කරන බැංකු වලට වීසා (VISA) ලාංචනය පමණක් යොදා ගැනීමට ඉඩ සලසා තිබෙනවා. මේ කරුණු සියල්ල ඔබට වැදගත් නොවුනත් ඔබගේ දැනුම පිණිස මෙසේ එකතු කළා.  

එහෙත් තවමත් ආයතනයටම ආවේනික(Proprietary) කාඩ්පත් භාවිතා කරන බැංකු පවතිනවා.  මාස්ටේර් සහ වීසා ජාලය භාවිතා කර හැර හෝ ණය කාඩ් මගින් ගනුදෙනුවක් සිදු කල විට අදාළ බැංකු වලට එම ආයතනයට කොමිස් මුදලක් ගෙවීමට සිදු වනවා. කෙසේ වේතත් එය ගනුදෙනුකරුවාගෙන් අය කර ගන්නේ නෑ. නමුත් Proprietary කාඩ් සඳහා එම බැංකුවට මෙම වියදම යන්නේ නෑ. එහෙත් එය අදාළ බැංකුවේ ටේලර් යන්ත්‍ර වලම පමණක් බාවිතා කල හැකි වීම පාඩුවක්. එහෙත් හර කාඩ් පතකින් තමන්ගේ නොවන බැංකුවකින් (Foreign) මුදල් ලබා ගැනීමකදී යම් ගාස්තුවක් ගෙවීමට සිදු වනවා. මෙම අගය ඒ ඒ බැංකු මත පදනම් වනවා. එය මුදල් අත්තිකාරම් ගාස්තු ලෙස හැඳින්වෙනවා.

මා මෙතෙක් විස්තර කලේ ජාලා සහ කාඩ් ගැන පමණයි. එහෙත් අප සාකච්ඡා කරන මාතෘකාව ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනීම නිසා අපි දැන් ඒ පැත්තට හැරෙමු. ATM යන්ත්‍රය යනු යන්ත්‍රයක් බව අප මුළින්ම සිහියේ තබා ගත යුතුයි. එය ක්‍රියා කරන්නේ එයට ලබා දෙන විධානයන් අනුවයි. ඔබ යන්ත්‍රයට කාඩ් පත්‍රය ඇතුලත් කල මොහොතේ සිටය එය ක්‍රීයාත්මක වනවා. දැන් බොහෝ ATM යන්ත්‍ර වල කැමරා සවි කර තිබෙනවා. එසේ සවි කරන්නේ හොරුන්ව කොටු කර ගැනීමට පමණක් නොව ගණුදෙනු කරුවා යම් අවස්ථා වලදී පිලි නොගන්නා දේ පිලිබඳ තහවුරුවක් කර ගැනීමට. 

මම ඔබට ලබා දෙන පළමු උපදෙස  තමයි ගනුදෙනුවට පෙර ඔබට පිටුපස සිටින්නා දෙස හැරී බලන්න. එවිට ඔහු ඔබට ඕනවට වඩා සමීපව සිටිනවා නම් ඔහු මදක් පසුපසට වෙයි ඉබේටම. ඉන් ඔබ අවධානයෙන් සිටින බව ඔහුට ඇගවෙනවා. ඔබගේ PIN අංකය ලැබුණු පසු එය මතකයේ පමණක් තබා ගන්න. මා දැක තිබෙනවා සමහර ගනුදෙනුකරුවන්  PIN  අංකය සහ කාඩ් පත එකම කවරයේ බහා තබා ගන්නවා. සමහරු ජංගම  දුරකථනයේ  සටහන් කරගෙන තිබෙන බව පෙනෙනවා. ඔබට මතක තබා ගත යුතු  PIN  අංක ගණනාවක් තිබෙනවා යයි සිතන්න. එසේ ලියා තබා ගැනීමට අවශ්‍ය නම් ඔබටම ආවේනික ශෛලියකට අනුකුලව ලියා තබා ගන්න.  මුදල් ලබා ගැනීම ඉතා හදිසියේ සිදු නොකරන්න. දිගු පෝලිම් තිබෙන තැන් වල ඉහත කී ආකාරයට පිටුපස සිටින්නා ඔබට සමීපව සිටීම වලක්වා ගන්න බෑ. එහෙත් ඔබට  සැක සහිත අවස්ථාවකදී එම ඔබගේ අවස්ථාව පිටුපස සිටින්නට ලබා දී පැත්තකට වී සිටීම වඩාත් උචිතයි. 

තවමත් සමහර බැංකු  ATM යන්ත්‍ර මුදල් ලබා දීමට ප්‍රථම කාඩ් පත ලබා දෙනවා. ඉස්සර අපේ බැංකුවේත් ඒ ක්‍රමය අනුගමනය කළා. නමුත් ඔබ එන්නේ මුදල් පිලිබඳ බලාපොරොත්තුවෙන් නිසා ඔබට කාඩ් පත ආපසු ගන්න අමතක වන්නට පුළුවන්. වරක් අපට පුහුණුවක් ලබා දීඒමට පැමිණි සිංගප්පූරු ජාතිකයකුගෙන් මා ඒ පිලිබඳ විමසා සිටිය ඔහු පවසා සිටියේ එය බැංකුවේ අභිමතය පරිදි තීරණය කල හැකි බවයි.  මෙයට දැන් කදිම පිලියමක් යොදා තිබෙනවා. ඒ සෑම ගනුදෙනුවකදීම PIN අංකය විමසීම. නමුත් ඔබගේ කාඩ් පත අමතක කර දා ඇති විට එය ලබාගෙන වෙළඳ ආයතන වලින් බඩු ගැනීම පහසුවෙන් සිදු කල හැකයි. ඔබගේ අත්සන හුරු වීමට යන කාලය පමණයි හොරකුට අවශ්‍ය වන්නේ. අනෙක් අතට වෙළඳසැල් වල සිටින අහිංසක මුදල් අයකැමියන් අත්සන් පරීක්ෂා කිරීමට නොයන්නේ එක් අතකින් එයට වැය වන කාලය, නියම අත්සන හඳුනා ගැනීමට ඇති අපහසුව (බොහෝ විට  කාඩ් පත මත් හොඳම අත්සන සටහන් වන්නේ නෑ. එහි තිබෙන්නේ ලිස්සන මතුපිටක් නිසා), ගණුදෙනු කරු එවැනි අවස්ථාවක අපහසුතාවට පත් කීරීමට ඇති අකමැත්ත නිසා. 

හොඳයි හෙන්රිට සිදු වූ දේ වන්නට හැකි අවස්ථා දැන් විමසා බලමු. ඔබ යම් මුදලක් ඉල්ලා සිටින විට යන්ත්‍රය විමසා සිටිනම එම මුදල ලබා දිය හැකි මුදලක්ද කියා, එසේ ලබා දිය හැකි මුදලක් නම් එම පණිවුඩය අදාළ Switching මධ්‍යස්ථානයට යොමු කරනවා. Switching මධ්‍යස්ථානය තීරණය කරනවා එය යොමු කල යුතු දිසාව. මෙම Switching මධ්‍යස්ථානය කොටස් දෙකකට බෙදා දක්වා තිබෙන්නේ VISA/Master සර්වර් එකත් එයටම ඇතුලත් කොට. එය පිටස්තර බැංකුවක් නම් ඊළඟට එය යොමු වන්නේ VISA/Master සර්වරය(සමහර බැංකු වල මෙම සර්වර් දෙකම එක් ස්ථානයක තබා තිබුනත් තවත් ආයතන වල දෙතැනක ස්ථානගත කර තිබෙනවා) වෙත එය ඊළඟට VISA/Master යන ආයතනය වෙත එම ගනුදෙනුව යොමු කරනවා. VISA/Master  ආයතන අදාළ බැංකුව වෙත එම ගණුදෙනුව යොමු කරනවා. ඒ ඔබගේ ගිණුම පවතින ශාඛාව වෙත. මෙය සැතපුම් දහස් ගානක දුරක් වුනත් මේ සියළු කටයුතු සඳහා ගත් වන්නේ තත්පර කිහිපයක් පමණයි. ඔබගේ ගිණුමෙන් සිදු කල යුතු කාර්යය සිදු කර ප්‍රතිපලය නැවතත් ආ මාර්ගයේම ආපසු ගමන් කරනවා. ඔබ ගිණුමේ ශේෂය විමසා සිටියහොත් එය බොහෝවිට ඔබ වෙත ළඟ වෙනවා. මුදල් ඉල්ලා ඇති විටක ඔබට මුදල් ලබා දිය හැකිද නැද්ද යන්න තීරණය වන්නේ ශේෂය මතයි. එම සියළු කරුණු සපුරා ඇති විටක ඔබට මුදල් ලබා දෙයි. හොඳයි මුදල් ලබා නොදෙන අවස්ථා මොනවාද

  1. ඔබට අවශ්‍ය මුදල ඉල්ලු පසු ඉහත A,B,C,D,E යන කුමන ස්ථානයක හෝ ජාල සබන්ධතාව ගිලිහී ගිය විට හෝ වේගය අඩු වී ඒ සඳහා ගත වන කාලය වැඩි වූ විට. ඒ සඳහා නිශ්චිත කාලයක්  ATM යන්ත්‍රය බලා සිටිනවා. එය තීරණය කරන්නේ  ATM යන්ත්‍රය හිමි බැංකුව. උදාහරණයකට තත්පර 5ක් ඇතුලත් පණිවුඩය  ATM යන්ත්‍ර  ට නොපැමිණියහොත්  ATM යන්ත්‍රය එම ගණුදෙනුව අවලංගු කර ඒ බව අදාළ බැංකුවට දැනුම් දෙනවා. එවිට ඔබගේ ගිණුම හර කර ඇත්නම් බැර පිවිසුමක් (Reversal) පනවනවා. එහෙත් ජාල සබඳතාව ගිලිහී ඇති විට මේ පණිවුඩ නියමාකාරයෙන් ක්‍රීයාත්මක වන්නේ නැ. 
  2. ඔබට ලබා දීමට මුදල් ගණන් කරන විටදී එය වැරදි යයි තෝරා ගැනීමට යන්ත්‍රය සමත්. එසේ වූ විට ඒවා වෙනමම බාස්කට් එකක් වෙත යොමු කරනවා. එසේ කිහිප විටක් එයට වරදින බව පෙනුනහොත් යන්ත්‍ර අක්‍රීය වනවා. මේ අවස්ථාවේදී පවා ඉහත ආකාරයට බැංකුව වෙත දැනුම් දීමට යන්ත්‍රය ක්‍රියා කරනවා.
  3. මුදල් ඔබ වෙත ලඟා වන බෙල්ට් තුල මුදල් හිර වීම නිසා එකවරම යන්ත්‍ර අක්‍රීය වන්නට පුළුවන්. ඒ වාගේම් මුදල් තැන්පත් කර ඇති කැසට් අක්‍රීය වීම නිසා ඔබට අවශ්‍ය මුදල ලබා දීමට අපොහොසත් වන්නට පුළුවන්. එහෙත් මෙවැනි අක්‍රීය වීම් යථා තත්වයට පත් කරන්න Switch මධ්‍යස්ථානයෙන් පුළුවන්. එවැනි අවස්ථාවක මුළු යන්ත්‍රයේහි සියළු අංගෝපාංග පරීක්ෂා කරනවා යන්ත්‍රය විසින්ම (Self Test).
දවස අවසානයේදී මෙවැනි අවිනිශ්චිත ගණුදෙනු පිලිබඳ වාර්තාවක් Switching මධ්‍යස්ථානයෙන් ලබා ගන්න පුළුවන්. ATM යන්ත්‍ර වලට මුදල් ඇතුලත් කරන නිලධාරීන් මුලින්ම අර අමතර බාස්කට් (Reject Bin) පරීක්ෂා කර සටහන් කර ගන්නවා. ඉන්පසු ඔහු යන්ත්‍රයේ ඇති  මුද්‍රණ යන්ත්‍රයෙන් සාරාංශයක් ලබාගෙන ඒ සමග මුදල් තුලනය කරනවා. යම් වැඩි මුදලක් තිබේ නම් Switching මධ්‍යස්ථානයෙන් ඒ පිලිබඳ විමසනවා. ඒ අකාරයේ වැරදි සිදු වීම් නිවැරදි කරන්න බොහෝ විට පසුදාම පිවිසුම් පනවනවා. නමුත් මෙවැනි අවස්ථා ගණන වැඩි නම් ගණුදෙනු කරු විමසන තෙක් ඔවුන්ට බලා සිටින්නට සිදු වනවා. 

යන්ත්‍රය ඔබට මුදල් ලබා දුන්නත් ඔබ මුදල් ලබා නොගත් අවස්ථා තිබෙනවා. උදාහරණයකට මුදල් ලබා දෙන විට ඔබගේ ඇත වැදුනොත් එය වෙනමම බාස්කට් එකකට යොමු වනවා. සමහර කූඨ ගණුදෙනු කරුවන් තමන්ට ලබා දෙන මුදලින් මැද තිබෙන නෝට්ටුවක් පමණක් සීරුවෙන් ඇදගෙන තිබෙනවා. ඔබ නිශ්චිත කාලයකදී මුදල් ඉවත් කර නොගත්තත් අර කලින් පැවසූ බාස්කට් එකෙහි මෙම මුදල් තබා ගන්නවා. එලෙස මුදල් දැමීමට පෙර ගණන් කර තිබෙන මුදල ජර්නල් මුද්‍රණ පටියේ සටහන් කරනවා. මෙලෙස ඔබ කරන සියළු කටයුතු ජර්නල් යන්ත්‍රයේ සටහන් වන නිසා ඉන් ඔබට සිදු වන්නේ යහපතක්. මා ඔබට ලබා දෙන ඊළඟ වැදගත් උපදෙස මුදල් ලබා ගැනීමට පෙර ගිණුම් ශේෂය පරීක්ෂා කරන ලෙස. මන්ද එය ජර්නල් පටියෙහි සටහන් වනවා. එසේ සටහන් වූ විට ඔබ කරන ගණුදෙනුවට පසුද අනිවාර්යයෙන්ම් ඔබගේ ශේෂය සටහන් වන නිසා යම් ගැටළුවක් සිදු වූ අවස්ථාවක ප්‍රයෝජනවත් වෙනවා. 

බොහෝ කාඩ් මධ්‍යස්ථාන ස්විච් මධ්‍යස්ථානයෙන් ලබා දෙන දත්ත පිටපත් සමග වීස හෝ මාස්ටර් කාඩ් වෙතින් ලැබෙන දත්ත සැසඳුමක් සිදු කරනවා පරිඝනක වැඩසටහනක් මගින්. එවිට නොගැලපෙන සටහන් පිලිබඳ වාර්තාව තබාගෙන ඉහත කී ගැටළු අවස්ථා වලට පිළිතුරු සපයනවා. 

ඒ වගේම වැදගත් දෙයක් තමයි ඔබට ලබා දෙන රිසිට් පත එය ඔබ ළඟ තබාගෙන ඔබගේ බැංකු පොත යාවත්කාලීන කල පසු හෝ ඔබගේ මාසික වාර්තාව සමග සසඳා බලන්න. මා එය තවමත් සිදු කරනවා. දැන් බොහෝ බැංකු කෙටි පණිවුඩයක් සැනෙකින් යොමු කරනවා. එය ආකාර දෙකකින් වැදගත් වෙනවා. එකක් තමයි එය ඔබගේ රිසිට් පතට ආදේශකයක් වීම, අනිත් අතින් ඔබගේ කාඩ් පත අවභාවිත(mis-use) වනවා නම් දැන ගැනීමට ඇති හැකියාව. 

ඔබට මා ලබා දෙන ඊළඟ වැදගත් උපදෙස තමයි ඔබට යම් ගැටළුවක් ඇති වූ විට ඔබ එය සිදු වූ ස්ථානයකට අදාල බැංකුව සමග ඒ පිලිබඳ කථා නොකොට ඔබගේ කාඩ්පත නිකුත් කල බැංකුව(Issuing Bank) සමග කථා කිරීම. එය තමයි එසේ කලයුතු හරි ක්‍රමය.  ඔබට වෙනත් රටක බැංකුවක රාත්‍රී කාලයේදී මෙය සිදු වූවානම් එම බැංකුව සමග ඔබට ඒ ගැන කථා කිරීමට අවස්ථාවක් නෑ. මව් රටට හෝ ඔබ ජීවත් වන රටට පැමිණ ඔබේ බැංකුවට පැවසීම හැර කල හැකි දෙයක් ඔබට නෑ. ඇත්තටම ඒ සඳහා ක්රියාත්මක වීමේ අයිතිය ඇත්තේ ඔබට කාඩ් පත නිකුත් කල බැංකුවටයි.

ඊළඟ උපදෙස ඔබේ අතේ මුදල් බින්දුවටම හිඟ වීමට පෙර මුදල් ලබා ගන්න. එවිට ඔබගේ ගිණුමේ ශේෂය බින්දුවට පත් වුවත් හෙට වනතුරු දරා ගන්න පුළුවන්. 

දැන් බොහෝ බැංකු අන්තර්ජාල බැංකු පහසුකම ලබා දෙනවා එමගින්ද ගණුදෙනුව සිදු වූ ආකාරය ගැන යම් තහවුරුවක් තබා ගන්න. 

ඔබගේ රථවාහන ATM යන්ත්‍රය අසලදී මෙන්ම වෙනත් පොදු ස්ථාන වල ගාල් කිරීමේදීද හෙන්රිගේ ලිපියේ එන අවදානම් පවතිනවා. 

වැදගත්ම උපදෙස ඔබට කොයි තරම් හදිසියක් වුවත්, කොයිතරම් විශ්වාසවන්ත මිතුරෙක් ඥාතියෙක් හිටියත්ඔබේ කාඩ්පත හා PIN අංකය ඔවුන්ට දී මුදල් ගෙන්වා ගැනීමෙන් වලකින්න. එක් අතකින් එය නීති විරෝධී ක්‍රියාවක් අනිත් අතින් අවදානමක්.

ATM යන්ත්‍රය අසලදී කිසිම කෙනෙකුගේ උදව් ලබා ගැනීමෙන් වලකින්න. 

වීසා / මාස්ටර් කාඩ් වල ප්‍රශ්න විසඳීම සඳහා chargeback කියල ක්‍රියාවලියක් තියෙනවා. එවැනි ගැටළු ඇති වූ අවස්ථා වලදී අනුගමනය කලයුතු නීති මාලාවක් එම ආයතන වලින් ලබා දී තිබෙනවා. බොහෝ විට උපකාරී කරගන්නේ අර ATM ඇතුලේ මුද්‍රණය වන ජර්නල් එක. සමහරවිට බැංකු වලට ජර්නල් වල චායාපිටපත් පවා යවන්න වෙනවා. ඔබට දැන් ගැටළුවක් ඇති වෙන්න පුළුවන් මේ ජර්නල් මුද්‍රණ යන්ත්‍රයේ කඩදාසි රෝල ඉවර වුනොත් මොකද වෙන්නේ කියල. බය වෙන්න දෙයක් නෑ ඊ-ජර්නල් (ඒ කියන්නේ ATM යන්ත්‍රයට සම්බන්ධ පරිගණකයේ එය සටහන් වනවා, පසුව කඩදාසි ඇතුලත් කල පසු මුද්‍රණය වනවා). ඉතින් ATM යන්ත්‍රය ඇතුලේ ජීවත් වන සාක්ෂිකරු ලෙස මේ ජර්නලය හඳුන්වන්න පුළුවන් (ජර්නලයේ සියළු කටයුතු සටහන් වන නිසා හෙන්රි කල දේ අත්‍ය අවශ්‍ය නෑ).

ඔබගේ කාඩ්පතේ තිබෙන දුඹුරුපාට තීරුව (Magnetic Strip) ගැන යමක් කියන්න ඕනෑ. මෙහි සටහන් වන තොරතරු වෙනච් Electro Magnetic ප්‍රභවයක් මගින් විකෘති වන්න පුළුවන්. ඔබේ ජංගම දුරකථනය තමයි මෙම කාඩ් පතේ හොඳම හතුරා. එයට එම දත්ත අක්‍රීය කරන්න පුළුවන්. ඒ වගේම එම දත්ත පහසුවෙන් පිටපත්(Skimming) කල හැකි කුඩා යන්ත්‍ර තිබෙනවා එනිසා ඔබගේ ඇසට පෙනෙන මානයෙන් පිටතට සුපිරි වෙළඳසැල් හෝ වෙනත් ආයතනයක මුදල් අයකමියන් රැගෙන යනවා නම් ඊට විරුද්ද වන්න. නවතම චිප් කාඩ්පත් මෙයට විසඳුම සපයනවා. ඒවා පිටපත් කල නොහැකියි.

39 comments :

  1. @ඊ මේල් කවි කාරී : අතට සල්ලි.

    ReplyDelete
  2. skimmers තියනවා නේද රීඩර් එකටම හයිවෙන පොඩි ඒවා? මම නම් චිප් බේස් කාඩ් තරම් ආරක්‍ෂිත දෙයක් දැකලම නෑ. චිප් එක නිසා ෆෝන් වලින් වෙන හානියත් අඩුයි. පින් එක නිසා ආරක්ෂාව දෙගුණයි.

    වැදගත් ලිපියක්.. හෙන්රිගේ බ්ලොග් එකේ කමෙන්ට් එක දැකලා එනකම් මග බලාගෙන හිටියේ.

    ක්සැන්ඩර් | Xander

    ReplyDelete
  3. හෙන්රි අයියට වුනු දේම මටත් වෙලා තියෙනවා. සල්ලි ගත්ත බැංකුවෙන් ඇහැව්වම ලිඛිත ඉල්ලීමක් කරන්න කිව්වා. එහෙම කලාම අවුලක් නැතිව ට්‍රාන්සැක්ෂන් ඒක රිවර්ස් කලා.

    හැබැයි මගේ බැංකුවේම දවසක් සල්ලි ඉරිලා එලියට ඇවිත්, කවුන්ටරයෙන් ඉල්ලුවහම ගනු දෙනු වෙලාව ඉවරයි කියල මුකුත් කරන්න බහ කිව්වේ මැනේජර්.. ගනුදෙනු කරුවෙක් වෙනුවෙන් ඒ වගේ වෙලාවට මුකුත් කරන්න බැරිද කියන එක නම් මට ප්‍රශ්නයක්. සමහර විට රෙගුලාසි වලින් පිට වැඩ කරන්න බැරිව වෙන්න ඇති.

    ReplyDelete
  4. හොද ලිපියක් . චිප් බේස් කාඩ් කියන්නේ අර සිම් එක වගේ කෑල්ලක් තියෙන් කාඩ් වලටද?

    ReplyDelete
  5. සින්හල කියවන ලෝකයට ඉතාම වැදගත් ලිපියක් .mewaeni .ලිපි දිගටම ලියන්න ..ඔබට ජය.

    ReplyDelete
  6. කාලා නැප් එකක් දාලා නැගිටලා බලන කොට සුදීක පෝස්ට් එක දාලා. මම කියවලාම එන්නම්. මට හිනා ගියේ හෙන්රිගෙන් අවසර ගන්න කතාවට. දවසකට හරි මමත් පොර නේ! ඔන්න යනවා කියවන්න.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  7. සුදීක ඒ ලිපිය ලියල තියෙන සරළ විදිය මම ඉතාම අගය කරනවා. ඊයේ නිමවුන මගෙ ඊ ගාව ATM Adventure එක සම්පූර්ණයෙන්ම ඔය ගැන. සුදීකගෙ දැනුවත් කිරීමට කලින් පවා මම ක්‍රියාකරපු ආකාරය නිවැරදි බව මට පේනවා.

    මම ඒ ලිපිය මේ ලිපියෙන් වෙන් කලේ දිග වැඩි වුන නිසයි. ඒක දාන්නම් හැකි ඉක්මනින්.

    ප්‍රශ්ණයක් වුනාම ඔය කාඩ් සෙන්ටර් එකට කතා කරන්න කියලා කියන්නෙ සුදීක. කාඩ් සෙන්ටර් එක නේද කාඩ් නිශ්පාදනය කරන්නෙත්? එතකොට ඒ කාඩ් සෙන්ටර් එකෙයි අර Visa/Master Server එකෙයි සම්බන්ධයක් නෑ තියෙනවද?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  8. @AmilaArt : බොහොම ස්තුතියි.

    @ක්සැන්ඩර් : ඔව් දැන් ඉතා කුඩා ස්කිමර් තියෙනවලු. මම දැකල නෑ.:D. චිප් වලට යන මුලික වියදම වැඩියි. බොහොම ස්තුතියි.

    @රාමා : කළමනාකාර තුමාට මොනවා හරි කරන්න තිබුනා. මේකත් බලන්න.
    http://awidda-paya.blogspot.com/2012/05/blog-post_10.html

    @මිස්ටර් හයිඩ් : ඔව් ඒවා තමයි චිප් කාඩ්.

    @රතු රජරට : බොහොම ස්තුතියි දිරි ගැන්වීමට.

    @හෙන්රි : ඔයාගේ පොස්ට් එක නැත්නම් මම කවදාවත් මේක ලියන එකක් නෑ. ඔය හදපු කේක් ඒකට අයිසින් එක මේක කියල මට කියන්න පුළුවන්.

    @හරි : බොහොම ස්තුතියි.

    @හෙන්රි : කාඩ් නිෂ්පාදනය කරන තැනට වඩා තමන්ගේ ගිණුම තියෙන තැන වැදගත් වෙනවා. ණය කාඩ් නම් කාඩ් සෙන්ටර් එකෙන්ම තමයි නිකුත් කරන්නෙත්. එත් හර කාඩ් නිකුත් කරන්නේ ශාකා මගින්. ඔබේ ගිණුම් ගැන කාටත් වඩා වග කියන්න ඕනේ ගිණුම පවත්වාගෙන යන ශාඛාව. කාඩ් සෙන්ටර් එක තමයි VISA/Master එක්ක ඍජුව කටයුතු කරන්නේ.

    ReplyDelete
  9. නියම ලිපියක් නොදැන සිටි දෙයක් ඔබෙන් දැන ගත්තා.අපි දන්නේ ඉතින් කාඩ් එක දැම්මා රහස් අන්කේ ගැහුවා සල්ලි ගත්තා එච්චරයි.ඔබේ මහන්සියට ස්තුතියි.

    ReplyDelete
  10. @නිශාන් : සතුටුයි ඔබට උකහා ගන්නට යමක් ලිවීමට හැකි වීම ගැන.

    ReplyDelete
  11. සමහර කූඨ ගණුදෙනු කරුවන් තමන්ට ලබා දෙන මුදලින් මැද තිබෙන නෝට්ටුවක් පමණක් සීරුවෙන් ඇදගෙන තිබෙනවා.

    මට චුට්ටක් පැහැදිලි මදි මචං තරහා නැතූව පැහැදිලි කරහන්කෝ

    ATM යන්ත්‍රය අසලදී කිසිම කෙනෙකුගේ උදව් ලබා ගැනීමෙන් වලකින්න.

    නොදන්නම කෙනෙක්ට හොදම වැඩේ තමයි බැංකූවේ ආරක්ෂක නිළධාරියාගේ උදව් ගැනීම

    ReplyDelete
  12. සමහරු දන්නවා එක්තරා කාලයකදී මුල ඉවත් කර නොගත්තොත් එය නැවත යන්ත්‍රය ගිල ගෙන ගිණුම යථා තත්වයට පත් කරන බව. එයාල හිතන්නේ අතනින් එකක් ගත්තට ආපසු ගන්න ගමන් යන්ත්‍රය මුදල් ගනින්නේ නෑ කියල. නමුත් මුදල් ගැනල ජර්නල් පටියෙත් සටහන් වෙනවා ආපසු ගත්ත ගණන.

    තමන් දන්නේ නැත්නම් ශාකාවේ නිලධාරියකුගෙන් අහන එකේ වරදක් නෑ. ඒත් නොදන්න අයගේ උපදෙස් ගන්න නරකයි. ඒ අය ඔබේ PIN අංකය බලා ගන්න සුදානමින් ඉන්නවා වෙන්න පුළුවන්. කාඩ් එකේ තොරතුරු සටහන් කර ගන්න ඉතා සියුම් උපකරණ තියෙනවා. දැන් බොහෝ තැන වල ඉන්නේ පුද්ගලික ආරක්ෂක නිළධාරීන්, එයාලගේ බැංකුවත් සමග කිසිදු සබඳතාවක් නෑ. අනිත් එක එයාල දන්නා දේකුත් නෑ.

    ReplyDelete
  13. ඒ ටී එම් යන්ත්‍ර අසලදී මා සිය දහස් වාරයක් ලබා ඇති කටුක අත්දැකීම තමයි, යන්ත්‍රයෙන් මුදල් ලබාගැනීමේ ක්‍රමය පිලිබඳ නිසි අවබෝධයක් නැති අය, මුදල් ලබාගන්නට ගොස්, සියල්ල අවුල්, කරමින් පෝලිමේ ඉන්න අයගෙත් කාලය කා දැමීම. මම දැක තිබෙනවා, සමහර අය අරන් එන්නේ තමන්ට අයිති කාඩ් එකක් නෙවෙයි. සැමියාගේ, බිරිඳගේ, අම්මගේ, තාත්තගේ, වැනි වෙන කෙනෙකුගේ කාඩ්පතක්. එය නීති විරෝධී බව සමහරු දන්නෙත් නැහැ. ඒ වගේම එවැනි අය කරන ගොන් වැඩක් තමයි පෝලිමේ සිටින කෙනෙකුට කාඩ් එක දී, පින් නම්බරයද ඔහුට දී, මුදල් ලබා ගැනීම. මෙසේ මගෙන් උදවු ඉල්ලන අයට මම වාර ගණනාවක් අවවාද කර තිබෙනවා, එසේ නොකරන ලෙස සහ එයින් ලැබිය හැකි ප්‍රති විපාක ගැන. පින් නම්බරය වෙනුවට ඇඟිලි සලකුණ ස්කෑන් වෙන ක්‍රමයක් යෙදුවොත් හොඳ බවයි මගේ අදහස. සමහරු කාඩ්පත ඇතුළු කලයුත්තේ කොතනටද කියන දැනුම්වත් නැතුවයි එන්නේ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  14. //පුද්ගලික ආරක්ෂක නිළධාරීන්, එයාලගේ බැංකුවත් සමග කිසිදු සබඳතාවක් නෑ. අනිත් එක එයාල දන්නා දේකුත් නෑ//

    මචං මම ඉන්නේ පුද්ගලික බැංකූවකට අල්ලා තියන තැනක.මම දකිනවා නිතරම එන මිනිස්සු සිකූරිටිලාගෙන් උදව් ගන්නවා.

    බැංකූ සේවකයොත් සිකුරුටිලාට මිනිස්සුන්ව යොමු කරනවා.
    ඒක නිසා මම හිතූවා ඒකට යම්කිසි රාජකාරීමය පසුබිමක් ඇති කියලා.

    එහෙනං ඒකත් නෝටි වැඩක්

    බැංකුවල වැඩකරන ආරක්ෂක නිළධාරින් මාර කට්ටක් කනවා බං
    එහෙම කරලත් කොච්චරබැනුම් අහනවද

    ReplyDelete
  15. @විචාරක : ඔබ කියන දේ එක්ක මම 100% එකඟ වෙනවා. මමත් සමහරුන්ට පොඩි අවවාද දීල තියෙනව. දවසක් තුන් දෙනෙක් එක විට ඇතුලට ගිහින්, කාලය කනවා. මම ඒ යට ඒ ගැන කිව්වම, තමුසෙට වැඩක් නෑනේ වගේ කතාවක් කිව්වා. මම ඇහුව එක පාරට එක් කෙනෙකුට වැඩිය යන්න බෑ කියල දන්නවද කියල. අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප වල ලොකු වරදක් තියෙනව. දියුණු රටවල නීතිය ආරක්ෂා කරන්නේ වැඩි හරිය මහජනතාව. අපේ අය හිතාගෙන ඉන්නේ ඒවා ආරක්ෂක අංශ වලට අයිති වැඩ කියල.

    බොහෝ දෙනෙක් කාඩ් එක අතට ගන්නෙත් ATM එකට ගිහින්. ගොඩක් අය ඉන්න පෝලිමක තමන්ගේ වැඩ කොටස අවම වෙලාවකින් කර ගන්න එක ලොකු සේවයක්.

    තවත් දෙයක් තමයි සමහරු කාඩ් දෙක තුන අරගෙන එනවා. මේවා වැරදියි තමයි. බැංකුව පැත්තෙන් වත් මේවා නතර කරන්න බෑ. ජනතාව තමයි තමන්ගේ ආකල්ප නිවැරදි කර ගන්න ඕනෑ.

    ඔබ කියන දේවල් ගැන පර්යේෂණ කරලා තියෙනව. ඇඟිලි සලකුණ, ඇහේ කළු ඉඟිරියාව. මම දන්නේ නෑ මොන හේතුවක් නිසා ඒවා සාර්ථක නොවුනාද කියලා.

    @අටම්පහුර : සමහරු පහසුවට එයාලාව අමතර වැඩ වලට සම්බන්ධ කර ගන්නවා. ඒත් එයාලගේ නියම රාජකාරිය ආරක්ෂාව, ආරක්ෂකයනුත් කැමැත්තෙන් මේ වැඩ කරනවා. ඒත් ඒවාගේ කිසිම වගකීමක් නෑ. තමන්ගේ රාජකාරිය වෙනත් කෙනෙකුට පැවරීම් එතරම් නුවණට හුරු නැහැ. යම් වරදක් වුනොත්, තමන්ට එහි වගකීම ගන්න වෙනවා.

    ReplyDelete
  16. ඊලඟ ඒටීඑම් පෝස්ටුව මගෙන්.

    ReplyDelete
  17. ක්‍රෙඩිට් කාඩ් එකෙං ඔන්ලයින් බඩු ගන්න ගිහිං ඇන ගැනීම ගැන මගෙං

    ReplyDelete
  18. රාජා අල්විස් සර් කියනවා වගේ ඉතාම වැදගත්
    මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්

    ReplyDelete
  19. කඩවල් වලින් බඩු අරං ඕනේ අත්සනක් ගහල එන්න පුළුවන් නේද? මම වයිෆ් ගේ කාඩ් එකෙන් බඩු අරං මගේ අත්සන ගහල ඕනෙ තරම් බඩු ගන්නව.. කවදාවත් චෙක් වෙන්නෙ නෑ නේ..

    ReplyDelete
  20. @රාජ් : ඔයාගේ කමෙන්ට් එක දැකල මගේ කට කණ ගාවට ගියා. ආපහු එන්නේ නෑ.

    @ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව. : වැරදුන ගමන් කාඩ් සෙන්ටර් එකට කථා කරන්න. ඕනෑම ගනුදෙනුවක් රිවර්ස් කරන්න පුළුවන් විවිද හේතු කාරණා යටතේ. ඔබ පුදුම වෙයි කිව්වහම ඔබ මිලදී ගත් භාණ්ඩය හෝ සේවාව ගැන පැහැදීමක් නැති වුනත් ඔබට ගනුදෙනුව රිවර්ස් කරන්න පුළුවන්.

    @ලොකු ජෝන් : එහෙමද? බොහෝම ස්තුතියි.

    @පැතුම් හේරත් : අත්ටටම ඔව්. ඒ ගැන වෙළඳ සල් වල කළමනාකාරිත්වය හා කා මධ්‍යස්ථානය සාමුහිකව වග කියන්න ඕනේ. ඔබ ප්‍රතික්ෂේප කලොත් මේ දෙපාර්ශවයට පාඩුව දර ගන්න වෙනවා. හැබැයි දිගටම කරන්න ලැබෙන්නේ නෑ. ඔවුන්ට් පුළුවන් කාඩ් පත තබා ගන්න හෝ භාවිතා කරන්නා අත් අඩංගුවට පත් කරන්නා. එවිට් බිරිඳ කැමැත්තෙන් කලත් වැරදි කරු.

    ReplyDelete
  21. මම මේ ATM පෝස්ට් එකේ දෙවෙනි සිද්ධිය එඩිට් කර කර ඉන්න ගමන් තමයි මේ ඔලුව දැම්මෙ.

    සුදීකයා. අපේ තියෙන්නෙ ඩෙබිට් කාඩ්. ක්‍රෙඩිට් කඩ් නෙවෙයි. මේ මට අදාල ප්‍රශ්ණයක් නෙවෙයි. මම මූවීස් වල දැකලා තියෙනවා, සමහර විට ඔය හෝටල්වල්, සුපර් මාකට් වලදි හෙම ක්‍රෙඩිට් කාඩ් එක දීලා ඒකෙ සල්ලි නෑ හරි සස්පෙන්ඩ් කරලා හරි කියලා දැන ගත්ත ගමන් කැෂියර් කතුරක් අරන් අර කස්ටමර්ගෙ කාඩ් එක දෙකට කපලා දානවා. මොකක්ද ඒ සීන් එක? එහෙම කරන්න පුලුවන්ද?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  22. //ඒකෙ සල්ලි නෑ හරි සස්පෙන්ඩ් කරලා හරි කියලා දැන ගත්ත ගමන් කැෂියර් කතුරක් අරන් අර කස්ටමර්ගෙ කාඩ් එක දෙකට කපලා දානවා. මොකක්ද ඒ සීන් එක? එහෙම කරන්න පුලුවන්ද?//

    @Dude : ඔව් එහෙම කරන්න පුළුවන්. එහෙම තමයි ඔවුන්ට උපදෙස් දීල තියෙන්නේ. එහෙත් සල්ලි නැති වුනාට එහෙම කරන්න බෑ. බොහෝ විට නැති වූ කාඩ් වෙනත් අය ඉදිරිපත් කරන අවස්තා වලදී තමයි එහෙම කරන්නේ. මෙවැනි කාඩ් එකක් ස්වයිප් කලාම "Pick up Card" කියන පණිවුඩය පොස් යන්ත්‍රයේ තිරයේ දිස් වනවා.

    ReplyDelete
  23. වටිනා විස්තරයක්... එක්වරක් මම මතකෙන් වාර 3ත්ම ගහපු පින් නොම්බරේ වැරදිලා කාඩ් පත ඇතුලට ගියා ඇරෙන්න වෙනත් කරදරයක් නම් මේ සම්බන්ධව වෙලා නෑ...

    මම Face book වල දැක්කා හොරෙක් තමන්ට කාඩ් පතින් මුදල් ගන්නට බලය යොදා බල කරනවා නම් පින් අංකය අග සිට මුලට ගහන්න කියලා... එමගින් මුදල් ලැබෙන බවත් මුදල් වංචාවක් සිදු කරන බවට අදාළ පාර්ශව වෙත දැනගන්න ලැබෙන බවත්...

    මෙහි සත්‍යතාවයක් තියෙනවද ?

    ReplyDelete
  24. සුදීක, ඔන්න ප්‍රධාන කතාව නොහොත් දෙවෙනි කොටස දානවා තව ටිකකින්. :) ඇත්තෙන්ම මට ඔය 2008 කතාව මතක්වුනේ ඔය නිසා.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  25. ලෝකෙම භෞතික මුදල් පාවිච්චියෙන් මිදිලා ප්ලාස්ටික් මුදල් වලට මාරුවෙමින් ඉන්න වෙලාවේ අපි කාඩ්පත් පාවිච්චිය ගැන වැඩි වැඩියෙන් දැනුවත් වීම හොඳයි.විශේෂයෙන් අද ATM කාඩ් පතක් පාවිච්චි කිරීමට දැනගන්නවා කියන්නේ අත්සන් කිරීමට දැන ගැනීම වගේ මුලික සහ අත්‍යවශ්‍ය දෙයක් වෙලා නිසා.විශේෂයෙන්ම තමන්ගේ ATM පත හර පතක් ( debit card ) විදිහට ගෙදර දොරේ බඩු මුට්ටු මිලදී ගැනීමේදී පාවිච්චි කරන්න පුළුවන් නම් තමන්ගේ බජට්ටුව පරිපාලනය කර ගන්නත් ඒක උදවු වේවි.

    ReplyDelete
  26. පුංචි ඌන පුර්ණයක් කරන්නම් තමන්ගේ රහස් අංකය ටයිප් කිරීමේදී අතින් වහගෙන ඒක ටයිප් කරන එකත් කාඩ්පත යන්ත්‍රයට ඔබනකොට හිලේ තමන් වෙනද නොදකින ( කාර්ඩ් එක ඔබන හිලේ ) යම් ගැජට්ටුවක් මොනව හරි තියෙනවද කියල බලන එකත් වැදගත්.ටික කලකට කලින් රහස් අංකය ටයිප් කරන යතුරු පුවරුවට උඩින් පුංචි කැමරාවක් සෙට් කරලා කාර්ඩ් එක දාන හිලටත් මැග්නටික් රීඩර් එකක් සෙට් කරල කට්ටියක් නියම ගේමක් දුන්න.

    ReplyDelete
  27. @සිරා : ඔය PIN අංකය අනිත් පැත්තට ගහන්න කියන එක මමත් දැක්ක. ඒත් ඔය වගේ එකක් පොදුවේ කියනවනම් කියන කාඩ් වර්ග තුන, VISA,MASTER,AMEX වත් අඩුම තරමින් එකඟතාවකට එන්න ඕන. මටනම් තාම ඒ වගේ දෙයක් ගැන ආරංචියක් නෑ. වෙලාවක ටෙස්ට් කරලා බලන්නම්.

    ReplyDelete
  28. @සිරා : ඒක වැරදි තොරතුරක්. උදාහරණයකට 2112 වගේ පින් අංකයක් අනිත් පැත්තට ගැහුවාමත් එකයි. කොහොම වුනත් මෙය සාකච්චාවට භාජනය වෙච්ච කාරණයක්.

    ReplyDelete
  29. @Anonymous 1: ඔව් හර කාඩ් එකකින් තමන්ට අවශ්‍ය මුදල විතරක් වියදම් කරන්න පුළුවන්.

    @Anonymous 2: ඇත්ත එහෙම සිද්දි වුනා තමයි. ඒත් ලංකාවේ රහස් අංකයක් දැන ගන්න ඒ තරම් මහන්සි වෙන්න අවශ්‍ය නෑ නේද? අතින් වාහන එකත් හොදයි, ඒත් වැඩිහිටි යට මේක කරන්න ටිකක් අමාරුයි. ලංකාවේ අය රහස් අංකය කොළ කෑල්ලක ලියාගෙන එන නිසා කැමරාවට පහසුවෙන් අහු වෙනව නේද ? වෙනත් රටවල ටිකක් ඈත උස තැනක ඉඳන් දුර බලන කණ්නාඩියකින් බලාගෙනත් තියෙනවා. චිත්‍රපටියක මේ සඳහා ගිරවෙක් යොදා ගන්නවත් මම දැකල තියෙනවා.

    ReplyDelete
  30. වැදගත් ලිපියක්.දන්නෙ නැති ගොඩක් දැන ගත්තා.ස්තූතියි.

    ReplyDelete
  31. @නිසුපා : පලවෙනි වතාවට නේද කමෙන්ට් එකක් දාන්නේ. මට ගොඩක් සතුටුයි ඔයාලගේ දැනුම වැඩි කරන්න යමක් ලියන්න ලැබීම ගැන.

    ReplyDelete
  32. දැනට ලංකාවේ බැංකු වලින් දෙන International Master,Visa Debit කාඩ්ස් ගැන විස්තරයක් කරන්න...Master ආයතනය නිකුත් කරන කාඩ්පත් වලට ලංකාවේදී සහ අන්තර්ජාතිකව ලැබෙන වට්ටම් සහ වාසි පිලිඔවද සහ Visa ආයතනය නිකුත් කරන කාඩ්පත් වලට ලංකාවේදී සහ අන්තර්ජාතිකව ලැබෙන වට්ටම් සහ වාසි පිලිඹඳව හොඳ පැහැදිලි කිරීමක් දෙන්න....

    ඒ දෙන කාඩ් හැම එකක්ම වගේ Master,Visa ආයතන මගින් නිකුත් කරන කාඩ් නිසා ඕනිම බැංකුවකින් International Debit කාඩ් එකක් ගත්තට කමක් නැද්ද??

    ලංකාවේ බැංකුවකින් නිකුත් කරනු ලැබූ International Master හෝ Visa Debit කාඩ් පතකික් වෙන රටකට ගිහිං ඒ කාඩ් එකෙං සල්ලි ගත්තොත් ගන්න මුදලට අමතරව කොපමණ මුදලක් එම රටේ ATM යන්ත්‍රය අයිති බැංකුව විසින් ලබා ගන්නවාද?? එම ලබා ගන්නා මුදල බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනවද...??..ඔය ප්‍රශ්නයටම අනික් පැත්ත ගහලා ඇහුවොත් විදේශිකයෙක් මෙරටට පැමිණ ඔහුගේ Master හෝ Visa කාඩ්පතින් මුදල් ගත්තොත් අමතරව කොපමන මුදලක් ඔහුගෙන් ඔහු මුදල් ලබා ගන්නා ATM යන්ත්‍රය අයිති බැංකුව විසින් ලබා ගනියිද?? ඒ මුදලත් බැංකුවෙන් බැංකුව අනුව වෙනස් වෙනවද...එහෙම වෙනස් වෙනවනං එහෙම වෙන්න හේතු මොනවද???

    Internet Banking වලදී හොඳ සේවාවක් සපයන සහ වඩා කාර්‍යක්ෂමව ගනුදෙනු කල බැංකුව මොකක්ද??....එහෙම වෙන්න ඒ බැංකුව Internet Banking සේවාව ලබා ගන්නා පාරිභෝගිකයන්ට ලබා දෙන පහසුකම් මොනවාද??

    එක් එක් බැංකුවේ internet banking වල User Interface එක ගැන reviews එකක් දෙන්න....

    දැනට භාවිතයේ ඇති Master/Visa Shopping Debit කාඩ් වලින් මුදල් ගෙවා යම් කිසි භාණ්ඩයක් හෝ සේවාවක් ලබා ගත් විට අයකරන්නේ ඒ භාණ්ඩයේ හෝ සේවාවවේ මුදල පමණක්ද?? නැත්නම් අමතර මුදලක් ලබා ගන්නවද??

    ලංකාවට NFC ඇති ජංගම දුරකතන මගින් බිල්පත් ගෙවීම් වැනි කාර්‍යක්ෂම තාක්ෂණ ක්‍රම එන්න තව කොච්චර කල් යයිද??? ... ඒ ආවත් ඒ ඒවා සුපිරි වෙලද සැල් වලට සීමා වෙයිද....??....මෙවැනි තාක්ෂන සහිත උපකරණ නිකුත් කරන්නේ බැංකු විසින්ද??..උදාහරණයකට ගොඩගේ book shop එකට NFC Payment Machine ගැනීමට අවශ්‍ය වූවා යයි සිතමු...එවිට එය මිලදී ගත යුතු වන්නේ ලංකාවේ බැංකුවක් හරහාද??

    ReplyDelete
    Replies
    1. ඔයාගේ ප්‍රශ්ණ ටිකට පොස්ට් එකකින්ම පිළිතුරු දෙන්නම්.

      Delete
    2. බෝම ස්තුතියි සහෝදරයා.... (y)

      Delete
  33. මම කලින් අහපු ප්‍රශ්න ටිකට උත්තර ලැබෙන්න තව කල් යයිද සහෝ....පෝස්ට් එකකින්ම උත්තර දෙනව කියල තිබ්බට තාමත් නෑ නේ...... :P

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 13 ) අතීතකාමය (Nostalgia) ( 5 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...