Sunday, March 31, 2013

බඩ අඩු කර ගන්න කැමතිද ?

බ්ලොග් ලියන අපේ තරියා, ඒ කියන්නේ තරිඳු අබේසිංහ මේ දවස් වල ඇඟ අඩු කර ගන්න පුදුම උත්සාහයක යෙදෙනවා කියලා එයත් එක්ක ෆේස්බුක් එකෙන් එකතු වෙලා ඉන්න කවුරුත් දන්නවා. බඩ අඩු කර ගන්න නම් කෙනෙකුට අන්න ඒ වගේ උනන්දුවක් ඇති වෙන්න ඕනේ. ඉතින් දවසක් චැට් කර ගමන් තරියා මගෙන් ඇහුවා බඩ අඩු කර ගන්න මොනවද කරන්න ඕනේ කියලා. මම කිව්වා ඕක වචනෙකින් දෙකකින් විස්තර කරන්න බෑ. මම පොස්ට් එකක් දානම් කියලා. තරියටත් මේක අමතක වෙලාද මන්දා ? ඇහුවේ නෑ ඊට පස්සේ. මටත් අමතක වුනා. 

මටත් මේ කාලේ ශාරීරික ව්‍යායාම කරන්න බැරි වුණා. අද උදේ කාලෙකට පස්සේ කරන්න හිතුනා. ඒ වගේම මගේ දුවත් නැගිටලා හිටියා. එයාට පින්තුර ගන්න ඕන විදිය කියා දීලා මම පටන් ගත්තා. ආ එක දෙයක් කියන්න තියෙනවා. මේවා කරන්න කලින් ඇඟ උණුසුම් කරන (Warm Up) ව්‍යායාම කරන්න ඕනේ. මතකනේ තරියා ගම්පහදී ඇඟ උණුසුම් කරගන්න කියල ස්ලෝ මෝෂන් එකේ ආව විදිය.


මේ ව්‍යායාමය හැම කෙනෙක්ම දන්නවා ඇති. කුඩා කාලේ කරලත් ඇති. මේක මම කරන්නේ ටිකක් වෙනස් විදියයකට. මෙතනදී තමන්ගේ පස්ස පැත්ත විතරයි බිම තියෙන්නේ. හිස සහ පපුව කොටසත් අඟල් හයක් විතර උස්සනවා. අමාරු නම් මුලින් පිට බිම ගාවගෙන ඉන්න.  දෙපා එකිනෙක ලං කරලා(පාදයේ සිට ඉහලට තද කරගෙන) පින්තුරයේ පේන ආකාරයට දෑත් හිස මත තබාගෙන, දෙපා අඟල් හයක් විතර උසින් තබාගන්න ඕනේ. විනාඩියක් ඉන්න පුළුවන් වෙනකොට ඔයාලගේ බඩ අඩු වෙලා තියෙන්න ඕනේ. හැබැයි මේ ව්‍යායාම කරත්දී තමන්ව රවටගෙන වැඩක් නෑ. හරියට කරන්න ඕනේ. හිත අරෙහෙ-මෙහෙ යවන්නේ නැතිව බඩටම යොමු කරන්න ඕනේ. මුලින් නම් තප්පර දහයක් හිටියත් ඇති ක්‍රමයෙන් දරාගන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙයි. හැබැයි දිනපතාම කරනවා නම් තමයි හොඳ. අඩුම ගානේ එකදිගට දවස් හතරක් වත්. ඉතාම වැදගත් දේ තමයි දනිස් වලින් දෙපා නවන්නේ නැතිව ඉන්න ඕනේ.


දෑත් හිස මත තබාගෙන ඉන්න අමාරු නම් මේ විදියට ඉන්න. 


යෝග ව්‍යායාමත් මේ අතරට කරන්න මම එක්තරා කාලයකදී පුරුදු වුනා. මේ කරන එක ඔයාලට තේරෙනවනේ. යටිපතුල් දෙක එකිනෙක තදකරලා දෑතින් පුලුවන් තරම් ලං කර ගන්න ඉකිලි ප්‍රදේශයට.  පිට කොන්ද සෘජුව තබාගෙන හිස මදක් උස්සලා සාමාන්‍ය විදියට හුස්ම ගන්න. මේකෙන් හුඟාක් අසනීප හොඳ වන බව පිලි ගන්නවා. විශේෂයෙන්ම කාන්තාවන්ට හුඟාක් හොඳ එකක්. 


 ඊළඟ ව්‍යායාමය පහසු එකක්. පලවෙනි එකේදී වගේ දෙපා අඟල් හතරක් විතර උස්සගෙන එකක් ඉහළටත් එකක් පහළටත් යවන්න ඕනේ. පුළුවන් තරම් වෙලා කරන්න. බඩ ටිකක් රිදෙයි ගණන් ගන්න එපා.
 බඩට එක දිගට ව්‍යායාම කලොත් බඩේ මස් පිඩු පෙරලෙන්න පුළුවන්. ඒ අතරට කරන තවත් ව්‍යායාමයක් තමයි මේක. මේ වෙලාවේදී බඩ සැහැල්ලු(Relax) කරගෙන කරන්න. නැත්තම් අමාරු වෙයි. කකුලේ ඇතුල් ප්‍රදේශයේ තිබෙන පේශි වලට මේකෙන් හොඳ ශක්තියක් ලැබෙනවා. පුළුවන් තරම් වෙලා ඉන්න සාමාන්‍ය විදියට හුස්ම ගන්න. දිග අරින කකුලේ ඉහලටම අනිත් කකුල නවලා මේ පේන ආකාරයට තබාගන්න. නවාපු කකුලට බර දීල ඉන්න. 

 මේ තුන්වෙනි එක. මේකෙදී දෙපාඅඩියක් විතර උස්සලා පහල පින්තුරේ විදියට චලනය කරන්න. පුළුවන් තරම් වෙලා කරන්න. මේකේ වීඩියෝ එකක් ගන්න තිබුනම් තමයි හොඳ. කාට හරි පැහැදිලි නැතිනම් එකක් අරන් දාන්නම්.
පින්තුරය ගත්තේ : careertalk.ou.edu


මේකෙන් මට හිතෙන්නේ කලින් වතාවේ නොපෙනෙන නවන පාදය තබාගන්න ඕනේ අකාරය පේනවා. මෙහෙම පුළුවන් තරම් වෙලා ඉන්න. මමත් කාලෙකින් කරන නිසා ටිකක් ඇඟ හොර වෙලා. වම් ඇත තව අඟල් හතරක් විතර ඉදිරියෙන් තියලා තව පොඩ්ඩක් නැවෙන්න පුළුවන් නම හොඳයි. 

අනිත් ඒවාට මම වීඩියෝම  ගන්න හිතුවා. මේකෙන් තව එක දෙයක් මම ඉගෙන ගත්තා. ඒ මොබයිල් එකෙන් වීඩියෝ එඩිට් කරන්න. මගේ දුව තවත් දිගට මේවා අරන් තිබුණා. අනික එකම දේ මම කරපු මුළු කාලයයම දැම්මොත් ඔයාලගේ දත්ත ප්‍රමාණයට තමයි තට්ටු වෙන්නේ. 




මේක ගැන වැඩි විස්තරයක් කරන්න අවශ්‍ය නෑ. මෙහෙම කරන්න පහසු වෙන්නේ දෑත් මත ඔබේ පසුපස කොටස තබන්න ඕනේ. නැත්නම් එහා මෙහා යනවා. අනිත් එක බඩට දැනෙන ප්‍රමාණයත් අඩු කර ගන්න පුළුවන්.  මම මේක 15 වතාවක් විතර කරනවා. එය හොඳ ගණනක්. මුලින්ම අමාරු නම් 5කින් හරි පටන් ගන්න. 




මේ එකේම අනිත් පැත්ත මෙතදී වඩාත්ම හොඳ දනිස් වලින් දෙපා නොනමා මේ ව්‍යායාමයේ යෙදෙනවානම්. ඒත් මේ දවස් වල මගේ ශරීරයේත් බර වැඩි නිසා පොඩ්ඩක් දනිස් වලින් නැවෙනවා.  මම මේක 15 වතාවක් විතර කරනවා. එය හොඳ ගණනක්. මුලින්ම අමාරු නම් 5කින් හරි පටන් ගන්න. 

මේක තමයි බඩට හොඳටම දැනෙන ව්‍යායාමය. පුළුවන්තරම් වේගය අඩු කරමින් තමයි මේක කරන්න ඕනේ. මම මේක 15 වතාවක් විතර කරනවා. එය හොඳ ගණනක්. මුලින්ම අමාරු නම් 5කින් හරි පටන් ගන්න. 

මේ ව්‍යායාම දෙකක් අතර තප්පර 30 කට වඩා විවේක (Rest) ගන්න එපා. 

මේ සේරම වැඩ ටික කරේ Nokia N8 කියන මගේ ජංගම දුරකතනයෙන්. එහි HD වීඩියෝ රේකොඩින් සහ 12mp කැමරා එකක් තිබෙනවා. මේ තරම් පැහැදිලිව ඡායාරුප ගන්න පුළුවන් වුනේ ඒ නිසා. 

මේ තියෙන්නේ පහසුවෙන්ම කර ගන්න පුළුවන්, ඉතාම මුලික මට්ටමේ ව්‍යායාම ටිකක්. තව අමාරු ඒවා තියෙනවා. ඔබේ දෙපා වලින් ඔබේ නම ලියනවා වගේ ඒවත් පුළුවන් නම් කරන්න. 

මතක තබා ගන්න මේ ව්‍යායාම කල පසු මද වෙලාවක් විවේක ගන්න. ඔබේ ශරීරයේ උෂ්ණත්වය තිබෙන විට ඇඟ සේදීම කරන්න හොඳ නෑ. 

Friday, March 29, 2013

බණ්ඩාරවෙල නගරයේ තිබෙන හොඳම පවුලේ අවන්හල(Family Restaurant)

මම ක්‍රීඩා කරන්නේ ඒ වගේම කළමනාකරු හැටියට යන්නේ ක්‍රිකට් ක්‍රීඩා කණ්ඩායම් එක්ක කියලා ඔබ දන්නවා. ඔබ නොදන්නා තව කරුණක් තමයි මම කුඩා කාලයේ ක්‍රිකට් වලට වගේම පාපන්දු වලටත් දක්ෂයි. ඒ වගේම නරඹන්නත් කැමතිම ක්‍රීඩාවක්. සමහරවිට ක්‍රිකට් තරග තියෙන වෙලාවටත් මම පාපන්දු තරග නරඹනවා. අන්න ඒ වගේ අවස්ථාවක තමයි මහේල ජයවර්ධනත් සමග එකම බැංකුවේවාඩිවෙලා වර්ල්ඩ් කප් බැලුවේ

මම තවත් ආස කරන දෙයක් තමයි විවිධා රසයන්ගෙන් ආහාර පාන සපයන භෝජනාගාර වලින් කෑම කන්න. කවුද ඉතිං අකමැති. නේද ? මේ ආසාව වඩාත් තීව්‍ර කලේ මම මේ දවස් වල නරඹන රුපවාහිනි නාලිකා දෙකක් වන TravelXP HD සහ FoxTraveller. ඒවායේ කෑම හදන ක්‍රම පවා පෙන්වනවා. හැබැයි මේවයේ පෙන්වන්නේ ලෝකයේම තියෙන ඒවා. කලාතුරකින් ලංකාවේ ඒවත් පෙන්වනවා. 

ලංකාවේ භෝජනාගාර ගැන දැන ගන්න තියෙන හොඳම තැන තමයි යමු ඩොට් එල්කේ. ඔවුන් කොළඹ පුරා තිබෙන අවන්හල්, බාර්, භෝජනාගාර ආවරණය කරමින් යනවා. බොහෝ විට ඉතා හොඳ අපක්ෂපාතී අදහස් දැක්වීම් එතන තියෙනවා. නමුත් උඩින් කියපු නාලිකා දෙකේදී ඕනෑම කෑමක් රසයි කියලා තමයි එයාලා පෙන්වන්නේ. ඒකට විතරයි මම පොඩ්ඩක් අකමැති.

මටත් ඒ වගේ අත්දැකීමක් ලැබුණා පාපන්දු කණ්ඩායමත් එක්ක බණ්ඩාරවෙල නගරයේ තිබුණ තරගාවලියකට ගිය වෙලාවේ. අපි මාර්තු 23,24,25 කියන දවස් තුනේම හිටියේ බණ්ඩාරවෙල. එහි තිබෙන බොහොමයක් අවන්හල් සහ භෝජනාගාර වලින් අපි ආහාර ගත්තා. නමුත් අවසාන දිනයේ අපත් සමග ගිය එක් කණ්ඩායමක් ශුරතාව දිනා ගැනීම නිසා අපට අවශ්‍ය වුණා මේ ජයග්‍රහණය සමරන්න හොඳ තැනක්. ඒ පළාතේ ජීවත් වෙන අපේ හිතවතෙක් වන බන්දුසිරි මහතාගෙන් අපි ඒ ගැන විමසා සිටියා ඔහු කිව්වා බණ්ඩාරවෙල පොලීසිය ඉදිරිපිට ඉතා හොඳ චයිනීස් අවන්හලක් තිබෙන බව. මේ වෙනකොට අනිත් තැන් වලින් අපි ආහාර ගෙන තිබුන නිසා අපිටත් හිතුන මෙතනට යන්න. එකේ නම කමුකෝ.  ඔය තියෙන ලින්ක් එකෙන් ගියාම වැඩිපුර විස්තර දැන ගන්න පුලුවන්. 

එය තනිකරම කළු-සුදු සහ රතු යන වර්ණ තුන යොදාගෙන ඉතා අලංකාරව නිමවා තිබෙන, පිරිසිදු එකක්. අපට ඔවුන් ලබා දුන්නේ දෙවන මහලේ තිබෙන කණ්ඩායමකට එකට හින්ද අහාර/පාන ගන්න පුළුවන් කාමරයක්. පින්තුර ටික බලලම හිතා ගන්නකො. එතන Wi-Fi ඝර්ම කලාපයක්(මෙය hotspot කියන වචනයට හඳුන්වාදෙන වචනයකි) නිසා ඔබට අවශ්‍ය නම් ඔබේ අන්තර්ජාල පරිහරණයත් එතනම කරන්න පුළුවන්. ඒ වගේම ලෝක ප්‍රසිද්ධ ට්‍රිප් ඇඩ්වයිසර් මගින් හඳුනා ගත් තැනක්. ඒ කියන්නේ ඒ හරහා විදෙස් සංචාරකයන් ඔවුන් සොයා එනවා. මම ගත්ත පින්තුර ටික බලන්න. 



මේ කළු වැඩි ඇතුලත අලංකරණය නිසා මෙතනට ලස්සනක් එකතු වෙන ගමන්ම එහි ආලෝකය අඩු ගතියක් තියෙනවා. ඉතිං අවන්හලක රාත්‍රියේදී කොහොමත් වැඩි එළියක් එකතු කරන්නේ නැති නිසා ප්‍රශනයක් නා.


 එම ඇතුලත අලංකරණ ශිල්පියා කවුරුන් වුනත් ඉතාම නිර්මාණශීලී කෙනෙක් බව මේ චිත්‍ර වලින් සහ කළු තේමාවෙන් පැහැදිලි වනවා.


 ඔවුන් මෙහි පිරිනමනු ලබන අහාර වර්ග වල විස්තර බිත්ති මත පින්තාරු කර තිබෙනවා. පසෙකින් තියෙන්නේ බිත්තිය මත ඇවිද ගියාක් මෙන් සපත්තු අඩියක් ආධාරයෙන් කරපු ලස්සන සැරසිල්ලක්. ඔවුන් සැබවින්ම තායි, චීන, සිංගප්පුරු, මැලේසියන් ආහාර වට්ටෝරු ඒ අකාරයෙන්ම පිළියෙළ කරනවා.


අලංකරණ ශිල්පියා තම අත්ලේ සලකුණු බිත්තියට එකතු කරලා තියෙන්නේ එහි අනන්‍යතාව රැක ගන්නද නැතිනම් සැබවින්ම අලංකාරනයටද ? හැබැයි එක දෙයක් ඔහු කවුද කියල හොයා ගන්න මේ මුද්‍රණ වලින් පහසු වෙනවා. :)


ඔවුන්ගේ වෙබ් අඩවියේ ලිපිනය, ෆේස්බුක් කණ්ඩායමේ සබැඳියාව, ඔවුන් එකතු වී තිබෙන අන්තර්ජාතික  නාමාවලි ගැනත් සටහනක් තබන්න ඔවුන් අමතක කර නෑ.


මේක තමයි එයාලගේ ලාංචනය. ඉතාම චාම් ඒ වගේම පැහැදිලි එකක්.




දුම් දමන (සිස්ලින්) වර්ගයේ අහාරත් ඔවුන්ගේ මෙනූපතේ තිබෙනවා. එය ඔබගේ දෑස්-දෙසවන් පිනවන තවත් අංගයක්.


මේ ඉන්නේ අපේ වීරයා, බ්‍රයන් වීරප්පුලි, අපේ කණ්ඩායමේ ඉන්න ජාතික මට්ටමේ පාපන්දු ක්‍රීඩකය. ඔහු දොන් බොස්කෝ කණ්ඩායමට ක්‍රීඩා කරන්නේ. පසුගිය ප්‍රීමියර් ලීග් අවසන් තරග කිහිපයකම ක්‍රීඩා කළා. ඔහු තම හිස මත පාපන්දුව වගේම වීදුරුවත් සමබර කරන්න දක්ෂයි. මා මීට කලින් ඔහු ගැන ලියූ සටහන බලන්න.

ඉතිං කමුකෝ කියනේ වචයේ පරිසමාප්ත අර්ථයෙන්ම රස නහර පිනවන ස්ථානයක්. එහි මිල ගණනුත් සාධාරණයි. බිල්පත කාර්යාලයේ නිසා දැන් මිල ගණන් ගැන සටහන් කරන්න ක්‍රමයක් නෑ. කමෙන්ට් එකක් ලෙස පසුව එකතු කරන්නම්.

මෙන්න මිල ගණන්

සිස්ලින් බීෆ් විත් බ්ලැක් පෙපර් සෝස් 595+59.50
සිසුවන් ස්ටයිල් චිලී චිකන්   450+45
ෂැන්හයි ස්ටයිල් චිකන් ෆ්‍රයිඩ් නූඩ්ල්ස් 410+41 (දෙදෙනෙකුට සෑහේ)
මැලේසියන් ස්ටයිල් ෆ්‍රයිඩ් රයිස් 390+39 (දෙදෙනෙකුට සෑහේ)
මික්ස් වෙජිටබල්ස් ඉන් සෝයා සෝස් 320+32
කමුකෝ ස්ටයි ඩෙවල්ඩ් චිකන් 450+45

සමුහයක් කෑම ගත්තම ගොඩක් වාසියි කියලයි මට හිතෙන්නේ අපේ එක් අයෙකුගේ වියදම රුපියල් 315 වගේ වෙලා තිබුණා.

මෙහි තිබෙන එක අඩුපාඩුවක් තමයි වායුසමන යන්ත්‍ර සවි කර නොතිබීම. බණ්ඩාරවෙලට මොන ඒ.සීද ?  :)

පහල මාලයේ චායාරුප ගන්න බැරි වුණා. ඒවා බලන්න පුළුවන් ඔවුන්ගේ වෙබ් අඩවියෙන්. 

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...