Saturday, February 2, 2013

බොරු නැත්තෙමය මහතුන් පැවසු තෙපුල - II

රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට් තරගාවලිය වාර්තා කරන්න ලැබුණු ආරාධනයෙන් හිටපු ලෝක ශූර ක්‍රිකට් ක්‍රීඩක රොමේෂ් කලුවිතාරණ සමග සුහද සංවාදයක යෙදෙන්න අවස්ථාව ලැබුණා කියා ඔබ දන්නවා. එම අවස්ථාවේම තවත් ආරාධිතයෙක් අපත් සමග දොඩමලු වුණා. අපේ ප්‍රේක්ෂකයින්ට තරමක් නුහුරු නමක් වුනත්, පසුගියදා ඔස්ට්‍රේලියාවේදී නිමාව දුටු ටෙස්ට් තරගාවලියේදී හොඳින් ක්‍රීඩා කරමින්, ඉතා දිගු ගමනක පෙර මග සලකුණු සනිටුහන් කරන්නට සමත් වූ මේ ආරම්භ පිතිකරුවා දිමුත්, දිමුත් කරුණාරත්න. නොපැකිලිව අසන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන්නා.

අද මෙතන ඉන්නේ ක්‍රිකට් සහ අධ්‍යාපනය කියන කාරණා දෙකම සාර්ථක කර ගත්ත අය. දිමුත් අපි දන්නවා  ක්‍රිකට් පැත්තෙන් දැන් හොඳ සාර්ථකත්වයක් ලබල තියෙනවා, අධ්‍යාපනය කොහොමද වුනේ ?

ආ.. අධ්‍යාපනය, පාසැල් කාලයේ නම් මං හොදින් අධ්‍යාපනය ලැබුවා. මගේ ඕ ලෙවල් රිසල්ට්සුත් හොඳට තිබ්බ, ඒ ලෙවල් රිස්ල්සුත්  හොඳ වුණා. හැබැයි මට කැම්පස් එකකට නම් යන්න ලැබුන්නෑ මොකද මම ක්‍රිකට් තමයි මගේ ආසාව තිබ්බේ දිගටම කරන යන්න. ඉතිං ඒ හිඳ මං ක්‍රිකට් පැත්තට බර වුනා. ඉතිං මං හිතනවා ක්‍රිකට් පැත්තට බරවුන හේතුවෙන්  හොඳ සාර්ථකත්වයක් ඒ පැත්තේන් ලබා ගත්ත කියල. හැබැයි ලැබෙන හැම අවස්ථාවකම ඉගෙනීම් කටයුතු පුළුවන් පුළුවන් විදියට කරනවා. බලාපොරොත්තු වෙනවා ඉස්සරහට ක්‍රිකට් ඉවර වුනාට පස්සේ මොනවා හරි ඉගෙනීම් පැත්තෙනුත් ඉස්සරහට කරගෙන යන්න. 

ඒක අහන්න සතුටුයි ඇත්තටම දැන් අපේ ශ්‍රී ලංකාව ගත්තොත් උපාධිදාරී ක්‍රිකට් ක්‍රීඩකයෝ බොහොම අඩුයි. ඕස්ට්‍රේලියාව එංගලන්තේ වගේ රටවල් වල ඒගොල්ලොන්ට අවස්ථාව තියෙනවා මේ ... ක්‍රිකට් ගහලා එක්කෝ විවේකයක් හම්බෙච්ච වෙලාවේ සම්පූර්ණ කරන්න. ඒ වගේ තත්වයක් ලංකාවේ ගොඩනැගෙයි කියල හිතනවද ඉස්සරහට ?

මම හිතනවා එහෙම වෙයි කියලා. මොකද ඒ රටවල් වල තියෙන්නේ   එහෙ තියෙනවා ක්‍රිකට් කාලවල් දෙකක් ඔෆ් සීසන් සීසන් කියලා. ඉතිං ඒ ගොඩක් වෙලාවට ඒ ප්ලේයර්ස්ලා ගොඩක් වෙලාවට ඔෆ් සීසන් එකෙක් කරන්නේ ස්කිල් වරක් තමයි. එතකොට ඒ අමතරව ඒගොල්ලොන්ට කාලයක් තිබෙනවා ඉගෙනීම් කටයුතුත් කරන්න. ඉතිං මෙහෙ එහෙම පොඩ්ඩක් අඩුයි මොකද මෙහේ මුළු අවුරුද්ද පුරාවටම ක්‍රිකට් තියෙන හින්දා ගොඩක් ප්ලේයර්ස්ලා දිගටම ක්‍රිකට් සෙල්ලම් කරනවා. ඉතිං මං හිතන්නේ ඒකයි වෙන්නැති ඒ රටවල ගොඩාක් උපාධිදාරීන් ගොඩක් බිහි වෙන්නෙත් මෙහෙ නැති වෙන්නෙත්. ඉතිං එහෙම කියල, ඒ කියන්නේ, අවස්ථාවල් නැති කර ගන්නත් හොඳ නෑ. මොකද කුමාර් සංගක්කාර කියන්නේ ලෝයර් කෙනෙක් එයා. හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. ඒ වගේ තව කට්ටිය ඉන්නවා ඉගෙන ගත්ත කට්ටිය. ඉතිං හරියට දෙකම බැලන්ස් කරගෙන යන්න පුළුවන් නම්, මං හිතනවා ඒක ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙනවා වගේම ලොකු සාර්ථකත්වය වෙයි, ක්‍රිකට් වගේම ඉගෙනීම් පැත්තෙනුත් සාර්ථක වුනොත්. 

දැන් ලැබෙන අති විශාල මුදල් සම්භාරය හින්දද ගොඩක් අයගේ අධ්‍යාපනයට උනන්දුව අඩු වෙන්නේ ?

එක පැත්තකින් බැලුවොත් එහෙම හිතන්නත් පුළුවන්. සමහරක් කට්ටිය, දැන් මං වගේ නම්, මං ගොඩාක්ම ආසාවෙන් හිටියේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්ඩ. මගේ එක ආසාවක් තිබ්බේ කවදා හරි ලංකාවට තරගයක් ක්‍රීඩා කරන්න. ඉතිං දැන් ඒ ආසාවත් එක්කම ඒ ඒ අපේ තිබ්බ ආශාවට මුදල් හම්බ වෙනවා. අපි ඒ කියන්නේ මුදල් පස්සේ හඹා යන්නේ නෑ
සුදීක : ඒ වෙනුවෙන් කරපු කැප කිරීම වෙනුවෙන්

ඒ වෙනුවෙන් කරපු කැප කිරීම් වලට හම්බෙන නිකං ත්‍යගයක් විදියට තමයි සල්ලි හම්බ වෙන්නේ. හැබැයි සල්ලි හින්දා ක්‍රිකට් ගහන්න ගියොත් කවදාවත් සල්ලි හම්බ වෙන්නේ නෑ. මොකද ඒක තණ්හාවක් මිසක්, අර එයා ක්‍රිකට් ක්‍රීඩාවට තියෙන ආසාව නිසා නෙමෙයි. ඉතිං ආශාවට අපි කැප කිරීම කරොත් සල්ලි කියන දේ නිකම්ම හම්බ වෙනවා.

ඉදිරියෙදී  අනාගතයේදී ඔයා දකිනවද ශ්‍රී ලංකාවේ මේ දෙකම බැලන්ස් කරගෙන යන අය ඉන්නවද කියලා ?

ඔව් දැන් මේ තරගාවලිය බැලුවහම මට පේනවා හොඳ ක්‍රීඩකයෝ බිහි වෙලා ඉන්නවා . ඒගොල්ලෝ දෙකම හරියට බැලන්ස් කරන් ආපු කට්ටිය. ඉතිං මෙගොල්ලන්ටත් පුළුවන් ඉස්සරහට  ඉගෙනීමේ කටයුතු කරන ගමන් තව හොඳ ක්ලබ් එකකට ගිහිල්ල සෙල්ලම් කරලා ඒගොල්ලන්ගේ ක්‍රිකට් ක්‍රීඩාවත් ඉම්පෘ කර ගත්තොත්, ඒ දේවල් එගොල්ලන්ටත් කර ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිටත්   අපි ක්‍රිකට් ක්‍රීඩාව පරිපූර්ණ කර ගත්ත වගේම අනික් පැත්තත් අපිත් සමබරතාවයක් කර ගෙන යන්න  අපිට අවස්ථාවක් හම්බුනොත්. මං හිතනවා ඒ වෙලාව සමබර කර ගත්තොත් මං හිතනවා ඉදිරියට හොඳ ක්‍රීඩකයෝ වගේම හොඳ නොලේජ් තියෙන ප්ලේයර්ස්ලත් එන්න. 

දෙමව්පියෝ අතෙත් යම්කිසි වගකීමක් තියෙනවා නේද? ඒගොල්ලෝ තමයි ළමයින්ගේ අනාගතේ කොයි පැත්තට යන්න ඕනෙද කියලා තීරණය කරන්නේ. දෙමව්පියෝන්ටත් පොඩි වගකීමක් තියෙනවා ළමයින්ගේ දක්ෂතා අඳුනගෙන, ඒ ඔස්සේ යවන්න



ඔව්, ඇත්තටම ඒ කතාව නම් සම්පූර්ණ ඇත්ත. මොකද හැමෝටම බෑ ඩොක්ටර්ස්ලා වෙන්න, හැමෝටම බෑ ක්‍රිකටර්සලා වෙන්න. ඉතිං පොඩි කාලේ එයාගේ ඒ දක්ෂතා හඳුනාගෙන, දෙමව්පියෝ දැන ගන්න ඕනේ එයාව ඒ පැත්තට යොමු කරන්න. මං හිතනවා එහෙම කරොත් එහෙම එයාගේ ඒ ආසාවල් කරන ගමන්ම අනිත් දේවල් වලටත් උනන්දු වෙයි. මොකද පියෝ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න ආසයි කියන පුද්ගලයව ග්‍රවුන්ඩ් එකටත් යවන්නේ නැතිව පොතේ පතේ තිබ්බහම එයා ඒක කරන්නේ කිසිම ආසාවකින් නෙවෙයි. එයා අපි කියමු ක්‍රිකට් ක්‍රීඩා කරන්න යැවූවොත් එයා ඒ දේවලින් ඉගෙනීම් කටයුතුත් ආසාවෙන් කරයි. දෙමව්පියොත් ගොඩක් මේකට එකතු වෙන්න ඕනේ ඒ පුතා හෝ දුව සමග  ඔවුන් කරන දේ, ක්‍රිකට් ක්‍රීඩාව හෝ කිසියම් ක්‍රීඩාවක් කරන එයා ආස දෙයක් තියෙනවනම් ඒ පැත්තටත් යොමු කරලා අනිත් පැත්තත් ඒ හා සමබරව කරගෙන යන්න උදව් වෙන්න. 

දැන් අපි දකිනවා ටුවෙන්ටි-ටුවෙන්ටි ක්‍රීඩාව හින්ද අලුත් පාරවල් නිර්මාරණය වෙනවා පොතේ නැති අලුත් පාරවල්. දැන් ඔයා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට තමයි වැඩියෙන් ඉදිරිරියට ඇවිත් තියෙන්නේ. ටෙස්ට් ක්‍රිකට් වල තියෙන තාක්ෂණික ගතිය ඉදිරියට අඩු වෙලා යයිද ටී ටුවෙන්ටි නිසා ?

මට හිතෙනවා එහම වෙයි කියලා. මොකද දැන් අපි බැලුවම ඩේවිඩ් වෝර්නර් වගේ ප්ලේයර් කෙනෙක් ඔහු හොඳ පාරවල් සමගම ටුවෙන්ටි-ටුවෙන්ටි පහරවලුත් එල්ල කරනවා ටෙස්ට් ක්‍රීඩාවේදි. ටෙස්ට් ක්‍රීඩාව කියන්නේ ප්ලේයර් කෙනෙක්ව ටෙස්ට් කරන තැනක්. එතන ඒ කියන්නේ , එයා කොහොමද ? එයා කොයි වගේ පන්දු යවන්නන්ට මුහුණ දෙන්න පුලුවන්ද ? කොච්චර වෙලා එයාට පිතිකරණයේ හෙදෙන්න පුලුවන්ද ? කොරච්චර වෙලා එයාට මේ අර ශක්තිය දරාගෙන ක්‍රීඩා කරන්න පුලුවන්ද ? කියල බලන ස්ථානයක් තමයි ටෙස්ට් ක්‍රිකට් කියල කියන්නේ. ඒ වුනාට ටුවෙන්ටි-ටුවෙන්ටි ක්‍රීඩාව   කියන්නේ පොඩි වෙලාවක් ඇතුලත ඉක්මනින් වේගයෙන් ලකුණු ලබා ගන්න දෙයක්. මං හිතනවා ඒ ක්‍රීඩාවන් දෙක දෙවිදියක්. හැබැයි එහෙම බැලන්ස් කරගෙන යන්න පුළුවන් කට්ටියත් ඉන්නවා. ටෙස්ට් ක්‍රීඩාවේදී ටෙස්ට් ක්‍රිකට් ප්ලේයර් හැටියට ක්‍රීඩා කරන්නත්, ටුවෙන්ටි ටුවෙන්ටි ක්‍රීඩා කරද්දී ටුවෙන්ටි-ටුවෙන්ටි ක්‍රීඩා කරන ආකාරයත්. හැබැයි අපේ වගේ රටක, මං හිතන්නේ ගොඩක් වෙලාවට අපි පොඩ්ඩක් ඕක පටලෝගන්නවා. අපි ගොඩක් වෙලාවට අපි සාමාන්‍යායෙන් ටිකක් ඇග්‍රෙසිව් ප්ලේයර්ස්ලා ඉන්නේ ගොඩක් වෙලාවට. ඉතිං අපේ ඒ ඇටෑකිං මෝඩ් එකම තමයි සමහරක් විට ටෙස්ට් ක්‍රීඩාවටත් ගෙනියන්නේ. ඒකයි අපි සමහරක් වෙලාවට හොඳ පිතිකරු පන්දු යන්වන්නන් ඉදිරියේ ටිකක් අඩු ලකුණු වලට දවා ගන්න හේතුත් මං හිතනවා ඔය වගේ වෙනවා කියල. මොකද අපේ පන්දුවට පහර දෙද්දී අපේ කියන්නේ ෂොට් සිලෙක්ෂන්ස් එහෙම ගොඩක් අඩු ඒ කියන්නේ වැරදි වෙන්න හේතුව මං හිතනවා ඒ හින්ද කියලා. හැබැයි එක පැත්තකිනුත් මම ඒකෙ පනහ-පනහ තියෙන්නේ. ඒකේ සාර්ථකත්වයකුත් තියෙනවා, අසාර්ථකත්වයකුත් තියෙනවා. සමහරක් විට අපට ටෙස්ට් තරගාවලියක් එනවා පන්දු .... ඕවර්ස් නමයකදී ලකුණු 60ක් 70ක් ගහන්න, වුණාම එතකොට් ඒක අඩිතාලමක් වෙනවා ටුවෙන්ටි ටුවෙන්ටියෙන් ටෙස්ට් ක්‍රිකට් එකට. ඒ වගේම දෙවිදියක් තියෙනවා. ඉතිං ඒක හරියට බැලන්ස් කරන් ගියොත්. ඒක හරියට ටෙස්ට් ක්‍රීඩාව ටෙස්ට් ක්‍රීඩාව විදියටත්, ටුවෙන්ටි ටුවෙන්ටි ඒ විදියටත් කරගෙන යන්න පුළුවන්. 

අපේ රටවල් වල සාමාන්‍යයෙන් ක්‍රීඩකයන්ගේ ජනප්‍රියත්වයත් සැහෙන බලපානවා. ලබා ගන්න ජනප්‍රියත්ව දැන් අපේ තරංග පරණවිතනා, තිලාන් සමරවීර  මන් හිතන්නේ දිමුත් ගත්තත්, වැඩි ප්‍රසිද්ධියක්, හුඟක් නෑ අනිත් ය තරම් ටී ටුවෙන්ටි ප්ලේයර්ස්ලට ලොකු ප්‍රසිද්ධියක් හා මුදල් ප්‍රමාණයක් ලැබෙනවා. ඒක නිසාද වැඩියක් ටී ටුවෙන්ටි වලට වැඩි අවධානය දැන් යොමු වෙලා තියෙන්නේ ?
ඔව්. මෙහෙමයි දැන් ලංකාවේ, මේ ආසියාතික රටවල් වල පමණයි ඔය දේ සිද්ද වෙන්නේ. මොකද ලංකාවේ මිනිස්සු බැලුවම ගොඩක් ටිකක් කාර්ය බහුලයි. ඉතිං ඒගොල්ලෝ උදේට වැඩට යනවා, ගිහිල්ල එන්නේ හවස, හවස ආවයින් පස්සේ තමයි ගෙදර ටී වී එක දාලා මැච් එක බලන්නේ. ගොඩක් වෙලාවට ටී ටුවෙන්ටි වගේ තරගයක් යන්නේ දිවා රාත්‍රී තරගයක් හැටියට. ඉතිං මිනිස්සුන්ට ගොඩක් බලන්න පුළුවන් අවස්තාවල් තියෙනවා. තරගය ගොඩක් වෙලාවට සෙනසුරාදා ඉරිදා ඒ වගේ නිවාඩු දවස් වලට තමයි ගොඩක් වෙලාවට පවත්වන්නේ. මොකද මිනිස්සු ගොඩක් අර ගෙන්න ගන්න පුළුවන් හින්දා. හැබැයි ටෙස්ට් තරගයක් එහෙම  නෙවෙයි. උදේ සුපුරුදු වෙලාවට ,උදේ දහයට පටන් ගන්නේ හවස පහට ඉවර වෙන්නේ. සෙනසුරාදා ඉරිදා කියලා වෙනසක් නෑ. සතියේ දවස් වල තමයි ගොඩක් පටන් ගන්නේ. එතකොට මිනිස්සුන්ට ඒක බැලෙනවා අඩුයි. ඉතිං මං හිතනවා එක වෙන්නැති  ජනප්‍රියතත්වයට ගොඩක් ටුවෙන්ටි ටුවෙන්ටි හේතු වෙන්නේ. මොකද මිනිස්සුන්ට කාර්ය බහුල ජීවිතයෙන් පොඩ්ඩක් ඈත් වෙලා බලන්න පුළුවන් හින්දා වෙන්න ඇති. හැබැයි ඒක තිබෙන්නේ මේ වගේ ආසියාතික රටවල් වලට පමණයි. ආසියාතික කියන්නේ ගොඩක් වෙලාවට ලංකාව 
සුදීක : ඉන්දියාව
ඕ ඉන්දියාවේත්, මන් හිතන්නේ ඕන දෙයක් (මද සිනහවෙන්)  ඕන වෙලාවක මිනිස්සු. හැමදෙයක්ම දාලා ඇවිල්ල තරගයක් නරඹනවා ටෙස්ට් හෝ වන්ඩේ හෝ ටුවෙන්ටි-ටුවෙන්ටි හෝ ඕන දෙයක්. හැබැයි ගොඩක් වෙලාවට අපි පිටරටවල් වල බැලුවම ඒගොල්ලෝ ටෙස්ට් ක්‍රීඩාවට මහත් ආදරයක් දක්වනවා. ඒගොල්ලෝ උදේ පාන්දරම ටෙස්ට් ක්‍රීඩාව පටන් ගන්නවා නම් නමයට විතර ඒගොල්ලෝ උදේ හතහමාරේ ඉඳන්ම ඇවිල්ල ඒගොල්ලන්ගේ ආසනවල ඉඳගෙන ඒගොල්ලෝ මාර ආසයි. හැම තරගයකම පන්දුවෙන් පන්දුවට බලනවා. ඒ කියන්නේ කිසිම අර මේ ....
සුදීක : පක්ෂපාතී නැතිව 
ඕ පක්ෂපාතී නැතිව. මොකද එගොල්ලේ අර හොයන්නෑ. ලොකු පාරවල් හොයන්න ඕනේ නෑ. ඉක්මනට ගේම් එක, එහෙම නෙවෙයි. ඒගොල්ලන්ට ඕනේ ලොකු ගේම් එකක්. එතකොට තමයි අර තරග වදින බැටල් එක ටිකක් ලොකු වෙන්නේ.  එතකොට ඒගොල්ලෝ ආසයි ඒ බැටල් එක කොහොමද, මොකද එක දවසක් ඉන්න පුළුවන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම උඩින් , අනිත් දවසේ  ඉන්න පුළුවන් ශ්‍රී ලංකා කණ්ඩායම උඩින්. මේ බැටල් එක දවස් පහක් තිස්සේ යත්දී අර ඒගොල්ලන්ට තියෙනවා කිසියම් වූ ආශාවක්. හැබැයි ටුවෙන්ටි ටුවෙන්ටි කියන්නේ එක පන්දු ඕවරයෙන් තරගයක් වෙනස් වෙන්න පුළුවන් තරගයක්. ඉතින් ඒකට වඩා ටෙස්ට් තරගයේ ගොඩක් වෙලාවට ලංකාවේ හේතුව මේ කාර්ය බහුලත්වය එක්ක තමයි කියල මම හිතනවා. 
 මේ සංවාදයේදී මා තේරුම් ගත්තේ ඔහු ක්‍රිකට් පිලිබඳ හොඳ අධ්‍යනයක පසු වන බවයි. ඔහුගේ ඉදිරි අනාගතයට අපි සුබ පතමු.

Thursday, January 31, 2013

කෙටිම කෙටි ලොල් කතා අංක 27 - රණේගේ ප්‍රථම හාදුව

දැන් කීප දෙනෙක් මමත් එක්ක ඔරොප්පුවෙන් ඉන්නේ එක දිගට ක්‍රිකට් ගැන ලියනවා කියලා. ඇත්තටම ඉතින් මගේ අත්දැකීම් වල මම වැඩියෙන්ම කැමති කොටස ක්‍රිකට් සම්බන්ධ ඒවා. ඒ වගේම මගේ ක්‍රිකට් ගැන කැමැත්ත කොයි වගේද කියලා කවුරුත් දන්නවනේ. ඒක දන්නා නිසා තමයි ගම්පහ ගෙට් එකේදී අමුතු ක්‍රිකට් ක්‍රීඩාව මෙහෙයවන්න මට අවස්ථාව දෙන්න ඇත්තේ. ඒ මොනවා වුනත් අටමා බුදුන් වඳින දෑතින් වැඳලා කියලා තියෙනවා නේ දැන් ක්‍රිකට් ගැන ලිව්වා ඇති කියලා. ඒ නිසා මම ලියපු වර්ග වලින් වැඩිම ජනප්‍රියත්වයක් තියෙන ලොල් කතා සීරීස් එකේ තවත් එකක් ලියන්න ඕනේ කියල හිතුවා. අනිත් එක ගෙට්ටුවෙදී අලුතෙන් අඳුනා ගත් අයත් බ්ලොග් එකට එකතු වෙලා ඉන්න වෙලාවේ හැමෝටම බලන්න ආස හිතෙන එකක් ලියන්න වටිනවා කියලා මටත් හිතුනා. 

මම මේ බ්ලොග් එක පටන් ගත්ත වෙලාවේදී කිව්වෙත්, මේ බ්ලොග් එකේ තේමා පාඨයෙන් කියවෙන්නෙත් මගේ රාජකාරී දිවියේ අත්දැකීම් බෙදා ගන්නවා කියලා. ඒ වුනාට මොකද මම තාම රැකියාස්තානගේ සිදුවීම් ලියලා තියෙන්නේ බොහොම අඩුවෙන්. මේ කතාව වුනත් අහපු කතාවක් මිසක් මට සෘජුව සම්බන්ධ එකක් නෙවෙයි. 

මේ කතාව පටන් ගන්න කලින් කියන්න තවත් කාරනාවක් තියෙනවා. මම ලියපු තෙල් බෙහෙත් වෙළෙන්දා දුටු පේටන්ට් සංකල්පය කෙටි කරලා ඕනෑම කතාවක් වචන සීයයි බ්ලොග් එකට ලියපු තෙල් බෙහෙත් වෙළෙන්දාගේ පාපොච්චාරණය පහුගිය සෙනසුරාදා පිට වෙච්ච තරුණයා පත්තරේ පල කරලා. එයාලා එතැන මගේ බ්ලොග් එකේ නමත් සඳහන් කරලා තියෙන නිසා සතුටුයි. මට මේක පෙන්නුවේ අපේ බ්ලොග් හිතවත්තු දෙන්නෙක් වන සමියා සහ දේශ්. ඉතිං ඒ දෙදෙනාට ස්තුති කරන්නත් මම මේක අවස්තාවක් කර ගන්නවා. එයාල නොපෙන්නුවා නම් මම ඒක දකින්නේ නෑ. 

ඉහලින් තියෙන කාරණා තුන නොලියා ගහෙන් ගෙඩි එන්න වගේ මේ කතාව ලියන එක හරි නැති නිසයි ඒ ටික සඳහන් කලේ. දැන් අපේ නියම කතාවට යමු. මේක බැංකුවේ කතාවක්. 

රණේ කියන්නේ අපේ කතා නායකයාගේ නියම නම නොවුනත් ඔහුගේ වාසගම තියෙන කෙනෙකුට අපේ සමාජයේ අය අමතන්න යොදා ගන්න හුරතල් නාමේ. එතකොට ඔය වාසගමට රණවීර, රණසිංහ,රණතුංග මේ කැමති එකක් හිතා ගත්තට වරදක් නෑ. රණේට බැංකුවේ පත්වීම ලැබුනේ 1978 නැත්තම් 79 දී. මේක කියවන සමහරු ඉපදිලා නැතිවත් ඇති. එයාගේ පෙම්වතිය වෙච්ච පසුව විවාහ වෙච්ච සීතා මහත්මියත් මේ එකම බැච් එකේ දෙන්නා. එකම බ්‍රාන්ච් එකට වැටුනේ. මේ බ්‍රාන්ච් එක කොළඹ කොම්පඤ්ඤවීඩිය කිට්ටුව බ්‍රාන්ච් එකක්. එහෙම කිව්වේ හරියටම බ්‍රාන්ච් එක කිව්වොත් කෙනෙක්ට මම කියන කෙනාව අඳුනා ගන්න පුළුවන් වෙන නිසා. මගේ බ්ලොග් පොස්ට් වල නම් සඳහන් වෙච්ච අපේ සමහර මාත්වරු ඉන්නේ ඒ ගැන වැඩි හිත සතුටකින් නෙවෙයි කියලා ආරංචි වුන නිසා ශරීර සෞඛයටත් හොඳ නිසා ටිකක් සඟවලා ලියන්න හිතුවා. 

ඉතින් අපේ රනේ බොහොම කඩවසම් තරුණයා ඒ කාලේ. හිතාගන්නකෝ අර චිත්‍රපටි වල විජේ කුමාරතුංග මහත්මයා ඇඳගෙන ඉන්න අර රවුම් ලොකු කොලර් ෂර්ට් අඳිනා කාලේ. කනෙන් භාගයක් වැහෙන්න වලස් තොප්පිය වගේ හෙයාර් කට් එක ගහන කාලේ. උසට ගැලපෙන මහතා ඒත් ටිකක් විතර කුලෑටි අපේ රණේට ඒ ශාකාවේම අල්ලපු කවුන්ටරේ වැඩ කරන සීතා කෙල්ල ගැන පිලිබඳ සිතක් පහල වුණා. සීතා කෙල්ලත් හිරිමල් ගැටිස්සි. ඉස්කෝලෙන් අවුට් වෙච්ච් ගමන්මයි බැංකුවට එකතු වුනේ. අපේ රනේ තරම් උස මහතා නැති වුනත් හුරුබුහුටියි. රණේ තරම් සුදු නැති වුනත් තලෙලුයි. රණේට ඇයව කොයි තරම් හිතට වැදුනද කිව්වොත් බලන බලන හැම අතකම ඇයව පේන්න ගත්තා. තනියම ඉන්න වෙලාවට ඇයගේ අත අරගෙන විහාර මහා දේවි පාර්ක් එකට යන, බ්‍රාන්ච් එක කිට්ටුවම තියෙන එම්පයර් එකට ෆිල්ම් බලන්න යන දර්ශන හින්දි චිත්‍රපටියක් වගේ මැවිලා පෙනුනා. දෑසින් කරන ඉඟි බිඟිත්, මිතුරන්ගේ ඇනුම් පදත් නිස මේ දෙදෙනා ටික කලක් යනකොට නිකංම පෙම්වතුන් බවට පත් වුණා. 

දැන් මේක පටන් ගත්ත දවසේ ඉඳන් රණේට මිතුරන්ගෙන් ගැලවීමක් නැති වුනා.

"අයියෝ තාම ෆිල්ම් එකක් වත් බැලුවේ නැද්ද, ඔය ලයිබ්‍රියටයි, විහාර මහාදේවී පාක් එකටයි ගිහිං කොහොමද ලව් කරන්නේ. (කනට කර රහසින්) තාම කිස් එකක් වත් දුන්නේ නැත්ද?"

ඒත් අපේ රණේට මේ වගේ එකක් සීතාගෙන් අහන්න ගටක් නෑ. තවත් අතකින් මේක සෙට් වුන දවසේ ඉඳලා සීතා නහයෙන් අඬන්න පටන් ගත්තේ

"කවදද අපේ ගෙඅර එන්නේ ?" කියලා. දන්නැද්ද ඉතිං ඒ කාලේ ගෑණු ළමයි බොහොම ලැජ්ජා බයට හැදුන නිසා දෙමව් පියන්ගේ අවසරයක් නැතිව වතුර ටිකක්වත් බොන්නේ නෑ. හැබැයි හැමදාම ගෙදරින් එනකොට මොකක් හරි බොරුවක් කියලා රණේටත් එක්ක බත් මුලක් ගැට ගහගෙන එන්න සීතා කෙල්ලත් පසුබට වුනේ නෑ. 

මේ වැඩේ හරි යන්නෙම නැති තැන රණේගේ හොඳම මිතුරා ඇයගෙන් ප්‍රශ්න අහන්න පටන් ගත්තා

"අයියෝ සීතෝ අපි නම් සෙට් වෙලා මාසයක් යනකොට ෆිල්ම් එකක් බැලුවා. උඹලා තාම ළදරුවෝ වගේනේ. මේ දවස් වල ලස්සන හින්දි චිත්‍රපටියක් යන්නේ. ආයි බලන්න හම්බ වෙන්නේ නෑ. මම රණයට කියන්නම් එක්කං යන්න කියල. උඹ කැමතියි නේද ?"

"අනේ මං දැන්නෑ ඇනයියේ, අම්මලා දැන ගත්තොතින් මොනවැයින් මොනවා වෙයිද දන්නෑ. අපේ තාත්තා හරි වසයි"

"අනේ මෝඩියේ කවුද ඕවා අම්මලට කියන්නේ. උඹලා බැඳලා ළමයිත් හම්බ වුනහමද ෆිල්ම් එකක් බලන්නේ ? ඔන්න හෙට ෂෝට් ලීව් එකක් දාලා පලයන් දෙන්නත් එක්ක. පයින්ම යන්නත් පුළුවන් එකේ. රණයට මම කියන්නම් කලින් ගිහින් ටිකට් ගන්න කියලා. අපි කවුන්ටරේ වැඩ බලා ගන්නම්. "

පහුවදා රණේ මනමාලයා වගේ ඇඳලා වැඩට ආවේ. අනිත් කොල්ලේ නැති තැන මේ ගැන කතා වුනත් රණේට මූනට මොනවත් කියන්න ගියේ නෑ. මොකද රණයට තද වුනාම අතට අහු වෙන එකෙන් ගහන ජාතියේ මුලං කාරයා නිසා. කොහොමින් කොහොමින් හරි හවස් තුනත් වුණා. රණයට වෙලාව යන්නේ හෙමින් වගේ තමයි එදා දැනුණේ. බොහොම අමාරුවෙන් පචයක් ගහලා තමයි මැනේජර් මහත්තයා ශේප් කරගෙන සීතා එලියට බැස්සේ. රණේ වරුවක් නිවාඩු දාලා තමයි පිට වෙලා තිබුණේ. හොර පූසෙක් වගේ ටවුමේ කරක් ගහලා බැල්කනි ටිකට් දෙකක් අරගෙන එලියට ඇවිත් සීතාගේ කුඩය යටටම් රිංගාලා ඇසුරු සැණින් දෙන්නා ෆිල්ම් හෝල් එකට රිංගලා බැල්කනියට ගොඩ වුනේ ඉහින් කනින් දාඩිය දාගෙන. ඒ තරමට දෙන්නා බය වෙලා හිටියේ. 

තවත් විනාඩි 10-15 කට පස්සේ ශාලාව අඳුරු වෙලා චිත්‍රපටිය ඇරඹුනා. දැන් රනේගේ හිතේ තියෙන්නේ සීතාට කොහොම හරි කිස් එකක් දී ගන්න. සීතා චිත්‍රපටිය දිහා බලාගෙන ඉන්නවා. මේ වෙනකොට ඇය අතේ ඇඟිලි ගානටත් අඩුවෙන් තමයි චිත්රපටි නරඹලා තිබුණේ. ඉතා වේගයෙන් කාලය ගෙවීගෙන යනවා. සීතා සමවැදිලා චිත්රපටිය නරඹනවා. රනේ දෙතුන් වතාවක්ම සීතාගේ මුහුණට මුණ කිට්ටු කලත් කරුමෙට එක්කෝ එලිය ටිකක් වැඩි වෙනවා, නැත්නම් කව්රු හරි බලාගෙන ඉන්නවා කියන විචිකිච්චාව රණේගේ හිතේ වැඩ කරනවා. රණේගේ පපුව යකාගේ කම්මල වගේ වැඩ කරනවා. අන්තීමට හිතට දහිරිය ගත්ත රනේ එක පාරටම සීතාගේ බෙල්ල සිප ගත්තා. සීතාගේ කටින් මර ලතෝනියක් පිට වුණා. චිට්‍රපටිය නවතලා ශාලාවේ ලයිට් දැල්වුණා. හැම දෙනෙක්ම දැන් මේ යුවල දිහා බලාගෙන ඉන්නවා. සීතාට සිහිය නෑ. අන්තිමට වතුර ගහලා තමයි සිහිය ගත්තේ. ඒ එක්කම රණේ සීතාවත් එක්කං එලියට යනවා. හේතුව මොකක්ද ?
පින්තුරය ගත්තේ : http://vancouverisawesome.com

දිගටම පෙන්නගෙන ආපු හින්දි චිත්‍රපටිය ඉවර වෙලා එදා උදේ තමයි වැම්පයර් චිත්‍රපටියක් පෙන්නන්න අරගෙන තියෙන්නේ. රණේට තිබුන කලබයල නිසා ෆිල්ම් එක මොකක්ද කියලා බලන්න අමතක වෙලා. පස්සේ පෙම්වතියගෙන දැනගෙන තියෙන්නේ හරියටම වැම්පයර් චිත්‍රපටියේ ඉන්න කාන්තාවකගේ බෙල්ල හපලා ලේ බොන දර්ශණය යනකොටම තමයි අපේ රණේ ඇගේ බෙල්ල සිපගෙන තියෙන්නේ. :)

ප:ලි: බ්ලොග් ගෙට්ටුවෙදී මා සොයා පැමිණි මට ටී ෂර්ට් එකක් පරිත්‍යාග කල සුනිල් සංජීව මෙන්ඩිස් මහතාට මගේ කෘතඥතාව.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...