අපේ සමාජයේ පුරුද්දක් තියෙනවා මිනිස්සු කරන රස්ස්වල් වලට "කාරයා" කියන විශේෂණ පදය එකතු කරලා පාන්කාරය, මාලුකාරය, කිරිකාරයා, පත්තරකාරය වගේ වචන වලින් ඒ අය නැති තැන ආමන්ත්‍රණය කරන්න. සමහර අය නිපුනතා දක්වන ලද ක්ෂේත්‍රයට පවා මේ "කාරයා" කොටස එක් කරමින් තනා ගත වචන සමාජයේ භාවිතා වෙනවා. සී.ඒ.එස්. කාරය, බී.ඒ. කාරය, එම්. ඒ, කාරය, පී.එච්.ඩී. කාරයා, එම්.එස්.සී. කාරයා, බී.එස්.සී කාරය යනු උදාහරණ කිහිපයක් පමණයි. ආමිකාරය, පොලිස්කාරය, නේවිකාරයා කියලා හමුදාවේ සහ පොලීසියේ අය නියෝජනය කලත් ගුවන් හමුදාවේ අයට මේ කාරයා කුලයේ නමක් නෑ, අනිත් කොටස තමයි ග්රාමාරක්ෂකයන් ඔවුන්ටත් මේ කාරය නමක් නෑ.
මේ කාරයා කියන එකට දැඩි සේ විරුද්ද කාන්තාවන් කිහිප දෙනෙක්ම මට හමු වෙලා තියෙනවා. මගේ කාර්යාලීය සගයා ජනකගේ බිරිඳ වන සමන්ති එක්කෙනෙක්. එයා ඕනෑම කෙනෙකුට මහත්තයා කියල අමතන්න පසුබට වෙන්නේ නැතිලු. එතනින් නොනැවතී අනෙක් අයටත් 'කාරය' ලෙස නො-අමතන ලෙස ආයාචනා කර සිටිනවාලු. එහෙත් ඇගේ පියා පවසන්නේ කාරය යන්න අපිට බෝ වෙලා තියෙන්නේ අපේ රට පාලනය කල බටහිරයන්ගෙන් කියලා පොලිස්මන්, මිල්ක්-මෑන්, ෆිෂර්මන් ආදී වශයෙන්. එහෙත් අපේ අය මේ වචනය පාවිච්චි කරන්නේ අවඥාවට කියලයි මේ ක්‍රමය විවේචනය කරන අය පවසන්නේ. හැබැයි සමහරක් අයට මේ වගේ වචන වලින් කථා කරන්නේ නෑ. ඩ්‍රයිවර් - කාරය, කොන්දොස්තර-කාරයා, ග්‍රාමසේවක-කාරය වගේ වචන වෙනුවට ඩ්‍රයිවරයා, කොන්දොස්තරයා, ඉස්කොලේ මහත්තය, ග්‍රාමසේවක රාලහාමි කියන වචන පාවිච්චි කරනවා.
මේ ක්‍රමයට විරුද්ධ තවත් කෙනෙක් තමයි මගේ කාර්යාලයේ කාලෙකට කලින් වැඩ කරපු ලියෝනි මහත්මිය එයා ඒ කාලේ මේකට විරුද්ද වෙලා කාරය වෙනුවට "මෙයා" කියල කියන්න කියල අපිට කරදර කරා. අපිත් ඒ දවස් වල කථා කරද්දී "ඔයා බඳින්න කැමති ආමි-මෙයා කෙනෙක්ද?" කියල ඇයගෙන් අහනවා. ඒ ක්‍රමයට අනුව නම් ආමි-මෙයා, නේවි-මෙයා වගේ අපේ කටට නුහුරු වචන මාලාවක් තමයි. මේ ක්‍රම වලට ඇත්තටම අපට හුරු වෙන්න බැරි මේ වචන ඒ තරමටම ජන සමාජයේ කිඳා බැහැපු වචන නිසා.
එක් අතකින් අපි කවුරුවත් කැමති නෑ අපට මේ වගේ වචන දාල කථා කරනවට. බැංකු-කාරය, කොම්පියුටර් කාරය, ක්ලාක් කාරය, ඔෆිසර් කාරය, මැනේජර් කාරය කියාලා අපේ ඔෆිස් වල අය කවුරුවත් කථා කරන්නේ නෑ. නමුත් බාවිතාවේ පහසුවට මේ වචන යොදා ගන්නවා වෙන්න පුළුවන්. සමහරු තමන්ගේ බිරිඳට වයිෆ් කාරය කියනවා මම අහලා තියෙනවා. මස්සිනා කාරය තවත් එකක්. නමුත් හස්බන්ඩ් කාරය කියනවා අහලා නෑ. සිකුරිටි කාරය, ජේලර් කාරය, නඩු කාරය, වාර්තා කාරය මේ අතරින් තවත් කාරයන් කිහිපයක්. ඇත්තටම මේවා යොදා ගැනීමේ තහනමක් සහ විරෝධතාවයක් නෑ. සමහරුන්ගේ හැකියාව දක්වන්නත් මේ වචනය යොදා ගන්න අවස්ථා තියෙනවා. මොළකාරය, වැඩකාරයා, ගණන් කාරය, අයි.ආර්.සී. කාරය මේ අතරින් වඩාත් සුලබව භාවිතා වෙන නම්. තවත් සමහරුන්ගේ නොහොබිනා පුරුදු වලටත් මේ කාරය යොදා ගන්නවා. බඩු-කාරය, ගල්-කාරයා, කොලු-කාරය නිකම්ම මතකයට එන ඒවා.
හැබැයි සාමාන්‍ය වහරේ මේ වචනය සභ්‍ය ලෙස බාවිතා වෙනවා තරමක වෙනස් කමක් සමග. ඒ 'කරු' කියන විශේෂණය එක්ක. අණ-කරු, වාර්තා-කරු, මුද්‍රණ-කරු, අයිති-කරු,සැපයුම් කරු මේ අතරින් කිහිපයක් පමණයි. වෙලාවකට හිතෙනවා මේ "කාරයා" කියන පදය ඔය "කරු" කියන එකෙන් බිඳිලා ආපු එකක්දෝ කියල. අපි මේ කරන බ්ලොග් කරුමාන්තයේ යෙදෙන අයට බ්ලොග්-කරු කියලා අමතනවා මා දැක තිබෙනවා. හැබැයි අපේ ගීත වල පවා "කාරයා" යොදා ගත්ත අවස්ථා තියෙනවා. මේ අතරින් හිමිකාරයා, ඉරණම්කාරය මුලින්ම මතකයට එන වචන. සමහර විදේශිකයන් අමතන්නත් මේ කාරය කොටස යොදා ගන්නවා පෘතුග්‍රීසිකාරය, ලන්දෙසිකාරය, ඉංග්‍රීසිකාරය, ජර්මන්කාරයා, ඉන්දියන් කාරය, පකිස්තාන් කාරය, ඇමරිකන් කාරය. වෙලාවකට හිතෙනවා මේ කාරය කියන එක ඉංග්‍රීසි වචනයක් කෙලවරට දාන යොදා ගත්ත එකක්ද කියලත්.
වෙලාවකට පම්පොරියටත් කාරය යොදා ගන්නවා. ඉඩම්කාරය, ගනංකාරය, වැඩ කාරය(ගෙදර වැඩට ඉන්න අයටත් කියනවා), පම්පෝරි කාරය, මොළ කාරය, බස් කාරයා, වාහන කාරය, හැඩ කාරායා, විසේ කාරය, බල පුළුවන් කාරයා. මේ වචන ටික කියනකොට මතකයට එන සින්දුවක් තියෙනවා සංගීත් විජේසුරිය ගායනා කරන
බඹරා වගේ විසේ කාරය
දෙබර වගේ ගණන් කාරය
සමනලය වාගේ මම හැඩ කාරයා
මී මැස්ස වාගේ හරි වැඩ කාරය
මටනම් මේ කාරය කියන ප්‍රත්‍ය (හරිද මන්ද?..D) යොදා ගෙන භාවිතා කරන මේ වචන හරියටම හරිද නැත්නම් වැරදිද මෙහෙම කියන්නේ අවක්ඥාවටද කියල හරියටම නිනව්වක් නෑ. මෙය හරි හෝ වැරදි වේවා දැන් මේක සමාජයේ නිතර දෙවේලේ ඇහෙන කියන වචන. මේ වගේ දෙයක් එක රැයකින් වෙනස් කරනවා කියන්නේ අපහසු කාරියක්. අඩුම ගානේ ගැසට් නිවේදනයකින් හරි පාර්ලිමේන්තු පනතකින් වත් මේවා වෙනස් කරන්න බැරි දේවල්.
තව ඩින්ගෙන් අමතක වෙනවා හොඳම කෑල්ල. යු.එන්.පී. කාරය, පී.ඒ. කාරය, ජේ.වී.පී කාරය කියන පක්ෂ දෙස්පාලනේදී භාවිත වෙන ආමන්ත්‍රණ සෙට් එක. ඒ වගේමයි එල්.ටී.ටී.ඊ. කාරයා. ඒගොල්ලොත් එක්තරා විදියක දේශපාලන කොටස් කාරයේ ටිකක් නේ. ආහ් ! කොටස් - කාරය එතනත් මේ කාරය තියෙනවනේ. දැන් බලාගෙන යනකොට මේ කාරයා නැති තැනක් නෑනේ.
අපි මෙච්චර වෙලා කථා කලේ අපි විසින් අනුන් හඳුන්වන්න යොදා ගන්න භාවිතා කරන "කාරයා" දාපු වචන ගැන. ඒත් තමන්ව අමතන්න තමන්ම "කාරයා" දා ගත්ත අයත් අපේ මේ බ්ලොග් ලෝකේ ඉන්නවා. මට වගේම ඔයාලටත් මතකයට එන්න ඇති
"කතන්දර-කාරයා"