Saturday, January 6, 2018

කිසිවකුට විස්තර කළ නොහැකි පෞරාණික සොයාගැනීම් දහයක් ......

 ලෝක ඉතිහාසය පුදුම එලවන අභිරහස් වලින් පිරුණු එකකි. අපෙන් කිසිවකුට මෙම අභිරහස් සියල්ල විසඳන තුරු ජීවත් විය නොහැක. එනමුත් පොළව මතුපිටට යටින් ඇති සත්‍ය වශයෙන්ම අරුම පුදුම දේ ගැන සොයා බැලීම හැමවිටම රසවත් අත්දැකීමකි.

1. මොආ පක්ෂීන්

ක්‍රි.ව. 1500 දී පමණ වැනසී ගොස් ඇතැයි විස්වාස කරන, මොආ පක්ෂීන් නවසීලන්තය තම වාසස්ථානය කොට ගත් පියඹන්නට නොහැකි පක්ෂීන් විශේෂයකි. නවසීලන්ත ආදීවාසීන් වන මෞරින් විසින් එක්තරා න්‍යායකට අනුව ඔවුන් මරණු ලැබ අත. විසිවන සියවසේ කළ ගවේෂනයකදී විද්‍යාඥයින් පිරිසකට, සියවස් ගණනනාවක් අරුම පුදුම ලෙස  සුරැකිව තිබූ විශාල පක්ෂියෙකුගේ අඬුවක් අහම්බයෙන් හමු වී අත.
පින්තුරය ගත්තේ https://brightside.me

2. පේරු හී ඇති "සක්සේවාමන්" පන්සල් සංකීර්ණය

පින්තුරය ගත්තේ https://brightside.me

පේරුහී ඓතිහාසික පන්සල් සංකීර්ණයක් පිහිටා ඇති මෙම විශ්මය දනවනසුළු කළුගල් බැමි නිර්මාණය කිරීමෙහිලා එකදු ගල්කටු ප්‍රහාරයක් හෝ භාවිතා කර නැත.  මෙහි ඇති කළු බ්ලොක් ගල් සියල්ලෙහිම රවුම් මුළු සහ සිනිදු මතුපිටක් ඇත. එය කෙසේ ගොඩනගා ඇතිද? කිසිවෙකු නොදනී.

3. බොලිවියාවේ සුර්ය මුවදොර

   
පින්තුරය ගත්තේ https://brightside.me

 බොලිවියාවේ පිහිටා ඇති පැරණි මෙන්ම අභිරහස් නගරයක් වල ටිවානකු හීදී මෙම සුර්ය මුවදොර දකිනු හැකිය. සමහර පුරා විද්‍යාඥයින් පිළිගනු ලබන්නේ එය ක්‍රිස්තු වර්ෂ ක්‍රමයේ මුල් සහශ්‍රකයට අයත්  විශාල අධිරාජ්‍යයක මධ්‍ය ලක්ෂය බවයි. මෙම මුවදොරෙහි ඇති ගල්කැටයම් වලින් අදහස් වන්නේ කුමක්ද යන්න පිලිබඳ කිසිවකුට අදහසක් නැත. බොහෝවිට ඒවාට ජෝතිෂ්‍ය හෝ තාරකා විද්‍යාත්මක වටිනාකමක් තිබිය හැකිය. 

4. චීනයේ ලොන්ග්යු ලෙන්

පින්තුරය ගත්තේ https://brightside.me
මෙම ගුහා වැලිගල් විශේෂයක් තුළ බොකුටු නියං වලින් මිනිස් ශ්‍රමයෙන් හාරා නිර්මාණය කර අත. එවැනි දුෂ්කර කාර්යයක් සඳහා මිනිසුන් දහස් ගණනකගේ පරිශ්‍රමය අවශ්‍ය වේ. එතිහාසික සටහන් වල, මේවා ගැන හෝ ගොඩනගා ඇති ආකාරය පිළිබඳව කිසිදු සටහනක් නැත. 

5. ඊජිප්තුවේ අවසන් නොකළ ශිලා ස්ථම්භය

පින්තුරය ගත්තේ https://brightside.me
මෙම ශිලා ස්ථම්භය මුලදී ගල මතුපිටින් කෙළින්ම නෙලාගෙන ගොස් ඇති අතර පසුව එහි පිපිරීමක් ඇති වී තිබේ. එනිසා එය එම තත්වයෙන්ම වැඩ අවසන් නොකොට අතැර දමා ඇත.  සරලවම එය දැවැන්ත ප්‍රමාණයේ එකකි. 

6. ජපානයේ දිය යට නගරය 

මෙම දියයට නගර සංකීර්ණය අහම්බෙන් මෙන් සොයා ගනු ලැබ ඇත්තේ කිමිදුම් උපදේශකයෙකි.  මෙම දියයට නගරය සියලුම විද්‍යාත්මක න්‍යායයන් ව්‍යාකූල කරවනු ලැබීය. වසර 10,000 කට ප්‍රථම මෙම නගරය නෙලා ඇත්තේ අඩක් දියෙහි ගිලුණු විශාල කළුගල් තලාවක්  උපයෝගී කරගනිමිනි - ඊජිප්තු පිරමීඩ ගොඩනැංවීමට බොහෝ පෙරය. සමහර විද්‍යාඥයින් විශ්වාස කරන අන්දමට, මෙම ආධිකල්පිත යුගයේදී, මිනිසුන් පිරිසක් ගුහාවලට කොටුවී ජීවත් වී ඇති අතර ඔව්න් දඩයම වෙනුවට ආහාරයට ගතහැකි අල වර්ග වලින් පමණක් ජීවත් වන්නට ඇත; එවැන්නන්ට ශෛලමය නගරයන් ඉදිකළ නොහැකිය. 
පින්තුරය ගත්තේ https://brightside.me

7. පාකිස්තානයයේ මොහැන්ජ-දාරෝ (මරණයේ ගල්වැටිය)

මෙම නගරයේ විනාශයේ රහස  විශේසඥයින් දශක ගණනාවක් වික්ෂිප්ත කළ කරුණකි. 1922 දී ඉන්දියානු පුරාවිද්‍යාඥ ආර්.ඩී. බැනර්ජි විසින් ඉන්දු නදියේ ඇති දුපතකින් පෞරාණික නටඹුන් සොයාගන්නා ලදී. උද්ගත වූ ප්‍රශ්නය වුයේ : මෙම විශිස්ඨ නගරය විනාශ වුයේ කෙසේද ? යන්නයි. මෙහි විසුවන්ට කුමක් සිදු වන්නට ඇතිද ? විවිධාකාර කැණීම් ගණනාවක් කලද පැණයට කිසිදු විසඳුමක් ලැබුණේ නැත.   
පින්තුරය ගත්තේ https://brightside.me

8. කැනඩාවේ ල්'අන්සේ ඕ දෙනිය

කැනඩාවේ ඇති මෙම පුරාවිද්‍යා ස්ථානය වසර දහසකට පෙර වයිකින්ග්වරුන් එක්තරා අවස්ථාවක පිහිටවන ලද ජනාවාසයකි. එය පැවතීමෙන් අනාවරණය වන කරුණ වන්නේ ස්කන්ඩිනේවියන් නාවිකයින් උතුරු ඇමරිකාවට ලඟා වී ඇත්තේ ක්‍රිස්ටෝපොර් කොලොම්බස් උපත ලබන්නටත් බොහෝ කලකට පෙර බවයි.
පින්තුරය ගත්තේ https://brightside.me

9. ගල් යුගයේ උමං මාර්ග

 ගල් යුගයේ ජීවත් වූ මිනිසා දඩයක්කරුවන් හෝ රැස් කරන්නන් පමණක්ම නොවන බවට හෙළි වන්නේ,  ස්කොට්ලන්තයේ සිට තුර්කිය දක්වා, මුළු යුරෝපය පුරාම ඇදී යන පුළුල් උමං මාර්ග සංකීර්ණයක් සොයා ගැනීමත් සමගය. නමුත් එහි සැබෑ අවශ්‍යතාවය කුමක්දැයි මේ දක්වා අභිරහසක්ව පවතී. සමහර විධ්යාඥයින් විස්වාස කරන්නේ විල්පිකයන්ගෙන් ආරක්ෂා වීම සඳහා ඔවුන් මේ උමං තනන්නනට ඇති බවයි, තවත් කොටසක් විශ්වාස කරන්නේ එය දැඩි දේශගුණික තත්වයන් සහ විවිධ ගැටුම් වලින් ආරක්ෂා වී, කරදරයකින් තොරව ගමනාගමනය සඳහා යොදා ගන්නට ඇති බවයි.
පින්තුරය ගත්තේ https://brightside.me

10. කොස්ටාරිකාවේ යෝධ ගල් බෝල

මෙම අභිරහස් යෝධකළුගල් බෝල වල චමත්කාරජනක බව ඒවායේ ස්වභාවය මත පමණක්ම නොව, ඒවායේ හරියටම ගෝලාකාර වුයේ කෙසේද යන්න සහ කෙසේ සෑදුනාද, කුමක් සඳහාද යන්නද තවත් නොදත් කාරණාය. 1930 ගණන් වලදී මේවා සොයාගෙන ඇත්තේ කෙසෙල් වගාවක් සඳහා වනය එළිපෙහෙළි කිරීමේදීය. ස්වදේශික ජනප්‍රවාද වලට අනුව මෙම අභිරහස් කළුගල් බෝල තුළ සැඟවුණු රත්‍රන් තිබනද, ඒවා දැන් හිස් වී අත. 
පින්තුරය ගත්තේ https://brightside.me
මෙම සටහන
https://brightside.me/ හී ඵල වූ Ten discoveries that no one can explain ලිපියෙහි පරිවර්තනයකි.

Sunday, December 31, 2017

අවදි වන්න - අවදි වන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ ......

අහෝ සිංහල බ්ලොග් කළාවට සිදු වූ දෙයක් ! මෙය නිතර බ්ලොග් කියවන මාගේ කාර්යාලීය මිතුරෙකුගේ මුවින් පිටවූ වදන්ය. දින කිහිපයකට උඩදී මා මුණගැසුණු ඔහු පවසා සිටියේ දැන් කිසිවකුත් බ්ලොග් ලියන්නේ නැත යන්නයි. දැන් බොහෝ දෙනා තමන්ගේ අදහස් මුහුණු පොතේ සටහන් කරනවා යන්න බොහෝ දෙනා පවසන කරුණකි. එය සත්‍යයක්ද ? ඒසේනම් බ්ලොග් යනු යල් පීනු ක්‍රමවේදයක්ද ? එය සතයක් යයි පිළිගන්නට මා නම් සුදානම් නැත.  මන්ද මුහුණුපොත බොහෝ පාඨකයන් පිරිසක් ග්‍රහණය කර ගැනීමට හැකි මාධ්‍ය වුවද, එය බ්ලොග් සඳහාම වෙන්වූ අවකාශයක් නොවන නිසාය. 

බ්ලොග් වල තිබෙන සුව්ශේෂී ලක්ෂණ  කිහිපයක්ම  වෙයි.  ඒ ඔබ සඳහාම වෙන් වූ ඉඩකඩක් තිබීම, සෙවුම් යන්ත්‍ර වලට ඔබ තබන ලද සටහන් හසු වීම, ඒ සඳහාම වෙන් වූ පාඨකයන් පිරිසක් සිටීම වැනි කාරණාය. නමුත් බ්ලොග් වලට නැති මුහුණු පොතට ඇති එක් සුවිශේෂී ලක්ෂණයක් වෙයි. එනම් ඔබේ සටහන ප්‍රවර්ධනයට එයින් ලැබෙන පිටුවහලය.ඔබගේ මිතුරු ලැයිස්තුවේ සිටින සියල්ලන් වෙතම ඔබගේ සටහන විකාශණය  කිරීමේ හැකියාවය. එහිදී ඔවුන් කැමති අකමැති භාවය පිලිබඳ විමසිල්ලක් කෙරෙන්නේ නැත.  නමුත් එය නොකියවා මග හැරීමේ හැකියාව සහ නිදහස ඔවුන් වෙත අත. අනික් අතින් බ්ලොග් ලියන්නා ඒවා ප්‍රවර්ධනයට බොහෝ විට භාවිතා කරන්නේ ෆේස්බුක් පිටු සහ කාණ්ඩයන්ය. ඒවාට ගොනු වී සිටින්නේ කියවීමේ රුචිය ඇති පුද්ගලයන්ය. 

කළෙක මේ ෆේස්බුක් පිටු වලට දිනකට වැටෙන බ්ලොග් සටහන් ප්‍රමාණය වැඩි නිසා තමන්ගේ සටහන ඒවා හරහා බෙදා ගැනීමේ හොඳම වේලාවන් පිලිබඳ කථිකා පවා ඇති විය. බ්ලොග් ප්‍රවර්ධනය සඳහා ගූගල් විසින් ලබා දී ඇති ගූගල් ප්ලස් මාධ්‍යය, ෆේස්බුක් තරම් ජනප්‍රිය නැති වීම පාඩුවකි. කළෙක පාඨකයාට කියවා ගන්නටත් බැරි තරමට බ්ලොග් ලියවුණි. නමුදු අද තත්වය ශෝචනීය වී ඇත. එය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සිදු වී ඇති තත්වය හා සම කළ හැක. ඒ මහේල, සංගා, දිල්ශාන්, මුරලි වැනි ජය කෙහෙළි නැංවූ ක්‍රීඩකයන් ළඟ-ළඟ සමු ගනිත්දී, එම රික්තය පිරවීමට පැමිණියවුන් වල්මත් වීමය. මෙහිද මුරලිලා, සනත්ලා, මහේල-සංගා වැනියන් සිටි කාළය අපට මතකය. මා බ්ලොග් කරණයට පිවිසුණේ එවන් කාළයක බව කිව යුතුය. 

එකළ බොහෝ දෙනෙකු සිංහල බ්ලොග් කියවීමට යොදා ගත් සින්ඩිකේටරය වුයේ සිංහල බ්ලොග් කියවනයයි. එම සින්ඩිකේටරය නතර වූ පසු එය හරහා මෙහි  පැමිණි පිරිස අතරමං වුවා විය යුතුය. ඔවුන්ට සොයා සොයා බ්ලොග් කියවන්නට කාළයක් හෝ ක්‍රමයක් නොතිබුණා විය හැකිය. මෙය සොයා බැලිය යුතු තත්වයකි. මේ සඳහා එකතු වූ රචකයන් අතර පැවති විවිධ මතභේදද ලියන්නන් මන්දෝත්සාහී කළ කාරණාවකි. දැන් මේ සඳහා පොස්ට් මොටම් තැබීමට ප්‍රමාද වැඩිද යන්න මගේ සිතේ තිබෙන අනෙක් ගැටලුවයි. 

එනමුත් 12-31 දිනය මට අමතක නොවන දිනයකි. ඒ මා, පළමුවෙන්ම සිංහල බ්ලොග් අඩවියක් සඳහා රචනා එකතු කළ දිනය වන බැවිණි. එදින ආරම්භ කලද පළමු සටහන මා තැබුයේ 2012 ජනවාරි පළමු වැනිදාය. මුල් වසර කිහිපය ඇතුලත මෙය ඉතා සක්‍රීයව පවත්වාගෙන යාමට මා හට හැකි විය. එකළ බ්ලොග්කරණය තුළ තිබුණු තරගයද ඊට හේතු වන්නට ඇත. නමුත් මේ සටහන තබන අද වනවිට කිසිදු තරගයක් නැත. නමුත් ලියන්නන්ද නැ ත. වැරදුනේ කොතැනද? කළෙක අපට නින්ද නොයා ඇහැරාවන්ට මෙන්ඩා නමැති බ්ලොග් ප්‍රේමීයා හුදෙකළා සටනක යෙදිණි. නමුත් අද ඔහුද නිහඬ තත්වයට පත් වී ඇත. බ්ලොග් තැබීමෙන් අරඹා විවිධ අවස්ථා උදා කරගෙන ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වෙත පිවිසුන අයද සිටි අතර, ප්‍රධාන ධාරාවේ අයද බ්ලොග් වෙත යොමු වූ කාළයක් විය. ඒසේනම් ඒ මතකයන් ඔස්සේ පිවිස මාසයකට එකක් හෝ සලාක දානයක් මෙන් බ්ලොග් පොස්ට් තබන්නයි සියලුම සහෝදර බ්ලොග් කරුවන්ගෙන් මා ඉල්ලා සිටිමි. ඒ බ්ලොග් හරහා මා උදා කරගත් අවස්ථා වලට කෘතගුණ දැක්වීමක් වශයෙනි. බ්ලොග් හරහා හඳුනාගත් සොඳුරු මිනිසුන් වෙනුවෙනි. යළිත් ක්‍රියාකාරී වීමට කාළය එළඹ ඇත.

එළඹෙන 2018 වසර බ්ලොග් ලියන්නන්ටත් කියවන්නන්ටත් සුබ වන්නට පතන ගමන් මේ බ්ලොග් අඩවිය සය වසරක් සැපිරූ බවද සටහන් කරමි.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...