Monday, October 23, 2017

මට මුණගැසුණු ප්‍රසන්නලා ......

අපේ කාර්යාලයේ (මම හිතන්නේ මේක බොහෝ කාර්යාල වල සිදු වන දෙයක්) හැම සේවකයෙකුම අනිවාර්ය නිවාඩු 7ක් යන්න ඕනේ. ඒක තනතුර නොබලා සිදු කරන දෙයක්. මෙහෙම කරන්නේ, යම්කිසි කෙනෙක් තමන්ගේ කුමක් හෝ වංචාවක් හෝ හොරකමක් යට ගහගෙන ඉන්නවානම් ඒවා එළියට ගන්න. ඒ වගේම කුමක් හෝ විශේෂ දෙයක්, එක් අයෙකු පමණක් දන්නා දෙයක් හෝ සිදු කරගෙන යන දෙයක් විදියට සැඟවිලා තියෙනවා නම් ඒවා එලියට ගන්න. ඉතිං ඒ විදියට මට අදාළ දවස් හතේ නිවාඩුව ගන්න මම තීරණය කළේ ඇද ඉඳලා ඉදිරියට. මේවා ඔක්තෝබර් මාසයට කළින් අවසන් කරන්න කියලා නීතියකුත් පනවලා තියෙනවා. ඉතිං මට ගන්න පුළුවන් අවසන් දවස අද. දවස හත හරියටම 31වෙනිදාට ඉවරයි. එහෙම නිවාඩුවක් අරගෙන ගෙදරට වෙලා ඉන්න කියළා හිත හදාගෙන ඉන්නකොට, මගේ බ්ලොග් එකට කමන්ට් එකක් වැටිලා. ඒක මගේ ඊ මේල් ගිණුමට දැනුම්දීලා තිබුණා. එවලා තියන්නේ ප්‍රසන්නයා නොහොත් දෙමළ නයන්නා. හරියට කිව්වුත් මෙන්න මැසේජ් එක 

"උමා ඔය පැත්තක තිබිච්චාවෙ. මේකෙ මොනවහරි ලිවුවොත් නරකද?"

මෙන්න මේක දැක්කම මටත් හිතුණා අද ගෙදර කොපමණ වැඩ තිබුණත් බ්ලොග් පොස්ට් එකක් ලියලා දානවා කියළා.ඉතිං විශේෂයෙන්  සුදානම්  කරගත්ත  මාත්රුකාවකුත් නැති එකේ ඔය උඩ තියෙන එක හොඳා කියළා හිතුණා. මට පේන්නේ ප්‍රසන්නයා හැමෝමව අවුස්සලා ගන්න හදන්නේ. මේ එක්කම කුරුන්දට, හිස් අහසටත් සිහි කැඳවීම් කරලා තියෙනවා මම දැක්කා. ආ ඉතිං මාතෘකාවට බහිමුකෝ.

ඇත්තටම කියනවානම් ප්‍රසන්නලා මහ ඇණ. ඒ කතාවට මේ බ්ලොග් අවකාශේ ඉන්න බොහෝ දෙනෙක් සාක්ෂි දරාවි. මට හමු වෙච්ච ප්‍රසන්නලා අතරින් මගේ මතකය දිව යන්නේ අපේ ගමේ ග්‍රාමසේවක වෙලා හිටිය ප්‍රසන්න රාලහාමිව. රාලහාමි කිව්වම, ග්‍රාමසේවක කිවුවම ඔහෙලගේ හිතේ ඇඳෙන විදියේ කෙනෙක් නෙවෙයි මෙයා. හොඳට කලිසම කමිසය ඇඳලා බොහොම ජැන්ඩි පහට ඉන්න කෙනෙක්. සමාන කරන්න චරිතයක් එක පාරටම එන්නේ නැති වුණත්, ඒ කාළයේ අපේ ක්ලබ් එකේ කොල්ලෝ සෙට් එකට පෙන්නන්න බැරි චරිතයක් වෙලා තිබුණා. කොල්ලෝ කියන්නේ "කන බොන තැනක මුල්තැන" කියලා. එහෙම කියන්නේ මිනිහා ගෙදරකට ආවම කෙළින්ම තේ හෝ කෑම ඉල්ලන පුරුද්දක් තිබුණ නිසා. "ප්ලාස්ක් එකේ තේ එහෙම නැත්ද කියළා අහන එක එයාගේ පුරුද්දක්. ඒ මදිවට කට්ලට් පැටිස් එහෙම නැද්ද කියලා බොහොම සිනාමුසු මුහුණකින් අහනවා.

ඊළඟ මගේ මතකයට එන්නේ මම කළුතර ඥානෝදය පාසලට ගිය කාළයේ මගේ පන්තියේ හිටපු ප්‍රසන්න. බොහොම නිර්භීත චරිතයක්. අකාලයේ මිය ගියා. එයාගේ තාත්තා ග්‍රාමසේවක කෙනෙක්.එයාලා ජීවත් වුණේ කළුතර ගමගොඩ කියන ග්‍රාමයේ. අපි එක වරක් පාසැල් නිවාඩු දෙන දවසේ එහෙ ගිහිං කන්දක් නැග්ගා. ප්‍රසන්න බොහොම නිර්භීත චරිතයක් කියළා මම කළින් කිවුවා. උසස්පෙළට අපේ පාසලට ආපුනවකයන් දෙදෙනකුට නවකවදය දුන්නු  අපිට  ඉහළ  පංතියේ  සගයෙකු  අල්ලා  දෙන්න  ප්‍රසන්න  ඉදිරිපත් වුණේ අර  කියපු නිර්භීත කම නිසා. ඒ  එක්කම ලසන්ත  උඩවත්ත නම් වූ ඉහළ පන්තියේ සගයාගේ කමිසයේ තිබුණු ශිෂ්‍යනායක පදක්කම ගලවලා අරගත්තා වර්ණකුල සර්, ඒක ප්‍රසන්නගේ කමිසයේ පැළඳුවේ උදෑසන රැස්වීමේදී ඉතා ඉහළ අගය කිරීමකුත් සමගම. අපි ඒ ලෙවල් පන්ති වලදී වෙන් වුණා. පස්සේ කාළෙක මම ගියා ගමගොඩ කියන ග්‍රාමයට. ඒ සංගීත ප්‍රසංගයක් සඳහා කණ්ඩායමක් වෙන් කරගන්න. එහෙම ගිහිං මුණගැසුණු පුද්ගලයා  ප්‍රසන්නගේ  මාමා.  ඔහු තමයි ප්‍රසන්න මියගිය දුක්ඛිත පුවත. ඒ වනවිට ඔහු හමුදාවේ ලෙෆ්ටිනන් වරයෙකු ලෙස සේවය කර තිබුණා. පසුව ඔහු සමගම ක්‍රියාන්විතයේ යෙදුනු අපේ පංතියේ දලුගොඩ මා හා පැවසුයේ "ඌ තනියම යුද්ධ කරන්න ගිහිං මැරුණේ" කියළා. ඒ අර කියපු නිර්භීත කම නිසා.

ඊළඟ ප්‍රසන්නයා ගැන මම වැඩි විස්තර කියන්න යන්නේ නෑ. එයා ගැන මම තියපු බ්ලොග් පොස්ට් එක ගිහිං කියවන්න. අපේ දෙමළ නයනු මහතා නම් මේක කියවලා ඇති. ඒ ප්‍රසන්නයාත් එක්තරා විදියක චරිතයක්.

ඊළඟ ප්‍රසන්න තමයි මට වැඩිමඇණයක්වුණේ. ඒ මම මිලදී  ගත්ත ඉඩමට පිටිපස්සේ ගෙදර  ඉන්න  ප්‍රසන්න. මම ඒ  ඉඩම  ගත්ත   දවසේ   ඉඳලා  පුදුම  කරදයක්  දුන්නේ,  ඒකෙන්  පර්චස්  පහක්  දෙන්න  කියළා. හැබැයි  ඉල්ලන්නේ   මම   ගත්තු  ගාණට.  මම  කිවුවා මුළු  ඉඩමම විකුණනවා  කැමති නම් ගන්න කියලා. මේකා එකදිගට මාසයක් විතර අපේ ඔෆිස් එකට ආව කියන්නකෝ. මම සිකුරිටි එකට කිවුවා මම නෑ කියලා කියන්න කියළා.  

ඊට පස්සේ බොහොමයක් ප්‍රසන්නලා හමු වුණා. ඒ බැංකුවේ සේවයට ආවට පස්සේ. ඒත් ඇණයක් වුණ හෝ ලඟින් ඇසුරු කරපු ප්‍රසන්න කෙනෙක් මතකයට එන්නේ නෑ. ආහ් ! තව පොඩ්ඩෙන් අමතක වෙනවා බැංකුවේ ප්‍රසන්නව. මගේ හොඳ හිතවතා. ක්‍රිකට් ගහන්න ගිහිං තමයි සෙට් වුණේ. ඒකත් එක්තරා විදියට ඇණයක් තමයි. හැබැයි ලෙන්ගතු මිතුරෙක්. මට වැඩියෙන් උදව් කරළා තියෙන කෙනෙක්. මං වෙනුවෙන් දුක් වෙන කෙනෙක්. ඒ අතින් කලණ මිතුරෙක්. මාව ඔවුන්ගේ පවුලට එකතු කර ගන්න ලොකු උත්සාහයක් ගත්තා. මේ ප්‍රසන්නගේ අමතක නොවෙන කතාවක් තියෙනවා. අපි මුලින්ම බැංකොක් ගිය වෙලාවේ වෙච්ච. එහෙ හිටිය හැම දවසකම අපි රෑට පාරේ ඇවිදන් යනවා රංචුවක් වශයෙන්. එක්තරා දුරියන් විකුණන කාන්තාවක්, ද්විතීක රැකියාව විදියට ලෝකයේ පැරණිම රැකියාවත් කරනවා දුරියන් විකිනිල්ලට අමතරව. ඇයගේ සහයකයා වශයෙන් කටයුතු කරන්නේ සැමියා. අපි එතැනට ගිහිං නතර වුණා. ප්‍රසන්න කියන්නේ ෆිජි දුපත් වල රග්බි ක්‍රීඩකයෙක් වගේ ශරීරයක් තිබුණ පුද්ගලයෙක්. දැන් නෑ. මොකද මිනිහට ෂුග ආවනේ. කැහුටු ගැහිලා ගියා. ඉතිං වෙරි මරගාතේ අර කාන්තාව තමන් ලඟට ගෙන්වා ගන්නා ප්‍රසන්නයා අහනවා "හවූ මච්" කියළා. ඉන්පස්සේ කාන්තාව අපිව ගනින්න පටන් ගන්නවා. එහෙම ගැනලා කිවුවේ නැද්ද "ෆයු පීපල් ෆයු හන්ඩ්‍රඩ්, ත්‍රී පීපල් ෆ්‍රී " කියලා. අක්කගේ කල්පනාව මල්ලිලා සේරටම සේවාව සපයන්න. මේක බලාගෙන හිටපු අපේ මලින්ට තද වුණා. මිනිහා හිතුවේ පවුල් ජීවිතේ පැත්තෙන්. වෙරි මරගාතේ අර දුරියන් වෙලේන්දියගේ සැමියා ගාවට අමාරුවේ ගිය ඔහු මෙහෙම කිවුවා "ඇයි යකෝ ඕකෙන්(දුරියන්) දෙකක් කාලා, අරකට ඇරලා දාපන්කෝ" කියළා. මේක ඇහුවාම හැමෝටම හරිම හිනා. මොකද දුරියන් කාරයට මේකා කියපු හරුපේ තේරුණේ නැතිව. නමුත් අක්කට තද වෙලා අපිව එලවා ගත්තා. තාරාවියක් වගේ ගමනකින් යන කැරළි ගෙතුණ කොණ්ඩයක් හිමි ඒ කාන්තාව තමන්ගේ පාඩුවේ ආපහු ව්‍යාපාරයට බැස්සා.

ඉන් පස්සේ ඉතිං ප්‍රසන්නයෙකුට කියළා මුණ ගැහුණේ, අපේ මේ දෙමළ නයන්නා. එයා ගැන වැඩි විස්තර ඕනේ නෑනේ. කොන්ක්‍රීට් බලග ලියන කෙනා නෙව. අපිට මේ කෙළින් යන්න උපදෙස් දෙන්නේ. ඔන්න මම ආපහු කියවන්නේ නැතිවම මේක පබ්ලිෂ් කරළා දානවා. එහෙනං අපි ගියා. බායි. ආපහු ප්‍රසන්නයා ඇහැරපු දවසක බලමු.

Saturday, August 5, 2017

උමා ඔයෙන් ගොඩ යාමට නම් ...... To Recover from Uma-oya adversity

උමා ඔය ව්‍යාපෘතියන නිසා බණ්ඩාරවෙල  ආශ්‍රිත ප්‍රදේශයට වන හානිය ඔබ මේ වනවිට හොඳින් දන්නා කාරණයක්. ඉන් ඇති වී තිබෙන ජල මුලාශ්‍රය සිඳීම, නිවාස ඉරිතැලීම වැනි හානි නිසා එම ව්‍යාපෘතිය නතර කිරීම අනුවන ක්‍රියාවකි.  වෙල්ලස්සේ ජනතාව බොහෝවිට වසරේ දින 365ම ජල හිඟය නිසා පීඩා විඳියි. එයට පිලියමක් ලෙස මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීම යහපත් ක්‍රියාවකි. මා කිසිසේත් මෙවැනි ව්‍යාපෘති වල සිදුවන ගනුදෙනු, ටෙන්ඩර් ගැන හොඳ හෝ නරක කථා කිරීමට බලාපොරොත්තු නොවේ. නමුත්  අද මුහුණ දී ඇති තත්වයට අපි ජාතියක් වශයෙන් මුහුණ දිය යුතුය. පවතින රජය කෙසේ හෝ එම තත්වය මගහරවාලීමට කටයුතු කළ යුතුය. මන්ද වෙල්ලස්සට වතුර දෙන්න ගොස්, ඌවත් විනාශ කර ගත යුතු නැත. මා කලින් යහපත් ක්‍රියාව ලෙස අර්ථ දැක්වූයේ ඌවේ ජල අතිරික්තය වෙල්ලස්සට ගෙන යාමයි. 

මෙවැනි ව්‍යාපෘති සිදු කිරීමට ප්‍රථම කලයුතු දේ පිලිබඳ දැන් වාද විවාද කිරීමෙන් පලක් නැත. තිබෙන එකම ඵලය  දේශපාලන වාසි ලබා ගැනීමයි. නමුත් පසුගිය රජයට එරෙහිව එවැනි වාසි ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නැවතත් 2020 දීය. ඒ මැතිවරණය කාළයකදීය. මේ දවස් වල ස්කෝර් කර තිබීම හොඳ යයි කෙනෙකුට සිතෙන්නට පිළිවන. නමුත් අද තිබෙන තත්වය එසේ පවත්වා එම වාසියද ලබා ගත නොහැකිය. ඒසේනම් කළ යුත්තේ මේ තත්වයට මුහුණ දීමය. පහලින් තිබෙන්නේ සමාන තත්වයකදී මැලේසියාව හැසිරුණු ආකාරයය. එහි විපක්ෂය හෝ රජය මේ පිළිබඳව තර්ක විතර්ක කර ගත්තාදැයි නොදනිමු. නමුත් එම ව්‍යාපෘතිය සිදු කළ අකාරය නම් ප්‍රශංසනීයය. මෙම ලිපිය ලියන්නට මා මෙතරම් ප්‍රමාද වීම ගැන අදටත් පසුතැවෙමි. මන්ද මා එය නැරඹුයේ එය මුලින්ම නැෂනල් ජෝග්‍රෆික් නාලිකාවේ විකාශණය වූ අවස්ථාවේදීය. නමුත් ඒ අවස්ථාවේ උමා ඔය ආශ්‍රිත මේ ඉරි තැලීම්, වියලීම් පිලිබඳ මට අසන්නට නොලැබිණි. අපේ මිත්‍ර කලාහිත තැබූ සටහන් කිහිපයක්නම් කියවූ මතකය ඇත. 

එම වීඩියෝව අපේ සිද්ධිය හා කෙතරම් සමපාත වනවාදැයි  මට  පසක්  වුයේ  සති  කිහිපයකට පෙරය. ඒ  උමා ඔය  ව්‍යාපෘතියේ  සැබෑ තත්වය  රුපවාහිනි  නාලිකා මගින්  පෙන්වන  විටය. මා  වචනයෙන් එය  විස්තර  කරන්නට යන්නේ  නැත. ඔබට  ඉංග්‍රීසි තේරුම් ගැනීමට  නොහැකි වුවත්, මෙහි සිදු වන්නේ කුමක්දැයි  තේරුම් ගැනීමට පහසුය. මැලේසියානු උමං දුම්රිය මාර්ගය තැනීමට ඔවුන්ට සිදු වන්නේ දහසකුත් එකක් ජනතාව ජීවත් වන ජනාකීර්ණ ප්‍රදේශ හරහාය. නමුත් ඔවුන් කෙතරම් සියුම්ව එය සිදු කළාදැයි ඔබට මේ වීඩියෝව නරඹා අවසන් වනවිට තේරුම් යනවා ඇත. එහිදීද නගරයේ ජනතාවට විශාල නිවාස හානි වලට මුහුණ දෙන්නට සිදු වේ. නමුත් ක්ෂණිකව ක්‍රියාත්මක වන ඉංජිනේරුවන් එයට පිළියම් යොදයි. එය සිදු කරන ආකාරය ඔබගේ දෑසින්ම නරඹන්න. මේ සඳහා වැය වන දත්ත අපතේ ගියා සේ ඔබට නොසිතෙනු  ඇත.

  
දියුණු එමෙන්ම එක්සත් ජාතියක් ප්‍රශ්නයකදී හැසිරෙන ආකාරයත්. අප වැනි අවස්තාවාදී දේශපාලනයක  නියැලෙන රටක එම ප්‍රශ්නය භාවිතා කරන ආකාරයත් දැන් ඔබට වැටහෙනවා ඇත. මෙහිදී මා දකින තවත් එක් වැදගත් දෙයක් වෙයි. මෙම වීඩියෝව නැරඹු ඔබටද එය පසක් වී ඇතුවාට සැක නැත. ඒ තනිකරම ආධුනික ස්වදේශීය ඉංජිනේරුවකු, ජාර්මන් විසේසඥයන් ඇසුරේ ප්‍රවීනයෙකු වන ආකාරයයි. එම ව්‍යාපෘතියේදී එවැනි අතුරු අන්තරාවක්(Project Variation) සිදු නොවිණි නම්, ඔහුගේ අත්දැකීම හුදෙක් කැණීම් ඉන්ජිනේරුවෙකුගේ අත්දැකීමක් වනු  ඇත. නමුත් දැන් අප වැනි ජාතියකට උපදෙස් දෙන්නට තරම් අත්දැකීම් ඔහු සතුව ඇත. කෙනෙකු වඩාත්  පරිණත වන්නේ, ඔහු මුහුණ දෙනු ලබන අත්දැකීම් වල ගැඹුරත් සමග යයි මාගේ විශ්වාසයයි. අද එම ඉංජිනේරුවා අපට පසක් කරන්නේ එයම නොවේද?

එය නරඹා අවසන් වූ පසු මෙම වීඩියෝවද නරඹන්න

මමත් මෙම වීඩියෝව නරම්බින් සිටින නිසා ඒ පිලිබඳ අදහස් දැක්වීමෙන් වැලකෙමි. නමුත් එයද මා  නරඹා ඇතිවා යන්න මතකයක් තිබේ. ඒ පිලිබඳ සටහනක් පසුව ඉදිරිපත් කරමි.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...