Monday, September 14, 2015

එළුපැටියාගේ කතාව - කුඩා දරුවන් සිටින දෙමව්පියන් වෙනුවෙනි ......

මට බ්ලොග් ලිවීම එපා වෙලා කියලා බොහෝ දෙනෙකුට හිතෙන්න ඇති. පටන් ගත්ත කාලේ සතියකට හතරක් හෝ තුනක් බ්ලොග් පොස්ට් දමමින් අවුරුදු තුනක් අඛණ්ඩව කරගෙන ආපු මේ ව්‍යායාම එක පාරටම කඩාකප්පල් වීම, බ්ලොග් කෙරුවාව ගැන දන්න හත් දෙනෙකුගෙන් ඇහුවොත් උත්තර හතක් ලැබෙන්න පුළුවන්. මම මේ ප්‍රශ්නය මගෙන්ම ඇහුවත් මට දෙන්න තියෙන උත්තරය "වෙලාවක් නෑ" කියන එක.  කෙනෙක්ගේ හිතට එක පාරටම එන්න පුළුවන් තර්කය තමයි "එතකොට කලින් වෙලාව හොයා ගත්තේ කොහොමද ?" කියන එක. මට මතකයි මගේ එක් රසිකාවියක් මගෙන් කාල කළමනාකරණය ගැන උපදෙස් ගන්න ඕනේ කියලා කමෙන්ට් කරා. නමුත් ඒ කතාවට වැඩියෙන්ම හිනා ගියේ මට. හොඳයි අපි ඒ ගැන පසුව කථා කරමු. [හැබැයි මට බ්ලොග් පොස්ට් එකක් නොදා වැඩි කාලයක් නිකන් ඉන්න නොදෙන බ්ලොග් හිතවතෙක් ඉන්නවා. ඒ තමයි ගල් බලකායේ ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ (අධි+යක්ෂ) වරයෙකු වන මෙන්ඩා නොහොත් සංජීව මෙන්ඩිස්. ගිය සිකුරාදා දුරකථනය ඇමතුමක්ම දීලා ඇහුවා මොකද වුණේ කියලා. ඉතින් මේ ලියන්නේ මෙන්ඩාගේ ඒ සිහි කැඳවීමට ගරු කිරීමක් වශයෙන්. අනිත් දේ තමයි මගට ලියලා අත් ඇරපු බ්ලොග් පොස්ට් දහයකට වඩා තියෙනවා. මේක අදට ලියන දෙවෙනි පොස්ට් එක].

හරි මම කෙටියෙන් කියන්නම්. කලින් මම මේකට වෙන් කර ගත්ත වෙලාව රාත්‍රී දහයත් දෙකත් අතර කාලය. මේ කියන කාල සීමාවේදී මම අවම වශයෙන් නිදා ගත්තේ පැය හතරක්. උපරිම වශයෙන් පැය පහක්. මම කම්මැලි වෙලාද ? නෑ. මම සේවය කරන තැනට නිතර යනෙන ඉන්ෆොර්මික්ස් ඉංජිනේරුවෙක් තමයි මිගාර කියන්නේ. ඔහු පරිගණක ලෝකය ගැන ඉතාම අවධානයෙන් ඉන්න කෙනෙක්. ඔහු මගේ ඉතාම කුළුපග මිතුරෙක් වෙන්න වැඩි කාලයක් ගියේ නෑ. මම ඉන්න තැනට එන ඒ වගේ අයට තේ එකකින් සංග්‍රහ කරන එක මගේ සිරිතක්. ටික කාලෙකින් තමන් කන්න අරන් එන කෑම එක මගෙත් එක්ක බෙදාගෙන කරන්න තරම් ඔහු මා හා හිතවත් වුණා. ඒ නිසා මිගාර දන්නවා මම දවසට නිදියන්නේ පැය හතරක් පහක් බව.  දවසක් මට ඔහු දැඩි අවවාදයක් දුන්නා. 
"උඹ දන්නවද දාස් ගුප්තා කියන්නේ කවුද කියලා ? දාස් ගුප්තා කියන්නේ ඉන්දියාවේ සැප් වල සී.ඊ.ඕ. වයස අවුරුදු 42යි. නිදියන්නේ දවසට පැය හතරයි. හොඳට එක්සර්සයිස් කරලා හිටපු පොරක්. චෙන්නායි මැරතන් එකටත් දුවලා තියෙනවා. ඉතිං කියන්න ඕනේ නෑනේ. හොඳට ෆිට්නස් තිබුණා. මැරුණ හේතුව හොයාගෙන ගියාම අන්තිමට අහු වෙලා තියෙන්නේ නින්ද අඩු කම කියලා. ඒ නිසා අද ඉඳලා පැය හයක්වත් නිදියන්න බලපන් මචං"
මිගාරගේ මේ ප්‍රකාශය මගේ හිත සසල කළා. හැම පැත්තකින්ම පරිපූර්ණ පුද්ගලයෙක් වෙච්ච දාස් ගුප්තාට ඒ වගේ ඉරණමක් අත් වුණේ, විවේකය ගැන හිතන්නැතිව ඔහුගේ ව්‍යාපාර කටයුතු කිරීම. ඉතිං සයිබර් කටයුතු සඳහා මම වෙන් කරපු කාලය සීමා කරන්න මම තීරණය කළා. මුලින් දහයට නිදා ගත්ත මට පැය හතරකින් ඇහැරුණා. මේක මගේ කාර්යාලීය සගයා එක්ක මම කථා කළා. එතකොට ලැබුණ උපදෙස තමයි නිදියන්න බැරි වුණත් ඇඳට වෙලා ඇස් පියාගෙන ඉන්න කියන එක. පස්සේ පස්සේ වැඩේ හරිගියා. දැන් මම අවම වශයෙන් පැය හයක් නිදා ගන්නවා. 

නමුත් ඔය අතරවාරයේ පහුගිය චන්දෙ කිට්ටුවෙලා මගේ පපුව තද වෙන ගතියක් ආවා. ඒ එක්කම කලන්තේ වගේ ගතියක්. මම හිතුවා වැඩේ හරියාගෙන එනවා තමයි කියලා. පහුගිය දහතුන්වෙනිදා වරුවක් නිවාඩු දාලා මම ගිහින් හොස්පිටල් ඇඩ්මිට් වුණා. කරන්න තියෙන පරීක්ෂණ බොහොමයක් අවසානයේ "නෝමල්" කියන උත්තරය ලැබුණා. පස්සේ ඒ දවස් දෙක ඇතුලේම මාව මුණගැහෙන්න අවශ්‍ය වෙච්ච මගේ මිතුරෙක් එතනට ආවා. ඔහු මට කිව්වා ඔයාට ගැස්ට්‍රික් වෙන්න ඇති කියලා. පස්සේ තමයි මට වැඩේ මීටර් වුණේ. අර කලන්තේ වගේ ගතිය කණ බ්ලොක් වුණාම වෙන එක බව මට තේරුණා. මම දොස්තරලාට ඒ කථා නොකියා හෙමිහිට ඩිස්චාර්ජ් වෙලා ගෙදර ගියා. දවසකට බොන කෝපි ප්‍රමාණය බිංදුව කළාම වැඩේ ගොඩ ගියා.

හරි අද ලියන්නේ මොනවද කියලා කල්පනා කරලා. කාලයක් ඉඳන් ලියන්න ඕනේ කියලා හිතාගෙන හිටිය මාතෘකාවක් ලියන්න පටන් ගත්තා. එක දිගට කාලයක් නොලියා හිටියම ඇති වන අකාර්යක්ෂමතාව නිසාද කොහෙද වෙනදා වේගයෙන් ලියන්න බැරි වුණා. නමුත් මගේ සයිබර් අන්තය වෙනුවෙන් වෙන්වුණු ෆේස්බුක් ගිණුමේ පහලට ගියාම මිතුරෙක් ෂෙයාර් කරලා තිබුණ මෙන්න මේ වීඩියෝව  සිංගල් ෆාදර් ස්ටේටස් එකේ ඉන්න මම, දියණිය නිදි කරන්න ගිය වෙලාවට කරපු පුංචි සොඳුරු ප්‍රයෝගයක් මතකයට ගෙන ආවා. පසුව මේක මගේ දියණිය හොබී එකක් කර ගත්තා. මුලින්ම බලන්නකෝ වීඩියෝ එක. 
මෙතැන එළුවෝ රෑණක්ම සිටියත් මගේ කතාවට පාදක වෙන්නේ එක එළු පැටියෙක් විතරයි. කුඩා ළමයි නිදි කරවන්න තිබෙන එක ඔප්ෂන් එකක් තමයි එයාලට කතා කීම. නමුත් මේක නොනවතින රැල්ලක් වගේ දිගටම යන වැඩක්. ඉතින් අපේ කතා ගබඩාව අපිටත් නොදැනීම හිස් වෙනවා. එක කතාවක් දෙවෙනි වතාවට කියනකොට ළමයින්ට නිදිමත නැති වුනොත් "අයියෝ තාත්තේ ඕක කලින් අහලා තියෙනවා" කියලා ලත් තැනම ලොප් කරලා දානවා. අපිත් ඉතිං නිදිමරගාතේ විශාල අපාහසුතාවකට පත් වෙනවා. මෙහෙම කතා කියාගෙන යනකොට අපිට නින්ද යන අවස්ථා වැඩියි. බොහෝවිට ළමයා අපව අවදි කරනවා. තවත් දෙයක් කියාගෙන යන කතාව පැත්තක තියලා එකපාරට වැරදි වචන කියනව. වැරදි කියන්නේ කුණුහරුප නෙවෙයි. නමුත් තුන්ලෝකේ නැති වචන. ඒ අපට නින්ද ගිහිං හීනෙන් දකින ඒවාට අදාලා වචන නින්දත් නොනින්දත් අතර මහා හයියෙන් කියවෙන නිසා.

දවසක් මට කියන්න කතා නැති වෙලාවක මම මගේ දියණියගෙන් ඇහුවා "පුතා දන්නවද එළුපැටියාගේ කතාව ?" කියලා. එහෙම කියත්දී මගේ හිතේ කිසිම කතාවක් ගැන අදහසක් වත් තිබුණේ නෑ. දියණිය එක පයින්ම කිව්වා "නෑ තාත්තේ කියන්න" කියලා. මම හිතට එන විදියට ගොතලා කතාවක් කිව්වා. හරියටම නැතත් මෙන්න මේ වගේ. මේ වගේ කතාවල විශේෂය තමයි එකම කතාව දෙපාරක් කියවෙන්නේ නැති එක. ඒ නිසා මේ එළුපැටියාගේ කතා සීරීස් එකක් බවට පත් වුණා.

"ඔන්න පුතේ දවසක් එළුපැටියෙක් එයාගේ අම්මා ඉන්න තැනින් එලියට ඇවිත් පාරදිගේ තනියම යනවා ටොක ටොක ගගා. එහෙම යනකොට එයා දැක්කා ළමයි කට්ටියක් සෙල්ලම් කරනවා. එළුපැටියාටත් හිතුණා මටත් සෙල්ලම් කරන්න ඕනේ කියලා. එයා ළමයි ගාවට ගිහිං "බෑහා - බැහා" ගාලා කිව්වා මටත් සෙල්ලම් කරන්න ඕනේ කියලා. ළමයින් හිතුවේ එයාට බඩගිනි වෙලා කියලා. ඉතිං එයාව පැත්තකට එක්කන් ගිහිං කොළ අතු ටිකක් කඩලා දුන්නා. එළුපටියා ආයි "බැහා - බැහා" කිව්වා. ළමයි හීතුවා එයා අඬන්නේ වතුර ඕනේ වෙලා කියලා. ඒ පාර වතුර බාල්දියක් ගෙනත් එළුපැටියා ලඟින් තිබ්බ. අවුවේ ඇවිත් එළුපැටියාටත් බඩගිනි නිසා එයා වතුර ටික බීගෙන බීගෙන ගියා. එහෙම බීලා ආයෙත් "බැහා-බැහා" කියන්න පටන් ගත්ත. ළමයෙක්ගේ අතේ තිබුණ බොලේ බිමට වැටෙනවා එළුපැටියා දැක්කා. එයා ඒක කටින් අරගෙන දුවගෙන දුවගෙන ගියා. ළමයි කට්ටිය හිතුවේ එයාලාගේ බොලේ එළුපැටියා කන්න හදනවා කියලා. එහෙම ටිකක් දුර දුවගෙන ගිය එළුපටියා බොලේ ටිකක් දුරට වීසි කළා. ළමයි පස්සෙන් දුවගෙන ගිහිං බොලේ ගත්තා. එළුපටියා ආයෙත් ගිහිං බොලේ ඉල්ලනවා "බැහැ-බැහැ" කියලා. ළමයි බලනවා මේ මොකද කියලා. ඒ පාර ඒ ළමයා බොලේ ටිකක් දුරට විසි කළා. එළුපැටියා දුවගෙන දුවගෙන ගිහිං බොලේ අහුලාගෙන අරං ඇවිත් කටින් වීසි කළා. ළමයින්ට තේරුණා එළුපැටියාට සෙල්ලම් කරන්න ඕනේ වෙලා තමයි ආවේ කියලා. ඊට පස්සේ හැමදාම එළුපැටියා ළමයින් එක්ක සෙල්ලම් කළා. 
මෙහෙම කතාව කියලා ඉවර වෙනකොටත් ළමයා නිදි නැතිනම් එක්කෝ නිදිමත නැහැ. නැතිනම් ඔබ අසාර්ථකයි. එහෙම වුනා කියලා අධෛර්යයට පත් වෙන්න හොඳ නෑ. දිගටම කියන්න ඕනේ. මේ වගේ කතා ගොඩක් මම මේ වෙනකොට කියලා තියෙනවා. මගේ කෙල්ල දැන් ආසාවට එළුපැටියගේ කතාවක් කියන්න කියලා කියනවා. ඒ එළුපෑටියාගේ කතා මාලාව අපි දෙන්නටම වින්-වින් තත්වෙට පත්වුණා නිසා. මම කියපු කතා අතර එළුපැටියා ගඟේ නාපු කතාව, එළුපටියා ෆූඩ් සිටි ගිය කතාව, එළුපටියා බීච් ගිය කතාව, එළුපැටිය ඉස්කෝලේ ගිය කතාව, එළුපැටියා කෝච්චියේ ගිය කතාව, එළුපැටියා ටී.වී. බලපු කතාව, එළුපැටියා කම්පියුටර් එක්ක වැඩ කරපු කතාව, එළුපැටියා කාර් එකේ ගිය කතාව සහ මෙකී නොකී ඕනෑම මාතෘකාවක් හදාගෙන කියන්න පුළුවන්.  දැන් තියෙන්නේ ඔයාලගේ අවස්ථාව. මේක උත්සාහ කරලා බලන්න. අත්දුටුවයි-ප්‍රත්‍යක්ෂයි.

මේක කුඩා පොත් පිංචක් කරන්නත් හිතුන වෙලාවල් තියෙනවා. බලමු ඉදිරියට. එහෙනම් පොඩි මෙන්ඩාට මේවා කියලා බලන්න කියලා මම ලොකු මෙන්ඩාට ආරාධනා කරනවා. හැබැයි එකාගෙන් ගුටි කන ඒවාට මම වග කියන්නේ නෑ. තව ටික දවසකින් අපේ පත්තර මල්ලිටත් මේවා වැදගත් වේවි. 

Monday, August 10, 2015

එතකොට අරවා කාටද ? ...... For whom those for ......

දිනක් පියෙකු අවුරුදු අටක වයසින් යුත් තම පුතු සමග ෆාමසියකට ගොඩවැදුනි. ඔවුන්ට උපත් පාළන කොපු සහිත රාක්කය අසලින් යන්නට සිදු විය. ඒවා දුටු දරුවා "තාත්තේ මොනවද ඒ?" යනුවෙන් ප්‍රශ්න කළේය. පියා කිසිදු පැකිලීමකින් තොරව, කරුණු කාරණා සහිතව පිළිතුරු දුනි.
"පුතා ඒවාට කියන්නේ කොන්ඩම් කියලා. පිරිමි ආරක්ෂිතව ලිංගික හැසිරීම් කරන්න ඒවා පාවිච්චි කරනවා"
"ආහ් ! එහෙමද ? " යනුවෙන් මදක් කල්පනාවට වැටුණු කොලුවා පැවසීය.
 "සෞඛ්‍යය පාඩමට පන්තියේදී අහල තියෙනවා" රාක්කය දෙස බැලූ හෙතෙම කොන්ඩම් තුනක් සහිත පැකට්ටුවක් අතට ගෙන
"ඇයි මේකේ තුනක් තියෙන්නේ ?" යනුවෙන් විමසීය.
"ඒවා උසස්පෙළ පන්තිවල ඉන්න අයට. එකක් සිකුරාදාට, අනිත් දෙක සෙනසුරාදා-ඉරිදට" යනුවෙන් පිළිතුරු දුණි.
 "හොඳයි" යනුවෙන් පිළිතුරු දුන් කොලුවා, එක පැකට්ටුවක හයක් තිබෙන ඒවා ඇති බව දැක 
"එතකොට මේවා කාටද ?"
"ඒවා තියෙන්නේ කැම්පස් යන අයියලට. දෙකක් සිකුරාදාට, තව දෙක-දෙක සෙනසුරාදා ඉරිදට"
"ෂාහ් ! " යනුවෙන් විශ්මය පළ කළ කොලුවා. "එතකොට අරවා කාටද ?" යනුවෙන් පවසමින් එක්ක 12ක් තිබෙන කොන්ඩම් පැකට්ටුව පෙන්වීය.
පින්තූරය ගත්තේ : www.exchangesupplies.org

 දෑසට නැගුනු කඳුලත් සමග සුසුමක් පිට කරමින් පිළිතුරු දුන් පියා
"ඒවා බැඳපු අයට. එකක් ජනවාරි වලට, එකක් පෙබරවාරි වලට, අනික මාර්තු ....." යනුවෙන් පැවසීය.
 
http://www.awesomequotes4u.com වෙබ් අඩවිය ඇසුරිනි. 
 මෙය බටහිට රටක පියෙකු සහ පුතෙකු අතර ඇති වූ සංවාදයක් බව කරුණාවෙන් සලකන්න. 

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...