Thursday, July 11, 2013

මම නොට්ටිගේ පුතෙක් නොවෙමි.

අපේ රටේ බහුවලව ඇහෙන කියමනක් තමයි "අප්පා කල දේ පුතා නොකලොත්, ඌ නොට්ටිගේ පුතෙක් කියලා". මේ නොට්ටිගේ කියන එකට විවිධ අය විවිධ අර්ථකතන දුන්නා. අපේ සිංහල රාජ් මේ මාතෘකාවෙන් පොස්ට් එකකුක් ලිව්වා. මෙතන නොට්ටිගේ කියන එකේ පද නිරුක්තිය අනුව හැදිලා තියෙන විදිය අපේ පැත්තේ අන්කල් කෙනෙක් දවසක් කිව්වා. ඒ කියනකම් මම හිතා හිටියේ මේක ලෙවල් ටූ කුණුහරපයක් කියල. ඒක වෙන්නේ නොට් + උගේ කියන හයිබ්‍රිඩ් නිරුක්තියකින් කියලා තමයි කියන්නේ. නොට්ටුගේ කියන එක පසුව නොට්ටිගේ වුණා කියලා තමයි අර අන්කල් කිව්වේ. 

අපේ තාත්තාගේ කාලයේ බ්ලොග් තිබුණේ නැත. තිබුණා නම් අනිවාර්යයෙන්ම තාත්තාද බ්ලොග් කරුවෙකි. එසේ වූවානම් මම නොට්ටිගේ පුතෙක් නොවීම සාධාරණය. නමුත් ලිවීමේ ක්‍රියාවලිය ඔබ කරන්නේ තල් පතක් මතද, ගල් කුලක් මතද නැතිනම් අපට වඩාත් හුරුපුරුදු බ්ලොග් එකකද යන්න එතරම් විශේෂයක් නොවේ. මෙහිදී ඔබ කොහේ හෝ ලේඛණ කලාව කරගෙන යාම ප්‍රස්තුත වේ. ඒ අතින් මගේ පියා හා මා ගත් කල මම "නොට්ටිගේ පුතෙක්" නොවෙමි. හේතුව තාත්තා සාම්ප්‍රදායික ලෙස පෑන සහ කඩදාසිය යොදා ගත් අතර මා වඩාත් පහසු බ්ලොග් කෙරුවාවට හුරු වීමය. 

අපේ තාත්තලාගේ කාලයේ ලියන්නට හැකි බොහෝ දෙනෙකුට සිදු වූ පරිදි, තත්තාටද ඔහු ලියූ පොත් එලි දක්වන්නට බොහෝ කාලයක් බලා ඉන්නට සිදු විය. කාලයක් තිස්සේ කඩදාසියේ සටහන් කර ගත් නවකතා කිහිපයක් ඔහු ළඟ තිබුණද, ඒවා එලි දක්වන්නට තරම් ආර්ථික ශක්තියක් රජයේ සේවකයෙකු වූ මගේ පියාට නොවිණි. තම අතින් ලියූ එක පොතක් හෝ මුද්‍රණ ද්වාරයෙන් එලි දැක්වීම ඔහුගේ ඒකායන බලාපොරොත්තුව විය. අවසානයේ වසර 2005 දී මෙම හීනය හැබෑ කරගන්නට ඔහුට හැකි විය. පහලින් ලියවෙන්නේ ඒ පොත ගැන සුළු සටහනකි. අද එය විශ්ව විද්‍යාල වල සිසුන් සොයාගෙන එන්නේ අප මවිතයට පත් කරමිනි. 

එම පොත නමින් බෙන්තොට පාරාදීසය වේ. එහි පිටු සැකසීම මගේ නැගණිය වන සුදර්ශනී කන්නන්ගරගේ වන අතර පිටකවර නිර්මාණය ඔබ කවුරුත් හඳුනන සුභාෂ් දිල්රුක් කන්නන්ගරගේය. ඒ අතින් මගේ පියා වාසනාවන්තය තමන්ගේම දූ-පුතුන්ගේ සහයින් සහ තමන්ගේම ප්‍රකාශන අයිතියකින් එය එලි දක්වා ඇත. අප ගම ගැන ලියවුනු ඒ කුඩා පුස්තකහි සඳහන් මගේ සිත් ගත් කොටස් කිහිපයක් මා ඔබ වෙනුවෙන් ගෙනහැර දක්වන්නම්. එහි පෙරවදනෙහි මෙසේ සඳහන් වී ඇත
පෘතුග්‍රීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණ වලින් වල් වැදී ගිය බෙන්තොට පුරවර නැවතත් ඒකාලෝක වූ අයුරු රසවත් කතාපුවතක් මෙන් සුන්දරය. එකල්හී ගම්බිම් අතැර වෙනත් ප්‍රදේශවලට පළාගිය ජනතාව නැවතත් බෙන්තොට පුරවරය වට රොක්වන්නේය. ඒ බෙන්තොට ප්‍රදේශයේ දෙවන උත්පත්ති කාලයයි. 
අප කුඩා කාලයේ(ඉංග්‍රීසි පාළන කාලයයි) දුටු පුදුමාකාර අත්දැකීම් සමූහයක් මා මගේ දරුවන් සමග රසකර කීවෙමි. අප අසා ඇති එතිහාසික මෙන්ම අත්භූත සිද්ධීන්ද ඒ අතර විය. ඒවායින් මට මතක ඇති බොහෝ දෑ මෙහි සටහන් කරන්නට අමතක නොකළෙමි. ඒවා ඔබට රස විඳිය හැකි තත්වයේ ඇති බව මා විශ්වාස කරන්නේ වරක් ධර්මසිරි ගමගේ මාධ්‍යවෙදියාණන් අප සමග බෙම් ගඟේ  චාරිකාවක යෙදෙන අවස්ථාවේ මා කියූ අතීත පුවත් කිහිපයක් අසා එතුමන්ද ඒවා අගය කල බව මතක් වීමෙනි. 
බෙන්තොට අතීතයේදී ප්‍රසිද්ධියක් ඉසුලුවේ කුමක් සඳහාද ? මෙම ග්‍රන්ථය ඒ සඳහා සාක්ෂි දරයි.
නාවල අන්නාසි, කෝට්ටේ දොඩම්, මීගමුවේ අලුවා යන හෑල්ලෙහි බෙම්තර ප්‍රසිද්ධවැව තිබුනේ 'කාවාටි' නම් බෙල්ලන් විශේෂයටයි. මේවා ලබා ගත්තේ මෙහි ගං මෝයෙන් හෝ පහුරුමුල්ල සීමාවේ පිහිටි මහා ගල හා දිග් ගලෙනි. 
මේ කතාව මට තවත් ස්ථානයකින් තහවුරු කර ගන්නට හැකි විය. ඒ කළු සුදු සහ අළු චිත්‍රපටයෙනි. එහි එක් තැනක "බෙන්තරින් කාවාටි ගෙනැත් දෙන්න තිබුණා නේ" යයි කියන කොටසක් මගේ මතකයේ ඇත. මාද එක වරක් මෙම බෙල්ලන් විශේෂය රස බලා ඇත. ඒ මගේ පියාත් සමග ගඟේ නාන්න ගිය විටකදීය. ඉහත කී මහා ගලේ ඇලී ඇති, ගලටම සමාන ලක්ෂණ ඇති පතුරක්, ගලක් මගින් ගසා ගැලවූ විට ඒ තුල ඇති රිදී පැහැති දියරයක් මෙන් බෙල්ලන් අමුවෙන්ම උරා බීමය. මෙය අපේ ගමේ කොයි කවුරුත් එකල කල දෙයක්ය.

මීට අමතරව සංදේශ කාව්‍ය වල බෙන්තොට පිලිබඳ සඳහන් මෙම පොතෙහි සඳහන්ය. මයුර, තිසර, ගිරා සංදේශ වල සටහන් කවි මෙහි දක්වා ඇත. බෙන්තොට වඩාත් ප්‍රචලිත වූ වනවාස විහාරය ආශ්‍රිත සංදේශ සටහන් එකල සුලබ විය. පරෙවි, කොවුල්, ගිරා සංදේශ ඒ පිලිබඳ දක්වා ඇති කව්‍යද මෙම පොතෙහි අන්තර්ගතය.

මෙහ ශාස්ත්‍රීය සහ එතිහාසික දේ බොහෝ තිබුනද, මා සිත් ගත්තේ එහි තිබෙන හාස්‍ය සහිත දේටය. මේ එවැනි කතාවකි.

එකල ඕනෑම තොවිල් ගෙදරකට පැමිණ, උදව් කිරීමට සුදානම් තැනැත්තෙක් අපේ ගමේ විසුවේය. හේ රා බීමටද හපනෙකි. පියදාස නමින් හඳුන්වනු ලැබූ ඔහු මිටි පුද්ගලයෙකු වුයේය. එදින අපගේ තොවිලයට උදව් කිරීමට සඳහාද පියදාස පැමිණ සිටියේය. ඔහු ඇත පෙට්‍රෝමැක්ස් ලාම්පුව විය. මෙන්ඩිස් කට්ටාඩි උන්නැහේ පසුපසින්ම ගමන් කරමින් ඔහුට අවශ්‍ය පරිදි ආලෝකය ලබාදෙන්නට සැරසී සිටි පියදාස අනෙක් කිසිවක් පිළිබඳව අවධානය යොමු කලේ නැත.
මැන්ඩිස් අයියා ඉදිරියෙනි. පැට්‍රොල් මාක්ස් ලාම්පුව රැගත් පියදාස පසුපසිනි. සුරතින් කඩුව ගත් මැන්ඩිස් අයියා පුහුල් ගෙඩිය ගෙන දිය යටට යාමට සැරසෙයි. පියදාස මැන්ඩිස් අයියාට බොහෝ ආදර ගෞරව ඇත්තේ තව තවත් හොඳින් ආලෝකය ලැබෙන සේ ලාම්පුව අල්ලාගෙන සිටියි. මැන්ඩිස් අයියා පුහුල ගෙන එක්වරම දියයටට යනවිටිය හදිසියේම ආලෝකය නැති විය. තැතිගැන්මෙන් යුතු අප එකිනෙකාට ලං වීමු. තවත් මොහොතකින් ජල තීන්දුව කැපීමට දිය යටට ගිය මෙන්ඩිස් අයියා සමගින් පෙට්‍රෝමැක්ස් ලාම්පුව ඔසවා ගත් පියදාස දියෙන් මතුවෙනු ඒ වනවිට කරුවලට ඇස් හුරු වූ අපට පෙනිණ. 
මෙම පොතට පසුවදන සපයන ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ  මහතා මෙසේ සඳහන් කරයි
ඇල්බට් කන්නන්ගර මහතා ගුරු වෘත්තීය පිලිබඳ දීර්ඝ කාලීන අත්දැකීම් ඇති, බෙන්තොට ප්‍රදේශයේ තොරතුරු අතැඹුලක් සේ හොඳින්ම දන්නා, එය ලේඛනයට මහා පරිචයකින් ඉදිරිපත කල හැකි දක්ෂ නිර්මාණ ශිලිපියෙකි. මේ බව පසක් කර ගත්තේ බෙන්තොට පිලිබඳ සිළුමිණ, රසඳුන අතිරේකයට ලිපි මාලාවක් ලිවීම සඳහා මා  බෙන්තොට සංචාරයේ නියැලුණු අවස්ථාවේදීය. බෙන්තොට ප්‍රදේශයට අදාළ සියළුම පෞරාණික වූ ද වැදගත් වුද කරුණු කටපාඩමින් විස්තර කිරීමට තරම් හසල දැනුමක් එතුමා සතුව ඇත. 
එසේම ඉතා රමණීය භාෂා විලාශයකින් එය පාඨකයා වෙත ඉදිරිපත් කිරීමේ නිසඟ ලේඛන කුසලතාවක් ද එතුමා සතුව ඇත. එතුමා විසින් ලියන ලද "බෙන්තොට පාරාදීසය" කෘතිය අද සංචාරක පුරවරයක් තෙක් විහිද යන ඇති පෞරාණික ඉතිහාසයක් ඇති බෙන්තොට ප්‍රදේශය පිලිබඳ කෝෂ ග්‍රන්ථයක් වනු නොඅනුමානය. 
එතුමා පැවසූ අන්තිම වාක්‍ය සත්‍ය බව අපට වැටහුනේ, මගේ පියා සොයා එන විවිධ සරසවි ශිෂ්‍ය-ශිෂ්‍යාවන් ප්‍රමාණය දුටු විටය.

එම පොත ගැන පුවත් පත් වල සඳහන් වූ අවස්ථා කිහිපයක්ද නෙත ගැටුණි

[1] The temple on the rock

[2] ඩේලි නිවුස් පුවත


Tuesday, July 9, 2013

ගැරන්ටිද ? වොරන්ටිද ? (Guaranty or Warranty ) ......

කාලෙක ඉඳලා මගේ හිතේ වැඩ කරපු ප්‍රශ්ණයක් තමයි "ගැරන්ටි සහ වොරන්ටි කියන්නේ දෙකක්ද ? නැත්නම එකටමද ?" කියන එක. අපි මොකක් හරි භාණ්ඩයක් ගන්න ගියාම ඒවාට අච්චරක් වොරන්ටි, මෙච්චරක් වොරන්ටි තියෙනවා කියලා ගහලා තිබ්බත් මොකක් හරි වෙලා ගියාම හම්බ වෙන්නේ නෑ කියන එක තමයි බොහෝ දෙනාගේ මතය. මමත් බොහෝ කාලයක් හිටියේ මේ මතයේ. නමුත් පහුගිය කාලේ මගේ අත්දැකීම් මේ අදහස් වෙනස් කරන්න හේතු වුණා. 

මුලින්ම අපේ මුලික ප්‍රශ්ණයට පිළිතුර මොකක්ද කියලා බලමු. ඇත්තටම මොකක්ද මේ ගැරන්ටි කියන්නේ ? ගැරන්ටි වලට කාල සීමාවක් තියෙනවා කියන එක කවුරුත් දන්නවනේ. ඉතිං වොරන්ටි වලටත් කාල සීමාවක් තියෙනවනේ. මේ ගැන කෙලින්ම සටහනක් තියෙනවා http://www.differencebetween.info කියන වෙබ් අඩවියේ. එයට අනුව ගැරන්ටි සහ වොරන්ටි අතර වෙනස සඳහන් වෙන්නේ මෙන්න මේ විදියට.

වොරන්ටිය යනු පාරිභෝගිකයාගේ අයිතිය තහවුරු කරන ලියවිල්ලකි. එය ගනුදෙනුකරුට
පින්තුරය ගත්තේ : http://www.differencebetween.info
යම් තොරතුරක් සහ තත්වයක් හෝ භාණ්ඩයක් පිලිබඳ සත්‍යතාවය සහතික කරන පොරොන්දුවකි. මෙය රක්ෂණ සහතිකයක් මෙන් නීතියෙන් බැඳුණු කොන්ත්‍රාත්තුවකි. මෙම ලියවිල්ල බොහෝවිට මුදල් ගෙවා ලබාගත යුතු වන අතර අදාලා භාණ්ඩයේ අලුත්වැඩියාව හෝ දෝෂ සහිත කොටස් ආදේශ කිරීමට යටත් වේ. මෙය භාණ්ඩයේ නිෂ්පාදකයාට හෝ විකුණුම්කරුට ලබා දිය හැකිය. එය බොහෝවිට අදාල භාණ්ඩය අලුත්වැඩියාව පිලිබඳ ආවරණයක් ලබාදේ, එසේ නොහැකිනම් සම්පූර්ණ භාණ්ඩයම ලබා දීම දක්වා විය හැක. බොහෝවිට සීමිත වොරන්ටි ලබාදීම සිරිත වුවත්, දිගුකාලීන ඒවාද ඇත. ඒවායේ කාලය යම් මුදලක් ගෙවා දිගු කර ගැනීමේ හැකියාවද ඇත. බොහොමයක් වොරන්ටි ලබා දෙන්නේ මාස 12කටය.
දැන් අපි බලමු ගැරන්ටියක් යනුවෙන් අදහස් වන්නේ කුමක්ද කියා

පින්තුරය ගත්තේ : http://www.differencebetween.info
ගැරන්ටියද පාරිභෝගිකයාගේ අයිතිය තහවුරු කරන ලියවිල්ලකි. ගැරන්ටිය මගින් විකුණු යම් භාණ්ඩයක පොරොන්දු වූ තත්වය තිබෙන බවට සහතිකයක් ලබා දේ. විකුණු භාණ්ඩයක යම් දෝෂයක් වේ නම් එය නොමිලයේ අලුත්වැඩියා කරන්නටද එසේත් නැතහොත්  වෙනත් එකක් ලබා දීම විකුණන්නා හෝ නිෂ්පාදකයා සිදු කරයි. ගැරන්ටියක් බොහෝ විට නොමිලයේ ලබා දේ, ඒවායේ කාල සීමාවන් යම් ස්ථිර කාල සීමාවක් සඳහා වේ. උදාහරණයකට මාස 6, වසර දෙකක් වැනිය. සමහර ගැරන්ටි භාණ්ඩයේ මුළු ආයු කාලය සඳහාම වේ. සම්පූර්ණ සෑහීමකට පත් වීමේ ගැරන්ටිද ඇත. ගනුදෙනුකරුවා සෑහීමකට පත් නොවේ මුදල් ආපසු ලාබා දේ. ගැරන්ටියක් සඳහා යම් ලියාපදිංචි කාඩ් පත්‍රයක් පිරවීමට ගනුදෙනුකරුට සිදු වේ. නැතිනම් පොරොන්දු සේවාව ලබා දීමට හැකි කාඩ් පත්‍රයක් ගනුදෙනු කරුට ලබා දේ. 

බැලු බැල්මට මේ දෙක අතර වෙනසක් නැතත් වොරන්ටි ගෙවා ලබා ගැනීමද, ගැරන්ටි නොමිලේ ලබා දීමද මේ අතර ඇති එකම වෙනස බව පැහැදිලි වේ. එනමුත් මේවායේ නීතිමය තත්වයන් වඩාත් සංකීර්ණ විය යුතුය. දැන් බලමු මේ පිලිබඳ මගේ අත්දැකීම්. ඔබටද මෙහි හොඳ සහ නරක අත්දැකීම් තිබෙන්නට පුළුවන්.

මා පිටරටින් ගෙනෙනා ජංගම දුරකථන භාවිතා කර හෙම්බත් වී සිටියෙමි. එනිසා යලිත් ජංගම දුරකථනයක් ලබා ගන්නේ නම අදාළ සමාගමේ නිල ඒජන්ත වරුන්ගෙන් ලබා ගැනීමට අධිෂ්ඨාන කරගෙන සිටියෙමි. ඒ වනවිටත් මේ ක්‍රම දෙකටම ලභාගත් දුරකථන පිලිබඳ පැහැදිලි තක්සේරුවක සිටියෙමි. 2010 ඔක්තෝම්බර් මාසයේදී සොෆ්ට්ලොජික් සමාගමෙන් නොකියා N8 දුරකතනයක් ලබා ගත්තේ ඉහතකී වගකීම සහතිකයක්ද සහිතවය. එහෙත් 2011 මාර්තු වනවිට එය කිසිදු හේතුවක් රහිතව රීස්ටාර්ට් වන බව දැක මා එම සමාගමට එය ගෙනගියා. එය පරීක්ෂා කිරීමෙන් පසුව ඔවුන්ට දින කිහිපයක් එය තබා ගැනීමට අවශ්‍ය බව පවසා භාවිතයට වෙනත් දුරකථනයක්ද ලබා දුන්නා. 

නමුත් ඔවුන් කර තිබුණේ එහි මෘදුකාංග නැවත ස්ථාපනය කිරීමයි. එමගින් අදාළ ප්‍රශ්ණයට විසඳුම් ලැබී තිබුණේ නෑ. මා නැවතත් ඔවුන්ට එය යොමු කරා. දින තුනකට පසු "ඕකේ  සර්" යනුවෙන් පවසමින් දුරකථනය මා අත තබා එය පරීක්ෂා කරන ලෙස ඉල්ලා සිටියා. එවිට එය සෑදූවාදැයි මා විමසා සිටි විට ඔවුන් කියා සිටියේ එය නවතාම එකක් බවයි. මා මේතාක් භාවිතා කරන්නේ එම දුරකතනයයි. ඒ වෙනුවෙන් වෙනම වගකීම් සහතිකයක් ලබා දීමටද කටයුතු කළා. මෙය නොකියා සමාගමේ ගනුදෙනුකාර සේවාවයයි. 

කිසිම ගැරන්ටියක් හෝ වොරන්ටියක් නැතිව මා මිලදී ගත ග්‍රේ නිකලස් වර්ගයේ පිත්ත ටික කාලයකදී හොන්දින් පහර දීමට නොහැකි බව පැවසූ විට එය "තව පාරක් සීසන් කරලා බලමු" යයි ක්‍රිකට් ෂොප් ආයතනයේ ෂිබ්ලි මහතා  පැවසුවා. එය සීසන් කිරීමට ලබා දුන් අතරේ එය නැති වී තිබුණා. එවිට මා කැමති පිත්තක් තෝරා ගන්න යයි පවසා ඔවුන් එය ලබා දීමට කටයුතු කළා. වටිනාම දේ ඔවුන් ලබා දුන්නේ මා මිලදී ගත් පිත්තටත් වඩා මිල අධික එකක් වීම සහ අප අතර කිසිදු ගිවිසුමක් නොතිබීමයි. නමුත් ගනුදෙනුකරුවගේ විශ්වාසය ඔවුන්ට ඊටත් වඩා වටිනා බව මට මේ සිද්ධියෙන් පැහැදිලි වුනා. 

එක වරක් මා මිලදී ගත් අලුත්ම පරිඝනක කවරය(Housing) දෝෂ සහිත එකක් බව ඔප්පු කර පෙන්වවූවත් කිසිදු සහනයක් ලබා දීමට පී.සී. හවුස් ආයතනය ක්‍රියා කලේ නෑ. 

ඔබටත් මෙවැනි අත්දැකීම් අනිවාර්යයෙන්ම තිබෙන්නට පුළුවන්. එවැනි දේ අපත් සමග බෙදා ගන්න මෙන්න අවස්ථාව.  

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...