Saturday, July 6, 2013

ලොල්ද මන්දා ? 3 - වමත් කාරයා .....

අද මම ගොඩක් කාර්ය බහුල දවසක්. ඒ වුණත් මගේ බ්ලොග් එක කියවන හිතවතුන් අමතක කරන්න බැරි නිසා පුංචි රස කතාවක් එකතු කරන්න හිතුවා. මේක මට ඊයේ රෑ පෙන්නුවේ මේ දවස් වල අපේ කාර්යාලයට ඇවිත් ඉන්න ඉන්දියන් මිතුරා.  එහෙනම් කෙලින්ම කතාවට බහිමු.
පින්තුරය ගත්තේ : susanpolgar.blogspot.com

ඔන්න ගෑණු ළමයි දෙන්නෙක් චෙස් ක්‍රීඩා කරමින් ඉන්නවා. මේ දෙන්නට හරියටම චෙස් සෙල්ලම් කරන්න දන්නේ නෑ.  දෙන්න අතර ඇති වෙනවා මෙන්න මේ වගේ කතාබහක්.

පළමු ගැහැණු ළමයා : මෙතන ඉතුරු වෙලා තියෙන්නේ ඔයාගේ අලියයි, මගේ පල්ලියයි විතරයි. මට නම් දැන් ඇති වෙලා. අපි මේක නවත්වලා දාමුද ?

දෙවන ගැහැණු ළමයා : මමත් මේ ඔයාගෙන් අහන්න හිටියේ ඔය ප්‍රශ්නෙම තමයි. මටත් හරිම නිදි මතයි වගේ. අපි නවත්වලා දාමු.

මෙහෙම කියනකොටම එතනට කොල්ලෙක් එනවා. කොල්ලා ඇවිත් මේ දෙන්නගෙන් මෙහම අහනවා.

කොල්ලා : කවුද මගෙත් එක්ක චෙස් අදින්න එන්නේ ?

පළමු ගෑණු ළමයා  : අපෝ ! අපිට බෑ. ඔයා මාව නිකංම පරද්දලා දායි.

කොල්ලා : එහෙනම් ඔයා එන්න.

දෙවන ගැහැණු ළමයා : අනේ ඔව්. ඔයා මාවත් නිකංම පරද්දලා දැයි.

කොල්ලා : එහෙනම් ඔය දෙන්නම් එක පැත්තකට සෙල්ලම් කරන්න මම තනියම සෙල්ලම් කරන්නම්.

දෙදෙනාම : අපෝ බෑ. ඔයාට නිකම්ම අපිව පරද්දන්න පුළුවන්.

කොල්ලා : හරි අපි මෙහෙම කරමු. මම වම් අතින් සෙල්ලම් කරන්නම්(මුන් දෙන්නව අන්දන්න පුළුවන් යයි සිතමින්). ඔයාලා ඔයාලට හුරු අතින් සෙල්ලම් කරන්න.

දෙදෙනා : හරි. අපි කැමතියි. එහෙනම් සෙල්ලම් කරමු.

වැඩි වෙලාවක් යන්න කලින්ම කොල්ලා මේ කෙල්ලෝ දෙන්නව පැරද්දුවා. හිතිං හිනා වෙවී කොල්ලා යන්න ගියා. කෙල්ලෝ දෙන්නා ඊට පස්සේ බොහොම ලජ්ජාවෙන් ඉන්න අතරේ එක කෙල්ලෙක්ට සිහියට එනවා පරදින්න හේතුව.

"මම හිතන්නේ ඒ කොල්ලට අපි රැවටුණා. එයා වමත් කාරයෙක් වෙන්න ඕනේ"

"ඒක නම් හරි සෙල්ලම් කරපු විදියට වමත් කාරයෙක්ම තමා"

Thursday, July 4, 2013

වීදියේ පියා ......

පසුගිය 27 වෙනිදා ඩේලි නිවුස් පත්‍රයේ පිටු පෙරලාගෙන යන අතරතුර එහි ළමා පිටුව මගේ ඇස සොරා ගන්නට සමත් විය. ඒ එහි මුලින්ම සඳහන් වැකිය වූ මාර්ටින් ලුතර් කින්ග්ගේ ප්‍රකාශයක් වූ "Life's most urgent question is : What are you doing for others?" (ජීවිතයේ වඩාත් අත්‍යාවශ්‍ය ප්‍රශ්නය වන්නේ : ඔබ අන්‍යයන් වෙනුවෙන් කරන්නේ කුමක්ද ?) නොව, එහි දකුණු පසින් වූ Great Minds නමැති ලිපි මාලාවේ අවසන් කොටසටය. ඒත් සමගම මගේ මතකය 1998 තෙක් අතීතයට දිව ගියේ නිතැතිනි. 

එකල නිතරම මහජන බැංකුවේ ශාඛා පරිඝනකගත කිරීමේ යෙදුනු අපට, ලංකාවේ යුද්ධය නොපැවති ලංකාවේ  සෑම අස්සක් මුල්ලක් කරා යාමට වරම් උදා වී තිබුණි. මා එය වරමක් ලෙස සඳහන් කරන්නේ, කෙනෙකුට එවැනි අවස්ථාවක් ලැබෙන්නේ කලාතුරකින් බැවිණි. මේ කියන කාල පරිඡ්චේදයේ අප වෙන්නප්පුව ශාඛාවේ පරිඝනකගත කිරීමේ කටයුතු වල යෙදී සිටියෙමු. විවේකී සෙනසුරාදා දිනයේ සවස තුන වන්නට ඇත. මාත් මගේ මිතුරු සුභාෂ් හේවාවිතානත් නගරයට ගමන් ගත්තේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යයන් කිහිපයක් මිලදී ගැනීමටය. අප දෙදෙනා නගරය දෙසට යන අතරේ සෙනග පොදිකමින් යමක් දෙස බලා සිටිනු දැක, මගේ ඉල්ලීමට අපද 50-75ක් වූ ඒ සෙනග ගොඩට  එක් වුනෙමු. 

එතනින් පසු ආපසු නවාතැන වෙත අප යන්නේ තවත් පැය කිහිපයක් එම ස්ථානයේ පොදි කෑ සෙනගත් සමග ප්‍රීතියෙන් කාලය ගත කිරීමෙන් පසුවය. එදා අප එතන ගත කල ජීවිතයේ තවත් සොඳුරු හෝරා-මිනිත්තු කිහිය පිලිබඳ මිහිරි මතකය නැවත අවදි කරන්නට ඉහත ලිපිය සමත් වන්නේ, ඒ ලිපියෙන් අප ලැබූ අත්දැකීම් වලට වගකිව යුත්තාගේ ඉතිහාසයම ගොනු කොට තිබීම නිසාය. මෙතනින් පසු මේ සටහනට එක වන්නේ ආදිතා දිසානායක ලියූ ඒ අපූරු ලිපියේ පරිවර්ථනයය.

ප්‍රමාද වී ධාවනය වන දුම්රියක් උදෙසා දුම්රිය ස්ථානයක සිටගෙන සිටින අවස්ථාවක් සිහියට නගන්න. එක්වරම ඔබේ අවදානය සොරා ගන්නේ අහම්බෙන් වේදිකාවේ මැදට  දිව එන කෙනෙකි. ඔබ බලා සිටියදී තවත් හත් දෙනෙකු ඔහු වටා එකතු වේ. මොහොතකින් නාට්‍යයක් දිග හැරේ, මොහතකින් තව එකක්, තවත් එකක්. ඒවායේ නම්ද රංගනය මෙන්ම විචිත්‍රය. "රජ දැක්ම",  "මිනිහෙකුට එල්ලිලා මැරෙන්න බැරිද" සහ "පෝලිම" ඒවාය. වීදි නාට්‍ය ලෝකයට ඔබ සාදරයෙන් පිළිගනිමු. 

වේදිකාව වීදිය වෙත ගෙන යාම, ටිකට් පතක් ගෙන එය නැරබීමට හැකියවුන් වෙතින් ඉවතට ගෙන යාම, මාවතට, දුම්රිය ස්ථානයට, ගම වෙත ගෙන යන්නේ ගැහැණු-පිරිමි සහ දරුවන්ට එය නරඹා ප්‍රීති වීමට අවස්ථාව සලසමිනි. නොමිලයේම.  ලංකාවට වීදි නාට්‍ය සංකල්පය හඳුන්වා දුන්නේ ආචාර්ය ගාමිණි හත්තොටුවේගම මහතාය. 

අනුරාධපුරයේදී පළමු වීදි නාට්‍යයේ රඟ දැක්වූ ආකාරය අතීත ස්මරනයක යෙදෙන්නේ කංචුක ධර්මසිරි  මහතාය. දිනය 1974 ජුනි 7 වැනිදාය. රංගන ශිල්ප ශාලිකාවේ සිසුවන් කිහිප දෙනෙකු ඔවුන්ගේ වේදිකා නාට්‍ය ගුරුවරයා සමග අනුරාධපුර දුම්රිය ස්ථානයට පැමිණෙන්නේකොළඹ බලා යාමටය. එම කණ්ඩායම අතර හේමසිරි අබේවර්ධන, පරාක්‍රම නිරිඇල්ල, එච්.ඒ. පෙරේරා සහ නිමල් චන්ද්‍රසිරි විය. "අනුරාධපුරයෙන් පිට වීමට බලා සිටින අතර කණ්ඩායමේ සාමාජිකයන් එක්වරම දුම්රිය වේදිකාවේ අනෙක් මගීන් වෙනුවෙන් නාට්‍යක් රඟ දක්වීමට තීරණය කරනවා" යනුවෙන් ධර්මසිරි මහතා ලියයි. "රඟ දැක්වීම සඳහා කලින් වෙන් කරගත් ප්‍රදේශයක් නොවූයෙන්, හත්තොටුවේගම මහතා ආධාරකයක් කඩුවක් ලෙස ලෙලවා වටේට ගමන් කොට, එක් තැනක් පෙන්වා, අපි මෙන්න මෙතන තමයි මේක පෙන්වන්නේ යයි ලකුණු කළේය". ඉන්පසු කණ්ඩායම "මිනිහෙකුට එල්ලිලා මැරෙන්න බැරිද" නාට්‍ය රඟ දක්වනවා. එසේ කරන්නේ දිගටම වෙනස් වන ප්‍රේක්ෂකයන් පිරිසක් වෙනුවෙනි. මන්ද යන-එන දුම්රියට එකතු වන සහ පිට වන අය මෙයට එක් වන නිසාය. ඔවුන් බලා සිටි කොළඹ බලා ගමන් ගන්නා දුම්රියට නළුව්න් ටික එක වන  තුරුම එය රඟදැක්වුණා. 

එසේ ආරම්භ වුයේ ශ්‍රී ලංකාවේ වීදි නාට්‍ය කළාවය. ගාමිණි හත්තොටුවේගමයන් වසර තිහක්ම ඔහුගේ සිසු-සිසුවියන් සමගඑක්ව  තීරණාත්මක ගමනක යෙදින. ඒ 2009 ඔක්තෝබර් 29 වනදා මෙලොවින් සමුගන්නා දවස දක්වාය. පරාක්‍රම නිරිඇල්ල මහතා මෙසේ සටහන් කරයි "ප්‍රබුද්ධයන, අඳුනන, මිතුරණ": "අකීකරු සහ එළිමහන් වේදිකාව අලංකාර අන්තයක් වෙත ගමන් ගන්නා බස් රථයක් වැනිය. අපේ ගුරුතුමා වූ හත්තොටුවේගම මහතා එහි රීයදුරාය".

1938 නොවැම්බර 29 දා ගාල්ලේදී මෙලොව එලිය දකින ගාමිණි කල්‍යානදර්ශ හත්තොටුවේගම  ඔහුගේ මුලික අධ්‍යාපනය ලබන්නේ ගාල්ලේ රිච්මන්ඩ් විදුහලිනි. ඔහු ජී.කේ. හතා, හත්තා යන නම් වලින්ද හඳුන්වනු ලැබිණි. 1956දී ඔහු ලංකා විශ්ව විද්‍යාලයයේ,  පේරාදෙණිය මණ්ඩපයට  ඇතුලත් වෙයි. එහිදී ඉංග්‍රීසි භාෂාව පිලිබඳ ගෞරව උපාධිය ලබයි.

ඉන්පසු යලිත් ගමට පැමිණෙන ඔහු ඉංග්‍රීසි සහ නාට්‍ය ගුරුවරයා ලෙස රිච්මන්ඩ් විදුහලෙන් වෘත්තීය ජීවිතය අරඹයි. 1965 දී ඔහු කැලණියේ විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයට එක් වන්නේ  ඉංග්‍රීසි දේශකයකු ලෙසය. අවුරුදු හතලිහක කාලයක් කැලණිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාල වල සේවය කරන ඔහු විශ්‍රාම ගන්නේ 2005 දීය. 

කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පද්මසිරි කුලසේකර මහතාට අනුව ගාස්තු අය කිරීමකින් තොරව ගම් සහ නගර වල වෙසෙන විවිධ කණ්ඩායම් වෙනුවෙන් වීදි නාට්‍ය  දර්ශන පැවැත්වීමෙන් සහ එහි නළු-නිලියන් සඳහා වැඩමුළු පැවැත්වීමෙන් වීදි නාට්‍ය ගුරුවරයෙකු ලෙස සහ නිෂ්පාදකයෙකු ලෙස  ආචාර්ය හත්තොටුවේගම පුරෝගාමී  මෙහවරක් සිදු කර ඇත.   

ඔහුගේ නාට්‍ය පිලිබඳ දායකත්වය  ශ්‍රී ලංකාවේ දේශීය  වේදිකාවට  පමණක් සීමා නොවීය. ඔහුගේ සේවාව විදෙස් රටවල් පවා ලබාගෙන ඇත. 1980 සිට ඔහු ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, නොර්වේ, ජර්මනිය, පිලිපීනය සහ තායිලන්තය ආදී විදෙස් රටවල් ගණනාවකම දේශන, වැඩමුළු, සුහද කථා, සහ වේදිකා නාට්‍ය සඳහා දායකත්වය ලබා දී ඇත. 

ජන සන්නිවේදනය පිළිබඳව ඔහු ලබා දී ඇති දායකත්වයද අතිවිශාලය. ඔහුගේ ශාස්ත්‍රීය දේශන, සාකච්ඡා සහ නාට්‍ය, චිත්‍රපට, පොත් බැරෑරුම් සමාලෝචන මගින් නොමිනිය හැකි සේවාවක් ඉතා පුළුල් දැනුමක් සඳහා දායාද කොට ඇත. 

"චිත්‍රපට විචාරයේදීද ආචාර්ය හත්තොටුවේගම මහතා  ප්‍රමුඛ චරිතයක් විය. චිත්‍රපට විචාර සහ මාධ්‍යවේදීන්ගේ සංගමය බිහි කරලීම සඳහාද ඔහු දායකත්වය සැපයීය. ඒ එම සංගමයේ ආරම්භක සභාපති වරයා ලෙස පත් වීමෙනි. ජනතාව වෙත ලෝක සිනමාව විවර කිරීමෙන් අරමුණින් එම සංගමය ගෞරවයෙන් පිලිගන්නා  විදේශීය චිත්‍රපට ඇතුලත් අන්තර්ජාතික චිත්‍රපට ප්‍රදර්ශන පැවැත්වීය".

විකල්ප වේදිකා සම්ප්‍රදායක් බිහි කිරීමෙහිලා ඔහුගේ දායකත්වය අගය කිරීමක් වශයෙන් ශ්‍රී ලංකා කළා සංගමය අනුග්‍රහයෙන් පවත්වන  රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලේදී ඔහු රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබනු ලැබිණි. නැණවත් විද්‍යාර්තියෙකු වශයෙන් දහස් ගණන් සිසුන්ට දැනුම බෙදා දීම, පරිවර්තකයෙකු ලෙස, පරි-නිර්මාණකරුවකු ලෙස ලබාදුන් විශිෂ්ඨ සේවය, නාට්‍යකරුවකු මාධ්‍යකරුවකු ලෙස ලබා දුන් සේවය අගයනු වස් ඔහුට කැලණිය විශ්ව විද්‍යාලයෙන් දර්ශනය පිලිබඳ සම්මාන ආචාර්ය පදවියක් පිරිනමනු ලැබූ බව මහාචාර්ය කුලසේකර පවසයි. ඒ කෙටියෙන් සටහන් කලේ අවිවාදයෙන්ම විසිවන සියවසේ ශ්‍රී ලංකාවේ වැඩිම ජානාදරයට පාත්‍ර වූ අයගෙන් කෙනෙකු වූආචාර්ය ගාමිණි හත්තොටුවේගම මහතා පිලිබඳ කතාවයි.
පින්තුරය ගත්තේ : http://www.dailynews.lk

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...