ශ්‍රී ලංකාව තුල ගෙවුණු ඉතාම සංවෘත්ත ආර්ථික යුගය පසුකල, බ්ලොග් කරණයේ යෙදෙන කිහිප දෙනාගෙන් කෙනෙකු වශයෙන්, එසමය තුල අත්දැකීම බෙදා-හදා ගැනීම අපගේ වගකීමකි. 70 - 77 කාළ සමය පිලිබඳ එකිනෙකා විවරණයේ යෙදෙනෙ තමන්ගේ දේශපාලන පොල්කටුව තුල සිටිමින්ය. ඒ සමයේ අපට ඉතාමත් සීමිත ආහාර වර්ග කිහිපයකින් සන්තර්පණය වන්නට සිදු විණි. එකළ මා ළදරු වියේ පසු වුවද, පැවතී අහේනිය පිලිබඳ පැහැදිලි මතකයක් තිබේ. එමෙන්ම එයට හසු වූ අපගේ ශාරීරික වර්ධනයද සීමා වූ බව නොරහසකි. ආනයනයන් සීමා වූ එම කාලපරිච්චේදය තුල, සීනි, සහල්, පරිප්පු, මිරිස් අඩුවෙන් දකින්නට ලැබිණි. ජනතාව තම අවශ්‍යතා සඳහා සමුපකාරය සහ සතොස සහ අලෙවි මණ්ඩලය වෙත පිය නගන එම යුගයට "පෝලිම් යුගය" ලෙසට නම් පට බැඳුනේ, පාන් ඇතුළු බොහෝ දේ මේවාගෙන් ලබා ගැනීමට පෝලිම් වල සිටීමට සිදු වීම නිසාය.
එවකට ළදරුවන් වූ අපට නම් මේ අත්දැකීම බඩගින්නට වඩා සතුට ගෙන දෙන්නක් විය. මන්ද නිවසින් පිට ඇවිද යාමට දෙමව්පියන්ගේ අවසරය ලැබුණේ මේ පෝලිම් වල සිටීමට යන යෞවනයේ පසු වූ පුංචි අම්මලාගේ ආරක්ෂාවට අපවද පිට කර යැවීම නිසාය. පාන් සඳහා කාඩ් පතක් තිබූ බව අද පුරාවෘත්තයක් වුවද, මා ඒ පාන් කාඩ්පත අත දරා පෝලිමේ සිට ඇත. විටෙක තමන්ගේ පරපුර එක්-එක් දේවල් කල බව මුහුණු පොතේ පින්තුර බෙදා ගන්නා අයුරු දකින විට, "පාන් පෝලිමේ - පාන් කාඩ්පත දරාගෙන සිටගෙන සිටි පරම්පරාව" අප බව ඕනෑනම් බෙදා ගත හැකි බව මගේ මතකයට එයි.
අද උදෑසන ප්‍රවෘත්ති නරඹන විට පවතින නියං තත්වය තුල කොස් කොළ, ක්‍රෝටන් කොළ අනුබවයට ගත හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක වරයෙකු පවසන දසුනක් දකින්නට ලැබිණ. මගේ මතකය නිරන්තරයෙන් ඇදී ගියේ 70-77 යුගයටයි. අප පරිප්පු වෙනුවට අමු ලාවළු උයා කෑ(අවශ්‍ය නම රෙසිපිය පසුව ඉදිරිපත් කරන්නම්) මතකය සිහියට එයි. එවැනි බොහෝ ආදේශක එකල අපට තිබුණි. එසේ සංවෘත්ත ආර්ථික ප්‍රතිපත්තියක් එකල අනුගමනය කිරීමෙන් බලාපොරොත්තු වී ඇත්තේ දේශීය නිෂ්පාදන ඉහළ මට්ටමකට ගෙන ඒම බව පසුව දැන ගන්නට ලැබුණි. එකල සීනි වෙනුවට හකුරු වර්ග ආදේශක ලෙස භාවිතා විය. කිතුල් හකුරු යහමින් නිෂ්පාදනය නොවූ නිසා සක්කර හෝ පොල් හකුරු නිෂ්පාදනයට කර්මාන්ත බලධාරීන්ගේ දෑස් යොමු වී තිබුණි. අපේ ගමට එම යුගයේ අලුතෙන් හඳුන්වාදුන් නිෂ්පාදනය වූයේ, පොල් ගස ආශ්‍රිත නිෂ්පාදනයන්ය. ඒ පොල් පැණි සහ හකුරුය. මෙයට අමතර තවත් බොහෝ දේ තිබෙන්නට ඇත. නමුත් මේ පොල් පැණි කර්මාන්තය පිළිබඳව මට දැන ගන්නට ලැබුණේ සවස් කාලයේ මගේ පියා හමු වන්නට පැමිණෙන ආනන්ද අයියාගෙනි. ඔහු පන් මල්ලක තමන්ගේ රාත්‍රී ආහාරයත්, වතුර බෝතලයකුත් රුවාගෙන්, එය තම බයිසිකල් හැඬලයේ රඳවාගෙන පැමිණේ. ඔහු රාත්‍රී කාලයේ කරන්නේ පොල් පැණි කර්මාන්තයට මැද ඇති බෙන්තොට සංචාරක කළාපයේ පොල් ගස් මුර කිරීමය. එමගින් ප්‍රදේශයේ තරුණයෙකු වූ ඔහුට රැකියාවක් සලසා තිබේ. ඒ කාළයේ මාළු පවා අලෙවි වුයේ, ධීවර දෙපාර්තමේන්තුවට අයත් වාහනයක් ගමේ එක්තරා තැනකට පැමිණ වෙළඳාම් කරන අවස්ථාවන්හීය. එමගින් ලංකාවේ මුහුදුබඩ නොවන පළාත් වලට මේ ක්‍රමයට මාළු ලැබෙන්ට ඇත. ඒවා දමා දුන් මාළුවකුගේ හැඩයේ සංකේතයක් සහිත මුද්‍රිත ඉටි බෑගය අදටත් මගේ මතකය අලුත් කරවයි. කුකුල් මස් එම යුගයේ සුඛෝපභෝගී ආහාරයක්ම විය.
ඉබිකටුව මාතෘකාව ඔස්සේ මේ කියාගෙන යන්නේ මොනවාදැයි ඔබට සිතෙන්නට පුළුවන. නමුත් මේවා අද සිනහමුසු මුහුණින් අනුස්මරණය කරන්නට හැකි ඉමිහිරි මතකයන්ය. එය පෝලිම් යුගයක් වූවාසේම, අඟහිඟ යුගයක්ද විය. අතීත කතා ලියන අතරතුර පඳුරු තැලිල්ල හඳුන්වා දුන්නේ හැලපයා වුවද, ආපසු ලියන්නට මට ආරාධනය කල ඩී.ජී.එම්. බස්සා පවසා සිටියේ කතා ලියන අතරතුර අවශ්‍යනම් පඳුරක් දෙකක් තලා දමන ලෙසය. ඉබ්බා දියට දැම්ම විට ඇන්නාවේ කීවා සේ මාද එය දොහොත් මුදුණින් භාර ගතිමි. මන්ද එය විටක් හපන විට අමතර එකතු කර කරඳමුංගු, කාරබුනැටි, සාදික්කා වසාවාසි වැනි සටහන රසවත් කරණ අමතර එකතු කිරීම් නිසාය. අපේ ඔෆිස් එකේ සුමිත් මේවාට පවසන්නේ "මීස්තරය" කියාය. එකල බියර් පානය කරන ගමන් ඊට අරක්කු මදක් එකතු කරන ඔහු පවසන්නේ "මීස්තරේට අරක්කු පොඩ්ඩක්" යනුවෙනි. ඉදින් ඉහලින් ඇති පරිච්ඡේද මේ කතාවේ මීස්තර වේ. සමහර විට මීස්තරය රසවත් වීමට ඉඩ ඇත.
කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන්ද බොහෝවිට විවිධ ද්‍රව්‍යයන් එකතු කිරීමේ යෙදෙති. මුහුදුබඩ ගමක ඉපදී හැදී වැඩුණු මා හට එසේ එකතු කල හැකි ද්‍රව්‍යයන් බොහෝ විය. අනෙක එක්-එක් වයස් තුලදී මේ ඇබ්බැහිය වෙනස් මගක් ගත් බව මගේ මතකය පවසයි. ඉතා කුඩා කාලයේ මා එකතු කලේ සිප්පි කටු, බෙලි කටු, දැලි පොතු(මේවා පිත්තල පහන් පිරිසිදු කිරීමට යොදා ගනී) වැනි මුහුදු වෙරල ආශ්‍රියෙන් අහුලා ගත හැකි දේවල්ය. නමුත් අවාසනාවකට කුමන කටයුත්තක් සඳහාවත් මගේ දෙමව්පියන්ගෙන් මුහුදු වෙරළට යාමට අවසර ගත නොහැක. මේවා මා එහි යන මිතුරන්ගෙන් සහ වැඩිහිටියන්ගෙන් ඉල්ලා ගතිමි. මුහුදු වෙරළට ආසන්න වුවද, ඉන් කිලෝමීටරයකට මත්තෙන් අපේ ගම ඇතුළට වන්නට වී වගාව සිදුවේ. වෙනත් අයුරකින් කිවහොත් වෙල් ඉඩම් බහුලය. ඒවා බෙන්තර ගඟ සහ එයට සම්බන්ධ වන අතු ගඟක් වන දෙද්දු ගඟ ආශ්‍රිතව සිදු වේ. නමුත් වඩදිය නොහොත් කරිජ්ජ ගතිය වැඩි මාගේ නිවස ආසන්නයේ ගං ඉවුර ආශ්‍රිතව වී වගා හෝ වෙනත් කිසිදු වගාවක් සිදු නොවේ. මගේ පියා තුණ්දුව නමැති ග්‍රාමයේ ඇති කනිටු විදුහලේ සේවය කරන අවධියේ මා හට ඉබි කටුවක් ගෙනවිත් දුන්නේ, මා මේ කටු(shell) වලට ප්‍රිය කල අයෙකු යන අදහසින් විය යුතුය( shell කීවාම 100% ක්ම මා shell කාරයෙකු වන්නේ අදටද, මා Unix/Linux ආශ්‍රිත Shell Programming සිදු කරන නිසාය). අපගේ නිවාස ආශ්‍රිතවම ඇති බෙන්තොට වගුරු බිමෙහිද ඉබ්බන් සිටින බව අප හට පැවසුවේ මගේ පියාගේ අතිජාත මිත්‍රයා වූ ජයසේකර ගුරුතුමාය. එතුමාගේ නිවාස පිටුපස මේ වගුරු බිමට යා වී ඇත. දිනක් එම ඉවුරට ඉතිරි වූ ගොම වගයක් විසි කරනවිට, ඉබ්බන් පොරකාගෙන ඒවා කෑ බව ඔහු අපත් සමග පවසා ඇත. නමුත් ජීවත් වන ඉබ්බන්ගෙන් මා හට පලක් නැත. මට අවශ්‍යව තිබුණේ ඉබි කටු එකතු කර ගැනීමයි.
අපිට ඒ කාලේ පින්තූර ගන්න විදියක් තිබුණා නම්, මේ බ්ලොග් වල අලංකාරේ කියා නිම කරන්නට බැරි වන මට්ටමකට ගෙන එන්න තිබුණු බව සහතිකය.මට ලැබුණේ ඔය ඉහලින් පෙන්වා තිබෙන වර්ගයේ ඉබි කටුවකි.එහෙත් එකතුවක් පවත්වාගෙන යන පෙර පාසල් වයසේ කොලු පැටවෙකුටඑය මහඟු දායාදයක් බඳු වේ. ඉන්පසුව මා කලේ මුණගැසෙන හැම කෙනෙකුගෙන්ම ඉබි කටු ඉල්ලා සිටීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ ප්‍රමාණයේ ඉබි කටු හත අටක්ම මා සතුව විය.
තාත්තා ඒ කාලයේ සමුපකාර අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙස වැඩ කළේය. ඔවුන්ගේ කාළයේ බෙන්තොට වැව ඉදිරිපිට අවන්හලක් පවත්වාගෙන යන්නට හැකි විය. එය පොල් කොට මත ඉදි කල නිසා එයට "කොට උඩ කඩේ" යනුවෙන් අන්වර්ථ නාමයක් පට බැඳිණි. අදටත් එය සිතින් මවා ගැනීමට මට හැකිය. දුඹුරු පාට කරන ලද පොල් කොටන් සිටව නිමවා තිබූ එහි උඩු මහල තනිකර ළී බිමකින්ද, වහළය පොල් අතු සෙවිළි කර තිබුණි. අවන්හලෙන් කෑ රෝල්ස් වල රස මට තවමත් දැනෙන්නා සේය. එකල එයට ඉඳි ආප්ප සපයනු ලැබුයේ අපේ ලීලා පුංචි අම්මාය(ජයසේන බාප්පාගේ බිරිඳ). ඈ ඒවා සාදා ඉතිරි වන රබර් ඇටයක් තරමේ අවසාන පිටි ගුලියෙන් තලපයක් සාදා, වට්ටියක තබා ඉඳි ආප්ප සමගම තම්බා මට කෑමට දෙයි. මේ අවන්හළේ ඉදිරිපස කුඩා පොකුණු දෙකක් විය. ඒවායේ කුඩා කිඹුල් පැටවුන් ඇති කර තිබුණි. සති අන්තයේ හවසක අක්කා, මා සහ මල්ලීව මෙතැනට කැඳවාගෙන යයි. මල්ලීටත් මටත් එතන කෑම බීම වලට වඩා අවශ්‍ය වී තිබුණේ, එතැන තිබෙන පොකුණු වල ඇති වතුරට පයින් ගැසීමයි. නමුත් තාත්තා හෝ අම්මා සිටීනම් අප ඇදගෙන යන්නේ මහා කිඹුල් තඩියෙක් සිටිනා තැනකින් ගමන් කරන විලාසයටයි. එහි සිටින උන්ට අප බය නොවුයේ, උන් කිඹුලා බනිස් එකේ තරම් කුඩා කිඹුල්ලු නිසාද, නැතිනම් නොන්දන්නා කමටදැයි එකල අපට නිනව්වක් නොතිබුණි. මේ සමූපකාර පඳුර තලන්න ගොස් තව ඩිංගෙන් කියන්න ඕනෑම දේ මිස් වෙනවාය.
කළු හෙක්ටර් නමැති පුද්ගලයෙකුද එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටියේය. ඔහුගේ මුහුණ දකින්නද බියකරු පුද්ගලයෙකු වුයේය. නයිජීරියානු පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයෙකු මෙන් හැඩි-දැඩි වුවා සේම, සායි බබා මේ කොණ්ඩයක්ද ඔහු සතු විය. කුඩා දරුවන් වූ අපට, ඔහු දැකීම ඉතා බියකරු දර්ශනයක් විය. ඔහු ගැන ගුණ වරුණාව අපේ තාත්තා පණ පිහුටුවා පවසයි.
ඉබිකටු කිහිපයක් දැනටමත් මා සතු නිසා, තව-තවත් ඉබිකටු පිටුපස යාමේ තේරුමක් නැත. මට ඉන් පසුව ඕනා වුණේ, මේවා විවිධ වර්ණයන් ගැන්වීමය. මාකළේ විවිධ වර්ණවල රටහුණු වලින් මේවා පාට කිරීමය. නමුත් ඒවා වතුර බිඳක් ඉහුනොත් සේදී යන නිසා, මා පියාගේ අධාරය පැතීය. එවිට ඔහු තම ළමා කාලයේ විවිධ වර්ණ තනා ගත් ආකාරය විස්තර කළේය. නමුත් ඒ ක්‍රම වලට වර්ණ සම්පාදනය දැන් අපහසු බව අපේ දෙදෙනාටම පැහැදිලි වූ නිසා, බැනර් සහ බෝඩ් අඳින රණවීර අන්කල්ගෙන් ලැකර් ටිකක් ඉල්ලා දෙන්නට තාත්තා පොරොන්දු විය. දින බයිසිකලයක් පැදගෙන අප නිවාස පසුකර යන තලත්තෑනි පුද්ගලයෙකු නවතා ගත් ඔහු, වර්ණ පිලිබඳ විස්තරය ඔහු හා පැවසීය. ඒ අසා වර්ණ ලබා දීමට පොරොන්දුවක් ලබා දීඔහු පිටත් වුවත්, ඔහුගේ මුහුණෙන් එය ඔහුට කරදරයක් බව පැහැදිලි විය. ඔහු පාරේ ගමන් කරනු දකින හැම අවස්ථාවකම ඔහුට ඇවිටිලි කලද, හෙට දෙන්නම් -අනිද්දා දෙන්නම් වැනි උත්තර වලටම එය සීමා විය. පසුව මේ ආසාව යටපත් කරගන්නට මට සිදු විය.
අන්තර්ජාලය පිරික්සීමේදී මේවා වර්ණ ගන්වන්නට කමත් මා වැනි තවත් බොහෝ පිරිසක් ඇති බව පැහැදිලි විය.
මෙය මා කරන්නට සිටි විලාශයේ පාට කිරීමකි. නමුත් පැසිපික් දූපත් වල සිටින, අබෝරෝජින්වරුන් මේවා ඉතා අලංකාරව වර්ණ ගන්වා තිබෙනු දක්නට හැක. යලිත් ඉබි කටු කිහිපයක් සොයා ගත හැකිනම්, මේ සිහිනය සැබෑ කර ගත හැකිය. නමුත් ඉබිකටු ඇතිවිට තීන්ත නැත - තීන්ත ඇතිවිට ඉබිකටු නැත.
පින්තූරය ගත්තේ :http://markopolio-stock.deviantart.com |

"ඔය කළු හෙක්ටර් ඉබි මස් කනවා. දවසක් ඉන්ජෙක්ෂන් එකක් ගහන්න ගිහිං. ගහන-ගහන ඉන්ජෙක්ෂන් කටු කැඩිලා. අන්ම්තිමට දොස්තරට වැඩේ එපා වෙලා"ඉතිං අපි බය වෙන එකත් සාධාරණය. එහෙත් මට තිබූ ප්‍රශ්ණය එය නොවේ. ඉබි මස් කනවා නම්, ඉබි කටු ඉල්ලා ගන්න පුළුවන් නේදැයි යන්න මගේ සිතේ වැඩ කළ එකම ප්‍රශ්නයයි. නමුත් කළු හෙක්ටර් සිහි වනවිට මගේ ඇඟට පණ නැති වන තරමට ඔහු බියකරු පුද්ගලයෙකු නිසා, ඒ ආශාව මම අත් හළෙමි.
ඉබිකටු කිහිපයක් දැනටමත් මා සතු නිසා, තව-තවත් ඉබිකටු පිටුපස යාමේ තේරුමක් නැත. මට ඉන් පසුව ඕනා වුණේ, මේවා විවිධ වර්ණයන් ගැන්වීමය. මාකළේ විවිධ වර්ණවල රටහුණු වලින් මේවා පාට කිරීමය. නමුත් ඒවා වතුර බිඳක් ඉහුනොත් සේදී යන නිසා, මා පියාගේ අධාරය පැතීය. එවිට ඔහු තම ළමා කාලයේ විවිධ වර්ණ තනා ගත් ආකාරය විස්තර කළේය. නමුත් ඒ ක්‍රම වලට වර්ණ සම්පාදනය දැන් අපහසු බව අපේ දෙදෙනාටම පැහැදිලි වූ නිසා, බැනර් සහ බෝඩ් අඳින රණවීර අන්කල්ගෙන් ලැකර් ටිකක් ඉල්ලා දෙන්නට තාත්තා පොරොන්දු විය. දින බයිසිකලයක් පැදගෙන අප නිවාස පසුකර යන තලත්තෑනි පුද්ගලයෙකු නවතා ගත් ඔහු, වර්ණ පිලිබඳ විස්තරය ඔහු හා පැවසීය. ඒ අසා වර්ණ ලබා දීමට පොරොන්දුවක් ලබා දීඔහු පිටත් වුවත්, ඔහුගේ මුහුණෙන් එය ඔහුට කරදරයක් බව පැහැදිලි විය. ඔහු පාරේ ගමන් කරනු දකින හැම අවස්ථාවකම ඔහුට ඇවිටිලි කලද, හෙට දෙන්නම් -අනිද්දා දෙන්නම් වැනි උත්තර වලටම එය සීමා විය. පසුව මේ ආසාව යටපත් කරගන්නට මට සිදු විය.
අන්තර්ජාලය පිරික්සීමේදී මේවා වර්ණ ගන්වන්නට කමත් මා වැනි තවත් බොහෝ පිරිසක් ඇති බව පැහැදිලි විය.
පින්තූරයගත්තේ : www.pinterest.com |