Monday, June 6, 2016

ඔබේ දරුවාත් අකුරු ලියන්නේ අනික්‌ පැත්තටද ? ......

mirror writing examples akuru anika paththata liyana lamai
අවුරුදු පහක් වෙන මගේ දියණිය කඩසාසියේ වම්ද පැත්ත වෙනුවට කුණු පැත්තෙන් ලියන්න පටන් ගන්නේ. බොහෝවිට d අකුර p අකුර සමගත්, p අකුර q අකුර සමගත් පටලවා ගන්නවා, 6 සහ 9 ත්, 2 සහ 5ත් ඒ වගේමයි.ලියන්න ගියාම s,z,l,r,2,5,3,7 අනික් පැත්තට ලියනවා. වෙලාවකට  දර්පණ ප්‍රතිබිම්බය වගේ ලියනවා. සියලුම අකුරු ලියන්නේ දකුණේ ඉඳන් වමට, නැතිනම් ඉලක්කම් අනික් පැත්තට.

some kids writing letters opposite side samahara lamai akuru anik paththata liyanawa

ඩිස්ලේක්සියා ගැන සැලකිලිමත් වෙන්න තරමක් ඉක්මන් වැඩියි කියන කාරණය මම දන්නවා, හේතුව විද්‍යාඥයින් පිළිගන්නේ මොළය වම සහ දකුණ කියන සංකල්පය නිවැරදිව ගොඩනගාගන්න වයස පහත් අටත් අතර කාලයේදී වගේ නිසා. අනික් අතට ඩිස්ලෙක්සියා විශේෂඥයින් උපදෙස් දෙනවා පෙර පාසල් අවධියේම මේ ගැන නැඹුරුවක් ඇත්දැයි පරීක්ෂා කර මැදිහත් වී ඔවුන්ගේ අවශ්‍යතාවන් සඳහා සහයෝගයක් දෙන්න. කුඩා දරුවන්ට අකුරු ලිවීමත් ඒවා චිත්‍රයට නැගීමත් එක වගේ.  ඔවුන් මාළුවෙක්ගේ චිත්‍රයක් හෝ කටු සටහනක් ඇන්දොත්, මාළුවාගේ මුව වමටද, දකුණටද අඳින්නේ කියා ප්‍රශ්නයක් නෑ. මොකද මාළුවා මාලුවාමයි.

kids never mind drawing fish with birds lamai chithra wala maluwo saha kurullo

ඒක ප්‍රශ්නයක් වෙන්නේ අකුරු  ගත්තම. මේ සංකල්පය උකහා ගන්න යම් කාලයක් ගත වෙනවා. බොහෝ අවස්ථා වල ළමුන් තේරුම් ගන්නවා ඉංග්‍රීසි භාෂාවේ වචන මුද්‍රණය කර තිබෙන්නේ වමේ සිට දකුණට බවත්, s අකුර තිබෙන අත අනුව බලපෑමක් ඇති බව. පළමු පන්තියේදීම ගුරුවරුන් ළමුන් ලවා ඔවුන්ගේ වැරදි නිවැරදි කරවනවා, දෙවන පංතිය අවසාන වනවිට සියළුම ළමුන් වාගේ මේ වැඩේ සම්පූර්ණයෙන්ම අත හරිනවා. වයසින් වැඩීමත් එක්ක ඔබේ දරුවා මේ  දුෂ්කරතාව දක්වනවා නම්, ඔබට වෙනත්  කාරණාවන් පෙනෙන්න තිබෙනවානම්, අමතර උදව් ලබා දීම ගැන සලකා බලන්න කාලය උදා වෙලා. උගෙනීමේ මූලික අධියරයන් වලදී පවා, ඔබේ දරුවාට උදව් කිරීමේ ක්‍රමයක් තියෙනවා. 
workings that helps eliminate dyslexia anik pathtata akurku liyana lamainta abhyasa

අදහස් කිහිපයක්

  1. ඔබේ දරුවාට පොතක් කියවමින් සිටින විට, ඔබේ ඇඟිල්ලෙන් කියවන දිසාව පෙන්වමින් කියවන්න.
  2. ලිවීම පුහුණු වන්නට ඔබේ දරුවා දිරිමත් කරන්න. කිසිදු බාධාවකින් හෝ නිවැරදි කිරීමකින් තොරව, දරුවාට කිහිපවිටක් හෝ වරදමින් එය සිදු කරන්න නිදහස ලබා දෙන්න. 
  3. දරුවාගේ වැරදි නිවැරදි නොකරන්න. දරුවාටම තමන්ගේ වරදක් ඇති බව දැනී ඔබගෙන් ඒ පිළිබඳ විමසන්නේ නම් පමණක් වැරදි පෙන්වා දෙන්න, නමුත් එය විශාල ප්‍රශ්නයක් කර නොගන්න. දරුවා ලියන තරමට එය පහසු කටයුත්තක් වේවි. ඔබේ දරුවාගේ නිර්මාණශීලීත්වය නිතරම වැරදි පෙන්වා දෙන්නට යාමෙන් මොට කරන්න එපා.
  4. කඩදාසියේ හෝ පොතේ වම්පස ඉහළ කෙළවරේ කුඩා ස්ටිකර් එකක් අලවන්න. එමගින් දරුවාට ලිවීම ආරම්භ කළයුතු අන්තය ගැන ඉඟියක් සැපයේ.
  5. ඔබගේ දරුවා අසීරුතාවක් දක්වන්නේ එක්තරා අකුරක් සඳහානම්, ඉඟියක් මගින් සහය වන්න. උදාහරණයකට "b" අකුරට ඔබගේ බඩට(Belly) ඇඟිල්ලෙන් ඇන පෙන්වන්න. 
  6. ඔබ විසින් අඳින ලද අකුරු මත ලිවීමට දරුවා දිරිමත් කරන්න, නැතිනම් නිවැරදිව අකුරු ලිවීම පුහුණු වන්න  ලාභ අච්චුවක්(Template) ගෙනවිත් දෙන්න.
  7. එම අකුරු ලිවූ සෙල්ලම් කාඩ්පත්, පෝස්ටර් හෝ ඇරයුම්පත් සාදා අකුරු මත ලියන්න දෙන්න. 
  8. බිල්ඩින් බ්ලොක් වලින් රටා සාදා, ඒවා කොපි කිරීමට දරුවාට සලස්වන්න.
  9. අසමමිතික නිර්මාණ කරන්න එමගින් දරුවාට වෙනස් පැති දෙකක් ගැළපීමට උපකාරී වේ. 

කුඩා අවධියේ, ඇත්තෙන්ම සියලලුම දරුවන් ලිවීමේදී සහ කියවීමේදී මේ වැරදි කරනවා. ඇත්තටම චලනය නොවන වස්තූන් හඳුනාගැනීම සඳහා උපකාරී වන, සමමිතික දර්ශන පොදු බවට හරවා ගැනීමේ හැකියාව, දෘෂ්ටි පද්ධතියේ අත්‍යවශ්‍ය අංගයක්. දරුවන් කියවීමට ඉගෙන ගනිත්දීම, "b" සහ "d" අකුරු වෙන්-වෙන්ව හඳුනා ගැනීමට නම් ඔවුන් අනික් පසට ඇති අකූරු පොදු දර්ශන ලෙසේ තේරුම් ගැනීම "පුහුණුව අතහැරීම"(Unlearn) කල යුතුය.   සමහර දරුවන්ගේ මේ පුහුණුව අත් හැරීම සඳහා  විකාශනයේ සිටම ලැබෙන නිරායාස හැකියාවම ඔවුන්ට හරහට හිටින අතර විශේෂ මූලාශ්‍රයකින් එය අවප්‍රමාණ කරවන බව පෙනේ.  ඒ පිළිබඳ වැඩි තොරතුරු ඉහත පෙන්වා ඇති පොතෙහි අඩංගු වේ.



http://slpzone.blogspot.com/ හී ඵල වූ "Backward - Mirror Writing in Young Children" ලිපියේ පරිවර්තනයකි.

මෙය සිංහල භාෂාවට කෙතරම් සාධාරණව ගැළපේද යන්න මා හටද විශේෂ අත්දැකීමක් නැත. හේතුව මගේ දියණියද අන්තර්ජාතික පාසලක ඉගෙනුම ලබන බැවිනි. නමුත් සිංහල උගෙනීමෙදී යට "ත", "ක" සහ "න" ද "ර" සහ "ට" ද පැටලුණ බව මතකය ඇත.



57 comments:

  1. ela post eka. mama meaka fb post kala

    ReplyDelete
    Replies
    1. ඒ දාපු තැන ලින්ක් එකක් දෙන්න පුලුවන්නම්.

      Delete
  2. බොහොම වැදගත් මෙතනදි සාමාන්‍ය දෙමාපියන් පමණක් නොව පුහුණු ගුරුවරුන් පවා නොඉවසිලිමත්ව දරුවන් අධෛර්ය කරන ක්‍රියාමාර්ග වල යනවා. මේ දැනුවත් කිරීම වඩා පැහැදිලියි ඒක ලොකු පින්කමක් ! ඇවිද්ද පයටස්තුතියි

    ReplyDelete
    Replies
    1. දෙමවියන් අවශ්‍ය ප්‍රමාණයට වඩා හන්ගීම්බර වුණොත් බෑ. එයාලා හිතනවා අපේ දරුවට ලෙඩක් කියලා. ඒ වගේම කේන්ති ගන්න එකත් හොඳ නෑ. මගේ දුවට මේ ලක්ෂණය තිබුණා. මම ගූගල් ඒකෙන් හෙවුවා. මට හරි අපූරු තොරතුරු රාශියක් හමු වුණා. සමහර ළමයි ඉඳලා තියෙනවා, තමන්ගේ නම අග ඉඳන් මුලට ලියන. කොටින්ම ඇල්බට් අයින්ස්ටයින් පවා කුඩා කාලේ මේ ලක්ෂණ දක්වලා තියෙනවා.

      Delete
  3. බොහොම වටිනා ලිපියක්. එතකොට tare sameen par ෆිල්ම් එකේ දරුවට තියන රෝගය මේකද?

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒකෙ ගුරුවරයා එක තේරුම් ගන්නවා.

      Delete
  4. මොකක්ද බං ඔය ගැන කතා කරන අර අමිර්කාන්ගෙයි පොඩි කොල්ලගෙයි පට්ට ලස්සන බයිස්කෝප් එකේ නම

    ReplyDelete
    Replies
    1. tare sameen par දැක්කේ පස්සෙයි හසිත ...සොරි

      Delete
    2. ඒ කතාවේ ළමයා ගොඩක්ම නෝමල් නැ නේද ....අපේ ලොක්කිත් ඉස්සර ඔහොම කලා ....සමහරක් වෙලාවට මං තාම දකිනවා ලියල මකනවා ....එයානං අපේ උදව් නැතුවම වැඩේ ගොඩ දාගත්තා

      Delete
    3. අහලා බලපන් ටීචර් සමහරවිට ඉස්කෝලේදී සබ්බුව දෙනවද දන්නේ නෑනේ. ළමයි බයට ඕවා කියන්නේ නෑ. ෆිල්ම් එකක් හදනකොට අපේ වගේ ළමයෙක් ගැන හදලා වැඩක් නෑනේ. ඔය වගේ ෆුල් අවුල් පොරක් රිකවර් වෙන එකක් තමයි හදන්න ඕනේ.

      Delete
    4. http://www.dyslexia.com/famous.htm මේ සයිට් එකේ තියනවා මෙ රෝගය වැලඳුන ඒත් සාර්ථකව ජීවිතය ගතකරන අය ගැන.

      Delete
    5. ෆිල්ම් එක (තාරේ සමීන් පර්) මෙතන තියනවා විස්තරේ http://www.imdb.com/title/tt0986264/

      Delete
  5. ඩිස්ලෙක්සියා තත්වයට අධ්‍යාපන ප්‍රතිකාරයක් ලෙස මම අකුරු සැරිය කියා විශේෂ හෝඩි පොතක් 1999 වසරේ එලි දැක්වූවා. ඒ පොත නම් දැන් නැතුවත් ඇති

    ReplyDelete
    Replies
    1. ඔබතුමා ගාව ඒ පොත තියෙනවා නම්, බ්ලොග් එකේ දාන්න. මොකද අපි හිතන්නේ නැති වුණාට, මිනිස්සු සර්ච් කරලා බලනවා. ඩිස්ලෙක්සියා වචනය හරියට උච්ඡාරණය කරන විදිය මම දැනගෙන හිටියේ නෑ. මේ විදියට නිවැරදි කරන්නම්. බොහොම ස්තුතියි අදහස් දැක්වීමට.

      Delete
  6. ලෝකයේ බොහොමයක් රටවල, වැදගත් සහ අමාරු වෘත්තියක් ලෙස සලකන්නේ, ගුරු වෘත්තියයි. අපෙනං ඉතිං ඔක්කොම ගුරුවරු නේ. දැක්කේ නැද්ද විජ්ජා පීටයකින් ඊයේ පෙරේදා ආව'ගුරියක්' ළමයින්ට දඬුවම් කරලා තිබුන හැටි.

    ස්වීඩනයේ ගුරු වෘත්තියට යොමු කරන අය සාමාන්‍ය විෂයය ධාරාවෙන් වෙන්කර ගුරු වෘත්තියට අදාළ විෂයය ධාරාවට යොමු කරන්නේ වයස අවුරුදු 18 දී පමණ. එතැන්සිට උපාධිය දක්වා, පාසලේ සිටම යොමුවෙනවා.

    ළදරු පාසල් බොහොමයක, බලහත්කාරයෙන් අකුරු ඉගැන්වීම සිදුකෙරෙනවා. අධ්‍යාපන මනෝවිද්‍යාව හෝ ළමා අධ්‍යාපනය ගැන මෙලෝ හසරක් නොදත් ගුරු හොරු, ළමයින්ව කන රාස්සයන් වගේ.

    පුංචි පුංචි ටයිපින් වැරදි කීපයක් තියනවා සුදීක. එයින් ලිපියට පොඩි පොඩි බලපෑම් තියනවා. හැකිනම් නැවත කියවා නිවැරදි කරන්න.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙත් අමාරු සහ වැදගත් විදියට කරන අය ඉන්නවා කලාතුරකින්.
      ඇත්තටම ස්වීඩනයේ ක්‍රමය හොඳයි. එතකොට එයාලා දන්නවා කරන්න යන්නේ ගුරු වෘත්තීය කියලා.
      අපේ අධ්‍යාපනය බොහෝවිට තරගයක් නිසා, උපදින්නත් කලින් අකුරු උගන්වන්න ට්‍රයි කරන්න බැරි නෑ.
      කියපු වැරදි ටික හැදුවා. මේ ටිකේ බොහොම අමාරුවෙන් මේ පොස්ට් එක දාන්න, කාලය වගේම සම්පත් කළමනාකරණය කළේ.

      Delete
  7. දරුවො ඉන්න දෙමාපියන්ට වැදගත් ලිපියක්. පුංචි දියණිය ගැන අතීතයේ දවසක ලියපු සංවේදී ලිපියක් තවමත් මගේ මතකයේ තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්. මම හැමවිටම උත්සාහ කරනවා, මම වැටුණ වලේ අනික් අය නොවැටෙන විදියට වැඩ කරන්න. ඒක තවමත් මතකද ?

      Delete
  8. The first grader චිත්‍රපටිය බලන්න සු දී ක. ඒකෙ කමාඕට 5 ඉලක්කම පැටලෙනව. චිත්‍රපටියේ ප්‍රධාන චරිතය ඒක දරුවට පැහැදිලි කරන්න පුංචි ගීත කොටස් යොදාගන්නව.

    ReplyDelete
    Replies
    1. ට්‍රේලර් එක බැලුවා. හරිම ආස හිතුණා. ඒ වගේ චිත්‍රපටි වලට මම කැමතියි. බොහොම ස්තුතියි ඔත්තුවට.

      Delete
  9. පර්සි ජැක්සන්ටත් ADHD & Byslexia තියනව. https://en.wikipedia.org/wiki/Percy_Jackson
    ඔහු වීරයෙක්

    ReplyDelete
    Replies
    1. තාත්තා දෙයියෙක් උනාම ආයෙ වෙන මොනවද? හෙහ් හෙහ්

      Delete
    2. මේක ලෙඩක් නෙවෙයිනේ. දකින විදිය පොදු නැති ප්‍රශ්නයක්.

      Delete
  10. අපේ එකා තාම බලි විතරයි අඳින්නේ...
    බලන්න ඕනේ ඉස්සරහට, ලිපියට ගොඩක් ස්තුතියි මචෝ...

    ReplyDelete
    Replies
    1. හැමෝටම මෙහෙම වෙන්නේ නෑ. සමහරවිට මෙහෙම අය ලොකු වුණාම, හොඳ නිර්මාණ කාරයෝ වෙන්නත් පුළුවන්. වැඩේ තියෙන්නේ ප්‍රෙෂර් එක නොදා හිඳීම.

      Delete
  11. ලිපිය ඉස්සරහට වැදගත් වෙන්න පුළුවන් නිසා මතකයේ තියා ගත්තා.

    ReplyDelete
    Replies
    1. මෙහෙම එකක් වෙනවා කියන එක මතකයේ තිබ්බම ඇති.

      Delete
  12. වටිනා ලිපියක් සුදීක..................... ඉතාම වටිනවා...

    ReplyDelete
    Replies
    1. මගේ පුද්ගලික අත්දැකීම මේක පරිවර්තනය කරන්න හේතු වුණා. මම මේක පටන් අරන් නිකං තියපු පොස්ට් එකක්. සමන්ත විද්‍යාරත්න මහත්මයාගේ බ්ලොග් එකේ තිබුන පොස්ට් එකකදී අර පාර් කියන ෆිල්ම් එක ගැන කියලා තිබුණා. එතකොට මේක මතක් වුණා. ඉතිං පරිවර්තනය කළා.

      Delete
  13. මටත් මතක් වුනේ ' Taare Zameen Par' කියන film එක.
    හොඳ පෝස්ට් එකක් සුදීක.:)

    ReplyDelete
    Replies
    1. අම්මේ පොඩ්ඩි දැක්ක කල්. දැන් මොකද වැඩි සද්දයක් නැත්තේ ?

      Delete
    2. එයත් දැන් අම්මා කෙනෙක්නෙ ඒකයි...ඒ ,

      Delete
  14. වැදගත් කරුණක් ගැන ලියල තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉයන්.

      Delete
  15. ලිපිය බුක්මාර්ක් කරගත්ත ඉස්සරහට වුවමනා වුනොත් කියල...
    ස්තූතියි සුදික අය්යා

    ReplyDelete
    Replies
    1. මෙන්න හැදෙන මිනිස්සු.

      Delete
  16. මම දවසක් ඩිස්ලෙක්සියා තියෙන බ්‍රිතාන්‍ය තරුණයෙකුගෙ මවත් එක්ක එයාපොර් ට් එකක වරුවක් ගත කලා කතාකරමින්. ඈ කියූ දේවල් අදහගන්නත් අමාරුයි. උදාහරණයක් විදියට ඒ තරුණයා විභාග කරනවිට ඔහු කියන උත්තර ලියලා දෙන්න විභාග පවත්වන ආයතනයෙන්ම කෙනෙක් සපයලා තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. මෙහේ එහෙම දුන්නොත් හැමෝම ඉල්ලයි.

      Delete
  17. මේ ගැන අද්දැකීම් තියෙනවා. අපේ පංතියට එන දරුවන් සමහරක් මේ ආකාරයට අකුරු ලියනවා. ඉංග්‍රිසි අකුරු b,d,E,Fවගේ අකුරු වලින් මේවා හොයා ගන්න ලේසියි. ගොඩක් දෙමාපියන් වෛද්‍ය උපදෙස් ලබා ගන්නවා. අපිට කිව්ව හැටියට එක් බටහිර වෛද්‍යවරියක් සාමාන්‍ය ප්‍රතිකාර වලට අමතරව ලුණුවිලයි ගොටුකොළයි සලාද හදලා අවුරුදු දෙකක් විතර ආහාරට දෙන්න කියලා තිබුනා.

    ඉතා වටිනා ලිපියක් සහ උපදෙස් ටිකක්.

    බොහෝම ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. අර සලාදය දෙමව්පියන්ට දුන්නනම් හරි.

      Delete
  18. ගස්ලබ්බත් පොඩි කාලෙ අකුරු පැත්ත වරද්දලා තියෙනවාලු. තුන ඉලක්කම එහෙම කාක්කෙක් වගේ කියල තියෙන්නෙ. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මේක එහෙනම් අම්මලාට පෙන්වන්න. නැත්තන් මම ඩිස්ලෙක්සියා උපාධිය ගත්තා කියන්න.

      Delete
  19. හොඳ ලිපියක් සුදීක.
    කණගාටුදායකම දේ අපේ බොහෝ ගුරුවරුන්ට මේ තත්වය ගැන දැනීමක් නැතිකම සහ දැනගැනීමට ඕන කමක් නැති කම. ඒකෙන් වෙන්නෙ ඔය වගේ ළමයි කබලෙන් ලිපට වැටෙන එක.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම. අපේ අධ්යපානය පොත පතට සීමා වෙච්ච, හැල්මේ දුවන එකක් බවට පත් වෙලා.

      Delete
  20. ඔක්කොම තියල Tare Zameen Par බලල ඉන්න ඕනි.. ඊට පස්සේ ගෙදර උන්දැට කතා කරලා අහන්න ඕනි අපේ පොඩි උන් අකුරු ලියනවද? උන් හරි පැත්තටද ලියන්නේ කියල.. අම්මප මන් ඒ ගැන දන්නෙම නැද්ද කොහෙද..

    ReplyDelete
  21. අකුරු පැත්ත මාරු වෙන සීන් එකනං නෑ. හැබැයි මං පැන අල්ලන්නේ එහෙම මහ අන්දකයිප්පු විදිහටකට! :D

    ReplyDelete
    Replies
    1. මගේ දුවත් අල්ලන්නේ වෙනස් විදියකට. මම ඕවා වෙනස් කරන්න ගියේ නෑ. ඒවායෙන් අධ්‍යාපනය වැටෙනවා කියලා කවුරුහරි කිව්වොත්, මම උඹව පෙන්නනවා.

      Delete
  22. වටිනා ලිපියක් සුදීක...කුඩා දරුවන්ගේ මනසත් එක්ක ගණුදෙනු කරන්න ඕනේ බොහොම පරිස්සමට...දරුවන්ගේ ඉතා සියුම් ක්‍රියාකාරකමක් පවා විශේෂ හැකියාවක හෝ එහෙමත් නැත්නම් අවධානය යොමු කල යුතු වෙනස් කමක ලකුණක් වෙන්න පුළුවන්...දෙමාපියන්ට සහ ගුරුවරු යන දෙගොල්ලන්ටම ඒ පිළිබඳව හොඳ අවබෝධයක් තිබිය යුතුයි...ලංකාවේ තියන තරඟකාරී තත්වය නිසා, බහුතරයක් උත්සාහ කරන්නේ, තමන්ගේ දරුවා අනෙකුත් දරුවන්ගෙන් කැපී පෙනෙන තත්වයකට ගන්න...ඒ වගේ තත්වයක් යටතේ විශේෂ අවධානයක් යොමු කල යුතු දරුවන්ව නිතැතින්ම මානසික පීඩනයට ලක් වෙනවා, කරුණු හරි හැටි අවබෝධ කරගෙන කටයුතු නොකලොත්...

    ReplyDelete
    Replies
    1. ඔව්. මම උඩින් ප්‍රසන්නටත් කිව්වා වගේ, හැල්මේ දුවලා මේ ළමයි මොට කරන එකයි බොහෝ දෙමව්පියන් කරන්නේ.

      Delete
  23. මගේ පොඩි එකා දැන් එකේ නේ ඉන්නේ.. ඒ තත්වය තියෙනවා. බී ඩී අකුරු පටලැවෙනවා.. සී අකුර අනිත් පැත්ත ලියනවා.. බොහෝ අකුරු නිවරැදිව ලියනවා. නමුත් මෙතනදී දෙමව්පියන් ලොකු සහයෝගයක් දෙන්න ඕන දරුවට ඒ තත්වය වළක්වාගන්න.. අපේ රජයේ පාසැල් වල ගුරුවරුන්ට නං මොලො රහක් නෑ ඕවා ගැන.. ස්තුතියි සුදීක.. මටත් අර ලිස්ට් එකෙන් කිහිපයක් දැං කරන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. මේ වගේ වෙලාවට ඕනේ දෙමපියන්ගේ සංයමය. තද වුණොත් හමාරයි.

      Delete
  24. වටින ලිපියක් ගොඩාක්....
    මේ කියන දේම නොවුනත් ඔය හා සමානම අත්දැකීම් මට තියනවා වමත හුරුවුන එකෙක් නිසා.ඉලක්කම්, සමහර අකුරු අනිත් අයට වඩා වෙනස්වුන නිසා මම මාර දුකක් වින්දා පොඩිකාලේ ගුරුවරුන්ගෙන්.ලොකුම කරුමේ උනේ දකුනින් කන්න කියලා කරන බලකිරීම්. ඉස්කෝලේ බෑන්ඩ් එකට සම්බන්ද වෙන්නත් බැරිවුනා.පොඩිකාලේ අර මේස එකතුකරලා ගෘප් එකක් විදිහට දාලා ඉන්නකොටත් එහෙම්මමයි.අනිත් එකාගේ අතේ වදින නිසා. සමහර ගුරුවරු මම දිහා බැලුවේ මන්තරකාරයෙක් දිහා බලනවා වගේ.

    ReplyDelete
    Replies
    1. දැන් නම් වමත් කරුවන්ගේ සංගමය කියලත් එකක් තියෙනවා.

      Delete
  25. 3, 5, 7 ,b ,d ,f ,j පුංචි කාලේ, ඔය අකුරු සෙට් එක අනිත් පැත්තට තමයි මාත් ලීවේ.අම්මා ලියන විදිහ කියලා දුන්නා, මතකයි.
    ෆිල්ම් එක බලද්දි හොල්මන් වෙලා ගියා.හික්ස්....

    ReplyDelete
    Replies
    1. කියලා දුන්නට බල කරන්න හොඳ නෑ. වැරදි වලට හිනා වෙන්නත් නරකයි.

      Delete
  26. ලෝක ප්‍රසිද්ධ විකට නළු Jim Cerry මේ ඩිස්ලෙක්සියා රෝග තත්වයෙන් පෙලුනා කියල දැක්කා. ඒක ඇත්ත ද?

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...