මේක ගැන ලියන්න හිතලා බොහෝ කල් වුණත්, ලැබෙන විවේකය අවම නිසාත්, වෙනත් මාතෘකා වලට හිත ගිය නිසාත් මේක අතපහු වුණා. නමුත් මහජන බැංකුවේ පරිගණක දෙපාර්තමේන්තුවේ රැකියාවට ඇවිත් අවුරුදු හතරක් ගත වෙත්දී මේ වගේ වගකීමක් දෙන්න තරම් විශ්වාසවන්තභාවයක් ඇති වුණ එක ගැන මම ඉතාම සතුටු වුණා. පුද්ගලික ආයතනයක නම් රැකියාවට ඇවිත් මාස කිහිපයකින් ඕනෑම වගකීමක් පවරන්න පැකිලෙන්නේ නෑ. ඒත් රාජ්‍ය(ඇත්තටම අර්ධ රාජ්‍ය) ආයතනයක මේ වගේ වගකීමක් දෙන්න කලින් ජෙෂ්ඨත්වය, අධ්‍යාපන සුදුසුකම් බලපානවා. සමහරු කරන්න බැරි වුණත් මේ වගේ තැනක කැපී පෙනෙන්න පුළුවන් නිසා ඒවා බලාපොරොත්තු වෙනවා. නැතිනම් ඉල්ලා සිටිනවා. එහෙම නොදුන්නොත් ඒකට වෙනත් බලපෑමක් හරි කරලා ලබා ගන්නවා. නමුත් මගේ වාසනාවකට හෝ අවාසනාවට එතැන හිටපු අඩුම අත්දැකීම තිබුණ කෙනෙක් වුනත්, මගේ අධ්‍යාපනය සහ දැනුම ගැන සලකලා මගේ කාර්යාලයේ එවකට ප්‍රධානියා වුණ විතාරණ මහත්මයා තීරණය කළා මට මේ වගකීම දෙන්න. ඔහු ගැන මෙතන වචනයක් සඳහන් නොකලොත් අඩුපාඩුවක්. එතුමා සලකා බලන්නේ වැඩක් කරගෙන යාමේ හැකියාව සහ දැනුම මිස සේවා කාලය, තනතුර වගේ දේවල් නෙවෙයි. අන්න ඒ ගුණය නිසා තමයි මං වගේ කෙනෙකුට එවැනි වගකීමක් දෙන්න තීරණය කරන්න ඇත්තේ.
පින්තූරය ගත්තේ : |
1999 කියන්නේ පරිගණක ක්ෂේත්‍රයේ රැකියා කරපු හැමෝටම ලොකු කඩයිමක්. අර මාරක අපල කියන්නේ. අන්න ඒ වගේ පන්න ගන්න අමාරු දිනයක් බවට 1999.12.31 ගෙවිලා 2000.01.01 ලබන මධ්‍යම රාත්‍රිය පත් වුණා. දැන් ඔබට තේරෙනවා ඇති මම මේ කියන්න හදන්නේ මොකක්ද කියලා. අපේ අවාසනාවකට ඒ කාලයේ අපිට මේ වගේ නිදහසේ අදහස් ඉදිරිපත් කරන්න අන්තර්ජාලය කියන තෝතැන්න තිබුණේ නෑ. ඒ වනවිට අන්තර්ජාල පහසුකම බොහොම දුර්ලභ විදියට අපේ කාර්යාලයේත් තිබුණා. නමුත් එය විශේෂ ආවරණයකින් වසා තිබුණු තවත් එක සුවිශේෂී පරිගනකයක ස්ථාපිත කර තිබුණා. අපිට යම්කිසි විදියකින් එය භාවිතා කරන්න ඕනේ නම්, විතාරණ මහත්මයා ලවා එම පරිගනයකට ඇතුලත් වීමට CMOS රහස් අංකය ඇතුලත් කරව ගන්න වෙනවා. අන්තර්ජාලයට ප්‍රවේශ වීමත් ඒ වගේ. ඒ කාලේ තිබුණේ භාවිතා කල කාලයට ගෙවන ක්‍රමය(Pay Per Seconds). ඉතිං එතැන භාවිතා කරන්න මම යන්තමට එක වතාවක් අවස්තාව ඉල්ලා ගත බව මතකයක් තියෙනවා. ඒ මම ටෙස්ටින් කරපු ක්ලිපර් මත සංවර්ධනය කල පද්දතිය පිලිබඳ ඇති අවදානම පිලිබඳ තොරතුරක් සොයා ගන්න.
අපි 1999 මුල කාලේ ඉඳලම මොකක්ද මේ Y2K කියන්නේ කියලා හොයන්න පටන් ගත්තා. මේ කාලේ මම BCS වලට පන්ති ගිය නිසා ඒ තුලින් යම් අවුබෝධයක් ලැබිලා තිබුණා. අද මේක විහිලුවක් වගේ පෙනුනට ඒ කාලේ මේක බොහොම භයානක උවදුරක් විදියට තමයි සැලකුවේ. මේකේ මූලිකම ප්‍රශ්නය වුණේ ඉලක්කම් දෙකක් භාවිතා කරලා දිනය සඳහන් කරන විදිය 2000 ලබනවත් එක්කම ඉලක්කම් හතරකින් ලියන්න, පරිගණක පද්දතියට ඇතුලත් කරන්න නැතිනම් මුද්‍රණය කරන්න සිදු වීම. ඇයි බැරි ? "අද 2014 ලියන්නේ 14 කියලනේ" ඔබට එහෙම හිතෙන්න ඇති. නමුත් මම මෙහෙම කිව්වොත් ඔබ කොහොමද මේ දිනය කියවන්නේ 01/07/04 දෙදාස් එකේ ජුලි 04 ද නැතිනම් දෙදාස් හතරේ ජුලි 01 ද ? මේ වගේ ගැටලුකාරී තැන එනවා. මේක නෙවෙයි බැංකු වල වැඩ කරපු අපිට තිබුණ ලොකුම ගැටලුව. ගණනය කිරීම් නිකමට හිතන්න බිංදු දෙක දිනය දාලා දින ගණනක් ගණනය කරන්නේ කොහොමද කියලා. 99/12/05 ඉඳලා 00/01/09 වෙනිදා දක්වා දින ගණන පරිගණක වැඩසටහනකින් ගණනය කරන්න නම් දෙවෙනි එකෙන් පලවෙනි එක අඩු කරන්න වෙනවා. නමුත් ඒ කාලේ නිෂ්පාදනය කරපු පරිගණක හෝ පරිගණක පද්දති සංවර්ධනය කරන භාෂා වල මේවාට සුදානමක් තිබුණේ නෑ. ඇරත් බැංකු පද්දතියකදී අපි වෙනමම කැලැන්ඩරයක් පවත්වාගෙන යනවා. පද්දතියේ තිබෙන දිනයත් එක්ක යන්න බැරි ප්‍රායෝගික ගැටළු බොහොමයක් තිබුණා. ඒවා සඳහන් කලොත් කතාවේ රසවත් බව නැති වෙන නිසා මම ඒ කොටස මග ඇරලා ඉදිරියට යන්නම්.
ඒ කාලේ හැම කෙනෙකුගේම කටේ තිබුනේ මේ වයි2කේ කියන එක තමයි. කඩයට ගියත්, බස් එකේ ගියත්, පාරක ගියත් ජනයාගේ තුඩ-තුඩ රැව් දෙන වදන වුණේ මේක. මේ නිසා බැංකු ඇතුළු බොහෝ ආයතන වලට තමන් භාවිතා කරන පරිගණක පැත්තකින් තියලා අලුත් පරිගණක (අපිට ශාඛාවකට එක බැගින් සර්වර් පවා ) අලුත් කරන්න සිදු වුණා. මගේ මතකයේ හැටියට අපි එකවර සර්වර් 100ක් අලුත් කරන්න සිදු වුණා. අපේ බැංකවේ ඒ වනවිට පරිගණක පද්දති වර්ග තුනක් තිබුනා. මේ තුනම අද නැති නිසා ඒ ගැනත් සටහන් කරන්න. එකක් ඉන්ෆොමැටික්ස් ආයතන විසින් සපයා පවත්වාගෙන ගිය BNC නමැති පද්දතිය. එය ස්ථාපනය කර තිබුණේ නගර ආශ්‍රිත තරමක් විශාල ශාඛා වල. PABS නමැති අපේම සේවකයන් විසින් සංවර්ධනය කල පද්දතිය. මගේ රාජකාරිය තිබුණේ මේ පද්දතිය තිබුනු ශාඛා වලට අදාලව. මෙය බහු පරිශීලක පද්දතියක් වුණා. උපරිම 12ක් වගේ ටර්මිනල් සංඛ්‍යාවකට යන්න පුළුවන් වුණා. අපි පාවිචි කලේ ස්කෝ යුනික්ස් කියන මෙහෙයුම් පද්දතිය. ෆොක්ස්බේස් කියන භාෂාව භාවිතා කරලා තමයි පද්දති නිර්මාණය කරලා තිබුණේ. ඉතිං
මේ පද්දතිය වලට අදාළ දිනය සඳහන් හැම තැනක්ම යලිත් පරීක්ෂාවට ලක් කරන එක අපේ රාජකාරිය වුනා.
මුල් කාල වල කලේ මේ පද්දති මේ ඉලක්කම් හතරේ දිනයට හරි යන්න සංවර්ධනය කරන්න. ඒ කරලා ඉවර කරපු පද්දති පරීක්ෂා(Test) කරන්න අපි වගේ නවකයන් මෙන්ම පැරණි සේවකයන් එකසේ දිවා රෑ නොබලා වෙහෙස වුණා. මේවා ලියන්න වෙනම පෝරමයක් (Test Script) පුරවන්න අපිට සිදු වුණා. අපේ කෙනෙකුගේ අතින් මෙවැනි පිටපත් සිය ගණනක් පුරවන්න ඒ කාලේ අපිට සිදු වුණා. වට කිහිපයක සංවර්ධන/පරීක්ෂා සිදු කිරීමෙන් පසු මේ පද්දති හොඳින් වැඩ කරන තත්වයට පත් කරන්න අපට හැකි වුනා. සියල්ල හරි ගිය පසු අපට පැවරුන රාජකාරිය ලංකාව පුරා විසුරුණ ශාඛා ජාලයට මේවා ගෙනගොස් කොපි කරන්න. ඒ කාලයේ අපගේ පද්දති වැඩ කලේ මධ්‍යගත පද්දතියක් විදියට නොවේ. විසිරුණු පද්දති (Distributed System) ආකාරයට තමයි මේවා තිබුණේ. ඒ කියන්නේ දවසේ දෛනික ක්‍රියා අවසන් කල පසු පද්දතිය වසා(Shutdown) දමන්න පුළුවන්. නමුත් ඒ කාලයේත් ශාඛාවට අදාළ ගනුදෙනුකරුවන්ට එම ශාඛාවෙන් පමණක් මුදල් ලබාගතහැකි ආකාරයට ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර(ATM) සම්බන්ධ කර තිබුණා. අද ඔබට මෙය සහමුලින්ම නුහුරු ආකාරයක් වුවත්, අප මෙවැනි ශාඛා පහලවකට වැඩි ප්‍රමාණයක් පවත්වාගෙන ගියා. ඒ නිසා එම පද්දති වසා නොදමා පැය විසිහතරම ක්‍රියාකාරී තත්වයේ පවත්වා තබන්නට සිදු වුණා.
Y2K කිව්වම ඒ කාලයේ අපිට අමතක කරන්න බැරි නමක් අද අපත් සමග සයිබරයේ කරක් ගහනවා. ඒ කායාලේ අපිට ඔහුව දැනුණේ යෝධයෙක් වගේ, නමුත් ඔහු අද අපත් සමග බ්ලොග් වල සහ මුහුණු පොතේ අදහස් හුවමාරු කර ගන්නවා. වසර දෙදාහට සුදානම් වෙත්දී ශ්‍රී ලංකා මහා බැංකුවේ මේ ව්‍යාපෘතියට ප්‍රධාන නිලධාරියෙක් පත් කළා. ඒ චානුක වත්තේගම මහතා. ඒ කාලයේ ඔහු දැක නැති වුවත් පසුව හෝ ඔහු සමග අදහස් හුවමාරු කරගන්න ලැබීම භාග්‍යයක් විදියටයි මා සලකන්නේ. මේ පිලිබඳ විවිධ සම්මන්ත්‍රණ, වැඩමුළු ආදිය විවිධ බැංකු වල පැවැත්වුණා. මට ඒ යුගයේ තවත් දුර්ලභ අවස්ථාවක් ලැබුණා. ඒ අපේ දෙපාර්තමේන්තු ප්‍රධානියා වුණු අද ජීවතුන් අතර නැති කේ.බී. කුමාරපතිරණ මහතා වෙනුවෙන් පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන් එකක් නිර්මාණය කරන්න. නිමල් රාජපක්ෂ මහතාගේ කම්පැක් වර්ගයේ ලැප්ටොප් යන්ත්‍රය භාවිතා කරන්න මට එමගින් අවස්තාව ලැබුණා. එහි තිබුණු මෙහෙයුම් පද්දතිය වින්ඩෝස් 98.
මේ කාලයේ පොත්-පත්, සඟරා, ජර්නල් ආදියෙන් මේ පිලිබඳ මගේ දැනුම වර්ධනය කර ගන්න මා නිරතුරු උත්සාහ වන්ත වුණා. නිරතුරු තොරතරු පිපාසයෙන් පෙලෙන පුද්ගලයෙකු වශයෙන් මා දැඩි උනන්දුවකින් මේ සොයා බැලීම් කළා. එනිසාම අනෙක් අය වෙත කදිම තොරතුරු රැසක් ගෙන යන්න මා සමත් වුණා. ඒ එක්දහස් නවසිය හැට ගණන් වල නිපැයුණු පරිගණකයක් මිලදී ගන්නා මුදලින් බටහිර ඉන්දීය රටවල් වල ඇති කුඩා දූපතක් මිලදී ගන්නට හැකි බව. තවත් කෙනෙකු මේ ඉලක්කම් දෙක වැඩි වීම නිසා එක ආයතනයක ට මුහුණ දීමට සිදුවන මුද්‍රණ පිරිවැය ගණන් බලා තිබුණා. ඒ දිනය සටහන් වන සාම තැනකටම අමතර ඉලක්කම් දෙකක් මුද්‍රණය කරන්නට සිදු වීම නිසා.
මේ පද්දති ශාඛාවන්ට ලබා දෙන්නට අපිට යන්න සිදු වුණේ සති අන්ත වල. ඇත්තටම එම කාලය ඉතාම ප්‍රීති ප්‍රමෝදයෙන් ගත කල කාලයක්. රැකියාවේ කෙතරම් වගකීම් තිබුනත් ගමනේදී සහ පිට පලාතක රැඳී සිටින කාලයේදේ අප ඉතා සතුටින් කාලය ගත කළා. අපි දෙදෙනෙක් එකතුව මෙම සර්වර් හතරක් හෝ පහක් පුරවාගෙන එක් පළාතකට ගියා. මෙවැනි රථ කිහිපයක්ම එකට ගමන් කර එක් කාලාපයක් එක සති අන්තයකදී ආවරණ කළා. මුල් වටයේදී අපි අලුත් සර්වර් වලට තිබෙන පරිගණක පද්දතියයම ස්ථාපනය කළා. ඒ "එකවර වෙනස්කම් කිහිපයක් නොකරන්න" යන රන් නීතිය අනුගමනය කරමින්. අප එසේ වෙනස්කම් දෙකක් කළානම් එළඹෙන සඳුදා දින අපගේ දුරකථන අංක දෙකට ඉතා කාර්ය බහුල දිනයක් වනවා නොඅනුමානය. ඊළඟ වටයේදී අප මේ සියලුම ශාඛා වලට ගොස් නව පද්දතිය ස්ථාපනය කළා. එසේ කලේ එම පද්දතිය 100%ක්ම වසර 2000ට සූදානම් බව තහවුරු කරගැනීමෙන් අණතුරුව. ඉන්පසු රවුමේදී අප මේ වෙනස්කම් පිලිබඳ ශාඛා සියල්ලටම ගොස් දැනුවත් කළා.
මමත් දමිළ සහෝදරයෙකු වූ ගුහානන්ද නොහොත් ගුහාට යන්නට ලැබුණේ උතුරුමැද කලාපයට. අප දෙදෙනා අනුරාධපුර, පොලොන්නරුව සහ වව්නියාව වැනි පළාත් වල ගමන් ගනිමින් ශාඛා වල සේවකයන් දැනුවත් කළා. සිංහල භාෂාව කතා කරන ප්‍රදේශ වල මමත්, දමිළ සේවකයන් බහුතරයක් සිටින ශාඛා වල ගුහාත් කුඩා දේශන පැවැත්වුවා. අප වවුනියාවට ලඟා වුණේ ඕමන්ත ඉරට්ටපෙරියකුලම්(ඉන්දික උපශාන්ත මහතාගේ දැනුවත් කිරීම අනුව නිවැරදි කරන ලදී)හමුදා කඳවුර පසු කරමින්. එම ස්ථානය දෙපස චෙක්පොයින්ට් දෙකක් ස්ථාපනය කර තිබුණා. එම ස්ථානය පසුකර වවුනියාව දෙසට ගමන් කරන සියළු දෙනාට බස් ටිකට්ටුවක් තරම් කුඩා ටිකට්ටුවක් හමුදාව නිකුත් කරනවා. එම තුණ්ඩුව නැතිව ආපසු රජයේ පාලන ප්‍රදේශ වලට එන්න බෑ. එනිසා මටත් වඩා ගුහා තමන්ගේ ජාතික හැඳුනුම්පත සහ මේ තුණ්ඩුව පරිසම් කරන ආකාරය මට පැහැදිලි කළා. එවැනි දෙයක් නැතිව ඒ කාලේ රටතුල ගමන් කිරීම ඔහු වැනි දමිල තරුණයෙකුට සිහිනයක් පමණයි. මොනවා වුණත් ගුහාගේ ජාති ආලය නම් අඩු වුනේ නෑ. ඔහු වවුනියාව ශාඛාවට උදේ නවයට ඇතුලත් වී, දේශනය නිමා කලේ සවස තුනත් පහු වී. මෙය මා තුල කලකිරීමක් මෙන්ම භීතිය සහ කෝපය ඇති කරවන්න හේතු වුණා. බැරිම තැන මම වායුසමනය නොකළ ජිනදාස නොහොත් ගඩාෆි නමැති තවත් කථා කළහැකි පුද්ගලයෙකු පැදවූ රථයේ පිටුපස ආසනයට වී හාත්පස නැරඹුවා.
දැඩි අවු රශ්මියක් ඇති මේ කලාපයේ එළිමහනේ පැයක් දෙකක් රැඳී සිටීම ඉතා වෙහෙසකර කටයුත්තක්. නමුත් නොදන්නා දෙමළෙට ගොස් වරිගේ නසා ගන්නවාට වඩා, එළිමහනේ සිදු වන්දේ නැරඹීම හොඳ බව සිතමින් මා වාහනයට වී මාර්ගය දෙස බලා සිටියා. එය පිරෙන්න්ටම තිබුණේ කාන්තාවන් මෙන්ම පුරුෂ පාර්ශවය පැදගෙන ගිය පාපැදි පමණයි. වෙනත් පළාතකදී නම් මා පාරට බැස ටිකක් ඇවිදින්නට පසුබට වන්නේ නෑ. නමුත් කාලය, දේශය ගැන මේ වෙලාවේ සැලකිලිමත් වන්නට මට සිදු වුණා. සවස් වෙත්දී තේකක් පමණක් පානය කර දිවා ආහාරය ගන්නේ කොයි මොහොතේදැයි සිතමින් උන්නා.
"ඩෝං"
යන මහා සද්දයෙන් මා කලබලයට පත් වුණා. ෂුවර් එකටම බෝම්බයක් පිපිරී ඇත. මෙවැනි නගරයක එවැනි දෙයක් අතිසාමාන්‍ය දෙයක්. මා වටපිට බැලුවත් එහි සිටින කිසිවෙකු කලබලයට පත් වී නැති බව වටහා ගන්නට මට මිනිත්තු දෙක තුනක්ම ගත වුණා. මා අතපය හිරි ඇර වාහනයෙන් බැස යලිත් ශාඛාවට ගමන් කිරීමේ අරමුණින් දොර අරගෙන එලියට බැස්සා. ශාඛාවේ එළිපත්තේදී මම ආපසු හැරී වාහනය දෙස බැළුවා. එහි වහල උඩ වඳුරෙක් අමු අඹයක් අතැතිව සිටියා. මට ඇහුණු බෝම්බ හඬට වගකිවයුත්තා ඔහුය. අඹ ගැසී සිට වහලට පණින සද්දයට මා රැවටී තිබුණා. බඩගින්න, තැතිගැන්ම මෙන්ම කෝපයෙන් සිටි මාගේ හිත නිවාලන්නට මේ වඳුරු පෝතකයා සමත් වුණා. මම උඩුතොල මතට වැටී ඇති දහදිය බින්දු කිහිපය පිසදමන ගමන් ශාඛාවට අතු වුණා.
මෙය එක් කොටසකින් හමාර කරන්නට බලාපොරොත්තු වුවත්, තවත් කොටසක් දක්වා යන්නට සිදු වනවා. එම කොටසින් මා දැරූ වගකීම කුමක්දැයි ඔබට දැන ගන්නට පුළුවන්.
බුදු අම්මේ කෙලපු කෙප්ප ටිකක්. ප්ලේන් නවත්තන්න තැනක් නැති වෙයි කිව්වා. ඔපරේෂන් තියටර් වල වැඩ ඉවරයි කිව්වා. රොබෝලා විසි කරන්න වෙයි කිව්වා. කොම්පියුටර් ඉවරයි කිව්වා.. අනේ මුකුත් උනේ නෑ.. පේලි තුනක ප්‍රෝග්‍රෑම් එකකින් ඔක්කෝම ගොඩ.. මට මතකයි මාත් පොඩි බිස්කට් එකක් අරගෙන ලංකාව වටේම පී සී ගොඩ දාන්න ගියා..
ReplyDeleteදැන් බිස්කට් ආගිය අතක් නෑනෙ මචෝ.උඹ දන්නවද ඒ කාලෙ අපේ ඔෆිස් එකේ අපට සහයට හිටිය එකෙක් අපෙන් ඔහොම ඉල්ලනවා.
Deleteසර් බිස්කට් එකක් දෙන්ඩකෝ.
අයි ප්‍රෝග්‍රෑම් කරලා තියෙන මිසයිල ඉබේ ගුවන්ගත වෙයි කිව්වා. එම්බෙඩ් කරපු මයික්රෝචිප් තියෙන වික්ටෝරියා වගේ ඩෑම් ආක්‍රමන්‍ය වෙයි කිව්වා. අපිත් හිටියේ මහා බයකින්. හැබැයි චීනේ බැංකු වලට මේ ගැටලුව ආවේ නෑ. හේතුව ඔවුන්ගේ බොහොමයක් ග්‍රාමීය බැංකු අත්හුරු ක්‍රමයට වැඩ කරපු නිසා. අපිට ඒ වගේ ප්‍රශ්න තිබ්බේ නෑ. අපේ ආපදා සුදානම වුණේ. සියළු දෙනාගේ ශේෂයන් තියෙන මුද්රිතයක්(ට්‍රයල් බැලන්ස්) එකක් අරන් තැබීම පමණයි. අපේ අය 100% අත්හුරු ක්‍රමයට ලෙජර් ශීට් වල වැඩ කරන්න දැනගෙන හිටියා. ඇමරිකන් එක්ස්ප්‍රස් බැංකුව ඔවුන්ගේ සේවකයන්ට ලෙජර් වල වැඩ කරන්න වැඩමුළු පවත්වලා තිබුණා.
Deleteඑතකොට අයි.ටී. ජොබ් එකක්ද කලේ ?
බිස්කට් කිව්වම මරු කතාවක් මතක් වුණා. මම බොරැල්ලේ නැවතිලා හිටිය කාලේ, කාමරේ හිටිය බස් කොන්දෙක්. මම ඌට කිව්වා ඩිස්කට් එකක් ගන්නත් තියෙනවා. එකක් රුපියල් 200 යි කියලා. එතකොට ඌ කියනවා බිස්කට් එකක් 200 නම් ෆැන්ටා එකක් හාරසීයක් වත් වෙනවා ඇති නේද ? ඔය කැන්ටිමෙන් නම් කෑවොත් උඹට හිඟා කන්න වෙයි කියලා.
2002 වෙන්කන් හිටියේ ගොන්පීටර්ලා එක්ක තමා..
Deleteහපොයි. එහෙමද අපිට කියන්නේ ?
Delete@Maathalan
Delete//කොම්පියුටර් ඉවරයි කිව්වා.. අනේ මුකුත් උනේ නෑ.. පේලි තුනක ප්‍රෝග්‍රෑම් එකකින් ඔක්කෝම ගොඩ.. // පේලි තුනකින් ගොඩ ගියා නම් ඒ bat වැනි කමාන්ඩ් ෆයිල් එකක් විය යුතුය. එමගින් ගම්‍යවන්නේ ඔබ ආයතනයේ හාඩ්වෙයාර් සහ සොෆ්ට් වෙයාර් නිසිපරිදි අප්ඩේට් වුවත් සෙටින්ග්ස් නිසිපරිදි අප්ඩේට් කිරීමට ඉහත උපක්‍රමය භාවිතා කල බවයි. ඔබගේ කතාව හරියට අපේ ගමේ හිටිය y2k ගැන පත්තර බලා කයිවාරු ගැසූ කරුණාවතී ආච්චිගේ වාගෙය. පණ්ඩිතයා ගොන්පීටර් බව පෙන්නේ කට හැරිය පසුය
@හැලපේ,
Deleteමොකද මෙයා මේ හැම තැනම කෑම ගැනම කතා කරන්නේ? :P
හප්පෝ බං වීකේ ලොක්කා අපිව නොමරා මැරුවා ඔය වයිටූකේ බග් එක නිසා ලෝකය විනාශ වෙන ගානටම හිතලා..
ReplyDeleteඇත්තටම සමහරු මේක ඕනෑවට වඩා ඇඟට ගත්තා. අපේ ලොක්කෙක්ට කොන්දේ අමාරුවක් ආවා. පස්සේ හරි ගියා 2000 පැන්නට පස්සේ.
Deleteඒ දවස් වල අපේ ලෙක්කත් මාව නොමරා මැරැවා.. වයි ටු කේ බග් එකට ඉස්සර නුල් ටික කපලා චෙක් කරලා ෂිප්මන්ට් එක දාන්න කියලා.
Deleteකැතයි නේ
Deleteකම්පියුටර් කියන්නේ ඒ කාලේ අපිට මැඡික් වගේ.. අපිත් බලාගෙන හිටියේ මාතලන් අයියන්ඩි කිව්වා වගේ පෙලේන් කඩා වැටිලා ලෝක යුදදයක් වෙයි කියලා.
ReplyDeleteඒ කාලෙ කතාවක් තිබුණනෙ ඔය ෆුලි කොම්පියුටරයිස් නියුක්ලියර් මිසයිල් සිස්ටම් ඔටෝ ට්‍රිගර් වෙලා ඒව අටෝල තියෙන රටවල් වලට පාත්වෙයි කියලත්.
Deleteඅපි නම් ඒ කාලේ වාඩි වුණෙත් සර්වර් එකක් උඩ, නැත්නම් ups එකක. ඒ තරමට සර්වර් වැහි වැහැලා.
Deleteඒ කියන්නේ ඒ කාලෙත් චීනා ගොඩ ගියා..අද වගේම
Deleteඒ දවස්වලනං මුලු ලෝකෙම හොල්මන් වෙලා තිබ්බ කේස් එකක් තමයි ඔය. ඒ කාලෙ බර ගානක් උන පරිගණකයක් ඉලක්කං දෙකක් හින්ද විසි කරන්න වෙනවයි කියන එක සෙල්ලං වැඩක්ද.
ReplyDeleteඅන්තිමට ඒකත් ලෝක විනාසෙ වගේ උනා.
චැහැ...කියලා වැඩක් ගොඩක් දේවල් පැලැන් කරගෙන හිටියා ඔක්කොම හබක්...
Deleteඔය කාලේ අපිට තිබුන ටයිප් සෙටින් කරන ආයතනයක් ගොඩක්ම වැඩ කලේ ගොඩගේ මහත්තයාගේ පොත් වල. දවසක් ගොඩගේ මහත්තයාගේ පොත් සාප්පුවේදී සුචරිත ගම්ලත් මහදුරු තුමා ඕක ගැන මගෙන් ඇහුව. මම දුන්නු උත්තරය CMOS සෙටින් වලින් දිනය පස්සට අරන් වැඩ කරනවා කියල. ඒ කාලේ අපි වැඩ කරපු 286 සහ 386 පරිගණක වල හරි දිනයක් කොහොමත් තිබුනේ නෑ නේ. CMOS සෙටින් වෙනස් කරනකොට කම්මැලි කමට දිනය වෙනස් කරන්නේ නෑ.
ReplyDeleteඅන්න නියම සිම්පල් ප්ලෑන් එකක්
Deleteබැංකුවක ගිණුම් පාලනය කරන සර්වර් එකක් වැනි ලොකු පරිගණක වලට ඇති ගැටළුවක් වීමට ගිය y2k වලට ටයිප් සෙටින් කරන පරිගණකයකට දෙන විසඳුම දිය නොහැක.
Deleteඒක නම් ඇත්ත කතාව. විසඳුමක් හරි ගියත් දෙපාරක් හිතන්න වෙනවා. අපිට තිබුණේ සර්වර් වල ප්‍රශ්නයට වඩා ගණනය කිරීම වල ඇති වෙන ප්‍රශ්න. බැංකු වල වෙනමම කැලැන්ඩරයක් පද්දතියට පවත්වා ගත්තා. හේතුව වසර අවසාන කටයුතු දවසකින් කරන්න ඒ කාලේ තිබ්බ සර්වර් වල පර්ෆොර්මන්ස් මදි. ඒ නිසා අපි වෙනම කැලැන්ඩරයක් පවත්වාගෙන ගියා. ඔරලෝසුවේ කටු කැරකෙන ගානට අපිට වැඩ බෑනේ.
Deleteඉයර් ටූ තවුසන්ට් කිලර්ස්....
ReplyDeleteමට යාන්තමට වගේ මතකයි...
එතකොට මම 6 ද කොහෙද...
හෙක් හෙක්
කොම්පීතරයක් හීනෙන් වත් නොදකින කාලෙ... මොන Y2K ද... හෙක් හෙක්...
අඩේ මට වඩා එක පංතියයි වැඩි...(1990 විතර ඕක වුනානම්)
Deleteඔය කාලේ වන විට මගේ පරිගණක දැනුම නම් හරිම අල්පයි, ඒ නිසා බහුතරයක් නිකන් මැජික් වගේ, මොනා උනත් ඒ කලේ හිටපු සමහර මහත්තුරුන්ගේ පරිපාලන දක්ෂතාවය නම් ලිපිය හරහා ඉස්මතු වුනා.
ReplyDelete//මගේ අධ්‍යාපනය සහ දැනුම ගැන සලකලා මගේ කාර්යාලයේ එවකට ප්‍රධානියා වුණ විතාරණ මහත්මයා තීරණය කළා මට මේ වගකීම දෙන්න. ඔහු ගැන මෙතන වචනයක් සඳහන් නොකලොත් අඩුපාඩුවක්. එතුමා සලකා බලන්නේ වැඩක් කරගෙන යාමේ හැකියාව සහ දැනුම මිස සේවා කාලය, තනතුර වගේ දේවල් නෙවෙයි//
අද වන විට එය සිහිනයක්ම පමණයි.
මෙහෙම මහත්වරු නම් ආයේ ජීවිතයට නෑ. එක දවසක් මාව ගෙදර යවන්න ලියුම් ගහන්න හැදුවා. ඒ ගැන පොස්ට් එක බ්ලොග් එක පටන් ගත්ත කාලෙම ලියලා මග නවතලා තියෙන්නේ. පස්සේ දානවා කිව්වට මේ ආත්මේ වෙන දෙයක් නෙවෙයි.
Deleteඅයි ටී කතා ගොඩයි නෙ. ඔය කාලෙ කම්පියුටරයක් පාවිච්චි කලේ නෑ. නමුත් ඔය ගැටළුව ගැන හැම තැනම කතා වෙනව නම් මතකයි. ඒ කතා වල හැටියට නම් "මළ කෙලියක්" වෙයි කියල තමයි හිතන් හිටියෙ. :)
ReplyDeleteඅවසාන හරියට යත්දී අපට තේරුණා මොනවත් වෙන්න විදියක් නෑ කියලා. මොකද අපි දිනය ඉස්සරහට දාලා වැඩ කරලා බැලුවා. වරදක් නෑ. නමුත් 100% සහතිකවම කියන්න බැරි නිසා බලාගෙන හිටියා.
Deleteඇත්තටම මිනිස්සුන්ට අවුරුදු සීයක් එහාට කල්පනා කරන්න බැරි වුන එක හරි පුදුමයි නේද ? ඒ වුනාට හිතන් ඉන්නෙ අපි තමා පොරවල් කියලා.. :)
ReplyDeleteනිකමට හිතෙනවා මේක දැනගෙනම කරපු වැඩක් කියලා.
Delete2000 අවුරුද්දේ හතර වසරේ පොඩි කොල්ලෙක්! කම්පියුටරේ දැකලා කරලා තිබ්බට ඔච්චර දෙයක් ඇත්තටම තේරුනේ නෑ! දැන් අපිට computer security වල case study එකක් විදිහට Y2K එක තියනවා
ReplyDeleteමටත් මේලක් දාපන් පොඩ්ඩක් බලන්න.
Deleteඔය කෙළවිල්ල වුනානම් කොහොම වෙයිද කියලා මම මේ කල්පනා කරන්නේ ,එහෙනම් අද කොහොම තියෙයිද?
ReplyDeleteකෙලවෙලා අලවෙලා කම්පියුටර් විසිවෙලාම ගියානං ඉවරයි , එහෙනං මෙහෙම නිදිමරන්ඩ වෙන්නැ
DeleteATM මැෂින් වලින් සල්ලි එලියට විසිවෙයි කියලා බලාගෙන හිටියා.
Deleteඒ වගේද, ඕක හින්දා පවුලූශා සොක්කෙක් වෙලා.. පත්තර මල්ලි ලොක්කෙක් උනානම්. මෙලහකට පවුලූශා, පව්......ලූශා වෙලා..!
Delete@ඉවාන් : එහෙනං ඉතිං වෙන රස්සාවක් පුරුදු වෙන්න වෙනවා.
Delete@අටං : යකෝ එහෙනං මටත් වෙන්නේ අම්පයර් ජොබ් එකක්වත් කරන්න.
@සංජීව : එහෙම වුණා නම් තමයි පොරකන විදිය බලන්න තිබුණා.
@Alban : දවසේ කියමන.
අල්බයියා ගේ කට තමා කට ...චෙක් අම්මප
Deleteසුදිකයියට කියන්න සුදීකයියෙ ඔය කැප් ටීසෑට් රැල්ලකුත් ආවනේ ඒ කාලෙ y2k කියලා .. සංසාරේ :D
ReplyDeleteඅපේ බැංකුවේ ලොක්කෙක් හිටියා. දැන් විශ්‍රාම ගිහිං. ටිකක් කට වාචාලයි. අනිත් එක පැනලා කථා කරනවා. දවසක් මීටින් එක්ක Y2K ගැන කථා කළාම, මිනිහා කියලා "හරි හරි මම දන්නවා බැංකොක් වල බාත් දෙදාහට තියෙනවා" බලනකොට බැංකොක් වල ස්පා එක්ක නමක් :)
Delete//කැප් ටීසෑට්//
ඒ වගේ වල ඉහ ගන්න මුදලාලිලා ඉන්නවා.
අනේ දැනුත් ඔය වගේ මොකක් හරි මගුලක් වෙලා මේ කොම්පියුටර් ඔක්කොටම කෙල වෙලා යනවනම් කියල හිතෙනවා.. (හැබැයි ෆිල්ම් සිංදු ගේම් එහෙම ඉතිරි වෙලා :) )
ReplyDeleteඑතකොට ඉන්න වෙන්නේ නයා මැරිච්ච අහිකුන්ඨිකයන් වගේ තමයි.
Deleteකිවුවත් වගෙ දැන් අමතකවෙලා තිබුනට ඔකට මාර බයකින්නෙ හිටියෙ
ReplyDeleteඕනෑම දෙයක් ගැන භීතිකාවක් ඇති කරගත්තොත් වෙන්නේ ඕකයි.
Delete//අප වවුනියාවට ලඟා වුණේ ඕමන්ත හමුදා කඳවුර පසු කරමින්.//
ReplyDeleteමේ කියන විදියට සුධීක වවුනියා ආවෙ යපනේ ඉඳන්ද? කොළඹ ඉඳන් මහාමාර්ග වල යන අයට ටිකට් දුන්නෙ ඉරට්ටපෙරියකුළම් කියන තැනදි. නම දෙමළ උනාට එක සිංහල බහුතරය්ක් හිටපු ගමක්. කෝච්චියෙ එන අයට වවුනියාව ස්ටේෂන් එකේදි ඔය ටිකට් දුන්න. ට්‍රින්කො පැත්තෙන් එනකොට මඩුකන්දෙදි ලැබුන. කොටිම්ම ඒ කාලෙ වවුනියාව කියන්නෙ වෙනම රටකට යන ගමණක අතරමැදි කලාපය වගේ.
හැබැයි වවුනියාවෙ බලය තිබෙ කොටින්ට නෙමෙයි ප්ලොට් එකට. 2002 සටන් විරාමෙ වෙනකල් තත්වෙ ඕක තමයි.
ඔය සුධීකට වඳුර කරපුදේට සමාන සිද්ධියක් ගැන ජන කතාවක් තීනව.
එක් උපාසකයෙක් දරුව මැරිළ බොහොම දුකෙන් පන්සලට ඇවිත් හාමුදුරුවන්ට කිව්වලු, අනේ හාමුදුරුවනේ මට මේ දුක නැතිවෙන්න යමක් කියන්න කියල. හාමුදුරුවො ගත් කටටම කිව්වලු " මේ තිලෝගුරු බුදුහාමුදුරුවොත් පිරිණිවන් පෑව එකේ උඹෙ ඔය නරිප්පඩ කොල්ල මලාම මොකද්ද මිනිහො ඔච්චර නැහෙන්නෙ" කියල.
උපාසකයට මල පැන හාමුදුරුවන්ට බැනගෙන බ්නගෙන ගියාලු.
ටිකකින් හාමුදුරුවො කිව්වලු, උපාසක මට කිව්වෙ දුක නැතිවෙන්න යමක් කියන්න කියල, ඔන්න මම කිව්ව. දැන් ඔය උපාසකගෙ හිතේ දුක නෑනෙ, තීන්නෙ කෝපය විතරනෙ. ඔය වගේ සතුට දැනන දෙයක් දැක්කම, කෝපයත් ගිහින් එතනට සතුට එයි, කලබල වෙන්න එපා" කියල.
ඔබ නිවැරදියි. එය ඉරට්ටපෙරියකුලම් විය යුතුයි. අදාලා ස්ථානය නිවරදි කරා. ඕමන්ත මතකයට ආවේ යුද්ධය අවසන් වූ පසු ගමනේදී සෑහෙන කට්ටක් කන්න වුණ තැන නිසා.
Delete//කොටිම්ම ඒ කාලෙ වවුනියාව කියන්නෙ වෙනම රටකට යන ගමණක අතරමැදි කලාපය වගේ.//
මේකනම් සම්පූර්ණ ඇත්ත. එතැනදී ඒ වගේ හැඟීමක් තමයි එන්නේ. මගේ මතකය නිවැරදි නම් එතන දෙපැත්තේ චෙක් පොයින්ට් අතරේ නෝ මෑන්ස් ලෑන්ඩ් එකකුත් තිබුණා.
උපාසකගේ කතාවත් මරු.
අන්තිමේ Y2K ටී ෂර්ටුත් ආවා.
ReplyDeleteඇයි YKK Zසිප්. අර ඔයා අහු කරගත්තේ.. :)
Deleteඉස්සර අම්මගෙන් අහනවා ඇයි මේ සිප් වල මගේ අකුරු ගහලා තියෙන්නේ කියලා. හැබැයි අනිත් පැත්තට.
Delete// මගේ මතකය නිවැරදි නම් එතන දෙපැත්තේ චෙක් පොයින්ට් අතරේ නෝ මෑන්ස් ලෑන්ඩ් එකකුත් තිබුණා. //
ReplyDeleteමේක තිබ්බෙ ඕමන්ත ( තාන්ඩිකුළම් මුරපොල ) සහ පුලියන්කුලම් අතරයි. මෙහෙ
බස් වලින් යන මිනිස්සු තාන්ඩිකුලමෙන් බැහැල, බඩු චෙක් කරාට පස්සෙ උස්සගෙන පයින් යනව පිලියන්කුලමට. එතන කොටි ආයි චෙක් කරල ඉන් එහාට යන්න දෙනව. ඔය දෙක අතර මීටර් දෙසීයක් විතර පාළනය රතු කුරුසෙන්.
ඉන්දික ඒ කාලේ ඒ පැත්තේ හොඳට කරක් ගහලා තියෙන පාටයි.
Deleteහැබැයි ස්වීඩන් වලද කොහෙද අවුරුදු 106ක අත්තම්මා කෙනෙකුට ළදරු පාසැල් යන්න අවශ්‍ය පොත් ලැයිස්තුවක් හෙම ලැබුනලු.
ReplyDelete"ඕනෑම දෙයක්, ඕනෑවට වඩා, ඕනෑම නැත". අයි.ටී වලටත් ඕක අදාලයි..!
Deleteඒ චානුක වත්තේගම මහතා කියන විට මට මතක් වෙන්නේ තමන්ගේ මතය හුවා දැක්වීමට සංඛ්‍යාලේඛන දත්ත යොදා ගණිත විද්‍යාවක් පෙන්වන්ට ගිය පොරක් ලෙසය
ReplyDeleteහොඳටම රිදිලා වගේ.
Deleteඔය Y2K ගැන කතා වෙන වකවානුවේ නේද, "හෙල්බෝප්" වල්ගා තරුව රැයක් දවාලක් කර පායන බව පවසා පත්තරවල ගියේ. කොහොමත් Y2K මටනම් ප්‍රශ්ණයක් උනේ නෑ. එතකොට මට කොම්පියුටරයක් තිබුනේ නෑ නේ.
ReplyDeleteමගේ හෙල්බොප් මතකය නම් එක්දහස් අනූ ගණන් වල තියෙන්නේ.
Deleteහෙල්බොප් සොයා ගත්තේ 1995 පෙනුනේ 1997 1995 කාලේ ඉඳලා තමයි y2k ජනප්‍රිය වෙන්න පටන්ගත්තේ
Deleteබොහොම ස්තුතියි මකසි.
Deleteමම හාපුරා කියලා ඩිසයිනරයෙක් විදියට සේවයට එකතු වෙද්දි මට අන්තර්ජාලය භාවිතා කරලා අත්දැකීම් තිබුනෙ නෑ...දවසක් අපේ ලොකුතැන මට වර්ඩ් ෆයිල් එකක් මේල් කරන්න කියලා දුන්නා...මම ඉතින් දන්නෙ නෑ කිව්වා...දන්නෙ නැතිනම් ඉගෙන ගන්න කියලා එතුමාම මේල් එක යැව්වා මට බලාගෙන ඉන්න කියලා....මේ ලිපියෙ මුල හරියෙදි මට ඒ අතිතය මතක් උනා.
ReplyDeleteඅද අන්තර්ජාල පහසුකම් නැති කෙනෙක් නැති තරම්. ඒ කාලේ ඒවා සුපිරි පන්තියේ වැඩ. මට මතකයි ෆේස්බුක් නැති ඒ කාලේ ADSL වල වේගය අඩු එකට එරෙහිව e-mail group එකක් හදා ගත්තා Daily News පත්තරේ දාපු ලිපියකින්.
Deleteඉස්සර ජාලෙට කනෙක්ට් වෙන්න තිබුනෙ ඩයල් අප් කරන සිස්ටම් එකකට නේද...ඒ කාලෙ ඉතින් වින්ඩෝස් එක්ස්ප්ලෝරර් තමයි තිබුන සර්ච් එන්ජින් එක...
Deleteඔව්. සමහරවිට එහා ගෙදර ඉන්ටර්නෙට් කනෙක්ට් වෙනකොට අපේ ගෙදරට ඇහෙනවා. වින්ඩෝස් එක්ස්ප්ලෝරර් විතරක්ම නෙවේ බ්‍රවුසර් වලට තිබුණේ, නෙට්ස්කේප් නැවිගේටර්(මම පාවිච්චි කරෙත් ඒක), ඒ මේල් වලට භාවිතා කලේ(POP3 මේල්ස්) ඉයුඩෝරා මේල් කියලා මේල් ක්ලයන්ට් එකක්. ඒ දවස් වල ටෙලිකොම් එකෙන් දීපු ඒ මේල් තමයි. පස්සේ හොට්මේල් වලට මාරු වුණේ. ඒ කාලේ මේල්එක්සයිට් තිබුණා. පස්සේ තමයි ඒ කාලේ තිබුණ හොඳම සර්ච් එන්ජින් එක හදපු යාහූ කට්ටිය මේල් දෙන්න ගත්තේ. 2004 අග භාගයේ ගූගල් ආවේ. මමත් ඉන්විටේෂන් එකකින් ගූගල් එකවුන්ට් එකක් ඇර ගත්තේ. බීටා වර්ෂන් කාලේ.
Deleteදෙවෙනි කොටස පබ්ලිෂ් කළා. බ්ලොග් රෝල් වල අප්ඩේට් වෙන්නේ නෑ. මේක සබ්ස්ක්‍රයිබ් කරපු අය බලන්න.
ReplyDelete