Thursday, August 21, 2014

ශ්‍රී ලාංකිකයන් ඕපදූප/තොරතුරු පිපාසයෙන් පෙලෙන්නෝද ? ...... Are Sri Lankans hunger in Gossip/Information .....

මේ අදහස මගේ හිතට ඇවිත් බොහෝ කාලයක් වුවත්, ඒ පිලිබඳ පර්යේෂණය කිරීම තව-තවත් පසුපසට දැමුනේ ලිවීමට වෙනත් මාතෘකා තිබීම සහ කාලය පිලිබඳ ගැටළු නිසාය. මේ පිලිබඳ සොයා බලන්නට මගේ හිතට අදහස ආවේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති සමයේය. එකල මා භාවිතා කල බ්‍රවුසරය වුයේ ෆයර්ෆොක්ස්ය. ඒ සඳහා තිබු දිගුවන්(Extension) අතර මා වඩාත් ප්‍රිය කළ එකක් වූ Alexa Traffic Rank එක නිරතුරුවම මා බ්‍රවුසරයට එක් කරගෙන තිබුණේ, එදා defence.lk සහ tamilnet.com සඳහා වන පිවිසුම් වල ප්‍රමාණය දැන ගැනීමටය. සමහරවිට ලොව පුරා විසිරී සිටින සිංහල/දමිළ අය ඕපාදුප හෝ තොරතුරු හොයන්නට පටන් ගන්නේ මේ යුද්ධය නිසාම වන්නට පුළුවන. 
පින්තූරය ගත්තේ : www.picturequotes.com

ගොසිප් වෙබ් අඩවි වල මූලිකම අරමුණ වනුයේ ජනතාවට නිවැරදිව තොරතුරැ වාර්තාකරණය නොව තමන්ගේ අඩවියට බොහෝ දෙනෙකු ආකර්ෂණය කර ගැනීමය. අද බොහෝ ජනමාධ්‍යද නිවැරදි සහ වේගවත් තොරතුරු වාර්තාකරණයෙන් බැහැර වන්නේ කලින් සඳහන් කල ට්‍රැෆික් රෑන්ක් හෝ රේටින්ග්ස් නිසාවෙනි. වැඩිම දෙනෙකු නරඹන, වැඩිම දෙනෙකු කියවන හෝ වැඩිම දෙනෙකු පරිශීලනය කරන නාලිකාව, ප්‍රවෘත්ති පත්‍රය හෝ වෙබ් අඩවිය වීම මේවායේ අරමුණ වී තිබීම එයට හේතුවයි. එම වර්ගීකරණ වල හිනිපෙත්තේ රැඳීම එකී ආයතන වලට වෙළඳ දැන්වීම් ලබා ගැනීමේ ලා ප්‍රමුඛ කාර්යයක් සිදු කරයි. සියල්ල දැන්වීම් මත පදනම් වන යුගයක ඒවායේ හරි වැරදි සොයා බැලීම කෙතරම් යුක්තිසහගතදැයි නොදනිමි. මන්ද ආයතනයක පැවැත්ම පවා ලැබෙන ආදායම මත පදනම් වන නිසාය.

නමුත් මාගේ සිත්ගත් කාරණය වෙනකකි. ඒ සිංහලයා හෝ අඩු වැඩි වශයෙන් දමිළයා මේ තරමට තොරතුරු පසුපස හඹා යන්නේ ඇයිද ? යන්නයි. එයට ප්‍රධාන හේතුව මා කලින් සඳහන් කලාක් මෙන් දශක තුනක් පැවති යුද්ධයම නම්, මේ වනවිට එය සමනය වන්නට ප්‍රමාණවත් කාලයක් පසු කොට ඇත. අඩු වැඩි වශයෙන් මානව හිමිකම් පිලිබඳ කාරණා ඉඳහිට මතු වී නැති වී යන බව සත්‍යයකි. එහෙත් ඒවා පිලිබඳ දිගු සංවාද ඇති වන්නේ නැත. අවම වශයෙන් සතියකින් දෙකකින් මේවා වියැකී යයි. සිංහලයා(ප්‍රධාන වශයෙන්) සොයන්නේ ජාතික, ආගමික හෝ දේශගුණික තොරතුරු පමණක්ම නොවන බව හතු පිපෙන්නාක් මෙන් බිහිවන ගොසිප් වෙබ් අඩවි දෙස බලන කල පැහැදිලි වෙයි. ඒවාගේ බොහෝ විට ඵල වන්නේ ඕපාදූප ගණයේ තොරතුරුය. බොහෝවිට තොරණ් ස්වභාවයේ නිවී-නිවී දැල්වෙන අකාරයේ බැනර්(කුඩා දැන්වීම්) වලින් මේවා පෝෂිතය. සමහරවිට බලා සිටින්නට අපහසු වේගයකින් ඒවා  දිලිසෙන අකාරයෙන් නිමවන්නේ ඔවුන් අතර ඇති තරගය මොනවට විදහා දක්වමිනි. මේ බොහෝ අඩවීන් ගෙන එන තොරතුරු බොහෝවිට සමානය. නළු නිළියන්ගේ, ක්‍රීඩකයන්ගේ, දේශපාලකයින්ගේ අභ්‍යන්තර ජීවිත ගැන තොරතුරු, ලිංගික අතවර, පැහැරගැනීම්, මංකොල්ලකෑම් මේවා ආතර ප්‍රධාන තැනක් ගනී. සමහර විට යූටියුබ් හී ඵලවන වීඩියෝ සහ චිත්‍රපට සඳහාද සබැඳියාවන් ඵල කරයි. 

මේ සඳහා බොහෝ දෙනෙකු යොමු වන්නේ ෆේස්බුක් හී, බෙදා(share) ගැනීම් මගිනි. නමුත් මේ අඩවි වලට නිරතුරු පිවිස කිහිප වතාවක් තොරතුරු විමසන අයද වෙයි. මේ පිලිබඳ අදහසක් ගැනීමට Alexa Traffic Rank එක ප්‍රමාණවත්ය. එහිදී ඒවා වැඩි වශයෙන් භාවිතා වන රටේ මෙන්ම ලෝකයේ වර්ගීකරණ ස්ථානය පෙන්නුම් කරයි. එමගින් අදාළ අඩවිය කෙතරම් ජනප්‍රියදැයි අදහසක් ගත හැකි වේ. අංක එකේ සිට 250 දක්වා ශ්‍රී ලංකාවේ Traffic Rank බලාගෙන එන අතරතුර, මා හට හමු වූ ප්‍රවෘත්ති සහ ගොසිප් අඩවි පිලිබඳ සටහනක් පහතින් දැක්වේ. ඒවා ප්‍රධාන වශයෙන් ඊයේ(19.08.2014) දිනයට අදාලවය. මෙම වර්ගීකරණ ස්ථාන පහත් දහයත් අතර අගයක විචලනය වීම සාමන්‍ය ලක්ෂණයකි. 


දේශීය
ලෝක
අඩවිය
වෙනත්
රට/මාධ්‍යය
9
6132
http://gossiplankanews.com


13
9573
http://adaderana.lk


14
5690
http://hirufm.lk


16
10869
http://lankacnews.com


17
4638
http://lankadeepa.lk


21
13255
http://nethfm.com


22
10931
http://newsfirst.lk

ඉංග්‍රීසි මාධ්‍යයෙන්
30
2361
http://tharunaya.co.uk
94
දකුණු කොරියාව
34
11496
http://dailymirror.lk

ඉංග්‍රීසි මාධ්‍යයෙන්
42
20109
http://gossip-lankanews.com


46
7200
http:/divaina.com


53
10652
http://lakbima.lk


55
46
http://bbc.co.uk

ඉංග්‍රීසි මාධ්‍යයෙන්
56
93
http://dailymail.co.uk

ඉංග්‍රීසි මාධ්‍යයෙන්
59
27207

ඉංග්‍රීසි මාධ්‍යයෙන්
62
146
http:///bbc.com

ඉංග්‍රීසි මාධ්‍යයෙන්
63
59169
http://gossipbook.lk


69
47996
http://gossiplankahotnews.com


73
17584
http://rivira.lk


75
43230

ඉංග්‍රීසි මාධ්‍යයෙන්
78
19847


82
39536


83
29699
http://lankatruth.com

ඉංග්‍රීසි මාධ්‍යයෙන්
84
27271
http://dailynews.lk

ඉංග්‍රීසි මාධ්‍යයෙන්
85
19733
http://dinamina.lk


86
21103
http://mawbima.lk


100
29931
http://sundaytimes.lk

ඉංග්‍රීසි මාධ්‍යයෙන්
102
16672
http://shaafm.lk
327
දකුණු කොරියාව
106
53460
http://newstamilwin.com


110
3941
http://tharunee.lk


114
63


123
12469
http://lankahotnews.net
478
දකුණු කොරියාව
142
35931
http://hirutv.lk


154
41213


161
6092

ඉංග්‍රීසි මාධ්‍යයෙන්
169
138

ඉංග්‍රීසි මාධ්‍යයෙන්
170
25833
http://infolanka.com


171
20257
http://www.lankachannels.info


172
201763
http:/gossiplanka9.info


176
69990
http://lankanewsalert.com


187
268
http://ndtv.com
31
ඉංග්‍රීසි මාධ්‍යය / ඉන්දියාව
199
72584


201
42238
http://gossipelankanews.info

ඉංග්‍රීසි මාධ්‍යය
242
217361


249
111954
http://www.lankaviews.com


250
99678
http://lankagossip.info







ඇලෙක්සා ට්‍රැෆික් රෑන්ක් සඳහා බලපාන ප්‍රධාන සාධක කිහිපයක් වෙයි. පසුගිය මාස තුනෙහි පිවිසීම්(Hits) ප්‍රමාණය, වෙනත් අඩවි වලින් ලබා දෙන සබැඳියාවන්(Back-links) ප්‍රමාණය ඉන් ප්‍රධානය. මෙයට අමතරව පිවිසුම්කරුවකු ගත කරන කාලය සහ යලි පැමිණීම(Bounce Rate) ආදියද ඔවුන් සැලකිල්ලට ගනී. මේ අනුව පැහැදිලි වන්නේ අඩවියකට, නිත්‍ය පිවිසුම් ප්‍රමානයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් බවයි. එනිසා මේ අඩවි වල පරිපාලකයන්(Admins) විවිධ ප්‍රයෝග යොදමින් පාඨකයා ආකර්ෂණය කර ගැනීමට උත්සාහ කරයි. නමුත් මේවා පිලිබඳ පුළුල්ව අධ්‍යනය සහ ප්‍රායෝගික දැනුම සපයන වෙනමම මාතෘකාවක්ද වෙයි. ඒ Search Engine Optimization (SEO). ඒ පිලිබඳ වැඩි අවුබෝධයක් නැතත් අන්තර්ජාලය තුල අතෝරක් නැතිව ඒ සඳහා ලිපි පලවී ඇත.

ලෝක වර්ගීකරණය වල දහදාහකට අඩු වර්ගීකරණ අංකයක් ලබා ගන්නට ශ්‍රී ලංකාව වැනි කුඩා රටක වෙබ් අඩවියකට හැකිවීම එක්තරා අකාරයකට මවිතයට හේතු වේ. සිංහලෙන් කියවන ප්‍රමාණය ලෝකයේ වෙනත්  භාෂා වලින් කියවන ප්‍රමාණය හා සැසඳීමේදී ඉතා ස්වල්පය.  ඉංග්‍රීසි භාෂාවෙන් ඵලවන ජාත්‍යන්තර ටයිම් සඟරාවේ ලෝක ශ්‍රේණිගත කිරීම් වල 337 වන ස්ථානයේ පසු වෙයි. ලොව මහත් ආන්දෝලනයට තුඩු දුන් විකිලීක්ස් අඩවිය සිටින්නේ අපේ ගොසිප් සයිට් වලට වඩා පිටුපසිනි. ඒ 14770 වන ස්ථානයේය. ලෝකයේ වැඩිම ප්‍රමාණයක් කියන චීන(සහ ඉංග්‍රීසි) බසින් ඵලවන ඒෂියා ටුඩේ අඩවිය 127546 ස්ථානයේ පසු වීමෙන් පෙනෙන්නේ චීනුන් තොරතුරු ගැන උනන්දුවක් නැති බව නොවේද ? චීනයේ තවත් අඩවියක් වන http://www.beijingbulletin.com පසු වන්නේ 4068432 ස්ථානයේය. ලංකාවේ ගොසිප් අඩවි මෙතරම් ඉහලට පැමීණී තිබීම එක්තරා අයුරකින් අපට ආඩම්බර වන්නටද හැක. එහෙත් සියල්ල රඳා පවතින්නේ අපේ ජනතාවගේ ඕපාදුප වලට තිබෙන කැමැත්ත මතය.  

බ්ලොග් ලියන්නන්ද(මමද ඇතුළුව) පාඨකයන් ආකර්ෂණය කර ගැනීමට විවිධ උපක්‍රම යොදා ගනිමින් සිටී. අද ඵල වන බොහෝ පත්තරද මෙයට සමගාමී අකාරයේ පුවත් ඵල කරයි. බලාගෙන යනවිට මෙය කාලයේ තාලය බවට පත් වී හමාර බව පැහැදිලිය. ඔබ සිතනා ආකාරයට සිංහලෙන් ලියන බ්ලොග් අඩවි වලින් මුල් 250 අතර තිබෙන්නේ කුමක්ද ? එය නොදුටු ලෝකය බ්ලොග් අඩවියයි. ඒ ශ්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම තුල 200 වන ස්ථානය හිමි කරගෙන සිටී. 

19 comments:

  1. ගොඩක් අය ජාලය භාවිත කරන්නේ ෆේස් බුක් මාධ්‍යයට පමණයි නේද. ඒක නේද එතකොට ඔපාදූප වල අංක 1 වෙන්නෙ?

    (සුදීක මේ පිටුවේ තියන ලංකා බ්ලොග් කියවනය ලින්ක් එක හරි ලිපිනයට යන්නේ නැහැ. පොඩ්ඩක් ඒක හදලා දෙනවාද? ස්තූතියි.)

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. ෆේස්බුක් එක එක විදියකින් මේ ගොසිප් සයිට් වලට සින්ඩිකේටරයක් විදියට ක්‍රියා කරනවා.

      Delete
  2. හොද විග්‍රහයක් සුදික .......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සංජය. පහල ඉතා වැදගත් කමෙන්ට් කිහිපයකුත් තියෙනවා. කියවන්න.

      Delete
  3. වැඩක් නැති එකා ඕපාදුප කියෝ කියෝ ඉන්නවා
    දියුණුවෙන එකා මහන්සි වෙලා වැඩකරනවා.
    උංට ඕප කියවන්න එලාවක් නැහැ

    ReplyDelete
    Replies
    1. ඇත්තම කතාව ඒක. ලංකාවේ වුනත් මහන්සි වෙලා සල්ලි හොයන එවුන්ට, ඕපාදූප හොයන්න වෙලාවක් නෑ.

      Delete
  4. හොඳ උදාහරණයක් කියන්නම් මැලේසියාවේ සිද්ද වෙච්ච ප්ලේන් අනතුරු 2ක ගැන කතා කරන්න අපේ ප්‍රොජෙක්ට් එකේ වැඩ කරන චීන සහ මැලේ මිනිස්සු විනාඩි 10කට වඩා ගත්තේ නෑ.. අපි කට්ටිය මේසයක් වටේ ඉඳගෙන වැඩ කරන්නේ.. එයාලගේ භාෂාවලින් වත් වැඩ කරන පැය 8 ඇතුලේ කයිය ගගහ හිටියේ නෑ..

    හැමෝම මෙහෙමද කියල මම දන්නේ නෑ නමුත් ලංකාවේ ඔය වගේ සීන් එකක් උනා නම් අපි ඔෆිස් වල අයිස් ගහන විදියට නම් මෙහෙ මිනිස්සු වැඩ කලේ නෑ.. අපි ඕප දුප කතා කර කර ඉන්න ගොඩක් කැමති ජාතියක් කියල මටත් හිතිලා තිබුනා.

    මේ විග්‍රහය සැහෙන්න හොඳයි..

    ReplyDelete
    Replies
    1. මම බස් එකකදී දැක්ක දෙයක් කියන්නම්. කිරුළපන බේස්ලයින් පාර ගාව තියෙන ට්‍රැෆික් ලයිට් එකේ දවසක් බස් එක හිර වුණා(මම හිටියේ කොළඹ පැත්තට යන්න 138 බස් එකක) එතනම පාරේ එහා පැත්තේ ඉන්නේ නගරසභා සේවකයින් පිරිසක් කියලා මේ පැත්තේ ගැන දන්නා අයට මතක ඇති. එදා උන් දෙන්නෙක් වලියක් යන්න ආවා. බස් එකේ එවුන් හරි උනන්දුවෙන් ඒ පැත්තේ දිහා බලන් හිටියා. දැන් බස් එකේ ඉන්න අයගේ උවමනාව ඒ දෙන්නා කතාව අත ඇරලා දෙපැත්ත යන එකද ? නෑ දෙන්නා ගහ ගන්නවා බලන්න තමයි ඕන. ටික වෙලාවකින් එකෙක් අනිකාට පාරක් ගහලා දිව්වා. දැන් බස් වල ඉන්න අය ඔලුව එලියට දාගෙන බලනවා. පස්සෙන් දුවන පොර එතැනම තිබ්බ තැඹිලි කරත්තෙන් පිහියක් උදුරාගෙන දිව්වේ. මේ වෙලාවේම අපේ ට්‍රැෆික් රාලහාමි අකාරුණික වෙලා අපිව යැව්වා.

      Delete
  5. alexa eke rank karanna stats ganne alexa tool bar eken, toolbar eka install karapu browsers walin wadi washayen log wena ewata wadi rank ekak enawa

    ReplyDelete
    Replies
    1. ඔයා කිව්වට පස්සේ මමත් ඒ ගැන හොයලා බැලුවා. ඇත්තටම ඔවුන් දත්ත එකතු කරන්නේ එහෙම ලු. හැබැයි කියන්නේ ඔවුන් නොවෙයි. වෙනත් ඉන්දියන් බ්ලොග් එක්ක.

      Delete
  6. සයිලන්ට් සිඟර්August 22, 2014 8:50 AM

    ඕක කොයි රටෙත් එකයි. යුඑස්ඒ වල ගත්තොත් ඉස්සරහින් ඉන්නේ හෆින්ග්ටන්පොස්ට් සහ ෆොක්ස් නිවුස් කියන පට්ටම බයස් ටැබ්ලොයිඩ් මාද්‍යට බර සයිට් දෙක. ෆොක්ස් නිවුස් කියන්නේ තඹ සතපහකට ගණන් ගන්නේ නැති සයිට් එකක්. ලංකාවෙයි ඒ රටෙයි වෙන වෙනස්කමකට පෙන්න තියෙන්නේ යුඑස්ඒ වල ඇලෙක්සා ලිස්ට් එකේ මුල ඩොමිනෙට් කරන්නේ කන්සියුමරිසම් වලට බර සයිට් ටික තමා. එයාලගේ බයින් පවර් එකයි ප්‍රෝ කැපිටලිස්ට් කල්චර් එකයි එකට ලොකු බලපෑමක්.
    චීනේනම් ගැන දාලා තියන ඇලෙක්සා රැන්ක්ස් ඒ ගැන කියන දේ සලකල බලද්දී සාදාරන ගැටළුවක් එනවා. මොකද චීනය රජය එගොලන්ගේ ඉන්ෆොර්මේෂන් ෆලෝ එක හෙවිලි මොඩරේට් කරනවා කියන එක මුළු ලෝකෙම දන්නව.

    අන්තිමට මටනම් පෙන්නේ අපි; මනුස්ස වර්ගයා සදාකාලිකවම සුපර්නෝමල් ස්ටිමියුලස් පස්සේ දුවන සත්ව කොට්ටාශයක් වෙලා ඉවරයි කියන එක

    ReplyDelete
    Replies
    1. ඇත්ත. චීනේ වාරණයක් තියෙනවා. ඇමරිකාව වගේ රටක මිනිසුන්ට අපිට වගේ ඛේදවාචක අහන්න ලැබෙනවා අඩුයි නේද එක අතකින්. දුප්පත් රටවල මේ වගේ සිදුවීම් වැඩියි. ඇමරිකාවේ පාපන්දු ලෝක කුසලානයක් තිබුණා කියලා ඒ රටේ අයගෙන් 40% පමණයි දැනගෙන ඉඳලා තියෙන්නේ. චන්ද වලදීත් ඔය ප්‍රතිශතේට කිට්ටු ගණනක් චන්දය දෙන්නේ. සරලව ඇමරිකාව කිව්වත්, දියුණු සහ බටහිර පන්නයේ රටවල් කොයිකෙත් ඔය විදියයි. දකුණු ආසියාතික සහ නොදීයුණු රටාව ටිකත් අපි වගේම තමයි. වෙනස ඒ දෙකද කියලත් මට වෙලාවකට හිතෙනවා.

      Delete
    2. හෙට මගේ Exam එක සහ මගේ Buyers ලා ඇවිත් නිසා කමන්ටුවක් දාන්න වෙිලාවක් තිබුනේ නෑ. ලිපිය සහ කමන්ටු එල ද බ්‍රා.
      අර නගර සභා සේවකයෝ දෙන්නා ගහගත්ත එක අපේ අය බෙල්ල දදා බලපු එක මරැ.

      Delete
    3. සයිලන්ට් සිඟර්August 23, 2014 8:29 AM

      මිනිස්සුන්ව කන්ඩිෂන් කරන්න හරි ලේසියි. හරියට අපි බල්ලෙකුට මොකක් හරි කමාන්ඩ් එකක් දීල එක හරියට කලාම බිස්කට් එකක් දෙනවා වගේ. හැබැයි බල්ලා වගේ හැමදාම එක බිස්කට් එකට රවුමක් කැරකෙන්න කැමති නැ. පහුවෙනකොට මිනිහට එකරවුමක් කැරකෙන්න බිස්කට් දෙකක් ඕනේ වෙනවා. මිනිස්සු ජිවත් වෙන පරිසර අනුව සුළු සුළු වෙනස්කම් තියනවා. එත් හැමෝම එකයි. හැමෝම තොරතුරු, අලුත් දේවල්, වෙනස හොයාගෙන යනව. ඔය මහා දියුණුයි කියන රටවලත් දුප්පත් රටවල ඔය දේ විවිද මට්ටමෙන් වෙනව. ඔතන "දිනන්නේ" ඕක තේරුම් අරන් ඕක එක්ස්ප්ලෝයිට් කරලා තමන්ට ඕනේ දේ ලබාගන්න මිනිහ.

      Delete
    4. //ඔතන "දිනන්නේ" ඕක තේරුම් අරන් ඕක එක්ස්ප්ලෝයිට් කරලා තමන්ට ඕනේ දේ ලබාගන්න මිනිහ.//

      මේකට තදින්ම එකඟයි. මොකද මට මගේම අත්දැකීමක් තියෙනවා. ගුරුවරයෙක් දීපු පොඩි ගයිඩ්ලයින් එකක් ඔස්සේ අන්තර්ජාලය පීරලා හොයාගත්ත දේවල් කියවලා මම තනි විෂයයක් සමත් වෙලා තියෙනවා. අන්තර්ජාලය කියන්නේ දෙපැත්ත කැපෙන කඩුවක්, අවශ්‍ය නම් මේක නිසා අනුන්ගේ කුණු වලින් හිත පුරවාගෙන කාලකන්නියෙක් වෙන්නත් පුළුවන්, නැතිනම් ඔබ කිව්වා වගේ හරි දේ තෝරාගෙන නැණවතෙක් වෙන්නත් පුළුවන්.

      Delete
    5. @සංජීව මල්ලී : විභාගය හොඳින් සමත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

      Delete
  7. ඉස්සරෝම කියන්න ඕන ඔයාගෙ සයිට් එක තාම මගෙ රෝලෙ අප්ඩේට් වෙන්නෙ නෑ... ඔයා මගෙ එකේ හිටපු පාර දිගේ මේ ආවෙ...

    අපේ අයගෙ ඕප දූප හොයන කැමැත්තට අමතරය ගෝත්‍රික මානසිකත්වය හොදටම තියෙනව.
    මතකද යුද්දෙ දවස් වල මිනිස්සු රතිඥ්ඤා දැම්ම කිරිබත් කෑව...
    මහලොකුවට ෙබෟද්ධ කිය කිය කරන්නෙම වෛර කරනෙක.. ඊර්ස්‍යා කරනෙක.. පංසලේ හාංදුරුවොත් එහෙමයි...
    පේනවනෙ නානසාර.. වෛරය වපුරනව... ඒකට අපේ උං උඩගෙඩි දෙනව...
    හැම එකාම ලේ සුවදට ඉව කරනව...
    සුදික අය්ය මොකද හිතන්නෙ...
    ඉක්මණට ආයෙ යුද්ධයක් එනව... ඔන්න බලන්න..

    ඔයා කියපු දෙයින් පිට පැන්න නේහ්..
    අපි ඉතිං හැම දේම කුණු රසට කන්න කැමති අයනෙ නෙහ්...
    ඒ හන්දවෙන්න ඇති කුණු නිවුස් වලට වැඩිපුර තැනක් එන්නෙ

    ReplyDelete
    Replies
    1. මේක බ්ලොග් රෝල් වල අප්ඩේට් වෙන්නැති එකට මොනවා කරන්නද ? කියලා තේරෙන්නේ නෑ.

      ඔබ බොහෝ දෙනෙක් කැමති කුණු රසයට.

      Delete
    2. බ්ලොග් අඩවියක් විදියට පටන් අරගෙන තාමත් එක්තරා විදියකට බ්ලොග් අඩවියක් විදියට පවත්වාගෙන යන බයිස්කෝප් සිංහලෙන් අඩවිය මුල් 40 ඇතුලේ තියෙනවා මම හිතන්නේ.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...