මේක ලොල් කතාවක් විදියට ලියනවද කියලා කල්පනා කරලත්. ඒ තරම් දිග නැති නිසා ලොල්ද මන්දා කැටගරියෙන් ලියන්න හිතුනා. තව හේතුවක් තමයි හැම කෙනාටම මේක තේරුම් නොයන්නත් පුළුවන්. මොකද මේකේ ඉන්න ලේකම් වරයාටත් වෙන්නේ ඒ දේමයි. එහෙනං කියවලා බලන්නකෝ ඔයාලටත් තෙර්රෙනවද කියලා.
පහුගිය චන්දෙ කාලෙක කැලණිය පැත්තේ චන්ද අපේක්ෂකයෙක් ඉඳලා තියෙනවා බෙවන් කියලා. ඒ අපේක්ෂක තුමාගේ මනාප අංකය වෙලා තියෙන්නේ 10. ඉතිං එයාගේ ආධාරකරුවෙක් එතුමාට ටී ෂර්ට් 1000ක් මුද්‍රණය කරලා ගෙනැත් දීලා. ඒවායේ ගහලා තියෙන්නේ "බෙවන් 10" කියලා.
මුල් පින්තූරය : www.clipartbest.com |
මේවා ඉතිං බෙදා දෙන්නේ චන්ද අයිතිය තියෙන අය අතරෙනේ. අනිත් එක තමන්ගේ ආධාරකරුවන්ට දෙන එක විශේෂයි. මොකද විරුද්ධ පක්ෂේ අයට දුන්නොත් මේවා කුස්සියේ වැඩට ගන්න බැරි නැති නිසා. එහෙම වුණොත් ප්‍රචාරණ ජාලය අඩපන වෙනවා.
ඒත් දවස් දෙකක් තුනක් යත්දී අවුරුදු 6-12 වයසේ පාසල් සිසුන් පෝලිමේ එනවලු එතුමාගේ චන්ද්‍ර කාර්යාල වලට මේ ටී ෂර්ට් එක ඉල්ලගෙන. "පොඩි එවුන්ට මේවා අන්දලා යවන එක හොඳයි. එතකොට මේවා හැම තැනම යනවා නේ" කියලා හිතලා පොඩි එවුන්ට දුන්නලු ටී ෂර්ට්.
මෙහෙම දීලා ඒ කාර්යාලේ ඉන්න ලේකම් කෙනෙක් වැඩේ කෙරිලද බලන්න පොඩි එවුන් සෙල්ලම් කරන පිට්ටනිය පැත්තේ ගිහිං. පොඩි එවුන් ටීෂර්ට් ටික ඇඳගෙන ඉන්නවා දැකලා මිනිහට බොහොම සන්තෝස හිතිලා. මුළු පිට්ටනියේම ඉන්න පොඩි එවුන් ඇඳගෙන ඉන්නේ මේ ටී ෂර්ට් එක නිසා. ආපු සතුටට මිනිහා ගියාලු තව ටී ෂර්ට් සෙට් එකක් අරගෙන එන්න. මේ පොඩි එවුන්ට බෙදන්න කියලා හිතාගෙන.
ටී ෂර්ට් ටික අරගෙන ලඟට ගිහිං බලනකොට මිනිහට හිතා ගන්න බෑලු වෙලා තියෙන දේ. බෙවන් කියන නමේ අකුරක් හැලිලා. මේ ලේකම් මහත්තයා ටිකක් වයසක කෙනෙක්. මිනිහා වහාම දුරකථන ඇමතුමක් ගත්තලු අර ටීෂර්ට් පරිත්‍යාග කරපු මහත්මයාට.
"මහත්මයා, ඔබතුමා ලබා දීපු ටී ෂර්ට් වල අකුරු හැලෙනවා නේ"
"මොනවා .... වෙන්න බෑ ... මම දන්නා කියන හොඳම තැනකට දීලනේ ඕවා ප්‍රින්ට් කලේ"
"ඒකනම් මම දන්නේ නෑ. බොරුවක් කියනවා කියලා හිතනවා නම් දැන්ම එන්න. මම ඉන්නේ අල්ලපු වත්තේ තියෙන ඉස්කෝල පිට්ටනියේ"
"හරි මම දැන්මම එන්නම්, ටීෂර්ට් ගහපු තැන මල්ලිත් එක්කම"
ටික වෙලාවකින් අර පරිත්‍යාගය කරපු මහත්මයායි, ටී ෂර්ට් ප්‍රින්ට් කරපු තැන තරුණයා විතරක් නෙවෙයි එයගේ පොඩි පුතෙකුත් ආවලු අර කියපු ග්‍රවුන්ඩ් එකට. පොඩි එවුන් ටිකත් දැන් වටවෙලා, අලුත් ටී ෂර්ට් එක ගන්න බලාගෙන ඉන්නවාලු. ඒ අතරේ ටී ෂර්ට් බෙදනවා කියලා ආරංචිය ගම වටේට ගිහිං, මෙතන නොහිටි පොඩි එවුනුත් ඇවිත් වට වෙලා බලාගෙන ඉනන්වාලු. මේ අතරේ අර ටී ෂර්ට් ප්‍රින්ට් කරපු තැන මල්ලිගේ පුතා අර මනුස්සයාට කරදර කරනවාලු ඒ ජාතියේ ටී ෂර්ට් එකක් ඉල්ලලා.
"පොඩ්ඩක් ඉන්න පුතා කරදර නොකර. මම වැඩකටනේ ඇවිත් ඉන්නේ. ගෙදර ඕන තරම් ටී ෂර්ට් තියෙනවා. ගෙදර ගිහිං දෙන්නම්"
"නෑ. අප්පච්චි මට ඕනේ අර අයියලා ඇඳන් ඉන්න එකක්"
"ඇයි පුතා ඒවා ඕනේ"
"මමත් ආසයි බෙන්ටෙන් ටී ෂර්ට් වලට"
එතකොටයි ටීෂර්ට් ප්‍රින්ට් කරපු තරුණයට වැඩේ වැටහිලා තියෙන්නේ. මේ මගෝඩි කොල්ලෝ ඒ ටී ෂර්ට් එකේ මැද තියෙන 'ව'යන්න මකලා. එතකොට ටී ෂර්ට් පෙන්නේ
"බෙ න් 10 "
කියල. කොහොමද පොඩ්ඩන්ගේ ටිකිරි මොලේ.
මේ කතාව ලිව්වේ හාස්‍ය සඳහා පමණක් බව සලකන්න.
හැක් හැක්... අර තුමාට තිබුණෙ බෙන් 10 පින්තූරෙකුත් යටින් ප්‍රින්ට් කරල දෙන්න.
ReplyDeleteමිනිහට ඒ කාඩ් එක ගහ ගත්තා නම් ගොඩ.
Deleteහෙක් හෙක් මන් හිතුවා ගොනා හැරෙන කොටම බෙන් 10 තමා කියලා. අදත් 4.30 ට බලන එකනේ, බැරිද දැන් නෑ අපිටත් ෂර්ට් එකක් ඉල්ලා ගන්න.
ReplyDeleteඔයත් කාටූන් බලන වැඩිහිටියෙක්ද ? සමහරවිට තව ඇති. මම ඔයාගේ බ්ලොග් එක කියවන ගමන්.
Deleteආයෙත් අහලා, දැන් බලන්න වෙලා තියෙන බයිලා වලට වඩා ඒවා තව ටිකක් හරි හොඳයි, එත් අපි වෙන්නැති තොටවත්ත මාමා හන්දකවපු ඒ සුන්දර කාටුන් ටික බලපු අවසාන අය, ඒ සුරංගනා කතා ටික අමතක කරන්න ඔබට පුලුවන්ද?
Deleteමම අයිති වෙන්නේ ඒවා බලපු මුල් පරම්පරාවට. හැබැයි මම ඊට වඩා කැමතිය චූටි මල්ලියි - පොඩි මල්ලියි කරපු ඒවාට.
Deleteමටත් දැක්ක හැටියෙ ඔක මතක් වුනා
ReplyDeleteයෙලා .... යෙලා .....
Deleteදන්නවා නම් මාත් එකක් ඉල්ලගන්නවා!! :D
ReplyDeleteබලාගෙන යනකොට කාටූන් බලන වැඩිහිටියෝ වැහි වැහළා
DeleteMama hithnne loke hemathenama,cartoon balana wedihitiyo wishala Pramanayak Innawa,(Ranjan)
ReplyDeleteඔව් රන්ජන් අයියා. මම ඒ ගැන පොස්ට් එකක් ලිව්වා. උඩ සොමියා ට දීලා තියෙන ලින්ක් එකෙන් බලන්න මොකක්ද කියලා හේතුව.
Deleteයටින් පිස්සු පූසගෙ පොටෝ කෑල්ලක් ගැහුවාං ටොපේ ටොප් :D
ReplyDeleteඅර කාටූන් පොස්ට් එකටද ?
Deleteහෙක් හෙක්
Deleteඅම්මේ පොඩි උන්ට මාර පිස්සුවක් තියෙන්නේ Ben10 කිව්වහම!
ReplyDeleteපොඩි උන් විතරක්නම් කමක් නෑ. සමහර වැඩිහිටියොත් බෙන් ටෙන් කාරයොනේ.
Deleteහෙහ්. ඒකයි එහෙනම් පොඩි එවුන් ටික පෝලිමේ ඉදලා අරගෙන තියෙන්නේ..
ReplyDeleteමාර ආතල් එකක් තියෙන්න ඇති නේද එතන.
Deleteඅපේ ගෙදර TV එකකුත් නෑ ඒ වුනාට පොඩි මෙන්ඩියාටත් බෙන් 10 පිස්සුව.
ReplyDeleteබෙවන්ගේ අංකය 3 වුනානම් ඇඩ් එක දාන්න තිබුනා
බෙවන් මහතාගේ ... කපා සහයෝගය දක්වන්න.
අප්පා කල දේ පුතා නොකළහොත් නොට්ටිගේ පුතා කියනවානේ. ලොකු මෙන්ඩියාගේ පොඩි කාලේ වීරයා කවුද ?
Deleteඑහෙම කැපුවොත් ඉතිං ...
රෝබින් හුඩ්, ටාසන් පස්සේ කාලේක දුටුගැමුනු රඡතුමා, ඩෙන්සිල් කොබ්බැකඩුව මහත්තයා.
Deleteඅපි බලන්නේ ස්පොන්ජ්බොබ්
ReplyDeleteඒ මොකක්ද ඒ ?
Deleteබෙවන් උන්නැහේ මම හිතන්නේ කැලණියේ යු.එන්.පි සංවිධායක.
ReplyDeleteහ්ම්ම් ...
Deleteහැක් හැක් පෝස්ටර් කටවුට් වලට කොහොමද බෙන් 10 එක්ක ඉන්න පින්තුරයක් දාලා ගැහුවනම් .
ReplyDeleteඒක භාවිතා කළා නම් හොඳ ප්‍රසිද්ධියක් ගන්න පුළුවන්.
Deleteඑක පට්ට , මටත් එකක් ඕනි , :D
ReplyDeleteකැලණියට යන්න වෙනවා.
Deleteබෙවන් ලොක්ක ඊළඟ සැරේ ඉල්ලනකොට මාත් යන්න ඕන බෙන් 10 එකක් ඉල්ලා ගන්න , අර තඩි ඔරලෝසුවක් එක්කම දුනනම් ගොඩ
ReplyDeleteමේක හරියට යොදා ගත්තොත් එයා ගොඩ.
Deleteකාටූන් එක යන අස්සෙම ඇඩ් එකක් දැම්ම නම් ලාබෙට ගොඩ යන්න තිබුන.
ReplyDeleteඅනිවාර්යයෙන්ම.
Deleteඅඩේ මමත් එන්න ඕනේ බෙන් ටෙන් එකක් අරගන්න ඒ පැත්තේ.. ඉවාන් යනවා නම් මටත් කියන්නකෝ..
ReplyDeleteකෝච්චියේ ඇවිත් වනවාසලින් බැස්සා නම් එකක් හොයා ගන්න පුළුවන් වෙයි.
Deleteපට්ට....
ReplyDeleteතැන්කිව් ...
Deleteබෙවන්ගෙ නම අහලා පුරුදුයි...මමත් කාලයක්ම පෑලියගොඩ පළාතෙ හිටිය නිසා....තාප්පයක් පාරක් ලයිට් කණුවක් අත අරින්නෙ නැතුව පෝස්ටර් අලවන අනිත් කෙනා තමයි යූ ජෝර්ජ් පෙරේරා....එා හරිම අහිංසකයි හැබැයි....
ReplyDeleteමේ වගේ දෙයක් ප්‍රචාරණයට යොදා ගන්න එක ඇත්තටම අහිංසක වැඩ.
Deleteටීෂර්ට් එකක් වුනත් අඩුම ගානෙ රුපියල් 600ක්වත් වියදම් කරන්න ඕනේ.
ReplyDeleteමේව ඉතින් ආයෙමත් හම්බවෙන මුදල් නේ.
ප්‍රචාරණ කටයුතුවලදි ටීෂර්ට් කැප්, වගේදේවල් යම්තරමක වියදම් අධික ප්‍රචාරන කලාවක් ඒවුනත් හොඳයි වගේ හිතෙනවා
මේවා කවුරුන් හෝ සපයනවා. හයසීයට අඩුවෙන් කර ගන්න පුළුවන්.
Deleteමං ආස නෑ බෙන් ටෙන් ට, මාර වයලන්ස්!! හැබැයි කතාව නං ටොප්!
ReplyDeleteමටත් ඕක පෙන්න බැරි වුණේ, මගේ මල්ලිගේ පුතා රවාගෙන ඉන්න විදිය දැකලා.
Delete