Sunday, May 25, 2014

පාපන්දු ලෝක කුසලානයේ සුරතළුන් ...... Official Mascots of FIFA World Cup

තවත් සති තුනකින් බ්‍රසීලයේ රියෝ ද ජෙනීරෝ නගරයේදී  ඇරඹෙන පාපන්දු ලෝක කුසලානය හරියටම මාසයක් පුරා පැවැත්වෙනු ඇති. ඒ සඳහා ලෝකයේ පාපන්දු ක්‍රීඩා කරනා කළාප වලින් කණ්ඩායම් 32ක් මේ වනවිටත් තෝරාගෙන අවසන්. පස් වතාවක්ම ජූල්ස් රෙමිට් නම් මෙම කුසලානය හිමිකරගත් ප්‍රබල බ්‍රසීල කණ්ඩායම මෙවරත් එය සතු කර ගනී යන විශ්වාසය බොහෝ දෙනා තුල තිබෙනවා. ඒ වගේම විචාරකයන් පවා එවැනි මතයන් පල කරනවා. නමුත් අද අප සලකා බලන්නේ පාපන්දු ලෝක කුසලානය සමගම අපට නිරතුරු සිහිපත් වන තවත් දෙයක් වන ලෝක කුසලාන සුරතලුන් පිළිබඳව.

http://www.pinterest.com
1966දී බ්‍රිතාන්‍යයේදී පැවැත්වූ තරගාවලියත් සමග ෆිෆා ලෝක කුසලානය සඳහා සුරතලුන් හදුන්වාදීම සිදු වුනා. එදා පටන් මේ දක්වා පැවැත්වූ සියලුම ලෝක කුසලාන සඳහා මැස්කොට් හෝ මේ සුරතලුන් හඳුන්වා දුන්නා. මෙහි ආකෘතිය පැවැත්වෙන රටට ආවේනික දෙයක් මත පදනම් වනවා. ඒ එක්-එක් වසරවල සුරතලුන් ගැන අප දැන් සලකා බලමු.

1966 බ්‍රිතාන්‍යය -  මෙම පළමු ලෝක කුසලාන සුරතලා තෝරා ගත්තේ ඒ සඳහා පැවැත්වූ තරගාවලියකින් පසුවයි. World Cup willie යනුවෙන් මෙම තෝරා ගැනීමේ තරගාවලිය හඳුන්වනු ලැබුවා. ලංකාවේ වගේම එංගලන්තයේත් ජාතික සත්වයා ලෙස සැලකෙන්නේ සිංහයා. එනිසා එංගලන්ත කොඩියෙන් නිමවන ලද ටී ෂර්ට් එක මත "WORLD CUP" යනුවෙන් සටහන් කර තිබුනා.

1970 මෙක්සිකෝව  - ජුආනිතෝ යනුවෙන් හැඳින්වූ මෙම සුරතලා, මෙක්සිකන් පාපන්දු ඇඳුමින් සහ "සොම්බ්‍රේරෝ" නම් මෙක්සිකානු තොප්පියකින් හැඩගැන්වුනා. එම තොප්පියේ  "MEXICO 70" යනුවෙන් සටහන් කර තිබුනා. ජුආනිතෝ යන නාමය මෙක්සිකෝවේ වැඩියෙන්ම භාවිතා වන නමක් වන "ජුවාන්" යන නම ආශ්‍රිතව නිර්මාණය කරන ලද්දක්.

 1974 බටහිර ජර්මනිය - බර්ලින් තාප්පයෙන් නැගෙනහිර බටහිර වශයෙන් වෙන්ව පවතී සමයේදී බටහිර ජර්මනියේදී පැවති මෙම තරගාවලිය වෙනුවෙන් නිර්මාණය කල සුරතලා ටිප් සහ ටැප් යනුවෙන් නම් කළා. ජර්මන් ඇඳුමින් සැරසුණු කුඩා පිරිමි ළමුන් දෙදෙනක් ටිප් සහ ටැප් ලෙස මෙම 74 සුරතලුන් බවට පත් වුණා.  එම ටී ෂර්ට් වල ඉංග්‍රීසි WM සහ 74 යන්න මුද්‍රණය කර තිබුණා. WM යනුවෙන් සටහන් කලේ Weltmeisterschaft යන ජර්මානු වදන. එහි තේරුම වනුයේ ලෝක ශූරතාවය යන්නයි.

1978 ආර්ජෙන්ටිනාව - ගුආචිතෝ ලෙසින් නම් කල කුඩා පිරිමි ළමයෙකු අර්ජෙන්ටිනා ඇඳුමින් සැරසී සිටිනු මෙම මැස්කොට් එකෙන් දැක්වුණා. එම සුරතලා පැළඳ තිබෙන තොප්පියේ ARGENTINA '78 යනුවෙන් සටහන්ව තිබුණා. එයටම ගැලපෙන් ගෙල පළඳින ලේන්සුවක් සහ සතුන් පාලනය කරන කෙවිටක් මේ ළමයා අත ඇති ලෙස නිර්මාණය කර තිබුණා.

1982 ස්පාඤ්ඤය - නරන්ජිතෝ යනුවෙන් නම් කල මෙය දොඩම් ගෙඩියක් ලෙස පෙනී සිටින පාපන්දු ක්රීදකයෙකුගෙන් සැරසුණා. සුපුරුදු පරිදි පවත්වන රටේ පාපන්දු ඇඳුම් වලින් එයද සැරසී සිටිනු පෙනුණා. නරන්ජිතෝ යන නම ස්පාඤ්ඤ භාෂාවෙන් දොඩම් සඳහා භාවිතා කරන නරන්ජා යන වචනයෙන් සාදා ගන්නා ලද්දක්.

1986 මෙක්සිකෝව - මෙක්සිකෝව ප්‍රසිද්ධියක් උසුලුන මිරිස් කරලකින් 1986 සුරතලා නිර්මාණය කෙරුණා. පිකේ යනුවෙන් නම් කල සාම්ප්‍රදායික උඩු රැවුලකින් සහ මෙක්සිකානු තොප්පියකින් සැරසුණා. පිකේ යන නම පිකැන්තේ යනුවෙන් සැර යන තේරුම සහිත ස්පාඤ්ඤ වදනින් බිඳී ආවක්.

1990 ඉතාලිය - කෝටුකිතයි රූපයක් පාපන්දු ක්‍රීඩා කරන විලාසයක් මෙම මැස්කොට් එක වශයෙන් යොදා ගැනීම විශේෂයක්. එහි හිස පාපන්දුවක් ලෙස ගෙන, ශරීරය ඉතාලියානු කොඩියේ පාටින් සරසා තිබුණා. මෙය නම් කලේ සියාඕ ලෙසින්. එය ඉතාලි සුබපැතුම් පතන වචනයක්.

1994 එක්සත් ජනපදය - ඇමෙරිකාවේ සුලබම සුරතලා වන බල්ලෙකුගේ හැඩරුවින් මෙය සංකේතවත් වුණා. සුපුරුදු පරිදි පවතින රටේ පාපන්දු ඇඳුමින් එයද සරසා තිබුණා. "USA 94" යන වදනද එහි සඳහන්ව තිබුණා. එය නම් කලේ "Striker, the World Cup Pup" යනුවෙන්.

1998 ප්‍රංශය -  ප්‍රංශයේ ජාතික සංකේත වලින් එකක් වන කුකුළා ඒ සඳහා තෝරා ගත්තා. ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ නිල ඇඳුම මත FRANCE 98 යනුවෙන් මුද්‍රණය කර තිබුණා. ෆූටික්ස් යනුවෙන් නම් කල එය, පාපන්දු සංකේතවත් වන Foot සහ Asterix යන විකට නම් දෙක එකතුවෙන් සාදන ලද්දක්. මේ සඳහා විකල්ප ලෙස රැෆී(Raffy), හෞපි(Houpi)  සහ ගැලික් (Gallik) යන නම්ද යෝජනා වුණා.

2002 දකුණු කොරියාව සහ ජපානය - ප්‍රථම වරට ආසියාවට ලැබුණු මෙම තරගාවලිය පැවැත්වුනේ ජපානය සහ දකුණු කොරියාව යන රටවල් වල. පරිගණක මගින් නිර්මාණය කරන ලද සත්ව රූප තුනක් මේ සඳහා යොදා ගත්තා. ඔවුන් නමින් අටෝ(Ato), කස් (Kaz) සහ නික්(Nik) ලෙස නම් කෙරුණා. මෙයින් අටෝ පුහුණුකරු ලෙසස්ද අනෙක් දෙදෙනා ක්‍රීඩකයින් ලෙසද නම් කෙරුණා. Atmoball යනුවෙන් හැදින්වෙන මනඃකල්පිත පාපන්දු ක්‍රීඩාවේ ක්‍රීඩකයන් ලෙස මේවා යොදා ගත්තා. මෙම නම් තෝරා ගත්තේ අන්තර්ජාලය සහ මෙම රටවල් දෙකේ මැක්ඩොනල්ඩ් අවන්හල් වලට යනෙන ජනතාවගේ මත විමසුමකින්.

2006 ජර්මනිය - ගෝලියෝ VI ලෙසින් නම් කෙරුණු මෙය සිංහයෙකු අතෙහි පාපන්දුවක් තබාගෙන සිටින අයුරක් පෙවන්නක්. මෙම සිංහයා පැළඳ සිටින ටී ෂර්ට්ය මත අංක 6 සටහන්ව තිබුණා. ගෝලියෝ යන වදන Goal සහ Leo යන වදන් එකතු කර සකසන ලද්දක්. මෙම පාපන්දුව පිල්ලේ (Pille)  ලෙස නමුත් කෙරුණා. එය ජර්මන් බසින් පාපන්දුවට කියන වෙනත් නමක්.

2010 දකුණු අප්‍රිකාව - මෙය නම් කලේය සකුමි(Zakumi) යනුවෙන්. එය දකුණු අප්‍රිකාවට ආවේනික දිවියකු ලෙසින් හැඩ ගන්වුනා. Za යනුවෙන් දකුණු අප්රිකාවද Kumi  යනුවෙන්  අප්‍රිකාවේ භාවිතා වන බොහෝ භාෂාවලින් දහය ලෙසට ගැනෙන වදනත් සටහනේ කෙරුණා. මෙම දිවියාගේ හිසකෙස් කොළපාටින් සහ ශරීර කොටස් රත්‍රන් පාටින් සලකුණු කලේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නිලධාරීන් ඇඳුමේ වර්ණ සිහිගන්වන්න.

2014 බ්‍රසීලය -
bbc.co.uk
ආර්මඩිලෝ කියන්නේ වඳවෙමින් යන සත්ත්ව  කොට්ඨාශයක්. ෆුලේකෝ නමින් හඳුන්වන මෙම සුරතැලා බ්‍රසීල් 2014 යනුවෙන් සටහන් ටීෂර්ට් එකක් පැළඳ සිටිනවා. ෆුලේකෝ නාමාවලිය Football සහ Ecology යන වදන් වලින් සැකසූවක්. 

46 comments:

  1. සුදීක ගෙන මං බලාපොරොත්තු වුනා මේ වගේ විස්තරයක්. හොයා ගන්න පුළුවන් නම් ඊලඟට දාමුද හැම වාරයකම "ගෝල්ඩන් බූට්' එක ගත්ත අයගේ විස්තර ටිකක්

    ReplyDelete
    Replies
    1. ගෝල්ඩන් බූට් .. හැක්
      ඔවත් බූට් ද බං අපි කාපු බූට් වලට.. ගනින්න වෙන්නෙ ගෝනි ගනං වලින් ..
      අපි දීපුව ගනං වැටෙන්නෙ නෑ නේද ???
      ඔන්න පුතා ලියාගනිං පත්‍තර් මල්ලිගෙ නම ලිස්ට් එකේ උඩින්ම ..

      Delete
    2. @ඉවාන් : ඉඩ ලැබෙන විදියට බලමු.

      @පත්තර මල්ලි : ඒවා ලිව්වොත් කී දෙනෙක් ඉඳීද ?

      Delete
    3. හෙහ්...හෙහ්....සුදික මල්ලි...+++++++++++++

      Delete
    4. හෙහ්...හෙහ්.....සුදික මල්ලි+++++++++++++++++++

      Delete
  2. මගේ මතකයේ ඔයින් ‍රැඳිලා තියෙන්නේ මෙක්සිකන් මිරිස් කරල.

    ReplyDelete
  3. ස්තූතියි අයියෙ විස්තරයට.

    ඔය තරඟාවලිය අපේ රටේ පැවත්තුනොත් (2222 දි හරි කමක් නෑ.) මොන වගේ සුරතලෙක්ද හොද?

    ReplyDelete
    Replies
    1. අපි ගන්න ඕනේ වලි කුකුළා.

      Delete
  4. කවුරුත් දැක්කද ESPN එකෙන් එලියට දාපු පෝස්ටර් ටික.නියම පෝස්ටර් ටිකක්.බලන්න වටිනවා

    ReplyDelete
  5. සුදික පක්ෂෙ මාරු කරලවත්ද (ක්‍රිකට් වලින් පුට්බෝල් වලට ) මොනවා උනත් හොඳ විස්තරේ

    ReplyDelete
    Replies
    1. දෙකටම එක වගේ කැමතියි. දැන් ක්‍රිකට් වැඩි නිසා වර්ල්ඩ් කප් එකයි. එංගලන්තේ කලබ් මැච් ටිකකටයි සීමා වෙලා.

      Delete
  6. ලංකාවෙ ජාතික සත්වයා සිංහයා නෙමෙයි ලොකු මාමෙ..දඩු ලේනා....ජාතික පක්ෂියා වලි කුකුලා, ජාතික වෘක්ෂය - නා, ජාතික පුෂ්පය - නිල් මානෙල්

    ReplyDelete
    Replies
    1. ඔව්. ඔබ නිවැරදියි. නමුත් අපේ කොඩියේ ඉන්න සිංහයා වඩාත් ජනප්‍රියයි.

      Delete
    2. මේ විස්තරයත් වැදගත්

      Delete
    3. මාත් කියවන්න පං ගන්න කොටම ඕක තමා දැක්කෙ...
      ජනප්‍රිය භාවය වෙනයි.. ඒත් ඉන් ඇගවෙන කරුණ වෙනයි...
      සරලවම කියනව නං වැරදි පූර්වාදර්ශයක්...

      Delete
    4. ජාතික සත්වයා කියලා යොදාගන්නවා නම් නිවැරදි සතාගෙ නම එතැනට එන්න ඕනෙ...තොරතුරයි නිවැරදි වෙන්න ඕනෙ.සමාජය සිතන පතන විදිය නෙමෙයි.

      Delete
    5. Practice is above the law කියලා කියමනක් අහල තියෙනවද ?

      Delete
  7. වැදගත් විස්තර ටිකක්...

    ජය වේවා!!!

    ReplyDelete
  8. මගේ කමෙන්ට් එක නෑ..

    ReplyDelete
    Replies
    1. මෙන්න තියෙනවා. හැබැයි මගෙත් Chrome බ්‍රවුසර් එකෙන් දාන කමෙන්ට් මකර කටට යනවා.

      Delete
  9. වැදගත් කරුණු ටිකක්.. මේ පාර කප් එක ගැන තාම එච්චරම උනන්දුවක් නැති හන්දා මේ පාර මැස්කොට් මොකද්ද කියල දැනගත්තෙත් දැනුයි මම..

    ReplyDelete
    Replies
    1. කව්රුත් ඇහුවේ නැති ප්‍රශ්නයක්. ඇයි මේ මැස්කොට් එකක් මේ වගේ තරගාවලි වලට දාන්නේ ? හේතුව කුඩා ළමුන්ගේ සිත් ඇද-බැඳ ගන්න. ඒ වගේම වෙළඳාම් කරන්න.

      Delete
  10. උඹ ඉතිං අහුමුලු අගිස්සල අපිව දැනුවත් කොරන එකා වෙච්චි....
    ඉවාන් මලය කිව්ව එකත් කරහන් මලේ......

    ReplyDelete
    Replies
    1. ඒකත් කරන්නම්. සයිබර් අවකාශේ පාපන්දු වලට උනන්දු අය අඩුයි වගේ.

      Delete
  11. පාපන්දු / කුිකට් නම් සුදික.. එල පට්ට සුපිරි

    ReplyDelete
  12. ඉඩක් ලදොත් තරගයක් බලනවා ඇරෙන්න මගේ නෑ මේ ගැන වැඩි ඇල්මක්

    ReplyDelete
    Replies
    1. මම දන්නවා ඔයා වොලිබෝල් වලට නම් කැමති බව.

      Delete
  13. ස්තූතියි .
    මාත් පුට් බෝල් වලට කැමතී ... ඒත් මේ වගේ විස්තර හොයන්න හිතිල නෑ...
    වටින විස්තරයක්...
    මම ඉහතිං දක්වපු වැරැද්ද හැරුණු කොට අන් සියල්ල සදහා ඔබට ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ඔය ජාතික සත්වයා ගැන ඒ ගැන හිතන්නේ නැතිව තමයි සටහන ලිව්වේ. සමහරවිට එංගලන්තයටත් ලිඛිත ජාතික සත්වයෙක් ඇති.

      Delete
    2. ENGLAND-----LION
      SCOTLAND----UNICORN

      Delete
  14. ඔය 98 සතා ගහපු ෂර්ට් එකක් තිබ්බ මතකයි මටත්... වටින කියන තොරතුරු ටික

    ReplyDelete
  15. හ්ම්.. එච්චර මනාප ක්‍රීඩාවක් නෙවෙයි.

    ReplyDelete
  16. ඉතාලි වචනය - Ciao- චාඕ

    ReplyDelete
    Replies
    1. හෙලෝ, ගුඩ්බායි වැනි දෙයක් තමයි "චාඕ" කියන්නේ.

      Delete
    2. මේ වචනය අහලා තිබුනත්, ඒකෙ spelling මේක බව දැනගෙන හිටියේ නෑ. බොහොම ස්තූතියි දැනුවත් කිරීමට.

      Delete
  17. නොදන්නා කරුණු රාශියක් දැණගත්තා. ස්තූතියි සුදීක!

    ReplyDelete
  18. මාත් ක්‍රිකට් වලට වඩා ෆුට් බෝල් වලටනං ටිකක් හරි ආසයි.
    හොඳ විස්තරයක්.

    ReplyDelete
  19. අපිට ගැලපෙන්න වලිකුකුළා,මිහරකා,බුරුවා වගේ සත්තු තමයි ගොඩක් වෙලවට...:D
    තරගාවලියට ආකර්ශනයක් ගෙන්න මේකත් හේතුවක් වෙනවා ඇති නේද...?

    ReplyDelete
  20. Germany සිට ගුවනට එක්වෙන lanka Radio ගුවන් විදුලි වැඩ සහ සටහනින් ඔබේ මේ ලිපිය අපි මේ සෙනෙසුරද ගුවනට එක්කරන්න හිතාගෙනේ ඉන්නේ කරුණාකර ඔබේ නම අපට ලියා එවන්න අපි මේ සමග මේ වසරවල ගීත වාදනය කරන්න සුදානම් කර තිබෙනවා our Email: lankaradio@outlook.com .... Thanks so much Ranjan

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...