Wednesday, April 10, 2013

නාමේ නොදිරනා.....

මේ අප කුඩා කාලයේ ඇසූ ගීතයක පළමු වදන් කිහිපයයි. ඉන් කියවෙන්නේ, "කෙනෙක් මල පසු ඔහුගේ ශරීරය දිරා පත් වුවත්, ඔහු සිටි කාලයේ කලදෙවල් මත ඔහුගේ නම චිරාත් කාලයක් කථාබහට ලක් වනවා ඇත" යන්නයි. එම කතාවේ කිසි වරදක් අදටද අපට නොපෙනේ. එහෙත් මට ඇති ගැටලුව  සිංහල බෞද්ධ අප, අපේ දරුවාට නම් තැබුයේ මේ කියමන වැරදියට වටහාගෙනදැයි යන සැකයයි. 
පින්තුරය ගත්තේ : www.123rf.com

මේ දේ මගේ සිතට ඇති වී බොහෝ කලක් වෙතත්, මෙය යලිත් මගේ සිතේ ඉහල තැනකට ගෙන එන්නට ආසන්නම හේතුව පසුගිය ඉරිදා පොලිස් ක්‍රීඩාංගණයේ පැවති මහජන බැංකුවේ අලුත් අවුරුදු උළෙලයි. එහිදී මට පැවරුන රාජකාරිය, ජයග්‍රාහක/ජයග්‍රාහිකාවන්ගේ නම් මුද්‍රණය කර අපගේ ලේකම් තුමා වෙත ලබා දීමයි. මෙය බැලූ බැල්මට ඉතා පහසු රාජකාරියක් නොවේද යන සිතිවිල්ල, මෙය කියවන ඔබට පමණක් නොව, එදින අව්වේ කර වෙමින් විනිශ්ච කටයුතු වල යෙදුන මගේ මිතුරන්ටද, එදින එයට සහභාගී වී මාදෙස බලා ඔරවාගෙන ගිය බොහෝ අයටද ඇති වෙන්නට ඇත. 

මේ රාජකාරිය මට කල හැකිදැයි මගෙන් ක්‍රීඩා සමාජයේ ලේකම් අජිත් රත්නායක මහතා විමසා සිටි විට මා පවසා සිටියේ "බෙන්තොට ක්‍රීඩා සමාජයේ අවුරුදු ගණනාවක් මට ඔය රාජකාරිය ගැන හොඳ පළපුරුද්දක් තියෙනවා" කියාය. පරිඝනකයක් ඇහැකට දකින්න නොතිබූ ඒ කාලයේ සියලු තරග සඳහා ඇතුලත් වීමේ නමාලේඛන සහ ජයග්‍රාහී නාමලේඛණ මගේ අතින් සැකසිනි. ඒවායේ කිසිදු වරදක් නොවන්නට මා වග බලා ගන්නට හැකි වුවේ, එහි එන බොහෝ නම් මගේ දෙසවනට හුරු වූ නිසාවෙනි. ඇත්තටම එහි පොල්අතු විවීම, පොල්ගෑම සහ සූප්පුවෙන් කිරිබීම තරග සඳහා සෑම වසරකම ලියවෙන නම් තුනක් ඇත. මා ඒ ලැයිස්තු වල ඒ නම් තුන කලින්ම ලියාගෙන සිටීමට පුරුදු වී සිටියා. ඒ නම් තුන අදටත් මට මතකය ඒ. කේ. පුංචිනෝනා, ලිලී ඒකනායක, පී. ජොසලින් ඒ තිදෙනාය. බොහෝවිට මේ නම් තුන ලබා දෙන්නේ තිදෙනාගෙන බාලයා වූ ලිලී ඒකනායකය. ඒ වනවිටත් මා ඒ නම් තුන ලියා අවසන්ය. 

එම නම් ගැන මා විශේෂයෙන් සඳහා කිරීමට හේතුවක් ඇත. ඒ නම් මා අසා ඇත්තේ පස්-හය වතාවක් . ඒ වගේම  අවුරුද්දට එක වතාවක්. නමුත් මේ නම් මගේ හිතේ සටහන් වන්නට හේතු මා සිතා බැලුවෙමි. ඒ ඒවා සරල වීම, රටේ පොදු නම් වීම යන කාරණයා. නමුත් අද අපට කුඩා දරුවන් දහ දෙනෙකුගේ නම් මතක තබා ගත හැකිද? ඒ තරමට එකිනෙකට වෙනස් නම් දහස් ගණනක් ඇත. ඒ වාගේම කුඩා දරුවකුට තමන්ගේ නම හරියට උච්චාරණය කිරීම සහ නිවැරදිව ලිවීමට අඩුම තරමේ අවරුදු දහයක් වත් පසු විය යුතුය. නමුත් ලිවීම සම්බන්ධයෙන් නම් පැරණි නම් වලද ගැටළු ඇත. ඒ ඥානවතී, ඥානපාල වැනි නම් වලය. 

මහජන බැංකු සේවක පිරිස් දස දහසකට කට ආසන්නය. මින් තුන්දහසකට වඩා වැඩි පිරිසක මෙයට සහභාගී වුවා යන්න මගේ විශ්වාසයයි. අප එක තරගයකට ඇතුලත් කර ගත උපරිම සංඛ්‍යාව සියයකි. ඒ නම් සියල්ල අප ඇතුලත් වීමේ ලැයිස්තු වශයෙන් ඇතුලත් කර නොගත යුතුයි යන්න මා කමිටු රැස්වීමක කල ඉල්ලීමකි. අප කලේ ඔවුන්ට කුඩා තුන්ඩුවක් ඒ වෙනුවට ලබා දී, ජයග්‍රාහ කයන්ගේ නම් පමණක් සටහන් කර ගැනීමය. එහෙත් එසේ ලියාගෙන එන ජයග්‍රාහකයන්ගේ නම් ඇතුලත් කර ගන්න ගොස් මා විඳි දුක දන්නේ මා අසල සිටි අකිල පමණකි. බොහෝ විට මේ නම කුමක්දැයි අකිලගෙන් විමසුවේ සක හැර දැන ගැනීමටයි. කෙනෙකුට තමන්ගේ නම වරදවා ආමන්ත්‍රණය කරනවා තරම් වේදනාකාරී දෙයක් නොවන බව මා දනිමි. 

ලෝකයක් දේවල් කියා මා ඔබ ඇදගෙන ආවේ මෙන්න මෙතනටය. මෑතකාලීනව අප දරුවන්ට නම් තැබීමේදී වඩා උනන්දු වුවේ, කාටවත් නැති අනන්‍ය නමක් තබන්නටය, ඉතා ඉහල තේරුමක් ඇති නමක් තබන්නටය. නමුත් මේ නම තැබූ ඔබට වැඩිහිටි වූ පසු ඔවුන් සාප කරාවී යයි ඔබ සිතුවාද ? මේ නම පහසුවෙන් ඔවුන්ට උච්චාරණය කල හැකිදැයි ඔබ සිතුවාද ? පහසුවෙන් ලියන්න හැකිදැයි ඔබ සිතුවාද ? 

මහජන බැංකුව පරිඝනකගත කිරීමේ කාර්යට සක්‍රීයව දායක වූ මට, ශ්‍රී ලංකාවේ බොහෝ පළාත් වල තිබෙන නම්, ගම්, වාසගම් පිලිබඳ හොඳ අවුබෝධයක් ඇත. එහෙත් අද කුඩා දරුවන්ගේ නම් කියවන්නට ගොස් වැටෙන අමාරුව මා අමුතුවෙන් විස්තර කල යුතු නැත. අනාගතයේ සියලුම අයට කෙටි(නික් නේම්) නමකින් ආමන්ත්‍රණය කරන්නට සිදු වනවා සිකුරුය. 

මට හමු වූ නම් කිහිපයක් මෙසේ ඔබ හමුවේ තබන්නේ ඒවායේ තිබෙන හාස්‍යෝත්පාදක ගතිය හාඅසීරු බව ඔබට පසක් කිරීමටය. තනුලි, මන්දිනි ,කලේන්ද්‍ර, රිද්මින්, සත්නිධු, මෙහඳු, මේතුප, බිම්පත්,  කවීජ, යෙහන්සා ,බිනන්දී, හෙහන්සා. මේ නම් සියල්ල වයස අවුරුදු 10ට අඩු දරුවන්ගේය. සියළු නම් ලේඛනගත කළා නම අද මෙම සටහන අංග සම්පූර්ණ කරන්න හේතු වනවා ඇත. ඒත් මා කියාගෙන යන දේ කුමක්දැයි මේ වනවිටත් ඔබට වැටහී ඇත. 

මේ මාතෘකාවට අදාළ නැති වුවත් මට රාජකාරි දිවියේදී හමු වූ, උප්පැන්න ලේඛණගත කිරීමේ ගැටළු ඇති වූ කාන්තා නම් දෙකක් ගැන නොකියාම බැරිය. එක් මහත්මියගේ නම රෝහණ බව පැවසු විට මා කිහිප වතාවක් ඇසූවත් එය ඇයගේ නමම විය. තවත් ශාඛාවක හමු වූ සමනා නමැති මහත්මිය මුස්ලිම් හෝ දෙමළදැයි මා වෙනත් සේවකයකුගෙන් ඇසූ විට පවසා සිටියේ එය ප්‍රින්ටින් මිස්ටේක් එකක් බවය. මෙවැනි දේද සමාජයේ සුලභය. 


නමුත් උප්පැන්නයේ තිබෙන නම් කුමක් වුවත් කටට එන නමෙන් කෙනෙකු ආමන්ත්‍රණය කරන අවස්ථාද මා දැක ඇත. එවැනි විටක අර දෙවෙනි නම ඔවුන්ගේ නියම නම ලෙස ලියාපදිංචි වනවා ඇත. මගේ දෙපාර්තමේන්තුවේ සේවය කරන ධම්මික එවැනි අයෙකි. නමුත් ඔහුගේ නියම නම දම්මිත් ය. එය දන්නේ බොහොම කලාතුරකින් කෙනෙකි. 

දිනක් දරුවාට නමක් තැබීමට ප්‍රසිද්ධ ලේඛිකා යමුනා මාලනී පෙරේරා මහත්මිය හමුවට පැමිණි කෙනෙක් තමාගේ දරුවාට "ෂ" යන්න තිබෙන නමක අවශ්‍ය බව පවසා ඇත. එවිට ඇය ලබා දී තිබෙන උත්තරය වී ඇත්තේ "වොෂින් මැෂින්" කියා නම් තබන ලෙසය. 


මේ සටහන අවසන් කරන්නට මා කදිම කතාවක් තෝරා ගත්තා. සමහර දෙමව්පියන් තමන්ගේ දරුවන්ට තමන්ගේ ආශාවන් අනුව නම් තැබීමට උනන්දු වනවා. මගේ මිතුරෙක් වන වසන්ත මහතා සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සිතාර් භාණ්ඩය වාදනය ප්‍රගුණ කල අයෙක්. ඔහු තම දියණියට නම් තැබුයේ සිතාරා කියාය. එහි කිසි වරදක් මම නොදකිමි. ඇත්තටම එය ලස්සන නමකි. නමුත් සුහද හමු වලදී ඇය දකින මගේ මිත්‍ර චුලන්තට සිහියට එන කතාවක් ඇත. ඔහු ඒ සෑම විටකකම ඇයට ඒ කතාව කියයි. ඒ 

"කොහොමද තාත්තට ඒ කාලේ සිතාර් ගහන්න හිතෙන්නේ නැතිව ගැටබෙරේ ගහන්න හිතුණා නම්"

මට හිතුනේ ඒක නොවේ, දවුල, තම්මැට්ටම වගේ තවත් සංගීත භාණ්ඩ බොහොමයක් ඇත. ඉන් එකක් වසන්තගේ ඇස නොගැටීම සිතාරාගේ වාසනාවක් කියාය. 

මෙහි නම් ගම සඳහන් කිරීමෙන්, මෙහි නම් සඳහන් වන කිසිවකුට අගතියක් කිරීමට බලාපොරොත්තු නොවූ අතර, තවමත් දරුවන් නොලැබූ, ඉදිරියේදී දරුවාට නම් තැබීමට අවස්ථාව ඇති ඔබට කරන කාරුණික ආයාචනය නම ඔබේ දරුවාට පහසුවෙන් කියවන්න, ලියන්න හැකි නමක් තබන ලෙසය.  

77 comments:

  1. හෙහ්.. රාවණාට ගොට්ට අල්ලපු අයයි ඒයාලගේ දුලයි තමා වැඩියෙන් වගකියන්න ඕන ඕකට. දිව අඤ්ඤකොරොස් වෙන නං තමා බං දැං තියෙන්නේ.. කුනුහරුපත් තියේ...

    ReplyDelete
    Replies
    1. බොහොමයක් ඒවා කුණුහරප වගේ තමයි.

      Delete
  2. අපේ මේ නම් තැබිල්ල ගැන මමත් ලියලා තියනවා කලකට ඉහතදී
    අනේ අපේ නම් තැබිල්ල

    ReplyDelete
  3. ගුරුවරුන් තමා මේකෙන් වැඩිම අමාරුවේ වැටෙනවා ඇත්තේ . මේ දිව උලුක්කු වෙන නම් කියවන්න ගියාම :D

    ReplyDelete
  4. කියවන්න බැරින්ම් "අහුබුදු" නමක් වෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. එතුමා ඉල්ලුමට සැපයුම දීලා තියෙන්නේ.

      Delete
  5. එදිරි කියනවා වගේ කියවන්න බැරි නමක්නම් අහුබුදු නමක්ම තමා, දැන් එයාගේ දුව තමයි වැඩෙකරන්නේ.
    මාත් ඔය මෝඩකම කරලා තියෙනවා. අන්කොමන් නමක් දරුවට තිබුනට මොකද එයාට අනාගතයේදී වදයක් වෙයිද මන්ද..

    ReplyDelete
    Replies
    1. දුව විතරක් නෙවි දුවගෙ දුවත්, ඉල්ලුමේ තරමට සැපයුම

      Delete
    2. මේ එදිරිත් කියල තියෙන්නේ.

      Delete
  6. මාත් දැකල තියෙනව ඔය අහුබුදු නං සෙට් වල ඔය මඤ්ඤං නම් තියෙනව. මමනං අපේ ළමයට නම තියනකොට වෙලාවට ගැලපෙන අකුරු අපේ අයිය කෙනෙක්ගෙන්ම අහගෙන මට ඕන හැටියට තමයි නම තියාගත්තෙ.

    ය‍කෝ ඔය එක එකාට ඕන හැටියට අපේ ළමයින්ට නං තියන්න ඕනියැයි.

    ReplyDelete
    Replies
    1. අහුබුදුට වෙලාවදුන්නම එයාlist එකක් එවනවා, එකෙන් කැමති එකක් තමයි තෝරාගන්නේ, එයාට ඕන එක නෙවෙයි අපි දාන්නේ. මන් කිව්වේ මමත් කල මෝඩකම ගැන.:D

      Delete
    2. මං ඒ ලිස්ට් එක දැකල තියෙනව. මේ ඊයෙත් කෙනෙක්ට මේල් එකකිං ආපු එකක් ඩවුන්ලෝඩ් කරල දුන්න. :D

      Delete
    3. කීයක් ගත්තද ? D

      Delete
  7. istuti...Sudika Ayya. ai danawda? Magei wife gi tirnaya hari kiyala ada hituna.
    "Savinda" mage Baba.
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. ඒ නම නම් සරලයි. මගේ මල්ලිගේ පුතාටත් තියෙන්නේ ඔය නම.

      Delete
  8. මට මැවිලා පේනවා සු දී ක එදා ඔයා වැටිලා හිටිය අමාරුව..

    ReplyDelete
  9. // කෙනෙකුට තමන්ගේ නම වරදවා ආමන්ත්‍රණය කරනවා තරම් වේදනාකාරී දෙයක් නොවන බව මා දනිමි. // මේක දැක්ක ගමන් මට මතක් වුනේ ගෙට් එකේදි නොහික්මුණු ඇය ව :D

    ඇපෝ ඔව් දැන් තියන නම් කියවගන්නත් බෑ,, ළමයත් එක්කත් තරහා යනවා ඒ වෙලාවට,, අපේ ඉස්කෝලේ ඉන්නවා,, නෞකි, බිනරි,පොසොණි,සේසධී, කියලා නංගිලා 4 දෙනෙක්,, :/

    මගේ නමත් අපේ අම්මා දාලා තියෙන්නේ,, නම් දෙකම,, ම්ම්ම් ශම්මි කියන්නේ මගේ(ඇත්ත) නම නෙවෙයි,, ඇත්ත නම් දාලා තියෙන්නේ අම්මයි තාත්තයි කැමති විදියට,,

    ReplyDelete
    Replies
    1. බිනරි කියන නම නම් පරණයි.

      Delete
    2. //නෞකි, පොසොණි// පිස්සු හැදෙයි. :D

      Delete
  10. අනේ අම්මෝ.. මතක් කරන්න එපා... දවසක් මං ගියා මාමගේ පොඩි එකාව මොන්ටිසෝරියෙන් ගන්න... ටීචර්ලා පොඩි උන් ටිකගේ නම් ටික කිය කිය කෑ ගහනවා ඇහිලා උන්ට වෙන ගානක් දෙන්න වෙනවා කියලා හිතුනේ.. ඒ තරම් විකාර නම්....

    මගේ නමත් ඔය වගේ .. අන්කොමන් හින්දා නෙවෙයි අවුල තිබ්බේ.. පළවෙන් අවුල ආවේ ශිෂ්‍යත්තේ පාස් වෙලා අර ෆොම් පුරවන්න ගිය වෙලාවේ.. නම දිග වැඩියි....

    කො‌ෙහාම හරි ඒක කරගත්ත කියමුකෝ... රස්සාවට ගියාට පස්සේ මට එන පණිවිඩ ඔෆිස් එක වටේ යනවා.. මොකද එහා පැත්තෙන් කියන නම මෙහා පැත්තට ඇහෙන්නේ වෙන විදියකට.. ඉතිං එක වගේ නම තිබ්බ දෙන්නෙක් හිටපු නිසා පුදුම දුකක් තිබ්බේ.. පස්සේ මම නම වෙනස් කළා.. දැන් තාම පාවිච්චි කරන්‌ෙන් ඒ වෙනස් කරපු නම තමයි....

    ඔන්න බලන්නකෝ.. ඉස්සරහදි ඔය විකාර නම් තියපු ළමයි අම්මලට සාප කරනවා මොනවද මේ දාපු නම් කියලා... වැඩි දෙනෙක්ට තියෙන නම් ජීවිතේට ෆොන් එකෙන් පැහැදිලිව කියන්න බෑ.. ස්පෙල් කරන්නම ඕනේ....

    ReplyDelete
    Replies
    1. මටත් දුක හිතෙන්නේ දැන් ඉන්න ගුරුවරු ගැන.

      Delete
  11. ඒ කාළේ අපේ නම් වලටත් මිනිස්සු හිනාවෙලා තියෙන්නේ ඔහොම තමයි. මේක අපේ උරුමයෙන් එන ලෙඩක් සුදීක. අපේ මිනිස්සු වෙනසට අකමැතියි, බයයි. අපේ රටේ භාෂාව නිසා ඕනම නමක් පහසුවෙන් කියන්න පුළුවන් ජාතියක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වෙනසට අකමැතියි බයයි. මේ දැන් අයි.පී.එල්. බලාගෙන ඉන්නකොටත් මට හිතුනේ ඕකම තමයි. කපිල් දෙව් වුනත් ඒකෙ ෆොර්මැට් එකට නටනවා. අපේ අය (විසේසඥ විස්තර විච්කාරකයෝ) ඔහොම කරයිද ?

      Delete
  12. කිව්වත් වගේ මේ නම් තැබිල්ල ළමයෙක් හදනවට වඩා අමාරු කාරියක් වගේනෙ.
    ඔය අහුබුදුගෙන් නම් ගන්න එයා ගාවටම යන්න ඕනේ නැ.රුපියල් 350/- එයාගේ බැංකු ගිණුමට දාල රිසිට් එක ෆැක්ස් කලාම නම් 5,6 එයා අපිට ෆැක්ස් කරනවා.හැබැයි ඉතිං ඒවා ලොවෙත් නැති නම්ම තාම.

    ReplyDelete
    Replies
    1. තව ටිකක් යනකොට ඕක ඔන්ලයින් වෙයි.

      Delete
  13. මම නං හෙන කැමතී අමුතු නම් වලට..එතකොට ඒ නම තියෙන්නේ මට විතරනේ. ඉතින් හෙන ආඩම්බරයි ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හුඟක් කල් ගිහින් තමයි ආඩම්බර වෙන්න වෙන්නේ.

      Delete
  14. නොහිතපු පැත්තක් ගැන හිතන්න සැලස්සුවට ස්තුතියි.

    ReplyDelete
  15. කාලේ හැටියට නමුත් නවීකරණය වෙනවා මොනවා කරන්නද ඉතින්! සමහර නම් ඇත්තටම උච්චාරණය කරන්නත් අමාරුයි!

    ReplyDelete
    Replies
    1. ලෝකේ සංකීර්ණම නම් තියෙන්නේ අපටද දන්නෑ?

      Delete
  16. ඇයි සුදීක අය්යේ නම් විතරයිද ?නාම කොහොමද?ලගදි එකවුන්ට් එකක් අරින්න ආවා 18 විතර පිරිමි ළමයෙක්,නාමේ - එළුබිජ්ජි රාලලාගේ ,මං බැලුවා ඒත් වැරදිලාද කියලා,නෑ හරිලු,ඉතින් ඒ ළමයා සමාජයේ කොච්චර අපහසුතාවයට පත්වෙනවාද මේ නම් නිසා

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තේ හිටියා තුප්පහිගේ, ලොකු අරක්කුගේ කියලා දෙන්නෙක්.

      Delete
  17. සිංහල නම්, හොඳ මාතෘකාවක්...

    සමහර නම් හරි අමුතුයි තමා.. ඔය අලුත් නම් දාන ස්ටයිල් එක අපිට විතරක්ම ආවේනික වෙච්ච් එකක්ද මන්ද.. එංගලන්තෙ එහෙම එදත් හිටියෙ ජෝන්ලා, ඩේවිඩ්ලා, තෝමස්ලා, අදත් ඉන්නෙ උන්ම තමා..

    මම හිතන්නෙ ලෝකෙ දිගම නම් තියෙන්නෙ සිංහලයන්ට.. මට රැකියාවෙදි දිනපතා හම්බෙනවා නොයෙක් ජාතින්ගෙ පාස් පෝර්ට්.. අපේ තරම් දිග නම් මම දැකලම නෑ.. ඔෆිස් එකේ උනුත් පුදුම වෙනවා අපේ නම් දැක්කම.. උන් ඒවා කියවන්න විදින දුක දැක්කම අපිට ඇඬෙනවා.. හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පාස්පෝර්ට් නම් වලට නම් මේ නම් දිග වැඩියි. ඇයි ක්‍රෙඩිට් කාඩ් වලට.

      Delete
  18. මගේ අම්මේ ඇත්ත! මමත් ඔය අලකලංචියට මුහුණ දෙනවා සමහර ඉස්කෝල වලට ගිහින් පොඩි උන්ට පොත් බෙදන්න වගේ ගිහාම! නම කියෝගන්න බෑ!!!!

    ReplyDelete
    Replies
    1. ඒකට ඉතිං නාදියාට ළමයි ඉන්න කාලෙට සරල නම් දාන එකයි තියෙන්නේ.

      Delete
  19. නම අනුව පරම්පරාව කියන්න පුලුවන් එකම රට ලංකාවද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. අයි හොයන්න දෙයක් නෑ. මෙහෙ විතරයි.

      Delete
  20. අයෝනි කියලා ගෑණු ළමයිනුත් ඉන්නවා....

    ReplyDelete
    Replies
    1. අපේ ඔෆිස් එකේ ඉන්නවා ලියෝනි.

      Delete
    2. හා....හා....අපි දන්නවා....

      Delete
  21. මහේ නමත් අන්කොමන් නමක්.මම මුල් කාලේ නමට මාරම විදියට වයිර කරා.මිනිස්සු ඒක අමුතු විදියට කියන කොට..ඒ උනාට දැන් නම් මම කැමතියි නමට.මිනිස්සුන්ට මතක තියනවා.එක පාරක් ඇහුවොත්.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ නම ලස්සනයි.

      Delete
    2. ඒ කියන්නේ තෝ අපිට ඉස්කෝලේ කාලේ වයිර කොරාද??නෙද්දකින් මිත්‍ර ද්‍රෝහියා

      Delete
  22. දැන් කාලේ තියෙන නම් මතක තියාගන්ට බෑ.

    හොඳ තේරුමක් තියන, හොඳට මතක තියන ලස්සන නම් තියන එක තමා හොඳ.
    හරිය්ට ප්‍රවීනා වගේ...:D:D

    ReplyDelete
    Replies
    1. ප්‍රවීනා = නිපුනි.

      Delete
  23. දැන් කාලේ තේරුමක් තියන නම් කිය කියා දාන්නෙම කියවගන්න බැරි නම්.. මට නම් සැකයි ඇත්තටම ඔය තේරුම එනවද කියලා. මට මතකයි ඔෆිස් එකේ අයියා කෙනෙක් අහබදු මහත්තයගෙන් නම් අරගෙනත් ඒවා දැම්මෙ නෑ මේවා අපිට කියවන්නත් බෑ කොහොමද පොඩි එකා කියන්නෙ කියල..

    ReplyDelete
    Replies
    1. ඔය තේරුම් පොදු මහජනයා දන්නේ නැත්නම්, නම කියවෙනකොට තේරුම එන්නේ නැත්නම්, වැඩක් තියෙනවද ?

      Delete
  24. නම් ගැන ඕන තරම් කතා තියනව. ලංකාවෙ නම් තරම් වෙනස්වෙන නම් ලෝකෙ කොහේවත් නැතුවඇති. එංගලන්තෙ ඉන්න නෑදෑයෙක් දවසක් මම එක්ක එහෙ නම් ගැන කතා කරකර හිනා වෙනව. චූටි එවුන්ට පීටර්, ආතර්.. කියල කියනකොට අපේ එවුන්ට හිනා.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම උන්ට ක්‍රෝ, බර්ඩ්, අන්ඩර්වුඩ්, කූක් වගේ නමුත් තියෙනවා.

      Delete
  25. නම් වල කතන්දරේ නම් පිස්සු හැදෙනවා තමා..මට මතක්වුනේ චීන කොරියානු ජපන් වගේ රටවල්වල දාලා තියන නම්...එකම නමින් 1000ක් විතර ඉන්නවා ඉතින් වෙන් කරලා අඳුරගන්න රටවටේ යන්න වෙනවා ඇති..

    ඒ අතින් බලපුවාම අපි ඉන්නේ අනිත් අන්තයේ..

    ReplyDelete
    Replies
    1. ඔයා කිව්වම මතක් වුනේ. කොරියානු පිරිමින්ගෙන් 92% කට කිම් කියන නම තියෙනවලු.

      Delete
  26. ලංකාවෙ පොඩිඋන්ට තියෙන නම් ගැන නං කතාකරල වැඩක් නෑ උන්ට ඕක තේරෙන්නෙ ලොකු වුණාමයි,අනේ ඒ අහිංසකයො මොනා කරන්නද දෙමව්පියන්ගෙ ගොන්කම් වලට.
    මගේ ළමයට නං මමමයි නම දැම්මෙ දීල තිබ්බ අකුරු වලට දසුන් කියලා

    ReplyDelete
    Replies
    1. එහෙම රැඩිකල් වෙන්න හැමෝටම බෑ. මගේ දුවගේත් වාසගමේ තියෙන අනවශ්‍ය කෑලි ඉවත් කරන්න මම උත්සාහ ගත්තා. ඒත් මගේ දෙමව්පියෝ දැඩි සේ ඉල්ලා හිටියා එහෙමම තියන්න කියලා.

      Delete
  27. ලැබුණු රාජකාරියත් සමග කැටි කර ඇති විස්තරය ඉතාමත් වැදගත්.හදිසියෙන් කෙනෙකු කතා කරන මතෘකාවක්.ඇවිද්ද ප යේ ඇති විශේෂතාවයද එයම වේ.

    ReplyDelete
  28. ඉස්සර නාවින්නෙ විජේරාමෙ හිටිය වයසක ජෝතිෂය කටයුතු කරන ගමාරිය මහත්තය කියල [හරිනම මම හිතන්නෙ ගම ආරිය]ඔහු දරුවගෙ වෙලාව බලල දුන්නෙ නමේ මුල සහ දෙවැනි නම් වලට මුලකුරු පමණයි.
    දෙවැනි දරුවට නමකට අකුරු ගන්න අහුබුදු පියාගෙ ගෙදරට ගිහිල්ල ඉද්දි වෙන්න ජෝතිෂය දුවගේ පිළිගැනීමෙන් පස්සෙ දරුව ඉපදිච්ච වෙලාව අහල කොළ වගේක ගණන් හදල දුවට කතා කරල කොළ පෙන්නලා කිව්ව මොනව හරි.මට නම් 50ක් විතර තියෙන කොළ 2ක් ලැබුන.ඉලක්කන් 4ක ගාන කිව්ව.
    මමයි බිරිදයි ඒ නම් කියව කියව එද්දී ඒ නම් වලින් ටුවර්ස් කියල බස් යනවත් දැක්ක.
    ඉතින් සුදික,ගම ආරිය මහත්තයල දුන්නෙ අකුරු.අනිත් අය කලේ මුදලට හකුරු තමයි.

    ReplyDelete
    Replies
    1. මමත් ඔය ලයිස්තුවක් දැකලා තියෙනවා. ඒකෙ "අම්බුජා" කියලාත් තියෙනවා. දරුවෙකුට දාන්න වටිනම නම. :)

      Delete
  29. තව එකක් සුදීක අයියේ නම් දහයක් විතර තිබිල අන්තිමට තාත්තගේ නම තියන එක. මොකක හරි ලියන්න ගියාම ඉඩ මදි. ඉතින් අකුරු ටික දාල අන්තිම වචනේ විතරක් ලියනවා. කෙල්ලෙක් ද කොල්ලෙක්ද කියල හොයන්නත් බෑ. හැබැයි ඉස්සරත් තිබිල තියනවා නේද මරු නම්.

    කිරිසන්ඩුහාමි, නමිනා ඔන්න ඔහොම ඒවා. :)

    ReplyDelete
  30. මේ රටවල මිනිස්සුනම් ඉතින් සීයාගේ නම තමා මුනුබුරාටත් දාන්නේ. කොහොමට තියෙයිද අපිටත් රොසලින්, මැගිලින් වගේ නම් වැටුනානම්. නරකත් නෑ :)

    ReplyDelete
    Replies
    1. සයුරි කියන එකට රොසලින් කියන එක කිට්ටුවෙන් යනවා වගේ නේද ? :)

      Delete
  31. සම්පූර්ණ ඇත්ත සමහර ළමයින්ගේ නම් මෙලෝ රහක්නෑ ඒ වගේම තේරුමක් දන්නෙත් දෙයියො විතරයි.

    මෑත දවසක එක කාන්තාවක් මා හමුවට ඇවිත් දරුවෙකුගෙන් නමක් වෙනස් කර ගන්න උපදෙස් ඉල්ලුවා. ලමයට දාල තිබුණේ " මහීෂ" කියලා තේරුම නොදැන දාලා. දරුවා පාසල් යන්න ගියාමයි වැරැද්දේ බරපතල කම වැටහුනේ නමේ තේරුම "හරකා" කියන එක ඉතින් කාට කියන්නද

    ReplyDelete
  32. කතාවනම් සම්පූර්ණ ඇත්ත අයියේ.. අපේ අක්කගේ ළමයට දාපු සම්පූර්ණ නම මට තාම හරියට මතක නෑ..

    ReplyDelete
    Replies
    1. මේක කිව්වම මතක් වුණේ, අපේ ආච්චි දැන් ජීවතුන් අතර නෑ. ආච්චි ඉන්න කාලේ එයාගේ දරුමුනුපුරන්ගේ නම්, උපන්දින හරියටම මතකයි.

      Delete
  33. ජාතියේ නම් තබන්නා මේකට ලොකුවටම උර දුන්න බව තමා මගේ හැඟීම. අහුබුදුවන් වියෝ වුණත් එතුමන් නම් විශාල සංඛ්‍යාවක් හදලා ගිය නිසා තාමත් ඒ නමක් දාලා තමන්ගේ දරුවාට නම දැම්මේ අරිසෙන් අහුබුදු කියලා ආඩම්බරෙන් කියන්න අපේ අයට පුලුවන් :D

    ReplyDelete
  34. සුබ අලුත් අවුරුද්දක් වේවා සුදීක අයියාට සහ පවුලේ සැමට..!

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...