Wednesday, February 20, 2013

ආදරය... ආදරය..... ආදරය...... සහ ආදරය ......

හැම එකටම දිනයක් වෙන් කරන බටහිරයෝ පහුගිය 14 වෙනිදා වෙන් කරලා තිබ්බේ ආදරයට. මේ ගැන දැන් මොනවා කථා කරනවද කියල ඔබට හිතෙන්න පුළුවන්. ෆේස්බුක් එක දරුවන්ට, තරුණයින්ට හානියක් කරනවා කියන කතාව මම පිලි ගන්නේ නෑ. මොකද ඔය ඕනෑම එකක් හොඳ පැත්තට යොදා ගන්නවා නම් එහෙමයි, නරකට යොදා ගන්නවා නම් ඒත් එහෙමයි. හැබැයි මේකේ වැඩි හරියක් සංසරණය වෙන්නේ අසික්කිත දේවල්, මඩ ප්‍රහාර, ඒ වගේම විකට දේවල්.  මම ප්‍රතිපත්තියක් විදියට බෙදා ගන්නේ(share) කෙනෙකුට ජීවිතයට එකතු කර ගන්න පුළුවන් දෙයක්, දුර්ලභ ඡායාරුපයක්, එහෙමත් නැත්නම් වීඩියෝවක් පමණයි.  මාව ටෑග් කරලා දාන පින්තුර වලින් මම ටෑග් අයින් කරන අවස්ථා එමටයි. 

 පහුගිය දා හතර වෙනිදා කවුරුත් වැලන්ටයි දිනයට රෝසමල්, කේක්, ආදරවන්තයින්ගේ පින්තුර shere කරන විට මට දකින්න ලැබුණා Think Different කියන facebook පිටුවෙන් දාපු මෙන්න මේ කොටස 


Its love, ♥when a little girl puts her energy to givedad a headmassage.
... Its love, ♥when a wife makes tea for husband andtake a sipbefore him.
Its love, ♥when a mother gives her son the bestpiece of cake.
Its love, ♥when ur friend holds ur hand tightly on aslipperyroad.
Its love, ♥when your brother messages you and asksdid youreach home on time..
Love is nott just a guy holding a girl andgoing around.Love is wen u send a small msg to yurfrens to mk them smile♥ Luv ♥ is actually a name of "care"..
Happy valentine's day ♥


මේක තේරුම් ගන්න බැරි කෙනෙක් ඉන්නවා නම කියන්න, මම පරිවර්තනය දාන්නම්.  මගේ අද පොස්ට් එකට පදනම වැටෙන්නේ මේක වුනත් අද උදේ පහට ඇහැරිලා පුරුද්දට වගේ facebook එක බැලුවම දකින්නට දේ තමයි මගේ පොස්ට් එක සරසන්නේ. අදත් සුපුරුදු හලාල් සටන පිලිබඳ පින්තූර, වීඩියෝ, සහ ප්‍රකාශන මුළු පිටුවම් අරක් ගෙන නොතිබුනාම නොවේ. ඒත් අද වාසනාවකට මගේ මිතුරන් දෙදෙනක් share කර තිබූ වීඩියෝ දෙකක් මා අමුතුම ලෝකයකට ගෙන ගියා. පින්තුරක් වචන 1000 කට වඩා වටිනවා කියන්නේ පැරණි වගේම ජනප්‍රිය කියමනක්. වීඩියෝවක් වචන කීයක් වටිනවාදැයි මා ඔබෙන් ඇසුවොත්? අඩුම ගන්නේ වචන 999 ක් වටිනවා යන්න මගේ උත්තරය. 

ඉහලින් මා දක්වපු Think Different වෙතින් ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් කල ප්‍රකාශය කෙතරම් වටිනවාදැයි බලන්න. සමහරවිට ඔබ මේ වනවිටත් මෙය දැක තිබෙන්න පුළුවන්. මෙහි සරල තේරුම ආදරය යනු ප්‍රේමවන්තයන්ට පමණක් සීමා නොවුණු දෙයක් බව. ඒ අනුව ආදරය කොතනත් තිබෙනවා.  මා මුලින්ම ඔබේ අවධානය යොමු කරන්නේ අද උදේ මට දකින්න ලැබුණු මෙන්න මේ වීඩියෝවට. එය නම් කර තිබුනේ "You will not believe your eyes!!!" (ඔබේ දෑස් අදහා ගත නොහැකි වනු ඇත). නමුත් එහි අවසානයේ ඔවුන් පවසන වාක්‍යයෙහි  මෙලෙස සටහන් වී තිබුණා. 

"A love story for our time from the heart of the Pacific" 


එහි සරල තේරුම 


පැසිෆික් සාගරයේ හදපතුලින් එන අපේ කාලයේ ආදර කතාව

 (සෙන්නාගේ ඉල්ලීම මත මහත් පරිශ්‍රමයකින් මෙම වීඩියෝව අප්ලෝඩ් කරන ලදී)

වගේ එකක්. මා එය විස්තර කරන්න යන්නේ නෑ ඔබම නරඹන්න.  මොකද හිතෙන්නේ. මිනිස් සංහතියේ කෙනෙකු වශයෙන් පුදුම ලැජ්ජාවක් ඇති නොවේද ? නැහැ යන්න ඔබේ පිළිතුර නම ඔබ තුල ආදරය නැතැයි යන්න මගේ නිගමනයයි.  මේ වීඩියෝව share කර තිබුනේ මා මිත්‍ර තිලක් ලියනවඩුගේ. ඔහු හොඳ මානව හිතවාදියෙක්. ඒ වගේම සත්ව හිංසනයට විරුද්ද පුද්ගලයෙක්. අද ජීවත් වෙන්නේ ජර්මනියේ. 

ඊළඟට මගේ බැංකු ඒ වගේම ක්‍රිකට් සහෘදයෙක් වන ශාන්ත උදය කරුණාරත්න share කර තිබූ මේ වීඩියෝව මා දුටු හොඳම ඒවායින් එකක්. ඔබේ හිත ඕනෑම ආකාරයකින් තැලී තිබෙන විටෙක නැරඹිය යුතු එකක්. එයත් මොහොතක් නොහිතාම share කරන්න මා පසුබට වුනේ නෑ. මගේ දියණිය ඇහැරවා එය පෙන්වනකම් මා සිටියේ නොයිවසිල්ලෙන්. එය නම් කර තිබුනේ ලොව ලස්සනම වීඩියෝව නමින්. තවත් වචන 999 ක් වැය නොකර එහි සබැඳියාවත් පල කරන්නම්.

ලොව ලස්සනම වීඩියෝව
 (සෙන්නාගේ ඉල්ලීම මත මහත් පරිශ්‍රමයකින්  මෙම වීඩියෝව අප්ලෝඩ් කරන ලදී)

 රොජර් ෆෙඩරර් කියන්නේ මා කැමතිම ක්‍රීඩකයන්ගෙන් කෙනෙක්. ඔහු ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා. ලෝකයේ වැඩියෙන්ම මුදල් උපයන ක්‍රීඩකයින් අතර ප්‍රමුඛ ස්ථානයක ඉන්න කෙනෙක්. මාත් ඇතුළුව ඔහුගේ ෆේස්බූක් මිතුරු හවුලේ මිලියන 12.5 ක රසිකයින් පිරිසක් ඉන්නවා. දකුණු අප්‍රිකාවේ ලිම්පෝපෝ ප්‍රාන්තයේ තිබෙන ළමා නිවාසයකට ගිය මොහොතක. පහලින් තිබෙන වචන 1000ක් වටිනා පින්තුරය බලන්න. 
පින්තුරය ගත්තේ https://www.facebook.com/Federer?fref=ts

ඔබ කියයි ඔහු ජනප්‍රියත්වය උදෙසා මේ දේවල් කරනවා කියා. එහෙත් අපේ රටේ කෝටිපති ක්‍රිකට් ක්‍රීඩකයන් කී දෙනෙක් ඉන්නවාද, තමන් ඉගෙනගත් පාසල දිහාවත් නොබලන. 



මම fecebook වල ඉන්න ජනප්‍රිය චරිත කිහිපයක් සමගම මිතුරුකම් ඇති කරගෙන තිබෙනවා. එහෙම කරන්නේ සමහරවිට මා තුල ඉන්න රසිකයා ඉස්මතු වී වෙන්න පුළුවන්. කාංචන කොඩිතුවක්කු නමැති ටෙලිනාට්‍ය නළුවාත් ඉන් කෙනෙක්. ඔහු සමග ඇති කර ගත් මිතුරු කම කෙතරම් වටිනවාද යන්න පසක් වුනේ මේ කතාව දැක්කට පස්සේ.  පහලින් තිබෙන වචන 1000ක් වටිනා පින්තුරය දෙස බලන්න

පින්තුරය ගත්තේ : https://www.facebook.com/sudeshbahrain


ඔහු මේ කඳුළු පෙරාගෙන අඬන්නේ ඔහු කල අධම ක්‍රියාවක් නිසා ඇති වූ ලැජ්ජාව නිසා නොවෙයි. ඔහු විසින් ඔහුගේම මංගල උත්සවයේ බජට්ටුවෙන් ඉතිරිකරගත් මුදලින් රාගම රණවිරු සෙවනේ සිටින අබාධිත සෙබළ සොයුරන්ට කෘතීම පාද 50ක් පරිත්‍යාග කල මොහොතේ සංවේදී බව දරා ගන්න නොහැකිව.  මා කිසි දින දැන-නොහඳුනන සුදේශ් කරුණාතිලක මහතා එම පින්තුර ඇල්බමයට එක් කර තිබූ සටහන නම් කර තිබුනේ 
කාංචනයක් වූ කාංචන ඔබ අපිට ආදර්ශයක් .. 

යනුවෙන්.  


ඉතිං මේ කතා වලින් පැහැදිලි වන්නේ ආදරයට තැනක් නොතැනක්, වර්ණයක්, උස්-මිටි බේදයක්, වයස් බේදයක් නොමැති බව නොවේද ?

ෆේස්බූක් නරක තැනක් යයි කියන්නේ කොහොමද ? එය හොඳ තැනක් හෝ නරක තැනක් කර ගැනීම ඔබ සතු වගකීමයි. බ්ලොග් ලෝකයටද ඒ කතාව ඒ ආකාරයෙන්ම වලංගුයි. 

49 comments:

  1. පසුවට අදහස් දක්වමි.. ස්තුතියි පොස්ට් එකට

    ReplyDelete
  2. ඔබගේ කතාවට මා එකඟ වෙමි. නමුත් කුඩා දරුවෙකු නාවන සිද්ධීය නම් මට හැඟි යන්යේ ආදරය අතිශෝක්තියෙන් පෙන්වීම සඳහා කරන ලද විඩියෝවක් බවයි. ඒ මට සිතුන ආකාර මිසක් තහවුරුවක් නොවේ.

    ReplyDelete
    Replies
    1. මව්වරු දරුවන් වැසිකිලි වලේ දමා යන යුගයක, දරු සෙනෙහස පෙන්වීමට අතිශෝක්තිය යොදා ගැනීමේ වරදක් තිබේද ?

      Delete
  3. කුරුළු වීඩියෝ එකනං බලලා මාත් ෂෙයා කරා...
    ඇත්තටම ඇඩෙනවා ඒ සත්තුන්ට අපි කරලා තියෙන අපරාදේ දැක්කම...
    කොච්චර විදවලද සමහර සත්තු මැරෙන්නේ...
    ඕකෙම තව වීඩියෝ එකක් තිබ්බා සත්තු මැරෙන්න කොච්චර වෙලා පණ අදිනවද කියලා...
    ඒකත් හොයං බලන්න සුභාෂ් අයියේ..
    ලංකාවට අවශ්‍ය කාන්චනලා වගේ ආදර්ශමත් නළුවෝ තමයි...
    මීට කලිං ඔය වගේම සුරාජ් මාපා ඇතුළු කට්ටියකුත් දානයක් දුන්නා මතකයි..
    ප.ලි
    සුදේශ් කරුණාතිලක නං අද එනවා ලංකාවට...
    හිකිස්...

    ReplyDelete
    Replies
    1. පුලුවන්නම් ලින්ක් එකක් දාපං තරියෝ.

      Delete
  4. මමත් දැක්කා අර කාංචනගේ පෝස්ට් එක... ඒකනම් සිරාම වැඩක්!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජා නම් ඉතින් ජර්මන් ආදරේනේ හෙව්වේ.

      Delete
  5. ආදරය කියන එක වරදවා වටහා ගන්න එක කොහෙත් තියෙන දෙයක්. උදහරණයක් හැටියට නව යොවුන් වයසේ කෙනෙක් හිතන්නෙ ආදරය ඒ වයසට විතරක් අයිති බූදලයක් කියලා. සමහරුන්ට ආදරය කියන්නෙ ටැබූ වචනයක් වරදවා වටහා ගැනීම නිසාම. සමහරුන්ට I love you කියන්නෙ පට්ට කුණුහරපයක්.

    Facebook ගින්දර වගේ.

    හොඳට නරකට පාවිච්චි කරන හැටියට තමයි.

    ReplyDelete
    Replies
    1. මගේ දුවගේ ගිය අවුරුද්දේ ටීචර් කිව්වා "ළමයි ඇවිත් කියනවා කියලා අරය මට I love you කිව්වා කියලා. එතකොට ඇය උත්තර දී තිබෙන්නේ. Love is good thing, everybody should love each other කියලා.

      Delete
  6. අගනා පෝස්ටුවක් සු දී ක. මොන විදියට අර්ථකථන දුන්නත් මෙවන් දේවල් හරිම සංවේදියි. දානයක් දෙන්න ඕන නැ නිකන් රණවිරු සෙවණට ගොඩවන්න දැසට කඳුළක් උනනවා සිකුරුයි. රණවිරු සෙවණ හොදයි අභිමන්සලකට ගොඩවදින්නකෝ තත්ත්වය දැක ගන්න..අපට නිදහසේ හුස්ම ගන්න ඉඩ ලබා දී ඒ විරුවන් දිවි ගෙවන අයුරු..ලස්සනට කවි ලියන අපේ මිතුරු බ්ලොග් කාරිණියක් දවසක් මට කිව්වා රණ විරු සෙවණට ගොස් ඇවිත් මට හිතෙනවා අම්මලා මොනවා කිව්වත් මේ කොල්ලෙක් බැඳගන්න කියලා.. ඒ කෙල්ලට මගේ උත්තමාචාරය..ඇගේ රැකවරණය පිණිස මා මෙහි ඇගේ නම නොලියමි.

    ReplyDelete
    Replies
    1. අපිත් දැනට අවුරුදු තුනකට විතර කලින් එතන භක්ති ගීත කිව්වා. හරිම සංවේදී අවස්තාවක්.

      Delete
  7. මාත් ඔය වීඩියෝව දැක්කා..

    හරිම සංවේදි පෝස්ට් එකක්. ජය !

    ReplyDelete
    Replies
    1. මේ වනවිට ෆේස්බුක් හරහා මෙය ඔබ වෙත ලැබී තිබෙන්නට පුළුවන්.

      Delete
  8. සුදීක ඔය වීඩියෝ දෙක බ්ලොග් එකට අප්ලෝඩ් කරන්න බැරිද ? මම ෆේස් බුක් පරිහරණයක් නෑ..

    පුදුමෙකට වගේ මටත් මේ ලඟදි ඔය සුදීකට ආපු ප්‍රශ්නෙම ආවනෙ.. වචන දාහකට වැඩිය එක පින්තූරයක් වටිනවනම් වීඩියෝ එකක වටිනාමකම කීයද කියලා.. මගෙ තක්සේරුව පින්තූරෙ ගානට වැඩිය වැඩියි කියන එකයි.. ඒත් සුදීක ඒක අඩුවෙන් දැම්මෙ ඇයි කියලා මට ප්‍රශ්ණයක්..

    කංචන් කොඩිතුවක්කු කියන්නෙ මම ප්‍රියකරණ දක්ෂ නළුවෙක්.. ඔහු මෙවැනි සංවේදී චරිතයක් කියලා දැනගන්න ලැබීම ඇත්තෙන්ම සතුටක්..

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔයාගේ ඉල්ලීම ඉටු කරා.

      පින්තුරයක් දිහා ඔබට බලාගෙන ඔබට කැමති දෙයක් හිතෙන ජනිත කරගෙන ඒ ඔස්සේ හිතන්න පුළුවන්. එක්-එක් අයට එකම පින්තූරය තුලින් වෙනමම රචනාවක් ගොඩ නගා ගන්න පුළුවන්. ඒත් වීඩියෝවේ ඔවුන් ගොඩ නගා තිබෙන දර්ශනය අප රස විඳිය යුතුයි.

      Delete
    2. කරදර කරන්න වුනාට සමාවෙන්න සුදීක. එච්චර අමාරු වෙන බව දන්නවනම් ඉල්ලන්නෙත් නෑ..

      පින්තූර, වීඩියෝ කතාවෙ මට නොහිතුන පැත්තක්.. හැබැයි එහෙම ගත්තොත් අකුර/වචන තමා ප්‍රභලම වෙන්නෙ නේද ? අපිට ඕනා ඕනා විදිහට චිත්ත රූප, සංකල්ප මවා ගන්න පුලුවන්නෙ.

      Delete
  9. මම අද ඔබ FaceBook එකේ ෂෙයාර් කරපු කාංචනාගේ විස්තරය කියෙවුවා ගොඩාක් සංවේදී මොහොතක් කියල මට තේරුණා ඒ කෙටි සඳහනින්ම.

    ReplyDelete
    Replies
    1. ඔව් එතනට ගියාම ඕන කෙනෙකුට ඇසට කඳුළු එනවා.

      Delete
  10. තවමත් මනුස්සකම් තියෙන අය කීපදෙනෙක් හරි ඉන්නවා කියන එකට සාක්ෂි තමයි මේ..

    ReplyDelete
  11. හරිම සංවේදී පෝස්‍ටුවක් සුදීක.
    මේ පෝස්ට් එක දාන්න තිබ්බෙ 14/15 වගේ දිනක ආදරයේ සැබෑ අරුත තේරුම් ගන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒත් මේ වීඩියෝ දෙක ලැබුනේ ඊයේ උදේ.

      Delete
  12. vedio දෙකම හරිම ලස්සනයි සුදීක. අම්මා දරුවාව නවන වීඩියෝ එකට මාමා හරිම ආසයි. පොඩි දරුවෝ කිඅන්නේ ලෝකේ ලස්සනම වගේම වටිනාම දේ. අර ටෙනිස් ක්‍රීඩකය අප්‍රිකානු දරුවා එක්ක ඉන්න පින්තුරේ ගොඩක් ලස්සන එකක්. අපිට ආදරේ දකින්න පුළුවන් හොඳම කට්ටිය පොඩි දරුවෝ කියල තමා මට හිතෙන්නේ මොකද එයාල ගව ඊර්ෂ්‍යාව නැති නිසා ආදරේ පිවිතුරුයි.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මෙතන දරුවා නාවන්නේ වෛද්‍යවරියක්. ඒක තමයි විශේෂත්වය. දරුවා කාගේ වුනත් සෙනෙහස මතු වෙනවා.

      Delete
  13. mata adahana baha....
    I can't believe it...mama dakpu hodama video eka.
    Jayawewa

    ReplyDelete
    Replies
    1. මේවා ගත්ත සුදු මහත්වරුන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඔවුන් තමන්ගේ රටට මෙන්ම අනෙකුත් රටවලටත් ආදරය කරනවා.

      Delete
  14. කුරුල්ලන්ගේ වීඩියෝ එක බලනකොට පුදුම කලකිරීමක් එන්නේ...

    ReplyDelete
  15. මම අර දරුවා නාවන එක බැලුවෙ හුස්ම හිරකරගෙනයි වතුරෙ නහය යට යනකොට මගෙ බඩ පපුව දෑවා. පොඩ්ඩක් නවත්තලයි ඉතිරිය බැලුවෙ.. සුදීක කියන කතාව සම්පූර්ණ ඇත්ත.. බුකිය පැත්තකින් තියල ආගම් ගමුකො.. අද ආගම් පාවිච්චිවෙන්නෙ බේද භින්න කරන්නයි ඇන කොටාගන්නයිනෙ. ඒත් ඒවාගෙ අරමුණ ඊට හාත්පසින්ම වෙනස් නේද ?

    ReplyDelete
    Replies
    1. මේ වගේ මාධ්‍යක් ඔය වගේ සුන්දර දේවල් වලට කොයි තරම් පාවිච්චි කරන්න පුලුවන්ද ?

      මේ කතාව කිව්වා හින්දා කියන්නම්. මේ වගේ හොඳ දෙයක් ලිව්වම ලැබෙන හිට්ස් ප්‍රමාණය, අර මොකක් හරි වල්පල් කතාවක් කිව්වම ලැබෙන ඒවගෙන් බාගේකටත් අඩුයි. අපේ මිනිස්සු හිතන විදිය ඔතනින්ම තේරුම් ගන්න පුළුවන්.

      Delete
  16. ආදරය කියන්නෙ වචන වලට පෙරලන්න බැරි හැඟීමක් සුදීක..බොහො දේ සිතන්න පෙළඹවපු පෝස්ටුවට ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. //ආදරය කියන්නෙ වචන වලට පෙරලන්න බැරි හැඟීමක් //

      මේක තමයි මෙතනින් අපි තේරුම ගන්න ඕනේ යථාර්තය.

      Delete
  17. අර යටම ෆොටෝ ඒකෙ ඉන්නෙනම් නියම මහත්මයෙක් ඈ...අන්න මිනිස්සු...ඒත් දැන් ඒ වගේ මිනිස්සු අඩුයි දෙයියනේ

    ReplyDelete
    Replies
    1. ඒ ඇල්බම් එකේ ෆොටෝ තව තිබුණා. මගේ හිතට වැදුන එක තමයි මම දැම්මේ. මගේ ජීවිතෙත් මේ වගේ අවස්තාවක් තිබුණා. ඒ ගැන මම ලියන්නම්. ඒකත් මේ වගේම සොදුරු අත්දැකීමක්. ඔයාගේ කමෙන්ට් එකෙන් ඒක මතක් වුනේ.

      Delete
  18. මනුස්සකම් තමයි, මම කුරුළු විඩියෝ එක නම් බැලුවේ නැ,අනික තමයි බැලුවේ... අර කාංචන නම් පුදුම කෙනෙක්, ඕකටයි රට හදනවා කියන්නේ... ලොකු ක්මෙන්ටුවක් පස්සේ කොටන්නම් අයියණ්ඩියා...

    ReplyDelete
    Replies
    1. තියෙන අඩුපාඩු ගැන විවේචනය කරනවට වඩා, තමන්ට කරන්න පුළුවන් දේ කරන එක හොඳයි.

      Delete
  19. අන්තර්ජාලය පුරාම විසිරෙන්නෙ කිසිම වැදගත් කමකින් යුතු දේවල් නෙවේ. කලාතුරකින් විදින්න පුලුවන් දේවල් දකින්නේ ඉදහිටලා.ඒ නිසා මටත් ඔය ගැටලුවම තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මේවා හරියට තිරුවාණා අතර තියෙන මැණික් වගේ.

      Delete
  20. ආදරයට මේ පොස්ට් එකෙන් දීපු අර්ථය නම් බොහොම වටිනවා මචං.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙම දැනෙනවා නම් සතුටක්.

      Delete
  21. බ්ලොග් ලොවේ මා දුටු සංවේදි සටහනක් අයියෙ.හරිම ලෙන්ගතුකමකින් කියෙව්වේ.මනුෂ්‍යත්වය පිරුණු තැන් වලට මම හරි කෑදරයි.මගේ ජිවිතයේ මම අඩුවෙන්ම දුටුවේ එක නිසා වෙන බැවින්.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. වෙලාවකට මමත් කඳුළු වලට හරි ආසයි.

      Delete
  22. ආදරය පිලිබඳ වෙනම අර්ථ කතනයක්!!!

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම හිතන්නත් පුළුවන්.

      Delete
  23. ෆේස්බුක් එක කියන්නේ පිහියක් වගේ දෙයක්. බෙලි කපන්නත් පුලුවන් පාන් කපන්නත් පුලුවන්

    ReplyDelete
  24. කාංචන ගැන මටත් පුදුම ගෞරවයක් ඇති වුනා...මේ ප්‍ර‍වෘත්තිය මුලින්ම දැකපු දවසෙ...මෙන්න මේ වගේ චරිත තමයි කලා ලොවට වැඩි වැඩියෙන් එන්න ඕනෙ...ඒත් අවාසනාවකට අද ඉන්නෙ පියරු බබාලා ටිකක් සමග අනියම් පෙම්වතුන් රැළක්..

    ReplyDelete
    Replies
    1. වැඩිය ඔන්නෑ දහයක් වත් නෑනේ.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...