Monday, February 25, 2013

කෙටිම කෙටි ලොල් කතා අංක 28 : නලාකරුගේ මරණය

මගේ මිත්‍රරයෙක්ට මේ ළඟදී එයාලගේ තාත්තගේ තුන් මාසේ දානෙට හාමුදුරුවෝ වඩම්මන්න බෙර/නලා කණ්ඩායමක් ගෙන්න ගන්න ඕන වෙලා. එයාගේ තාත්තගේ මළගමට වගේම හත් දවසේ දානේටත් බෙර ගහපු කණ්ඩායමේ සම්බන්ධීකරණ කටයුතු කරන කරුනාසේනගේ මොබයිල් ෆෝන් එකට කතා කරලා. 

මිතුරා : අන්කල් මම මේ ප්‍රසන්න කතා කරන්නේ. අර (ඇඩ්රස් එක කියයි) ඉන්නේ. මතකද අර අපේ තාත්තගේ මල ගෙදරටයි හත් දවසේ දානෙටයි ආවේ. 

කරු : මහත්තයෝ, ඇත්තම කියන්නේ මට මතක නෑ. මොකද අපිටත් දවස් හතේම වැඩ වරදින්නේ නෑනේ. අහල ගං හතකට ඉන්නේ අපි ටික විතරයි. කියන්නකෝ මොනවද ඉතිං වෙන්න ඕනේ.

මිතුරා : අපේ තාත්තගේ තුන් මාසේ දානේ තියෙනවා මේ මාසේ විසි හත් වෙනිදට. එදාට හාමුදුරුවෝ වඩම්මන්න හේවිසි ගහන්න තමා කතා කලේ.

කරු : දෙන්න පුළුවන් මහත්තයා. හැබැයි නලාව නැතුව. 

මිතුරා : මොකක් ? බෙර විතරක් නලා නැතුව. මිනිස්සු හිතයි මං මහ කුණු ලෝබයෙක් කියලා. අනේ අංකල් නලා නැතුව නම් බෑ. ඇයි නලා ගහන එක්කෙනාට මොකද? අසනීපයක් වත්ද? නැද්ද වෙන කෙනෙක්.

කරු : මහත්තයෝ, ඔය නලා ගහන මනුස්සයා හරි උනන්දු මනුස්සයා. නිතරම අලුත් සිංදු පුරුදු වේවි ගැහුවා. මේ ළඟදී ලොකු මුදලාලි කෙනෙකුගේ පිරිතකට යන්න අපි හොඳටම සුදානම් වෙලා ඉන්නකොට තමයි මහත්තයෝ මේ කරදරේ වුනේ. ඒකට අලුත් සිංදුවක් අල්ල අල්ල ඉන්නකොට තමයි මිනිහා මලේ. 

මිතුරා : අයියෝ .... මිනිහා මලාද. හරි අහිංසක මනුස්සයා. ඉතිං ඉතිං මොකද වුනේ. මං හිතන්නේ මිනිහා බොන නිසා වෙන්න ඇති. (මගේ මිත්‍රයාගේ මතකෙට අර කිරුල මුතු ලිහී කියන ගීතය එක පාරටම හිතට ඇවිල්ලා)

කරු : අනේ නෑ මහත්තයා. අපේ ඔය නල ගහපු සමරපාලයා හැම තිස්සෙම අලුත් සිංදු පුරුදු වුණා. දන්නවනේ මහත්තයා අපේ ඔය නලා පාර ගහන්නේ වඩම්මන හාමුදුරුවොත්  නැටවෙන්න.  මහත්තයා දන්නවනේ මිනිහට අල්ලන්න බැරි සිංදුවක් නෑ. මහත්තේලාගේ එක වෙද්දී වගේ මිනිහට තිබ්බ හොඳම සින්දුව තමයි කොලවෙරි එක. ඒක ලස්සනට ගහනවා. ඒ වගේම තමයි මේ දවස් වල රේඩියෝ එකේ යන ජනප්‍රිය සිංදු ඔක්කොම මිනිහා දන්නවා. මේ ළඟදී අඩියක් එහෙම ගහලා අලුත් සිංදුවේ තාලේ අල්ලනකොට තමයි මිනිහට මේ කලබගෑනිය වුනේ.

මිතුරා : ඉතිං ඉතිං මොකක්ද අංකල් ඔය සිංදුව. මං හිතන්නේ "නොදක ඉන්න බෑ වෙන්නැති"

කරු : අපෝ නෑ. ඒක සමරයට පුළුවන්.

මිතුරා : එහෙනං හීනයක් වගේ, හිත හදා ගන්න බෑ, ඔබ මට අහිමි වෙලා, දුක වැඩි තරමට, නිහඬ ගමනේ, හිත දුර හන්දා,  සිනාසෙන්න බෑනේ, පෙරදාක සුසුමක්, ඇහිදරා, මට ඔයා මගේ පණ වගේ?

අපේ මිත්‍රයා දිගටම කියාගෙන ගියා

කරු : නෑ.... නෑ.... මහත්තයා. ඔය එකක් වත් නෙවෙයි. ඒක කියන ගමන් නටන්න ගිහිං නලාවේ කෑල්ලක් උගුරේ හිර වෙලා තමයි මේකා මලේ. අර මහත්තයෝ ආවේස වෙලා වගේ නටන්නේ, අත කරකවා

"ඕපන් ගංගම්  ස්ටාර්" කියලා.  අන්න ඒක.


68 comments:

  1. Replies
    1. පස්සේ කියන්නම්.

      Delete
    2. මම අහන්න ආවෙත් එකම තමා එහෙනම් බලාපොරොත්තුවෙන් ඉන්නවා.මේ පොස්ට් එකේ රසයට බලපෑමක් නොවෙන විදියට දැනගන්න.

      Delete
  2. උපහාසය කදිමය.තෙරුවන සරණයි!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.

      Delete
  3. ඔය දානවලට බෙර, නලා ගහනවට මම නම් විරුද්ධයි. මට හිතෙන්නේ, පේන්ට කරන දේවල් කියලා . ඒ සල්ලිවලින් දුප්පත් ලමයින්ට පොත්, පෑන්, පැන්සල් වගේ දේවල් අරන් දුන්නානම් ඉවරයි.

    මිනිස්සු හදාගත්තු බොරු දේවල් නේද මේවා? හාමුදුරුවරු වඩින බව බෙර ගහලා කියන්ට.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි බෙර ගැහීමේ එක් තේරුමක් තමයි දෙවියන් කැඳවීම. විහාරයේ සිට ධාතු වැඩමවීම අනිත් කාරණය. එම බෙරහඬ නිසා අවට ජනයාට ධාතු කරඬුවට අත ගැසීමේ වාසනාව උදා වෙනවා.

      Delete
    2. හැම එකම තර්කයෙන් මනින්න එපා. ඒ වගේම ඇපලුයි දොඩනුයි සංසන්දනය කරන්නත් එපා. බෙර , හේවිසි , නලා පිම්බීම අයිති වෙන්නේ ශබ්ද පූජා ගණයට. ඉඳුල් , පොත් , පැන්සල් , මල් , පහන් විතරක් නෙමෙයි ශබ්දයත් පූජා කල හැකි දෙයක්.

      ශ්‍රධාවෙන් ශබ්ද පූජා කොට එහි විපාක ලෙස කල්ප ලක්ෂ ගණනක් නිරයට නොගොස් කෙළවර නිර්වාණය අවබෝධ කල තෙරුන් වහන්සේලා ගැන විස්තර අපදාන පාලියේ සඳහන් වෙනවා.

      එහෙම නොවුනත් , මිනිසුන් ශ්‍රද්ධාවෙන් (හරි නැතුව හරි ) කරන පින්කම් වල අහු කොන් හොයන්නේ නැතුව ඒවා සතුටින් අනුමෝදන් වීමට බැරිකම ලොකු අඩුවක්.

      Delete
    3. ඔබේ දැනුම බෙදාගැනීම පිලිබඳ ස්තුතිය.

      Delete
    4. හොරනෑව දැන් බයිලා සිංදු විදියට පිම්බට මම හිතන්නේ ඉස්සර බෞද්ධ ශ්‍රද්ධාව ඇතිවෙන විදියට පාවිච්චි කරන්න ඇති.

      Delete
    5. මේවාට හින්දු භක්තිකයින් විසින් ගහන මෝලං වල ආභාෂය ලැබෙන්න ඇති.

      Delete
  4. ඔප්පන් ගන්දස්සාර් එක නේ! හික්ස්!!!

    ReplyDelete
    Replies
    1. බැරි තාල අල්ලන්න ගියාම නාඩි අප්සැට් වෙනවානේ.

      Delete
  5. ඌප් ඌප් කියන කෑල්ල කියන කොට උඩට අදින්න ඔන වෙලාවෙ වෙන්නැති
    උගුරෙ හිරවෙන්නැත්තෙ

    පව් ඌප් සෙක්සී කියන්න බැරිවෙන්න ඇති

    ReplyDelete
  6. 1.“මහත්තයෝ, ඇත්තම කියන්නේ මට මතක නෑ. මොකද අපිටත් දවස් හතේම වැඩ වරදින්නේ නෑනේ.“
    2.“මහත්තේලාගේ එක වෙද්දී වගේ මිනිහට තිබ්බ හොඳම සින්දුව තමයි කොලවෙරි එක.“
    1 හා 2 පරස්පර විරෝධීයි නේද?

    ReplyDelete
    Replies
    1. //අපේ තාත්තගේ තුන් මාසේ දානේ තියෙනවා මේ මාසේ විසි හත් වෙනිදට//

      මේ කෑල්ලෙන් කරුට තේරෙනවා මාස තුනකට කලින් කතාවක් කියන්නේ කියලා.

      Delete
  7. 1.“මහත්තයෝ, ඇත්තම කියන්නේ මට මතක නෑ. මොකද අපිටත් දවස් හතේම වැඩ වරදින්නේ නෑනේ.“
    2.“මහත්තේලාගේ එක වෙද්දී වගේ මිනිහට තිබ්බ හොඳම සින්දුව තමයි කොලවෙරි එක.“
    1 හා 2 පරස්පර විරෝධීයි නේද?

    ReplyDelete
  8. හික්ස්... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. බලාගෙන රජෝ කෙල හිරවෙලත් මිනිස්සු මැරිලා තියෙනවා.

      Delete
  9. සින්දුවක් කරපු හදියක්

    ReplyDelete
    Replies
    1. රැල්ලට යන්න ගියාම ඔය වගේ වැඩ වෙනවා.

      Delete
  10. හැමදේම ගංග්නම් වෙලා තියෙන මේ කාලෙ හේවිසි වාදනේත් එහෙම නොවී බේරුණොත් ඇති..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔවුන් අලුත් ගීත වාදනය කරනවා පුහුණු වෙලා.

      Delete
  11. මදැයි නලාව නව රිද්ම කරන්න ගියා. අයියෝ සමරේ..

    ReplyDelete
    Replies
    1. හෙහ් ... හෙහ්... හෙහ්...

      Delete
  12. ඈහ් හාමුදුරුවො වඩම්මන්නෙ කොලවරි ගහලද ?? දැන් කාලෙ වෙන විපිරියාස වල හැටියට නොවෙන්න බැරි කමකුත් නෑ කියලා හිතෙනවා..

    කතාවට තදින් සිනා..

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන තැනුත් ඇති. නලාවට පිඹ ගන්න පුළුවන් ඕනෑම සිංදුවක් එයාල ගහනවා. මගේ යාලුවෙක් එක පාරක් රඟපාලා පෙන්නුවා හාමුදුරුවෝ ඩාන්ස් කරන්න වගේ ඇවිදින විදිය මේ සින්දු යත්දී.

      Delete
  13. පෝය දවසෙ රේඩියෝ එකේ පන්සිල් දාගෙන කියවන්න ගත්තෙ.සුපිරි කතාවක්.ටික දවසක් යනකන් මග දිගේත් මතක් කර කර හිනාවෙන්න පුළුවන් සුපිරි කතාවක්.කෙටියෙන් ලොකු විනෝදයක් ලබපු ඔබගේ පළමු එකද මන්ද :)?.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.

      Delete
    2. මම හිතුවේ මේකට අඩුම ප්‍රතිචාර තියෙයි කියලා. බලනකොට නොහිතපු ජනප්‍රියත්වයක් ලැබුණා.

      Delete
  14. හෙහ්,හෙහ්! ඒ වුනාට හිනාවෙන එකත් හරිද මන්දා.

    ReplyDelete
    Replies
    1. අපේ සංස්කෘතික පරිහානිය ගැනත් ඕන නම් හිනා වෙන්න පුළුවන්.

      Delete
  15. කාලෙකට කලින් අපේ ගමේම වුනු සිද්දියක්. දානෙට හාමුදුරුවෝ වලා තියෙන්නේ ටිකක් පරක්කු වෙලා.ඉතින් මේ නලාව ගහපු එකා ගහල තියෙන්නේ දැනුවත්ව හෝ නොදැනුවත්ව "හනික යමන් පුල්ලි ගොනෝ මෙල්ල නොවී තරඟෙට" හමුදුරුවොන්ට කේන්ති ගියපු සැරේ බැනලා එලවල, ඒ හාමුදුරුවෝ වාඩින කිසි දානෙකට මේ යකාට එන්න දීලා නැහැ.

    ReplyDelete
  16. සිරා සිද්දියක් නම් අතිශයින් ලොල් සහගතයි අයියා.හෙහ් හෙහ් මෙහෙමත් මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. මේක නලා ගහන අය කාලෙක ඉඳන් කරන දෙයක්. කාලෙට තියෙන ජනප්‍රිය සිංදු විතරක් නෙවෙයි බයිලත් ගහනවා.

      Delete
  17. ඕපන් ගංගම් ස්ටාර්,, හයියූ,, දන්න දේ කරගෙන ඉන්නැතුව..

    ReplyDelete
    Replies
    1. අපි එක තැන හිටියට එයාල වෙනස් වෙනවා.

      Delete
  18. මට හිනා ගියේ නැහැනේ.....ඔයාගෙ ලොල් කතා සීරිස් එක බලලා වෙනදට මම බඩ අල්ලගෙන හිනාවෙන්නෙ....අද මගෙ මූඩ් අප්සට්ද...හී...හී

    ReplyDelete
    Replies
    1. අර අන්තිමට දාපු හී හී දෙක කොහෙන්ද ආවේ ?

      Delete
  19. ගොඩක් වෙලාවට හේවිසි කණ්ඩායම් පැරනි චාරිත්‍ර වෙනුවට කරන්නේ අලුත් ගිත වාදනය කරන එකයි. ඒ වුනත් චාරිත්‍රානුකූලව ඒ දේ නියම ආකාරයෙන් කරනව නම් තමයි එහි ගුණය ලැබෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හින්දුන්ගේ මෝලම් වල අභාෂය මේවාට ලැබුණා වෙන්න පුළුවන්.

      Delete
  20. හත් ඉලව්වයි..... නලා කාරයොන්ටත් ගිය කල....

    ReplyDelete
  21. සිරාවටම එහෙම සින්දුත් ගහනවද ,, මන් අහල නෑ නේ

    ReplyDelete
  22. Man hithuva oya sinduva thamaa me manussayata kelinna aththe kiyala ;)

    ReplyDelete
  23. මිනිහෙක්ගේ මරණය වෙනුවෙන්.. අහිංසක කලාකරුවෙකුගේ මරණය වෙනුවෙන්.. හිනා වෙලා කමෙන්ට් කරපු සියළුම බ්ලොග්කරුවන් ගැන අප්‍රසාදය පල කරමි... මගේ මානුෂීය මෙව්වා එක් ඌවා උනා... මමත් ඉන්නේ මෙහෙම බ්ලොග් කරුවන් අතර නේද කියලා හිතුනාම මට චී කියලා හිතුනා... මට ඇඩුනා... මේ ගලා යන කඳුළු...

    ReplyDelete
    Replies
    1. දැන් කට්ටියට අඬන්න කඳුළු ඉතුරුද මන්ද ? අර බාල කොලුවා ගැන අඬලා දොඩලා ඉවර වුනා විතරයිනේ.

      Delete
  24. ඇත්තටම දැන්..දැන් සියලු දානමය ආදී පූජාවන්ට සිදුකරන හේවිසි වාදන.. හරිම අශෝභනයි..රටේ නැති සිංදු ගහන්නෙ.
    මේ ලඟදි පන්සලක උත්සවයකට ඇවිත් තිබුන හේවිසි කන්ඩායමක් අම්බලන්ගොඩින්,තරුන පිරිසක්..හරිම ලස්සනට නියම හේවිසි, ගායනාවන් කරන ගමන් වාදනය කලේ පැරනි ආකාරයට..ඇවිත් හිටිය හැමෝම ප්‍රශංසා කලා.

    කතාවට නම් තදින් සිනා..හෙහ්..හෙහ්..!

    ReplyDelete
    Replies
    1. ඒ වගේ කණ්ඩායමට හොඳ ඉල්ලුමක් තියෙයි.

      Delete
    2. තවම අල්ගම මම දන්න හොද හේවිසි කණ්ඩායමක් ඉන්නවා පැරණී වාදන ඒ ආකාරයටම ඉදිරිපත් කරන.. තරුණ මහළු දෙකොට්ඨාශයම කණ්ඩායමේ ඉන්නවා... ඒ අතර තරුණ ගුරුවරු කිහිප දෙනෙකුත් හිටියා... පෙරහැරකදී මිනිස්සු අනිත් දේවල් නවත්තලා හේවිසි කණ්ඩායමත් එක්ක යනවා ඒ තරමට රිද්මයානූකුලව වැඩේ කරනවා...

      Delete
    3. අඩුම ගානේ මේ පොස්ට් එක නිසා මේ වගේ හොඳ හේවිසි කරුවන් ඉන්න පළාත් ගැන වත් විස්තර දන ගන්න පුළුවන්.

      Delete
  25. කොලවරි ගැහුවට මොකෑ බන්. උදේ පාන්දර පැයයි, හැන්දෑවේ පැයයි ලවුස්පීකරෙන් පිරිත් අහලා මම මේ මුස්ලිම් උන් ඉන්න පැත්තකට යන්න ලෑස්ති වෙන්නේ. උන් මොර දෙන්නේ විනාඩි පහයිනේ...

    ReplyDelete
    Replies
    1. ඕවා ගැන කථා කරන්නේ පරිස්සමින්. දන්නැද්ද ඇයිබෝවන්ඩ ?

      Delete
  26. පෙරහරවල් වල නම් ඔව්ව ගහනවා ඇහිලා තියනවා..හාමුදුරුවෝ වඩම්මනකොටත් ඕවගේ සින්දු ගහනවද අප්පා..? හැක හැක හැක..මම මේ කල්පනා කොලේ හැම සින්දුවක්ම අල්ල ගන්න මිනිහට ඕක වැරදුනේ මිනිහාගේම කරුමෙටද කොහෙද..පොර නලාව පිඹලා නෙමෙයිනේ ඇදලානේ.

    ReplyDelete
    Replies
    1. උඩ පැන-පැන අත කරකවන්න ගිහිං. D.

      Delete
  27. හොඳ කතාවක්. නමුත්, නලාකරුවෙකු නිසා සිනහ වෙනුයේ නැහැ.

    ReplyDelete
  28. හෆ්ෆා.. ඒකත් හරි භයානක වැඩේනේ බලාගෙන යද්දී..

    ReplyDelete
    Replies
    1. කොයි දේත් භයානකයි.

      Delete
  29. මේ කතාවේදී අපි හාස්‍යය උපරිමයෙන් ලබනවා සුදීක. ඉතාම හොඳ නිර්මාණයක්. හැබැයි හිනාවෙලා ඊළඟ පිටුවට යන්න නෙවෙයි මෙවැනි කතා නිර්මාණය වෙන්නේ. මෙහි යටිපෙළ අරුතේ තිබෙන්නේ අප විසින්ම හොඳය සැපය කියා වැළඳගන්නා දහ ජරාවල් නිසා සිදුවන සංස්කෘතික පරිහානියයි.

    මොකක්දෝ හේතුවක් නිසා හාමුදුරුවෝ වඩම්මන වෙලාවට කරන හොරණෑ වාදනය මට හොඳට මතකයි. වරක් අපේ පන්සලට ඔය මොඩ් (මෝඩ?) 'නලාකාරයෙක්' (හොරණෑ වාදන ශිල්පියකු නොවේ)ඇවිත් සින්දු ගහන්න හැදුවා. මම අපේ හාමුදුරුවන්ට කිව්වා සිදුවන දේ. හාමුදුරුවෝ හේවිසි කණ්ඩායමම ඉවත් කළා මුදල් නොගෙවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඔබේ වයස නිසා තමයි ඔබට මෙහි යතාර්ථය දකින්න පුළුවන් වෙලා තියෙන්නේ. මටත් මේ ගැන උපහාසය එක්ක මිශ්‍ර වෙච්චි දුකකුත් තියෙනවා.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...