Friday, February 5, 2016

VISA / Master ඩෙබිට් කාඩ් පත් ගැන කසුන් චාමරගේ ප්‍රශ්ණ වලට පිළිතුරු ......

ප්‍රශ්නය : දැනට ලංකාවේ බැංකු වලින් දෙන International Master,Visa Debit කාඩ්ස් ගැන විස්තරයක් කරන්න...Master ආයතනය නිකුත් කරන කාඩ්පත් වලට ලංකාවේදී සහ අන්තර්ජාතිකව ලැබෙන වට්ටම් සහ වාසි පිලිඔවද සහ Visa ආයතනය නිකුත් කරන කාඩ්පත් වලට ලංකාවේදී සහ අන්තර්ජාතිකව ලැබෙන වට්ටම් සහ වාසි පිලිඹඳව හොඳ පැහැදිලි කිරීමක් දෙන්න....
මේ ගැන විස්තර කරන්න කලින් වීසා/මාස්ටර් කියන්නේ මොනවද කියලා කියන්න වෙනවා. මේවා ඇමෙරිකාව මත පදනම් වූ ආයතන. මේ දෙකට අමතරව ඇමෙරිකන් එක්ස්පස් ආයතනය, ජපානයේ JCB ආයතනය ක්‍රෙඩිට්/ඩෙබිට් ගනුදෙනු පිළිබඳ මූලිකත්වය ගෙන කටයුතු කරනවා. ඩෙබිට් එහෙමත් නැත්නම් හැර කාඩ් කියන එකේ සාමාන්‍ය තේරුම තමන්ගේ ගිණුමට සෘජුව සම්බන්ධ කර එහි ඇති මුදල් පරිහරණය කිරීමේ අවස්තාව සැලසීමයි. නමුත් වීසා ඩෙබිට් කියන්නේ VISA ආයතනය සමගින් එකතුව  කරන හර කාඩ්පත් සන්නමක්. එයින් පසු ඔවුන් එම පන්නයේ සන්නම් කිහිපයක්ම හඳුන්වා දී තිබෙනවා. එයින් එකක් තමයි VISA debit කියන්නේ. අනිත් එක VISA Electron. මේ දෙකෙන්ම බොහෝවිට එකම දෙයක් තමයි වෙන්නේ. ඒ කියන්නේ ඔබේ ඉතිරි කිරීමේ හෝ ජංගම ගිනුමත් සමග සම්බන්ධ වෙලා එහි තිබෙන ශේෂය මත භාණ්ඩ මිලදී ගැනීම හෝ ATM යන්ත්‍ර මගින් මුදල් ලබා ගැනීමට ඉඩ සැලසීම. සාපේක්ෂව VISA Debit වලට වඩා VISA Electron පරණයි. මතක තබා ගන්න මේවා ඔවුන්ගේ සන්නම්(Product) නාම දෙකක් පමණයි. Master කියන්නේ VISA වලට ඉන්න ප්‍රධාන තරගකරුවා.  එනමුත් ඔවුන් කාඩ් මගින් කෙරෙන සොරකම් වැළකීම වැනි මෙහෙයුම් වලදී සාමූහිකව කටයුතු කරනවා. දැන් ඔබේ ප්‍රශ්නය වෙත යොමු වෙමු.
 ශ්‍රී ලංකාවේ සියළුම බැංකු මේ වනවිට වීසා හෝ මාස්ට ර්ජාලයන් සමග එකතුව ඩෙබිට් කාඩ් පත් නිකුත් කරනවා. මෙම ප්‍රශ්නය අසා බොහෝ කලක් ගත වී ඇති බැවින් ඩෙබිට් කාඩ් ගනුදෙනු තවදුරටත් ආගන්තුක නොවන සමයක් වන අද දින මෙය කියවන ඕනෑම කෙනෙකු ළඟ ඩෙබිට් කාඩ් පතක් තිබෙනවා.
ඒවායෙන් ලැබෙන වට්ටම් පිලිබඳ මෙවැනි සටහනකින් විස්තර කිරීම පහසු නෑ. අද ඔබේ ජංගම දුරකතනයට එවැනි දේ පිලිබඳ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා කෙටි පණිවුඩ ප්‍රමාණයක් ලැබෙනවා ඇති. නමුත් අන්තර්ජාතික පාපන්දු සංගමය (FIFA) ආයතනය ඔවුන් විසින් සංවිධානය කරන කිසදු තරගාවලියක් පවතින සමයක, එම නාමය යොදාගෙන කෙරෙන ගනුදෙනු වලදී කිසිදු ගාස්තුවක් අය නොකිරීමට මේ ආයතන වලට නියෝග කර තිබෙනවා. හොඳම උදාහරණය 2010 දී දකුණු අප්‍රිකාවේ පැවති තරගාවලිය වෙනුවෙන් කොළඹ හිල්ටන් හෝටලයේ කෙරෙනු ප්‍රවර්ධන වැඩසටහන් වලදී 25%ක වට්ටමක් සියළු රන් කාඩ් හිමියන්ට සලසනු ලැබුවා. රුපියල් 1000ක් වූ ඇතුලත් වීමේ ගාස්තුව වෙනුවෙන් අප ගෙවනු ලැබුයේ රුපියල් 750ක් පමණයි. නමුත් ඒ රුපියල් 1000ම ඇතුලත් වීමෙන් පසු භාවිතා කිරීමේ පහසුව සලසා දෙනු ලැබුවා. 
 ඒ නිසා සහතිකවම අන්තර්ජාතිකව ලෝක කුසලාන පාපන්දු තරගාවලි පවතින සමයන්හී ගාස්තු කිසිවක් අය නොකරන බව සහතිකවම පවසන්න පුළුවන්.නමුත්මේ බොහෝ දේ ලබාදෙන්නේ ක්‍රෙඩිට් කාඩ්වලට.
 
ඒ දෙන කාඩ් හැම එකක්ම වගේ Master,Visa ආයතන මගින් නිකුත් කරන කාඩ් නිසා ඕනිම බැංකුවකින් International Debit කාඩ් එකක් ගත්තට කමක් නැද්ද?
ඇත්ත වශයෙන්ම VISA/Master සංකේත සහිතව නම් කාඩ්පත නිකුත් කරන්නේ, ඔබ කාඩ්පත ලබා ගන්නා බැංකුව පිලිබඳ කිසිදු විශේෂයක් නෑ. නමුත් කාඩ්පත පවත්වාගෙන යාම වෙනුවෙන් ඔවුන් අය කරන ගාස්තු, වෙනත් රටවල භාවිතාවේදී අය කරන ගාස්තු බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනවා. ඒ නිසා ඒ - ඒ බැංකු සඳහන් කරන ගාස්තු සහ පොලී පිලිබඳ නිසි අධ්‍යනයකින් පසුවය ඔබේ බැංකුව ඔබ තෝරා ගත යුත්තේ. මුළින්ම ඔබගේ අවශ්‍යතාවත් ඉන්පසුව බැංකු ලබාදෙන පහසුකම් සහ ගාස්තු සංසන්දනය කර බැලීමට කාලයක් ගෙන නිවැරදි කාඩ්පත තෝරා ගැනීම ඔබ විසින්ම කලයුතුයි.
ලංකාවේ බැංකුවකින් නිකුත් කරනු ලැබූ International Master හෝ Visa Debit කාඩ් පතකික් වෙන රටකට ගිහිං ඒ කාඩ් එකෙං සල්ලි ගත්තොත් ගන්න මුදලට අමතරව කොපමණ මුදලක් එම රටේ ATM යන්ත්‍රය අයිති බැංකුව විසින් ලබා ගන්නවාද?? එම ලබා ගන්නා මුදල බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනවද...??..ඔය ප්‍රශ්නයටම අනික් පැත්ත ගහලා ඇහුවොත් විදේශිකයෙක් මෙරටට පැමිණ ඔහුගේ Master හෝ Visa කාඩ්පතින් මුදල් ගත්තොත් අමතරව කොපමන මුදලක් ඔහුගෙන් ඔහු මුදල් ලබා ගන්නා ATM යන්ත්‍රය අයිති බැංකුව විසින් ලබා ගනියිද?? ඒ මුදලත් බැංකුවෙන් බැංකුව අනුව වෙනස් වෙනවද...එහෙම වෙනස් වෙනවනං එහෙම වෙන්න හේතු මොනවද??? 
ඔබ මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ යම් දැනුම සහිතව බව පැහැදිලියි. නමුත් මේවා ඉතා වැදගත් ප්‍රශ්න. බොහෝ දෙනෙක් මේ ගැන දන්නේ නෑ. ගනුදෙනු පිලිබඳ ගාස්තු තනිකරම පනවන්නේ රට කුමක් වුවත් ඒ බැංකුව විසින්. එය ඔවුන්ගේ වියදම් මත පදනම්ව කරනවා. නමුත් වීසා හෝ මාස්ටර් ජාලා භාවිතාව වෙනුවෙන් ඉතා කුඩා ගණනක් ඔබ ලබා ගන්නා හෝ වියදම් කරන මුදලින් ලබා ගන්නවා. මෙය සියයට දශම ගණනක්. නමුත් වෙනත් රටවල ගාස්තු අය වෙන්නේ ඩොලර් වලින්/පවුම් වලින් නිසා, ඒවා අප වැනි රටක කෙනෙකුට දාරා ගන්න අපහසුයි. දැන් පැහැදිලියි නේද බැංකුවෙන් බැංකුවට මේ ගාස්තු වෙනස් වන බව.
ප්‍රශ්නයේ අනිත් පැත්ත ඉතා සරලයි. අපි ඩොලර් තුනක් අය කලොත් ඒ ගණන අපිට රුපියල් 450 ක් පමණ වුවත්, ඇමරිකාවේ කෙනෙකුට එය ඩොලර් තුනයි. ඔවුන්ට මේවායේ යම් වාසියක් ලැබෙනවා. ඒ ලැබෙන්නේ ඔවුන්ගේ රටවල තිබෙන ආර්ථිකමය ශක්තියට සාපේක්ෂව.ඒවා තමන්ගේ රටේ ජීවත්  වුණත්  ඔවුන්ට  ලැබෙන දේවල්.නිතරම විදෙස් ගත වෙන කෙනෙකුට වඩා පහසුයි ලංකාවේ තියෙන  විදේශීය  බැංකුවක  කාඩ් පතක්  ලබා ගැනීම. මොකද ඔවුන්ගේ  ශාඛා  ජාලය  පුළුල්. තමන්ගේ ගනුදෙනුකරුවෙකුට ඔවුන් අඩු ගාස්තු විදේශයකදී  වුවත් ලබා දෙනවා. නැවතත්  ලංකාවේ බැංකු වුවත් මේ ගාස්තු අතර වෙනස් කම් තියෙනවා. එහෙම වෙනස් වීමට හේතුව වෙළඳපොල අනුව ඔවුන් තීරණය කරන මුදල.

Internet Banking වලදී හොඳ සේවාවක් සපයන සහ වඩා කාර්‍යක්ෂමව ගනුදෙනු කල බැංකුව මොකක්ද??....එහෙම වෙන්න ඒ බැංකුව Internet Banking සේවාව ලබා ගන්නා පාරිභෝගිකයන්ට ලබා දෙන පහසුකම් මොනවාද??
මේ ප්‍රශ්නයට පිළිතුරැ දෙන්න අවශ්‍ය තොරතු මා සතුව නෑ. එහෙම කරනවා නම් ලංකාවේ සියළු බැංකු වලින් ඒ පහසුකම ලබාගෙන සෑහෙන කාලයක් ගනුදෙනු කරන්න ඕනේ. නමුත් ඒ ගනුදෙනු වෙනුවෙන්ම ක්‍රෙඩිට් කාඩ්පතක් නොමැති අය වෙනුවෙන් මා දන්නා තරමින් සම්පත් බැංකුව වෙබ් කාඩ්පතක් ලබා දෙනවා. එහි තිබෙන වාසි තමයි ඔබ කලින් තැන්පත් කල මුදලක් නිසා එහි ප්‍රමාණය පිලිබඳ ඔබ දැනුවත්. ඒ වගේම දරාගැනීමට හැකි වියදමක්.
එක් එක් බැංකුවේ internet banking වල User Interface එක ගැන reviews එකක් දෙන්න.... 
 මේකටත් කලින් ප්‍රශ්නෙටම දුන් උත්තරය එක පැත්තකින් දෙන්න වෙන්නේ. මොකද එහෙම කරන්න නම් ලොකු රිසර්ච් එකක් කරන්න වෙනවා. ඔබ මේ තොරතුරු හොයන්නේ එවැනි අදහසකින්ද කියන සාධාරණ සැකය ඔබේ ප්‍රශ්න මත ඇති වෙනවා. නමුත් එක දෙයක් කියන්න පුළුවන්. ගනුදෙනු කරුවා User Interface ගැන එතරම් වැඩ වෙන්නේ නෑ මේ කාර්යයේදී. අවශ්‍ය වෙන්නේ වඩාත් සරල, පැහැදිලි, ඉක්මනින් ලෝඩ් වෙන, ගනුදෙනුකරුවාට හුරුපුරුදු එකක් තිබීම. වඩා හොඳ කියන්නේ සාපේක්ෂ දෙයක්. ඒ කියන්නේ එහි සිත්ගන්නා ස්වරූපය භාවිතා කරන කෙනාගේ රුචි අරුචි මත වෙනස් වෙනවා. මගේ ඉන්දියන් මිතුරෙක් ICICI බැංකුවේ ඔන්ලයින් බෑන්කින් මා සමග සිට ගනුදෙනුවක් කළා. එය ඉතා සිත් ගන්නා සුළු එකක්.
දැනට භාවිතයේ ඇති Master/Visa Shopping Debit කාඩ් වලින් මුදල් ගෙවා යම් කිසි භාණ්ඩයක් හෝ සේවාවක් ලබා ගත් විට අයකරන්නේ ඒ භාණ්ඩයේ හෝ සේවාවවේ මුදල පමණක්ද?? නැත්නම් අමතර මුදලක් ලබා ගන්නවද??
මේක ඉතා වැදගත් ප්‍රශ්නයක්. ඔබ යම් වෙළඳ ආයතනයකින් මිලදී ගන්නා භාණ්ඩ සඳහා ගෙවිය යුත්තේ එහි සඳහන් මිල හෝ ඊට අඩු අගයක්. මොකද සමහර වෙළඳ ආයතන කාඩ් ගනුදෙනු කරුවන්ට වට්ටම් ලබාදෙන නිසා. නමුත් කාඩ්පතින් ගෙවන විට අමතර 2%,3%,3.5% වැනි මුදල් වෙළෙන්දන් ඉල්ලා සිටිනවා. එවැනි මුදලක් ගෙවීම ප්‍රතිෂේප කරන්න ඔබට අයිතියක් තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ POS යන්ත්‍රයට අදාළ බැංකුව විමසා ඔවුන්ට ඇමතුම ඒ මොහොතේම ලබා දෙන්න. එම කොමිස් මුදල වෙලේන්දාගෙන් අය කරන්නේ අදාළ කාඩ් මධ්‍යස්ථානය. සමහර කූඨ වෙළෙන්දන් එය ගනුදෙනුකරුගෙන් ලබා ගන්නවා, නැතිනම් ලබාගැනීමට තැත් කරනවා. එය සම්පූර්ණයෙන් වැරදි ක්‍රියාවක්.

ලංකාවට NFC ඇති ජංගම දුරකතන මගින් බිල්පත් ගෙවීම් වැනි කාර්‍යක්ෂම තාක්ෂණ ක්‍රම එන්න තව කොච්චර කල් යයිද??? ... ඒ ආවත් ඒ ඒවා සුපිරි වෙලද සැල් වලට සීමා වෙයිද....??....මෙවැනි තාක්ෂන සහිත උපකරණ නිකුත් කරන්නේ බැංකු විසින්ද??..උදාහරණයකට ගොඩගේ book shop එකට NFC Payment Machine ගැනීමට අවශ්‍ය වූවා යයි සිතමු...එවිට එය මිලදී ගත යුතු වන්නේ ලංකාවේ බැංකුවක් හරහාද??
NFC කාඩ් සහ ඒවා ඇති මොබයිල් කියන්නේ දෙකක්. කාඩ්පත් නම් නිකුත් කරන්නේ බැංකු පමණයි. ක්‍රෙඩි කාඩ්පත් නිකුත් කරන බැංකුවක කාඩ් මධ්‍යස්ථාන තමයි NFC මගින් මුදල් ලබාගැනීමට හැකි  යන්ත්‍ර  හඳුන්වා  දිය යුත්තේ. මේවා  සඳහා වැයවන  මූලික  පිරිවැය  වැඩියි. ඒ  කාඩ්පත්  කස්ටමයිස්  කරන ස්ථාන  ලංකාවේ  නෑ.  ඉතින් අඩුම  වශයෙන් අපි ඒවා ඉන්දියාවට  හෝ  යවා  එම  සේවාව  ලබාගත  යුතුයි. ඉතින්  එක්  කාඩ්පතක් වෙනුවෙන්  වැයවන පිරිවැය  වැඩියි. ලංකාවේ  තවමත් නෑ. HNB බැංකුව  ඒ  සඳහා ඉදිරිපත් වුවත්, තවමත් එය සිදු කර නෑ. තවමත් ඒවා ලංකාවේ නෑ. හඳුන්වා දුන් මුල් කාලයේ ඒවා සුපිරි වෙළඳ සැල් වලට සීමා කරනවද කියන කාරණය, ඒ බැංකුවේ තීරණයක්. ඔව් රටක මහා බැංකුව ඒ සඳහා අවස්ථාව ලබා දෙන්නේ මූලිකව බැංකු වලට, නමුත් මොබයිල් මගින් කෙරෙන ගනුදෙනු වෙනම අංශයක්. ඒවා ජංගම දුරකථන ආයතන මගිනුත් කරගෙන යනවා. ඔව්. ගොඩගේ මහතා ඒ ගැන විමසිය යුත්තේ ලංකාවේ බැංකුවකින්. ඉදිර්යේදී මේ අවස්ථා තුන්වෙනි පන්තියේ ආයතන වෙත ලබාදෙයිද කියා දැන්ම කියන්න බෑ. මූල්‍ය නොවන ආයතන වෙත එවැනි අවස්ථා දීමේ හැකියාව අඩුයි. නමුත් එයට කලින් EMV තාක්ෂණය ප්‍රචලිත වේවි. දැනටමත් තරමක් දුරට එය සිදුකර හමාරයි. ඒ චිප් කාඩ්පත් මගින් ගනුදෙනු කරන යන්ත්‍ර.
 Global Payments වැනි ආයතන අයකරගනීමේ යන්ත්‍ර ලබාදීමේ කටයුතු වල යෙදී සිටිනවා. ඔවුන්ගේ නමින් කියැවෙන පරිදි ලෝක මට්ටමේ ආතනයක් නිසා පිළිගැනීම වැඩියි.

32 comments:

  1. ක්‍රෙඩිට් / ඩෙබිට් කාර්ඩ් පාවිච්චි කරන උදවියට හුඟක් වැදගත් විස්තර ටිකක්..

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්න තියෙනවනම් අහන්න.

      Delete
  2. සුදික අය්ය මේ ලිංක් එක දාන එක නං හරිද මංද අවුල් වගේ නං අයිං කොරන්ට
    මෙතනත් පොඩි විස්තරයක් තියේ මේ මව්බිම එෆ් ටී අතිරේකයෙ යන ලිපි පෙළක මේ සතියෙ කොටස.
    http://mawbima.lk/83-104557-news-detail.html

    මේකෙ තියෙන්නෙත් ඔය අහපු කතාවට සමාන දෙයක් මං හිතන්නෙ
    ඔයිට කලිං විසිටර් වී ත් මේ ගැන කීවද මංද...

    ඔයාගෙ ලිපියෙන් නොදන් දේවල් කීපයකුත් දැනගත්ත විසේසයෙන් එන් එෆ් සී කතාව...
    ඒකෙ මූලක පිරිවැය වැඩි නිසා අතෑරියත් ඊට පස්සෙ මේන්ටේන් කරන් යන්නත් අධික පිරිවැයක් අවශ්‍යද ඒ හිංදද අතෑරල දාල තියෙන්නෙ..
    ඉන්ටර්නෙට් බෑන්කිං සීන් එකේදි සමහර අය ආසාවට ගත්තත් ඇත්තටම එයාල සමහර දේ ගැන නොදන්න කම හිංද බැංකුවල ඉන්න නෝනල නාගන්න වෙලාවල් මං දැකල තියේ
    . එපා නොවී ඉන්නෙ කෝමද හිතෙනව අර මනුස්සයො අහන ප්‍රශ්න වලට උත්තර දිදී

    අර උත්තර වල අකුරු චූටිම චූටියි

    ReplyDelete
    Replies
    1. ඒ ලිපිය මමත් බැලුවා. ඒකෙ තියෙන දේවල් බොහොමක් මගේ කලින් ලිපි වලින් වගේම මා ආ මග වැඩසටහනින් අහපු ප්‍රශ්න වලට උත්තර විදියට මම ලබා දී තිබෙනවා. අකුරු චූටි වෙන්න හේතුව එයාගේ ප්‍රශ්න වල ෆොන්ට් සයිස් එකෙන්ම වැටීම.

      ඔව් නදත්තුවටත් ඒ වගේම වියදම්. ඕනෑම තාක්ෂණයක් මුලදී මිල අධික වෙනවා. දැන් තියෙන ප්ලාස්ටික් කාඩ්පතකට රුපියල් 100ක් යනවා නම්, චිප් කාඩ් එකකට 1500ක් විතර යනවා. කන්ටෑක්ට්ලස් කාඩ් එකට් ඒ වගේ පස් ගුණයක් විතර යනවා. මේවා ලංකාවේ නිෂ්පාදනය වෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. අඩුම ගානේ චීනේ වත් කරනවා නම් ගාන අඩු වෙයි.

      Delete
  3. වීසා, මාස්ටර් ගැන හොඳ පැහැදිලි කිරීමක් ලැබුණ. මමත් බැංකු කීපයකම ඔන්ලයින් බෑංකින් පාවිච්චි කරල තියෙනව. හැබැයි ඒව අතර ලොකු වෙනසක් දැකල නෑ. ඒ අතරින් NSB එක ඔන්ලයින් බිල් පේමන්ට් වලට හොඳ පහසුකම් සපයල තියෙනව.
    ඔය ‍POS යන්ත්‍රයක් යම් ආයතනයකට ලබාගන්න ඕන සුදුසුකම් මොනවද?

    ReplyDelete
    Replies
    1. අපේ බැංකුවේ POS යන්ත්‍රයක් ගන්න මාසේකට් රුපියල් ලක්ෂ දෙකක ගනුදෙනු තිබුණම ඇති.

      Delete
    2. හරි එහෙනං ටක් ගාල ඇප්ලයි කරපං.

      Delete
  4. සුදීක අයියේ.......

    හරි වටිනා ලිපියක්... අැත්තට ම තියෙන ප්‍රායෝගික ගැටලු වලට උත්තර දීලා තියනවා...... ජයවේවා

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රශ්ණ එයාගේ ඒවා. තවත් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. විසේහ්ශයෙන්ම ක්‍රෙඩිට් කාඩ් ගැන.

      Delete
  5. ඉතා වැදගත් ලිපියක් ගොඩක් දේවල් දැනගත්තා.
    බොහොම ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. මගේ පී.සී. එකට කෙල වුණා කියලා හිතුනේ. නමුත් අද වැඩේ ගොඩදාගෙන මේ උත්තර බඳින්නේ. බොහොම ස්තුතියි සිංග මචං.

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඇයි කමෙන්ට් එක ඩිලීට් කළේ
      //Sweeping girl has left a new comment on your post "VISA / Master ඩෙබිට් කාඩ් පත් ගැන කසුන් චාමරගේ ප්‍...":

      හරිම පැහැදිලි සිංහලෙන් ලියලා තියනවා.

      ගොඩක් බැංකුවල අයට කස්ටර්මර් කෙනක්ට නිරවුල්ව පහදා කිමේ හැකියාවක් නැහැ. ඓහම නැතිනම් වෙන කට්ට සුත්තර කම් නිසා මග අරිනවා.

      බොහෝම ස්තුතියි.
      //
      මට හිතුණා ඒක මෙතන තිබුණොත් හොඳයි කියලා. උන්න ඔය උඩින් තියෙන ටික තමයි දාලා තිබුණේ.

      Delete
  7. සුදීකයියේ.. බොහොම අගනා විස්තරයක්... දෙතුන්පාරක්ම කියවල බලනවා... බොහොම ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රශ්ණ අහලා ගොඩ කලකින් තමයි මේක පබ්ලිෂ් කළේ. හේතු ගොඩක් තිබුණා. එකක් තමයි මුලින් උත්තර ලියලා වෙලා නැති කමට අත හැර දැමීම. අනික මට හිතුණා එක්කෝ ඔහු මගේ දැනුම පරීක්ෂා කරනවා කියලා නැතිනම් මොකක් හරි ප්‍රොජෙක්ට් එකකට තොරතුරු හොයනවා කියලා.

      Delete
    2. මේ ප්‍රශ්ණ අහලා ගොඩ කලකින් තමයි මේක පබ්ලිෂ් කළේ. හේතු ගොඩක් තිබුණා. එකක් තමයි මුලින් උත්තර ලියලා වෙලා නැති කමට අත හැර දැමීම. අනික මට හිතුණා එක්කෝ ඔහු මගේ දැනුම පරීක්ෂා කරනවා කියලා නැතිනම් මොකක් හරි ප්‍රොජෙක්ට් එකකට තොරතුරු හොයනවා කියලා.

      Delete
  8. ඇමෙරිකන් එක්ස්පස් කාඩ් එකක් තියෙනවා ntb එකේ.ඊට අමතරව මැතක සිට ඇමෙරිකන් එක්ස්පස් ක්‍රෙඩිට් කාඩ් සම්පත් බැංකුවේනුත් නිකුත් කරනවා නේද ? ntb එකේ අමතර ගාස්තු වැඩියි සම්පත් එකට වඩා.උදාහරණයක් විදියට Late payment fee 900/- ,credit limit over ගියොත් 900 ආදී වශයෙන්.හැබැයි ගොඩක් වෙළඳ ආයතන වලින් වට්ටම් එහෙමත් දෙනවා මේ ඇමෙරිකන් එක්ස්පස් ක්‍රෙඩිට් කාඩ් වලට නම්.මම හිතන්නේ HSBC කාඩ් එකටත් ඒ වගේ හොඳ වට්ටම් ලැබෙනවා අනෙක් කාඩ් වලට සාපේක්ෂව.

    ReplyDelete
    Replies
    1. කලින් තිබුණ සම්ප්‍රදාය තමයි ඇමරිකන් එක්ස්ප්‍රස් රටක එක බැංකුවකට පමණක් නිකුත් කිරීමේ අවසර දීම. දැන් ඒක වෙනස් කරලා වගෙයි. සමහරවිට තරගකාරීත්වයත් එක්ක. එක්-එක් බැංකු තමන්ගේ වියදම් වලට සාපේක්ෂව මේ ගාස්තු අඩු-වැඩි කරනවා. නමුත් ඉස්සර මේ වගේ අඩු-වැඩි පොලී අනුපාත තිබුණා. ඒවා මහා බැංකුවෙන් නියාමනය කළා එකම අගයකට. මේකටත් එහෙම වෙයිද? එහෙම වුනොත් දැනට අඩුම ගාස්තු අය කරන අපේ බැංකුවේ ගණන් වලට ආවොත් ගනුදෙනුකරුවන් දිනුම්. නැතුව මැද තැනකට ආවොත් අපේ ගනුදෙනුකරුවන් පරාදයි. මේ වට්ටම් ලබා දීම කෙරෙන්නේ ඔවුන්ගේ අනුබද්ද ආයතන හරහා මූලිකවම. කීල්ස් එකත් ඇමරිකන් එක්ස්ප්‍රස් එකත් එකම ආයතනයකට අයිති නිසා ඔවුන් පහසුවෙන්ම වට්ටම් දෙනවා. එතකොට එකකට ටිකක් පාඩු වුනත් අනිකට ලාබයි. සමූහ ව්‍යාපාර ලාබ ගන්න එක ක්‍රමයක් ඕක. සිනමන් හෝටල් සමූහයත් ඔවුන්ගේම සහෝදර ආයතන.

      Delete
  9. බොහොම හොඳ විස්තරයක්. MasterCard සහ Visa නිසා හැම රටෙන්ම විශාල ඩොලර් ප්‍රමාණයක් ඇමෙරිකාවට ඇදීයනවා. ණය පත් (credit cards) හරහා කරන මිලදී ගැණුම් වලින් සියයට දෙකක් කියන්නේ විශාල ප්‍රමාණයක්. ඒත් එක්කම ඇමෙරිකාව වගේ රටවල් අනික් රටවල් වලට සම්භාධක පනවන්නත් මෙය භාවිතා කරනවා. උදාහරණයකට ලඟදී රුසියාවට විරුද්ධව සම්භාධක පණවනකොට මේ දෙකයි බංකු හරහා ජාත්‍යන්තර මුදල් ගණු දෙනු කරන ඇමෙරිකාවේ SWIFT එකයි ක්‍රියා වුරහිත වුණා. එතකොට අනික් රටවල ඉඳන් ඒ රටට එවන මුදල්වත් ලබා ගන්න බැහැ.ඔවුන් හා තරඟයට චීනයේ UnionPay ඉදිරියට එනවා. චීනයේ ගණුදෙනු මම දන්න විදිහට වෙන්නේ ඒ හරහා.

    ReplyDelete
    Replies
    1. හොඳ තොරතුරු ටිකක්. මේවාට විකල්ප හැදෙන තරමට හැම අතින්ම හොඳයි.

      Delete
  10. නියම පෝස්ට් එකක්. සෑහෙන්න වටිනවා. මමත් කාඩ් එකක් පාවිච්චි කරාට ඒ ගැන වැඩි විස්තරයක් දැනගෙන හිටියේ නෑ. මේ පෝස්ට් ඒකෙ සමහර කොටස් කියවන්න අමාරුයි. ෆොන්ට් එක පොඩි වෙලා. ඒ ටික හදන්න. මම මේක බුක් මාක් කරගත්තා. ලංකා බැංකුවේ 18+ එකට දෙන කාඩ් එකෙන් ඊබේ එකෙන් ඔර්ඩර් කරන්න දෙන්නේ නෑ නේද? ඒ ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරනවද?

    ReplyDelete
    Replies
    1. ෆොන්ට් ප්‍රශ්නේ ආවේ මම ඒ ප්‍රශ්න ටික කොපි පේස්ට් කරපු නිසා වෙන්න ඕනේ. මම කොයිතරම හැදුවත් හරි යන්නෙම නෑ. ලංකාවේ මම දන්නා තරමින් ඩෙබිට් කාඩ් වලින් ඔන්ලයින් ගනුදෙනු කරන්න දෙන්නේ නෑ. හේතුව ක්‍රෙඩිට් කාඩ් වලට සීමාවක් තිබුණත්, ගිණුමක අසීමිත මුදල් තිබෙන්න හැකි නිසා. ඒ හරහා සිදු විය හැකි අක්‍රමිකතා ගැන හිතලා. අවශ්‍ය නම් ඒ හැකියාව දෙන්න පුළුවන්. සම්පත් බැංකුව එහෙම දෙනවාද කියන එක නිශ්චිත නෑ. සමහරවිට ඔවුන් ඒ හැකියාව දී තිබෙන්න පුළුවන්. මා දැනුවත් නෑ ඒ ගැන.

      Delete
  11. මැලේසියාවෙ සමහර කාඩ් වර්ග පාර අයිනෙ ජෙනරේටරයක් අටවගෙන එන විදුලියෙන් ක්‍රියාත්මක වන කම්පියුටරයක් හරහා අයදුම් කරන්න පුලුවන්...කොටින්ම ණය පත පේමන්ට් එකටම ඇවිල්ලා එහෙ...

    ReplyDelete
    Replies
    1. ලෝකයේ වැඩියෙන්ම ක්‍රෙඩිට් කාඩ් අක්‍රමිතා වෙන ප්‍රදේශ වලට තමයි මැලේසියාව සහ තායිලන්තය ඇතුලත් වෙන්නේ. 2010 දී මගේ ක්‍රෙඩිට් කාඩ්පතේ චිප් එක නැති නිසා. ඔවුන් කාඩ්පතේ මෙන්ම පාසොපොට් එකෙත් පිටපත් අරගත්තා. මම ගොඩක් බය වුණා. මොකද කාඩ්පතේ කොපියක් තියෙනවා කියන්නේ, නිකන් කාඩ් එක දුන්නා වගේ.

      Delete
  12. වැදගත් ලිපියක් ලියලා තියෙන්නේ අයියා දැන් රසකතා ලියන්නෙ නැද්ද (ප්‍රශ්නාර්ථයක්)

    ReplyDelete
    Replies
    1. කාඩ් සම්බන්ධ රසකතාවක් මතක් වුණොත් ලියන්නම්. අනෙක් ඒවානම් ලියනවා. මේවා කාලෙක ඉඳන් හිර වෙලා තිබුණ පොස්ට්. මේ වගේ තව 10ක් විතර තියෙනවා.

      Delete
  13. මොහොම අගෙයි.. බැංකු විසින් ක්‍රෙඩිට් කාඩ් දෙන්න පොරකන විදිහට මොකක් හරි ගේමක් තියෙනවා කියලා හිතෙනවා.ක්‍රෙඩිට් කාඩ් එකක් පාරිභෝගිකයාට වාසි අයුරින් පාවිච්චි කරන හැටි පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් වටී.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මගේ යාළුවෙක් මේවා අපූරු අකාරයකට භාවිතා කළා. අද ඔහු ක්‍රෙඩිට් කාඩ් මධ්‍යස්ථානයක පරිගණක අංශයේ ඉහල රැකියාවක් කරන්නේ. හැබැයි සල්ලි ටිකක තියෙන්නේ ඕනේ. ඔයා දන්නවනේ මේවාගේ පොලී අය නොකර භාවිතා කරන්න දින 40 - 51 වගේ කාලයක් තියෙනවා. ඒ කියන්නේ අපේ බැංකුව නිකුත් කරන කාඩ් එකක මාසික ප්‍රකාශනය මුද්‍රණය කරන්නේ 14 වෙනිදා කියලා හිතමු. එතකොට 15 වෙනිදා ගන්න ඒවාට දින තිහක් නිකම්ම පොලිය නැතිව තියෙනවා. එයාගේ ඊළඟ ප්‍රකාශනය ලැබිලා තව දින 20ක්ම තියෙනවා ගෙවන්න. මේ කාලය පොලී රහිත සහන කාලයක්. ඒ අතරේ ගෙවා දැම්මොත් නෝ පොලී.
      මගේ මිත්‍රයා මේ වගේ කාඩ් තුන-හතරක් තියා ගත්තා. හැම එකකින්ම බඩු ගන්නේ ප්‍රකාශනය දිනයට පස්සේ සතිය කියමුකෝ. ඊට මාසෙකට පස්සේ එන ප්‍රකාශනයේ තියෙන මුළු අගයම එයා ගෙවනවා. අනෙක් කාඩ් තුනෙත් එහෙමම කරනවා. ඉතිං පොලී/ගාස්තු නැතුව මාසයක් ඉදිරියට යන්න පුළුවන්. හැබැයි හොඳ සිහියෙන් ඉන්න ඕනේ. වාර්ෂික ගාස්තු තමයි එයාට බරක් වෙන්නේ. මම දන්නේ නෑ ඒවාට ඔහු කුමක් හෝ උපක්‍රමයක් යොදා ගත්තාද කියලා. නමුත් බොහෝ කාඩ්පත් පළමු වසරේ මේ ගාස්තු අය නොකර කාඩ් ලබා දෙනවා.

      Delete
  14. Bank account ekak nathuwa apply karanna barida

    ReplyDelete
  15. Bank account ekak nathuwa apply karanna barida

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...