Tuesday, September 30, 2014

මම කියවපු හොඳම පොත් දහය .......... Ten of most favorite books I read ........

කියවපු පොත් වලින් දහයක් තෝරන එක හරිම දුෂ්කර කාර්යයක්. මම අද ඒ දහය ලැයිස්තුගත කළා. එතකොට තමයි මට තේරුණේ මම කැමති මොන වගේ පොත් වලටද කියලා. පොදු ලක්ෂණ තමයි පරිවර්තන, සැඟවුණු ජීවිත වටා ගෙතුණු ඒවා වීම. මේකෙන් කියන්නේ නෑ මම ලංකාවේ රචකයන් ලියපු පොත් වලට අකමැතියි කියලා. නමුත් ජීවිතයට බලපෑමක් එල්ල කල, කියවීමෙන් පසු යලි යලිත් සිහිපත් වන, පොත් දහයක් තමයි මම තෝරා ගත්තේ.අවසාන වශයෙන් කියවපු පොතේ නම මතකයට එන්නේ නෑ. පොත ගැන පොඩි සටහනකුත් තබන්නම්.ඒකට පදනම් වෙලා තියෙන්නේ ඉන්දුනීසියාව. ජපනුන් එම ප්‍රදේශය යටත් කරගෙන සිටි කාලයේ හිඟන්නෙක් ලෙස සැඟවුණු ජීවිතයක් ගත කල හාමු කෙනෙකුගේ කතාවක්. මා අමතක නොවන ස්ථානයක නමක් එහි සඳහන් වෙනවා. ඒ තමයි කරන්ජතී දිස්ත්‍රික්කය. මේ දවස් වල තවත් රසවත් පොතක්(ජීවිත කතාවක්) කියවාගෙන යනවා. එය මෙහි සඳහන් කරන්න බෑ. මම කියවලා ඉවර නැති නිසා.

මනුතාපය

වික්ටර් හියුගෝ විසින් රචිත ද ලේ මිසරාබ්ල කියන ප්‍රංශ කෘතිය ලෝකයේ භාෂාවන් බොහෝ ගණනකට පරිවර්තනය වෙලා තියෙනවා. සිංහලට මෙය පරිවර්තනය කලේ අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල මැතිතුමා. ඒ පොත සාමන්‍යපෙළ නිර්දිෂ්ඨ ග්‍රන්ථයක් වශයෙන් තිබුණා. නමුත් හත්වෙනි පන්තියේ ඉන්නකොට මට මේ පොත අරන් දුන්නේ පාලිත අයියා. පාලිත අයියා ගැන බ්ලොග් පොස්ට් එකක් ලියන්නම්. ජනවර්ජන කියන චරිතය ගැන පුදුම අනුකම්පාවක්මේ පොත කියවත්දී ඇති  වෙනවා.

 
හඬනු මැන නිදහස

http://books.lk

 Cry Freedom නමින් දකුණු අප්‍රිකානු පුවත් පත් කතෘ වරයෙකු වන ඩොනල්ඩ් වුඩ්ස් මෙහි මුල් කෘතිය රචනා කළා. මේ පොත සිංහලට පරිවර්තනය කල සුනිල් මාධව ප්‍රේමතිලක මහතාට ඔහුගේ අත්දැකීම් උපකාරී වෙන්න ඇති එය එතරම් තාත්විකව පරිවර්තනය කරන්න. ස්ටීව් බිකෝ කියන දකුණු අප්‍රිකානු නියම නිදහස් අරගලය මෙහෙයවපු පුද්ගලයාගේ ජීවිත කතාව මෙය බව කිව්වොත් නිවැරදියි.මෙහි චිත්‍රපට මා සතුව තිබුණා. චිත්‍රපටය අපේ හිතේ ඇඳුන චිත්‍රය තරම් සාර්ථක නෑ. මට මේ පොත බලන්න දුන්නේ මගේ නංගි.






http://books.lk
වෘක්කයන් අතර නග්නව

මෙහි චිත්‍රපටයත් මා මෑතකදී නැරඹුවා. එය සාර්ථක එකක්. බෲනොස් ආපිට්ස් විසින් රචිත මේ පොත සිංහලට පරිවර්තනය කලේ සිරිල් සී. පෙරේරා මහතා. මේකේ බොහෝ චරිත අතර පිපිග් කියන නම මට අදටත් මතකයි. නාසි වදකාගාරයක්, සහ ඉන් පැන ගොස් දිවි ගලවාගන්නා හිරකරුවන් පිරිසකගේ අනුවේදනීය කතාපුවතක් මේකට පසුබිම් වෙනවා.


 Around the World in Eighty Days

ප්‍රංශ රචකයෙකු වූ ජූල්ස් වරන් විසින් රචනා කල මෙම පොතේ ඉංග්‍රීසි පිටපතම කියවන්න අවස්ථාවක් ලැබුණා. මෑතකදී මෙය නරම්බන්නද අවස්ථාවක් ලැබුණා. මෙහි කථානායක චරිතය ෆිලියාස් ෆොග් සහ ඔහුගේ ඉතාලි කෝකියා පසපැටු අමතක වන්නේ නෑ. විශේෂයෙන්ම පසපැටුගේ චරිතයට පණ පොවන්නේ මා ප්‍රිය කරන නළුවෙකු වන ජැකී චෑන්.
මේ කතාවේ එක සිත් ගත තැනක් තමයි, ෆිලියාස් ෆොග් මහතා දිනපතා එක්තරා නිශ්චිත පියවර ගණනක් මතයේ තබා ගනිමින්


ඇටමැස්සා


  
 සොඳුරු දඩයක්කරුවාආඥාදායකයා (බොහොම ස්තුතියි ප්‍රියංක/කා කුලතිලක නිවැරදි කිරීමට) නමින් හඳුන්වන සුගතපාල ද සිල්වා මහතා පරිවර්තනය කල අපූරු කෘතියක්. මෙය එතැන් ලිලියන් වොයිච් විසින් රචනා කොට තිබෙනවා. මෙයට පසුබිම් වන්නේ ඉතාලිය. පාද්රේ කියන චරිතය අදටත් මට අමතක වන්නේ නෑ. තමන්ට විරුද්ධව තමාම ලියන අමුතුම කලාවක් මම දැක්කේ මෙතනින්. පසුව ඉන්දියාවේ අගමැති වූ නේරු තුමාද, ඔහු පිලිබඳ විවේචන පත්තරයට ලියා තිබෙනවා.


ගෝරා

 මම කවුද කියා මම මගෙන්ම විමසා ගත්තා ගෝරා පොත බැලීමෙන් පසු. කෙනෙක් ජාතිවාදයනේ අන්ද වන්නට පෙර කියවිය යුතු පොතක්. මෙය රබීන්ද්‍රනාත් ටාකූර් විසින් රචිතයි. මෙය සිංහලට නගන්නේ චින්තා ලක්ෂ්මි සිංහආරච්ච්චි මහත්මිය විසින්. සමස්තයක් විදියට ඇය පරිවර්තන සියල්ලටම මා කැමතියි. අපූගේ ලෝකය, අපරාජිත ජීවතයක්, ශ්‍රීකාන්ත සහ රාජලක්ෂ්මි, ගෝදානය.

අර්ජුන්

 මෙය මා කියවූ කතා අතුරින් හාස්‍යය මුසු වූ ඉතා සැහැල්ලුවෙන් කියවිය හැකි පොතක්. මෙහි කථානායකයා වන අර්ජුන්ගේ හිසට පොලු පහරක් වදිනවා. ඉන් පස්සේ සිහිය ආ විට ඔහු මෙහෙම කියනවා "මගේ නම අර්ජුන් රායි චෞද්රි. හයිඩ්‍රජන් අණු දෙකකට ඔක්සිජන් අනුවක් එකතු වුණාම හැදෙන්නේ ජලය. කාබන් අනුවකට ඔක්සිජන් අණු දෙකක් එකතු වුණාම හැදෙන්නේ කාබන් ඩයොක්සයිඩ්......". මෙය රචනා කරන්නේ සුනිල් ගංගෝපාධ්‍යාය නැමැති ඉන්දියානු ලේඛකයායි. සිංහලට නැගෙන්නේ ගාමිණි විජේතුංග මහතායි. ඒ ගැන හොඳ විචාරයක් තියෙනවා සිළුමිණ පත්තරේ. 

මළගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරුදු දා

yasanathsithuwili.blogspot.com


 මෙම පොත්දෙක රචනා කරන්නේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්. ජපානයට ගිය ශ්‍රීලාංකික චිත්‍ර ශිල්පියෙකුගේ කතාව එයින් විස්තර වනවා. නොරිකෝ දෙවෙන්දරා සං ප්‍රේම වෘතාන්තය හරිම අපූරු එකක්. මෙහි විස්තර වන නොරිකෝ ගේ පුරුද්දක් වන සවස දෙවෙන්දරා සමග කෝපි බොන්නට ගිය අවන්හල් වලින් එකතු කරන ගිණි පෙට්ටි මතකයට එන්නේ මා අවන්හල් වලින් දෙන සර්වියෙට් බොහෝ දුරන් රැගෙන යන පුරුද්දයි.

_____________________

 පොතේ නම හිස්තැනක් වශයෙන් තබන්න සිදු වන්නේ මට එය මතක නැති නිසා. මා කලින් විස්තර කල ඉන්දුනීසියාව ජපනුන් යටත් කොට ගත් අවධියේ සන්නාසි ජීවිතයක් ගත කරන වංශවත් පවුලක තරුණයෙකු ගැන විස්තර වන ත්‍රාසය පිරි කතාවක්. ඔහු අල්ලන්ට එන දේශීය සොල්දාදුවන් අපේ රටේ යම් යුගයක් සිහිපත් කරවනවා. මේ පොතේ නම, රචකයා හෝ පරිවර්තකයා මා දන්නේ නෑ. මගේ නිවසේ තිබූ මේ පොත මා දන්නා මහතෙකුට මමම ගෙන ගොස් දුන්නා. අද දුරකථන ඇමතුමක් දී ඔහුගෙන් ඒ ගැන විමසුවා සමහරවිට විස්තරයක් ලැබෙයි.

ගනඳුර

 මේ පොතෙත් රචකයා සහ පරිවර්තකයා දන්නේ නෑ. නමුත් මා කියවූ අපූරුම පොත් වලින් එකක්. ඉන්දියාවට සහ පකිස්තානයක්ට නිදහස ලැබෙන්න ආසන්න මොහොතක ශීක් සහ මුස්ලිම් අසල්වැසි ගම් දෙකක් පදනම් කරගෙන ලියවෙන පොතක්. කවුරුන් හෝ දන්නවා නම් මේ ගැනත් විස්තරයක් හොයා දෙන්න.

මෙතනට පස්සේ එන ලැයිස්තුවත් ඒ වගේමයි. 

55 comments:

  1. Around the World in Eighty Days එකයි ඇටමැස්සා යි නම් මගේ ප්‍රියතම පොත් සෙට් එකෙත් තියෙනවා. අනිත් ඒවා නම් මම කියවල නෑ..

    ReplyDelete
    Replies
    1. අර books.lk එකේ මේ පොත් සමහරක් තියෙනවා රුපියල් 1000 ට අඩුවෙන්. ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන්.

      Delete
  2. ගනදුර කිව්වේ භිෂම් ගේ පොතද පරිවර්තනය කවිමල් නේද??

    ඔය පොත් වලින් මට අල්ලල ගියේ එකයි. ඒ ස්ටීව් බිකෝ.. ඒ වචන කවදත් මගේ හිතේ රැව් දෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔන්න දේශා උඹ මතක් කරලා දුන්නම මට මතකය අවධි වුණා. කවිමල් සූරියාරච්ච්චි. ඒ ඔහුගේ කුළුඳුල් පරිවර්තනය. ඔහු එහි අඩුපාඩු ඇත්නම් දන්වන්න කියලාත් බොහොම නිහතමානී ඉල්ලෙමක් කරලා තිබුනා. ස්ටීව් බිකෝ කියන්නේ සදා නොමියෙන චරිතයක්. හැබැයි ප්‍රසිද්ධ වුනේ නෑ චේ තරමට.

      Delete
    2. ඒත් මැන්ඩෙලා අවිහිංසාවාදී වීමට මූලික හේතුව බිකෝ.. මොකද බිකෝ කවදත් පෙනී සිටියේ සමාජ සාධාරන්තවය වෙනුවෙන් විනා වරණබේද වාදය වෙනුවෙන් නෙමෙයි.

      මතකද පොතේ තැනක අර කළු ගුබ්බෑයමේදි ඔහු මෙහෙම කියනවා.

      “මිත්‍ර වරුනි.. අපි සුදු සිස්ටම් එකට විරුද්ධව කළු සිස්ටම් එකක් දාලා එතැනදි කරන්නෙත් සුදු සිස්ටම් එකම කරපු දේ (කළු-සුදු ප්‍රචන්චත්වය) නම් මම කියන්නේ මේ තියෙන සුදු සිස්ටම් එක වඩාත් හොදයි“ කියලා. ඕකෙදි සිස්ටම් එක කියල ඔහු (සුනිල්) අදහස් කලේ පාලනය...

      Delete
    3. අවසානේදේ වුණෙත් ඒ ටිකම තමයි. කළු-සුදු එකතුවක් තමයි පස්සේ පාළනයට ආවේ. එනිසයි ඔවුන් මැන්ඩෙලා නොමරා බිකෝ මරන්නේ.

      Delete
    4. මැන්ඩෙලා අවිහිංසාවාදිද ? මම අහලා තියන විධිහට අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ සන්නද්ධ අංශය වෙච්ච MK සංවිධානය පිහිටුවන්න මුල් වුනේ මැන්ඩෙලා. ඔහු තමා ඒ වන විට ගාන්ධිව අනුගමනය කරමින් සිටි කොන්ග්‍රසයට පවතින වර්ණ බේධවාදි රාජය සමඟ හැප්පෙන්නනම් එවැනි සන්නද්ද අංශයක අවශ්‍යතාවය පෙන්වලා ඒක පිහිටුවන්න මුල් වෙලා කටයුතු කරලා එහි මුල්ම අණදෙන නිළධාරියා වුනේ. ( Long walk to Freedom ) මමනම් හිතන්නේ මැන්ඩෙලා ගියේ මැද මාවතක...

      Delete
    5. මගේ විශ්වාසෙ හැටියට නම් මැන්ඩෙලා අවස්ථාවාදීයි.

      Delete
  3. ස්තුතයි පොත් ඔත්තුවට..අයියන්ඩි කියවන්න දෙවියන්ගේ අඩවිය(with out my daughter ) චිත්‍රපටියකුතත් තියනවා.

    ReplyDelete
    Replies
    1. මල්ලී පුළුවන් නම් අර්ජුන් හොයා ගනින්. අනිත් ඒවා books.lk එකේ තියෙනවා.

      Delete
  4. ඒ කියන්නේ උඹ කැමති පරිවර්ථන වලට.. හැබයි රුසියන් ඒවා නැති එක ළොකු දෙයක්..

    ReplyDelete
    Replies
    1. මම රුසියන් පොත් වලටත් ආසයි. අපරාධය සහ දඬුවම මගේ කැමතිම පොතක් හැබැයි මෙතනදී අමතක වුණා. ඒකෙ තනිකරම කර්මය විස්තර කෙරෙන්නේ. ඒකෙන් හදපු චිත්‍රපටියත් බැලුවා. සැබෑ මිනිසෙකුගේ කතාවක්, බිම්ගෙයි සිරකරුවා.පරිව්ර්තනම කියලා නෑ. නමුත් ලෝකය ගැන දැන ගන්න පුළුවන් ඒවාගෙන්. ලංකාවේ කැමති පොත් බොහොමයක් තියෙනවා. සෙංකොන්ට්ටං මෑතකදී කියවපු කැමති එකක්.

      Delete
  5. මොන හේතුවක් නිසාද මන්දා මනුතාපය සහ ඇට මැස්සා මට නම් පිරියක් නැති පොත්. ඒවා භාගෙට කියවලා අත හැරියා.

    වෘකයන් අතර නග්නව නම් නියම පොතක්.

    ReplyDelete
    Replies
    1. මනුතාපය තමයි මම හිතන්නේ මම කියවපු මුල්ම පරිවර්තන නව කතාව. ඒක කියවත්දී මගේ වයස 14-15 ඇති. ඇට මැස්සා බොහොම විවේකයෙන් කියවන්න ඕනේ. මේ පොත් සියල්ලම ඒ වගේ තමයි. එක එක්කෙනාගේ රුචිකත්වය විවිධයි නේ.

      Delete
  6. මනුතාපය ගැන එච්චර පැහැදීමක් නැති වුනත් බෲනෝ ආපිටිස්ගේ වෘකයන් අතර නග්නව නම් පට්ට පොතක්....මරණයේ දොරටුවත් ඒවගේම පොතක්!!!
    නියම පොත් සෙට් එකක්!!!

    ReplyDelete
    Replies
    1. මරණයේ දොරටුව මම කියවලා නෑ. හොයාගෙන බලන්නම්.

      Delete
  7. මනුතාපය මගෙත් ප්‍රියතම පොතක්!!

    ReplyDelete
    Replies
    1. ඒක මම හිතන්නේ කවුරුත් වගේ කියවලා තියෙනවා.

      Delete
  8. හඬනු මන නිදහස නම් කියවලා නැහැ, චිත්‍රපටි ගැන කියනවනම් මගේ සිත්ගත්ත චිත්‍රපටිය ස්ටර්ලින්ගාර්ඩ් මම හිතන්නේ සුධීක අයියත් බලලා ඇති

    Stalingrad

    ඒ කතාව නම් අනිවාර්යයෙන්ම බලන්න වටින කතාවක්. එකත් නාසි හමුදා කණ්ඩයක් හා රුසියන් බටයින් පිරිසකුයි කාන්තාවන් දෙදෙනෙකුයි වටා දිවෙන ලස්සන කතාවක්, ඒ කතාව ඇතුලේ කතා ගොඩක් තියෙනවා වෙන වෙනම, විශිෂ්ට නිර්මාණයක්.

    Around the World in Eighty Days එජ්කේ සිංහල පරිවර්තනය ලොව වටා අසු දිනකින් ජිනේන්ද්‍රවංශ ද සිල්වා කියලා කෙනෙක් විජේසුරිය ග්‍රන්ථ කේන්ද්‍රයෙන් ප්‍රකාශ කරපු පොත කියෙව්වා, ඔට්ටුවකට ලෝකේ වටේ දුවලා නෝනා කෙනෙකුත් සෙට් කරගන්න කතාව අපුරුයි.

    සරච්චන්ද්‍ර මහත්තයාගේ පොත් දෙක කියෙව්වේ මෙහෙම, මේ සයිට් එකෙත් වටින පොත් ගොඩයි, ගොඅක් ඉංග්‍රීසි ඒවා, අපි පොතක් හරි ලිපියක් හරි එයාලට දුන්නම එයාලත් අපිට දෙනවා කැමති එකක් ගන්න අවස්තාවක්.

    මකවුන්ගේ අවුරුද්ද දා
    මලගිය ඇත්තෝ

    ස්තුතියි පොත් ඔත්තුවට.

    ReplyDelete
    Replies
    1. ෆිල්ම් එකේ ලින්ක් එක වැටිලා නැහැනේ

      http://en.wikipedia.org/wiki/Stalingrad_(2013_film)

      Delete
    2. සොමියා ක්‍රයි ර්‍පිඩම් පොත කියවහං. දැං කාලේ තරුණයන්ට ආවෛ්ගශිලී වීම කොයි තරං සීමාවක තිබිය යුතුද කියන එක ගැන හොද අදහසක් දෙනවා හරියට කියෙව්වොක්.. උඹ ඒ පොත දෙතුන් පාරකට වැඩිය කියවන බව නං මම ගැරන්ට් කරනවා..

      Delete
    3. ස්තුතියි දේශක අයියා, අනිවාර්යයෙන්ම කියවලා බලන්නම්.

      Delete
    4. ස්ටාලින්ග්‍රාඩ් බලමින් පවතිනවා.

      Delete
    5. කොහොමද සුදීක අයියා ෆිල්ම් එක?

      Delete
    6. බලන්නේ කොටස් වශයෙන්.

      Delete
  9. මොන එකක්ද මංදා මටනං ඇට මැස්සා කියවන්නම බෑ.අනික් පොත් ගැනනං වාදයක් නෑ රස වින්දා.

    ReplyDelete
    Replies
    1. එතන තියෙන අන්‍යාගමික නැඹුරුව වෙන්න පුළුවන් හේතුව.

      Delete
  10. මනුතාපයයේ රූප රචනයත් ඉතා රසවත් මළගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරුදුදා සිත් ඇදගන්නා පොත් යුගලක්

    ReplyDelete
    Replies
    1. ෆිල්ම් එක බලන්න බැරි වුණා.

      Delete
  11. wurkayan Athara Nagnawa,sathya siduweem Asuren liyapu Ithama Anuwedaneeya kathawak,Potha liyapu Bruno Apitz(1900-!979)pasukalekadi,Ape,Hdausan s,Mahinda Abe, lawage, Erich Honeckerge,Pitapath Rachakaya wenna wela.(R-D)

    ReplyDelete
    Replies
    1. රන්ජන් අයියට එතන බලන්න යන්න පුළුවන්. දැන් කෞතුකාගාරයක් මගේ දැනීමේ හැටිය්ටා.

      Delete
  12. සරත්චන්ද්‍රයන්ගේ පොත් නම් කියවලා තියෙනවා . ඒත් අනිත් ඒවා නම් එකක්වත් කියවලා නෑ . හොයාගෙන කියවලා බලන්න ඕන . බොහොම ස්තූති අපිත් එක්ක මේ ගැන බෙදාගත්තට :)

    ReplyDelete
    Replies
    1. හරි කියවලා බලන්න එහෙනං.

      Delete
  13. මේ පොත් දහයෙන් මම කියවලා තියෙන්නෙ මනුතාපය විතරයි. සමහර ඒවා තුන් හතර පාරක්ම අතටත් අරගෙන ආපහු තියලා ආපු පොත්...

    මම කැමතිම පොත් දහය මොනාද කියලා මම මේ කල්පනා කළේ..

    ටොම් සෝයර් ( මේක මම අන්තිම පි‍ටුව කියවලා ඉවර වෙලා ආයෙ මුල ඉඳන් කියවපු එකම පොත )
    සුදු හැඳගත් කාන්තාව
    කාන්තාර කුසුම ( වාරිස් ගේ කතාව )
    ඊවා ලූනා
    පිච්චමල කතා මාලාව ( ජයසේන ජයකොඩි )
    රජ පැටියා සහ හිඟන පැටියා
    කළු දළ මල
    මොන්ත ක්‍රිස්තෝ සි‍ටුවරයා
    නේත්‍රා ( සන්නස්ගල )


    තව තියනවා ගොඩක් ආස ඒවා මේ වෙලේ මතක් වෙන්නෑ...

    ReplyDelete
    Replies
    1. වැරදීමක්.. ඇටමැස්සාත් කියවා ඇත..

      Delete
    2. ජයසේන ජයකොඩිගේ පොත් සෙට් එකම අපේ ගෙදර තිබුණා. හරි ලස්සනයි.

      Delete
    3. "කාන්තාර කුසුම ( වාරිස් ගේ කතාව )" පස්සෙ කාලෙක චිත්‍රපටයක් ආවෙත් ඒ කතාවෙන් නේද සෙන්නා ? ඒක නම් බැලුවා.

      Delete
    4. මම ෆිල්ම් එකනම් බලලා නෑ චන්දන.

      Delete
  14. මම ආසා පොත් ගොඩයි. ආසාම පොත් දහය ඒ දවස්වල හැම තැනම දැම්මා. ආසම නෙමේ. හිතට ආපු පොත් දහය. ඒ දහය ආපහු දාන එක හරි නෑ. වෙන දහයක් කල්පනා කරලා බලන්ට ඕනි.

    හැමෝම කියවලා තියෙන පොත් ලස්සණයි වගේ පේනවා. ලඟදි ලංකාවෙන් පොත් ගොඩක් ගෙන්න ගත්තා. දැන් ඒවා බලලාම ලිස්ට් හැදුවානම් හරිනේ. :)

    ReplyDelete
    Replies
    1. හරි එහෙනම් බලලා දාන්නාකෝ.

      Delete
  15. ඇත්තට ම වටිනා ලිපියක් සුදීක...

    ගොඩක් පොත් කියවලා තියෙනවා... අනික්වා කියවන්න ම හිතෙනවා...ලිපියට ස්තූතියි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. සමහර පොත් මාව දැකලා ගියා වගේ. ඒක ලොකු කථාවක්. අපේ ගෙදර තිබුණු පොත් දෙකඩ වුණා.

      Delete
  16. ඔතන තියන පොත් වලින් දෙකක් කියවල තියනව කියල මතකයි. මට කොහොමත් පොත් ගැන මතකය හරි අඩුයි.

    ReplyDelete
    Replies
    1. මම හැමදාම විශ්වාස කරන දෙයක් තමයි "Better Late than Never" කියන ඉංග්‍රීසි කියමන. ඒ කියන්නේ "ප්‍රමාද වී හෝ කලයුතු දෙය කිරීම අත්හැර දැමීට වඩා යෙහෙකි" කියන අදහස.

      Delete
    2. ඒ අනුව යමින් ප්‍රමාදයට සමාව භජනය කරන ලෙස ඉල්ලමින්, මෙතැනින් පහළ අදහස් සියල්ලට පිළිතුරු සපයමි. ඉතිරි ටිකත් හොයාගෙන බලන්න, මේවා හොඳ පරිවර්තන.

      Delete
  17. ක්‍රෙඩිට් කාඩ්පතක් ලබාගැනිමට පෙර කියන පොස්ට් එක නැවත පාරක් කියෙව්වා. මට ඊයේ කතාකරලා මල්ලි මොකක්ද ප්‍රශ්නේ? මොකද අපෙන් වෙන්න ඕනේ? කියලා අහපු සුදික. අටං, විදානේ අයියන්නඩිලා ඔබ සැමට ස්තුතියි...
    සහෝදරත්වයේ සුවද දැනුනා.

    ReplyDelete
    Replies
    1. දැන්නම් ඒ පොස්ට් එක හොඳටම කල් පැනලා ඇති.

      Delete
  18. I read all apart "Arjun". Seems an interesting one. Thanks for sharing I will read it. By the way I like Russian translations like "Story about a real man", "Virgin soil upturn", "How steal tempered". And some French translations of Alexandar Dooma like "Count of Monti Cristo" ets. In local my favorite author is T. B. Ilangarathna. Still remember his books like "Aba ahaluwo", "Wilambeetha", "Thilaka", "Thilaka ha Thilaka" etc.

    ReplyDelete
    Replies
    1. Arjun is one of the very best books I read. I couldn't remember where I stumble upon this book. However, it is funny yet, truth about Indian society in British Era. I have read almost all the books you mentioned here too. All those too are interesting. Actually those have contributed towards our written ability.

      Delete
  19. චින්තා ලක්ෂ්මි මහත්මියගේ පොත් සියල්ලට මමත් කැමතියි.

    Around the World in Eighty Days සුදික අයියා මේ පොත ගැන විස්තරේ සම්පුර්ණයෙන් ලියලා නැහැ නේද මේ පොස්ට් එකේ.

    ReplyDelete
    Replies
    1. මමත් කාලයක් එක දිගට මේ පොත් සෙට් එක කියවගෙන ගියා. කියවන්න බැරි වුණේ අරණකට පෙම් බැඳ විතරයි. මේ එක්කම මතක් වුණා මල්ගුඩි දවසැ පොතත් හොඳ එකක්. මම කියවපු අගක් මුලක් නැති පොතක් තමයි රසකැවිලි වෙළෙන්දා. එක අසංෂිප්ත ඝනයේ එකක්.

      Around the World පොත පිටු 60 ක විතර ඉංග්‍රීසි පොතක්. මේක ඇඩ්වෙන්චර් වර්ගයේ කතාවක්. ඉතාම සරල ඉංග්‍රීසියෙන් ලියා තිබෙන්නේ. මේකේ ප්‍රධාන චරිතේ ෆිලියාස් ෆොග් මගේ මතකයේ හැටියට. ඔහුට ලැබෙනවා පැසපාටු වගේ උච්චාරණයක් තියෙන ප්‍රංශ කෝකියෙක්. ඒ දෙදෙනා වටා තමයි මේ කතාව ගෙවෙන්න. මේ ගමන දියෙන් ගොඩින් දෙකෙන්ම යනවා. ඔට්ටුවකට තමයි මේ ගමන යන්නේ. අන්තිමේදී එයාලට දවස් 82ක් ගත වෙනවා. නමුත් ඔවුන් ගමන් ගත්තේ නැගෙනහිර දෙසට නිසා ඇවිත් තියෙන්නේ හිතුවටත් වඩා කළින් බව මතක් කරළා දෙනවා ඔවුන්ගේ මිතුරෙක්. ඉන් පස්සේ තියෙන්නේ ත්‍යාගය ගන්න කොටස. ඔවුන්ගේ ගමන වැඩි වශයෙන් පියාඹන ගුවන් යානයකින් තමයි යන්නේ. මේකේ ෆිල්ම් එක හදලා තියෙනවා. ජැකී චෑන් තමයි කෝකියාට ඉන්නේ.

      Delete
  20. මම නම් ඔය ප‍ොත් සියල්ල කියවා නෑ. ඒත් කියවන්න වටිනවා. මාද බ‍ොහ‍ෝ විට කැමති පරිවර්තන කෘති වලටය.

    ReplyDelete
    Replies
    1. ඔබ අනිවාර්යයෙන්ම මේ පොත් වලට කැමති විය යුතුයි කියා මට හිතෙනවා.

      Delete
  21. සහෝ පොඩි නිවැරදි කිරීමක් කියන්නම්

    "සොඳුරු දඩයක්කරුවා (මතකයේ හැටියට) නමින් හඳුන්වන සුගතපාල ද සිල්වා"

    ඒක
    "සොඳුරු ආඥාදායකයා"

    විදිහට වෙනස් වෙන්න ඕනේ..
    Nice post.!

    ReplyDelete
    Replies
    1. ඔබේ මතකය නිවැරදියි. එය සොඳුරු ආඥාදායකයා ලෙස නිවැරදි විය යුතුයි.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...