Sunday, February 2, 2014

අශ්වයින් නැති තුරඟ තරග පිටිය - A racecourse without Horses

එක්දහස් අටසිය හතලිස් ගණන් වල කඳුකර ප්‍රදේශවල දාරාවැල්ල වැනි ජනාවාස ඇති වනවාත් සමග ආරම්භ වන්නට ඇතැයි විශ්වාස කරන ශ්‍රී ලංකාවේ තුරඟ තරග වල මුල් කාලය පිලිබඳ ලිඛිත සටහන් ඇත්තෙම නැති තරම්. වසර කිහිපයක් අවෑමෙන් එය ගාලු මුවදොර තනනිල්ලේ තරඟ පැවැත්විණි. එම වකවානුවේ එය අද පවතිනවාට වඩා විශාලය. එය අභියෝගාත්මක පථයක් වුයේ, වියලි සමයේදී දුෂ්කර වූ, වැසි සමයේදී තෙත බරිත සහ බෑවුම් ප්‍රදේශයේ ඉහල පහල ගමන් ගැනීමට සිදු වීම නිසාය. තවදුරටත් එය ජනතාව නිතර ගැවසෙන ස්ථානයක් වීම නිසා එය වටා වැටක් ඉදි කිරීමට නොහැකි විය. එනිසාම එහි නිතර අනතුරු සිදු වන තත්වයක් ඇති විය. කරත්ත වලින් ප්‍රවාහනය කරන ලද බියර් බැරල් වලින් තරග වලට බාදා එල්ල වීම එක් උදාහරණයකි.
පින්තූරය ගත්තේ : http://www.serendib.btoptions.lk

1861 දී  තුරග තරග ක්‍රීඩා සමාජය බිහිවීමත් සමගම, කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයෙන් අත්පත් කරගත් අක්කර 27ක භූමි භාගයක් තරමක් විශාල තණකොළ පිට්ටනියක් බවට පරිවර්තයන කර ගන්නා ලදී.  එවකට එය ආකෘතිය සහ පහසුකම් අතින් දකුණු ආසියාවේ හොඳම ස්ථානය විය. ප්‍රධාන ප්‍රේක්ෂකාගාරය ආනුභාවසම්පන්නය, ඉස්තාල ආම්පන්න වලින් සම්පූර්ණය, මහත්වරුන් සඳහා අශ්වාරෝහක පුහුණු කිරීමේ කිරීමේ ක්‍රීඩා සමාජයක් සමග ක්‍රීඩාංගනයක් වෙනමම පැවතිනි. සම්මත ආකාරයට සුදු පැහැති පීල්ලක් ධාවන පථය දෙපසින් ඉදි කර තිබුනේ බියර් කරත්ත සහ එවැනි හිරිහැර නතර කිරීමට වුවත් බල්ලන් සහ කබරයන් තරග පවතින අවස්ථා වලදී ධාවන පථය හරහා ගමන් කර ඇත.

කොළඹ තුරගතරග ආරම්භ වුයේ 1893 ජුනි 22 වන අතර පසුව එය දියුණු ව්‍යාපාරයක් බවට පත් වූයේ එයට ලැබුණු නොමද සහයෝගය නිසාය, එමගින් ඔට්ටු තැබීමේ අවස්ථාද ඇති විය. ඔට්ටු වශයෙන් තැබුණු රන්පවුම් ජයග්‍රාහකයන්ට ලබා දුන්නේ පිත්තල මංජුසාවකය. කෙනෙකු ගෙනගිය ආණ්ඩුකාරවරයාගේ කුසලානය තුල පවුම් හතක පැවති බව ජනප්‍රවාද ඇත. ලංකාවේ තුරඟ තරග සඳහා යනවිට මහත්වරුන් ටෙල්-කෝට් ඇඳ සුදු පැහැති උස හිස්වැසුම් පැළඳි අතර ඔවුන්ගේ බිරින්දෑවරුන් එයට සමානවම ශෝභන ලෙස සැරසී ඔවුන් සමග පැමිණියහ.

ලංකා ටයිම් පත්‍රය නිතිපතා පැවතී තරග පිලිබඳ සිත්ඇදගන්නා විස්තරයක් සපයා තිබුණේ
සවස හතරෙන් පසු විලාසිතාවට ඇඳපැළඳි ප්‍රේක්ෂකයන් සමූහයකගෙන්  ප්‍රධාන ප්‍රේක්ෂකාගාරය පිරී යනවිට, නවාතන්පළවල්වල සිටි සෙනග පිටියේ රැස්කකා උන්හ. තදරතු කබායන් හැඳි 73න්වන බලකා හෙවායන්ද, නිල්පැහැති ඇඳුමින් කාලතුවක්කු හමුදාසෙබළුන්ද, කොළපැහැති රයිෆල් හමුදාවද, කහ සිවුරු දැරූ බෞද්ධ භික්ෂූන්ද, සෑම වර්ගයකම වාහන වලින් පැමිණි බර්ගර් ජාතිකයින්ද(පහසුකම්සහිතව ගෙනයනයන් වල සිට තිරික්කල දක්වා), දෝලාවලින් පැමිණි මුවර් ජාතිකයන් ඔට්ටු බාරගැනීමට සුදානම්වද, පිටකොටුවේ තම්බින්ද, අලංකාර ඇඳුමින් සැරසුණු ස්වදේශිකයන්ද, ස්වදේශික කාන්තාවන් පුදුම එලවන වර්ණයන්ගෙන් සැරසීද, අපවිත්‍ර අස්පල්ලන්ද, ලංකාවේ පැවති පන්ති නිජෝජනය කරමින් උන්හ. 
 1922 දී කොළඹ තුරඟ තරග පිටිය නැගෙනහිර රටවලින් මුලින්ම ස්වයංක්‍රීය ඔට්ටු තැබීමේ ක්‍රමයක් සහිත එකම ස්ථානය විය.එම යන්ත්‍රය  "ටෝට්" යනුවෙන් බොහෝවිට හැඳින්වීය. මෙම විශාල සහ සංකීර්ණ යන්ත්‍ර ඒ වනවිට ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ භාවිතා කලද, එවකට එවැන්නක් මෙහි ස්ථාපනය කිරීම විශාල තාක්ෂණික ජයග්‍රහණයකි.
1929 දී මෙම ස්ථානය ඡායාරූපයට නැගී ඇති ආකාරය. මෙම පින්තූරය ලබා ගත්තේ සිරාගේ කාමයරට එය විද්‍යුත් පණිවුඩයක් මගින් එවූ lankapura.com මගින් සිරා පළකළ ඡායාරුපය ඇසුරින්. 

ඉන් අවුරුදු විස්සකින් අණතුරුව එනම් 1942 දී තුරඟතරග පිටිය අසාමාන්‍ය පැවරීමකට ලක් විය. මහත් භයානක මොහොතක් වූ ජපනුන් ලංකාවට පහරදීම මයිකල් ටෝම්ලින්සන්, පර්ල් වරායේ පිබිදීම සහ සිංගප්පූරුවේ කඩාවැටීමෙහි විස්තර කර ඇත්තේ "බ්‍රිතාන්‍යපාළනය දිවයිනේ ආරක්ෂාව තර කිරීම සඳහා හදිසියේ ගුවන්පථයක් තුරඟතරග පිටියේ සුදානම් කළහ" යනුවෙනි.

අතිශයින් සාර්ථක වූ හෝ(ව්)කර් හරිකේන් වලින් සන්නද්ධ රාජකීය ගුවන්සේවයේ 258 වැනි කණ්ඩයද. බ්‍රිස්ටල් බ්ලෙන්හයිම් නමැති ද්වී-යන්ත්‍ර සැහැල්ලු බෝම්බ හෙලන යානය සමගින් 11 වැනි අනුකණ්ඩයද කඩිනමින් ස්ථානගත කළහ.

1942 අප්‍රේල් 5 වැනිදා ජපනුන් කොළඹ වරායට පහරදෙනවිට, මෙහි ගුවන්පථයක් පැවති බව ඔවුන් නොදැන සිට ඇත. එය ඉතා මෑතකදී නිර්මාණය වීම ඊට හේතුවයි.  එකක් පසුපස එකක් අහසට නැගුනු හරිකේන් යානාවන් ඔවුන්ගේ ප්‍රහාරයට දැඩි සේ බාදා එල්ල වීම නිසා එය දුබල විය. එනමුත් එම යානා 14න් පහක් පමණක් නිරුපද්‍රිතව පැමිණියහ. ජපන් ගුවන් යානා ඒවා ගෙනයන නැව් වෙත පැමිණීමට සැලසුම් කලද, 11 වන කාණ්ඩයේ බ්ලෙන්හයිම් යානා  ජපන් නැව් වලට පහරදුන්නේ ඔවුන් සොයා ගැනීමටවත් ඉඩ නොතබමිනි.

චර්චිල් අගමැතිවරයා එම ප්‍රහාරය සටහන් කලේ යුද්ධයේ වඩාත් දරුණුම මොහොත ලෙසයි. යම් හෙයකින් ජපානය දිවයින අල්ලා ගත්තා නම් ඉන්පසු ඉන්දියාවට සහ අප්‍රිකාවට පහසුවෙන් ඇතුලත් වනු ඇත. එනිසා 258 වන කාණ්ඩයේ ගුවන් නියමුවන් නිසා එය සිදු වීම විශාල වශයෙන් වැළකිණි. දෙවන ලෝක යුද්ධ ඉතිහාසයේ  තීරණාත්මක මෙහෙයක් කොළඹ තුරග තරග පිටියේ තිබූ ගුවන්තොට  නිසා සිදු විය. 

මෙම එදිරිවාදිකම් අවසන් වී තුරඟ තරග පිටිය යලි ආරම්භ වුයේ 1956 දීය. එතෙක් මෙම ක්‍රීඩාව තහනම්ව ඇත(එනමුත් නුවර එළියේ තරගාවලියක් පවත්වා ඇත).

කොළඹ තුරඟ තරග පථය රජය අත්පත් කොටගෙන එම ඉඩම බෙදා දෙන ලදී. ටික කලක් එහි ප්‍රධාන ප්‍රේක්ෂකාගාරය කොළඹ සරසවිය භාවිතා කර ඇත. ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇත, තවත් ක්‍රීඩා සමාජ කිහිපයක් ස්ථාපිත කර ඇත. එය ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ යුධ හමුදාවද භාවිතා කර ඇත. නමුත් එහි ප්‍රධාන ප්‍රේක්ෂකාගාරය සහ ධාවන පථය නගරයේ අශෝභන දර්ශනයක් විය. එනිසා එය නැවතත් යටත්විජිත ගෘහ නිර්මාණ ශිල්පයට අනුව, රජයේ කොළඹ නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ආරක්ෂක සහ නාගරික සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ප්‍රතිනිර්මාණය කර ඇත. ඒ සඳහා නායකත්වය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් අතර මීට ටික කලකට ප්‍රථම කොළඹ ඕලන්ද ආරෝග්‍ය ශාලාවද මෙසේ ප්‍රතිනිර්මාණය කර සාප්පු සහ ආපන ශාලා සංකීර්ණයක් ලෙස පත් කොට ඇත. 

තුරඟ තරගය පථය තිබූ ප්‍රදේශය ජාත්‍යන්තර රග්බි ක්‍රීඩාංගනයක් බවට පත් කොට ඇති අතර එය රටේ ප්‍රධාන ජාත්‍යන්තර රග්බි ප්‍රමිතීන්ට අනුකූල පහසුකම් සහිත ප්‍රධාන ක්‍රීඩාංගනය බවට පත් කොට ඇත. ප්‍රධාන ප්‍රේක්ෂකාගාරය අනාගත රග්බි ප්‍රේක්ෂකයන් වෙනුවෙන්  සංරක්ෂණය කරන ලද අතර  අතීතයේ දී අශ්වාරෝහකයන්ගේ කාමර, ආවතේව කරුවන්ගේ කාමර, විමසීම් කාමර සහ ඔට්ටු තැබීමේ කාර්යාල තිබූ 1923 දී ඉදි කරන ලද යාබද කුඩා ක්‍රීඩාගාරය සම්පූර්ණයෙන්ම නැවත සකස් කර ඇත.

මෙම පුරාතන ස්වේත ගොඩනැගිල්ල සම්භාව්‍ය බ්‍රිතාන්‍ය විලාසිතාවට විශිෂ්ඨ  උදාහරණයකි. එහි මුහුණත අලංකරණය ඉතා කදිමය, එහි ජනෙල් විශිෂ්ඨය, විශාල වෘත්තාකාර අහස කවුළුද ඇත. පාරට මුහුණලා ඇති කොටසේ ත්‍රිත්ව කොළම සිත්වශීකරවන අඳුරු කොරිඩෝවක් තිබුණි. අතීතයේ මේවායේ විශාල රේස් කාමර පවතී මුත් අද ඒවා සාප්පු සංකීර්ණයක් සඳහා අලුත්වැඩියා කර ඇත.

ඉතිරි පරිච්චේද දෙක මගින් එහි ඇති සාප්පු සංකීර්ණ ගැන විස්තරයක් කර ඇත. 


මෙම ලිපිය රිචර්ඩ් බොයිල් මහතා සෙරන්ඩිබ් සඟරාවට සම්පාදනය කරන ලද ඉංග්‍රීසි ලිපියේ සිංහල පරිවර්තනයකි. 
Colombo Racecourse in 1929
පින්තූරය ගත්තේ : http://www.serendib.btoptions.lk

කොළඹ තුරඟ තරග පිටිය විසිවන සියවසේ මුල් භාගයේ දිස් වූ අයුරු/


පින්තූරය ගත්තේ : http://www.serendib.btoptions.lk
තුරග තරග පිටිය අද.
මෙහි මුල් ලිපියෙහි තවත් බොහෝ පින්තූර ඇතත්, ලිපියට අදාළ ඒවා පමණක් මෙහි එකතු කොට ඇත.

46 comments :

  1. හොද ඉතිහාසයක් නැවත මතක්කීරීමක් අද මෙතැන සුර පුරක් වගේ.. අපට නොවේ සල්ලි යහමිං ඇති අයට.

    ReplyDelete
    Replies
    1. අපටත් එහි යාමේ කිසි ගැටළුවක් නෑ. පොත් හලෙත් ගණන් සාමාන්‍යයි.

      Delete
  2. තැන්කුයි විස්තරේට.. කොහේද හිටියේ මේ ටිකේ.. දැක්කෙම නෑ

    ReplyDelete
    Replies
    1. අනේ දේශා මේකත් කෑලි හතර පහකට කඩලා ලිව්වේ මහා රෑවල. මේ ටිකේ ජාලයේ නොහිටි ගාණයි. බොහොම ස්තුතියි සොයා බැලුවට.

      Delete
  3. රේස්කෝස් එකට මෙච්චර පැරණී ඉතිහාසයක් තියනව කියල අදයි දැනගත්තෙ අයියෙ...ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි මටත් මේක බැලුවාම හරි පුදුමයක් ඇති වුණේ.

      Delete
  4. මේකනම් නියම විස්තරයක්නේ මහත්තයෝ

    ReplyDelete
  5. එළකිරි ළිපිය මචෝ... මට නම් මේක ඇති පොපෙට ඡන්දේ දෙන්න.. ඕකේ ඒ කාළේ පින්තූරයක් සිරාගේ පෝස්ට් එකක තිබුනා.. ඒකත් මේ ළිපියට ඇතුලත් කලා නම් ඉස්තරන්..

    ReplyDelete
    Replies
    1. මේක හදන්න කලින් මම මෙතනට ගියා මළල ක්‍රීඩා තරගයක් නරඹන්න. ඒ කාලේ මෙතන හොල්මන් ගුහාව අගේ තිබුණේ. දැන් තියෙන තත්වය ගැන ශ්‍රී ලාංකිකයෙක් විදියට ඕනෑම කෙනෙකුට ආඩම්බර වෙන්න පුළුවන්. සිරාගේ ෆොටෝව හොයාගන්නම්.

      Delete
  6. රේස් කෝස් එකේ ඉතිහාසය දැනගත්තේ අදයි. ස්තූතියි අලුත් කරුණු රැසක් කියා දුන්නාට. මේ සාප්පු සංකීර්ණය නම් නිවීහැනහිල්ලේ කාලය ගත කරන්න කදිම ස්ථානයක්.

    ReplyDelete
    Replies
    1. ඔව්. එතන ඉතාම නිස්කලංකයි.

      Delete
  7. නරකද ඕකට අස්සයො ටිකකුත් ගෙනල්ල දැම්මොත්.

    ReplyDelete
    Replies
    1. දැන් තණකොළ කපන මැෂින් තියෙනවා.

      Delete
  8. තව පින්තූර ටිකක් තිබ්බනම් හොඳයි කියලා හිතුනා. සුදීක ගේ මහන්සියට මල් මිටක්....!

    ReplyDelete
    Replies
    1. තව පින්තූර තිබුණා. මම එතන තිබ්බ ඔක්කොම මෙතනට කොපි කලේ නෑ. සිරාගේ පොස්ට් එකේ තිබ්බ එක දැම්මා මාතලන්ගේ ඉල්ලීමට.

      Delete
  9. තෑන්ක්ස් පරිවර්තනය කලාට..

    ReplyDelete
    Replies
    1. මම හිතුවා මේක කාට හරි වැදගත් වෙයි කියලා.

      Delete
  10. කොමෙන්ට් කරන්න බැරි වුණාට කලින් කියෙවුවා ලිපිය, ස්තුති අනර්ග ලිපියට, අපිට වගේම ඉගෙනගන්න අයට වැදගත් වේවි ,, ගූගල් සර්ච් හරහා එන අයට.

    ReplyDelete
    Replies
    1. කාට හරි වැදගත් වෙයි කියලා තමයි පරිවර්තනය කලේ.

      Delete
  11. මේ මෑතක් වෙනකල්ම රේස් කෝස් කියලා තමයි ඔතනට කිව්වේ. හැබැයි දැන්නම් නියමෙට හදලා තියෙන බව මම ඔතනින් යනකොට දැක්කා. මේ ලඟදි ඔතන වින්ටේජ් කාර් ‍රැලි එකකුත් තිබ්බද කොහෙද.

    ReplyDelete
    Replies
    1. දැන් එතන සුරපුරයක් වගේ. ඉස්සර නම් පාලු මන්දිර තමයි.

      Delete
  12. තුරග තරග පිටිය පිළිබද පසුබිමේ කථාව සහ එහි විකාශනය පිළිබද නූතන පරපුර වෙත දැනුම ලබා ගැනීමට හැකි ආකාරයෙන් ලියැවුනු කදිම ලිපියක් ලෙස දකිමි. ඉතිහාසය තුල සැගවුනු රසවත් කථා කෙතෙක් නම් වේද....

    ReplyDelete
    Replies
    1. මා කලේ හැකි උපරිමයෙන් පරිවර්තනය කිරීම. මෙය ලියා ඇත්තේ රිචඩ් බොයිල් නම් මහතෙක්.

      Delete
  13. ඇත්තෙන්ම මෙහි මෙත‍රම් ඉතිහාසයක් ඇතයි නිකමට වත් සිතුවෙ නෑ. ස්තූතියි සුදීක අයියෙ.

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය කිය්වනකම් මමත් ඒ තරම් දෙයක් දන්නේ නෑ.

      Delete
  14. මෙහි මෙතරම් ඉතිහාසයක් ඇතයි නිකමටවත් සිතුවෙ නෑ. ස්තූතියි සුදීක අයියෙ.

    ReplyDelete
  15. කොහොමද දැන් ඔය පැත්තෙ ලස්සන..නියමෙට ගොඩගත්ත..අපේ ආමි එකේ කොල්ලො තමයි ඉතින් ඕක ලස්සන කොරල ගත්තෙ..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම. අපේ හමුදාව යුද්ධයට වගේම මේ වගේ පැරණි ගොඩනැගිලි ප්‍රතිසංස්කරණයටත් දක්ෂයි. ඒක අපි ලෝකයටම කියන්න ඕනේ.

      Delete
  16. හාරලක්සේ මංකොල්ලෙත් රේස් වලට සම්බන්ධයි. කොළඹ ගිය වෙලාවක බලන්න ඕනේ මෙතන කොහොමද කියලා. ශ්‍රී ලංකා යුද හමුදා පුරෝගාමී බලකායේ මූලස්ථානය සෑහෙන කලක් තිබුනේ මෙතන.

    ReplyDelete
    Replies
    1. 80 මුල කොළඹ IS duties දාපුවාම 'race course' එකේ දවස් ගනන් ඉන්නවා. හවසට officers' mess එකට නියම බෙබේලා ටිකක් සෙට් වෙනවා. නම් කියන එක හරි නෑනෙ :-)

      Delete
    2. අනිවාර්යයෙන්ම යන්න. එතැන ඉතාම සිත් ගන්නා සුළු තැනක්.

      Delete
    3. @ Kandyan, ඒ කාලේ ඒ මේස එකට ආවේ හොඳම පප්පලා ටිකක්.

      Delete
  17. කොලඹ විශ්ව විද්‍යාලෙ එතකොට අස්ප රේස් ප්‍රේක්ශකාගරෙකත් තිබිල තියෙනො එහෙනම්.මහන්සි වෙලා කරපු පරිවර්තනයක්.එල!!!
    මෙන්න කියවන්න මහඇමති වෙන්න දඟලන සීනිබෝල කෑලි

    ReplyDelete
    Replies
    1. මට දැනෙන විදියට මේක තිබිලා තියෙන ප්‍රමාණයේ හැටියට කැම්පස් එක දැන් තියෙන තැනත් මේකේ කොටසක් වෙන්න ඇති.

      Delete
  18. නියමයි සුදීක. රේස් කෝස් එකේ සුන්දරත්වය විඳින්න සවසට එතනට යන්න ඕන.

    ReplyDelete
    Replies
    1. යමුද වෙලාවක ?

      Delete
    2. ඉබ්බා දියේ දාන්නද ඇහුවා වගේ. යමු යමු.

      Delete
  19. මෙතන මෙච්චර දුර අතීතයක් තියෙනවයි කියලා හිතන් හිටියේ නෑ.. විස්තරේ වටිනවා අයියේ..

    ReplyDelete
    Replies
    1. ආපු වෙලාවක ඒ පැත්තේ කරක් ගහලා බලන්න.

      Delete
  20. හොද විස්තර සහිත ලිපියක්.

    ReplyDelete
  21. ස්තුතියි විස්තරේ ට.. :)

    ReplyDelete
  22. රේස් කොස් නම මැතක් වෙනතුරු භාවිතා කලා නේද...?
    මොකක් වුණත් දැන් මේ හරිය සුපිරියටම හදලානම් තියෙනවා තමයි.

    ReplyDelete
  23. පට්ටම විස්තරයක් සුදීක අයියේ.. කරුණු සෑහෙන්න දැනගත්ත...

    ReplyDelete
  24. හොඳ විස්තරයක්. ඔබගේ මේ ආකාරයේ ලිපි වලින් හොඳ සේවයක් වෙනවා. අපි නොදන්නා තැන ගැන දිගට ලියන්න

    ReplyDelete
  25. හොඳ ලිපියක් සිංහලෙන් ගෙනාවාට බොහොම ස්තූතියි. පාසල් කාලයම ඔය අවට හිටි නිසා මතකයත් අළුත් වුනා. එහා පැත්තේ බ්ලූම්ෆීල්ඩ් ග්‍රවුන්ඩ්ස්වල නිතරම මැච් බලන්න ගියා. වර්ණපුර බ්ලූම්ෆීල්ඩ් නායකයා කාලේ. රේස්කෝස් එක ඉස්සරහම 122 බස් හෝල්ට් එක තිබුනේ.

    ReplyDelete
  26. Bangladesh tour eka gan post ekak liyanko.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 13 ) අතීතකාමය (Nostalgia) ( 5 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...