මහින්ද කිව්වම ලංකාවේ ඉන්න ඕනෑම කෙනෙක්ගේ හිතට එන කෙනෙක් ඉන්නවනේ. එයාව අන්දන්න මට පුළුවන් කියලා හිතෙනවද ? කීයටවත් බෑ. අනිත් එක ලංකාවේ ඉන්නේ එක මහින්දද ? තව මහින්දලා කීප දෙනෙක් ගැන දැන් ඔයාලා හිතනවා ඇති. අර මහින්ද අබේසුන්දරද ? නෑ නෑ එයත් නෙවෙයි. මේ අපේ ගමේ මහින්ද ගැන.
මහින්ද කියන්නේ මගේ ගමේ ගෙදර ඉස්සරහ ගෙදර හිටිය(දැනුත් ඉන්නවා) කෙනෙක්. මිනිහාගේ චරිතය මට හමු වෙච්ච පුදුමාකාර චරිත වලින් එකක්. අද හවස අපේ ඔෆිස් එකේ මිතුරන් එක්ක කථා කරනකොට තමයි මේ මතකය අවධි වුණේ. මහින්ද මට වඩා අවුරුදු හයක් හතක් වැඩිමල්. මම ඉස්කෝලේ යන්න පටන් ගන්නකොටත් මිනිහා පහේ පන්තියේ. මම හයවෙනි පන්තියට යත්දීත් මිනිහා පහේ පන්තියේ. මහින්ද වගේම එයාගේ අයියාත් පහේම තමයි හිටියේ. ඒ අපේ අල්ලපු වත්තේ තියෙන මහා ඉස්කෝලේ නොහොත් කුමාර කණිෂ්ඨ විද්‍යාලේ.
හැමදාමත්, හැමදේදීත් අපිත් එක්ක තරග වැදුණේ මේ අයිය මලෝ දෙන්නා. මුලින්ම වෙසක් තොරං වලින්. අපි ඒ කාලේ වෙසක් කාඩ් එකතු කරලා තොරං හැදුවේ. මට වෙසක් කාලෙට පුදුම තොරං පිස්සුවක් හැදෙන්නේ. එක පාරක් අපි හදපු තොරණක් පහුවදාට එලි වෙනකොට හොරු අරන් තිබුණා. අන්තිමට මගේ හොඳම යාලුවා වෙච්ච සම්පත්ට මේ කේස් එක අහු වුණා. වැඩිය අකුරු බැරි මේ ජෝඩුව උස්ස්පු වෙසක් කාඩ් වගයක් දීලා සම්පත්ගෙන් මොනවා හරි ඉල්ලලා. සම්පත් මගේ කණේ තිබ්බා හොරා කවුද කියලා.
මහින්දලාගේ අක්කා සුවිස් ජාතිකයෙක් එක්ක විවාහ වෙලා රට ගියා. ඉන් පස්සේ තමයි මහින්දලාට සියලු සැප සම්පත් පහල වුණේ. ටික කාලෙකින් ගේ සම්පූර්ණයෙන්ම නවීකරණය කලා. කැසට් රෙකෝඩර්ද, කලර් ටී.වීද, ෆ්රිජ්ද ලෝකේ නැති ජාති එහෙට එන්න පටන් ගත්තා. ඒ කාලේ අපේ ගෙදර කැසට් රෙකෝඩර් එකක් ගත්තේ නෑ. හේතුව අපේ අධ්‍යාපනයට බාධා වෙයි කියලා. ඒ වුණාට මහින්දලා නොමිලේම අපිටත් සිංදු ඇහෙන්න සැලැස්සුවා, අපේ ඉලීමකින් තොරවම. එක කැසට් එකක් ගෙනාවාම ඒක සතියක් විතර එක දිගට පුනර්වාදනය වෙනවා. මල්වත්ත පාර වගේ. ඒ නිසා කිසිම ගැටළුවක් නැතිව මට සිංදු කට පාඩම් හිටියා. අපේ අම්මා නිතරම අහන එකක් තමයි "මොකක්ද අර කනත්තක් ගැන යන සිංදුව කියලා". ඒ මිල්ටන් මල්ලවාරච්චි එච්. ආර්. ජෝතිපාල මහත්මයා ගායනා කරන "පාලු සුසානේ ප්‍රේම පුරාණේ" කියන ගීතය. තව කාලෙකදී "බඹර පහස ලබන මලක්දෝ" කියන එක ඇහිලා අපේ තාත්තා ඇහුවා "මොනවද මේ යක්කු අහහ සිංදු" කියලා. ටික කාලයක් යනකොට කම්මලේ බල්ලෝ වගේ එයාලටත් ගානක් නැතිව ගියා.
ටික කාලයක් යද්දී අක්කා සල්ලි එවලා ගත්තා වෑන් එකක්. ඊට පස්සේ ඒගොල්ලෝ පෝසත් අය විදියට එයාලම හඳුන්වා ගත්තා. මහින්දගේ අයියා මහේෂ් කතා කරනකොට නිතරම කියන වචනයක් තමයි "පෝසත් කමට කියනවා නෙවෙයි" කියන එක. ටික කාලෙකදී මේ පෝසත් කමට ගැලපෙන්න පොමනේරියන් පොමරේනියන් බල්ලෙක් ගෙනාවා. මහින්දලාගේ ගෙදර තියෙන්නේ පාරේ මට්ටමට වඩා අඩි තුනක් විතර ඉහලින්. අර මම කලින් ලිව්වා සිරියලතා කට්ටියගේ ගෙදරට බද්දව වම් පැත්තේ. නිකමට හිතන්න මේ ගෙවල් දෙකේ කැසට් රේකෝඩර් දෙකේ සිංදු දෙකක් යද්දී අපට දැනුන ආතල් එක කොහොමද කියලා. නියමම මල්වත්ත පාර. ඉතිං ඔය පොහොසත්කමට ගැලපෙන අනිත් දේ තමයි ඉංග්‍රීසි. කාලයක් සුද්දෝ පස්සේ ගිහිං මේ අයියා මලෝ දෙන්නට පොඩි පොඩි ඉංග්‍රීසි කෑලි පුළුවන්. දැන් අර පොමියා පාරේ දුවනකොට ඒ ගෙදර අය මහා හයියෙන් කෑ ගහනවා "ගෙටප් ... ගෙටප්" කියලා.
මේගොල්ලෝ පොහොසත් වෙන්න කලින් දවසක ගඟේ නාන්න ගිහිං. අපේ ගෙවල් ලඟම තමයි බෙන්තර ගඟේ විශාල කලපුව කොටස තියෙන්නේ. අලුත්ගම - බෙන්තර අතර කිලෝ මීටර් එකක් විතර පළල්. පහලවත්ත පාර කියන පාරට යාබද කොටසේ තියෙනවා කළු ගලක් ගොඩබිමට කිට්ටුවම. ඒකට කියන්නේ මහගල ගියලා. මහගලට අඩි පහලවක් විතර ඈතින් තියෙනවා තවත් පොඩි ගලක්. මේ හරිය තරමක් ගැඹුරයි. මේ දෙන්නා දවසක් මෙතන නානකොට මුහුදේ(කරදියේ) ඉඳන් ගඟට(මිරිදියට) ආපු යෝධ කට්ටාවෙක් වල්මත් වෙලා ඉන්නකොට අතින්ම අල්ල ගන්න මේ අයියා මලෝ දෙන්නා සමත් වුණා. අඩි හයක් විතර උස මේ යෝධ මාළුවා අහු වුණ සන්තෝසෙට දෙන්නා ඒකව කර ගහගෙන, ගම දෙවනත් කරගෙන ඇවිත් තිබුනේ අමු නිර්වස්තරෙන්. අනිත් අය හිනා වෙද්දී මේ දෙන්නට හිතිලා තියෙන්න මාළුවා දැක්ක සන්තෝසෙට තමයි මේ හිනා වෙන්නේ කියලා. ඒ වෙද්දී මේ දෙන්නගෙන ලොකු එක්කෙනාට අඩු ගානේ අවුරුදු පහළොවක් වත් වෙනවා.
මේ ගොල්ලෝ ලබා ගත්ත පොහොසත් කමත් එක්ක ගමේ ක්‍රිකට් ටීම් එකේ කැප්ටන් කම නිකම්ම මහින්දට දෙන්න සිද්ද වුණා. මළපොතේ අකුරක් බැරි මහින්දට මේක දෙන්න මුලින් මුලින් අකමැති වුණ අයටත් පස්සේ කැමති වෙන්න වුණා. ඒ වගේ තරගෙක තියෙන ලොකුම අභියෝගය තමයි පිටින් එන කණ්ඩායමට දිවා ආහාරේ දෙන එක. මහින්ද පොහොසතා හින්දා තනියම වුනත් ඒ වැඩේට කර ගහන්න ඉදිරිපත් වෙන ගානේ ඒ කාලේ හිටියේ. ඉස්සර ඉනිම දෙකේ තරග වල අපි වගේ පොඩි එවුන්ට චාන්ස් එකෙක් දෙන්නේ බොහෝ විට දෙවෙනි ඉනිමේ. එක පාරක් මගේ පන්තියේ යාලුවෙක්ගේ ගමේ ටීම් එක ආවා. මහින්දට චාන්ස් එක දෙන්න හිටියේ දෙවෙනි ඉනිමේ. කොහොම හරි තරගේ දිනන්න ඕන කමට නායකයා දෙවෙනි ඉනිමට ඒ වෙලාවේ කඩා පාත් වුණ කාව හරි දාලා. දැන් මහින්ද මහා හයියෙන් කෑ ගහලා අඬනවා "මාව මැච් එකට දාන්න බැරි නම් මගේ මිරිස් කරල් ටික දීපං" කියලා. එදා දවල් කෑමට සම්බෝල හදන්න මිරිස් දීලා තියෙන්නේ මහින්ද. මගේ පන්තියේ යාලුවා මාව නැති කරා ඔය කතාව මතක් කරලා. "මොනවද බන්. උඹලගේ ගමේ ඉන්නේ දීපු මිරිස් ආපහු ඉල්ලන එවුන් නේ" කියලා.
මහින්දට හොඳට ක්‍රිකට් ගහන්න බැරි වුණත් මැච් එකේ ආරම්භක පිතිකරු හා පන්දු යවන්නා වුනෙත් මහින්දමයි. අන්තිමට මේ නායක කමින් මහින්දව එලවා ගන්න බැරිව කට්ටිය මාර දුකක් වින්දා. සමහරු කණ්ඩායම හැරදා ගියා. හරියට ලංකාවේ ලොකුම පක්ෂේ වුණා වගේ. මෙගොල්ලොත් ඒ පක්ෂෙම තමයි. බලන්න ඕනේ චන්දෙ කාලෙට අපි අනිත් පැත්තේ හින්දා අපිට ඇහෙන්න රේඩියෝ එකේ ප්‍රේමදාස උන්නැහේගේ කතා යන වෙලාවට මහා හයියෙන් ගමටම නොමිලේ අහන්න සලස්සන හැටි.
මහින්දට ආවේනික වචන සෙට් එකක් තිබුණා. බොහෝ ඒවා මට අමතක වුණත් සබන් වලට රබන්, පිඟානට පිනාව වගේ වචන පාවිච්චි කළා. මහින්ද තරුණයෙක් වෙනකොට අපේ ගමේ හිටිය ලස්සන් කෙල්ලෙක්ට මේකාගේ හිත වැටුනා. ඉතිං මල වදේ අපිට ඒ කෙල්ලව සෙට් කරලා දෙන්න කියලා. කෙල්ලගේ නම සේපාලිකා. අපිත් ඉතිං උදව් කරන පොරොන්දුවට ඌව මෝරා කරගෙන බනිස් මාළු පාන් කෑවා. මහින්දට අකුරු බැරි නිසා මේ කෙල්ලට මේ අදහස කියා ගන්න විදියක් නෑ. කරන ලොකුම දේ තමයි කෙල්ල ක්ලාස් ගිහින් එනකොට අලුතෙන් ගත්ත පුෂ් බයික් එකෙන් කෙල්ලව පහු කරලා යන එක. නිකම්ම නෙවෙයි අක්කා එවපු වයිවාරන ඇඳුම් ඇඳගෙන, සෙන්ට් එහෙම ගහලා.
දවසක් මායි සුසන්තයි කල්පනා කරා මූට අන්දන්න. ඒ කාලේ කැලැන්ඩර් වල මුල් කොලේ එන්නේ නිකං. අපි කරන්නේ ඒ වගේ ඒවා කටු වැඩ වලට පාවිච්චි කරපු එක. මහින්දගේ මේ ප්‍රේමෝන්මාදය දැකලා දවසක් හවස මහ ඉස්කෝලෙට ගිය අපි දෙන්නා අර කිව්ව කැලැන්ඩර් කොළයකින් කපලා ගත්ත කොටසක ලිව්වා ලියුමක්. ඒ කාලේ මගේ අත් අකුරු මුතුකැට වගේ. බොහෝ දෙනෙක් ලව් ලෙටර් ලියා ගන්න එන්නේ මං ගාවට. අනේ එහෙම කාලයක්. කාලා, කාලා ඉස්මුරුත්තේ හැදෙන ගානයි. ඔරෙක්ස් පෑනත් ඉතිං ඒවාටම කියාපු භාණ්ඩේ. මේ කාලේ මහින්දගේ අක්කා ඇවිත් හිටියා. ඒ වගේ දවස් වලට මහින්දලා යන්නේ පොළොවට ටිකක් උඩින්. සමහර වෙලාවට අපිවත් ගණන් ගන්නේ නෑ. ඒ වෙනකොට මම කෙල්ලෙකුට ලියුම් ලියලා නැති වුනත් අනිත් අයගේ අදහස් අකුරු කරලා ඒවායේ ලියවෙන්න ඕනේ දේවල් මගේ හිතේ ගබඩා වෙලා තිබුණා. අපි ලිව්වා මෙන්න මේ වගේ ලියුමක්.
මේ ලියුම අරගෙන ගියේ සුසන්ත. මම මොනවත් නොදන්නා ගානට හිටියා. ඒ වුණාට දවස් දෙකකට පස්සේ මහින්දලාගේ අක්කා (මල්ලිකා) මට ටිකක් සැරෙන් කථා කළා.
මේක මම පොඩි කාලේ වෙච්ච දෙයක්. අපේ ගෙදර ඉඳලා ටිකක් ගම ඇතුලට යනකොට හමු වෙන ලන්දේසි ඇල ළඟ තියෙන පාලම ගාව හැම ඇසල පෝයටම තොරණක් හදනවා. මේක කරන්නේ විජේසේකර පවුලේ අය. විවිධ දක්ෂතා තියෙන අය ඒ පවුලේ ඉන්නවා. විල්ෆ්‍රඩ් සර්ට චිත්‍ර අඳින්න පුළුවන්, ඇල්ටන් අන්කල්ට ඉලෙක්ට්‍රික් වැඩ පුළුවන්. අනිත් අයට එනවුන්ස් කරන්න පුළුවන්. මේ තොරණ හදන තැනට දවසක් මහින්දයි මායි ගියා. මම වතුරට පොඩ්ඩක් බය නිසා හිටියේ මහින්දගේ පිටිපස්සෙන්. ඇල කණ්ඩිය ගාව අඩි අටක් විතර උසයි. එතන ගැට්ට සිමෙන්තියෙන් හදලා තිබුණේ. කවුදෝ එකෙක් පස්සෙන් ඇවිත් මාව තල්ලු කළා, මම මහින්දගේ පිටට අත් දෙක තියලා බේරුණා. ඒත් මහින්ද කෙලින්ම ඇලේ. මම උඩට වෙලා බලාගෙන ඉන්නවා. වටේ ඉන්න හැමෝටම හිනා. ටිකක් එහාට ගිහිං ගොඩට ආව මහින්දයා අලි ගලක් උස්සන් මං පස්සේ පන්නන්න පටන් ගත්තා. මම කෙලින්ම නතර වුණේ ගෙදර.
ඉස්සර මමත් මහින්දලාගේ ගෙදර යන්න පුරුදු වෙලා හිටියා කැරම් ගහන්න. මේකට අපේ අම්මා වැඩි කැමැත්තෙන් නෙවෙයි හිටියේ. ඒ ගෙදරට නානාප්‍රකාර අය එන හින්දා. කොටින්ම සුද්දන් පවා ගෙදර එක්කන් එනවා. එහෙම නිතරම එන බ්‍රයන් කියලා සුද්දෙක් හිටියා. බ්‍රයන් එන්නේ මොන මාසෙද, ඒ මාසේ මහින්දගේ උපන් දිනයක් එනවා. ඒ එන්නේ බ්‍රයන් යන්න දවසකට කලින්. ඉතිං පාටියක් දෙනවා, ඒකට තෑග්ග විදියට සුද්දා ගේන්නේ, ලංකාවට එනකොට අරන් එන කැසට් රෙකෝඩරය.
එක සැරයක් මහින්දගේ තාත්තා මේ කැරම් බෝඩ් එකට අලවංගුවෙන් ඇන්නා. අපේ කැරම් ක්‍රීඩාව එතනින් නතර කරන්න අපි කැමති වුණේ නෑ. මගේ ගාව තිබුණා තිනර් වලට රෙජිෆෝම් දාලා හදපු බොහොම ප්‍රබල ගම්එකක්. මම එකෙන් මගේ ෂර්ට් එකක්කත් හිලක් හදුනා තැනකට කෑල්ලක් තියලා ඇලෙව්වා. නියම ගම් එක. පස්සේ ප්ලයිවුඩ් කෑල්ලක් හොයාගෙන, අර හිල් වුණ තැන අඟල් හතරේ හතරේ කෑල්ලක් කියත් පටියකින් බොහොම සීරුවට කපලා අයින් කරා. හොඳ වෙලාවට යටින් තියෙන ආධාරක ලීයට මොනවත් වෙලා නෑ. එතනට අර ගෙනාපු ප්ලයිවුඩ් කෑල්ල තියලා ඇලෙව්වා. අතර මැද්දට බොරික් කුඩු සහ ගම් එකෙන් හදපු මිශ්‍රණය පිරෙව්වා. මේ දෙක අතර ඝනකම් වල පරතරයක් නිසාදෝ මුලින්ම එතැනින් පාරවල් ගහද්දී ඩිස්ක් එක ඉදිරියෙන් ඉන්න කෙනාගේ මූනට එන තත්වයක් තිබුණා. පස්සේ වැලි කඩදාසියකින් ෂේප් කරා. ටික දවසකින් තිබුන තත්වෙට ආවා.
මහින්ද හැමදාම කැපිලා පෙනෙන්න මොනවා හරි කරනවා. එක පාරක් බොරු පිස්සුවක් වගේ අරගෙන තොයිලයක් කරා. මිනිහා ඒකෙ ආසම කෑල්ල තමයි පුටුව යටින් රිංගන එක. ඒක කරලා පහුවදා හිටියේ මාර උජාරුවකින්. එක අතකට මහින්දලාගේ අක්කා පව්. අවුරුදු විසි ගණන් වෙලත් කිසිම වැඩක් පලක් නොකරන මේ අයියා මලෝ දෙන්නට බත සරි කරේ මල්ලිකා. තොයිලෙන් පස්සේ තමන්ට කෙල්ලෝ ආකර්ෂණය වෙයි කියලා තමයි මහින්ද හිතාගෙන හිටියේ. ඒ කාරණේටම තමයි පන්සලේ බෝධි පූජාව වෙලාවට සුරප්පට්ටුව වාදනය කරන්න මිනිහා ඉදිරිපත් වුණේ.
එක පාරක් අවුරුදු උත්සවයක් බලන්න යන්න සුදානම් වෙලා අක්ක එව්ව අලුත්ම ඩෙක්ස් පෙයාර් එක දාගත්තා. දාගත්තට මට පෙනුණා ඇවිදිනකොට පොඩි වෙනසක්. ඩෙක්ස් වල හැඩයෙන් ඒ තරමටම වම දකුණ පෙන්නේ නෑ. මහින්ද සපත්තු දෙක දාලා තිබුණේ කකුල් මාරු කරලා. 89/90 අඳුරු යුගයේදී මේ අයියා-මලෝ දෙන්නව ඇල්පිටිය කෑම්ප් එකට කුදලන් ගිහිං තිබුණා. බේරුනේ අනුනවයෙන්.
මෑතකදී සංචාරක හෝටල් රස්සාවක් කරනවා කියලා දැන ගන්න ලැබුණා. පහු කාලීනව මිනිහා හෘද රෝගියෙක් වෙච්ච නිසා මොනවත් කරන්නේ නෑ කියලත් ආරංචියි. මේ සටහනට එකතු කරපු කාරණා සියල්ල සත්‍ය ඒවා. සිතා-මතා ගොතාපු කිසිම කරුණක් නෑ. මේ වගේ චරිත බොහොමයක් අපේ කාර්යාල වලත් ඉන්නවා. වෙනස උගත්කම විතරයි. නමුත් මහින්ද කියන්නේ බොහොම අව්‍යාජ චරිතයක්.

නිසල රැයක,
ආදරණීය මහින්ද වෙත(අපිට මොකෝ අපේ අතින් යනවැයි. අපි දන්නවා මෙහෙම ලිව්වම ඌට මාර අප් වෙන බව)
අනේ මහින්ද ඔයාලගේ අක්කා ආවට පස්සේ ඔයා හරිම ආඩම්බර වෙලා. වෙනදා මම ක්ලාස් ගිහින් එනකොට මගේ පස්සෙන් ඇවිත් මාව පහු කරගෙන යන ගමන් අහිංසක විදියට මං දිහා හැරිලා බලලා හිනා වෙන ඔයා, අද ඉස්සරහට හම්බ වෙලත් අහක බලං ගියා නේද ? මට ඒ වෙලාවේ මාර දුකක් ඇති වුණේ. කොහොමත් අක්කා ආවාම ඔයා ටිකක් ආඩම්බර වෙනවා. එන්න එපා අක්කා ගියාට පස්සේ මගේ පස්සෙන්. මම තාත්තට කියනවා.
ඔයා වගේ පෝසත් කට්ටිය අපි වගේ දුප්පත් අයට කැමති වෙයිද මන්දා. අපේ අම්මයි - තාත්තයි දැන ගත්තොත් මට හොඳටම බැනුම් අහන්න වෙයි. මේ ලියුම ලිව්වෙත් හරිම බයෙන්. එහෙනං ඉරිදා පන්සලේ බෝධි පූජාව වෙලාවට හමුවෙමු.
ඔයාට බුදු සරණයි.
මම ඔයාගේම
සේපාලිකා.
මේ ලියුම අරගෙන ගියේ සුසන්ත. මම මොනවත් නොදන්නා ගානට හිටියා. ඒ වුණාට දවස් දෙකකට පස්සේ මහින්දලාගේ අක්කා (මල්ලිකා) මට ටිකක් සැරෙන් කථා කළා.
"මෙහෙ එනවා - තමුසේ නේද මේ ලියුම ලිව්වේ"
"මොන ලියුමද ? කාටද ? මම දන්නේ නෑ"
"දන්නේ නෑ, බලනවා මේක දැකලා මේ යකා පිස්සු වැටිලා. මට කතා කරනවා මේ කෙල්ලගේ ගෙදර ගිහින් කතා කරමුයි කියල. මේවා ගස් යන වැඩ. ඉන්නවා මම මේක ඉස්කෝලේ මහත්තයටත්(අපේ තාත්තා) පෙන්නලා, ඒ කෙල්ලගේ තාත්තට දෙනවා.මේක ඇහුවම මට කලිසම තෙත් වෙන ගානට බය හිතුණා. මේ කොළ කෑල්ලට මෙච්චර පරිප්පුවක් කන්න වෙයි කියලා මට හිතුනේ නෑ. සුසන්තයත් ඉන්නවා පැත්තකට වෙලා. මම බිම බලා ගත්තා. මට දැන් කඳුළු එන්න ලඟයි වගේ. කී තැනකින් කන්න වෙයිද ? මම කෙලින්ම නතර වුණේ ගෙදර. ඒ වුණාට එතනින් එහාට මොනවත් වුනේ නෑ. අන්තිමට මහින්දගේ හීනේ කඩා වැටිච්ච එක විතරයි වුණේ. මම යාන්තමට ශේප් වුණා. මේක කරමුම කියලා මට වද දීපු සුසන්තයා ඉන්නවා කිසි ගානක් නැතුව. මොකද මේ දවස් වල මල්ලිකාව බයිසිකලේ තියාගෙන එහෙ-මෙහෙ යන හින්දා ඌටත් සරුයිනේ.
මේක මම පොඩි කාලේ වෙච්ච දෙයක්. අපේ ගෙදර ඉඳලා ටිකක් ගම ඇතුලට යනකොට හමු වෙන ලන්දේසි ඇල ළඟ තියෙන පාලම ගාව හැම ඇසල පෝයටම තොරණක් හදනවා. මේක කරන්නේ විජේසේකර පවුලේ අය. විවිධ දක්ෂතා තියෙන අය ඒ පවුලේ ඉන්නවා. විල්ෆ්‍රඩ් සර්ට චිත්‍ර අඳින්න පුළුවන්, ඇල්ටන් අන්කල්ට ඉලෙක්ට්‍රික් වැඩ පුළුවන්. අනිත් අයට එනවුන්ස් කරන්න පුළුවන්. මේ තොරණ හදන තැනට දවසක් මහින්දයි මායි ගියා. මම වතුරට පොඩ්ඩක් බය නිසා හිටියේ මහින්දගේ පිටිපස්සෙන්. ඇල කණ්ඩිය ගාව අඩි අටක් විතර උසයි. එතන ගැට්ට සිමෙන්තියෙන් හදලා තිබුණේ. කවුදෝ එකෙක් පස්සෙන් ඇවිත් මාව තල්ලු කළා, මම මහින්දගේ පිටට අත් දෙක තියලා බේරුණා. ඒත් මහින්ද කෙලින්ම ඇලේ. මම උඩට වෙලා බලාගෙන ඉන්නවා. වටේ ඉන්න හැමෝටම හිනා. ටිකක් එහාට ගිහිං ගොඩට ආව මහින්දයා අලි ගලක් උස්සන් මං පස්සේ පන්නන්න පටන් ගත්තා. මම කෙලින්ම නතර වුණේ ගෙදර.
ඉස්සර මමත් මහින්දලාගේ ගෙදර යන්න පුරුදු වෙලා හිටියා කැරම් ගහන්න. මේකට අපේ අම්මා වැඩි කැමැත්තෙන් නෙවෙයි හිටියේ. ඒ ගෙදරට නානාප්‍රකාර අය එන හින්දා. කොටින්ම සුද්දන් පවා ගෙදර එක්කන් එනවා. එහෙම නිතරම එන බ්‍රයන් කියලා සුද්දෙක් හිටියා. බ්‍රයන් එන්නේ මොන මාසෙද, ඒ මාසේ මහින්දගේ උපන් දිනයක් එනවා. ඒ එන්නේ බ්‍රයන් යන්න දවසකට කලින්. ඉතිං පාටියක් දෙනවා, ඒකට තෑග්ග විදියට සුද්දා ගේන්නේ, ලංකාවට එනකොට අරන් එන කැසට් රෙකෝඩරය.
එක සැරයක් මහින්දගේ තාත්තා මේ කැරම් බෝඩ් එකට අලවංගුවෙන් ඇන්නා. අපේ කැරම් ක්‍රීඩාව එතනින් නතර කරන්න අපි කැමති වුණේ නෑ. මගේ ගාව තිබුණා තිනර් වලට රෙජිෆෝම් දාලා හදපු බොහොම ප්‍රබල ගම්එකක්. මම එකෙන් මගේ ෂර්ට් එකක්කත් හිලක් හදුනා තැනකට කෑල්ලක් තියලා ඇලෙව්වා. නියම ගම් එක. පස්සේ ප්ලයිවුඩ් කෑල්ලක් හොයාගෙන, අර හිල් වුණ තැන අඟල් හතරේ හතරේ කෑල්ලක් කියත් පටියකින් බොහොම සීරුවට කපලා අයින් කරා. හොඳ වෙලාවට යටින් තියෙන ආධාරක ලීයට මොනවත් වෙලා නෑ. එතනට අර ගෙනාපු ප්ලයිවුඩ් කෑල්ල තියලා ඇලෙව්වා. අතර මැද්දට බොරික් කුඩු සහ ගම් එකෙන් හදපු මිශ්‍රණය පිරෙව්වා. මේ දෙක අතර ඝනකම් වල පරතරයක් නිසාදෝ මුලින්ම එතැනින් පාරවල් ගහද්දී ඩිස්ක් එක ඉදිරියෙන් ඉන්න කෙනාගේ මූනට එන තත්වයක් තිබුණා. පස්සේ වැලි කඩදාසියකින් ෂේප් කරා. ටික දවසකින් තිබුන තත්වෙට ආවා.
මහින්ද හැමදාම කැපිලා පෙනෙන්න මොනවා හරි කරනවා. එක පාරක් බොරු පිස්සුවක් වගේ අරගෙන තොයිලයක් කරා. මිනිහා ඒකෙ ආසම කෑල්ල තමයි පුටුව යටින් රිංගන එක. ඒක කරලා පහුවදා හිටියේ මාර උජාරුවකින්. එක අතකට මහින්දලාගේ අක්කා පව්. අවුරුදු විසි ගණන් වෙලත් කිසිම වැඩක් පලක් නොකරන මේ අයියා මලෝ දෙන්නට බත සරි කරේ මල්ලිකා. තොයිලෙන් පස්සේ තමන්ට කෙල්ලෝ ආකර්ෂණය වෙයි කියලා තමයි මහින්ද හිතාගෙන හිටියේ. ඒ කාරණේටම තමයි පන්සලේ බෝධි පූජාව වෙලාවට සුරප්පට්ටුව වාදනය කරන්න මිනිහා ඉදිරිපත් වුණේ.
පින්තුරය ගත්තේ : www.artway.eu |
මෑතකදී සංචාරක හෝටල් රස්සාවක් කරනවා කියලා දැන ගන්න ලැබුණා. පහු කාලීනව මිනිහා හෘද රෝගියෙක් වෙච්ච නිසා මොනවත් කරන්නේ නෑ කියලත් ආරංචියි. මේ සටහනට එකතු කරපු කාරණා සියල්ල සත්‍ය ඒවා. සිතා-මතා ගොතාපු කිසිම කරුණක් නෑ. මේ වගේ චරිත බොහොමයක් අපේ කාර්යාල වලත් ඉන්නවා. වෙනස උගත්කම විතරයි. නමුත් මහින්ද කියන්නේ බොහොම අව්‍යාජ චරිතයක්.
ලොකු කතාවක් තියෙනවා මහින්ද සහ සමාගම ගැන.. උගත්කමටත් වඩා මට හිතෙන්නේ උන්ට නැත්තේ සමාජීය දැනුමයි..
ReplyDeleteමිරිස් කාපුවා ඉල්ලවම තව කතාවක් මතක් උනා.
මගේ හිටපු මුසල්මානු යාළුවෙක් දවසක් නෝම්බි කාලේ හවස කැද අරන් අපේ ගෙදර ආවා. එන කොට මොකක් හරි වැඩකට තව නෑ කෙනෙකුට දෙන්න කියල මිනිහගේ අම්ම දීපු පොඩි පාර්සලේකුත් අරන් ඇවිත් තිබුනා. ආවට පස්සේ මට ඒ පාර්සලේ දීලි කිව්ව පොඩ්ඩක් පරිස්සමින් ඒක තියහං කියල. පැය දෙකකට විතර පස්සේ යන්න ලෑස්ති වෙලා මූ මගෙන් ඉල්ලනවා “කාපුවා දියං කාපුවා දියං“
මටත් මල.. මොන කාපුවද යකෝ.. තෝ වගේ ගෙරියෙක් කාපුව ආයි ඉල්ලන්නේ.. ඔහොම බැනල බැනල අන්තිමට කිව්ව මං ගාව ඇති කාපුවක් නෑ තෝ පල යන්න කියලා.. මූ අඩ අඩ කියනව අම්ම දුන්නේ ෆාතිට දෙන්න කියල ඒක. දැං කොහොමද මම යනනේ.. උඹට මම දුන්න නේ බං කාපුවා ටික.. ඒක මට දීපං ආයේ කියලා
පස්සේ තමා තේරුං ගත්තේ කාපුවා කියන්නෙ වළලු කියලා. අර වළලු පාර්සලයක්.. හිනා වෙලා ඇඩුවා ඒකට...
කාපුවා දීපං :)
Deleteබලපුවහම හැම ගමකම එකම template එකේ ආපු මිනිස්සු ඉන්නවා...
ReplyDeleteනැතුව. නැතුව.
Delete//මහින්දගේ අයියා මහේෂ්//
ReplyDeleteනං දෙක ගැලපෙන්නේ නැනේ බං
මම නෙවෙයි බන් නම් දැම්මේ.
Deleteඋඹනම් මාර පොරක් අටං...සුධීක මොනවා කරන්නද අරුන්ගේ අම්මයි, තාත්තයි දාපු නම්වලට.ඔය මහින්දයි බැසිලුයි කියලා ඉන්නේ.ඒවා ගැලපෙනවාද කියහං!!!උඹේ තුමා කෑල්ල නම් දැම්මේ නැහැ.ඒක හරි අමාරුයි බන් කියන්න.
Deleteමහින්ද පවු නෙ
ReplyDeleteඌට තියෙන්නේ අහිංසක උඩඟුකමක්.
Deleteදුප්පත් කමින් මිරිකිලා ඉඳලා එකපාරට පෝස්ත්තු වෙන බහුතරයකට ඔය මවාගත්තු උඬගු කම තියනවා...අපේ ගමේ හිටපු ඔය වගේ ගෑනියෙකුට දවසක් මාම කෙනෙක් ලස්සන කතාවක් කියලා තිබුනා.මේ ගෑනු කෙනාගේ මහත්තයා වඩු බාස් කෙනෙක්.ඉතින් මේ මාමා (මේ මාමා මැණික් මුඳලාලි කෙනෙක්)දවසක් ජනෙල් පියන් ටිකක් හදවගන්න ලී ටික ගෙදරට ගිහින් දෙන්න යනකොට මේ ගෑනු කෙනා විතරයි ඉඳලා තියෙන්නේ..ඒ මාම ගිහින් තියෙන්නේ අපේ තාත්තත් එක්ක.
ReplyDeleteඉතින් මාම අහලා ලී ටික කොහෙන්ද තියන්නේ කියලා
ඔන්න ඔතනින් දාල යන එකයි ඇත්තේ කිවුවලු
(මේ ගෑනු කෙනා දුප්පත්.බාස් බැන්දට පස්සෙ සරුයී)
ඉතින් මේ මාම ඒ ගෑනු කෙනාට ඇහෙන්නම කියලා "කොස් ගිල ගිල උන්නු එවුන්ට බත් හම්බුනහම ඔහොම තමයි "කියලා
මම නම් අහලා තියෙන්නේ බත් තියෙන තනටමයි කොසුත් කියලා
Deleteසුදීක කිව්ව නිසා කියනව නෙවේ,අපේ ගමෙත් ඔහොමම පොරක් ඉන්නවා...නමත් ඒකමයි, මිනිහ ගැන මමත් වෙලාවක ලියන්නයි හිටියෙ.
ReplyDeleteඅනිවාර්යයෙන්ම හැලපේ ගාව මට වඩා කතා තියෙන්න ඕනේ. ඒකත් ලියන්න.
Deleteඔය වගේම නොවෙතත් ඊට සමාන උදවිය අපේ ගම්වලත් ඉන්නවා. උනුත් බොහමො අව්‍යාජ මිනිස්සු. කරන කියන දේවල කිසිම හැංගීමක්, දෙපාරක් සිතීමක් ගෑවිලාවත් නෑ. හිතට එන දේ වගවිභාගයක් නැතුව එහෙමම කරන ඒ මිනිස්සු අපේ ජීවිත වලින් මැකෙන් නැති සටහන් තියලයි යන්නේ.
ReplyDeleteසහතිකවම.
Deleteලියුමේ වැඩේනම් කැතයි හොඳේ .....පව් උගේ හීන මාලිගා ....
ReplyDeleteසුදීක අර මුලින්ම කියපු මහින්ද දැන් අපේ කියමන් පවා වෙනස් කරලා....
මොකද දන්නවද ඉස්සර හැම දේටම ඇඳගන්න එවුන්ට කිව්වේ කොන්ඩේ බැඳපු චීන්නු කියලනේ ...දැන් මොකද චීන්නු අපිව අන්දනවා එලට
කොන්ඩේ බැඳපු චීන්නු කිව්වෙත් අපේ එවුන්ටමද දන්නේ නෑ. අද මම ඒ කාලේ ඉඳන් ඉන්න චීනෙක් දැක්කා මරදානේ කඩේක.
Deleteඔයා මහින්දට පොඩි කාලෙත් කෝචෝක් කරලා දැන් එක බ්ලොග් එකේ ලියල අයෙත් රිපීට් කරලා ......... මහින්ද බ්ලොග් එහෙම කියවනවද අන්තිමට ශේප් එකට ලියල තියෙන්නේ
ReplyDeleteදැන් නම් අකුරුත් මතක නැතිව ඇති.
Deleteගෙවල් දෙකක සෙටප් දෙකක් දාගෙන ඉන්නකොට ස්ටීරියෝ වෙලා ඇහෙනව ඇති.
ReplyDeleteඔහොම සල්ලි තිබිලත් මහින්දල ඔය තත්වෙන් හරි ගමේ මිනිස්සුත් එක්ක හිටපු එක ලොකු දෙයක්.
දියුණු වෙච්ච එකනම් හොඳයි.
Deleteඔව් එක ගෙදරක "මේ ජීවනයේ" කියනකොට අනිත් ගෙදර "කම්මැලි කම මොකද බොලව්" කියන කොට කොහොමද ආතල් එක.
Deleteකියවන අයටත් යම් යම් දේ සිහිවෙන්න ලියවිල්ල හරිම අපුරුයි.
ReplyDeleteහොදටම හිනා වෙවී කතාව කියෙව්ව.
77 න් පස්සෙ රට ගිහිල්ල ආපු ඇත්තො/ඇත්ති යන්ගෙ ගෙවල් වලිනුත් පාර තොටේ යන අය මහන්සිය/කාන්සිය නිවා ගත්ත මගෙ හිතේ.
මොකද අප්ප "ගමේ මහින්ද"යව එක සැරේ මතක් උනේ..?
ඊයේ ඔෆිස් එකේ කතාවකදී මතක් වුණේ. ඩෙක්ස් පෙයාර් එකක් ගැන කියවද්දී.
Delete" කැරම් බෝඩ් රෙපෙයාර් කෙරේ " කියලා බොඩ් එකක් දමමුද ? පාට් ටයිම් කරන්ඩ පුලුවන්.
ReplyDeleteඑහෙම නෙවෙයි
Deleteකැ රම්බෝ ඩ්රේ
පෙයාර් කෙරේ
ඕක හරියටම මතක නැතුව තිබුනේ. දැන් මතක් උනා.
Deleteබලාගෙන යනකොට කොයි මහින්දත් එකයි වගේ
ReplyDeleteඔයා කියන්නේ මහේන්ද්‍රලා ගැන නෙවෙයි නේ.
Delete// ඒ මිල්ටන් මල්ලවාරච්චි මහත්මයා ගායනා කරන "පාලු සුසානේ ප්‍රේම පුරාණේ" //
ReplyDeleteමම හිතාගෙන හිටියෙ ඒක කියන්නෙ ජෝති කියල
ඔයා හරි එදිරි මම නිවැරදි කරා. මට අර සිරියලතාගේ මස්සිනාගේ සිංදුවත් එක්ක පැටලුනා.
Deleteඒ ගමන්ම මේකත් හදලා දාන්ඩ. පොමනේරියන් නෙවෙයි පොමරේනියන්. Pomeranian
Deleteඅපේ ගෙදර බල්ලෝ ඇති කරන්නේ නැති නිසා, බල්ලෝ ගැන වැඩි තැකීමක් නෑ. ඒ වගේම ඒ ගැන ලොකු දනීමකුත් නෑ. නිවැරදි කරාට ස්තුතියි විචාරක තුමා.
Deleteමමත් දවසක පෝසත් වුනාම මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව ගියා බං මේක කියවලා. ජොබ් එකක් නොකර ජොලියේ ඉන්න පොරවලුත් ඉන්නවා නේද? පුදුමයි පොර කුඩු සීන් එකට නොබැස්ස එක.
ReplyDeleteගෙදරට වෙලා සින්දුවක් අහගෙන හිටිය මිනිස්සු. වැඩිය එලි පහලියට ගියේ නෑ.
Deleteහික්.. මහින්දගේ චරිතාපදානය නම් මරු.. සේපාලිකාට මක්කෙයි උනේ ඈ.. :D
ReplyDeleteඅපේ ගම් වලත් ඔය වගේ බොරුවට පොෂ් වෙන්න හදන මිනිස්සු නැතුව නෙමෙයි.
නිවී හැනහිල්ලේ හිතද්දී එහෙම උන් නැතුව ආතල් එහෙකුත් නෑ..
මම Bora Diyaka Induwara
මම නම් නිරතුරුවම ඒ අයගේ වැඩ දිහා බලලා අහිංසක සතුටක් වින්දා.
Deleteමේ කතාව කියෙව්වම මට මතක්වුනේ අපේ 'මාමා'.පළවෙනි වතාවට කියන්නේ. යන අතකින් ගියාවේ. 'මාමා' එක පිචර් එකක 'බිරිගෙඩියර්' ට :D ඇන්දා මතකද? (ඒ පිචර් එකේ අපිත් ඉන්නවා සමහර කෑලි වල හොඳෙයි) ඉතින් මාමා යුනිපොං එව්වා ඇඳලා ඉන්නකොට (ඒ කාලේ මාමා නිකම්ම නිකං මාමෙක් විතරයි) අපි ගිහිං යුනිපොං එකේ එක එක කෑල්ල පෙන්නලා අහනවා මේ මොකක්ද කියලා. මාමා මෝඩ හිනාවක් දාලා කියනවා 'දන්නේ නෑනේ මලේ, කියලා දියන්කෝ' කියලා. මාමට එව්වා මතකද දන්නේ නැහැ දැන්. දන්නවානම් අපිවත් යවයි ලසන්තව හොයාගෙන එන්ඩ කියලා. හැබැයි ඒ පිචර් එකේ ලුතිතන් කර්නල් ට ඇන්ද නළුවා, හමුදා කඳවුරේ ඉඳිද්දී, ඔහු ඇත්තම හමුදා නිලධාරියෙක් කියලා හිතලා, ඔහුට ආචාර කළ සියළු දෙනාට ඉතා නිවැරදිව ප්‍රති ආචාර කළා.
ReplyDeleteතේරුණේ දැන් තමයි. මගේ මතකය නිවැරදි නම් චිත්‍රපටිය "නොමියෙන මිනිසුන්"
Deleteඔබේ මතකය හරියට හරි.
Deleteතව තියනවා ඒකාලේ එව්වා. මොකටද නිකං සුදුවෑන් ගෙන්නගන්නේ.
@විචාරක.....ඔය මාමාත් එක්ක මගේ මස්සිනාත් රඟපෑවා ටෙලියක හෝ දෙකක.මාමා ගම කෑවා.
Deleteමේ මහින්දයි අර මහින්දයි අතර කිසියම් මෙව්ව එකක් තිබෙනවා කියලා මට මෙව්වා වෙනවා.
ReplyDeleteමේ මහින්දලා ගෙනාපු වැන් එක සුදු සහ කොළ මිශ්‍ර එකක්.
Deleteඔහම ඇයො ඉන්නවානේ කොහෙත්.
ReplyDeleteධන බලය තිබුනත් මොළේ නැහැ එකට මක් කරන්නද ඉතින් අනුකම්පා කරනවා මිසක.
මහලොකු ධන බලයක් තිබ්බේ නෑ. නමුත් අර හිටිය තත්වෙන් උඩට ආවම ආපු පොඩි ආඩම්බරයක්.
Deleteමහින්ද වගේ ගමේම ඉපදිලා ගමේම තෙම්පරාදු වෙච්ච චරිතවල වටිනාකම තියෙන්නේ තරමක පුංචි සාහිත්‍යමය වටිනාකමකුත් එක්ක. ඇත්තටම එවන් චරිත නිර්ව්‍යාජ වගේම අහිංසක චරිත බවට පත්වෙන්නේ ගමෙන් පිටට ඒ චරිත විහිදෙන්නෙ නැති නිසා.
ReplyDeleteමහින්දලාගේ අනිත් අයියාගේ නම නිහාල්. පොඩි වපරයක් තියෙනවා. ගමේ අය කියන්නේ "වයින්-කණා" කියලා. හේතුව මම නම් දන්නේ නෑ. චන්ද කාලෙදී (77) කවුද නිහාල්ට පොරොන්දුවක් දීලා චන්දෙ දින්නම "කැන්ඩි හාබර්" එකේ ජොබ් එකක් අරන් දෙන්නම් කියලා. මේකත් කිසිම වගක් නැතුව ඔය කතාව හැම තැනම කියා ඇවිදිනවා.
Deleteඔය යෝදයා පන්සලේ සුරප්පට්ටුව වාදනය කරනවා කිව්වේ මට ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් දෙන්න
ReplyDeleteමෙන්න මේ පින්තුරේ බලන්න. මේකේ කෙලවර රවුම් කරපු කෝටු දෙකෙන් ගහන බෙරේට තමයි සුරප්පට්ටුව කියන්නේ.
Deleteසුරප්පට්ටුව
ඕකට කියන නම සුරප්පට්ටුවද පුරප්පට්ටුවද?
Deleteඅපේ පැත්තේ කියන්නෙත් පුරප්පට්ටුව කියලා.
Deleteතම්මැට්ටම කියල නෙවෙයිද? මම අද වෙනකල් හිතන් හිටියේ ඔය ඩබල් බෙරේට (මගේ වචනයක්) කියන්නේ තම්මැට්ටම කියලා. ඔන්න අද ඉඳන් මගේ වරද හදාගන්නවා බොහොම ස්තූතියි සුදීක අයියේ.
Deleteඅයියගේ කථාව කියවද්දී මටත් පුංචි සිදුවිමක් මතක් උනා මගේ නංගි උසස් පෙළට පාඩම් කරද්දී ඉස්සරහා ගෙදර මිනිස්සු කැසට් එක දනවා හරියට වෙසක් එකට තොරණ යන ජාතක කථාව කියවනවා වගේ.ඒ තරම් ධර්මය .කවි බණ හෝ ගලා..ඒත් ඉතිං ඒ බණ ඔඩොක්කු බණ වගේ.අන්තිමට අපට පොලිසි යන්න උනා. මේ කථාව නම් ඇත්තටම හරිම සරලයි.ඒත් මිනිස් යථාර්තය හොඳකාරවම ගැබ්ව ඇත.
ReplyDeleteමමත් කීප ගමනක් කිව්වා සද්දේ අඩු කලේ නැත්නම් පොලීසි යනවා කියලා. එන්න එන්න සද්දේ වැඩි වුණා මිස අඩු වුනේ නෑ.
Deleteසල්ලි විතරක් තිබිලා බැහැනේ නේද? හැබැයි ඔය වගේ අය ගම් හතකට ප්‍රසිද්ධයි.
ReplyDeleteමෙයාලගේ අක්ක නම් ටිකක් ප්‍රසිද්ධයි.
Deleteඅපිත් ඔහොම ලිව්මක් ලිව්වා 2004.12.25 රෑ. මංමයි ලිව්වෙ. :-)
ReplyDeleteමොකද දින වකවානු හරියටම මතක ?
Deleteමම නම් දන්නේ එකම එක මහින්දයි. :)
ReplyDeleteමහින්ද ගැන ඉතාමත් අව්‍යාජ සටහනක්...අතීතයේ සිදුවෙච්ච රසවත් සිදුවීම් සමුදායක් ඔබේ අතින් අද ලියවෙලා තියෙනවා...මම ඉතාමත් රසවින්දා අර ක්‍රිකට් සම්බන්ධ සිදුවීම් පෙළ...
ReplyDeleteමට මතක් වෙන තව මහින්ද කෙනෙක් ඉන්නවා...ඒ තමයි නයි ටී එන් එකෙන් ජනතාව ගොනාට අන්දන්න වලිකන මහින්ද...
සෑහෙන රසවත් . එක හුස්මට කිඑව්වෙ :) සමාජය විවිදයි විසමයි :)
ReplyDeleteකාපුවා විතරක් නෙමෙයි පැන්සලෙන් ලියපුවා, මකනෙන් මකපුවා එහෙමත් ආපහු ඉල්ලන අය ඉන්නවා ඔය පොඩි පන්ති වල. ඒ ඉතින් පොඩි එවුන් :)
ReplyDelete