Tuesday, July 9, 2013

ගැරන්ටිද ? වොරන්ටිද ? (Guaranty or Warranty ) ......

කාලෙක ඉඳලා මගේ හිතේ වැඩ කරපු ප්‍රශ්ණයක් තමයි "ගැරන්ටි සහ වොරන්ටි කියන්නේ දෙකක්ද ? නැත්නම එකටමද ?" කියන එක. අපි මොකක් හරි භාණ්ඩයක් ගන්න ගියාම ඒවාට අච්චරක් වොරන්ටි, මෙච්චරක් වොරන්ටි තියෙනවා කියලා ගහලා තිබ්බත් මොකක් හරි වෙලා ගියාම හම්බ වෙන්නේ නෑ කියන එක තමයි බොහෝ දෙනාගේ මතය. මමත් බොහෝ කාලයක් හිටියේ මේ මතයේ. නමුත් පහුගිය කාලේ මගේ අත්දැකීම් මේ අදහස් වෙනස් කරන්න හේතු වුණා. 

මුලින්ම අපේ මුලික ප්‍රශ්ණයට පිළිතුර මොකක්ද කියලා බලමු. ඇත්තටම මොකක්ද මේ ගැරන්ටි කියන්නේ ? ගැරන්ටි වලට කාල සීමාවක් තියෙනවා කියන එක කවුරුත් දන්නවනේ. ඉතිං වොරන්ටි වලටත් කාල සීමාවක් තියෙනවනේ. මේ ගැන කෙලින්ම සටහනක් තියෙනවා http://www.differencebetween.info කියන වෙබ් අඩවියේ. එයට අනුව ගැරන්ටි සහ වොරන්ටි අතර වෙනස සඳහන් වෙන්නේ මෙන්න මේ විදියට.

වොරන්ටිය යනු පාරිභෝගිකයාගේ අයිතිය තහවුරු කරන ලියවිල්ලකි. එය ගනුදෙනුකරුට
පින්තුරය ගත්තේ : http://www.differencebetween.info
යම් තොරතුරක් සහ තත්වයක් හෝ භාණ්ඩයක් පිලිබඳ සත්‍යතාවය සහතික කරන පොරොන්දුවකි. මෙය රක්ෂණ සහතිකයක් මෙන් නීතියෙන් බැඳුණු කොන්ත්‍රාත්තුවකි. මෙම ලියවිල්ල බොහෝවිට මුදල් ගෙවා ලබාගත යුතු වන අතර අදාලා භාණ්ඩයේ අලුත්වැඩියාව හෝ දෝෂ සහිත කොටස් ආදේශ කිරීමට යටත් වේ. මෙය භාණ්ඩයේ නිෂ්පාදකයාට හෝ විකුණුම්කරුට ලබා දිය හැකිය. එය බොහෝවිට අදාල භාණ්ඩය අලුත්වැඩියාව පිලිබඳ ආවරණයක් ලබාදේ, එසේ නොහැකිනම් සම්පූර්ණ භාණ්ඩයම ලබා දීම දක්වා විය හැක. බොහෝවිට සීමිත වොරන්ටි ලබාදීම සිරිත වුවත්, දිගුකාලීන ඒවාද ඇත. ඒවායේ කාලය යම් මුදලක් ගෙවා දිගු කර ගැනීමේ හැකියාවද ඇත. බොහොමයක් වොරන්ටි ලබා දෙන්නේ මාස 12කටය.
දැන් අපි බලමු ගැරන්ටියක් යනුවෙන් අදහස් වන්නේ කුමක්ද කියා

පින්තුරය ගත්තේ : http://www.differencebetween.info
ගැරන්ටියද පාරිභෝගිකයාගේ අයිතිය තහවුරු කරන ලියවිල්ලකි. ගැරන්ටිය මගින් විකුණු යම් භාණ්ඩයක පොරොන්දු වූ තත්වය තිබෙන බවට සහතිකයක් ලබා දේ. විකුණු භාණ්ඩයක යම් දෝෂයක් වේ නම් එය නොමිලයේ අලුත්වැඩියා කරන්නටද එසේත් නැතහොත්  වෙනත් එකක් ලබා දීම විකුණන්නා හෝ නිෂ්පාදකයා සිදු කරයි. ගැරන්ටියක් බොහෝ විට නොමිලයේ ලබා දේ, ඒවායේ කාල සීමාවන් යම් ස්ථිර කාල සීමාවක් සඳහා වේ. උදාහරණයකට මාස 6, වසර දෙකක් වැනිය. සමහර ගැරන්ටි භාණ්ඩයේ මුළු ආයු කාලය සඳහාම වේ. සම්පූර්ණ සෑහීමකට පත් වීමේ ගැරන්ටිද ඇත. ගනුදෙනුකරුවා සෑහීමකට පත් නොවේ මුදල් ආපසු ලාබා දේ. ගැරන්ටියක් සඳහා යම් ලියාපදිංචි කාඩ් පත්‍රයක් පිරවීමට ගනුදෙනුකරුට සිදු වේ. නැතිනම් පොරොන්දු සේවාව ලබා දීමට හැකි කාඩ් පත්‍රයක් ගනුදෙනු කරුට ලබා දේ. 

බැලු බැල්මට මේ දෙක අතර වෙනසක් නැතත් වොරන්ටි ගෙවා ලබා ගැනීමද, ගැරන්ටි නොමිලේ ලබා දීමද මේ අතර ඇති එකම වෙනස බව පැහැදිලි වේ. එනමුත් මේවායේ නීතිමය තත්වයන් වඩාත් සංකීර්ණ විය යුතුය. දැන් බලමු මේ පිලිබඳ මගේ අත්දැකීම්. ඔබටද මෙහි හොඳ සහ නරක අත්දැකීම් තිබෙන්නට පුළුවන්.

මා පිටරටින් ගෙනෙනා ජංගම දුරකථන භාවිතා කර හෙම්බත් වී සිටියෙමි. එනිසා යලිත් ජංගම දුරකථනයක් ලබා ගන්නේ නම අදාළ සමාගමේ නිල ඒජන්ත වරුන්ගෙන් ලබා ගැනීමට අධිෂ්ඨාන කරගෙන සිටියෙමි. ඒ වනවිටත් මේ ක්‍රම දෙකටම ලභාගත් දුරකථන පිලිබඳ පැහැදිලි තක්සේරුවක සිටියෙමි. 2010 ඔක්තෝම්බර් මාසයේදී සොෆ්ට්ලොජික් සමාගමෙන් නොකියා N8 දුරකතනයක් ලබා ගත්තේ ඉහතකී වගකීම සහතිකයක්ද සහිතවය. එහෙත් 2011 මාර්තු වනවිට එය කිසිදු හේතුවක් රහිතව රීස්ටාර්ට් වන බව දැක මා එම සමාගමට එය ගෙනගියා. එය පරීක්ෂා කිරීමෙන් පසුව ඔවුන්ට දින කිහිපයක් එය තබා ගැනීමට අවශ්‍ය බව පවසා භාවිතයට වෙනත් දුරකථනයක්ද ලබා දුන්නා. 

නමුත් ඔවුන් කර තිබුණේ එහි මෘදුකාංග නැවත ස්ථාපනය කිරීමයි. එමගින් අදාළ ප්‍රශ්ණයට විසඳුම් ලැබී තිබුණේ නෑ. මා නැවතත් ඔවුන්ට එය යොමු කරා. දින තුනකට පසු "ඕකේ  සර්" යනුවෙන් පවසමින් දුරකථනය මා අත තබා එය පරීක්ෂා කරන ලෙස ඉල්ලා සිටියා. එවිට එය සෑදූවාදැයි මා විමසා සිටි විට ඔවුන් කියා සිටියේ එය නවතාම එකක් බවයි. මා මේතාක් භාවිතා කරන්නේ එම දුරකතනයයි. ඒ වෙනුවෙන් වෙනම වගකීම් සහතිකයක් ලබා දීමටද කටයුතු කළා. මෙය නොකියා සමාගමේ ගනුදෙනුකාර සේවාවයයි. 

කිසිම ගැරන්ටියක් හෝ වොරන්ටියක් නැතිව මා මිලදී ගත ග්‍රේ නිකලස් වර්ගයේ පිත්ත ටික කාලයකදී හොන්දින් පහර දීමට නොහැකි බව පැවසූ විට එය "තව පාරක් සීසන් කරලා බලමු" යයි ක්‍රිකට් ෂොප් ආයතනයේ ෂිබ්ලි මහතා  පැවසුවා. එය සීසන් කිරීමට ලබා දුන් අතරේ එය නැති වී තිබුණා. එවිට මා කැමති පිත්තක් තෝරා ගන්න යයි පවසා ඔවුන් එය ලබා දීමට කටයුතු කළා. වටිනාම දේ ඔවුන් ලබා දුන්නේ මා මිලදී ගත් පිත්තටත් වඩා මිල අධික එකක් වීම සහ අප අතර කිසිදු ගිවිසුමක් නොතිබීමයි. නමුත් ගනුදෙනුකරුවගේ විශ්වාසය ඔවුන්ට ඊටත් වඩා වටිනා බව මට මේ සිද්ධියෙන් පැහැදිලි වුනා. 

එක වරක් මා මිලදී ගත් අලුත්ම පරිඝනක කවරය(Housing) දෝෂ සහිත එකක් බව ඔප්පු කර පෙන්වවූවත් කිසිදු සහනයක් ලබා දීමට පී.සී. හවුස් ආයතනය ක්‍රියා කලේ නෑ. 

ඔබටත් මෙවැනි අත්දැකීම් අනිවාර්යයෙන්ම තිබෙන්නට පුළුවන්. එවැනි දේ අපත් සමග බෙදා ගන්න මෙන්න අවස්ථාව.  

37 comments :

  1. මම මේ දෙකේ වෙනස අද වෙනකන් තේරුමක් නැතුව කඩවලින් අහල තියෙනවා. උනුත් කියන්නේ දෙකෙන් එකයි දෙන්නේ කියල.

    ReplyDelete
    Replies
    1. මේක තේරෙන තැනක් තියෙනවා. කඩවල් වලින් මොබයිල් ගන්න ගියාම. ඒගොල්ල්ලෝ වොරන්ටි දෙන්නේ අමතර ගාණක් අය කරලා.

      Delete
  2. වොරන්ටියට ගෙවන්න ඕන ගාණ අනුව තමයි ගොඩක් වේලාවට වොරන්ටිය ගන්නවාද නැද්ද කියලා තිරණය කරන්නෙ.මේ වෙනකම් පාවිචිචි කරපු ෆොන් නම් තුන් සැරයක්ම කොම්පැනි එක නිකං දෙන අවුරුද්දක ගැරන්ටි පිරියඩ් එක ඇතුලේ නිසා නිකන් හදාගන්න පුළුවන් වුනා.සති තූනකට කලින් පාවිච්චි කර කර හිටිය ෆොන් එක කැඩිලා හදාගන්න ගෙවන්න වුනා ඒක අරගෙන අවුරුද්දු2 කට කිට්ටු වෙන්න ඇවිත්...

    ReplyDelete
    Replies
    1. මට පුදුමත් හිතුණා රිප්ලේස්මන්ට් එකක් හම්බ වුණාම.

      Delete
  3. වැදගත් දෙයක්, මටත් ඔය ප්‍රශ්නෙම තිබුන..
    pc house , infocus වල බඩුත් සේවාවත් අන්තිමයි, හොදම දේ නිල ඒජන්ත වරුන්ගෙන් ගන්න එක තමයි.

    ReplyDelete
    Replies
    1. මේ දක්වන ප්‍රතිචාර මත ඔවුන්ගේ අනාගතය තීරණය වේ.

      Delete
  4. තමන්ගේ අත්දැකීම් හා දැනුම මේ ආකාරයෙන් බෙදාගැනීම හරිම වටිනවා .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.

      Delete
  5. PC house එකෙන් ගත්ත කම්පියුටර් කෑලි වලට නම් කරදරයක් නැතුව රිප්ලේස්මන්ට් හම්බුවෙලා තියෙනවා මට... ‌‌ෆොන්, කම්පියුටර් කෑලි, ඉලෙක්ට්‍රොනික් බඩු නම් ගැරන්ටි හරි වොරන්ටි හරි සල්ලි ගෙවලා හරි ගන්නවා මම... මොකෝ මාස 6ක් පාවිච්චි කරලා විසි කරන්න නෙවෙයි අපි ඒ වගේ බඩුවක් ගන්නේ... ඔය සිංගර් එකේ එහෙම ඉලෙක්ට්‍රික් බඩු වලට ගෙවලා වොරන්ටිය ගන්න පුළුවන් අවුරුදු 3ක් වෙනකම්.. සාමාන්‍යයෙන් කාට හරි හරි තෑග්ගක් දෙන්න ගන්නවනං වොරන්ටිය හරි වැදගත්.. (වෙඩින් වලට එහෙම.. ඒ බඩු පාවිච්චි කරන්න ගන්න සමහර විට ටික කාලයක් යනවනේ)

    හැබැයි ඉතිං ඉලෙක්ට්‍රික් බඩු වලට ගැරන්ටි වත් වොරන්ටි වත් අරන් වැඩක් නැති හේතුවකුත් ලංකාවේ තියෙනවා... ඒ තමයි හුටුස් ගාලා කරන්ට් යන එක, කරන්ට් එක හැම තිස්සෙම අඩුවැඩි වෙන එක... මොකෝ හැම ගෙදරකට ස්ටේබලයිසර් තියෙනවයැ...

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ඉලෙක්ට්‍රික් උපකරණ ඔය ලයිට් වල ප්‍රශ්ණ වලට ගැලපෙන විදියට දැන් හදලා තියෙනවා.

      Delete
  6. මම දැකපු හොදම වගකීම් සේවාව ලබා දෙන්නේ නොකියා නිල ඒජන්තවරුන් වන සොෆ්ට්ලොජික් ඔවුන් හොද සේවාවක් ලබා දෙනවා හැබැයි වගකීම් කාලය නැතිව ගියොත් තමා ලෙඩේ තව ෆෝන් එකක් ගන්න පුළුවන් එයාලා කියන ගණන් වලට :(

    ReplyDelete
    Replies
    1. ඔව් ඔවුන්ගේ සේවාව ඉහල මට්ටමකින් පවත්වාගෙන යන්නත් ඔවුන් විවිධ ක්‍රියා මාර්ග ගන්නවා. එක් වරක් මම ඔවුන්ගෙන් ජංගම දුරකථනය සර්විස් කර ගත්තා. මට දුරකථන ඇමතුම් දෙකක් ආවා ඒ සේවාවේ තත්වය විමසන්න. එකක් එංගලන්තයෙන්, අනික ඉන්දියාවෙන්. මම හිතන්නේ ඔවුන් යම් ප්‍රමති සහතිකයක් ලබාගෙන එය ඉහල මට්ටමකින් පවත්වාගෙන යන්න උත්සාහ කරනවා.

      Delete
  7. ලංකාවෙදි නම් ඔය වගේ වොරන්ටි ක්ලේම් කරන්න වෙලා නැහැ... හැබැයි පිටදි නම් ඒ වැඩේ කරල තියෙනවා... දැනට දැකල තියෙන හොඳම වොරන්ටි එක ඇපල්... බඩු ගත්තු රට ප්‍රශ්නයක් නැතිව වොරන්ටි ක්ලේම් කරන්න පුලුවන්... බඩුත් හොඳයි... release වෙච්ච කාලෙම ගත්තු 3GS එකක් තියෙනවා තාම හොඳට වැඩ.. :)

    ReplyDelete
    Replies
    1. මම ළඟදී අබාන්ස්ලගෙන් අයිෆෝන් ගැන ඇහුවා. ඔවුන් කියන්නේ තාම ලංකාවේ නිල ඒජන්තවරයෙක් නෑ කියලා.

      Delete
  8. ගැරන්ටිය හා වොරන්ටිය දෙකක්. එහි නීතිමය තත්වයන් අතිශය වෙනස්.. අප නිවරැදි ආකාරයට එය තේරුම් ගෙන නොමැති බව මගේ විශ්වාසයයි.. අපි ඔය කියන්නේ ඕකා අද එන්නැතෙයි කියල මම ගැරන්ට් කරනවය කියල. ඒ නියම අදහස නොදැන කියන දේවල්. බොහොම හොදා මේක, හැබැයි කොතන හරි තියෙන එකක් ගෙනැල්ල ඔබනවට වඩා ඒක තේරුම් අරගෙන පාඨකයාට මෙන්න මේ දේ තමා ඔය කියන එකයි කියල තේරුම් ඇතිව කියන්න ඕන.. මම හිතන්නේ එහෙමයි.

    ReplyDelete
    Replies
    1. මම හිතනවා පාඨකයාට මෙය තේරුනා කියලා.

      Delete
  9. අපි සිංගර් එකෙන් ගත්ත ටීවී එකේ රූප පේන්නෙ නැතුව ගිහිල්ල දුන්නම සතියකට පස්සේ ඒකට අලුත් එකක් දුන්න. හැබැයි සල්ලි ගෙවල මොකවත් ගත්තද කියලනං දන්නෑ. ගොඩක් ආයතන කස්ටමර්ලට සලකන හැටියට ඔය සහතික වල තියෙන ඒව වෙනස් වෙනව.

    මෙන්න අටං ඒ ගැන කියල තියෙන විදිය.

    අටර්‍මපහුරMay 20, 2012 at 8:27 AM

    (මම කියන්න හිටි ඒව අනිත් උන් කියලා).තේරැන්නැ.

    සීංගරිසිය මට සෙට් නොවේ.බාලා බැලුවා.ග්‍රීක් වගේ.තව ටිකක් උත්සහ කරන්නම්

    මනී බෑක් ගැරන්ටී = මුදල් ආපසු ගෙවනු ලැබේ.

    ගැරන්ටී = අළුත් භාණ්ඩයක් දෙනු ලැබේ

    වොරන්ටී = අළුත්වැඩියා කොට දෙනු ලැබේ

    සර්වීස් වොරන්ටි = අළුත් වැඩියා කර දෙන අතර අමතර කොටස් වලට මුදල්

    අයකරනු ලැබේ

    ඔය මොකක් වෙන්නෙත් කස්ටමර්ගේ හැටියටය. සර්විස් වොරන්ටී මනීබෑක් ගැරන්ටි වෙන ‍‍අවස්ථාද තිබේ. එ ලංකාවේ හැටිය.

    ReplyDelete
    Replies
    1. වගකීම සහ වගකීම් සහතික පිලිබදව අපේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ සහ සාමාන්‍ය ජනතාවගේ මතය සහ සාමාන්‍යයෙන් ක්‍රීයාත්මක වන විදිහ තමයි ඔය ප්‍රසන්න ගෙනත් දාලා තියෙන්නේ

      මම හිතන්නේ මේ ගැන මම මට තේරෙන විදිහට ලිපියක් ලියලා තියනවා කාලෙකට කලින් . ප්‍රසන්න මේ කමෙන්ට් එක ගෙනත් දාලා තියෙන්නේ එතනින්ද කොහෙද .
      "මෙන්න මේක බලන්නකෝ"

      Delete
    2. //සාමාන්‍ය මිනිස්සුන්ගේ සහ සාමාන්‍ය ජනතාවගේ //

      යන්න වැරදීමකි , සාමාන්‍ය මිනිස්සුන්ගේ සහ සාමාන්‍ය වෙළෙන්දන්ගේ ලෙස නිවැරදි විය යුතුය

      Delete
    3. මං හිතන් හිටියේ මේ සමාන වචන දෙකක් කියලා. හරියට ලීසින් හා ෆිනෑන්ස්වගේනේ වෙනස මේ දෙකේ.
      යාලුවා තල්ලුවක් දාල යනවද මේ පැත්තට ඇවිත්
      සෙන්කෝලය
      මෙන්න තවත් අලුත් බ්ලොග් මැගසින් එකක් ඇවිල්ලා

      Delete
  10. තෑන්කිවු මචන් විස්තරෙ කියල දුන්නට.ලන්කවෙ ඔක වෙන්නෙ හුගාක් තමන්ගෙ ප්‍රතිරුපය ගෑන හිතන ආයතන නිවරදි විදියට කරනව.හුගාක් තනි අයිතිය නෑති බොඩ් එකකින් පාලනය වෙන එවා.හෑබෑයි ඩිරෙක්ට බොර්ඩ් එක පවුලෙ අයනම් නෑත්තම් තනි අයිතිය නම් හුගක් වෙලවට ඔව ගන්න අමාරුයි.හෑබෑයි ඔව ඔක්කොම පාරිහොගිකයගෙ දෑනුම ප්‍රදර්ශනය කිරිම මතත් තිරනය වෙනව.අර හෙන් රි එක සෑරයක් හෑන්ඩ් බ්‍රෙක් කෙබල් එකකට වොරන්ට්ය් ක්ලෙම් කලා වගෙ.

    ReplyDelete
  11. තවමත් ඔය ගැන ලොකු අදහසක් ඔලුවට දගන්න බැරි උනා. හැබයි දැනුවත් ක්‍රිම ගොඩක් වටිනවා

    ReplyDelete
  12. පිටරටින් ගෙන්න ගන්නත් පුළුවන් වොරන්ටිත් එක්ක. හැබයි මෙහේ නියෝජිතයෝ ඉන්න ඕන.

    ReplyDelete
    Replies
    1. අයිෆෝන් වලටත් ඔය ප්‍රශ්ණයම තියෙනවා.

      Delete
  13. හේලීස්, අබාන්ස් සහ දම්රෝ ආයතන වලින් ඉතාම හොඳින් ගැරන්ටි එක ලබාදුන්න අවස්ථා කීපයක් තියෙනවා. නමුත් සිංගර් ගැනනම් කතා කරලා වැඩක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් දම්රෝ ගැන මාත් අහලා තියෙනවා. ජනතාවගේ කටින කට යන මේ වගේ දැනුවත් කිරීම් වලින් එයාලට අර ලබා දුන්නටත් වඩා වැඩි ලාභයක් උපයන්න පුළුවන්.

      Delete
  14. ගෑරන්ට්යි,වොරෙන්ට්යි වලදී හරි ඔය කියන විදිහේ සේවාවක් ලැබුනේ නැත්නම් අපිට ඒ සම්බන්දයන් නිතිමය තත්වයකට යන්න පුලුවන්ද එහම පුලූවන්නම් ඒ ගැන පැමිණිලි කරන්න ඕනා කොහටද?

    ReplyDelete
    Replies
    1. පාරිභොගික සේවා අධිකාරියට. වෙළෙද අමාත්‍යංශය යටතේ පාළනය වන්නේ

      Delete
  15. ගොඩක්ම කොම්පියුටර් බඩු වලට ඔය ලෙඩේ එන්නේ මම නම් හිතන්නේ. ලංකාවේ ගොඩක් තැන් වලින් කරන්නේ අන්දන එක

    ReplyDelete
  16. ස්තුතියි සුදීක. මම මෙතනදි නෝට් කරපු දෙයක් තමයි එකම ආයතනය ගැන කමෙන්ට් වලින් පරස්පර විරෝධී ආකල්ප හොයාගන්න පුලුවන් බව. එහෙම වෙන්නේ ආයතනයේ ප්‍රතිපත්තියටත් වඩා වැඩ කරන මිනිස්සුන්ගේ ගති ස්වභාවය කියලා මට හිතෙනවා.

    මටත් ඔය සම්බන්ධව අත්දැකීම් තියෙනවා. ඇහුවොත් බල්ලො බත් කන්නේ නෑ.

    ReplyDelete
  17. මෙරට විකුණන සියලුම විදුලි භාණ්ඩවලට ඔය කියන දෙකෙන් එකක් දිය යුතුමයි. ඒත් ඒවා පාරිභෝගිකයාට ලැබෙන්නේ කියෙන් කියටද, අපි ගන්න රුපියල් 150 චාජරේටත් වොරන්ටියක්/ ගැරන්ටියක් දිය යුතුයි. එසේ නොවන්නේ නම් එයට එරෙහිව නඩු දැමිය හැකියි. ඒත් මොකාද ඒවට බිල් දෙන්නේ. දුන්නත් ඔන් ඇප්රුවල් බිලක් විතරයි. ඉතිං කොහොමද දන් වළදන්නේ. මුන්ව අල්ලන්න නම් පාරිභෝගක අධිකාරිය් උන්ම එන්න ඕන. නැත්තං හබක් තමා.

    ReplyDelete
    Replies
    1. නීතිය තිබ්බට ඒක ක්‍රියාත්මකද, මචං? මට මතකයි දැන්වීම් පලකරන ඕනෑම භාණ්ඩයක මිළ අනිවාර්යයෙන් සඳහන් කලයුතුයින් කියලා නීතියක් ආවා. ඒක අවුරුද්දක් විතර ක්‍රියාත්මකත් වුනා. එච්චරයි වගේ.

      Delete
  18. මටත් හැම විටම හිතෙන්නේ ඔය දෙකම එකක් කියලා. ඒත් සීඑෆ්එල් බල්බයක්, ජංගම දුරකථනයක්, වගේ විදුලි උපකරණවලට නිතර ලැබෙන්නේ වොරන්ටියක් නිසා කාලය ඉකුත් වෙන්න කලින් වෙනසක් වුනොත් මාරුකරගන්න පුළුවන්

    ReplyDelete
  19. ඇත්තටම මමත් හිතාගන හිටියේ මේ දෙකම එකක් කියලා..ස්තුතියි සුදීක...දැනුවත් කලාට...

    ReplyDelete
  20. ඔතන වචන දෙකේ පැහැදිලි වෙනසක් තියනවා. ජංගම දුරකථන , පරිගණක සහ නොයෙකුත් ඉලෙක්ට්‍රොනික් බඩුත් එක්ක අවුරුදු 15 විතරම හැප්පුණු මටත් ඔය දෙක පැහැදිලිව අඳුරගන්න අමාරු වෙලා තිබුනේ. නමුත් ආයතන කීපයක වැඩ කරන්න ගත්තට පස්සේ මම ඔය වචන දෙක යොදා ගන්න විදිහ ගැන පැහැදිලි අවබෝදයක් ලබා ගත්තා.

    ගැරන්ටි කියන්නේ ඇත්තටම සහතික කිරීමක් කියලා කියන්න පුළුවන්. උදාහරණයක් විදිහට යම් භාන්ඩයක් මිලදී ගන්නා අවස්ථාවේ එය නිෂ්පාදකයාගේම නිෂ්පාදනයක් බවත් එය නිෂ්පාදකයා ලබා දී ඇති සියලු පහසුකම් ලබා ගැනීමට භාවිතා කල හැකි බවත් නිෂ්පාදකයා කියන කාලය එය භාවිතා කල හැකි බවත් සහතික කිරීමක්. යම් අවස්ථාවකදී පාරිබෝගිකයාට ඔප්පු කරන්න පුළුවන් නම් එම භාණ්ඩය නිෂ්පාදකයා සහතික කරන පහසුකම් ලබා ගැනීමට අපොහොසත් කියලා එවිට එම භාණ්ඩය වෙනුවට වෙනත් භාණ්ඩයක් ලබා දෙන්න කටයුතු කල යුතුයි. නමුත් මෙහිදී නිෂ්පාදකයා එම භාණ්ඩය බාවිතා කරන ආකාරය ගැන දක්වා ඇති කොන්දේසි උල්ලංගනය නොකර එය බාවිතා කල යුතුයි. මේ ගරන්ටිය අනිවාර්යෙන් හොඳ නිෂ්පාදනයක් සඳහා ලැබෙනවා. නමුත් එහිදී නිත්‍යානුකුල බවක් නැ. අවශ්‍යනම් එම භාර ගැනීම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒ සඳහා නීතියට අනුව කසිවක් කරන්න බැ.

    වොරන්ටිය කියන්නේ එම නිෂ්පාදනය පිලිබඳ වගකීමක් ලබාගැනීමක්. උදාහරනයක් ලෙස ඉහත පරිදි ගැරන්ට් කරන ලද උපකරණයක්. නිෂ්පාදකයා නිර්දේශ කරනා ආකාරයට භාවිතා කරමින් සිටියදී යම් හානියක් සිදුවුවහොත්. එය සඳහා නැවත වෙනත් උපකරණයක් ලබා දීම හෝ මුදල් ආපසු ලබා දීම හෝ විය හැකි. එහිදී යම් කාල සීමාවකට යටත්ව, කොන්දේසි සහිත නීතියට යටත් ලේඛනයක් ලබා දෙනවා. එම නිසාම එම වගකීම පැහර හැරියොත් ඒ සඳහා නීතිමය ක්‍රියා මාර්ගයක් ගන්න පුළුවන්.


    සරලවම කීවොත් අපි නිතර ගනුදෙනු කරන ආයතනයකින් බඩුවක් ගන්නකොට මුදලාලි අපිට කියනවා "මේක ඔර්ජිනල් එකක් බය නැතිව ගන්න කියලා" ඒ කියන්නේ ගැරන්ටිය. හැබයි භාණ්ඩයට මොනවා හරි උනොත් මුදලාලිගේ හොඳ හිතත් භාණ්ඩයේ නිෂ්පාදකයාගේ හොඳ හිතත් මත තමයි අපිට සාදාරන්යක් වෙන්න අවස්තාව තියෙන්නේ. නමුත් වොරන්ටියක් දුන්නනම් එකේ තේරුම මුදලාලි නරක උනත් හොඳ උනත් මිනිහට ඒ වගකීම් සහතිකේ තියන විදිහට වැඩ කරන්න වෙනවා කියන එක. එහෙම නොකලොත් ඔබට නීතිය හමුවට යන්න පුළුවන්.

    සුදීක හොඳ මාතෘකාවක් මතක් කලේ මම පුළුවන් වෙලාවක ඉලෙක්ට්‍රොනික් බඩු මීලදී ගන්නකොට කරන්න ඕන දේවල් ගැන පොස්ට් එකක් දාන්නම්

    ReplyDelete
    Replies
    1. අපි පාරිභෝගිකයාගේ පැත්තේ ඉඳලා කිව්වා දේ ඔයා වෙළෙන්දාගේ පැත්තෙන් හොඳ විස්තරයක් කරලා තියෙනවා. ඇත්තටම ඔයා කලින් කමෙන්ට් කළා නම් මේක බොහෝ දෙනෙක් දකිනවා.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 13 ) අතීතකාමය (Nostalgia) ( 5 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...