ඔබේ දරුවන් සමග කාළය ගත කරන විට ඔබත් දරුවෙක් ලෙස සිතන්න. නැතිනම් ඔබ අවුරුදු ගණනාවක් ලෝකය සමග ගණුදෙනු කර උගත් දේ ඔබේ දරුවාද දැන සිටිය යුතුයැයි සිතා ඔවුන්ට ගුටි බැට දෙන්න. මේ දෙකෙන් ඔබ තෝරා ගන්නේ කුමන උත්තරයද ? මා දන්නා බොහෝ දෙමවුපියන් තෝරා ගන්නේ මෙහි දෙවෙනි උත්තරයයි. බොහෝ අය තමන්ගේ දරුවන් පවසන දේට මොහොතකටවත් ඇහුන්කන් දෙන්නේ නැත. ඔබ වට්ටෝරුවක යමක් තබාගෙන, එය ඔබේ දරුවාගෙන් අපේක්ෂා කරයි. අවසානයේ ඔබේ දරුවා මොට වනවා හැර සිදුවන දෙයක් නැත. ඔවුන් පසුගාමී වෙයි. නිතරම සෘණාත්මකව සිතයි. අවසානයේ ඔවුන් සමාජයේදී කොන් වෙයි. රැකියාවක් සොයාගත නොහැකිව ලත වෙයි. පිරිසක් ඉදිරියේ නොබියව වචන පහක් කථා කරගන්නට බැරි අයවළුන් වෙයි. ඔබට උවමනා කරන්නේ මෙයද ? තමුන්ගේ දරුවා කලයුතු ක්‍රීඩාව, උසස් අධ්‍යාපනය කලයුතු විෂය මාලාව, ඔවුන් කලයුතු රැකියාව, සෞන්දර්යය විෂය ඔබ තීරණය කර දරුවන් ගහ මරා ඒ වෙත යොමු කරයි. අපේක්ෂාව මුදුන්පත් වුවත්, ඔබට වෛර කරන හෝ ඔබ අප්‍රිය කරන දරුවෙකු ප්‍රතිඵලය ලෙස ලැබෙයි. ඔබ ළමා කාළයේදී දරුවන් තලා පෙළන්නේ යම් සේද, එයට පිළිතුරු ඔබ වයෝවෘද්ධ වූ පසු ඔබට ලැබෙයි. තල වපුරා වී අස්වැන්න බලාපොරොත්තු නොවන්න. දරුවාගේ ඉලක්ක ඔවුන්ටම තෝරා ගැනීමට ඉඩ හරින්න. ඉන් අදහස් කෙරෙන්නේ ඔවුන්ට අයාලේ යන්නට දී බලා සිටිය යුතු යන්න නොවෙයි. ඔබ ඔවුන් දෙස ඉතා සුපරීක්ෂාකාරීව බලා සිටිය යුතුය. මා මේ පූර්විකාව සැපයුයේ, ඔබ ඉදිරියේ අපූර්ව කතාවක් දිග හරින්නටයි. මින් පහළට මා පරිවර්තනය කොට ගෙන එන්නේ ඒ කතාව ඔබ ඉදිරියේ තැබීමටයි.
කෝරා ඩයිජෙස්ට් ගැන ඔබ අසා තිබේද ?නැතිනම් මා කෙටියෙන් ඒ ගැන සඳහන් කරන්නම්. www.quora.com යන වෙබ් අඩවියයි.එය විශේෂ වෙබ් අඩවියකි. එහිදී ඔබට, ඔබ කැමති විෂයන් ඔස්සේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමටත්, පිළිතුරු සැපයීමටත් අවස්ථාව හිමි වේ. එය විකාරරූපී වෙබ් අඩවියක් යයි කෙනෙකුට මොහොතකට සිතෙන්නට පුළුවන. මන්ද එහි ඉතාම සරල ප්‍රශ්න පවා ඉදිරිපත් කරන බැවිණි. 1+1 කීයදැයි කෙනෙකු ප්‍රශ්න කරයි. ඒ සඳහා බොහෝ දෙනා ඉතා උනන්දුවෙන් පිළිතුරු සපයයි. ඔබට එවැනි දේ දිරවන්නේ නැතිනම් කළ හැකේ එය මග හැර යාමයි. තවත් අඨාේරාශියක් ප්‍රශ්න සහ පිළිතුරු එහි වෙයි. ඔබට ඒවා කියවිය හැකියි. පහතින් ඇත්තේ කෙනෙකු අසා තිබූ එවැනි විකාරරූපී ප්‍රශ්නයකට එක් පියෙකු ලබා දුන් පිළිතුරකි.
ප්‍රශ්නය : ඔබේ දරුවා අඳිනලද විලම්භීතම චිත්‍රය කුමක්ද ?
මේ සඳහා පිළිතුරු සිය ගණනක් ලබා දී තිබුණා. ඒ අතුරින් උමායිර් ෆාරුක් ලබා දී පිළිතුර වඩාත් සිත්ගත් සහ භීතිය උපදවන පිළිතුරක් වුවා.
අවුරුදු පහක් වයස මගේ දියණිය පෙර පාසලින් නිවසට කැඳවාගෙන යාමට ගිය මොහොතේ, එහි විදුහල්පති වරයා අතින් සන් කර මා කැඳවනු ලැබුවා. එකදු වචනයක් හෝ නොදොඩා ඔහු මා අත තැබුවේ චිත්‍ර කාලපරිච්චේදයේ දියණිය විසින් අඳින ලද චිත්‍රයකි. ඇයගේ මුහුණෙන් පෙන්නුම් කළේ අද්බූත, ආපදාවට පත්, සහ ත්‍රාසයට පත් ස්වභාවයක්.
එදින සන්ධ්‍යාවේ මමත් බිරිඳත් මේ ගැන පරීක්ෂා කර දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා කුමක් කලයුතුද කියා.මිනිත්තු ගණනාවක්ම ඒ ගැන උපායමාර්ග කල්පනා කොට අවසානයේ අපගේ දෙවෙනි පිළිසදර සඳහා සුදානම් වුණා. මේ වනවිටත් දියණිය මවගේ ඇකයෙහි වාඩි වී උන්නා.
මම නිර්මාණය මේසය මත තබින් "වස්තුවේ, ඔයා ඇඳ මේ චිත්‍රය මොකක්ද ?"
දරුවා : "ඕ, මමඒකට හරිම ආදරෙයි ! ඔයත් කැමතිද ?"
මම : "ඔව් මාත් කැමතියි ! කියන්නකෝ ඉතිං මොකක්ද ඒ ?"
දරුවා : "චිත්‍රවෙලාවෙදි ඇන්දේ !"
මම : "හොඳයි ! ඉතිං, කියන්න මේක මොකක්ද ..."
දරුවා :"අපි ඇන්දේ අපේ ආසම දේ !"
මම දුටුවා බිරිඳගේ ඇහිබැම උඩ යනවා. මගේ ඇහිබමත් එහෙම වෙන්න ආවත් ආයාසයෙන් පින්තූරය පරීක්ෂා කරන බවක් පෙන්වන්න මම උත්සාහ කළා.
මම :"ඒක හරිම ෂෝක් වගේ. මොකක්ද ආසම දේ ඔයා ඇඳපු. වස්තුවේ ..?"
දරුවා : "තා ත් තේ ! ඔයා දන්නවද ? ඒ ස්පොන්ජ් කේක් එකක් මේසේ උඩ තියලා"
කාන්තාව සිනාසුනා.
මම : "ඇත්තටම වස්තුවේ, හරිම ලස්සනයි"
චිහ්. මම මට කියවුණේ ඉබේම.
ඉතිං පේනවා නේද? අපි ඔලුවට දාගෙන ඉන්න වට්ටෝරු සංකල්ප. දරුවන් වගේ විවෘත්ත මනසකින් ලෝකය දකින්න අපිත් හැඩගැහුණොත් හොඳයි නේද?

පින්තූරය ගත්තේ : www.quora.com |