ඔබේ දරුවන් සමග කාළය ගත කරන විට ඔබත් දරුවෙක් ලෙස සිතන්න. නැතිනම් ඔබ අවුරුදු ගණනාවක් ලෝකය සමග ගණුදෙනු කර උගත් දේ ඔබේ දරුවාද දැන සිටිය යුතුයැයි සිතා ඔවුන්ට ගුටි බැට දෙන්න. මේ දෙකෙන් ඔබ තෝරා ගන්නේ කුමන උත්තරයද ? මා දන්නා බොහෝ දෙමවුපියන් තෝරා ගන්නේ මෙහි දෙවෙනි උත්තරයයි. බොහෝ අය තමන්ගේ දරුවන් පවසන දේට මොහොතකටවත් ඇහුන්කන් දෙන්නේ නැත. ඔබ වට්ටෝරුවක යමක් තබාගෙන, එය ඔබේ දරුවාගෙන් අපේක්ෂා කරයි. අවසානයේ ඔබේ දරුවා මොට වනවා හැර සිදුවන දෙයක් නැත. ඔවුන් පසුගාමී වෙයි. නිතරම සෘණාත්මකව සිතයි. අවසානයේ ඔවුන් සමාජයේදී කොන් වෙයි. රැකියාවක් සොයාගත නොහැකිව ලත වෙයි. පිරිසක් ඉදිරියේ නොබියව වචන පහක් කථා කරගන්නට බැරි අයවළුන් වෙයි. ඔබට උවමනා කරන්නේ මෙයද ? තමුන්ගේ දරුවා කලයුතු ක්‍රීඩාව, උසස් අධ්‍යාපනය කලයුතු විෂය මාලාව, ඔවුන් කලයුතු රැකියාව, සෞන්දර්යය විෂය ඔබ තීරණය කර දරුවන් ගහ මරා ඒ වෙත යොමු කරයි. අපේක්ෂාව මුදුන්පත් වුවත්, ඔබට වෛර කරන හෝ ඔබ අප්‍රිය කරන දරුවෙකු ප්‍රතිඵලය ලෙස ලැබෙයි. ඔබ ළමා කාළයේදී දරුවන් තලා පෙළන්නේ යම් සේද, එයට පිළිතුරු ඔබ වයෝවෘද්ධ වූ පසු ඔබට ලැබෙයි. තල වපුරා වී අස්වැන්න බලාපොරොත්තු නොවන්න. දරුවාගේ ඉලක්ක ඔවුන්ටම තෝරා ගැනීමට ඉඩ හරින්න. ඉන් අදහස් කෙරෙන්නේ ඔවුන්ට අයාලේ යන්නට දී බලා සිටිය යුතු යන්න නොවෙයි. ඔබ ඔවුන් දෙස ඉතා සුපරීක්ෂාකාරීව බලා සිටිය යුතුය. මා මේ පූර්විකාව සැපයුයේ, ඔබ ඉදිරියේ අපූර්ව කතාවක් දිග හරින්නටයි. මින් පහළට මා පරිවර්තනය කොට ගෙන එන්නේ ඒ කතාව ඔබ ඉදිරියේ තැබීමටයි.
කෝරා ඩයිජෙස්ට් ගැන ඔබ අසා තිබේද ?නැතිනම් මා කෙටියෙන් ඒ ගැන සඳහන් කරන්නම්. www.quora.com යන වෙබ් අඩවියයි.එය විශේෂ වෙබ් අඩවියකි. එහිදී ඔබට, ඔබ කැමති විෂයන් ඔස්සේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමටත්, පිළිතුරු සැපයීමටත් අවස්ථාව හිමි වේ. එය විකාරරූපී වෙබ් අඩවියක් යයි කෙනෙකුට මොහොතකට සිතෙන්නට පුළුවන. මන්ද එහි ඉතාම සරල ප්‍රශ්න පවා ඉදිරිපත් කරන බැවිණි. 1+1 කීයදැයි කෙනෙකු ප්‍රශ්න කරයි. ඒ සඳහා බොහෝ දෙනා ඉතා උනන්දුවෙන් පිළිතුරු සපයයි. ඔබට එවැනි දේ දිරවන්නේ නැතිනම් කළ හැකේ එය මග හැර යාමයි. තවත් අඨාේරාශියක් ප්‍රශ්න සහ පිළිතුරු එහි වෙයි. ඔබට ඒවා කියවිය හැකියි. පහතින් ඇත්තේ කෙනෙකු අසා තිබූ එවැනි විකාරරූපී ප්‍රශ්නයකට එක් පියෙකු ලබා දුන් පිළිතුරකි.
ප්‍රශ්නය : ඔබේ දරුවා අඳිනලද විලම්භීතම චිත්‍රය කුමක්ද ?
මේ සඳහා පිළිතුරු සිය ගණනක් ලබා දී තිබුණා. ඒ අතුරින් උමායිර් ෆාරුක් ලබා දී පිළිතුර වඩාත් සිත්ගත් සහ භීතිය උපදවන පිළිතුරක් වුවා.
අවුරුදු පහක් වයස මගේ දියණිය පෙර පාසලින් නිවසට කැඳවාගෙන යාමට ගිය මොහොතේ, එහි විදුහල්පති වරයා අතින් සන් කර මා කැඳවනු ලැබුවා. එකදු වචනයක් හෝ නොදොඩා ඔහු මා අත තැබුවේ චිත්‍ර කාලපරිච්චේදයේ දියණිය විසින් අඳින ලද චිත්‍රයකි. ඇයගේ මුහුණෙන් පෙන්නුම් කළේ අද්බූත, ආපදාවට පත්, සහ ත්‍රාසයට පත් ස්වභාවයක්.
එදින සන්ධ්‍යාවේ මමත් බිරිඳත් මේ ගැන පරීක්ෂා කර දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා කුමක් කලයුතුද කියා.මිනිත්තු ගණනාවක්ම ඒ ගැන උපායමාර්ග කල්පනා කොට අවසානයේ අපගේ දෙවෙනි පිළිසදර සඳහා සුදානම් වුණා. මේ වනවිටත් දියණිය මවගේ ඇකයෙහි වාඩි වී උන්නා.
මම නිර්මාණය මේසය මත තබින් "වස්තුවේ, ඔයා ඇඳ මේ චිත්‍රය මොකක්ද ?"
දරුවා : "ඕ, මමඒකට හරිම ආදරෙයි ! ඔයත් කැමතිද ?"
මම : "ඔව් මාත් කැමතියි ! කියන්නකෝ ඉතිං මොකක්ද ඒ ?"
දරුවා : "චිත්‍රවෙලාවෙදි ඇන්දේ !"
මම : "හොඳයි ! ඉතිං, කියන්න මේක මොකක්ද ..."
දරුවා :"අපි ඇන්දේ අපේ ආසම දේ !"
මම දුටුවා බිරිඳගේ ඇහිබැම උඩ යනවා. මගේ ඇහිබමත් එහෙම වෙන්න ආවත් ආයාසයෙන් පින්තූරය පරීක්ෂා කරන බවක් පෙන්වන්න මම උත්සාහ කළා.
මම :"ඒක හරිම ෂෝක් වගේ. මොකක්ද ආසම දේ ඔයා ඇඳපු. වස්තුවේ ..?"
දරුවා : "තා ත් තේ ! ඔයා දන්නවද ? ඒ ස්පොන්ජ් කේක් එකක් මේසේ උඩ තියලා"
කාන්තාව සිනාසුනා.
මම : "ඇත්තටම වස්තුවේ, හරිම ලස්සනයි"
චිහ්. මම මට කියවුණේ ඉබේම.
ඉතිං පේනවා නේද? අපි ඔලුවට දාගෙන ඉන්න වට්ටෝරු සංකල්ප. දරුවන් වගේ විවෘත්ත මනසකින් ලෝකය දකින්න අපිත් හැඩගැහුණොත් හොඳයි නේද?
මේ සඳහා පිළිතුරු සිය ගණනක් ලබා දී තිබුණා. ඒ අතුරින් උමායිර් ෆාරුක් ලබා දී පිළිතුර වඩාත් සිත්ගත් සහ භීතිය උපදවන පිළිතුරක් වුවා.
අවුරුදු පහක් වයස මගේ දියණිය පෙර පාසලින් නිවසට කැඳවාගෙන යාමට ගිය මොහොතේ, එහි විදුහල්පති වරයා අතින් සන් කර මා කැඳවනු ලැබුවා. එකදු වචනයක් හෝ නොදොඩා ඔහු මා අත තැබුවේ චිත්‍ර කාලපරිච්චේදයේ දියණිය විසින් අඳින ලද චිත්‍රයකි. ඇයගේ මුහුණෙන් පෙන්නුම් කළේ අද්බූත, ආපදාවට පත්, සහ ත්‍රාසයට පත් ස්වභාවයක්.
පින්තූරය ගත්තේ : www.quora.com |
එදින සන්ධ්‍යාවේ මමත් බිරිඳත් මේ ගැන පරීක්ෂා කර දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා කුමක් කලයුතුද කියා.මිනිත්තු ගණනාවක්ම ඒ ගැන උපායමාර්ග කල්පනා කොට අවසානයේ අපගේ දෙවෙනි පිළිසදර සඳහා සුදානම් වුණා. මේ වනවිටත් දියණිය මවගේ ඇකයෙහි වාඩි වී උන්නා.
මම නිර්මාණය මේසය මත තබින් "වස්තුවේ, ඔයා ඇඳ මේ චිත්‍රය මොකක්ද ?"
දරුවා : "ඕ, මමඒකට හරිම ආදරෙයි ! ඔයත් කැමතිද ?"
මම : "ඔව් මාත් කැමතියි ! කියන්නකෝ ඉතිං මොකක්ද ඒ ?"
දරුවා : "චිත්‍රවෙලාවෙදි ඇන්දේ !"
මම : "හොඳයි ! ඉතිං, කියන්න මේක මොකක්ද ..."
දරුවා :"අපි ඇන්දේ අපේ ආසම දේ !"
මම දුටුවා බිරිඳගේ ඇහිබැම උඩ යනවා. මගේ ඇහිබමත් එහෙම වෙන්න ආවත් ආයාසයෙන් පින්තූරය පරීක්ෂා කරන බවක් පෙන්වන්න මම උත්සාහ කළා.
මම :"ඒක හරිම ෂෝක් වගේ. මොකක්ද ආසම දේ ඔයා ඇඳපු. වස්තුවේ ..?"
දරුවා : "තා ත් තේ ! ඔයා දන්නවද ? ඒ ස්පොන්ජ් කේක් එකක් මේසේ උඩ තියලා"
කාන්තාව සිනාසුනා.
මම : "ඇත්තටම වස්තුවේ, හරිම ලස්සනයි"
චිහ්. මම මට කියවුණේ ඉබේම.
ඉතිං පේනවා නේද? අපි ඔලුවට දාගෙන ඉන්න වට්ටෝරු සංකල්ප. දරුවන් වගේ විවෘත්ත මනසකින් ලෝකය දකින්න අපිත් හැඩගැහුණොත් හොඳයි නේද?
ඔය වගෙම කතාවක් තියෙනව නේද ලමයෙක් ප්‍රින්සිපල්ට කියපු. අපෙ කැත් හිත නිසා වැරදියට අර්ථගන්වන
ReplyDeleteඔව්. ඒ වගේ කතා ගොඩක් තියෙනවා. ඒවා ගොතපු කතා වෙන්න ඉඩ තියෙනවා. කෝරා එකේ තියෙන්නේ සත්‍ය අත්දැකීම්.
Deleteකුඩා කාලයේ මගේ දෙමව්පියන් සමඟ ලැබූ අත්දැකීමම මම මගේ දරුවන් සමඟත් පවත්වා ගත්තා. ඔවුන් අප හා සමාන වැඩිහිටියන් ලෙස සැලකීම. ඒ ගැන ලියපු පෝස්ට් එකක ලින්ක් එක දමන්නම්. link
ReplyDeleteදෙවෙනි වතාවට පිළිතුරු ලියන්නේ. කලින් වතාවේ ලැප්ටොප් එක ඔෆ් වුණා. දැන් ඇත්තටම ලැප් එක අතට ගන්න වෙලාවත් බොහොම අඩුයි. මොබයිල් එක ඒ තරමට දියුණුයි.
Deleteහරි. ඉයන් කියන බොහෝ දේවල් අපේ දෙමව්පියෝ කළා. විශේෂයෙන්ම අපේ බාප්පා මට කොහොමටවත් අමතක කරන්න බෑ. එයාගේ ගෙදර මම ඉස්සර නිවාඩුවට යනවා. මම බ්ලොග් එක පටන් ගත්ත මුල් කාළයේ එයා ගැන පොස්ට් එකක් ලිවුවා. එයාගේ අතිරේක කාළ රැකියාව වුණේ, ඒ කාළයේ හැදෙමින් තිබුණ කුඩා ගෙස්ට් හවුස්, හෝටල් වල කොන්ත්‍රාත් අරගෙන බට එලීම. ඉතිං එයා බිත්ති කඩන්න මාව කැඳවාගෙන ගියා. ඒ කාලේ මට ඒක මාර වදයක් වුණත්, අද හිතෙන්නේ ඒ තුළින් මම යම් නිපුණතාවක් ලැබුවා කියළා. අද මට බොහෝ දේවල් කරන්න හැකියාව තියෙනවා.
පොඩි ළමයි ලෝකෙ වෙනස් උන් ළග තියේනනෙ පිරිසිදු හිත් අපි එක එක කණ්ණාඩි දාගන ඒ දිහා බැලුවහම තමයි කුණුහරුප පේන්නෙ පුංචි සිතේ වස විස නෑ ලොකු සිත් වාගේ අර එකම පාටින් ළමයෙක් චිත්‍රයක් ඇඳලා දාර්ශනිකයො කියපු කථාගොඩ වගේ තමා ඒළමයා ළඟ ඇත්තටම තිබුෆණ් රතුපාට විතරයි
ReplyDeleteවිචරක දියණිය
සරල නීතිය ළමයි එක්ක වැඩ කරනකොට, ළමයෙක් විදියට හිතන එක.
Deleteඅතිශය සුන්දර කථාවක්!
ReplyDelete1. දිනක් මම මගේ පුතා අසන ලද ලිංගික අවයව ගැන ප්‍රශ්නයකට සාධාරණ සරල පිළිතුරක් දෙමින් විය. මේ වන විට දරුවා එක නැත්නම් දෙක ශ්‍රේණියේ විය යුතුය!
"එහෙම තමයි පුතා පිරිමින්ගෙයි ගැහැනුන් ගෙයි චූ කරණ එකේ පොඩි වෙනසක් තියෙනවා!" මම ඔහුගේ කුහුල යම් පමණකට සංසිඳුවූයෙමි.
"තාත්තේ ලොකු ගැහැනු අයගේ එතන කෙස් තියෙනවා නේද?" ඔහු මගෙන් පෙරළා ඇසූ පැනයෙන් මා සිටි තැන අමතක වුනෙමි. මා ඊළඟට ඔහුගෙන් එක වර ඇසූවේ
"ඔයා කොහොමද ඒක දන්නේ?" කියාය. මා පැනය විමසූ දැඩි බව නිසාම ඔහු නිරුත්තර වූ අතර කිසි ලෙසකින් එයට පිළිතුරක් ලබා ගැනීමට මා අපොහොසත් උනෙමි.
2. ඔහු වයසින් මුහුකුරා යද්දී ගිටාර් වාදනය ඉගැනීම සඳහා ප්ංතියකට ගියේය. ඒ ඔහු උසස්පෙළ ලියා නිවාඩු පාඩුව ගෙදර ඉන්නා කාලයේදීය. දිනක් ඔහු මාහට දූරකථනයෙන් අමතා "තාත්තේ මට ත්‍රී වීල් එකක් එවන්නකෝ ගිටාර් ක්ලාස් යන්න පාරට යන්න!" යැයි පැවසීය. මාගේ නිවස පිහිටියේ බස් පාරෙන් කිලෝමූටර තුනක් ඔබ්බෙන්ය.
"ඉතිං පයිං යන්න!" මගේ පිළිතුර විය.
"ගිටාර් එක අතේ අරං යන්න පුළුවංද?" ඔහු චෝදනා මුඛයෙන් ඇසුවේය.
"මේ පුතේ! උඹට ගිටාර් එක පාරෙ අරං යන්න ලැජ්ජයි නම් ඔයා කොහොමද ඕක කවදා හරි කවුරුවත් ඉස්සරහ ගහන්නේ? මතක තියා ගන්නවා; ෆාමසියකට ගිහින් කොන්ඩම් එකක් ඉල්ලන ලැජ්ජ එකාට කවදාවත් ගෑනියෙක් ඉස්සරහ කලිසම ගලවන්න බැරි වග!! යන්න පයිං!!!"
කොල්ලා එදා ඉඳන් ගිටාරය අරණ් පයින්ම වැඩියේය.
3.කොල්ලා වැඩිදුර අධ්‍යාපනය සඳහා කැන්ගරු දේශයට මීට වසර තුනකට පෙර පියෑඹුවේය. මම ඌට අවවාද දෙකක් දුන්නේය. පලමුවැන්න: "පුතේ ඔයාට එහේදී බොන්න හිතෙන්න පුළුවං! ඒත් මම කැමතියි ඔයා ජීවිතේ පලවෙනි ඩ්‍රින්ක් එක මාත් එක්ක ගන්නවා නම්. අපි ඒක ඔයාගෙ ශොන්වොකේශන් එකට ආවාම කරමු!" (යන්නට හිටියේ මේ ජුලි මාසයේය! කොරෝණා ඊට හරස් වී ඇත!!) දෙවැන්න: මම ඔයාට සෙක්ස් කරණ්න එපා කියන්නේ නෑ. නමුත් මොන විදියකින්වත් කොන්ඩම් එක අමතක කරණ්න එපා!" ඌ මොනවා කර ගත්තා දැයිමා නොදනිමි.
4. තවත් එකක් මේකටම ලියන්නම්. කොහොමද දන්නවාද මම උගේ ෆුට් බෝඩ් යන වැඩේ නැවැත්තුවේ. "පුතේ ෆුට්බෝඩ් යන එක මාර ආතල් වැඩක්. මමත් ඉස්සර හරි ආසයි. කොටින්ම මම දැනුත් ආසයි. ඒත් ජීවිතේ තව කරණ්න කොයි තරම් දේවල් නම් තියෙනවාද? ෆෝවීල් ඩ්‍රයිව් එකක් ගන්න, ඩයිවින් කරණ්න, කයාකින් කෑම්පින් කරණ්න, කඳු උඩ නගින්න, සිංදු අහන්න, කෙල්ලෙක් යාළු කරගන්න, කසාද බඳින්න, මම වගේ දරුවෙක් දෙන්නෙක් හදන්න ඔය වගේ කොයි තරම් ආතල් වැඩ ටිකක් ඉතිරි වෙලා තියෙනවාද? ෆුට්බෝඩ් එකට බහින කොටම ඒ ඉතුරු ටික මතක් වෙන්න ඕනෙ! මොකද එක ආතල් එකක් ගන්න ගිහින් මලොත් තව කීයක් නම් මිස් වෙනවාද?" කොල්ලා කොසි දිනෙක ෆුට් බෝඩ් ගියේ නැත.
කෙල්ල ගැනත් මේ වගේම ලියන්න එමට දේ ඇත. කෙසේ උනත් ඔබ එකඟ උනත් නැතත් මා මා නිමකල මෝල්ඩ් එකේ වැක්කෙරුවෙමි. ඒ මාගේ මෝල්ඩ් එක නම් නොවේ. මොකද අපි මොන දේ කිව්වත් හදන එකා අන්තිමට වැඩකට නැති උන එකෙක් උනොත් අපිට අතීතයට ගොස් නිවැරදි කරණ්නට නොහැක. එනිසා හැදෙන වයසේදී හොඳින් හැදෙන්නට අත හරින්නට නම් හදන වයසේදී සුපිරියටම හැදිය යුතුය! (මම වැඩිය කමෙන්ට්ස් නොදාන්න හේතුව පේනවා නේද?)
උඹනම් මාර තාත්තා කෙනෙක් !!!! පොඩි කාලේ ඉඳන් පොඩි එවුන් එක්ක හැමදේම කථා කරන සංස්කෘතියක් ඇති කර ගන්න එක සෑහෙන වැදගත්. මට ඉන්නේ දියණියක්. අනික මම සිංගල් ෆාදර් නිසා මට බොහෝ දේ එයත් එක්ක කථා කරන්න වෙනවා. නමුත් කෙල්ලෝ උපතින්ම ලජ්ජාශීලී නිසා අඩුවෙන් පුද්ගලික දේවල් කථා කරන්නේ.
Deleteතවත් මගේ යාලුවෙක් හිටියා. අපි දෙන්නම ලංකාවේ තිබුණ යොවුන් ආසියානු කුසලානයක කණ්ඩාම් භාර නිලධාරීන් වශයෙන් ඒ කණ්ඩායම සමග හෝටලයේ රැඳී හිටියා. ඔහුගේ දියණිය අමෙරිකාවේ ඉඳන් නිවාඩුවට ඇවිත් හිටියෙත් මේ කාළයේ. ඉතිං ඇය පියා එක්ක ඉන්න ඕනේ නිසා මේ කාමරයේ හිටියා. නමුත් ඔහු තමන්ගේ කණ්ඩායම සමග පිටවී යනවා. ඉන් පස්සේ දියණිය අපත් සමග ඉන්නේ. යන ගමන් ඔහු අපිට පොඩ්ඩක් මතක් කරනවා දියණිය ඉන්නා බව. සමහර දවස් වලට ඒ දුව ආපසු එන්නේ රෑ දෙකට තුනට, බොහෝ විට දොර අරින්නේ මම. දවසක් මම ඔහුව තනියම මුණගැසුණු මොහොතක කොහොමද හිත හදාගන්නේ කියළා ඇහුවා. ඔහු කියා සිටියේ "එයා ඉන්නේ යුඑස් වල. ඉතිං වැරද්දක් කරනවානම් එහෙදි කරන්න පුළුවන්. මෙහෙදී යන්නේ යාලුවොත් එක්ක ඉන්න. මම ඒවාට බාධාවල් දාන්න යන්නේ නෑ". මා දැක්කේ ඔහුත් ඔබත් එකම මට්ටමේ පියවරුන් විදියට.
වැරදීමක්! එය කොන්වොකේශන්(Convocation) වියයුතුය.
ReplyDelete+++++++++
ReplyDeleteඅත්දැකීම් තියෙනවනම් බෙදා ගමු.
Deleteශික්.. කැත හිත මකල දාන්න ඕනේ දැන්වත් :D
ReplyDeleteසුබ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අම්මට හුඩු රජා ? කොහෙද බං හිටියේ ?
Deleteපොඩි උං හිතන විදියට අපිට හිතන්න ටිකක් අමාරුයි
ReplyDeleteවිශේෂයෙන්ම මෙන්ඩියාගේ පොඩි එකා.
Deleteහිතන්න දෙයක් ( අනාගතයේදී )
ReplyDelete