Saturday, May 11, 2019

ලෝක කුසලාන ඉතිහාසයේ සදාණුස්මරණීය තරග 10 : අංක 8 - කෝබ්ගේ පෙරළිල්ල ......

අසීරු සේ පෙනුණු එංගලන්තය සමග අයිරිෂ්වරුන්ගේ  තරග ජය - කෙවින් ඕබ්‍රයන් විසින් සිදුකිරීම  

පීටර් ඩෙල්ලා පෙන්නා විසින් සුප්‍රකට ඊ.එස්.පී.එන්. මගින් ප්‍රකාශ කරන "ද ක්‍රිකට් මන්ත්ලි" වෙත සම්පාදිත "KO'd by KOB" ලිපියෙහි සිංහල පරිවර්තනයකි. 

එංගලන්තය සමග අයර්ලන්ත මූලික වටයේ තරගය, බැංගලෝර් 2011

අයර්ලන්තයට කඩුලු තුනක ජයක්

සිදු වූයේ කුමක්ද 

ආරම්භක තරගයේදී බංග්ලාදේශය හමුවේ යාන්තමින් ලද පරාජය නිසා, අයි.සී.සියේ ආශ්‍රිත සාමාජිකයෙකුගෙන් එයට වඩා යමක් අයි.සී.සියේ ප්‍රධාන සාමාජිකයෙකු මෙන්ම ප්‍රබල කණ්ඩායමක් වන එංගලන්තයට එරෙහිව සිදු වේ යයි බලාපොරොත්තු නොවීය. විශේෂයෙන්ම එංගලන්තය ලකුණු 327ක් ලබාගත් පසු, එයින් අදහස් වුයේ ජයග්‍රණය ලැබීමට නම ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු ප්‍රමාණයක් හඹා යාම සාර්ථක කර ගැනීමට අවශ්‍ය බවයි. එය තවදුරටත් ප්‍රත්‍යක්ෂ වුයේ අයර්ලන්ත නායක විලියම් පොර්ට්ෆීල්ඩ් ඉනිමේ පළමු පන්දුවම පිත්තෙන් කඩුල්ලට ඇද දමාගෙන දැවී යාමත් සමගය.    එයතවදුරටත් සනාථ කරමින් අයර්ලන්තයේ පළමු කඩුලු පහ ලකුණු 111කට සීමා කරන්නට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුයේ ඉනිමේ අඩක් ගත වීමට පන්දු හතරක් ඉතිරිව තිබියදීය. 

එනමුදු කෙවින් ඕබ්‍රයන් ලෝක කුසලාන ඉතිහාසයේ විශේෂ ස්ථානයක තම නම සනිටුහන් කර ගත්තේ, කිසිවිටෙකත් අනපේක්ෂිත තරගය ජය ගනිමිනින් පමණක්ම නොව පන්දු පනහක් තුළ ලබාගත වාර්තාගත ශතකයක්ද සමගිනි. තීරණාත්මක 49වන ඕවරයේදී ලකුණු 113ක් ලබා සිටියදී ඔහු දැවී යනවිට තවත් ලකුණු 11ක් පන්දු 11ක් තුළදී ලබාගත යුතුව තිබුණි. ජෝන් මූනි එතිහාසික ජයග්‍රහණය සහතික කර ගත්තේ අවසන් පන්දු ඕවරය යැවූ ජේම්ස් ඇන්ඩර්සන්ගේ පළමු පන්දුවටම මිඩ් විකට් කලාපය හරහා එල්ල කළ හයේ පහරකිනි. 


එය සදානුස්මරණිය වන්නේ ඇයි ?

තමාට නැති වීමට දෙයක් නැති බව කළින්ම පෙන්වන කදිම සලකුණක් ලෙස,    පිළිකා අරමුදලක් සඳහා සහය ඵල කිරීමක් වශයෙන් තම හිසකෙස් රෝස පැහැයෙන් වර්ණ ගැන්වූ  ඕබ්‍රයන්, එංගලන්ත දඟ පන්දු යවන්නන් ඉදිරියේ ප්‍රබල ප්‍රහාරයක් දියත් කරමින්, දැවැන්ත පහරවල් වැලක් එකතු කළේය. 32වන පන්දු ඕවරය ආරම්භයේ පිතිකරණ පවර් ප්ලේ ආරම්භ කිරීමට ගත් තීරණය එම භිය උපදවන අධිවේග පහරදීමේ පිලිබඳ ලකුණු සනිටුහන් කළ අතර, ඇන්ඩර්සන් යවන ලද 35 වන ඕවරයේ  අවසන් පන්දුවට දරුණු ඛේදාන්ද්තයක් අත්පත් කර දෙමින් මිඩ් විකට් කලාපයෙන් එලියට පන්දුව යැවීය. එම පහර මීටර 102ක් දක්වා ගමන් කළේය. ඕබ්‍රයන් අවසානයේදී ලෝක කුසලාන තරගාවලියක වේගවත්ම ශතකය සඳහා මැතිව් හේඩන් තබා තිබූ වාර්තාවද පන්දු 16කට පෙර විශිෂ්ඨ ලෙස නිම කරන ලදී. 

ජයග්‍රාහි පහර මූනි එල්ල කලවිට, පාකිස්තානයට එරෙහිව පසුගිය ලෝක කුසලානයේදී ජමෙයිකාවෙදී ඔවුන් ලබාගත්  මංගල ලෝක කුසලාන ජයග්‍රහණය, හුදු අහම්භයක් නොවන බව  තහවුරු කළේය. 2011 දී ලබාගත් මෙම ජයගරණයට පසු, ඔවුන් ටෙස්ට් තත්වය තහවුරු කර ගන්නා ලදී.

 ඔවුන් මෙසේ පැවසූහ

මටමතකයි මා ලකුණු පුවරුව දිහා බැලුවා,  මම පන්දු 40කින් ලකුණු 80ක් ලබාගෙන, ඒ මොහොතේදී තමයි මට වැටහුණේ මා කුමක් කර තිබෙනවාද ? යන්න පහුගිය පන්දු 40 තුළ සිදු වුණේ මොනවාදැයි මට නිනව්වක් තිබුණේ නෑ, එය එක්තරා විදියකින් අවසිහියෙන් එතැන වුණු දෙයක් වගෙයි.


- කෙවින් ඕබ්‍රයන් : ස්කයි රූපවාහිනිය සමග අලංකාර හෝරාව නමැති සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්  
 The Cricket Monthly නමැති ESPN වෙබ් අඩවියට පීටර් ඩෙලා පෙන්නා විසින් රචිත ලිපියෙහි පරිවර්තනකි. 

මෙන්න ලින්ක් එක අයර්ලන්ත එංගලන්ත තරගය 2011 ලෝක කුසලානය

12 comments:

  1. අකුරු පුංචි බව නිසා ලිපිය කියවීම අපහසුයි මහත්මයා.

    -ඉර්ශාඩ් සම්සුදීන්

    ReplyDelete
    Replies
    1. මේ වෙනකොටත් මම කිහිප වතාවක් අකුරු විශාල කිරීමට උත්සාහ කළා. හැබැයි හරි ගියේ නෑ. දැන් බලන්න. සිය වතාවක් විතර කරලා, පේළිය, පේළිය තමයි ලොකු කළේ.

      Delete
  2. ඔබේ නිරන්තර පැමිණීම මෙසේ සටහන් කිරීම අගය කරනවා ඉයන්. මෙවර කතිර වලට මම තේරුම් දෙන්න යන්නේ නෑ.

    ReplyDelete
  3. මරු...හොයාගෙන බලන්න ඕනි හයිලයිට්ස්වත්...යූ ටියුබ් එකේ ඇති නේද..?

    ReplyDelete
    Replies
    1. තියෙනවා. ඔන්න පොස්ට් එකට ලින්ක් එක දැම්මා.

      Delete
  4. ඇත්තටම මේකේ මුල් ලිපියේ ඒ ඉනිමේ කුඩා වීඩියෝවක් තියෙනවා. නමුත් එක ලංකාවේ නරඹන්න බෑ. VPN ගිහිං ඒ කොටස බැලුවා. මම පොස්ට් එකට මේකේ හයිලයිට් කොටස එකතු කළා. බලන්න.

    ReplyDelete
  5. ++++++++++++++++++++++++++++

    ReplyDelete
  6. ක්‍රිකට් කියන්නෙ මේ ලෝකෙ තියන අවිනිශ්චිතම ගේම් එක තමා නේද? මේ පරදියි කියලා පැහැදිලිව පේන්න තියන මැච් අනිත් පැත්ත පෙරලෙන ස්වභාවයක් අනිත් ක්‍රීඩා වල නැතිම තරම්. (මගේ දැනුමට අනුව)

    ReplyDelete
    Replies
    1. ඔව් සෙන්නා. මේකට බලපාන සාධක එමටයි. වෙනස් වෙන දේවලුත් බොහොමයි. එක ඕවරයකට ලකුණු 13ක් ඕනේ කිව්වොත් ඒක ගන්නම ක්‍රම කීයක් තියෙනවද ? කාලගුණය. ඉස්සර නම් පවර් ප්ලේ, රිවීව් මේ හැම එකකින්ම තරගයේ ගමන් මග වෙනස් වෙනවා.

      Delete
  7. පවර් පේලේ කියන එක ලියපු පොස්ට් එකක් ගැන ලින්ක් එකක් තියන්වනම් දෙන්න...

    ReplyDelete
    Replies
    1. නැහැ මෙන්ඩා. මම පවර් ප්ලේ ගැන සටහනක් ලියලා නෑ. නමුත් මේක කාලෙන් කාළයට වෙනස් වුණා. මුලින්ම තිබුණා මුල් ඕවර් 15. 92 ලෝක කුසලානයේදී අවසන් ඕවර් දෙක සහ මුල් දහතුන ලෙස තිබුණා මගේ මතකය නිවැරදි නම්. පස්සේ මේක කැඩුවා. එතකොට තමයි පවර් ප්ලේ ආවේ. ඕවර 20කට වැඩි කළා. මුල 10, ඉන් පස්සේ පිතිකරණ පවර් ප්ලේ එක, ඒක පන්දු ඕවර 11-35 අතරතුරදී ලබා ගන්න ඕනේ. ගත්තේ නැතිනම් 36-40 පිතිකරණ පවර් ප්ලේ එක විදියට සලකනවා. පන්දු යවන්නන්ගේ පවර් ප්ලේ එක 41-50 ඇතුලත ගන්න ඕනේ. නොගත්තොත් 46-50 නියත වෙනවා. මේ හැම වෙලාවකම යාර තිහේ සීමාවෙන් එපිට තියන්න පුළුවන් වුණේ පන්දු රකින්නන් දෙදෙනෙකු පමණයි. ඉන් පස්සේ අද පවතින ක්‍රමය ආවා. දැන් මුළු තරගයම පවර් ප්ලේ අවස්ථා විදියට සැලකෙන්නේ. මුල් 10 වළල්ලෙන් එපිට දෙන්නයි. ඉන් පස්සේ 11-40 අතර කාළයේ 4ක්, 41-50 පස් දේනේ ආදී වශයෙන්. මෙහි හොඳ වගේම නරකත්, පැරණි ක්‍රමයේ හොඳ වගේම නරකත් තියෙනවා. නමුත් මේක තරගයේ රිද්මයට හානි නොකරන ක්‍රමයක්. හිතන්න මුල් ඕවර 10 විකට් 6-7 ගියොත්, මේ දෙගොල්ලන්ටම පවර් ප්ලේ එක වාසියකට හරවා ගන්න පුළුවන්.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...